Saturday, January 28, 2012

බක්මිටියාවට ගිය අතරමග ඇස් (by the way Bakmitiyawa)


කැළණි ගඟ
මගේ කලින් පෝස්ට් එකක් තියෙනව බක්මිටියාව ගැන. ඒ ගිය ගමනෙ සේයාරූ කතාබහක් දාන්න තමයි මේ සැට් උනේ.. මේ තියෙන්නෙ කැළණි ගඟේ හංවැල්ල ප්‍රදේශයේ රූ දසුනක් හංවැල්ල පැත්තෙන් කැළණි ගඟ බොහොම දරුණු විදියට ඛාදනය වෙලා. වැලිගොඩදැමීම නිසා. මේ වැලිගොඩදැමීමේ බලපත් කොළඹින් නිකුත් කෙරෙන්නේ නෑ. ඒවා නිකුත් වෙන්නෙ ගම්පහ දිශාවෙන්. ගම්පහ පැත්තෙන් තමයි වැලිගොඩදැමීම වෙන්නෙ. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක මායිම වෙන්නෙ මේ කැළණි ගඟ තමයි..
කැළණි ගඟ













බක්මිටියාවේ සීයා.
.මේ ඉන්නෙ බකිමිටියාව විද්‍යාලයට එහා පැත්තෙ තියෙන පුංචි තේ කඩේට එකතුවෙච්ච අමුත්තෙක්. එතුමාගේ නම දන්නෙ නෑ. වලසෙක් සහ වැලහින්නක් සමඟ එකවර පොරබැද මේ තුමා ජයගෙන තිබෙනවා. එතෙන්දි වැලහින්නට එල්ල කරපු ප්‍රහාරයක් නිසා වැලහින්න ගිහින් ගහක දරුනු විදියට වැදුන කියල තමයි සීය කියන්නෙ. ඒ බොහොම ඉස්සර මේ පලාතෙ වලස්සු ඉන්න කාලෙදි තමයි. ඩී ඇස් මහත්තය මේ පැත්තෙ කස්ටිය පදිංචි කරනකොට මේ උන්නැහෙ මෙහෙ හෙන කොලුගැටයලු. ඉතින් මේ කොලුගැටයටත් ඉඩමක් ගෙයක් දොරක් කාරිය හම්බෙලා තියෙනව ඩී ඇස් මහත්තැන්ගෙන්. ඩී ඇස් සේනානායක කියන්නෙ ලංකාවේ මේ බස්නාහිර පැත්තට වඩා නැගෙනහිර පැත්තට ලොකූ සේවයක් කරපු උන්නාන්සෙ කෙනෙක්. මේ සීයයි ඒ කඩේ හිටපු අයයි කියන විදියට මේ සීයගෙ සරීරෙ වලස්සු එක්ක පොරබදපු, ඒ පොරේදි වෙච්ච ලකුනු වලට අමතරව තවත් සලකුනු දෙකක් තියෙනවා. එකක් ආමි එකෙන් වෙඩි කාපු එකක් අනික කොටන තුවක්කුවකින් කාපු වෙඩිල්ලක්. එල් ටී ටී එක නැගෙනහිර ඉන්න කාෙලත් එහෙන් ඈතට එලවපු කාලෙත් මේ උන්නැහැ ඔය කොහේ හරි අකුලක ගාටන්න ගිහිං වෙඩි පාරක් කන්ට ඇති. වල් ඌරො අලි මීමින්නො හෙමත් ඉහේ කෙස් ගානට දැකපු කෙනෙක්. මේ මනුස්සය බොහො ම ලොකු කෙරුම් ටිකක් කිව්ව. අපි ඉස්සර වලස්සු කොටි කියල ඇරියෙ නෑ. පොරබැදුව.. දැං ඉන්න බොලාට ඉතින් ඔය බටේ දික්කොරල සුටුස් ගාන්න විතරයි ඇහැක්කෙ..ඒ කිව්වෙ අහල හිටපු ග්‍රාමාරක්සක භටයින්ට ඇහෙන්න..උන් සෙට් එකත් හිනාවෙලා හිටිය.. සරීරයේ තැන් කීපෙකම තියෙන කැලැල් ඒ සීයගෙ ඉතිහාසය කියාපානව වගෙ කියල මට හිතුන..

මහත්තුරු බැහැල දුන්න තල්ලුව
මේ ගමන යන්න ඒ කිව්වෙ අම්පාර සිට අපි ගිය බක්මිටියාව ගමට යන්න ලොකු දිග උස වැව් බැම්මක් තරණය කරන්න වෙනවා. ඒ වැව් බැම්ම උඩ අපි එනකොට වැව් බැම්මෙ තිබුන ස්පිල් එක නැත්තං පිටවාන ගාවින් පෝර පස් ටිකක් අරන් ඒ කඳු කෑල්ල නැගගන්න බැරුව අපාසුවෙන් කෑගහන එන්ජිමක් එක්ක ටැක්ටර් එකක් හමු උනා. ඉතිං ඩයිවර් මහත්තයත් බැහැල එක අතකින් ටැට්ටරේ පොල්ල අල්ලන් අනික් අතින් තල්ලුව. අපි ඉතින් ඕක බලං ෆිල්ම් එකක් බලන්න වගේ හිටියෙ නෑ. සැට් එකම බැස්ස වැඩේට. බැහැල වලක වැටිල තිබුන අනෙක් පැත්තෙ රෝදෙත් උස්සල දුන්න තල්ලුවට ට්‍රැක්ටර් එක ගොඩ ආව. අපේ තල්ලුවට සිනා පාරකින් සංග්‍රහයක් දාල ට්‍රැක්ටර් ඩයිවර් මහත්තය යන්න ගියා.අපිත් හනි හනික රෑ බෝවෙන්ට කලින් එන් ඕනි නිසා ආව..

බක්මිටියාවට යන පාලම
අපේ රථ වාහනය
අපි ඒ ගමට යන්න ගියාට ඒ ගමට යන ප්‍රදානම පාරවල් දෙකේම පාලම් නෑ. මේ ආකාරායට එක් පාලමක් තිබුන. මම හිතන්නෙ මේ විදියට තියෙන්නෙ හදිස්සියෙ වැස්සොත් එහෙම මේ පාලම උඩින් කස්ටියට යන්න වෙන්න ඇති. අපි ගියේ මේ පාලම උඩින් නෙමෙ. යට තියෙන දිය පාර මතින් තමා වාහනේ ගියේ..
අම්බලන් වැවේ වැව් බැම්ම
අම්බලන් වැව
මේ තියෙන්නෙ අම්බලන් වැව කියන එක තමා. ඉස්සරහින් බස් එකක් යනව පේනව ඇති. පාර කෙතෙක් ලස්සනද කියලත් ඔබට මේ කලින් පිංතූරෙන් බලාගන්න පුලුවනි.






මං තුමා තෑගි දෙයි
                  මේ තියෙන්නෙ මං තෑගි දෙන අවස්ථාව. මෙතනදි මට තෑගි දෙන්න තිබුනෙ අට වසර ලමයිට. අට වසරෙ ලමයිඇවිත් මට වඳින්න හදනකොට මම ඔවුන් නැගිට්ටවන්න හැදුව. හරිගියේ නෑ. උන් එන්නෙ දුර තියා වැඳල තෑග්ග අරන් දුවන්න...ඉතින් මාත් ඔන් ඔහෙ වැඳපුදෙන් කියල හිටිය. අපරාදෙ කියන්නබෑ සෝක් සෙට් එකක් තමා හිටියෙ..
සුනාමි මැෂිම ගොයං කපන හැටි
 මෙ තියෙන්නෙ සුනාමි මැසිම. මේකෙන් ගොයං කපනව නොදැක්ක එකෙක් ඇහුව මේ කොක්කු ටික වෙලාවක මේ මැසිමට අහු වෙලා මැරිල යයිද කියල. නෑ ඒ යෝදයට වඩා මේ කොක්කුන්ට මොලේ තියෙනව මැසිම එනකොට ඈත් වෙලා ඉන්න.
අම්බලන් ඔය හන්දියෙ තේ කඩේ
මේ තියෙන්නෙ රොටි කඩය තියෙන්නෙ අම්බලන් ඔය හන්දියට පොඩියක් මෙහා. මේ තේවතුර කඩේ තිබුන සියලුම රොටි ටිකටයි , ඉඳිආප්ප ටිකටයි වග කියන්න මේ සැට් එක සමත් උනා. එදා දවසෙ අපිට පස්සෙ ගමේ කෙනෙක් රොටියක් කන්න ගොඩ වැදුන නම් ඉතින් සොරි ඩොට් කොං තමා. උදේ පාන්දර අපි ඉස්කෝලෙට යන් කලිං තමා මෙතනින් කෑවෙ. එතකොට හොඳට බඩගිනි වෙලාව. ඒ කඩේ මුදලාලි මහත්තයයි හිටපු අක්කයි අපිට රස සම්බෝල රොට් සහ ඉඳිආප්ප හදල තිබුන. අට දෙනෙක් බඩ පැලෙන්න කාලත් රුපියල් හාරසිය ගණනයි ගියෙ ප්ලේන්ටි වලටත් එක්ක.. ඉතින් ඒ මිනිස්සුන්ගෙ දවසෙ ආදායම ඒ වගේ දෙගුනයක් විතර ඇති. මොකද ඔය පේන සෝකේස් එක අපි කඩෙන් එලියට එනෙකොට තනිකර හිස් එකක් වෙලා තිබුන නිසා..
දීඝවාපී චෛත්‍යයය
මේ තියෙන්නෙ දීඝවාපී මහා සෑය. මුස්ලිම් ගම්මානයක් මැදින් ගිහිං මේකත් වැඳගෙනම තමා අපි ආයෙම කොළඹ එන්න ආවෙ. 
මේකෙදි අපි කලේ පොත් පත් ඇඳුම් පැලඳුම් සපත්තු සහ පන්ති කාමර වලට අවැසි දෑ වගේ විශාල පාසැල් උපකරණ තොගයක් බක්මිටියාව විදුහලට ලබා දීම. අර මම ටිකක් පොර වෙන්න ඕනි නිසා එක ළමයෙක්ගෙ පිංතූරයක් වැටෙන විදියට දැම්ම. ඒත් ඒ ළමයිගෙ අනික් පින්තූර දැම්මෙ නෑ. එතන පොඩි උත්සවයක් තිබුන. ඉන් පස්සෙ තමා අපි තෑගි බෙදා දුන්නෙ. ඒත් ඉතින් අපි වගේම මල්ලිල නංගිල දූල පුතාල ටිකක් නේ.. ඒත් ඒ අය කාගෙන්වත් අනේ පව්. හරිම දුකයි කියල අහනවට මං ආස නෑ. ඒ නිසා ඒ පාසැලේ ලමුන් ඉන්නෙ එක පින්තූරෙක විතරයි.

4 comments:

  1. බොහොම අගෙයි....

    ReplyDelete
  2. ලස්සන පරිසරයක්.

    ReplyDelete
  3. නියමයි... මට තාම ඔය පැත්තට යන්න හම්බවුණේ නෑනෙ... ළඟදිම යන්න ඕනා..

    ReplyDelete