Friday, March 9, 2012

ලංකාවේ ඡන්දයක් දිනීමට නම්.(to win a election at lanka)

.මගේ බ්ලොග් එක ලෝකයේ ගොඩක් තැන්වල අය බලනවා. මේ අතර ඉන්න පුලුවං සල්ලි ටිකක් තියාගෙන අපි ලංකාවට ඇවිත් කරන්න ඕනි බිස්නස් එකක් කාරිය හොයන අය...ඉතින් එ වගේ අයට හරියන සෝක් බිස්නස් එකක් තියෙනවා ඒක තමයි දේශපාලනය. කෙලින්ම බිස්නස් එකක් කරන කෙනෙක්ට උනත් දේශපාලන පාඩං එක දෙකක් හරි දාගන්න එක වැදගත්..දැන් මේ ලිස්ට් එකක් විදියට මං විස්තර කරගෙන යනවා..සමහර දේවල් වැරදි වෙන්නත් පුලුවං මොකෝ මට ආසවක්කය ඥාණය තියෙනවයි මිනිස්සු චන්දෙ දෙනකොට හිතන්නෙ මොනාද කියල හොයන්න..ඉතින් මට හිතුන ටික ලියාගෙන යනවා.

දේශිය පොරක් වීම.
මෙහිදී ක්‍රම කීපයක් හරහා අපේ දේශීය ගතිය පෙන්නන්න පුලුවනි. සරම ඇඳල බැනියම ඇඳල පන්සල් කීපයකට ගිහිල්ල හාමුදුරුවො මීට් වෙලා සහ මහා නායක කුඩා නායක වරු බැහැ දකින එක එක දෙයක්. අනික තමයි මාකටින් කිරීම. ගමේ තියෙන පොඩි උත්සව ආදියට යන එක තව ඉතින් තව දුරට ගත්තෝතින් වෙල් යායක් මැද ගංගාවක් අයිනෙ ඉඳන් ගත්ත වීඩියෝවක් පින්තූරයකුත් ටිකක් වටිනවා. ලොකු වාහනේකින් ගිහිල්ල බැහැල ටිකක් වෙලේ ගමේ ඇවිදින්න තියෙනවනම් තමයි පංකාදු.. නැතුව ඔය ගමේ බයියෙක් ගමේම හැදිල ගමේ ඇවිද්දට ආතල් මදි. ඒ වගේම ඔය පොඩි පොඩි කෑමසෙට්වෙන පොඩි පොඩි උත්සව අාදියත් අමතක කරන්න හොඳ නෑ.


ඔබේ නෑයා වීම..
ගමේ අයගේ නෑයා වීමට නම් වසරක වත් කාලයක් සිටිය යුතුය. ඒ සඳහා විශාල භූමියක් ඇති මැතිවරණ කොට්ටාශ වලට තමුන්ට තොරතුරු ලබාගන්නට එක් එක් කොට්ටාශ වලට කෙනෙක් පත්කර තැබීම උචිතය මේ යටතේ යම් අවමගුල්ක හෙවත් මරණ ගෙදරක් ආරන්චි වූ පසු එහි යෑම නෑයින් මෙන් කතා කිරීම වැදගත්ය. අවසාන දවසේ අවමගුල් දින උත්සවයේ කතාවක් ගන්නට ක්‍රමයක් ඇත්න්ම එයද මග නොහැරිය යුතුය. තමුන්ට කිසියම් හේතුවක් නිසා සහභාගී වන්නට ක්‍රමයක් නැත්නම් ඒ සදහා සුදුසු ආකාරයකින් ආධාරයක් හෝ තෑග්ගක් වැනි යමක් යැවීම සුදුසුය. උදාහරණයක් ලෙස දානයක් හෝ මරණ ගෙදරක් මිස් උනොත් පිරිකරට දීමට සිවුරක් යැවීම වැනි දෙයක් කල හැක. කොටහලු මගුලක් මිස් වුනොත් නම් ඒ සඳහා පොත් කිපයක් පෑනක් වැනි කුඩා තෑග්ගක් යැවීමත් උචිතය. මේ යටතේ දාන, බණ පිරිත්, අවමගුල්, මගුල්,කොටහලු මගුල්, ආදි පොඩි පොඩි උත්සව ඔබට භාවිත කල හැක.


ටීවි එකට මූන දාගැන්ම..
කැඩිච්ච පාරක් නොහැදුන බිල්ඩිමක්. හෝ අලි විසින් වගාවක් විනාස කිරීම ආදි රටේ දැවෙන සිද්දියක් රූපවාහිනි චැනලයකට දන්නා ඒ අය ආ පසු කන්න බොන්න දී තමුන්ද මේ ප්‍රශ්ණයට වන මැදිහත් වීම කියා ඒවා ටී වි වල පත්තර වල දාගන්නා එක මනා හැකියාවකි. එසේම සමහර දෙස්පලුවක් තමුන්ගේ හොඳ වැඩ පත්තර වල නොයන නිසා තරු හෝටල් වල පිඟන් පොලවේ ගැසීම. පොඩි පොඩි සහ විසාල හොරුන්ට ආරක්ෂාව ලබාදී පත්තර වල නම දමාගැන්ම ආදි සුක්ෂම තීක්ෂන උපක්‍රම භාවිත කරයි. මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා ජනප්‍රිය වූයේ කුමක් අරභයාද යන්න වැදගත් නැත. අවැසි වන්නේ ජනප්‍රිය වීමම පමණි. කාගේ හෝ පිටපතකට නැලවිලා සැතපිලා ඇඹරිලා කෙලි කරන නිලියන් එක මැතිවරණයෙන්ම මහා සභා වලට සෙට් වන්නේ එසේ කෙසේ හෝ ලෝකයේ රටේ ජනප්‍රිය වූ නිසා මිස කිසිම කල හෝ නොකල හෝ කරන්නට තිබෙන සේවයකට නොවේ. දකුණු පලාතේ මැතිවරණයකදි ගසක තිබූ පෝස්ටරයක එක් කාන්තා අපේක්ෂිකාවක් ඉල්ලා තිබුනේ ගමේ බෝක්කුව හදා ගන්න ඇගේ බෝක්කුවට මනාපය දෙන ලෙසයි. ඒ වනවිටත් තරුණ බෝක්කුවක් වූ එය ඔසවා සභාව මත තැබීමට ඒ පලාතේ බාල මහලු තරුණ සියල්ල එකට පෙලගැසී මනාපදී ඇති බව ප්‍රතිපල වෙලින් පෙනී ගොස් තිබුනි.


සමාජ සේවය...
මඳක් හොයා බැලුවොත් රටේ ඇති කොළඹ හෝ වෙනත් තරමක් තදාසන් න පැතිවල බිස්කට් කොම්පැනි, ගාමන්ට්, සිකුරිටි සර්විස්, සුලු සේවකයින් ආදිය සඳහා තිබෙන අතිවිශාල වේකන්සි ප්‍රමාණය දැනගත හැක. එවන් සේවා වලට ගම්වල සිටින තරුණ තරුණියන් යොමුකර කීයක් හෝ කඩා වඩාගෙන ඒ ඔස්සේ රැකියා සොයා දීමත් එක්තරා උපක්‍රමයකි.තවද විදෙස් රැකියා වලටද යොමු කිරීමට ඒතරම්ම මාන්සියක් ගත යුතු නැත.  එහෙත් එහි අසාර්ථක පැත්තක්ද ඇත. වෙන්ඩ මන්ත්‍රි තුමා විසින් ගාමන්ට් එකට දාන ලද සුවිනීත කෙල්ල පසුව වෙනත් කොල්ලන් සමග රවුං ගහනවා යැයි ගමට ආරන්චි වූ විට සමාර විට ඕන් අපේ මන්ත්‍රිතුමා ගෙ වැඩයැයි කොහ්වත් සිටින කෙල්ල ගේ අතින් වත් අල්ලා නැති අසරණ වෙන්ඩ මන්ත්‍රි තුමා ගේ නම නරක් විය හැක. ඇස් කන්නාඩි බෙදා දීමත් අල්ලක් වපුරා මල්ලක් ජන්ද ගත හැකිතවත් සුලු ක්‍රමයකි. කොළඹ පිටකොටුවේ හරස් වීදි වල මඳක් කරක් ගසා කීපදෙනෙකු ගේන ඇසු විට කන්නාඩි කූට්ටමක් රුපියල් සීයට අසූවට තියෙන තැනක් හොයාගත හැක. සමාරවිට රුපියල් පනහට හැටටත් පොඩ්ඩක් ඩැමේජ් කන්නාඩි ඇත. එව්න කන්නාඩි එක එක සයිස් එකෙන් එක එක දෝෂ සඳහා මිලදී ගෙන. මහා ඇස් කන්නාඩි පිංකම යැයි බෝඩ් ගසා පීකර් බැඳ එනවුන්ස් කොට ලඟපාත ඔප්ටිකල් එකක පුහුනුවෙන කොල්ලක හෝ දමා ඇස්දෙක පරික්ෂා කොට අර කන්නාඩි බෙදාදිය හැක. එය බොහොම සුලු කාර්යයකි.
එහෙත් අර පොට්ට කන්නාඩියද සිතන තරම්ම අවුල් නැත සමාරවිට ඉඳලා හිටලා ඕපයක් දෙක්ක ඇහිඳ ගන්නට පත්තර සරච් කරන ආච්චිලා සියලාට මේ කන්නාඩි කූට්ටම මසුරන් වටී. මා දන්නා එක්තරා සිංහ සමාජයක කන්නාඩි බෙදීමේදි ඒ සිංහ සමාජයට අමෙරිකාවෙන් ලැබුනු කන්නාඩි කූට්ටම් හොර පාරේ ගොස් අසරණ කන්නාඩි ලාභින්ට හිමි වුනේ අර පිටකොටුවේ කන්නාඩිය. තව දුරටත් ඉතින් ටික්ක සල්ලිය බාගෙ හෙම තියෙනම් සිල් කාරයන්ට බණ සීඩි බෙදීම. ලමයින්ට පොත් බෙදීම, ගෑනුන්ට මහන මැසින් දීම. මොන්ටිසෝරි බබාලට මකන කෑලි දීම. ආදිය දැක්විය හැක. ඒ වැනි කාර්යන් වලට ටිකක් සල්ලි වියදම් උනත් පසුකලෙක ලැබෙන නොසිදෙන ධන උල්පත් දෙස බැලු කල ඒවා හරි සිම්පල්ය..


ගමේ ප්‍රශ්ණ විසඳීම...
මෙහිදී ගමක සියලු ප්‍රශ්ණ විසඳීම යනු දේශපාලකයෙක් විසින් නොකල යුතු දෙයකි. දැන් නොසෑදු පාලමක් යනු විපක්ෂයට මැතිවරණ රාශියකදි භාවිත කල හැකි මහත් වාසියකි. නමුත් පාලම තැනු පසු එයින් පසු පලාතේ ආන්ඩු පක්ෂයේ අදාල මන්ත්‍රි තුමා ගේ නිවාස අලුත්වැඩියා ගැන කීවාට වැඩක් නැත..පාලම හදන්ට ගිය සිමෙන්ති කොට්ට ගැන කතාකරලා වැඩක් නැත. කෙසේ වුවත් ගමක නම් මිනිස්සුන්ට ඇති ලයිට් වතුර පාරවල් සහ රැකියා යන මූලික ප්‍රශ්ණ වලට මැදිහත් වීම වැදගත්ය. රටේ කෙතෙක් ප්‍රශ්ණ තිබුනත් ආන්ඩුව කෙතේක් ණය උනත් පුද්ගලිකව අපි ලක්ස ගණනක් ලෝකයට ණය උනත් මිනිසුන්ට ඒ සියල්ලට වඩා තමුන්ට බොන්න වතුර ඩිංග ලැබීම. අටපට්ටම බලන්නට ලයිට් ලැබීම. දරුවන්ට යන්න පාර තැනීම වැදගත්ය. තමුන්ට ගෙදරට ලයිට් දෙන්නට මැදිහත් වන මන්ත්‍රිතුමාට මිනිසුන් මනාපය ලබා දෙන්නේ ඇති නොදැනුවත් කමටම නොවේ. එය හැර වෙනත් විකල්පයක් නෙැමැති බැවිනි. න්‍යායාත්මකව කාල් මාක්ස් නැමැති මහා මිනිසාගේ අඩි පාරේ යන රතු පක්ෂ සමහරක් බඩු මිල වැඩි වන විට පඩි පත වැඩිකරන්නයි පෝස්ටර් ගසා මිනිස්සු කුලප්පු කරති. නුමුත් කාල් මාක්ස්ගේ පොත් නිකමටවත් කියෙව් කෙනෙක් වීනම් ප්‍රාග්ධනය නැමැති පරිච්චේදයේදි මෙසේ බඩු මිල වැඩිවින සෑම විටම පඩි ම ඉල්ලා කෑ ගැසීම කම්කරු නායකයින් විසින් කරනු ලබන තඩි ගොන්කමක් ලෙස කියා ඇත. එසේම මාක්ස්වාදය අනුව එය පවතින දේටම තවත් පැවතෙන්න කරන දෙයක් විනා අවසානයක් නැත. අපේ රටේ කැම්පස් වල පතාක යෝදයින් වන සමහර රතු ශිෂ්‍යයින්ට කැම්පස් වල ප්‍රශ්ණ විසඳීම අවැසි නැත. අවැසි වන්නේ සෝඩා මෙන් බුබුලු දැමීම පමණි. දිගින් දිගටම අසාර්ථක උපාධිධාරින් රැකියා ගත කිරීමෙන් රටේ රාජ්‍ය සේවය තුල වන අතිරික්තය ඇඟිල්ලෙන් ඇනවත් ඔවුන්ට පේනවිය නොහැක. වෘත්තිය සමිතිද එසේය. අපේ ජනප්‍රිය රතු පක්සය මැදිහත් වී වණ කරන ලද පාවා දෙන ලද වෘත්තිය සටන් සහ ශිෂ්‍ය සටන් රාශියක් සඳහන් කල හැකි මුත් ඒවා විසඳාගෙන නියම ලෙස ජයග්‍රහනය කරන ලද සටන් ඇත්නම් ඒ අතලොස්සකි. මන්ද එක් අතකින් ප්‍රශ්ණ විසඳීම ඔවුන්ගේ පැවැත්ම අභියෝගයට ලක්වන බව වක්‍රාකාරයෙන් ඔවුන්ම දන්නා නිසාය..

මීඩියා සමග ගනුදෙනු කිරීම.
විසාල මාධ්‍ය වල කුඩා හෙන්චයියලා නොහොත් ප්‍රාදේශිය වාර්තාකාරයෝ වෙති. මොවුන් ශේප් කරගැන්ම නම් අවැසියෙන්ම කල යුතු වැඩකි. ගමේ පාරට බෝක්කු කොටයක් ගෙනත් දා ගැනීම ආදි වැඩක පටන් පලාතේ කුමක් හෝ විවෘත කිරීම දක්වා බොහෝ තොරතුරු පත්‍රයේ කොණක පලකරවා ගැන්ම හෝ රූපවාහිනි හෝ රේඩියෝ නම් පැයේ පුවත් වලට හෝ දමා ගැන්නට නම් මේ කුඩා මාධ්‍ය කරුවන් ශේප් කරගත යුතුය. ඒ සඳහා පොඩි පාටියක් දැමීම ඔවුන්ගෙ පුද්ගලික දේවලදී පෙනීසිට උදව් කිරීම කල යුතුය. උදාහරණ ලෙස ඔවුන්ගේ යම් දෙමාපියෙක් අසනීප තත්වයෙන් නම් නිවසට ගොස් හොයා බලා රුපියල් දාහක් පන්සීයක් බෙහෙත් ගන්නට දීම වැනි වැඩ මතක හිටින වැඩය. එවන් වැඩ කල පසු මේ ආත්මෙ තියන කල් ඒ ප්‍රදේශයට අදාල කිසිම ජඩ වැඩකට ඒ දේශපාලුවාගේ නම නම් යන්නේ නැත. එසේම මේ මාධ්‍ය කරුවන් ලව්වා ගමේ නගරයේ ඇති යම් යම් වැඩසටහන්  වල හෝ යම් යම් විරෝධතාවයන් වල තොරතුරු ගත හැක. එයින් ඒ වැනි වැදගත් අවස්ථාවලට ගොස් යම් කිසි කතාවක් හෝ යම් ගරු තත්වයක් ලබාගන්නට වෙන්ඩ මන්ත්‍රී තුමාට පුලුවන. මේ පත්තරවලට හෝ රූ නාලිකාවල විශාල අත්තක් තිබෙනවාය කියන්නේ අනෙකුත් දේ කිසිත් නැතත් ඉබේම වාගේ පුටුව හිමිකරගැන්මේ වාසනාවකි.


රට විකිනීම.. .
දේශපාලනයේ එක්තරා කඩඉමකට ගිය පසු තමුන් කල හෝ ඉටුකල වැඩකොටසක් නොමැති බව ඒ දෙස් පලුවන්ට පෙනේ. ඉන්පසු අමරිකාව යුරෝපය ආදි රටවල සිටින මිනිසුන් අපිට කුමන්ත්‍රණ කරනවාය කියා කියා ගනිති. ඉතින් මේ පත්තරවල යන අටෝරාසියක් අමු කෙබර බලන ගම්බද ජනයා සැමදාම අමෙරිකන් ජනයා මහා ජඩයින් ජාතියකි. උන් ලෝකෙ කිසිම ජාතියකට හැදෙන්ට දෙන්නේ නැතිය. උන් මහා වසවර්තියෝය කියා සිතා ගනිති. නමුත් ඒ අමෙරිකන් කාරයාම අපිට සුනාමියට සහ නොයෙක් ව්‍යාපෘතිවලට ආධාර දෙනවිට ඒවා ලැබෙන්නේ අමෙරිකන් කාරයාගේ කරුණාව නිසාය කියා පිලිගන්නට අපේ හාමුදුරු ගොල්ලා පවා අකමැතිය. එවන් ජාති ආල කෝලම් ගැන විපක්ෂයටද එතරම් විරෝධාකල්පනැත. ඔවුන්ට ඇත්තේ වට්ටෝරුවකි. දේශපාලකයෙක් ලෙස පුහුනුවන තරුණයා නිසිකලදී රට ජාතිය ආගම ගැන ටෝක්ස් දීම. හා පෙරමුණ ගෙන ඉදිරියට ගොස් ලකුණු දා ගැන්ම මේ කලදීනම් බෝම වැදගත්ය. කෙනෙක් අපිට කුමන්ත්‍රණ කරනවාය කීමහෝ ඇසීම අපේ රටේ මිනිස්සුන්ගේ කණට මී පැණි දැම්මාක් මෙන් වැඩකි.ඒ කුමන්ත්‍රණ කරුවන් ලෙස තම්බි හෙවත් මුස්ලිම්, එල්ටීටී කරුවන් හෝ දෙමල අය සහ සුදුහම සහිත ජාතින් විටින් විට පත්වෙයි.  
ඡන්දයට සුපිරි හේතු ලයිට් සහ පාර..
තවත් සුලු උපක්‍රම ආදිය ඇතත් මේ  ටික ප්‍රමාණවත්ය. කෙසේ වුවත් ගමක් නගරයක් පලාතක් හෝ රටක් යන මේ ඒකක දියුනු කිරීමේදි ඒ ගමේ වෙසෙන පුද්ගලයින්ගේ එදිනෙදා අවහිරතා මගැර දීමට උදව්වීම. පුද්ගලිකව දැන අඳුනාගෙන මිනිසුන් විශාල පිරිසකගේ හොඳ හිත දිනා ගැන්ම අාදි දේ බොහෝ වැදගත්ය.එසේ නොමැතිව කාලසටහන් වැඩපිලිවෙලවල් තනා ගෙන නිසි කලමනාකරණ ක්‍රමවේද තුලින් දියුනු කිරීම්  ගැන කල්පනා කිරීම ඔබ ජනතාවගෙන් ඈත් වීමට හේතු වනු ඇත. කෙතරම් අකමැති වුවත් පිලිගත යුතු ඇත්ත නම් දැන් පවතින්නේ ජනතාව වඩාත්ම ආසා කරන ක්‍රමයේ දේශපාලනයකි. සාමකාමී මැතිවරණයක් හෙට පැවැත්වුවත් අති බහුතරය ඉල්ලන්නේ මේ ක්‍රමය මිස බටහිර සහ දියුනු රටවල ඇති මට මගේ පවුලට මගේ බඩට සහ අසල්වැසියන්ට නොව රටට යන තියරිය නොවේ. සැමවිට මිනිසුන්ට තමුන්ගේ දේශපාලකයා නිසා පුද්ගලිකව මේ වාසිය තමුන්ට ලැබුනා යැයි යමක් පෙන්විය හැකිනම්,දිය හැකි නම් ඒ දේශපාලකයා යෙහෙන් බෝ කල් වැජබෙන්නේය. "දැන් තමුන්ලට තමුන්ගෙ දරුව බෝම්බෙකට අහු වෙලා නැතිවෙයිද කියා බයවෙන්න දෙයක් නෑ අපි ඒක සම්පූර්ණයෙන් නැති කලා ලෝකෙ ප්‍රථම වතාවට"..එහිදි තමුනුත් තමුන්ගේ දරුවාත් තමුන්ගේ පවුලත් බෝම්බ යෙන් ඈත් කරන්නට සමත්වූ දෙවියාට මිනිසුන් වඳිති. පුදති. ඔහු ඉවතලන දෙය වෙයිනම් එයම සුප්පු කොට කෙසේ හෝ දිවි ගෙවති.

12 comments:

  1. උ‍ඹේ කටේ මසුරං දාන්න වටිනව මේ ටික කිව්වට. ට්‍රයි කරන්න හිතෙනව මටත්.සල්ලි නැතත් කරන්න පුළුවන් දේවල් මේ අතරෙ තියනවනේ.

    ReplyDelete
  2. කීයක් හරි හොයාගෙන ට්‍රයි කරලා බලන්න ඕනේ..! :)

    ReplyDelete
  3. පොඩි විලිසන්ගයක් තියනවනම් කරන්න තව දෙයක් තියනවා. තමන් කෙලින්ම ඉදිරිපත් වෙනවා වෙනුවට කවුරු හරි ආතක් පාතක් නැති එකෙක්ව දාල, එකාව බැක් කිරීම. එතකොට ක්ලීන් එකේ වැඩේ දෙන්න පුළුවන්!

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ නම් සමහර එවුන් කරනවා.

      Delete
  4. තව අවුරුදු දෙක තුනක් ඉදලා මේ ගැන හිතලා බලන්න ඕන..

    ReplyDelete
  5. ඇරපං කට.... කීයක් හර ඔබන්න...

    ReplyDelete
  6. බොහෝම වටිනා බ්ලොග් සටහනක්....

    ජයවේවා අමිල!!!

    ReplyDelete
  7. නියමයි මචං.. වදින තැනට වදිනවා ලෙසටම...

    ReplyDelete
  8. මාත් හොය හොය හිටියෙ ඔයවගේ එල සිරා ජොබක් තමා සහෝ ජාතකේ තමා අවුල බලමු [පසුව ලියමි] ඇත්තටම මේ අහින්සක ලන්කාවෙ ගම්වල ඉන්න මිනිස්සුන්ට සෙනසුරු ලබල ජීවිතකාලෙටම පන්සලත් උන්ගෙනෙ.............

    ReplyDelete
  9. ඒ ඉදිරිපත් වෙන එකා මේක ලියපු එකා තම මාධ්‍ය උපදේෂක කරගන්නේනම් කෙලින්ම විල මැද බංගලාවට වුවද ඉදිරිපත් විය හැක.

    ReplyDelete
  10. නමට දේශප්‍රේමී වීම !

    ReplyDelete
  11. මචං උඹට මැරකම ගැන අමතක උනාද.. ඒක නතුවනම් දැන් තැනකට එන්න තියා ඉන්න තැන රැඳෙන්නත් අමාරුයි..

    ReplyDelete