Thursday, March 8, 2012

රත්තරන් දූලා මැටිවැඩ කල පසු

රත්තරං දුවේ මගේ රත්තරං දුවේ ඔබයි දිවිය අර්ථවත් කලේ යැයි මහා දුක් සාගරයක් ඇති සිංදුවක් ඇත. එය ඉතා රසවත් එකක් නොවේ. එහෙත් බොක්කටම වදින කැරකෙන්න වදින එකකි. මං ඒකට ආසාය.
මේ ඉන්නෙ අපේ ගෙදර තිබුන පිංකම් ගෙදරකට ආපු බබාල දෙකකගෙ ලස්සන පිංතූර දෙකක්. මේකෙන් උඩ පිංතූරෙ ඉන්න එකටනම් තියෙන්න පුදුමාකාර දඟයක්..එදා මැච් එකක් තිබුනදවසක් ඉතින් මේ උඩ පිංතූරෙ ඉන්න කෙලී තාත්තට මැච් එක බලන්ට දෙන්නෙම නෑ අනම් මනම් අහනව කතාකරනවා වනසනවා. දඟ වැඩි නිසාම පොඩියට පාරක් ගැහුවම ලෝකෙ පෙරලෙන්න වගේ ඇඬුව. කස්ටිය හිටිය නිසා කෙල්ලට ලැජ්ජ හිතුන කියල අම්ම නම් කිව්වෙ.


දුක හිතෙන කතාවක්..
මේ ලඟදි අපේ කන්තෝරුවෙ කතාවකට මං රබර් කණ දාගෙන හිටිය කම්පුටර එකේ වැඩක් කරන ගමන්. ඒක මහා අවාසනාවට ඇත්ත කතාවක්. ඒ කතාවට රබර් කන දාගෙන හිටියට වඩා වෙන වැඩක් බලාගත්ත නම් හොඳයි කියල පස්සෙ හිතුන. 
අවුරුදු විස්සක විසි එකක විතර ගෑනු ලමයෙක් එන්ජී ඕ එකක වැඩ කරනවලු. එක දවසක් වැඩට එන්නෙ නෑ කියල එයා එයාගෙ බොස් වෙච්ච විදේශිය ජාතිකයට කියල. ඉතින් සාමාන්‍යන් එසේ පෝන් කෝල් හරහා නිවාඩු ගැන්ම ගැන සැක හිතපු විදේශිකය ඒ ගෑල්ලමයගේ භාරකරුවට කතා කරල. ඒ ගෑනු ලමය නැවතිලා තියෙන්නෙ නැන්ද කෙනෙකුගෙ ගෙදර  ඒ නැන්ද දැනගෙන ඉඳල නෑ ඒ වගේ දෙයක්. ඉතින් ඒ හදිසි නිවාඩුව අරන් තියෙන්නෙ ක්ලාස් එකක් බලන්ට යනව කියලලු. පස්සෙ ඒ නැන්ද මේ ගැන ඒ ගෑනු ලමයගෙ දෙමාපියො දැනුවත් කරල.
ඔය ගිය ක්ලාස් එකක් බලන්ට වෙන් ඇතිය හවස එන්නෙ නැතැ කියල මේ දෙමාපියො පාර බලාගෙන ඉඳල. නමුත් අද වෙනතුරුත් ඒ ගෑනු ලමය ගෙදර ඇවිත් නෑ. හවස ඒ ගෑනු ලමය තාත්තට කෝල් එක්ක අරන් තාත්තෙ මං එනවා කියන්න.නමුත් අවසාන වචන ටික කියන්න කලින් පෝං එක කට් වෙලා.
ඒ ගෑනු ලමය ටිකක් ඇහැට කණට පේන ලමය කෙනෙක්ලු. සාමාන්‍යන් කොල්ලෙක් රවල බැලුවත් අම්මට ඇවිල්ල කියනවලු. ප්‍රේම සම්බන්ධයක් තිබුනෙත් නෑලු. හැබැයි හමුදාවෙන් පැනපු අයිය කෙනෙක් දවස් දෙකතුනක් පස්සෙන් ආපු කතාවක් නම් කියල තිබුනලු.
ඉතින් මේ දෙමාපියො දෙන්න යන්න පුලුවං කියල හිතෙන හැම තැනටම කෝල් කරල. ඒ ගෑනුලමයගෙ හොඳම යාලුවට නොදන්න නම්බරයකින් මිස් කෝල දෙකක් ඇවිත් තිබුනලු. සාමාන්‍යන් එයාට එහෙම නොදන්න නම්බර වලින් කෝල් එන්නෙ නෑලු. ඒ නොදන්න නම්බර දෙකෙන් ආපු මිස් කොල් අතර මේ කියන ගෑනු ලමයත් මිස් එකක් තියල තිබුනලු.
ඉතින් මේ දෙමාපියො දෙන්න ගිහිං පොලිසි මේක කියන්න. පොලිස්සියෙ මහත්වරු පැමිණිල්ල ලියන්න බෑ කියල. ඔය විසිඑකක් වෙන ගෑනු ලමයෙක් නේ....පැමිණිලි ලියල වැඩක් නෑ දාහතට අඩු කෙනෙක් නම් ලිව්වට කමක් නෑ. ඒ ලමය කැමැත්තෙන් කොහේ හරි යන්න ඇති. ඔය ඉතින් ඒ වගේ දේවලට හරි වයසනේ.. පැනල යන්න ඇති හෙට අනිද්ද වෙනකොට හමුවෙයි.. ඒ නැතත් ඉතින් පැනල ගිය තැනක යසට ඇති..
ඉතින් මේ දෙමාපියො දෙන්න ඇඬු කඳුලෙන්ම පොලිස් මාමලට කියල එහෙම දෙයක් නම් වෙන්න බෑ. තමුන්ගෙ දුව හරිම කීකරු කෙනෙක් කියල. ඒත් පැමිණිල්ල ලියාගන්න පොලිසිය කැමති වෙලා නෑ. අවසානෙ මේ දෙමාපියො දෙන්න තමුන් දන්න අඳුනන ලොක්කෙකුට කියල පස්සෙ දවසෙ තමා මේ පැමිණිල්ල ලියෝගෙන තියෙන්නෙ. 
එතනදි දෙමාපියොන්ට හිතුනලු මේ තමුන්ගෙ දුවගෙ පෝන් එකයි. අර යාලුවට මිස් කෝල් දීපු පෝන් එකයි සිම් වලින් චෙක් කලොත් මේ කියන පැහැරගත් අය සම්බන්ධ හෝඩුවාවන් ගන්න පුලුවන් කියල. අනික් අයගෙ නොම්මර හොයන්න අධිකරණ නියොගයක් ඕනි. ඉතින් ඒවත් හදාගෙන පොලිස්සියෙ කෙනෙකුත් එක්ක ඒ අදාල දුරකථන සමාගමට යන්න ගියෑම පොලිස් කෙනා කියනවලු අපිට යන්න වාහන නෑ ඔය එක එක දේවලට. වාහනයක් ඇරේනජ් කලොත් ගිහින් බලන්නම් කියල. ඉතින් අර අහිංසක දෙමාපියො දෙන්න ඒ වැඩෙත් කරල.
කොහොම උනත් මේ ටිකක් වගේ වයස දෙමාපියො දෙන්නට ඉන්න එකම දරුව කියල තමයි මට ඇහුනෙ..
මං දන්න පොලිස්සියෙ ටිකක් ලොකු දලකාරයෙක් ඉන්නව. ඒත් ඒ අය කිව්වත් වැඩ නොකරන සමහර අය පොලිසියෙ ඉන්නවා. අනික් එක ඒ මං දන්න කියන කෙනා ගැන ඒ අය වැඩකරන හැටි ගැන මං හොඳටම වගේ දන්නවා. ලංකාවේ එක්තරා පොලිස් ස්ථානයක එක්තරා සිද්දියක් සහ එක්තරා දෙමාපියො දෙදෙනෙක්. බැලූ බැල්මට හුදකලා සිද්දියක්. නමුත් මේක ඈත ගමක වෙච්චි දෙයක් නෙමෙ. මේ කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ දෙයක්.
ඕනි කෙනෙක්ට ලමා කාලයක් තියෙනවා. ඒ වගේම තමුන්ගේම නැතත් ඥාති වෙන හරි පොඩි ලොකු දුවලා සහ සහෝදරියන් ඉන්නවා. අපි ඒ අයට ආදරෙයි. තමුන්ගෙ දුවනිය අර මගේ ඉහල පිංතූරෙ ඉන්න තරම් පොඩි වයසෙ උනත්, ඒ වාෙග ලමයි ඉන්න අම්මල උනත් දෙමාපියන්ගෙ තියෙන ආදරය පොඩ්ඩක් වත් අඩුවෙන්නෙ නෑ.
තමුන්ගෙ දුව කොයි තරම් ලොකු උනත් තාත්තලට අම්මලට පේන්නෙ අනේ මේ අපේ පුතා නේද මේ පොඩි එකා නේද කියන තැනින්. තව ගොඩාක් දිගට මට මේ සිද්දිය හා එවැන් මා මුහුනදුන් සත්‍ය සිදුවීම් හා ඒ සම්බන්ධ සමාජිය ප්‍රතිචාරවල තියෙන කුහක ගතිය ආත්මාර්ථය පෙන්නුම් කරත හැකි. ඒත් කාටද??
මොකටද?/
මට නිකමට හිතෙන දෙයක් තමයි. අපි හැමවෙලේම ඇඟිල්ල උස්සන් අපිට කුමන්ත්‍රණ කරනවාය කියන සුද්දන් ලඟත් මුස්ලිම් අය ලගත් මීට වඩා ඉහල මට්ටමක වටිනාකමක් තියෙනව ජීවිතයකට, ඒ සමාජය ඇතුලෙ..

18 comments:

  1. කාළකන්නි පොලීසියක් තියෙන්නේ. කහවත්තෙත් මිනිස්සු තම්යි ගේම ඉල්ලුවේ. පොලිසීය මිනිමරුවට ගාඩ් දීගෙන හිටියේ. රත්නපුරේ මාෆියා ලීඩර්ට බයේ.

    ReplyDelete
  2. ම්ම්.......... මේක පොර ටෝක් වුනේ කොහොමද අමිල?

    ReplyDelete
  3. අන්තිම ඡේදෙ කියන කතාවනම් හරියටම හරි වගේ තමයි...

    ReplyDelete
  4. සියල්ලටම එකගයි. මම ඉස්සර බ්ලොග් පෝස්ට් එකක අපේ ගාමේ වෙච්ච සිද්ධියක් දාල ඇති. එතනදි පාසල් යන වයසෙ ගැහැණු ලමයෙක් පැහැරගෙන මරලදැම්ම. එයාගෙ වයස අවුරුදු 14ක් විතර ඇති. අම්මල පොලිසියට පැමිණිලි කරන්න ගියාම කියල තිබුනෙ කොල්ලෙක් එක්ක පැනල ගිහිං ඇති කියන එකයි.

    ReplyDelete
  5. අපි හැමවෙලේම ඇඟිල්ල උස්සන් අපිට කුමන්ත්‍රණ කරනවාය කියන සුද්දන් ලඟත් මුස්ලිම් අය ලගත් මීට වඩා ඉහල මට්ටමක වටිනාකමක් තියෙනව.

    කතාව අනිවාර්යෙන්ම ඈත්ත.

    ReplyDelete
  6. කොයි තරම් ලොකු පොඩි උනත් තමන්ගේ ළමයි දෙමාපියන්ට වස්තුවක්.අන්තිම වාක්‍යයට මාත් එකගයි.

    ReplyDelete
  7. පොලිසිය.. කතා කරන්න එපා.. මම ලියන්න හිතං ඉන්නේ මගේ පෞද්ගලික අත්දැකීමක්..

    ReplyDelete
  8. අපෝ ජරාම දෙපාර්තමේන්තුව තමා පොලිස් දෙපාර්තමේන්තුව තුහ් විතරක්.

    ReplyDelete
  9. මේ වගේ වැඩ ඒ කියන්නේ පැමිණිළි ලියන් නැති වෙලාවට නම් කෙළින්ම ඒ ප්‍රදේශය බාර සහකාර පොලිස් අධිකාරීවරයෙක්ටවත් අඩුම පැමිණිළි කරන්න ඕනේ අදාල නිළධාරීන්ගේ අංකයත් එක්ක. ඒවා ෆයිල් වලට යනවා. එතකොට ප්‍රමෝශන් එහෙම දෙද්දි ඒවා බලපානවා. අනික තමා ඔය කොස්සොන්ට වඩා ඒ මනුස්සයෝ සාධාරනව හිතනවා..

    //ඒත් කාටද??
    මොකටද?//

    මෙහෙම හිතන්න එපා.. අපිට කරන්න පුළුවන් අනික් අයව දැනුවත් කරන එක විතරක්ම නම් අඩුම ඒ දේවත් කරන එක වටිනවා..

    ReplyDelete
    Replies
    1. දැනගැන්ම සතුටුයි...
      මේක මං සම්බන්ධ එකක් නෙමෙ...මට සම්බන්ධ වෙන්න උනානම් ඔය වැඩ දෙක තුනම හරියට කෙරෙයි...
      ඒත් ඒක නෙමෙයි විය යුතු දේ....අපි පුද්ගලික සම්බන්ධ තා වලින් හැමදේම ගොඩ දැම්මම අනික් අහිංසක මිනිස්සු වැඩ කරගන්නෙ කෝමද?/

      Delete
  10. වැදගත් ලිපියක්! ස්තූතියි!

    මේ ලිපිය 'භාෂා වියුණු' හි දවසේ වියුණු සටහන ලෙස තෝරගත්තා. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. කොහෙ දැම්මත් කමක් නෑ අඩුතරමෙ ලිපිය මස්කරන්නෙ කෑලි කපන්නෙ නැතුව දාන්න බලන්න..නැත්තං ලිපියටයි ලියපු කෙනාටයි අපාස නොකර නිකම් ඉන්න..

      Delete
  11. අනේ හරිම කණගාටුදායක කතාවක්!!!

    ReplyDelete
  12. ලංකාවේ පොලිසිය ගැන කුමන කතාද..

    ReplyDelete
  13. ඉතින් ඒ ලමයට මොකද වුනේ? හම්බ වුනාද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඉන් පස්සෙ ආරන්චියක් නෑ වගේ...

      Delete
  14. පොලිසිය නම් මහ කාලකන්නි තැනක් බන් දැන්...

    ReplyDelete
  15. yako sinhala hadaganiya.....

    ReplyDelete