Tuesday, March 20, 2012

පාපුවරුවල ඇණ පරීක්ෂා කිරීමට කමිටුවක් පත්කෙරේ

පසුගිය දිනෙක දුම්රිය පාපුවරුවක් කැඩී තරුණයෙකු දෙකට කැපී ගිය අතර ඒ ගැන අවධානය යොමුකල රජය මෙවැන් කමිටුවක් පත් කරනු ඇතැයි මට සිතේ..බස් රියේ රුපියල නොලැබෙන බවට ජනතාව මැසිවිලි කියන විට ඒ බව දැන්වීමට අපේ රජයේ ගරු මැතිතුමන්ලා අපිට නොම්මරයක් ලබා දුනි. ඒවැනි වැඩවලට ප්‍රසිද්ධ බුද්ධිමත් රජයේ මහ පුටු එවන් විසඳුමක් ගෙන ආවොත් අපි ඒ ගැන අාඩම්බර විය යතුය.
ඒ 1990 දශකයේ මුල් භාගයයි බහුතරයක් අපේ පැත්තේ තිබුනේ රතුපාට ලොකු අසෝක් ලේලන්ඩ් බස් රථයි. ඒවා බොහොමයක් ලංගම විය. ඒ ලංගම බස් බොහොමයක බස් රියෙන් බැසීමේදී රියදුරු මහතා විසින් විවෘත කල යුතු දොරක් විය. එනම් සීනුව නාද කර බස්රිය නැවැතුන විට රියදුරු විසින් අර කී දොර ඇර බසින්නට අවකාශ සලසයි. ඉස් පසු කලෙක පැමිනි ඔටෝ බස් නැමැති පිටුපස එංජිම ඇති අලංකාර බස් වල දොරවල් පාලනය කල හැකි බොත්තම්ද තිබුනි. එතකොට ජනතාව නගින විටත් බහින විටත් දොරවල් ඇරීම සිදුවන්නේ රියදුරු තුමා අතිනි. බස්රියේ පාපුවරුවේ ගමන් කරන්නන් ඒ බස් රියවල යායුතු වන්නේ ඇතුලෙනි. මල් වටිටයක් වැනිව මිනිසුන් ගොඩක් එලියට පේන්න ලොකු පාපුවරුවක් ඒවායේ තිබිය නොහැක. මන්ද දොරවල් වසා ඇති බැවිනි.
එය කාලයත් සමග අතුරුදහන් විය. දැන් රිසි සේ මහජනතාවට පා පුවරුවේ යෑමට නිදහස ඇත. කාලයක් පොලිසිය විසින් රියදුරුට දඩ ගස න අතර පසු කලෙක එය මගීනට යොමු විය. නමුත් බස් වල දොරවල් වත් දුම්රිය වල දොරවල් වත් වැසුනේ නැත. මේන් දොරක් තියනවා යැයි කීමටත් වැස්ස වෙලාවට වසා ගැන්මටත් හැර දුම්රිය වල බස් වල දොරවල් තිබුනාට වැඩක් නැත. ඒවා වැසෙන්නේ නැත. බස් රියවල දොරවල් වසාගෙන මගින් ගෙන යා යුතුයැයි නීති රෙගුලාසි ඇතත් ඒවා ක්‍රියාත්මක තත්වයේ නැත..එහෙත් පොඩියක් ලයිසන් එක නොගෙනාවොත් හෝ ඉන්සුරන්ස් එක දිනක් පැන්නොත් මහ වරදක් සේ ගෙන උසාවි දාන්නට හෝ දාස් ගානක දඩ ගසන්නට නම් අපේ පොලීසිය කාරුණික වෙයි.


මගේ යාලුවෙක් ටික කලකට පෙර ඉංදියාවේ ගියේය. එහිනම් බස් රියවල දොරවල් ඇරගෙන යෑම සමහර ප්‍රාන්තවල සපුරා තහනම් බව ඔහු කියන ලදී. මා අන්තර්ජාලයේ වීඩියෝ වල දැක ඇති පරිදි සමහර පිටරට කෝච්චි වල කෙතරම් සෙනග වැඩි වූවත් කෝච්චිය ඉදිරියට යන්න නම් අනාවාර්යෙන් සියලු දොරවල් වසා තිබිය යුතුය. ලංකාවට චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයන කරන ලද නව දුම්රිය වල එවන් පහසුකම් තිබෙන්නට ඇත. නමුත් අපේ උන්දැලා ඒවා ගලවා දමා ඇත්තේ සමහර විට එවන් පද්ධති නඩත්තු කිරීමට ටිකක් ඔලුව කල්පනා කල යුතු නිසා විය හැක. නැත්නම් එවන් සිස්ටම් එපා යැයි කියා තවත් රුපියල් ලස්සයක් දෙකක් ඉතිරි කර රට දියුනු කිරීමට ඔවුන් සිතුවා වන්නට පුලුවන. ලඟදී ලංකාවේ දැයට කිරුල නමින් අනුරාධපුරය දක්වා ධාවනය වූ දුම්රියේ ඒ දුම්රිය සැලසුම් කොට තිබු පරිදි වායුසමනය කිරීමේ හැකියාවක් තිබි ඇත. නමුත් ලංකාවේ ඒවා ධාවනය වන්නේ අඩියෙන් අඩිය ෆෑන් සවිකරලාය. අඩියෙන් අඩිය ෆෑන් සවිකර එයට යන විදුලිය බලයෙන් සමහර විට තවත් උපක්‍රම භාවිත කොට දුම්රියම වායුසමන කිරීමට හැකියාවක් තිබෙන්නට ඇත. නමුත් තිබෙන දෙයක් තවත් අඩුකොට සරල කොට ගෙන තබා ගන්නවා විනා නවදෙයක් ගැන සීනෙන්වත් නොසිතන අපේ පාලකයෝ සහ නිලධාරිහු ඒවා නොසිතති.
දුම්රිය නැවැත්වීමට ප්‍රථම දොරවල් නොඇරෙන පරිදි නව දුම්රිය ටික වත් සකස් කරන්නේ නම් වර්ෂයකට අපිට නැතිවෙන සහ කෑලි අඩුවෙන ජීවිත කීපයක් ආරක්සා කරගන්නට හැකියාව ඇති බව මගේ හැඟීමයි..
නව දුම්රියන් වේදිකාවට එන විට අනාරක්ෂිතව කරන පොරකෑම කෙතරම් අවධානම් දැයි ඔබට අද වුව කොටුව හෝ වෙනත් ජනාකීර්ණ දුම්රිය පොලකට ගොඩ වීමෙන් දැනගත හැක..මිනිසුන් ක්‍රමයට අනුගත වෙනවා විනා මිනිසුන් වෙනුවෙන් ක්‍රමය වෙනස් වන්නේ කවදාද??

15 comments:

  1. අනේ පල පොන්නයෝ ලොකු කතා කියන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔයාගෙ කොමෙන්ට් එක සත පහක වැඩක් නෑනෙ. මේ පෝස්ට් එකේ වැරදි අඩුපාඩු මොනවද කියල කියන්නෙ නැතුව පුක උඩ තියාගෙන කෑ ගැහැව්වත් වැඩක් තියෙනවයැ.
      ජීවිතයක් නැති වීම විහිලුවට කාරණයක් නෙවෙයි. කෝච්චි පාරෙ හැම ඇණයක්ම නියමිත කාල පරාසයකට සැරයක් ‍පරීක්ෂා කරල බලන වැඩ පිළිවෙලක් තිබුනා. දැන් ඒකෙ තත්වය කොහොමද දන්නෙ නෑ. මං අහගෙන කවුද බලධාරියෙක් ටී වී එකේ කියනව මේ ඇණ තුනක්ම එකපාර හැලුනෙ කොහොමද කියන එක ගැටලුවක් ලු. තුනම එක පාර හැලෙන්න නැතුව ඇති. එක එක හැලෙන්න ඇති. මොකාද බලන්නෙ. ඒ වගේ දේවල් බලන්න මගියාට වෙලාවක් නැහැනෙ.‍
      මං දවසක් කෝච්චියෙ යනකොට පෙට්ටියෙ තිබුන ෆෑන් එකක පෙත්තක් ගැලවිලා ෆෑන් කූඩුව ඇතුලෙ වට කීපයක් කැරකිලා එක තැනකදි ෂිං ගාල විසි වුනා අර ලොතරැයි අදින වෙලාවට ජයග්රාෆහී බෝලය එළියට පනිනව වගේ. පොඩි එකෙක් නෙවෙයි ලොකු ‍එකෙක්ගෙ හරි ඇහැක් ළඟට වත් වැදුනනං බඩු තමයි. පස්සෙ ‍කෝච්චියෙ හිටපු මිනිස්සු සුවිච් වලින් උත්සාහ කළා ‍ෆෑන් එක ඕෆ් කරන්න. හරි ගියෙ නෑ. ඒ පාර එක මෑන් කෙනෙක් (මොලේ ඇති වැඩක්.) මිනිහ අතේ තිබුන කොක්ක සහිත කුඩ මිටකින් වයර් එක ඇදල දැම්ම.
      සමහර කෝච්චි වල ජනේලෙ (ඒව අරින්නෙ උඩට උස්සලනේ) හිටපු ගමන් දඩස් ගාල පහළට වැටෙනව. ජනේලෙ රඳවන කොකා ගෙවිල ගිහින්. කෝච්චිය ගැස්සෙනකොට කොකා ළඟින් පනිනව අහකට. ජනේලෙන් ඔළුව එළියට දාගෙන පොඩි ‍එකෙක්වත් හිටියොත් මොකද වෙන්නෙ.
      මේව ගැන මීට වඩා හිතන්න ඕනැ දුම්රිය අධිකාරිය.

      Delete
    2. //සමහර කෝච්චි වල ජනේලෙ (ඒව අරින්නෙ උඩට උස්සලනේ) හිටපු ගමන් දඩස් ගාල පහළට වැටෙනව. ජනේලෙ රඳවන කොකා ගෙවිල ගිහින්. කෝච්චිය ගැස්සෙනකොට කොකා ළඟින් පනිනව අහකට. ජනේලෙන් ඔළුව එළියට දාගෙන පොඩි ‍එකෙක්වත් හිටියොත් මොකද වෙන්නෙ.//

      පරණ කෝච්චිවල යද්දී බය හිතෙනම දේ ඕක තමා !!!

      Delete
    3. Anonymous - ඔබ කවුරු නමුත්, ඔබ තුමාගේ අධ්‍යාපන,මානසික තත්වය සහ ඔබ පැවත එන්නේ කොහෙන්ද යන්න මොනවට පැහැදිලිය..

      Delete
  2. මේ ගැන නම් මොකුත් හිතාගන්න බෑ මොකද අපේ ප්‍රවාහන අවශ්‍යතා ඒ විදිහට සම්පූර්ණ කරන්න ඕන කරන දුම්රිය හෝ බස් රථ නෑ...

    කොයි තරම් කෝච්චි වලින් වැටිල මැරුණත් මිනිස්සු ෆුට් බෝඩ් එකේ ‍යනව... වේලපහ ගෙදර යන්න ඕන නිසා... ඔටෝ දොරවල් වැහෙන සිස්ටම් එකට ආවත් ඒව පවතියි කියල හිතන්න අමාරුයි...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යන් ලංකාවෙ ඕනෑම දුම්රිය මැදිරියක් ගත්තොත් ඒකෙ දොර ලග ඉන්න කස්ටිය වැඩියි..බස් වල වාෙග පැක් කරන්නෙ නැති නිසා දොර ලග පොදි වෙලා ඉන්නවා... සීමිත දුම්රිය ගානක් ඇරුනම ගොඩක් දුම්රිය වල ඒ තරම්ම තද බදයක් නෑ...

      Delete
  3. ඔෆිස් යන වෙලාවටයි ඔෆිස් ඇරෙන් වෙලාවටයි මිනිස්සු දඟලන්නෙ කොහොම හරි ගෙවල් වලට යන්න.. ෆුට්බෝඩ් එකේ ඉන්න මාරයා පේන්නෙ නෑ.. හැබැයි ආතල් ගන්ඩ ෆුට්බෝඩ් යන අයට නම් මේක හොඳ පාඩමක් තමයි.

    ReplyDelete
  4. අර්ථවත් ලිපියක්...
    ඔය කියන ඒවා වෙද්දි බැරියෑ...

    ReplyDelete
  5. ඔය කියන දොර අරින සීන් එක තිබ්බ නේද අර මහින්ද මාමා බලයට ආපු අලුත ගෙනාපු ජපන් බස් වල???

    දැන් ඒවා ඇරලම තමා තියෙන්නේ.. කැඩිල ඇති බට්න් එහෙම..
    බස් බොහොමයක් පේන්න නැහැ දැන්..

    ReplyDelete
  6. //මිනිසුන් ක්‍රමයට අනුගත වෙනවා විනා මිනිසුන් වෙනුවෙන් ක්‍රමය වෙනස් වන්නේ කවදාද??//

    උත්තර නැති ප්‍රශ්ණයක් බං ! මේ පෝස්ට් එක කොච්චර වටිනවා වුනත් ඔය ප්‍රශ්ණේට දෙන්න ඕනේ උත්තරේ හෙව්වට පස්සේ මේ පෝස්ට් එක තඹේකට වැඩක් නෑ බං ! අපරාදේ උඹේ මහන්සිය !

    ReplyDelete
  7. ඇත්තටම කවද්ද පාපුවරුවෙන් වැටිලා තරුණයෙක් දෙකට කැපුනෙ අමිල? ඒ නිව්ස් එක අපිට මිස් වුනා. මතකනම් ලින්ක් එක දෙන්න.
    අර පෝස්ට් එකේ අන්තිම වාක්‍යය නම් සහතික ඇත්ත!

    henryblogwalker the Dude

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කියල තියෙන කතාව හරි මචං, ලංකාවේ වගේ රටක මගීන්ගේ ජීවතාරක්ෂාව සම්බන්ධයෙන් නම් කිසිම දෙයක් කරන වගක් මට නම් පේන්නේ නැහැ..
    ලංකාවේ ඉන්න මගීන්ගේ තරමට ප්‍රමාණවත් දුම්රිය හෝ බස් රථ සංඛ්‍යාවක් සේවයේ යෙදෙන්නෙත් නැහැ මට පේන විදියට,ලංකාවේ පොදු ප්‍රවාහන සේවය දවසින් දවස පහලට යනවා මිසක් ගුණාත්මක අතින් හෝ ප්‍රමාණාත්මක අතින් දියුණු වෙනවා දකින්න අමාරුයි.

    ReplyDelete
  10. ඉස්සෙල්ලම මේවා භාරව ඉන්න පිස්සෝ ටික අයින් කරන්න ඕන. උඹ දැක්කද දන්නෙ නෑ ලේකම්ද කවුද මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ල කිවුව දේවල්.
    ඉස්සෙල්ල කියනව තරුණයාගෙ මරණයට හේතුව නවත්වන්න කලින් බැසීමට තැත්කිරීමලු. ඊට පස්සෙ කියනව මරණයට හේතුව දැන්ම කියන්න බෑ ඒකට පරීක්ෂණයක් කරන්න ඕනද කියල. අන්තිමට මාධ්‍යවේදීන් ප්‍රශ්න කලාම හොදටම හිරවෙලා ඉන්නකොට ආයෙත් කියනව තරුණයගෙ වැරැද්ද කියල. ආයෙත් කුමන්ත්‍රණ/කඩාකප්පල්කාරී කතාවකුත් කිව්ව. ඌට නං ඇත්තටම පිස්සු.

    ReplyDelete
  11. බොහෝම හොඳ ලිපියක් මල්ලී . .. සිරාවට

    ReplyDelete