Sunday, April 1, 2012

උම්මග්ග කතාව (ටනල් ස්ටෝරිය)

.දඩස් බඩස් නදින් යම් කිසි කැනීම් කරන හඩක් අවටින් ඇසේ)

අන්ද්‍රෙයි:-මොන බම්බුවක්ද ඕයි. පාර හරහා කානු ඩ්‍රිල් කරපු අපිට මේ ගල්කඩපු අපිට මේ කොන්ක්‍රිට් ගොඩවල් කපන්න සෙට් වුනේ..
ලූෂා:- තමුසෙට අමතක වෙනව නේ හැමවෙලේම මේකෙ තියෙන වටිනකම..ඉලක්කෙ හරිගියොත් මිලියන දහයයි ඉලක්කය වැරදුනොත් ඉතින් පොඩ්ඩක් විතර පාඩුයි..ඒත් එකක් මෙතෙක් කල් පාරෙ වලවල් හාරපු කානු අගල් ගහපු බොලාට මේක කරන්න පුලුවං..මතකයිද අර කන්දක් උඩ ග්‍රවුන්ඩ් එකක් හදල..වැස්ස වෙලාවක මැච් එක ගහන්න බැරි උනාම අපි ජීපිඒස් වලින් කවුන්ට් කරල විල හොයල ටනල් එකක් ගහල වතුර ටික බැස්සුව..හරියටම..හරියටම විල හොයාගත්තෙ කෝමද කියන එක උන්ට පුදුමයි..කොටින්ම මැච් එක සෙල්ලම් කරන් ආව මොගෝලියානුවෙකුත් මගෙන් ඇහුව කෝමද මේ වගේ තැනක වතුර බස්සවන්න ක්‍රෙම හොයාගත්තෙ කියලහෙහ් හෙහ් හෙහ්..
අන්ද්‍රෙයි:- ඔව් ඉතින් එදානම් වැඩේ හරි ගියා තව මතකයිදඅර ස්ටොලින්හෙල් වල ලොකු බිල්ඩිමක් කැඩුව..ලූෂ මහත්තය මංහිතුවෙම එහා පැත්තෙ තියෙන ටොයිලට් එක අහුවෙයි කියලයතුරයි පාස් වර්ඩ් එකයි නැතිවෙලා තිබුන වෙලාවෙ සල්ලි ටික එහා බිල්ඩිමෙ පහත මාලෙට කෙලින්ම ගෙන්න ගන්න ගැහුව ටනල් එකඅපේ සුදෝකුර්ගෙ අත්දෙකම රත්‍රන් පාටයි එදා ඉහල මාලෙ තිබුන රත්‍රන් ටික ටනල් එකට දාලම.හොර යතුරක් තිබුනනම්කියල හිතුනෙ කඩනකොට ඒත් ඉතින් හොයාගත්තම අතේ ගෑවුන රත්‍රන් ටික විකුනලත් සුදෝකුරු පවුන් විසිහතරක් අරන් තිබුන….
ලූෂා:- ආ දැන් කතාව ඇති. ඩිරෙක්ෂන් එක අරන් ටනල් එක ඩ්‍රෝවින් කරගමු මුලින්ම..මතකතියා ගන්න මේක ඇතුලෙ මිනිස්සුන්ට යන්න පුලුවන් වෙන්න ඕනි..
අන්ද්‍රෙයි:– සර් ඇහුවට තරහ වෙන්න එපා මේ ටනල් එක අපි හාරන්නෙ හිර කූඩුවකටඉතින් හිර කූඩුවකට හාරන එක වැරදියි. අපිට මේක පස්සෙ කාලෙක හරි ආරන්චි වෙලා අපිට දඩුවම් විදින්න වෙයිද??
ලූෂා:- තමුසෙට ඉතින් පන්ඩිතකම් ඕනි නෑනෙ.අද ජේලර්ලට පාටියක්. ඒ වගේම හිරගෙදර ලොක්කට කියල මේ ඒ රියා එකට තිබුන ගාඩ් එක අඩු වෙලා ඇති. මං නොකිව්වට තමුසෙල දන්නව ඇති කවුද නිදහස් කරගන්නෙ කියල..
අන්ද්‍රෙයි:- ද්‍රොමින්ඩෝ..ද්‍රොමින්ඩෝ ඇයි මේ තරම් ආරක්ෂාව තියෙද්දි මේ තරම් දේවල් තියෙද්දි කොටින්ම රටින් පැනල යන්න පුලුවං හෙලිකොෆ්ටර් එකක් තියෙද්දි හිරේ අස්සෙ රිංගුවෙ
ලූෂා:- මිනිහෝඌ හිරේ අස්සෙ රිංගුව නිසා නේද අපිට මේ වගේ චෑන්ස් එකක් ලැබුනෙ..නැත්තං කොහෙද ඕයි කිලෝමීටර් දෙකේ ටනල් එකක්ට පවුං මිලියනක් දෙන්නෙ.අනික මේන්ටේන් වලටම මාසෙට පවුං පනස්දාහක්..මෙකෙ රහසිගත භාවය රැකගන්න ඕනි දන්නවනේනැත්තං ගන්න සල්ලි වලිං කාල බීල හමාරයි..ලස්සන පෙට්ටියක් ට වෙලා අඩි දෙකක් යට ඉන්න පුලුවං..
( මේ වෘත්තීය ගල් කඩන්නන් දෙදෙනකුට අලුතින් ලැබුන කොන්තරත්තුවකි. ලූෂා සහ අන්ද්‍රෙයි සුප්‍රසිද්ද උමං හාරන්නන් දෙදෙනෙකි. ඔවුන්ගේ සමාගම මින් පෙර අවස්ථා කීපයකදීම උමං සාරා ඇත. දැන් මේ නව උමග ඇත්තේ එලියේ සිට සිර මැදිරිය තුලටයි. එය භාරදූර වගකීමකි. රටේ සුප්‍රසිද්ධ චරිතයක් වන දැනට සිරගතව සිටින ද්‍රොමින්ඩෝ නැමැත්තා නිදහස් කරගැන්ම ඔවුන්ගේ අරමුණයි.)

( ඒ දර්ශනය හමාරයි දැන් දෙවනි දර්ශනය)
තඩිඩාස්:-ද්‍රොමින්ඩෝ සැනකෙලියෙ මැද අග්‍රවිනිසුරුගෙ දුවනියට කෙනෙහෙලිකම් කරන්න තරම් මෝඩයෙක් උනානෙ. බලනව අර ගම්මානෙ මිනිහෙක් මාසෙටම ගන්නෙ පවුං දෙදාස් පන්සීයක් විතර. මේ ද්‍රොමින්ඩෝට එලියට එන්නම පවුං මිලියනයක්.යට වෙනව.ආන්ඩුවෙ සල්ලිද අපේ සල්ලිද අනේ මන්ද
නයිකුවංස්:- මිස්ට තඩිඩාස් ඕකෙන් ද්‍රොමින්ඩොට ලැබෙන ජනප්‍රියත්වය වැඩිවෙයි ගොඩාක් වෙලාවට. කොහොමත් සල්ලි උඩ පීනුවත් ව්‍යාපාර රාසියක් තිබුනත් ද්‍රොමින්ඩෝ සමාජ ජීවිතයෙදි හරකෙක්..ඔය පලවෙනි එක නෙමෙයි. මේ පක්ෂයට සල්ලි දෙන ප්‍රධාන දායකයෙක් විදියට සහ ඉස්සරහට අපි ඉදිරිපත් කරන්න ඉන්න හෝ ඉදිරිපත් කරන්න වෙන අපේක්ෂකය විදියට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක හොඳයි..
තඩිඩාස්:- ඒකත් ඇත්ත හිරේ හිටිය කියන්නෙත් මිනිස්සුන්ගෙ අනුකම්පා චන්ද ටික ගන්න හොඳ ක්‍රමයක්..නයිකු කියන්නෙ එතකොට ද්‍රොමින්ඩෝ ඇතුලෙ ඉන්න එක අහම්බයක් නෙමෙයි කියලද??
නයිකුවාස්:- අයියෝ අපේ තඩිඩාස් ඇමති තුමා තේරුං ගන්නෙ බෝම හෙමින් නේද්‍රොමින්ඩෝ ඇතුලෙ හිටි..යට ඉස්සරහට රෑට රෑට එයාඑයි එලියට..එයා වෙනුවට කෙනෙක් හිරගෙදර ඉඳී..ද්‍රොමින්ඩෝ වෙන නමකින් සහ වෙන හමකින් එයි..
තඩිඩාස් :- ඕක හරි පරණ ක්‍රමයක් ලොක්කා. අපි මිනිහව සතියට වතාවක් ගෙන්නමු..නැත්තං ඕ යෝදය ආයෙත් මිනිස්සු ඉස්සරහ ලැජ්ජ වෙයි. සිහ්. සල්ලි විතරක් තියෙන හරකෙක්..
නයිකුවාස්:- අපි බලමු.කෝමත් සෙන්ට්‍රල් ජේල් එකෙ ගේට්ස් වලින් අපිට මෙයා එලියට ගන්න බෑ. මොකද ඔය ජේලර්ස්ල මීඩියා කාරයොන්ට දෙනව..මීඩියා කාරයොන්ට ඒව පත්තරවල දාන්න බැ. ඒත් විපක්ෂෙට දෙයි.එතෙකොට උන් නියම කාලෙදි ඕව භාවිතා කරයි..
තඩිඩාස්.:- හුම් ඒක ඇත්ත කෝකටත් උමඟ තියෙන එක හොඳයි අපිත් ඇතුලෙ වාසදේස බලාගෙන ඉන්න එක හොඳයි නේ..හිහ් හිහ්..්‍
(මේ කොටස කිසිවෙකු විසින් වේගයෙන් සහ පැහැදිලිව කියාගෙන යා යුතුයැ)දැන් ඔය ගොල්ලන්ට තේරෙනව ඇති කතාව. මෙතන තියෙන්නෙ ද්‍රමින්ඩෝ විසින් අගවිනිසුරුගෙ දුවට ප්‍රසිද්ධ සැනකෙලිකයදි නොමනා විහිලුවක් කරල. ඉන් පස්සෙ අගවිනිසුරු තුමාගෙ පියවිලා තිබුන ඇසි ඇරිල. ඕන් එතකොට ද්‍රොමින්ඩෝ ගෙ පැරණී වැරදි ටික අපේ අගවිනිසුරුටයි අධිකරණෙටයි පෙනිල. හැබැය් ඒ වැරදි ඔක්කොම ඒ කිව්වෙ දැක්ක තැන ද්‍රොමින්ඩෝ ගෑනූ උස්සන් දිව් ඒව. කෙල්ලෙක් ට පාරෙ බැහැල යන්නෙ නොදී අමන කතා කියපුව,සහ අරක්කු පෙරීමෙ ඉඳන් හොර ඔප්පු හදල ඉඩං විකුනපුව දක්වා වන පැරණි වැරදි එතෙක් කල් ඔක්කොම කොහේ හැංගිලා තිබුනද? ඇයි ඒව පරක්කු කියල කාරුවත් දන්නෙ නෑ..
 ( මේ තඩිඩාස් හා නයිකුවාස් යනු මේ ද්‍රොමින්ඩෝ යන සල්ලිකාර සල්ලාල දේශපාලක පුතාගේ මුදලින්,, පෝස්ටර් ගසා ජයගත් වත්මන් පාලක පක්ෂයේ ඇමතිවරු දෙදෙනෙකි...ඔවුන් දෙදෙනා කතාවෙන පරිදි සැලසුම වන්නේ පිටතින් කපන ලද උමගක් මගින් ද්‍රොමින්ඩෝ සතියට දෙවරක් එලියට ගැනීමයි.. ද්‍රොමින්ඩෝ කල වරද නම් අගවිනුසුරුගේ සුරූපි සුකුමාර දුවනියට ප්‍රසිද්ධ වේදිකාවකදි බීමතින් අඩන් තේට්ටම් කිරීමයි.එය එතෙක් යට ගැසී තිබු වෙනත් ද්‍රොමින්ඩෝගේ වරදක් මුලට විත් ද්‍රොමින්ඩෝට දඬුවම් කිරීමට හේතු විය)

 ................................................................................................................................
( නව දර්ශනයක් ඇරඹේ..මෙහි සිටින්නේ ද්‍රොමින්ඩෝ කනින ලද උමගින් එලියට එන විට ඇතුලේ සිර කූඩුවේ පෙනී සිටීමට නියමිත උමගේ සියලු දේ හොදින් දන්නා ගුස්ටාවෝ නැමැති කැනීම් තාක්ෂණ නිලධාරියාය. මේ ප්ලෑන් එක අනුව උමග හෑරූ පසු ද්‍රොමින්ඩෝ එලියට එයි. ඒ සමගම මේ ගුස්ටාවෝ නැමැති කැනීම් නිළධාරියෙක් ද්‍රොමින්ඩෝ වෙනුවට සිර මැදිරිය තුල ඉඳී නයිකුවාස් යනු කලින් සිටි රජයේ මේ වැඩ කොටස බාර ඇමිටි වරයා.. ).
ගුස්ටාවෝ:- සර් මං තමයි ගුස්ටාවෝ. සර් මට එන්න කියල තිබුන අර උමග සම්බන්ද දෙයක් කතාකරගන්න කියල. මං හිතන්නෙ දැන් උමග ගැන කතාකරල ඉවරයි. මොකද උමග දැන් ඉවරයි. අපෙ අය අද රෑට හරියටම එතන කඩයි. ද්‍රොමින්ඩෝ මැතිතුමා බැනලතිබුන අපේ කනිනන්ගෙ අම්මලාට,
අඩෝ බොලා මොන ලබ්බක් කලාද මෙතරම් කල්. බලාපල්ල දැන් මං නිදාගන් වෙලාවෙඇවිල්ල බුග් බුග් ගාල පොලවට අනිනවා. අනේ උඹලත් බොලාගෙ ලොක්කො වගේ තමයි බොල් සද්දෙ විතරයි..කියල බැනල තිබුන.
කනින්නො බැනුම් ඇහුව නිසා දැනගෙන වැඩේ හරි කියල.
නයිකුවාස්:- මං තමාට එන් කිව්වෙ විශේෂ වැඩකට. දැන් තමා දන්නව මේක හදල තියෙන්නෙ ද්‍රොමින්ඩෝට එලියට එන්න කියල. ඒ වගේම ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්න වෙලාවට තමුසෙ ඇතුලෙ ඉන්නවා. තමුසෙට ගෙවනව අපි හොඳට.. තමුසෙ මේක ඇතුලෙ තියාගන්නෙ තමුසෙ තමයි උමග හෑරුවෙ..මං දන්නව තමුසෙ ඕක ලගටදෙපාරක් යන්න ඇති. ඒත් තමුසෙට තමයි ඔය හාරපු වැඩේ ලාබෙ යන්නෙ. ඉතින් තමුසෙත් දල කාරයෙක්. ඒත් තමුසෙ තරම් හිර කූඩුවෙ තියන්න සුදුසු කෙනෙක් තවත් නෑ. මොකද තමුසෙගෙ කම්පැනිය බුලක් කෙලල මහ රෑක ද්‍රොමින්ඩෝ එලියෙ ඉන්නෙකොට උමග වැහුනොත් තමුසෙ ඇතුලෙ..වැඩේ ලීක් උනත් තමුසෙ ගස්..
කෝකටත් දැන් අපි තමුසෙව තෝරගෙන ඉවරයි. සතියට දවස් දෙකයි හිර ගෙදර ඕකේ. මං තමුසෙගෙන් කැමැත්ත අහල එස් එම් එස් ඕනි නෑ..තමුසෙ කැමති වෙන්න ඕනි එච්චරයි.
ගුස්ටාවෝ:- හරි සර් අපි හදපු එක අපිට විස්වාසයි සර්..මං යන්නම්. මං නිතරම එතනින් එන්නම් දොමින්ඩෝ වගේ උතුමන් ලගින් උමගිකින් ගියත් සැපයි. සමහරු කිය්නනෙ ද්‍රොමින්ඩෝ තුමා පස්සෙ කාලෙක අනාගත මහ ඇමති තුමා කියල. එහෙ ව් කෙනෙකුට උදව් කරන එක කොයි තරම් හොඳයිද..

(ගුස්ටාවෝ යනු මේ කැනීම් කාන්ඩය තුලම සිටින නිළධාරියෙකි..රජය විසින් ඔහු තෝරා ගත්තේද කැනීම් වල අවුලක් වුවහොත් කැනීම් කන්ඩායමේ උනන්දුව අඩු නොවී පවත්වාගන යාමටය)( ගුස්ටාවෝ විසින් මේ කියන දෑ කියන්නේ ප්‍රෙක්ෂකයින්ටයි) මෙහෙමයි දැන් අපි උමග හදල ඉවරයි..එත් පොඩි වරදක් තියෙනවා අපි උමග හරියට ම සෙට් වෙන් තිබුනෙ මෙහා කාමරේට.ඒ කියන්නෙ කනමදව් වගේ බීගෙන පිස්සු කෙලින් ජීපි එස් තියාගෙන මාලිමාවෙන් බලන මගේ ස්ටාෆ් එකට වැරදිලා.. අපේ අයට රූම් එක මාරු වෙලා. ඉන් පස්සෙ කිසි සද්දයක් නැති නිසා අපි ඩ්‍රිල් එක ගහල ඒකෙන්කැමර් කක් යවල බැලුව. ඒ ඉන්න මස් වැද්ද නම් ද්‍රොමින්ඩෝ වෙන්න බෑ. ද්‍රොමින්ඩෝ ඉන්නෙ අනෙක් කාමරේ. ආයෙ යටට කපල උඩට ගත්ත. ඕන් ද්‍රොමින්ඩෝ මැතිතුමා නොහොත් වල් ද්‍රොමින්ඩෝ. ප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානේ අර්බරේතේ ගේ එකම සල්ලාල පුතා ගේ සිරකූඩුවට අපි කිට්ටු කලා ඔව් ද්‍රොමින්ඩෝගෙ නින්දට බාධා කරනව කියල අපේ අම්මලාට අම්ම මෝ නැතිව කුනුහබ්බ කියන ද්‍රොමින්ඩෝගේ ශබ්ධය අපිට ඇහුනා. ඒ සද්දෙ අපිට වටිනවා. ඒත් උගෙ කටින් ඒ වෙලාවෙ පිටවුන කුනුහබ්බ ටික නම් බලු වටින්නෙ නෑ..
අන්ද්‍රෙයි:-.මෙච්චර අමාරුවෙන් කපල මූ ගොඩ දාන්න හැදුවම මූ අපේ අම්මලට බනිනවා. මට හිතෙනව සර් මූව ඕන් ඔහෙ තියල ආපහු උමග වහන්න.
.මං හිතන්නෙ ඒ කියප එක ද්‍රොමින්ඩෝට ඇහුන ඉන් පස්සෙ සද්දෙ අඩු වුනා..

නව දර්ශනයකි
(මේ ඉන්නේ ද්‍රොමින්ඩෝගේ සිර කූඩුවට මෙහා කූඩුවේ සිරකාරයාය..ඒ පුද්ගලයා සෙනොන්ය.ද්‍රොමින්ඩෝ නැමැති සිරකරුවා නිදහස් කරගන්නට කැනීම් කරන අය වැරදීමකින්මේ සෙනොන්ගේ කුටිය අසල පොලවද කඩයි...)
සෙනොන්:-මොකද්දෝ සද්දයක් බොල් බොල් පොලොවෙන් ..ගගා ආව. මං බය උනේ නෑ. මං ඉන්නෙ ලංකාවෙ සුප්‍රකට ව්‍යාපාරික දේශපාලක සිල්වියානෝ අර්බර්තේ ගේ පුතාගෙ කාමරේ ලග නේ. මං මාලු විකුනල ආන්ඩුවට මාලු කොටහ දුන්නෙ නෑ කියල මාත් සිරගත කලා. අපි මාලු හතරක් ඇල්ලුවොත් හතරෙවෙනි මාලුව ආන්ඩුවට.ඒ කිව්වෙ මාලු දොලහක් අපිට අහු උනොත් හතරවෙනි මාලුව, අටවෙනි මාලුව සහ දොලොස්වෙනි මාලුව ආන්ඩුවට යන්නෙ.. මං මාලු ඇල්ලපු පිලිවෙලට මාලුන්ගෙ හතරවෙනි එකා නිතරම පොඩි එකෙක්. අනෙක් යාලුවො ආන්ඩුවට පාඩු වෙයි. හරි මැතිතුමාට පාඩු වෙයි කියල හරි හතරවෙනි මාලුව විශාල එකෙක් ඇල්ලුව..
ඒත් මං ඒ තරම් දේශප්‍රේමි උනෙ නෑ.. ඒත් මගේ දවසක් බලයො ගොඩක් කිලෝ පහේ හයෝ බලයො ගොඩක් අහුවුන දවසක නිතරම හතරවෙනි මාලුව උනේ හාල්මැස්සො ගොඩක්..ඉතින් මං එදා මූදෙ ඉඳන් ආවෙ..මං දවසක් රෑ මූදෙ ඉඳන් එනකොට ලොකු මාලු අල්ලනවිට හතරවෙනි මාලුව හාල්මැස්සෙක් වෙන් බෑ කියල පනතක් සම්මත කරල. පැන්නන් හෝ හාල්මැස්සන්ට වඩා කුඩා මාලු පමණක් ඇතිවිට හතරවෙනි මාලුවා ආන්ඩුවට දිය හැකියි කියල ඒකෙ තියනවලු..
හයියෝ මේ අහිංසක මහල්ලා සහ කපටි මුහුදෙ හැටි..මේ සෙනොන් ටත් වැරදුනා..මං මෝඩය උසාවියෙදි තරක කලා මේන් මෙහෙම.
.උතුමානනි පනත මහදවල් සම්මත වුනාට ක්‍රියාත්මක උනේ රෑ දොලහට ඒ වෙලාවෙ මං හිටියෙ මූදෙ, මූදෙ ගොඩක් දුර ගිහින් තිබුන නිසා ජීපි එස් එක අනුව මං හිටියෙ මූදු සීමාවෙන් පිට..රටට අයිති මුහුදු සීමාවෙන් පිට පිට රට මූදු සීමාවෙ ඉන්න මාලුන්ට බදු ගන්න යූ එන් එකෙන් ඇප්‍රෘ කරගන්න ඕනි..තව දෙයක් රෑ දොලහට නීතිය ආවට ඒ මාලු හරියටම මැරුනෙ දොලහට කලිංද නැත්ද කිය්න්න බෑ..කියල..
පිටරටට පක්ෂපාති වි රටින් පිට ඒ රටේ මාලුන් ෂේප් කරගෙන මාලු සමග එකතුව දේශපාලන කුමන්ත්‍රණ ඇතිකර අධිරාජ්‍යවාදි කුම්න්ත්‍රණ ඇතිකිරීමට අනුබල දීම යටතේ තමා වසර 13.67ක සිරදඩුවමක් නියම කරන අතර මේ උසාවියේදි පැවැත්වූ සංකීර්ණ කතාව හේතුවෙන් වැදගත් සිරකරුවන් සිටින පොෂ් වාට්ටුවේම තබන ලෙසත් මා නියම කරමි කියල නඩුකාර හාමුදුරුවො කිව්ව..
ඕන් ඔහොමයි මං සැමට එකසමාන නීතිය තිබුනත් හිරගෙදරදි පොෂ් වාට්ටුවට එන්න පිණ ලැබුනෙ..

(මෙහිදී මේ මිනිසා හෙවත් සෙනොන් තනියම කියවන ආකාරයක් පෙන්වයි)මේ අතර ඩොග් ඩොග් සද්දය්ක එයි…)

සෙනොන්:- මට හිතෙන්නෙ මේ වෙලාවෙ අර ද්‍රොමින්ඩෝ නිදහස් කරගන්න උමගක් යනව වගේ..බලමු මගේ පිණක් තිබිල මෙතනින් උමග ගිහින් තිබුනොත් ගොඩ..

( මේ කතා කරන්නේ සිරගෙදර ද්‍රොමින්ඩෝ නැමැති සිරකරුවා වෙනුවට සිරගෙදර සිටීමට නියම වූ ගුස්ටාවෝ සහ ඔහුගේ අතවැසි අන්ද්‍රෙයි නැමැති අයයි )
ගුස්ටාවෝ :- දැන් නම් හදල ඉවරයි උමග ඉවරෙටම. දැන් ඉති්න් හිර ඇඳුමක් ඇඳන් මට ඇතුලට යෑමක් තමයි තියෙන්නෙ. කෝ ගන්නවල ඔය හිර ඇඳුම මට..
අන්ද්‍රෙයි:- සර්ටත් හිරකාරෙයෙක් වෙන් උනා නේ වැරැද්දක් නැතුවම..
ගුස්ටාවෝ:- ඔව් ඕයි සල්ලිවලට හිරගෙදර ඉන්න උනා..
මට බරපතල වැඩ සෙට්වෙන්නෙ මේ යෝදය එලියට ඇවිල්ල ඇතුලට ආවෙ නැතොත් තමයි..
අන්ද්‍රෙයි:- ඒ කිය්නනෙ සර් මේ ද්‍රොමින්ඩෝ හැමදාම එලියට එනවද?
ගුස්ටාවෝ:-දැන්ට කියන්නෙ සතියට වරයි එලියට එන්න දෙන්නෙ කියල. ඒත ්ඉතින් අනේ මන්ද. මං ටිකක් ද්‍රොමින්ඩෝගෙ ශරීරෙට සමාන පෙනුම තියෙන නිසාලු මාව ගත්තෙ. මොකොට ඔය අවලමා වගේ උනාද මන්ද මන්..
අන්ද්‍රෙයි:- ප්‍රශ්ණයක් නෑ ලූෂා මහත්තය ඔක්කොම බලා කියා ගනී.
ගුස්ටාවෝ:-හූම්..මං එන වෙලාවට සිග්නල් එකක් ලැබෙයි. එතකොට කස්ටිය රෙඩි වෙලා ඉන්න කියන්න. මොනා හරි අවුලක් තිබුනොත් මං මැසේජ් එකක් දාන්නම් පෝන් එකෙන්..කස්ටිය මල් කඩ කඩ ඉන්නෙ නැත්ව පෝන් ඔන් එකේ තියාගන්න. නැත්තං මේ කි මී දෙකක් දිග උමගෙ මග හිරවුනොත් මට හිරගෙදර නෙවෙයි. අපායෙ හිරගෙදර ලගින්නයි වෙන්නෙ.
අන්ද්‍රෙයි :- හරි සර් මටයි ලූෂ මහත්තයයි ඔක්කොම බලාගන් පුලුවන් වෙයි..
හුම් දැන් හරි..
 ( මේ මීලගට කතා කරන්නේ සෙනොන් නැමැති ද්‍රොමින්ඩෝගේ සිරකුටිය අසල සිටි කලින් මාලු බිස්නස් කේස් එකකට සිරගතව සිටින සිරකරුවාය)
 මුං හිතුව මේ සෙනොන්ට හොරෙන් හිරෙන් පනින්න. ඒව කොහෙද. තනියම ගිහින් මූදු හතක රවුං ගහල තිෙයන සෙනොන් රවට්ටන්නෙ. මං බිත්තියට කණතියල ලැබුන මැසේජ් අනුව අද එන්නෙ ගුස්ටාවෝ කියල කෙනෙක්. රෑ 8යි පනස් හතරට මෙතනින් යන්න ඕනි. මොකද අටයි පනස් හයට තමයි ද්‍රොමින්ඩෝව හමුවෙන්න තියෙන්න. ඒ වෙලාව තමයි ජේලර්ල ෂිෆ්ට් එක මාරු කරන වෙලාව. හරි බලමුකෝ..

(ඉන් පසු අඩි ශබ්ධයක් ඇසේ..)
සෙනොන්:-හිටපන් පාහරය ඔහොම හිටපන්
ගුස්ටාවෝ:- උඹ මොකෙද්ද, උඹ අපිට වැඩක් නෑ මං ආවෙ ද්‍රොමින්ඩෝ ගෙනියන්න.
සෙනොන්:- ඒව කතා වැඩක් නෑ. ඒයි පඟරනැට්ට මං මේ අත් දෙකින් මාලු.. පණ තියෙන මාලු දස දාස් ගානක් මරල ඇති. මට උඹ එක මාලුවෙක් විතරයි. හොඳ හිතින් ගිහි්න් හිටපන් මගෙ හිර කූඩුවෙ..
ගුස්ටාවෝ:- එතකොට මගෙ බොස් ද්‍රොමින්ඩෝ..
සෙනොන්:- ඌ කොහොමද උඹෙ බොස් උනේ..කනින නිලධාරියෝ..
ඌ ඔහොම හිටපු දෙන්. මේ ලඟදි මූ ජේලර්ස්ලට ලොකු එක දාන්න ගිහින් සම්බල් වෙන්න කාල තියෙන්නෙ. හිර කාරයොත් මූ පොඩ්ඩක් එලියට පහලියට දාන කල් ඉන්නෙ. මිනිහ හිතන් ඉන්නෙ මේක මිනිහගෙ මාලිගාවක් කියල.
ඒවයින් වැඩක් නෑ. කිව්වම ගිහින් හිටපන් උඩට වෙලා වාඩිවෙලා ජේලර්ස්ල එන්න කලින්..
ගුස්ටාවෝ:- නැ්තතං
සෙනොන්:- ඉඳා..තොට ,ඩුෂ් හඬින් ශබ්ධයක් එයි.
ගුස්ටාවෝ:- අයියෝ මගේ අත කැඩුනදත් මන්ද.
සෙනොන්:- ඇයි උඹට දැන් තේරුනාද. පොඩි මිනිස්සු හැමදෙයින්ම පොඩි නෑ කියල.
තො ්හිටපන් මං වෙනුවට හිරගෙදර..
ගුස්ටාවෝ:- එතකොට ද්‍රොමින්ඩෝ බේරගන්නෙ නැද්ද?
සෙනොන්:- අනේ නිකා හිටපන් නිකම් ලොක්කන්ට කහින්නෙ නැතුව. තොට තව අවුරුදු දා තුනයි මාස හයක් විතරයි ඉන්න තියෙන්නෙ. ආ පලයන ්දැන් කිව්ව තැනට මගේ කකුලෙන් පාරක් කාල තොගෙ කකුලටත් හොඳ එකක් නෙලාගන්න කලිං..
සෙනොන්.:- මං අර ද්‍රොමින්ඩෝට යන හරියෙ උමගෙ වැහුව. උඹට පුලුවන් නම් හාරල බොගෙ බොසා..උඹට සල්ලි දීල පාරවල් කප්ප ගත්ත බොසා. ටිකක් මාන්සි වෙලා හොයාගත හැකි. ඒත් වැඩක් වෙන එකක් නෑ..
සෙනොන්:- දැන් ජේලස්ල මාරු වෙන වෙලාව..මං යනව
ගුස්ටාවෝ:- අයියො ්තව අවුරුදු දාතුනක්. මූ මගේ මොබයිල් එකත් ගත්ත. දැන් කෝමද මං මේක ඇතුලෙ හිරවෙලා ඉන්නෙ..
සෙනොන්:- මං මේක පුපුරුවල දාන්නයි ඉන්නෙ. තොගෙ මොබයිල් එකත් ඒ උමගෙම තිෙයයි..
ගුස්ටාවෝ:- අඬයි;;දැ්න ගෑනි බලං ඉඳී මං එනකං..අයියෝ මව්ලීනා..ඔයා කිව්ව නේද ගිහිං එහෙනම් එන්න සුදෝ කියල..කවද්ද සුදෝ ආයෙත් ඔය නහය මිරිකන්න මූන අල්ලන්න මං එන්නෙ..
සෙනොන්:- බොගෙ ගෑනිට හෙම්බිරිස්සාවද ඕයි නාහෙ මිරිකන්න. තමුසෙ වගේ හරකෙක්. කෝකටත් තමුසෙට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නෑ. මූට වෙන පැත්තකින් උමගක් කපයි. එතකොට පැනපං. මූ ඇතුලෙ දාල..
මං යනවා..
( මියුසික් එකක් යයි..අඩි ශබ්ධයක් ඇසේ)
සෙනොන්:- අයියො ්ෙකායි තරම් දුර ආවද. කිලෝමීටරයකටත් වැඩිය ඇවිත්..
සෙනොන්:- හරි හරි මේ තියෙන්නෙ දොර..
මෙතන දොරක් නෑ..වලක් නේ කමක් නෑ මොකක් හරි..මේ තියෙන්නෙ.
තව ටිකකින් මෙතෙන්ට පෙට්‍රල් බෝම්බයක් ගෙනත් දැම්මම හරි..

නව දර්ශනයකි..
( මේ අතර මේ සිදුව ඇති සිද්දියට ආන්ඩුවම කලබල වී ඇත. මේ සිද්ධිය මෙහයවූ නයිකුවාස් ඇමති තුමා බෝම කලබල වී ඇත..දැන් කනින නිළධාරියා ඇතුලේය, ද්‍රොමින්ඩෝ නිදහස් වුනේද නැත, එහෙත් සෙනොන් නැමැති මාලුවලට බදු නොගෙවූ වරදට හසුව සිටි එකෙක් නිදහස් වී ඇත..)
නයිකුවාස්:- ගන්නව ඕයි කෝල් එකක් අර පොලිස් අධිකරණ ලේකම් සුසෙන්ට
සේවකයා:- හරි සර් ලයින් එකේ ඉන්නවා..
නයිකුවාස්:- දැන් මට කියනව වෙච්ච දේ. මොකද්ද කියල.
සුසෙන්:- සර් එකපාර හවස සද්දයක් ආව. ඒත් එක්කම මහ කානුවක් කැපුව වගේ දිග උමගක් තිබුන තැන් කියල හිතන්න පුලුවං තැන් කීපයක් ගිලා බැස්ස. සමහර තැන් ගිලා බැස්සෙ නෑ. ඒ පිපිරීම පොලොව යටින් ආව වගේ තමයි දැනිල තියෙන්නෙ. භූවිද්‍යා කස්ටිය ගෙ වාර්ථාව කියන්නෙ ඒ පැත්තට විතරක් නම් භූමි කම්පාවක් වෙන්න බෑ කියල. එතකොට රජයේ පැණි පරීක්ෂක..තුමත් ඒක සනාථ කරා..

නයිකු:- හරි කවුද ඕයි පැණී පරීක්ෂක කියන්නෙ..
සුසෙන්:- ඇයි සර් ග්‍රැජුවේට් රස පරීක්ෂකල උසස් වීම් ඉල්ලල පිකට් කලාම අපි උසස් වීම් දුන්නෙ පැණි පරීක්ෂක දෙපාර්තුමේන්තුවක් හදල.ආන්න ඒකෙ අය..
නයිකුවාස්:- හරි හරි මට ඔය කතාව ආරන්චි වුනා. ඔතන තියෙන් ඇත්තෙ උමගක් වෙන්න ඇති. අේප ගරු ද්‍රොමින්ඩෝ මැතිතුමා නිදහස් කරගන්න මහ ජනතාව ඕ වගේ දෙයක් කරන්න ඇති. ඒ ගැන කලබල වෙන්න එපා. එක්දාස් හත්සිය පනස් එකේදි බල්කියාව කියන රටෙත් තමුන්ගෙ නායකය නිදහස් කරගන්න ඔය වගේ උමගක් ගහල තියෙනවා. තමුසෙ අර රාජවාහිනි එකේ කියනව ඒ විස්තරේ පොඩ්ඩක් හොයල..මහජනතාව කැමති නෑ නෙ ඒ වගේ උත්තමයින් ඇතුලෙ ඉන්නවට..
සුසෙන්:- සර් කිව්ව වගේ උමගක් තමයි. ඒත් පස්නෙ ඒ ද්‍රොමින්ඩෝ මහත්තය ඉන් හිර කූඩුවට මෙහා කූඩුවෙ හිටපු සෙනොන් කියන මාලු කාරය වෙනුවට එතන වෙන කෙනෙක් ඉන්නවා. අපි අපේ සිස්ටම් එකෙන් හොඳට චෙක් කලා එහෙම ඒකිව්වෙ ඒ දැන් හිරකූඩුෙව ඉන්නව වගේ මූන තියෙන ඒ කියන නම ගම තියෙන හිරකාරයෙක් නෑ ඇතුලෙ. ඒත් ඇඳුම් ඕක්කොම හිර ඇඳුම්. අතකුත් කැඩිල මිනිහගෙ. මිනිහ කියන්නෙ මිනිහ පතල් කාරයෙක්ලු..පතල් හාරන කොන්තරක් කාරයෙක් කැණීම් කරන කෙනෙක් උමං හාරන කෙනෙක් අනම් මනම් කියනව. මිනිහට පිස්සුද මන්ද.පිටින් ආවත් අර සෙනොන් ඇුතලෙ නැති එක අපිට ලොකු ගැටලුවක් වෙයි. සෙනොන් දේශපාලන සිරකරුවෙක් නේ..
නයිකුවාස්:- හුම්..ඒ වාෙග  හිරකරුවෙක් හිරේ තියාගන්න වත් මේ ආන්ඩුව ශක්තිමත් නෑ කියල මිනිස්සු කියයි නේ..ඒ නිසා ඒ මිනිහ සෙනොන් කියල ලේබල් කරල තව ටික දවසක් තියං ඉන්නව. නිදහස් දවසක වත් බලමු මිනිහට චෑන්ස් එකක් දෙන්න..
( මේ අනුව අවසානයේ සෙනොන් පැනගිය අතර මුදාගැන්මට පැමිණි ගුස්ටාවෝ සිරගත විය. ගුස්ටාවො ්කිසිදු වරදක් කර නැතිමුත් සිරේ අවුරුදු ගානක් සිටින්නට විය. ගුස්ටාවෝ ගේ ලොකුකම නිසා ඔහු හත් අට වතාවක් හොඳින් කන්නට විය. මේ උමග ගැන සැක පහල කල විපක්ෂය සහ වෙනත් මානව හිමිකම් සංවිධාන වල දැඩි ඉල්ලීම පිට ද්‍රොමින්ඩෝ මේ සිර කඳවුරේම ඉහල මහලකට යවන ලදී..)

5 comments:

  1. පොඩ්ඩක් හිටිං මේක ෂෙයාර් කරල ඉන්නකං

    ReplyDelete
  2. අනේ මන්දා...මටත් මඤ්ඤං උණා මේක කියවලා...තේරුණේ නෑනේ.....

    ReplyDelete
    Replies
    1. සොරි සාමාන්‍යන් මේ වගේ එව්ව සමහර අයට තේරෙන්නෙ නෑ...
      අනික සමාර කතා එක පාර බැලුවට තේරුං ගන්නත් බෑ...

      Delete
  3. හා හා හා මටනම් තේරුණා එකපාරින්ම මේකත් නිකන් ලංකා ආණ්ඩුව වගේ

    ReplyDelete
  4. ම්ම්ම්.......මොනාහරි කිව්වද? :ඩී
    එල එල නියම කතාව

    ReplyDelete