Wednesday, February 15, 2012

මං කොළඹ ගියෙමි (I went to colombo)

මං කොළඹ ගිය වෙලේ පින්තූර ගත්තා. මේ පිංතූර ගත්තෙ කෙටි චිත්‍රපටියක් කරන්න. මේ චිත්‍රපටිය කරන්නෙ කොළඹ පැත්තෙ තරුණයෙක් ගැන. ඒ වගේ දෙයක් කරන්න කලින් සාමාන්‍යන් අපි ලොකේෂන් ටික පින්තූර ගන්නවා. මේ වැඩේට ඊයෙ මාත් දායක උනා. මමත් එතකොට එක්තරා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර බුවෙක් වෙනවා. කොහොම හරි ඊයෙ වැස්ස මැද මම යනකොට හැන්දෑවෙ බස් වල සහ තැන් තැන්වල ජොඩු ඉඹ ඉඹ ඉන්නවා. අනේ මට මෙලෝ දෙයක් සෙන්ස් උනේ නෑ. මං හිතුව වැස්සට සහ හීතලට කියල. ඒත් බෝඩිමට ගිහිං මට ආපු මැසේජ් පාරක් දැක්කම තමයි මතක් උනේ යකෝ ඊයෙ පෙබරවාරි දාහතර ලවර්ස්ලයි දවස නේ. කෝම හරි ලස්සන පිංතූරු ටිකක් තෝරල බලාගන්ට තමා දාන්නෙ.
මේ තියෙන්නෙ කොටුවෙ වීදියක්. දර්ශන පසුබිමක් විදියට ගත්තොත් මේ විදියෙ තියෙන එකම වීදිය මේක විතරයි. පරණ යුගය ඡායාරුපයක් ගන්න කියාපු තැන. 
මේ කාගිල්ස් සාප්පුව. මේක තමයි කාගිල්ස් ෆුස් සිටි වල ආරම්භය. දැනටත් හෙඩ් ඔෆිස් එක විදියට පාවිච්චි වෙන්නෙ මෙතන. බොහොම පරණ තැනක්. ඒ වගේම හොල්මන් ඇති කියලත් මට හිතුනෙ.
මේ යන්නෙ අපි කාගිල්ස් සාප්පුව ඉස්සරහින් තියෙන කොරිඩෝර් එකෙ දිගේ. මේක ලයිට්ස් දාල හරි ගැම්මට තිබුන. පැරණි බව ඉස්මතුවෙන්න රතුපාට තින්තත් එක හේතුවක් කියලයි මට හිතෙන්නෙ.
මේ තියෙන්නෙත් කොටුවෙ වීදියක්. මේ ලක්ෂණ වීදිය නම් ඇදෙන්නෙ වරාය පැත්තට මට මතක විදියට. මේ වීදිය දිගේ ගිහින් වරායට යන්න පුලුවනි.
මේ තියෙන්නෙ හිල්ටන් හෝටලය සහ ලෝක වෙළඳ මධ්‍යස්ථානය. මෙතන දර්ශනය අතින් වැදගත් වෙන්නෙ චෛත්‍යයට උඩින් බිල්ඩින් තිබීම කියන එක තමා මා එක්ක ගිය චිත්‍රපට ලෝලි මිතුරා කිව්වෙ. ඉස්සර ගමේ ඉහලම තැන තමා පන්සල තියෙන්නෙ ඒත් මේ කොළඹ නගරය මැද ලේක්හවුස් එක ඉදිරිපිට සිට ගත්ත මේ පින්තූරේ පෙන්නුම් කරන්නෙ අපේ සංස්කෘතියටත් ඉහලින් ආර්ථික තිබෙන සංකල්පය කියන එක කියල තමා මගේ මිතුරගෙ අදහස.
ලංකාවෙ තිබෙන බිල්ඩින් අතර මං ආස කරන හරි ලස්සන සැලසුමකට හදපු ඒ වගේම මනාව නඩත්තුව සිදුවන බිල්ඩින් එකක් තමයි මේ. හැටන් නැෂනල් බැංකුව මේක තියෙන්නෙ ටවුං හෝල් කිස්ටුව ඉබ්බන්වල හංදියට මරදානෙ ඉඳල එනකොට. හරි අපූරුයි ටිකක් හැන්ද වේගෙන එන වෙලාවට මේ බිල්ඩින් එක.
මේ තියෙන්නෙත් කලින් කියපු එච් එන් බී ටවර් එකම තමා.
මේ තියෙන්නෙ මරදාන ගුවන් පාලමේ සිට මරදාන දුම්රිය ස්ථානය. තව ඉතින් ඉතිරයත් මරදාන දුම්රිය පොල සහ අවට පෙදෙස තමා.
ම්ම් පින්තූර අරන් ඉවරයි.මේ සෝට් ෆිල්ම් එකනම් හැදෙනකල් මට තුට්ටුවකවත් විස්සාසයක් නෑ. අපි බලමු හැදුනොත් බ්ොලාග් එකේ දාත හැකි වෙයි.

12 comments:

  1. මොනව උනත් සෑහෙන වේගෙකින් කොළඹ වටේ ගිහින් තියන පාටයි.. පොටෝ වලින් පේන හැටියට වේගෙ ආසන්න වශයෙන් පැයට කිලෝ මීතර 60ත් පන්නල වගේ..

    ReplyDelete
  2. මේ ෆොටෝ සේරම ගන්නකොට හෙල්ලිලානේ නේ

    ReplyDelete
    Replies
    1. මූ ආර්ට් එක කියලා හොලවන්න ඇති! හිකිස්! ඒකත් ආට් එකක්නේ!

      Delete
  3. හෙල්ලුනාමත් අමුතු ලස්සනක් තියෙනවා පොටෝ වල...

    ReplyDelete
  4. ඔය කිව් සෝට් ෆිල්ම් එකට අර ජෝඩුත් ඉන්නවැයි ?

    ReplyDelete
  5. ආහා! උඹ පට්ට පොටෝ ග්‍රැෆර් කෙනෙක්නේ බං! උපරිමයි ෆොටෝ ටික! මං ආසම එක තමයි අර කාගිල්ස් සාප්පුව ඉස්සරහින් තියෙන කොරිඩෝර් එකෙ පින්තූරේ! ඒක නම් මැක්ස්!

    ReplyDelete
  6. කෝ අර ජෝඩු,, හික් හික්
    ළමය මූදෙ පොටෝ ගත්තෙ නැතුවද,,

    ReplyDelete
  7. මේ කොළඹද කියල හිතෙන තරමට පින්තූර ටික පංකාදුයි.....! වැහි බර ගතියයි, තෙත පරිසරයි අමුතුම ගතියක් එකතු කරලා තියෙනවා....!

    ReplyDelete
  8. මේ පොටෝ දිහාව බැලුවාම කොළඹ නගරය කියන්නෙ පාලුවට ගිය නගරයක් ය කියල හිතෙන්නෙ නැද්ද ...?

    ReplyDelete
  9. මමත් හැමදාම කැමරාවක් අතේ තියාගෙන හිටපු බුවෙක්. කොළඹ වගෙ තැන් වල ෆෝටෝ ගන්නකොට නිතරම කොකු ඇද්දෙ ආරක්ෂක අංශ. අපිට අපේ උපන් රටේ ෆෝටෝ ගන්න තහනම්. මොකද අපේ හම සුදු නැති නිසා. අපි දන්න ෆොටෝග්‍ර‍ෆි!! සුද්දන්ට පුලුවන්. මොකද උන් විදේශිකයෝ නිසා.ඒක සාමාන්‍ය දෙයක්!! අනේ කාටද මේවා කියන්නෙ!!!!

    henryblogwalker the Dude

    ReplyDelete
  10. වෙනදා නොදැක්ක දැන් තියෙන අර පිලිවල හා පිරිසිදුකම මේ පිංතූර වලින් හොඳට පේනවා!

    ReplyDelete
  11. කෝ කොල්ලෝ අර හිටියැයි කිවු ජෝඩු!

    ReplyDelete