Thursday, February 9, 2012

හපුතලේ යමු.(lets visit Haputhale)

මා ඉස්කෝලෙ යන කාලේ එක කඩේක ගෝදම්බ රොටී කියා ජාතියක් තිබුනි. ඒවා මොන රසදැයි මා නොදැන සිටින ලදී. ඒවායෙහි රසය මිතුරන් තලු මරමින් කියවන නිසා මාද මිතුරන්ගේ මගපෙන්වීම යටතේ එහි ගියෙමි. ගොස් ගෝදම්බ රොටී කෑවෙමි. අපේ අම්මා ආච්චී හදන පොල් රොට්යට කිට්ටුවෙන්වත් තැබිය නොහැකි මෙලෝ රහක් නැති රබර් වැනි දෙයක් හොදිවල පොඟවාගෙන කති. එකල යාලුවෝ එහෙමය. ගිය තැනක් කල දෙයක් දැක්ක දෙයක් ඇත්නම් ගුරුවරයා පන්තියේ සිටියදී පවා එය වමාරයි..එහෙත් කාලයා විසින් අපි කුහක කරවයි. සර්ගේ නෝට් පොත ඩිංගකට පොටෝකොපි කරගන්නට නොදෙන..හදිස්සියට කට් එකක් දාන්නට අත්සනක් නොගසන තැනට සමහරු යාන්ත්‍රිකරණය වෙයි. එවිට අර ඉස්සර වගේ අපිට කියවන්නට නිවුස් කියා දෙයක් නැත. ඇත්තේ රටේ කුනු ලෝකයේ කුණු පමණි..ඔක්කොම එකතු වී මහින්දට තලයි නැත්නම් රනිල් එලවයි..එක්කෝ ඔබා මා ට මොකක් හෝ කරයි..එහෙත් තමුන් කරන කියන යන එන කන බොන දෙයෙහි කිසිදු විසේසයක් නැති තත්වයට පත්වෙයි.
ආ වරුණාව ඉවරයි දැන් කතාව.
මේ තියෙන්නෙ හපුතලේ ටවුම. අපි එහෙට ලඟා වුනේ නිදහස් දවසෙ නිසා නගරය ජාතික කොඩිවලින් සැරසිලා තිබුන.කොළඹ බදුල්ල ප්‍රධාන පාරෙ තමයි හපුතලෙ  තියෙන්නෙ. අපිට තියෙන හදිස්සියට අපි නැංගෙ වායුසමනය කරන ලද බස් රථයක. ඒත් අප්පේ සීතල ..හපුතලේ හරිය යනකොට සීතල වැඩියි..එක ඇන්ටි කෙනෙක් බස් එකේ ජනේල ඇරගෙන ගියා. ඒත් කිසි වෙනසක් කස්ටියට දැනුනෙ නෑ. මොකක් හරි බෙංගාල බොක්කෙ රබර් ස්වභාවයක් ඇවිත්ද කොහෙද සීතල ටිකක් සැරට තිබුන අපි හිටපු දවස් දෙක තුනේදි.
හපුතලේ වැලිමඩ පාරෙ පොලිසිය පහුකරල පොඩ්ඩ දුරක් යනකොට තියෙනව කන්දක් උඩ පොඩි පල්ලියක්. ඒ පල්ලිය අසල තිබුන මෙන් මේ වගේ බෝඩ් එකක්. ආන් එතන තමා අපි නැවතුනේ. කලින් කෙනෙක් දන්නව කියපු තැනක් නිසා අපිට කාමරේ රෑකට දාහ ගානෙ දෙන්න පොරොන්දු උනා..ඒත් හදිස්සියෙ පහත් වුන අකරතැබ්බයක් නිසා පස්ට කේස් එකක් වෙලා අපිට අපේ කාමරේ මාරු කරන්න වුනා මදිවට දාහෙ ගාන රුපියල් අටසීයට බැස්ස. එතකොට අපි වෙන්කරගෙන සිටිය දාහට ගත්ත කාමරේ අපෙන් අහල සුද්දන්ට රුපියල් හාරදාහකට දුන්න. මේ බෝඩ් එකනම් පේනව පාරට. ඔය යට තියෙන්නෙ පාර. ඉතින් යන කෙනෙක්ට ඔතන නවතින්න පුලුවනි. අපිට මේ වගේ නවාතැන් ගැටලුවක් එයි කියල මට හිතුන. ඒ නිසා අපි උදේම ගිහින් මේ නවාතැන පිළිබඳ තත්වය හොයල බලල බෑග් මලු ටික ඒකෙ ඔබල අනික් තැන් බලන්න යන්න සෙට් උනා. අපි කොළඹින් යනකොට උදේ පාන්දර පහ විතර වෙලා. කොහොම හරි අපි සෙට් වෙලා ඉන් පස්සෙ ගියෙ කන්න.
මේන් මේ හෝටලය තමයි අපි කන්න සිලෙක්ට් කරගත්තෙ. මේක තියෙන්නෙ පොලිසිය ලඟ.පොලිසිය අසල තියෙන නිසා පොලිස් මාමල කන්නෙ මෙතනින්.කෑම ලාබම නෑ..ඒත් කොළඹ ගානට ලෙසට රස්නෙට කන්න පුලුවන් තැනක්. කොයි වෙලේ ගියත් බත් තියෙන්න දුම් දදා. මෙනා හරි ටිකි ටිකිස් සෙල්ලමක් ඇති බත් දුන් දදා තියාගන්න. ඒව මොනව උනත් මේ කඩේ සිංහල එකක්ලු. මුස්ලිම් හෝටල ගොඩක් තියෙනවා. නමුත් ඒවයි කෑම ඒ තරම් සුවර් නෑ කියල තමයි කලින් හපුතල් ආපු මගේ යාලුවො කිව්වෙ. මෙතනින් රොටි ආප්ප වගේ ඒවත් ඕනි නම් දාගන්න පුලුවනි උදේට..මාලු හෝ බිත්තර සමග ටිකක් හොඳවයින් ව්‍යාංජන තුන හතරක් එක්ක කෑම එකක් එකසිය විසි පහක් විතර උනේ. 

මෙ තියෙන්නෙ හපුතලේ බස් නැවතුම් පොලේ දඹේතැන්න බස් නැවතුම. දඹේතැන්න බස් එකට නැංගෙ ලිප්ටන් සීට් එකට යන්න. ලිප්ටන් සීට් කියන්නෙ සුද්දක් වාඩි වුන තැනක් වෙන්න ඇති. දඹේතැන්න වතුයාය උඩ වෙන්න ඕනි ඔය ලිප්ටන් සීට් එක තියෙන්නෙ. හපුතල් ගියාම බලාකියාගන්න තව තැනක් තියෙනව ඒ තමයි ඇඩිෂම් බංගලාව කියන එක. නමුත් ඇඩිෂන් බංගලාව මාත් එක්ක ගියපු අනෙක් මිතුරා විසින් බලල තිබුනලු. ඒක බංගලාවක් විතරයි කියල තමා එයා කිව්වෙ. ඒත් ඒක හරි ලස්සනයි කියල තමයි යාලුවො නම් කියන්නෙ. කෝම හරි අපි ගිහින් දඹේතැන්න තේ පැට්ටරිය ගාවින් බැහැල ඒ ලඟින් තියෙන පාර දිගේ ඉහලට නැගල ගියා. යන අතර මගදි සුද්දියෙක් හමු වුන කතාව කලින් කියල ඇති.
මේ තියෙන්නෙ කන්ද උඩ තියෙන සීට් එක බලන්ට යන අතර ගත්ත පිංතූර කීපයක්. මල් අත්ත ලස්සන නිසා තමයි කැමරා එකට ගත්තෙ. කැමර් නම් කොලටි නැතුව ඇති. මේ පෝං කැමර් එකෙන් මේ තරම් වත් දෙයක් කරගත්ත එක ලොකු දෙයක්. කොහොම උනත් මේ වගේ ටිප් එකක් යනව කියන්නෙ මාස ගන්න ප්ලෑන් කරගෙන සෙට් වෙලා කරන්න ඕනි දෙයක් නෙමෙයි..ඔය නිකම් ඉන්න අතර පොඩි නිවාඩුවක් සැට් උනාම දුවල එත හැකි. ඒ වගේම සීතල දවසක් සෙට් උනොත් මීදුම වගේ ආතල් එකකුත් ගත හැකි. ගූගල් මැප් එකෙන් බලාගෙන බස් නම්බරේ පොතකින් බලාගෙන යනවට වඩා මිනිස්සුන්ගෙන් අහල දැනගෙන යන එක හරි ෆන් වැඩක්. ලංකාවෙ මිනිස්සු තාමත් හරිම මිත්‍රශීලි අය. පාර ඇහුවම යන පාර කියල. පවුලෙ විස්තරත් කියන්න සෙට්වෙන අය ඉන්නවා. මේ බස් එකේ යන ගමන් පොඩ්ඩක් කතාකලාම මහත්තයල කොහෙද කියල අහල..පස්සෙ අපි මේ මගුල් ගෙදරක ගියා. වයිෆ්ගෙ අක්කගෙ පුතාගෙ කියල ටිකක් සොට් එකක් දාල හිටියොත් පොරගෙන් මනමාලි ගැනත් අහගත හැකි. ඇත්තටම මේ ලිප්ටන් සීට් ගැන නම් දැනගත්තෙ මාත් බ්ලොග් ලියන කෙනෙක්ගෙන්ම තමා. එයාටත් තැන්කූ වෙන්න ඕනි. 
මේ තරමට කරුවල උනාම අපි දඹේ තැන්න වතුයායෙන් කට් වෙලා ඇවිත් හපුතලේ තිබුන කාමරේ ඇඳ උඩ සීතලේම පේස්ට් උනා. පස්ට සීතල නිසා හීනයක් වත් පෙනුනෙ නෑ..අපරාදෙ..ආ තව ඉතින් රට වටේ ඉන්න සෙනගට කෝල් කරා මං මේ හපුතලේ කියල අඟවන්න. ඒවත් තියෙන්න එපැයි. අපි ගිහින් ඕන් අපි ගියා ඉතින් අනික් උන්ට මොකෑ කියල නිකම් ඉඳල හරියනවයි. මෙහෙ දොලහට විතර සෙල්සියස්. අනික් එකා පේන්නෙ නැති තරම් මීදුම..ඔය වගේ පොඩි පොඩි වරුණා දාල අනික් උන්ගෙ ඉරිසියා ජාන ටික අවුස්සල කඩේට ගිහින් මහ රෑත් දුම් දමන බත් ටිකක් කාල දොයි ගත්ත.

7 comments:

  1. හපුතලේ බස් ස්ටෑන්ඩ් එකට මෙහා පැත්තේ තියෙනවා හෝටලයක්, එකේ තියෙන රොටී අලි සයිස්, වරුවක් විතර කන්න පුළුවන්. හපුතලේ ටවුන් එක මේ දවස්වල රෑට මරු, ස්ටේෂන් පාර එහෙම, මීදුම, සීතල කියලා වැඩක් නෑ. හපුතලේ අපේ අල්ලපු වැටේ නේ!

    ReplyDelete
  2. මමත් හපුතලෙ ගිහින් තියනව දඹෙතැන්න එස්ටේට් එකට ගිහින් ලිප්ටන් සීට් ගියා පයින්ම ඒක මරු .

    ReplyDelete
  3. හපුතලේ කන්ද දැකල බඩ යනවා.. සොරි බඩ දනවා...

    ReplyDelete
  4. සුන්දර මතකයක් අළුත් කළා ඔබ ....

    ReplyDelete
  5. ෂෝක් විස්තරේ බං. හරිම සරල ලෙස ලියා තිබෙනවා......

    ReplyDelete
  6. නියමයි මේක දක්කම ඒ පැත්තෙත් රවුමක් දාන්න ආස හිතුන.

    ReplyDelete
  7. අම්මට හුකපිය////

    ReplyDelete