බිම යන මිනිස්සු.

.මගේ බෝඩිමේ සිට ප්‍රසිද්ධ පුද්ගලික ආරෝග්‍ය ශාලා සංකීර්ණයකට ඇත්තේ කිලෝමීටර දෙකකටත් වඩා අඩු දුරකි. පෙනෙන තෙක් මානයෙ තිබුනත් මාර්ග බොහෝ ගානක් ගෙවා කස්ට අවුවේ තපිමින් ආ යුතු බැවින් මා ඒ වෙත යෑමට තොරා ගත්තේ තුන් සක රියයි. වරකට සාමාන්‍යන් රුපියල් සීයක් ඒ සඳහා වැයවෙයි. මීටර ටැක්සි ඇති නිසා රුපියල් අනූවත් එකසිය විස්සත් අතර විචල්‍ය ගානක් ඒ සඳහා යොමුවෙයි.
 පසුගිය දිනෙක මා බොහෝ සෙයින් රෝගාතුරුව බේත් ගැන්ම, ලේ ටෙස්ට් කිරීම, ටෙස්ට් රිපෝට් ගැන්ම ආදි බෝ දේට බෝඩිමේ සිට මේ ආරෝග්‍ය ශාලා පද්ධතිය වෙත යෑමට මට සිදුවිය. එක්වරක් පැමිණ මාන්සි සහ රෝගතත්වය උත්සන්න වූ බැවින් මා නින්දට ගියෙමි. අවදී වී කෝල් එකක් ගන්නට පෝං එක හොයනවිට පැය දෙකක ්පමණ වෙලාය. එවිට පෝන් එක තිබුනේ නැතිය. ඉන්පසු දිගින් දිගටම මගේ පෝන් එක රිං උන මුත් කිසිදු ලකුනක් නොවිය. පැයකට පසු යලිත් රිං කරනවිට පෝං එක ආන්සර කරන ලදී. එය කඩේක මුදලාලි කෙනෙකුට ලැබීතිබුනි. ඉන්පසු මා ගිය තුන් සක රිය හෙවත් ත්‍රිවිලරයේ රියැදුරු උන්නැහේට කඩේ මුදලාලි පෝන් එක දෙන ලදී. ඔහු ඉන්නා තැනට ආවොත් පෝ්න එක ලබාදිය හැකි බැව් මට කිව්වේය. නමුත් එවිට රෑ බෝ වි තිබුනිසාත් මට යෑමට තරම් රෝග තත්වය අනුව ඉඩ නොමැති බැවිනුත් මා පත්ව ඇති අසරණ තත්වය බලා බෝඩිමට එන්නට මා බැස්ස තැනට පැමිනෙන්නැය ිකීවෙමි. ත්‍රි විල් අංකල් ඔහුගේ රියෙන් පැමිණ මට මගේ පෝං එක ලැබෙන්නට සැලැස්වීය. මගේ පෝං එක රුපියල් 7000ක් පමණ වටිනා ෆුල් ටච් එකකි. එහි ඇති කන්ටැක්ස් මට බෝම වටී.
කොහොම උනත් මා නමද නොදන්නා ඒ ත්‍රිවිල් කරුවා විසින් මගේ පෝන් එක ඇහිඳ එය කඩයක අයිතිකරුට දීමට හදා ඇත්තෙ ඒ පෝං එක ෆුල් ටච් එකක් වූ නිසා ඔහුට එය හැසිරවීමට අපාසු වූ නිසාලු. මා කෝල්කර ඇත්තේ එවිටය. කෙසේ වුවද පෝන් එක නිසාම රෑ තවත් දුරක් ගෙවා මා වෙත පැමිණ පෝන් එක දෙන ලදී. එය මගේම එක විය. මට හරි සතුටුය.. මා සිතාගෙන සිටියේ හොඳ ජාතියක පෝන් එකක් මිලදී ගන්නා තෙක් රුපියල් දෙදාහේ කෑල්ලක් වත් තාවකාලිකව මිලට ගෙන පාවිච්චි කිරීමටයි. රුපියල් දෙසිය පනහක් වූ ත්‍රිවිල් ගාස්තුවට තවත් රුපියල් දෙසිය පනහක් එකතු කොට මා ඔහුට රුපියල පස්සියයක් දුනිමි. එය ගත්තේද බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුවය. මා ගිය පසු ත්‍රි විලර් රථයේ තවත් කන්ඩායම් තුනක් ගමන් ගොස් තිබුනි. එහෙත් මගේ පෝං එක දැක නැත. ලෙඩ මරගාතේ පෝන් එකත් නැතිව සිටින්නට වූයේ නම් මා පත්වන්නේ තවත් අමාරු රාසියකටය. කෙසේ හෝ ඒ රියදුරු මහත්තයාටත් එවන් සාධාරණ රියදුරු මහත්වරුන්ටත් මා මේ අවස්ථාවේදි ස්තූති වන්ත වෙමු.

Comments

  1. දැං අසනීප හොඳ යැයි විස්වාස කරමි... මෙවන් මිනිසුන් අදටත් අප අතර සිටීම ගැන සතුටුයි... ඒ වගේම අයියා ඒ රියදුරු මහතාව අගය කිරීම පිළිබඳවත් සෑහෙන්න සතුටුයි

    ReplyDelete
  2. ලියවිල්ල හොඳයි. ව්‍යාකරණ අන්තිමයි!

    ReplyDelete
    Replies
    1. ව්‍යාකරණ අවුල් වුනා කියල තියෙන අවුල මොකද්ද??
      මට හිතෙන දේ මට දැනෙන දේ සහ මගේ සිතේ මැවෙන දේ ඒ විදියටම මේක කියවන අයට සම්පේෂණය වෙනවනම් එච්චරයි...එතනින් එහාට තියෙන ව්‍යාකරණ ගැන මගේ තැකීමක් නෑ...

      Delete
    2. ඔබේ මේ කියන ආකල්පයට හිස නමමි..

      Delete
  3. එහෙම මිනිස්සුත් ඉන්නවනේ ඉඳල හිටලා.අපේ පළාතේ ඕක උනා නම් ටික දවසක් ගිහින් උගස් ගන්න එකෙක් ඇවිත් අපේම ෆෝන් එක පෙන්නයි අඩුවට දෙන්නම් කියලා... :)

    ReplyDelete
  4. මම නම් හුගක් වෙලාවට මාසෙකට සැරයක් පෝන එකේ තියෙන කන්ටැක්ස් ටික කොම්පීතරේට ගන්නවා. නැති වුනොත් අබ සරණයි නැත්නම්.


    ඒ මනුස්සයාව ඒ විදියෙන් හරි දිරිමත් කල එකත් වටිනවා.. ඊටත් වඩා වටිනවා නැවත හමු වෙන වෙලාවකදි දෙතුන් දෙනෙක් ඉන්න තැනකදි වත් ඒ මනුස්සයා කරපු සත් ක්‍රියාව අගේ කිරීම..

    ReplyDelete
  5. ඔහොම මිනිස්සුත් ඉන්නවා ඉඳහිට. වැඩේ අර නරක වැඩකට තරම් ප්‍රසිද්දියක් ලැබෙන්නෙ නැති කම.
    henryblogwalker the Dude

    ReplyDelete
  6. ඔහොම මිනිස්සු ඉන්නේ ටික දෙනයි.ඒ වැනි පුද්ගලයින් අගය කළ යුතුයි.

    ReplyDelete
  7. මාත් දවසක් ඇහිඳලා දුන්නා තිස්දහක් විතර වටින එකක්!:) ඒ හින්දමද මංදා මගේ එකත් එකෙක් ඇහිඳලා ගෙනත් දුන්නා!

    ReplyDelete
  8. ඔහොම මිනිස්සුත් ඉන්නවා අයියා අද සමාජයේ...හැබැයි බොහොම කළාතුරකින් තමා අපිට හම්බුවෙන්නේ....

    ReplyDelete
  9. අපි දුන්නට අපේ නැතිවෙන ඒව හම්බෙන්නෙ නැහැ මචෝ..

    එත් උබට ලැබුන එක ගැන සතුටුයි..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

එමා වොට්සන් ඇදුම් මාරුකරන හැටි

ඔබේ නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ පලකරවා ගන්න

අපිට රාවනා මෙච්චර ලොකු ඇයි?