Tuesday, April 10, 2012

මම බල්ලෙක්මි...2 වන පරිච්චේදය

බැල්ලට පැටව් ලැබෙන බව කීවේ ඈමය. ඉන්පසු අපේ ගෙදරිනුත් ඈට යම් සැලකිලි විය. කොච්චර උනත් අපේ ටාසා (මගේ නම) ගේ පැටවු නේ ඇත්තෙ...කියා දිනක් අපේ කුස්සියේ උයන්නට සිටින කමලිනි අක්කා බත් මාලු පිනි ගොඩක් පාරෙන් එලියේ ඩැසීට දැමීය. ඩැසීට මට මෙන් එලියේ සිටින්නට වෙලාවක් හෝ කලාවක් නොවීය. සිකුරිටි ගෙදර ලගට ගොස් කොළයකට බත් දමා ඒම සමහර දිනවල කමලිනි අක්කා කලේය. ගෙදර මහ උදවිය හෙවත් ලොකු නෝනාගෙන් එයට විරුද්ධත්වක් නොවුනි. ඩැසි හමුවුන විට වේදනා රෝග රාසියක් ඇයට ඇති බව කියයි. මං නිසානෙ ඔයාට මේ දුක. මා වරක් කීය. ඇය එවිට මා සිත සැනුසුවේ..ගෑනු අපි මේව ඉවසන්න එපැයි ඉතින්. ඔයා නිසා හෝ වෙන කෙනෙක් නිසා හෝ අද මං මේ තත්වයට පත් උනා. අම්ම කෙනෙක් කියන්නෙ ලොකු වගකීමක්...
ඉදින් එවැනි පෙංබස් දෙඩුවත් පෙර මෙන් එතරම් ආලයක් වෙලීමක් නැතිය. එනිසා එය එතරම් නැගලා යන වැඩක් නොවීය. තනියම ලෝකයට හොරා වෙනමම ලෝකයක සිටි මට දකින්නට සිටි බලු සනුහරේ අඩු නිසා මෙවන් දෙයක් සිදු වන බව අවට බල්ලන්ගේ මතය විය. සාමාන්‍යන් බලු පූට්ටුවක් නොහොත් සුනඛ ලිංගික එක්වීමක් අවසානයේ මනුස්ස පවුල් මෙන් පසුව ගොස් සුවදුක් බැලීමක් නොවන ්බවත් එය බලු ජාතියට නිගාවක් බවත් විවිධ පාර්ශව වලින් ඇසුනි. නමුත් මා මග තොට හමුවන විට හෝ ඒ සිකුරිටි ගෙදර අසලින් යන විට ඩෙසී බලා යමි. ඒ ගැන අපේ ගෙදර අයත් එතරම් අකැමැත්තක් නොවීය..
දිනක් යනවිට සිකුරිටි ගෙදර මා ගැන කතාවකි. ඔවුන නොයෙක් දේ ගැන කෙතෙක් කතා කලත් මා ඒවා කනට ගන්නේ නැත. නමුත් මා ගැන කරන කතාවක් නිසා මා හොඳින් ඇහුම් කන් දුනි.
 මේ අර ලොකු ගෙදර ධනවර්ධන මහත්තලෑ බල්ල ඉන්නෙ ටාස ඉන්නෙ ඌ අපේ ඩෙසි එක්ක පුට්ටු වෙලා උන්නනේ.. ඒ කතාවකියන්නෙ සිකුරිටි පොර විසින් සිය වයිපර තුමිය වෙතැයැ...
.ඉතින් මට මොකෑ කියන්නෙ පූට්ටු වෙච්ච එකක් උන් ගලවගන් නැතෑ..කොරන දෙයක් දැං බෑ මේ දවල් එලියෙ..ඔය එක එක පූට්ටු ඇදන් එන්නෙ හොදකට නෙමෙ..අද ටිකක් කට ගෑවිලදත් කොහෙද... .ඒ පිලිතුරු දුන්නේ සිකුරිටි වයිපර තුමියයි..
හයියෝ මේ වගේ ගොං ගහක්..මං කිව්වෙ මේ තමුසෙ මේ දවාලෙ පූස්ටු කරගන්න නෙමෙයි..කලුවරේ ජරමර කලාට මේ දවල් ඕව කරන්න ගියොත් මට බලි තොයිල් නටන්න වෙයි.. බයවෙලා...මේ ඔය බල්ල හොඳ වර්ගෙක එකෙක්ලු. ඔය හම්බෙන්න ඉන්න පැටවු උගෙ...ඒකිව්වෙ ටාසගෙ උනොත් අපිට ගානකට විකුනත හැකි....ඒ සිකුරිටිය..
හපූ....ඔවැයිගෙත් කතා...තාම බැල්ලි පැටවු දාලත් නෑ මෙයෑගෙ බිස්නස් මයින්ඩ් එක ඔලුවට ගහල...එනවකෝ රෑට මං තොවිලෙ පෙන්නන්න අත තියන්නෙ දෙන් නෑ.තවත්..දවල්ට අපාස කරන්නයි...රෑට තොඳොල් වෙන්නයි...හුහ්...කුමක් හෝ කාරනාවකට අමනාප වූ සිකුරිටි පවුලය ඒ...
 ගෙදර අයත් සිකුරිටි ගෙදර අයත් සමග ඒ දිනවල එතරම් වලි බර වාතාවරණයක් ගෙනගියේ නැත. කමලිනිත් සිකුරිටි වයිපුත් යාලු විය. ඒ බලු පැටියෙක් ගන්න යැයි මට කමලිනිගෙත් වැඩකාර කොල්ලා වූ සිරිල්ගේත් කතා වලින් වැටහුනි. 
.එයාලගෙ බැල්ල උනාට අපේ ටාසනේ වැඩේ කලේ...ඒව කොහෙද..ඒ සෙකුරිටි ගෑනි දැන් වැඩිය හිනාවෙන්නෙත් නෑ..මොකෝ දැං පැටවු ලැබෙන්න කිස්ටු නේ...ඒ කමලිනිය..
.කලුපාට බෝල වගේ පැටවු ඇති නේ කමලි අක්කෙ...අරකිගෙ බඩත් දැං මාස හතක විතර සයිස් වෙලා...ඒ සිරිල්ය..
මාස හතක බඩක්..උඹ කෝමද බන් බැල්ලියන්ගෙ බඩ කියන්නෙ මාස හතක් කියල... ඒ කමලිනිය..
නෑ මං නිකමට හිතුව...ඒ සිරිල්ය..
ඔව් ඔව් මට නිකමට ඇහනෙව උඹ ඔය උලව්ව අතේ තියං කෙල්ලොන්ට කුනුහබ්බ කියනව...
ඒ කමලිනි අක්කාගේ කටයි..
පැටව් ලැබෙන්ට කිස්ටු විය..දිනක් මහ වැසි දිනෙක සිකුරිටි ගෙදර පිටුපස බැල්ල පැටවු දමා තිබුනි... සිරිල් පැටවු බලන්නට ගොස්..
සික් මූට සාත්තු කරනවට වඩා හොඳයි...කියා මගේ දෙස බලා එරෙව්වේය...
කමලි අක්කාට ඇසෙන්නට..
අර ඩැසීට හම්බෙලා තියෙන්නෙ ඔක්කොම දුඹුරු පාටයි සුදු පාටයි පැටව්..කලු පාට එකෙක්වත් නෑ...
ඉන්පසු මගේ හිතට මොකද්දෝ දැඩි පාලුවක් දැනුනි. කමලි අක්කාද දාන්නං වාලේ බත් දමා ගියාය. ගෙදර අයද නොසලකා හරින්නාක් මෙන් සිතුනි.. ඩැසී බලන්ට ගිය විට ඇය පමණක් සෝ බර මූනක් මට දාගෙන සිටියාය. මා පැටවු කීප දෙනාට එබුනි.. 
එවිටම ඩැසී කීවේ...වැඩක් නෑ කලු පැටවු නෑ..අර ලඟදි දවසක බලු වෑන් එකෙන් අල්ලං ගිය බලු කාන්ඩෙ හිටිය ගුරායි සුද්දයි වගේ මයි මේ පැටවු..මං හිතන්නෙ ඒ දෙන්නගෙ ලමයි තමයි...(ඒ නාටු බල්ලන් දෙදෙනාගේ පෙර කල පිනකට බලු වෑන් එකෙන් දාගෙන ගියා යැයි සිතන්ට තරම් උන් නාටු වී ලොං හැලී ජරා ලෙඩ ගානක් තිබුන උන් බව මට මතක් විය..)
ඉදිරිපස දොරෙන් එලියට බැස්ස සෙකුරිටි ගෑනු කෙනා ගලක් ගෙන  මාදෙසට විසික් කරනු මට යන්තමින් දැනුනි...
සික් ලොකුව විතරයි මුන්ගෙ...කලුවට ලොකුවට ඇඟ තියෙනවා.තව කබල් ගාන්න මහ උන්ට වගේ වංසයක් තියෙනවා..එච්චරයි..සිකුරිටි ගෑනි කීය....ඉන් පසු ගල් පාර නොවැදුනත් වැදුනාක් මෙන් වේගයෙන් දුවගෙන කූඩුවට ආවෙමි...

12 comments:

  1. ඈක්කා...මෙයාට ලමෙක්වත් හදාගන්න බෑ.. හැදුවා කියලා හිතන් හිටපු උනුත් අනුන්ගෙ වෙලා.. හපොයි!!!

    ReplyDelete
  2. නියමයි. නිර්මාණාත්මක කතාවක්.

    ReplyDelete
  3. අයියෝ වැඩ බැරි ටාසෙක් නේ

    ReplyDelete
  4. එල එල... පශු වෛද්‍ය කෙනෙක්වත් මුණ ගැහෙන්න වෙයි ටාසෝ...

    ReplyDelete
  5. ආදර්ශමත් කතාවක්!!! :D

    ReplyDelete
  6. මලේ... ගල් වැදෙනවද කොහෙද වැදෙන්න ඕනෙ හැම දිහෑටම :)
    නියමයි !

    ReplyDelete
  7. අඩේ මේවා ඇත්ත කතා නොවැ.. පව් බං බව්වෝ !

    ජය !

    ReplyDelete
  8. කතා දෙකම කියෙව්වා.. නියමයි මචන්..

    ReplyDelete
  9. වංසේ කබල් ගාන බල්ලෙක් කියලා එලවා ගත්ත එක නම් නියම කතාව.

    ReplyDelete
  10. බල්ලා කප්පදු කලානම් හොදයි

    ReplyDelete
  11. බල්ලා කප්පදු කලානම් හොදයි
    http://narilatha-fantacy.blogspot.com/

    ReplyDelete