Wednesday, March 14, 2012

ගැහැනු ලමයෙක් වෙනුවෙන්..

මේ පහතින් දැක්වෙන්නෙ මං හදාපු වීඩියෝ එකක්. ඔය වීඩියෝව හැදුනෙ බොහොම ආධුනික මට්ටමකින්. ඒ උනත් ඒ තිබුන වීඩියෝ අතරින් මේක ලොකු තැනක තිබුනලු. මේක වෙනුවෙන් මේ වීඩියෝ ප්‍රසන්ටේෂන් එක කරපු කෙනාට ගොඩක් ප්‍රශංසා ලැබුනලු. මේකෙන් කියවෙන්නෙ මුහුද ගැන. අමරදේව මහත්තයගෙ ලස්සන සින්දුවක්. ඒත් වීඩියො ්එක සෙට්වෙන්න ඕනි කිව්වෙ සුනාමි එක ගැන. ...කොහොමින් කොහොම හරි මොකක් වැඩක් කරනකොට කෑලි තැන් තැන් වලින් ඇහිඳල කරන වැඩක් වගේ එකකට තාමත් මගේ බෝඩිමෙ යාලුවො උදාහරණයට ගන්නෙ මේ වීඩියෝව. තනිකර කොපි පේස්ට් ලෝකයයි. ඒත් ගැම්මක් නෑමයි කියන්නත් බෑ. සින්දුවක මියුසික් වීඩියෝ එකක් විදියට බාල උනාට මේකෙ ප්‍රසන්ටේෂන් ගතියක් ඇති. නැත්තං තව වීඩියෝ ප්‍රසන්ටේෂන් ගානක් අතර මේක තේරේවියැ හොඳ එකක් විදියට. 
ඉතින් මේ සිනිදු සුදු මුදු තලාවේ කියන සින්දුවට වීඩියෝ එක හදන එක මටනම් මහ ලොකු වැඩක්. පොටෝසොප් තරම්වත් ලොකු දැනුමක් නොමැති වුන මම මේක හදන්න ගොඩක් දේවල් ඉගන ගත්ත. ඒක වැදගත් වෙයි පස්සෙ කාලකෙ මට වෙන වෙලාවකට.

මට පෙම්වතියක් හිටිය ඉස්සර. එයාගෙ නම අපි රංජනී කියල ගමු. මම එයාට ගොඩක් ආදරය කියන ජාතිය කලා. අපේ පෙම් කතාවෙ කාල සීමාව ගත්තොත්, මම අවුරුද්දක් එයාට පෙම් කරනකොට එයා මට මාස හයක් විතර ලව් කරන්න ඇති. කොහොම හරි මේ ගෑනු ලමය කොළඹ ටිකක් හොඳ තැනක ජොබ් එකකට ට්‍රෙනින් එකකට එනවා. ඇවිත් ගොඩක් කල් මාත් එක්ක කතා නොකර හිටියා. එ වෙනකොට එයා මට දහ දෙලොස්වතාවක්ම එයාට මට කැමති වෙන්න බෑ කියල තිබුන. නොලැබෙන ඉර හද තරු ගැන කතාන්දර ගොඩක් තියෙනව වගේ මාත් ඒ රංජනීටමයි පණ ඇරල තිබුනෙ.ඒත් එයා තාමත් මාස තුන හතරකට වතාවක් මං උන්නද මලාද බලන්න කෝල් කරනවා. 
ඉතින් මේ වීඩියෝ එක හදන්න ඕනි කියල කෝල් එක එනකොට මං නිවාඩු හිටියෙ. මොකද මටත් ඒ සතියෙ එක්සෑම් එකක්. ඉතින් මං හෝ ගාලපාඩම් කරනවා. එක්සෑම් එක තියෙන දවස කලින්ම දැනගෙන උනත් අපි පාඩම් කරන්නෙ කට ලගට තියෙල ඒක අපේ ගතිය වෙන්න ඇති. කෝම හරි ගජරාමෙට පාඩම් කර කර ඉන්නෙකොට මට ආව කෝල් එක. කොයි තරම් වැඩ තිබුනත් රංජනී ගෙ කෝල් එකට මං ආසයි. එයාගෙ වොයිස් එක නම් පොඩ්ඩක් විතර වෙනස් වෙලා තිබුනට මගේ වොයිස් එකේ තියෙන පොඩි චේන්ජ් එකක් අල්ලගන්න, මගේ මූන දිහා බලල සාස්තර කියන්න තරම් රංජනී ඒ වෙනකොටත් දස්සයි. ඉතින් රංජනී එ කිව්ව එයාට මේ විදියෙ වීඩියො සහ පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් හදන්න තියනෙව කියල. ඒ එයාලට තිබුන එසයිමන්ට් එකක් වගේ එකක්ලු.
ඉතින් මේ පවර් පොයින්ට් ගැනයි වීඩියො එඩිටිං ගැනයි ප්‍රසන්ටේෂන් ගැනයි මං ඒ තරම් ටච් එකක් නෑ. කොහොම උනත් වෙලාවට වගේ ඕ ඔක්කොම කරන්න ලැබෙන්නෙ සිංහලෙන්. පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් එක වුනේ ජංගම දුරකථනය, වීඩියෝ එක මේක.
ඒත් මේ කරුණු වලට අදාල විස්තර හැම දෙයක්ම මට එයාට දෙන්න වුනා ටයිප් කරල. මොකද එයා ඒ වතාවෙ ඒක ෆේල් උනා කියන්නෙ එයා සමාරවිට වෙනත් අල සෙට් එකකට හෝ අල සෙක්ෂන් එකකට යන්ඩ වෙනව කියන එකලු. ඉතින් බටර් දාල පැනි ගාල වනල කියපු නිසා මං මගේ පාඩං වැඩ ටික පැ්තතක දාල අර වැඩ ටික කලා. ජංගම දුරකථනය ගැන මං මේ බ්ලොග් එකේම කලිං පෝස්ට් එකක කියල ඇති. ඒක තමා ඒ ප්‍රසන්ටේෂන් එකට හදාපු විස්තරේ. මේ වැඩ තුන හතර කරන එක කරුණු තිබුනනම් ගේමක්ම නෙමෙ. ඒත් ටෙක්නිකල් දේවල් සහ අන්තර්ගතය මෙලෝ සංසාරයක් නොදැන හිටි මං ඉතින් සර්ච් කරල තොරතුරු හොයල මේ වැඩේ කලා. 
ඉතින් මේ හැමදේම කරන්න වෙන්නෙත් අනික් කෙනාගෙ බුද්දි මට්ටම බලල. ඒ කිව්වෙ ජංගම දුරකථනය ගැන මං අටෝරාසියක් සංකීර්ණ දේවල් දාල ප්‍රසන්ටේසන් එක හදල විස්තරේ දුන්නට එයාට ඒක විස්තර කරගන්න බැරි උනොත් අපරාදෙ. ඒ නිසා හැමතිස්සෙම එයාව කන්ටැක් කරගන්න ඕනි උනා. ඒත් අවාසනාවට වගේ එයා බිසි වෙනවා. එයාට වැඩ එනවා. එයාගෙ වැඩේ කලාට එයාට මට කතාකරන්න වෙලාවක් නැති වෙනවා. කොහොම උනත් මං ඒව නොසලකා කෝම හරි වැඩේ ඇදගන්න ඕනි හින්ද එයාගෙ අක්කට කතා කලා. අක්කයි මෙයායි එක අවුරුද්දකින් දෙකකින් තමා වෙනස්. අත්දැකීමෙන් දන්නවා මේ දෙන්න ටිකක් එකම විදියට තමයි හිතන්නෙ. කෝම හරි මං ලියපු දේවල් එයාට සෙන්ඩ් කරල එයාට ඒක තේරුං යන විදියට සහ අනික් කෙනක්ට ප්‍රසන්ටේෂන් එකක් තේරුං ගන්න පුලුවං විදියට හදල දුන්න. අපි එකක් හදනවට වඩා සංකීර්ණයි තව කෙනෙක්ට දෙයක් හදල දෙන එක. කෝම හරි සහෝදරියන්ගේ සාමාන්‍යන් පවතින සිතුම් පැතුම් වල සමානතාවය හෝ මොකක් හෝ දෙයක් නිසා අවසානෙ අක්කගෙ උපදෙස් අරං හදපු කෑලි ටික ලස්සනට රන් කරගන්න මේ රංජනී නංගි සමත් වෙලා තිබුන. ඒ වැඩේට දවස් දෙකක් ගියා මට. එකක් කියලැයැ. වීඩියෝ ඇන් පවර් පොයින්ට් ප්‍රසන්ටේෂෙන් දෙකක් තොරතුරුත් එක්ක.
කෝම හරි එතකොට නිවාඩු දාං පාඩම් කරපු විබාගෙ හිතපු විදිහටම අවුල් ගිහිං තිබුනා..
මේ ප්‍රසන්ටේෂන් ටික සීඩි එකක දාල මං අතේම ගිහින් දුන්න. මං ගිහින් දීපු දේවල් හරි ලස්සනට කරල ඒකෙන් ප්‍රසංසා ආව කියල සතියකට විතර පස්සෙ කෝල් එකක් ආව. ගොඩක් ප්‍රමාද වෙලා හරි ඒ හෙම කිව්ව එක ලොකු දෙයක්.
මට පස්සෙ හිතුන දිගින් දිගට මාත් එක්ක ප්‍රසන්ටේෂ්න එක හදන්න රංජනී සම්බන්ධ නොවුනෙ පස්සෙ එයාට මාත් එක්ක යාලු වෙන්ට වෙයි කියල වෙන්න ඇති. ඒකත් සාධාරන වෙන්න පුලුවන්. මොනව උනත් මට එක්සෑම් එකක් තිබුනාය.ඒ එක්සෑම් එක බෝම ලොකු එකක්ය කියල නම් රංජනීවත් අක්කවත් දැනං හිටියෙ නෑ.මං වැඩේ කිව්ව ගමන් හා කියල ගත්ත මිසක් මං ගැන කියන්න ගියෙ නෑ.
අනික ඒ මොනව උන්ත එයාට තිබුන ප්‍රසන්ටේෂන් ලෙසට තිබුන. එයාට පැසසුම් ලැබුන කියලඒ වෙලාවෙම කියන්න හරි. ඒත්මං සීඩි එක දීල එදා රෑ රංජනීගෙ අක්ක ඒක දැනගෙන එයත් මට කියල තවත් දවස් ගානක් ගියාම තමයි රංජනී මට කෝල් කරන්නෙ. 
මේව පිං වලට බැර වෙන එකකුත් නෑ.අද බැලුවම හිතෙනව අපරාදෙ කියල. ඒත් එදා ඒවගේ දෙයක් කිරීම කියන්නෙ මහා ලොකු වැඩක්. මේ සීරියස් එකේ ඒ වගේ රංජනී වෙනුවෙන් නාපු කරපු  දේවල් ලියන්න ගියොත් බ්ලොග් පෝස්ට් පහ හයක් දාත හැකි. ඒත් ඉතින් මේව බැලුව කියල ආයෙම එයැයි මට කැමතිවේවිය?? නැහැනෙ?/
පෙමතෝ ජායති සෝකෝ...අවුරුදු දොදාස් පන්ෂීයකට කලින් කියල අට වසරෙ ඉඳන් කණට ඇහෙන මේ පදවල තේරුම අපිට නොතේරෙන හැටි..

17 comments:

  1. උඹ මහ පිස්සෙක් බන් මොකටද උඹේ වැඩ පාඩු කරගෙන ඕවා කරන්නේ
    මට තේරෙන විදිහට නම් ඒ කෙල්ල උඹව කඩේ අරිනවා

    ReplyDelete
    Replies
    1. ඒකෙත් මාර ආතල් එකක් තියෙනවා..කෙල්ලට එකම එක දවසක හරි දැනේවි..එයා මාව කඩේ යැ්වව එක වැරදියි කියල..

      Delete
    2. මේකට කියන්නෙ කඩේ යනව කියල නම් මරනෙ අයියෙ මමත් ඕන තරම් කඩේ ගිහින් තියනව.
      ඒව හරි සුන්දර මතක සටහන්

      Delete
    3. මරේගේ කතාව හරි! මමත් ජීවිතේට එක වතාවක් කෙල්ලෙක්ට කඩේ ගිහින් තියෙනවා. ඒවා මත වෙනකොට මටනම් කිසිම ආතල් එකක් දැනෙන්නේ නෑ. මම රැවටුනානේ කියලා දුකක් මිස. මම අර කිව්ව ෆිල්ම් එකේ මේ සිද්ධි සේරම තියෙනවා! හොයාගෙන බලපල්ලා බැලුවොත් පාඩුවක් වෙන එකක් නෑ!

      Delete
  2. පේමතී ජායතී සෝකෝ යකෝ.. එහෙමයි උන් වහන්සේ දෙසලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හුම් සමහරු ඕකේ තේරුම පේමවතීට ජාති දැම්මෝත සෝකේ කියලත් පරිවර්ථනය කරනවා..

      Delete
  3. //මම අවුරුද්දක් එයාට පෙම් කරනකොට එයා මට මාස හයක් විතර ලව් කරන්න ඇති//:D
    මොනව කරන්නද බං හිත හොදකමටනෙ උදව් කරන්නෙ තමංගෙ වැඩ පාඩු කරගෙන. මගේ ඊලග පෝස්ටුවෙන් කියන්න යන්නෙ ඔයවගේ සිද්ධියක් ගැන තමයි.

    ReplyDelete
    Replies
    1. මාළු ලැල්ලේ පෝස්ටුවද රාජ් ?

      Delete
  4. මරණෙ සමඟ එකඟ වෙමි.

    අමිලයා මට උබේ දිනපොත මග ඇරෙනවා බන්... කාලෙකින් ගොඩ වැඩුනේ

    ReplyDelete
  5. බුද්ධ වචන අපිට තේරෙන්නේ නෑනේ බං... ඒක නිසා ඔන්න ඔහේ අතෑරලා දාපං....

    ReplyDelete
  6. වීඩියෝ එක නම් හොඳ උත්සාහයක්...

    ReplyDelete
  7. පෙමතෝ ජායති සෝකෝ මේකනමි මටත් තේරෙන් නැතෝ

    ReplyDelete
  8. ලොකු මිනිහෙක් වෙයි වගේ වීඩියෝ නිර්මාණකරනයෙන්.. :)

    ReplyDelete
  9. වීඩීයෝ එක හොඳයි අප්පා..

    ReplyDelete
  10. එයා සමහරවිට කැමති වෙන්ටත් ඉඩ තියනවා.
    නැද්ද?

    ReplyDelete
  11. පුද්ගලයන්ට ඔබ ඔවුන් වෙනුවෙන් කල දෑ අමතක වනු ඇත...
    ඔබ ඔවුන්ට පැවසූ දෑ අමතක වනු ඇත...
    නමුත් ඔබ ඔවුන් ගේ සිතේ ඇති කල හැගීම,
    ඔවුන්ට කිසි දිනක අමතක නොවනු ඇත.....

    ජය වේවා!!!

    මීට
    හිතවත්

    රනා...

    ReplyDelete
  12. උබල මහා පිස්සු යක්කු බන්

    ReplyDelete