Saturday, April 21, 2012

මාද කඩේ යමි.

බසයකි. එහි කතාවකි. අවුරුදු දවස් නිසා බීමත් ගතියක් පෙනේ..මා සෙට් වෙන්නේ අතරමැදිනි.
එනිසා මුල් කෑලි නැත.

හරි මොක උනත් හාබර් එක හැදුව හම්බන්තොට කෝ නැව්? කෝ උඹලයි මහ එකා කිව්ව දියුණුව? 

ආ ඒක වැදගත් පස්නයක්, මේ ඔහෙ බලල තියෙය් අර ගලිවර් ෆිල්ම් එක..?

අර ලොකු කොල්ලෙක් අයි පෝං එකක් අරගෙන ලිලිපුට්ටන් බලන්න යන එකනේ..අපේ ගෙදර මොකද්ද සීඩි එකක් තිබිල මං හොරෙං ගිහිං අරිං එකක්ද දන්නෑ කියල දාල බැලුව, බැලින්නං ගලිවර් නරක නෑ...හරි ගලිවරුයි ලොක්කයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද??
දැන් ඔවැයි කියන්නෙ ඔයැලැයි ලොක්ක ගලිවර් වගේ කියලද,?

කවුද හලෝ එහෙම කිව්වෙ දැන් ඔහෙලනේ එහෙම හිතන්නෙ. උන්දැ නායකය වෙච්චි ඒත් ඔයාල කියන්නෙ ගලිවර් ෆිල්ම් එකේ අර ලිලිපුට්ටන්ට විරුද්ද උන්ගෙ නැව් ඇදල වෙරළට ගේනව වගේ ඈත මූදෙ යන නැව් ඇදල අරන් වරායට දාන්න කියලයි??ඔන්න අපි වරාය හැදුව නැව් යන පාරක. ඒත් ඉතිං නැව් එන්නෙ නැත්තං මොකක් කරන්නද හලෝ. කතා කරල අර කතරගම මල් ගන්න වගේ එන්න හම්බන්තොට එන්ඩෝ කියලකතා කරන්නයැ...අනික ඔයාලැයි ඔය බුද්දිමත් අයත් ගිහිං මොනාහර කරල රට වල නැව් ගෙන්නගන්න උත්සාහ කරන් එපැයි...රට රකිනව කිව්වට නැව් එන්නෑ කියල හූ තියනව විතරයි...ඔය කොල පාටි රතු පාටි බලං ඉන්නෙම වරදිනකල් විතරයි සිහ්..ඔහෙලත් කඩේ යනව නේ....

දැන් බලන්න අර පාර ඒක කොහොමට තිබුන එකක්ද දැං ඒක අඩියක් උස්සල දාල..කාපට් ලස්සනට...දැං ගැස්සෙන්නෙත් නෑ පැයේ ගමන විනාඩි පාලහෙන් යත හැකි...ඒව ගැන නෝ කතා..වරායයි කෝච්චි පාරවලුයි අනං මනං තමයි මතක් වෙන්නෙ..?
ඒ උනාට මචං මං නං සුට්ටක් වත් ඒ පාර හදපු එකට ආස නෑ..හැදුවත් හරි බලහං කෝ බොලාගෙ මහ එකා ගහං ඉන්නෙ ලොකු පින්තූරයක්...කාටද පාලම පෙන්නනව වගේ පාර අයිනෙ අලියට...ඇඟිල්ලෙන් පෙන්නුවෙ නැත්තං අපිට පාලම මිස් වෙයි කියල වෙන්න ඇති මයෙ හිතේ...දවසක් ඉස්කෝලෙ කොල්ලෙක් කියනව ඒයි බලහං..අන්න ලොක්ක ඩිල්ෂාන් අවුට් ඉල්ලන්න වගේ ඇඟිල්ල  දික් කරං ඉන්න හැටි කියල..මං කොළඹ ගියාම දැක්ක ඒ වගේ පාලං පෙන්නනව, පාරවල් පෙන්නනව, වරාය පෙන්නනව..ඩිල්ෂාන් මැච් එකක අවුට් ඉල්ලනකොට මට මේ ලගදි හිනා ගියා කතාව මතක් වෙලා...

ඒ කනේ ඒ පාර වෙන කතාවක් ඇදල ගත්ත. අපේ මිනිස්සු අනුව තමයි නායකොයොත් ඉන්නෙ. මතක නැද්ද බෙල් කාරයො, අර රතු රැවුල් කාරයො චන්දෙ ඉල්ලපු පලෙවෙනි පාර, නිල් පක්සෙ අය පෝස්ටර ගැහුවෙ භීෂණ කාලෙ පිංතූර. මොකෝ අර? මිනිස්සුන්ට අමතක වෙච්චි දේවල් මතක් කරනවා. දැං පාලං හැදුවට පස්සෙ මිනිස්සුන්ට මතක නෑ පාලං තිබුනද කියල ඉතිං මතක් කරල දෙන්න ඒ උන්නාන්සෙ ඒ පාලං පෙන්නනව. නැත්තං මොකො වෙන්නෙ අර වැඩ අමතක වෙලා පරණ එක හොදයි කියල අර කොල හැත්තට දෙනව චන්දෙ..කොරාට වැඩක් නෑ, කොලා කියල පෙන්නනත් එපැයි.
දැං ඔය බෝඩ් එක තියෙන නිසා හොඳයි නැත්තං ඔහෙලට මතක නෑ පරණ පාර..කොහොම හරි මං නං දන්නව ඔහෙ ගැන, ඔහෙ නං ආස අර තරුණ පලාත් සභා මන්ත්‍රි තුමිය හැරි නැත්තං පාර්ලිෙම්න්තුවෙ කුස පබා නිලිය හරි බාගෙට ඉන්න පිංතූර දානවනං..නේ..කොහොම උනත් ඔහෙ අකමැති මොකද කියල කිව්වෙ නෑ...ඒව...ගානට අමතක වෙනවා..හික් හී..ක්..

මං කැමති නැත්තෙ මේකයි කියල ඔහෙ අපේ ගෙදරට එහෙට මෙහෙට කියන්න එපා. ඔය නම තියෙන්නෙ මග නැගුම කියල..ආන්න ඒක වැරදියි. පාර ඉස්සුනා ඒත් දැං මග නගින්න චෑන්ස් එකක් නෑ...

ඈ ඒ මොකද්ද අප්ප ඒ කතාව?

හයි යෝ...ඔහෙත් මහ අඩි හතර හමාර ටියුබ් ලයිට් එකක් නේ..දැන් ඔන්න ඉස්සර බස් බලන්න..බස් කාරයො හිටියෙත් නෑ වැඩිය. මොකෝ පාර හොඳ නෑනෙ..ඒ නිසා සෙනගත් වැඩි...ඒ මදිවට වලවල් බස් එකේ දොරෙන් නැග්ගම ඇති. එහෙට මෙහෙට වනල ගානට පැක් වෙනව මගදි...හම්මේ ඒ දවස්වල තරුණ ඒවද මැද වයස ඒවද අරවද මේවද ගෑනු පරාණ ගෙඩි පිටිං ඇගේ වදිනව..ඒ පාර ඉතිං මග නැගල තමයි එන්ඩ් එකට යන්නෙ..??
ඒකට දැං... බස් එක එනව හිට ගෙන දෙතුන ්ෙදනයි..වංගු වලවල් අඩු නිසා..ගැස්සෙන්නෙ වදින්නෙ නෑ..ඉඳල හිටල ඈතින් ගිහිං වැදුනොත් සමාරවිට සෙරෙප්පු පාරක් නං හම්බ වෙයි. නැගිල්ල කෙසේ වෙතත්...පාර හැදුව හොඳයි..ඒත් ඉතිං ඔය පාරෙං ගිහිං පොලේ යන්න, ඉස්කෝලෙ යන්න, වැඩට යන්න, ඇරෙන්න මොකද්ද තියෙන වැඩේ...අඩියක් උස්සල කොන්ක්‍රිට් කරන්න වියදං කලාට වැඩිය හොඳයි යන්තං තාරටික දාල වලවල් වහල දැම්මනං...

එතකොට ඔහෙ කියන විදියට එතුම පාර හදල. ඒ මදිවට බස් වල යනකොට වන වන වැදි වැදි යන්න ගෑනුත් දෙන් කියලද? අදට නෙමෙයි රටේ පාරවල් හදන්ෙන හෙටට. හැමදාම වලවල් වහනවට වඩා එක පාරින් මේ හදපු එක මැදැයි. ඔහෙල කොච්චර කලත් දකින්නෙ අනික් පැත්ත. රතු පස්ස කාරයො හොඳයි තව. 
හරි එතකොට දැං ඔය ඔහෙගෙ පස්සෙ එකෙක් ඉන්නවද හරියට මේ වගේ රට පාලනේ කොරන්න?
නෑනෙ..පෙරලුවත් ඉන්නෙ අර වැනෙන යන්න පන නැති එකා තමයි..

හුම් ඒකත් ඇත්ත. ඔහෙලයි කස්ටිය  කරන්න වගේ අපේ එක්කෙනාට කරන්න බෑ..පාටි වල ගිහිං රෑට නටන්න, රේස් පදින්න, බලකා පිහිටුවන්න, උරුමෙ ගෙනියන්න ළමයි නෑනෙ...ඒ කෑල්ල වැඩ නෑලු..ඒක නැතුව පිරිවර හදන්න බෑ. පිරිවර නැතුව සංවර්ධනේ කොරන්න බෑ..ඒක හරි ආයෙත් ගත්තට කරගන්න බැරිවෙයි ඥාති අඩු නිසා. වැඩේ කියන්නෙ ස අජිත් කියල ගත්ත අලුත් එකාටත් ළමයි එන පාටක් පේන්න නෑනෙ...පුතුන් තුනයි සහෝ තුනයි, නෑයො රැලයි එක්ක යන්න මේ වගේ එකක් නං ආයෙ හත් අවුරුද්දකට එන එකක් නෑ...බය වෙන් එපා පෙරලෙන එකක් නෑ.. කන්න නැතුව පෙරලි පෙරලි ගිහිං හරි රැවුලටය් ළමයි හදන එකටයි මිනිස්සු දෙයි.

ආන්න ආන්න වැරැද්ද ගත්ත. තමුන්ගෙ ළග ඉන්න ගෙම්බො ටිකවත් ඇහිඳල කූඩෙට දාගන්න බැරි මනුස්සය කෝමද රටක මිනිස්සු පාලනේ කොරන්නෙ. හොඳම පරාජිතයා ජයග්‍රාහකයා වෙයිද? ඔහෙටත් තිබුනෙ ගියපාර හැරුන වෙලාවෙ බුලත් අතක් දීළ හැරෙන්න. අන්තර් ජාතික සබඳතා, බුද්ධිමත් කම, අරවද මේවද ඕව වැඩක්ය. මිනිහෙක්ට රස්සාවක් දෙන් බැරි. සිංහල කතාකරන්න බැරි උන් වැඩක්ය ආන්ඩු වලට...ඔහෙලටත් ඉතින් ලොකුයි අර තුන් හුලස නේ බලන්ෙන උදේ හවා..ඔය අර සබදතා මේව තිබුනට වැඩක්ය මිනිස්සුන්ට දැනෙනවයි?

හුම් ඒක ඇත්ත, ඩිසල් පෙට්ටල් ටික. වගේ ගොඩක් දේවල් වලිං දැනිල තියෙන්නෙ නේ?

ඕක ඉතින් කවුරු ආවත් එකයි නේ ඩීසල් ගනන් යනවා, ලයිට් බිල් වැඩිවෙනවා. අපි තෙල් ළිදක් හැදුවොත් විතරයි ගොඩ යන්නෙ. ඒ නිසානෙ ඔය තෙල් ලිං හාරන්නෙ..ඒව ඉතින් ඔහෙලට අර වගේ ඇඟිල්ලෙන් පෙන්නුව්ත පේන එකක්යැ...

ඉන්පසු මට බෝරිං වූ නිසා මා අහකට විය..කතාව ඉවරය.
සියල්ලම වාගේ පටි රෝල් වේ...

11 comments:

  1. චානුක වත්තේගම කියන සීතල කපටියා එහෙමත් නැත්තං අවස්ථාවාදී නරියා නන්නත්තාර වෙලා රස්සාවට කෙලවිලා ඉද්දි බ්ලොග් එකක් පටන් අරං එකෙන් ආණ්ඩුවට කඩේ ගිහින් කොහොම හරි ආයෙමත් රස්සාව හදා ගත්තා. දැන් උපතින්ම යූඇන්පී කාරයෝ වෙච්ච සඳරු කොල්ලව ආණ්ඩුවේ පිළිකන්නට එක්ක ගිහින් කුනු කව්වන්න.

    මිනිහෙක් එක්ක හිනා වෙලා වචන දහයක් කතා කරගන්න බැරි, රස්සාව කරන තැන අනිත් උන්ට හීන් නූලෙන් කපන්න ගිහින් චා වෙන කාලකණ්ණි චානුකයා බුධා කොල්ලවත් ඉඳුල් කන තැනට පත් කරන එක කරනවාමයි. පරිස්සං වෙලා හිටහල්ලා ඕකා සර්පයෙක්

    ReplyDelete
  2. "මාද කඩේ යමි" කියලා නම් කළාට මට නම් පෙන්නේ කාටවත් කඩේ නොගිහින් ලියපු ආටිකල් එකක් කියලා මේක.

    ReplyDelete
  3. මග නැගුම නං අංතිම අසාර්තකයි බං. කතාව ඇත්ත

    ReplyDelete
  4. දැන් කාටද කඩේ ගියෙ?...

    ReplyDelete
  5. උබ කඩේ ගිහින් නැහැ මචං..

    එල.. !

    ReplyDelete
  6. මචං පුලුවන් නම් අර උඩම ඉන්න ඇනෝවගේ විස්තර ටිකක් හොයලා දියන්කෝ.සුදු වෑන් යවන්නේ නෑ,කෙහෙල් ඇවරියකුත් ඇන්න මමම යනවා බලන්න.

    ReplyDelete
  7. කඩේ ලගින් ගිහින්....ඇතුලට ගිහින් නෑ.. :-)

    ReplyDelete
  8. තාම ඒ උනාට කඩේට ගොඩ වෙලා නෑ වගේ..

    ReplyDelete
  9. අමිලය කඩේ ලගින් ගිහිල්ල.

    ReplyDelete