Thursday, March 15, 2012

අහසින් වැටුනු තුන්වෙනි ලමයා.

.බොහෝ කලක පටන් දිනපොත් ලියමි. නමුත් කාලාන්තරයක් තිස්සේ කාන්තාවක් ලෙස වන සම්ප්‍රදායික කතාන්දර බෝමයක් සෑම වසකම පිරී ඉතිරි මගේ දිනපොතේ වෙයි. එමනිසා මා දිනපොත් ලිවීම නතර කර දැමුවෙමි. එහෙත් අපේ අලුත් අමුත්තකු වූ දැන් මගේ පුතා වන ශානුක ගැන ලිවීමට සිතුනි.
 ශානුක දැන් අපිට එකතු වී අවුරුදු දෙකකි. දුවලා දෙදෙනාත් අඛිලත් මාත් අකිලගේ දෙමාපියනුත් අතරට ශානුක එකතු වී අවුරුදු දෙකකි. ශානුක අරං හදාගත්ත ලමයෙකි. ශානුක කෙදිනක හෝ මේ දිනපොත දකිනු ඇත. එහෙත් දැක්කාය කියා ඔහුට වගක් නැත. මන්ද මේ ශානුක පහ වසර තරම් ලොකු මහත් වීගෙන අපේ නිවසට පැමිණි නිසාය. එතනින් පෙර අතීතය ශානුකට හොඳින් මතක තිබෙනවා වන්නට ඇත. ශානුක හොඳ ලමයෙක් යැයි කිව නොහැක. නමුත් ශානුකගේ දඟකාරකම් බොහොමයක් අහිංසක විය. හේ පුරුදු පුහුනු වී ඇත්තේ තනියම කාටත් කරදරයක් නොවන ආකාරයෙන් විනෝද වීමටයි. එහෙත් ඔහුගෙන් කරදර නොවූ අවස්ථා නැත්තේ නොවේ. පසුව අපිට එකතු වුවත් ශානුකගේ ඇති හොඳ ගතිය නිසා ශානුක කාලයකදී මගේ දුවලා දෙදෙනාගේ අයියා විය.
     ශානුක ගේ මා නොදුටු මා සමග නොසිටි අතීතය පිළිබඳ ඔහු කියු අදහස් කීපයක් මට මතක් වේ. දිනක් අපි සියල්ලෝම සුපර්ස් ටා ර් හෝ ඩ්‍රිම්ස්ටාර් හෝ එවන් වැඩසටහනක් නරඹමින් සිටියෙමු. එකවර එහි කපුගේගේ සින්දුවක් එතරම් ලස්සනට නොකියන සුකුමාර කටහඬින් කපුගේ වෙන්නට වෙරදරන කෙනෙකුගේ කටහඬක් ඇසෙන්නට විය. එවිට ශානුක කිව්වේ. සී සී මෙයා සින්දුව කනවනේ. මොකද මේ කරන්නෙ.අපේ තාත්තට කිව්වනම් ඔයිට වඩා හොඳට කියනවා. ඉන් පසු දින රාත්‍රියේ ශානුකට බාල අපේ දුවලා දෙදෙනා අතර සිට ශානුක විහිලු තහලු කරමින් සෙල්ලම් කරයි. දුවලාගේ කාමරය අසලින් යන විට ශානුක කපුගේගේ සිටු කුමාරියේ සින්දුව ගයනු ඇසුනි. ඉතින් මගේ අනික් දුවලා දෙදෙනා වන තරින්දි සහ ශාමින්දි ඒ දිහා කට ඇරගෙන බලා සිටී. මාද ගොස් යම්තම් දොර රෙද්දට මුවා වී එය බැලුවෙමි. ශානුක බෙඩ් ෂීට් එකක් ගෙන දවටාගෙන එය මදක් ඔසවාගෙන එයි. එන අතර ඔය සින්දුව කියාෙගන එයි. ඕන් ඔහොමයි බබා අපේ තාත්ත ඉස්සර ගෙදර එන්නෙ. අක්ක ඉන්න නිසා ගෙදර ලං වෙනකොට සරම පොඩ්ඩක් පහලට එනවා. ඉස්සර අම්ම ගෙදර ඉද්දි සරම ටිකක් ඉස්සෙනව. මදිවට ඇවිත් ගෙදර බඩුත් පොලොවෙ ගහනවා. හැබැයි ඔය ඊයෙ සින්දු කියපු කෙනාට වැඩිය අපේ තාත්ත කියනව ලාස්සනට. හොඳේ..
             දුවලා දෙදෙනාම ශානුකට ආදරේය. ශානුක නිවසට ආ දිනවල මගේ නංගීගේ වෙඩින් එක තිබුනි. දුවලා දෙදෙනා මල් කුමාරියන්ට ගත් අතර දුවලා වූයේ අමුතු ආකාර ප්‍රශ්ණය. ශානුක කෙලින්ම මගෙන් ප්‍රශ්ණ ඇසීමක් සිදු නොකල අතර ඒවා දුවලා දෙදෙනා හරහා මට යොමු විය. ඔවුන්ට වූ එක් ප්‍රශ්ණයක් වූයේ මනමාලිය තරුණ නොවූයේ ඇයිදැයි යන්නයි. අනෙක් පස්නය නම් ඒ වෙනවිට එක් මල් කුමාරයෙක් ලෙස තෝරාගෙන සිටි ශානුක බෙදා ගැන්මයි. ඕන් අලුත් මල් කුමාරය එක්ක අපේ නංගි යන්න. නංගි කෝමත් පොඩිනෙ. මං ඉන්නෙ ශානුක අය්යත් එක්ක.
බලන්න අම්මේ ශානුක අයිය අක්ක ගන්නවලු. මට බෑ අර අනික් මල් කුමාරයත් එක්ක ඉන්න. චූටි දුව වැලපෙන්නට වෙයි..
ඉන්පසු චූටි දුවටත් අක්කාටත් මල් කුමාරයා බෙදාගැන්මට ක්‍රමයක් කියා දීමටත් විය. කෙසේ හෝ තුන්දෙනාම ඉතා ලස්සනට මගුල් ගෙදර සිටියේය. ඒ උත්සවයේදි අපේ අලුත් ලමයා ලෙස ශානුක අදුන්වාදෙනු ලැබීය. සාමාන්‍යන් ලස්සන කොලු ගැටයෙකු වූ ශානුක ගැන බොහෝ අය ඉරිසියාවෙන්. ඔය ගොඩේ කොල්ලො අරන් හැදුවට වැඩක් නෑ වැනි කතා බොහොමයක් බොහෝ දෙනා කියා තිබුනි. එහතේ ස්වභාවයෙන් පොලොව පලාගෙන බූමිකම්පා ආවත් ඒ දෙය පොත් වල හෝ ඉන්ටනෙට් එකේ නැත්තං කිසිවක් විස්වාසෙ නොකරන පොත් ගුරෙකු වූ අකිලට නම් ඒ කිසිත් ගානත් නැත..
           මේ ලගදි මේ තුන්දෙනාම එනම් ශානුක සහ දුවලා දෙදෙනා ගිය පන්තියෙන් මේ දෙතුන් දෙනාම එලවා තිබුනි. එහි සිටි තරුණ ටීච මේ වගේ මාරයො තුන්දෙනෙක් නම් මං මෙ එලකියුෂන් කරන්න ආවත් හරි දැකල නෑ..මොන පිස්සොද මන්ද මේ දතකුත් ගලෝගෙන..මේ ලමයි නම්...
වි ඇත්තේ කුඩා සිද්දියකි. නමුත් ටීච එය වැරදියට දැක ඇත. අපේ චූටි දුවගේ දතක් වැටී ඇත. ඒ දත ටස්ට් බින් එකට දමා වොෂ් රූම් එකට ගොස් කට හෝදාගෙන එන්නට හදන විට ආ....ඔය මොකද දත ඩස්ට් බින් දාන්න යන්නෙ ඕක එහෙම දාන්නෙ නෑ. ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියො කියල විසික් කරන්න ඕනි වහල උඩට. අහා...හහා අපි දන්නෑ ඔවැයිගෙ දත් එන කක් නෑ..
ඒ කියා ඇත්තේ අපේ ශානු පන්ඩිතය. ඉන්පසු එලකියුෂන් එක තියෙද්දී තුන්දෙනා දත බලමින් එය වටේ සිට වාද කරන්නට අරගෙනඇත. කියු වැඩය තඹයකට මායිම් කරන්නේ නැතුව දතකුත් අතේ තියාෙගන වාද කලායැයිද, කැත දෙයක් ලෙස ටීච දුටු දත පන්තියේ ඩෙස් එක උඩ තියාගත් හෙයින්ද පන්තියෙන් අයින් වන්නට මේ තුන් කට්ටුවට සිදු විය. එහෙත් ඔවුන්ට ඊට වඩා නමගිය ගුරුවරයෙක් ගෙදරට ගෙන්වා ගැන්මට අඛිල පොරොන්දු විය. නමුත් අකිලට දැන් එය අමතක වි ඇතුවා වන්නට ඇත. එය මතක් කල යුතුය.
           මුලින් ශානු මේ නිවසට ආ දිනවල අකිලගේ අම්මාගෙන් නොයෙක් වැඩපල යොමු විය. ඉන්පසු අකිල විසින් හත් අට වතාවක් ඇයට ඒ වැරදි බව පැහැදිලි කර දී යම්තම් වැඩ වලින් මේ ශානු ඉවත් කරන ලදී. නමුත් දැන් වුවත් ඔහු වැඩක් නැත්තං කුමක් හෝ වැඩක් කරයි. ඔහු මුලින්ම මෙහි ආ දිනවල ඔහු ට පාසැලක් ඉක්මනින් සොයාගත නොහැකි වූ බැවින් ඔහු අවට කුඩා පාසැලට ඇතුලු කලේය. එහිදී ඉතා දක්ෂයෙකු ලෙස ඔහු පත්විය. එවිට ඒ පාසලේ ඒ වසරේ සිටි දක්ෂයෙකු වූ ශානු ඉවත් කිරීමට අපි අදහස් නොකලේ අනෙක් දුවලා දෙදෙනාටත් සම වයසේ සිසුන්ටත් වඩා ශානු ඉගනීමේ දක්ෂයකුවූ නිසාය. ශානු නංගිලා දෙන්නාට කෙතෙක් ආදරේ උවත් ඔහු ඔවුන්ගේ ගනන් හැදිම නම් නොකරයි. අනේ ශානු අයිය මේක හදල දෙන්නකෝ..මොකද්ද හලො..කියා පෙරැත්ත කලත් ඔවුන්ගේ පොත් වල ඒවා නොකිරීමට ශානු වග බලා ගනී. ශානු පාඩම් කියා දෙන්නේද අපූරු ක්‍රමයකටය. ඔහු පාඩම් කියා දෙනවිට ගෙදරට පැමිණෙන වයසක සිංහල ගුරුවරයා මෙන් එහෙට මෙහෙට යමින්. පොත් වලට එබෙමින් අබ්‍යාස දෙමින් එක්තරා රටාවකට වැඩය කරයි. බොහෝ ටියුෂන් ගුරුවරු කලින් සිට එන අය නිසා එන්නට දෙනවා විනා ඇත්තටම ඔවුනගේ ඇති වැඩකුත් නැත.
                 මුලින් ආ දිනවල අපූරු වැඩක් සිදවුනි. අපේ අකිලගේ අම්මාගේ කොන්දේ අමාරුවක් බැවින් කොන්දේ තෙල් ගාන්නැයි ශානුට කියා ඇත. ශානුත් ඉතින් බැරි වැඩක් නැති කෙනෙකු වූ හෙයින් දෙතුන් දවසක් බාම් එකක් ගෙන අම්මාගේ කොන්දේ අතුල්ලා ඇත. එවකට ගෙදර වැඩට එක්කරන් ආ කොල්ලෙකු ලෙස මුලු ගැන්වෙමින් සිටි ශානු ලව්වා අපේ ලොකු දෝනිද කොන්දේ තෙල් ගාගෙන ඇත. මට මේ සිද්දිය සැලකලේ චූටි දෝනි විසිනි. අපේ ලොකු දොනි කෙලෙස හෝ අම්මා ශානු ලවා කොන්දේ තෙල් ගාගන්නවා දැක ඇත. ඇය එයත් එක්තරා වැඩකැයි සිතා තෙල් ගාවගෙන ඇත. පසුව ඇයට ඉතා සුලු අවවාදයක් දී මෙන් එවන් වැඩ තවත් නොකරන ලෙස අවවාද කලේය.
  දැන් ඉස්සර වගේ ශානුට ගමේ යන්නට ආශාවක් නැත. පාසැලේ විවිධ ක්‍රිඩා කටයුතු වලට ද ශානු උනන්දුය. දුවලා දෙදෙනා ඉපදී වසර ගානකින් ලැබුනු පුතා අනුන්ගෙ වුවත් අපේමැයි අපි දෙදෙනාට නොයෙක් විට සිතේ..

7 comments:

  1. මාත් දිනපොත් ලියන එක නැවැත්තුවේ එකම දේ හැමදාම ලියවෙන නිසා..

    මේ කතාව ඇත්ත එකක්ද ?
    පොඩි එකාලගෙ ලෝකෙ මෙහෙම නොවැ..

    ReplyDelete
  2. මේක නිර්මාණයක්ද? ගතියක් තියෙනවා.

    ReplyDelete
  3. ඔය විදිහට හැමෝම හිතයිද?

    ReplyDelete
  4. සමහරුන්ගේ කරුණාවට නිමක් නෑ..

    ReplyDelete
  5. මාව අතරමං කලා.........සත්‍යයයත් ප්‍රබන්ධයත් අතර

    විශිෂ්ටයි....මීට වඩා යමක් කියන්න ඕනා වුනත් කිසිවක් හිතට එන්නේ නෑ

    ReplyDelete
  6. මේ වාගෙ ගෑනු අයනම් හොයාගන්න ගොඩාක් අමාරුයි..

    ReplyDelete