Thursday, May 10, 2012

අපි උසස් අධ්‍යාපනය නැමැති චුවින්ගම් කමු

.ෂර්ලොක් හෝම්ස් කතාවක් තියෙනවා රතු හිසකේ තියෙන සංගමයක් ගැන කියවෙන. එතනදි එක්තරා රතු හිසකේ සහිත පුද්ගලයෙක් ඒ සංගමයට බලෙන්ම වාගේ බන්ද ගන්නවා. ඉන්පසු ඒ පුද්ගලයාට රාජකාරියක් සහ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. ඒත් තියෙන්නෙ බයිබලය ටයිප් කිරීම වැනි මහ අදෝමැයි රාජකාරියක්. ඒක හරි ලේසියි ඒත් මේ මනුස්සයට සැකයි. කොන්ඩයත් ඒතරම්ම රතුත් නෑ.. මොකද්ද මේ ජංජාලය කියල අහන්න හෝම්ස් ගාවට එනවා අර මනුස්සය. එතනදි හෝම්ස් විසින් අවසානයේ ඒ මනුස්සයා කඩේ යවපු හැටි හෙලිදරව් කරනවා.

අර රතු හිසකේ සංගමයක් පිහිටුවල මේ මනුස්සයට රස්සාවක් දීල වෙනත් තැනක ඉඳන් බයිබල් ටයිපින් වැඩේ දීල තියෙන්නෙ සොර කන්ඩායමක්. මේ මනුස්සය ගෙදර හිටියොත් අවුල් වගේ නිසා ගෙදරින් පිට තැනක රැකියාවක් දීල එතනට කොටු කරල තියෙනවා. එතකොට හැමදාම එයා ඒ වැඩේ කරන්න එලියට යනවා..ඒ අතර ඉදිරිපස ගොඩනැගිල්ලක ඇති බැංකුවට උමගක් සෑරීමේ බාරදූර කටයුත්ත කිසිදු සැකයකින් කරන්න අර සොරමුලට අවකාශ ලැබෙනවා..

මේ රතුහිසකේ කතාව මෙතෙනට අදාල වෙන්නෙ අපි ඉගෙනගන්න ආකාරය සම්බන්ධයෙන්. අපි ඔහේ එක්සෑම්ස් කරනවා. ඒකට කාලෙ පුල්ම යොදනවා. අවසානෙ අපේ ජීවිතෙන් අවුරුදු දහයක් දොලහක් පාලහක් මේ වෙනුවෙන් යනවා.. ඒත් සමහර විට හිතපු දේවල් ලැබිල නෑ..අපිට නිදහසේ සිංදුවක් කියන්න, කලාවැඩක් කරන්න. ඉස්සර අපේ මුත්තල වගේ හාන්සි පුටුවෙ වාඩිවෙලා ලෝකෙට පේන්න ටොක්ස් දිදී පත්තරේ බලන්න වෙලාවක් නෑ. කොටින්ම සමහරුන්ට ෆිල්්ම එකක් බලන්ටවත් වෙලාවක් නෑ.. මොකද අපි විසින්ම දමාගන්නා එක්සෑම්ස් වලට පාඩම් කරන්නට සිදුවීම. හරියට අර රතු හිසකේ කතාවෙ මනුස්සය ගෙදර දාල ඇවිත බයිබලය ටයිප් කරනව වගේ...


මට මේ ලඟදි පොඩි මියුසික් ආටිකල් එකක් කරන්න හිතුනා. ඉතිං මේකට මං යාලුවො ටික දෙනෙක්  ටෝක් කරල බැලුවා. ගොඩක් අයට එක එක එක්සෑම්ස්. සමාරු අයිටී. තව අය මැනේජ්මන්ට්, තවත් අය එච් ආර්, වැඩ කෝටියය් තව එකයි. හැමෝටම එක්සෑම් එකක් නැත්තං කරන්න අදහසක් හරි තියෙනවා. සමාරවිට ඒ සල්ලි නැති නිසා ඒ අය දුක්වෙනව වෙන්න පුලුවනි. පහල ශ්‍රේණියේ රැකියා තමයි මේ කාලේ ඉහල සුදුසුකම් වලට හම්බුවෙන්නෙ. ඉතිං ඩිග්රි දෙක තුනක් තව ඩිප් එකක් සහ අඩුම කුඩුම ටිකක් දාගත්තෙ නැත්තං කාර් එකක් ගන්න, ඒකට පැට්‍රල් ගහගන්න සහ ගෙයක් දොරක් හදාගෙන තොරොම්බල් කරත්තයක් වගේ ගෑනියෙක් කුදගහගන්න බැරිවෙනවා. ගෑනු අයටත් එහෙමයි. ලස්සන පිරිමිය කෙනෙක් විතරක් මදි අඩු තරමෙ මුදලාලි පාරක් වත් ෂේප් එකේ දාගන්න නම් ඉතිං ලස්සන ප්ලස් එඩියුකේෂන් සහ ජොබක් ඕනි. ඉතිං විස්සත් තිහත් අතර වයසෙ අය ගත්තොත් මොකාක් හරි එක් සෑම් එකකට වැඩ කරනවා.


මේ ගොාඩක් අය වැඩ කරනවා. ඒකිව්වෙ ජොබක් කරනවා. ඉතින් ඒ ජොබ ඒ තරම්ම නියමකල රාජකාරි නැති හිතල වැඩ කරන්න වගේ එකක් නං පාඩං වැඩ ටික කරගෙන කස්ටිය මාර ආතල් එකේ ඉන්නවා. ඒ වගේ තැං සෙට්වෙන අයට අනික් අය ඉරිසියා කරනවා. මැනේජ්මන්ට් එකෙන් හෙවත් බොස්ලගෙන් ප්‍රෙෂර් එකක් එන්නෙ නැත්තං වැඩ කරනවා තියා වාඩිවෙලා කොලයක් හරවන්නත් අද කාලෙ තාරුණ්‍යය කම්මැලියි කියල මට පේන්නෙ. එක අතකින් නිදි වරාගෙන පාඩං කරල කන්තෝරු ඇවිත් අනුන්ගෙ ප්‍රශ්ණ විසඳනවාට වඩා වැදගත් ගැටලු තියෙන ඔවුන්ගේ පවුල හෝ අනාගත සිහිනයේ ඇති පවුල වැදගත් කියල ඔවුන සිතනවා ඇති..


අපේ අම්මැලෑ තරුණ කාලෙ ජොබ් වලට ගියේ ඕ ලෙවල් වලිං. ඒත් දැං කාලෙ ඩිග්රි දෙකක් තිබිලත් ජොබකට යන්න අමාරුයි. අපි ඉගෙන්ගන්නවට සාපේක්ෂව ජොබ්ස් වැඩි නොවීම ගැටලුවක්ද කියල වෙලාවට හිතෙනවා. අපිට සල්ලි වැඩිවෙලා ඒ වැඩිවෙන සල්ලි ප්‍රමාණ්‍යට හරියන්න බඩු වැඩිවුනේ නැත්තං ඉතිං බඩු මිල වැඩිවෙනවා. එතකොට එක බඩුවකට අපිට සල්ලි ගොඩාරියක් ගෙවන් වෙනවා. ආන් ඒවගේ එක සුලු රැකියාවකට විශාල කාලයක අධ්‍යාපන සුදුසුකම් ඕනි වෙනවා අද කාලෙ.. කෙනෙක්ට මේක හොඳය කියල පේන්න පුලුවනි. ඒත් මොකද්ද ඇති හොඳේ...ලෝකල් හෝ පොරීන් සිලබස් එකකට හෝ ගයිඩ්ලයින් වලට අදාල රිසච් කලාට අපේ කන්තෝරුවලට හෝ අපේ සමාජ ක්‍රමයට වෙන බලපෑමෙ මොකද්ද කියන එක නං මට තේරෙන්නෙ නෑ..


ඉස්සර අධ්‍යාපන සුදුසුකම් අඩුවෙන් රැකියාවලට  ගත්ත කාලෙ ඒ ඒ රැකියාවට ගියෑම අදාල ක්ෂේත්‍ර පිළිබද විශේෂ අධ්‍යයනයන් කරන්න අවකාශ තිබුන. විශේෂයෙන් රජයට අනුබද්ධ සමහර සේවා වලට සහ පුද්ගලික් සේවාවන්ට පවා ගත්තේ විශේෂ පුහුනුවකින් පස්සෙ. ඒ පුහුනුව බොහෝ දුරට රැකියාවට සමාන්තර රැකියාගත එකක් උනා. ඒත් අද එහෙම දේවල් අඩුයි. කෙලින්ම ගිය ගමන් වැඩ. ඒ ක්ෂේත්‍රය ගැන ඩිග්රි වල සහ ඩිප් වල ඇතිය කියල තමයි කස්ටිය හිතන්නේ. මේ හරහා යම් ක්සේත්‍රයක දැනුම ගලා යෑමේ යම් අඩුවක් තියෙනවා. හැමවිටම අලුතින් එන අය මගින් වැඩ රී ප්ලේස් උනාට ඉස්සර කාලෙ වාගේ පරන ක්‍රම අලුත් වෙන්නෙ වත් අලුතින් දෙයක් ඇතිවෙන්න වත් අවකාශ නෑ...


මේ මං වැඩකරන කන්තෝරුවට මැනේජ්මන්ට් ට්‍රේනින් ආව ග්‍රැජුවේට්ස්ල වගයක්. ඉතිං අපේ ලොක්කත් අර යකා බැඳගත්තම ඌට නන්ස්ටොප් වැඩ දෙනව වගේ හැමවෙලේම වැඩ දෙනවා. අපේ එක්තරා ගෙවීම් ක්‍රමයකට අපි ගන්නා කාලය වැඩියි කියල හැමතැනින්ම කම්පෙලෙන් එනවා. අපේ ලොක්ක මේක ගැන රිපෝට් එකක් ගහන්න අර ආපු ලමෝ දෙන්නෙකුට දුන්නා. මේ දෙපල ඇවිත් මාව හමු උනා. මගෙන් ඉන්ෆොමේෂන් ගන්න කියල ලොක්ක කියල තිබුන හින්ද මාව හමු උනා. විනාඩි පහලවක් විතර කතා කරල දඩ බඩ ගාල ලියාගෙන ඒක ටයිප් කරලා දුන්නා. ඒත් අපේ ලොක්ක ඒ වගේ පපඩම් බදින වැඩක් නෙමෙ අපේක්සා කලේ. එයාට ඕනි වුනේ මං ඇතුලු සම්බන්ධ වන සියලු පාර්ශව වලිං තොරතුරු අරං. අලුත් ක්‍රමවේද හොයල. තවත් අය සමග සාකච්චා කරල ගන්න ටිකක් ප්‍රබල මට්ටමේ වාර්ථාවක්. ඒත් මෙයාල ඒක ගත්තෙ අර කොපි කරල උඩදාල ලියන කැම්පස් එසයිමන්ට් එකක් විදියට. මගෙන් අහුපු සැනින් ඒව බොරුද කියලවත් හොයන්නෙ නැතුව ටයිප් ගහල මේල් කරල යැව්ව. ඊළඟ දවසේ ගියාම ට්‍රේනර්ස්ල නැති තැන සර් මේ අය පැයෙං රිපෝට් එක ගහලනේ කියල බොසා කට කොනකින් හිනාවෙලා මට කිව්වා..


සාමාන්‍යන් අපේ බොස් ඇවිල්ලා එක්තරා විදියට හතරවෙනි පරම්පරාවෙ කපටියෙක්. ඒ කිව්වෙ අපිත් නොදැන අපෙන් වැඩගන්න දක්ෂයෙක්. මේ ට්‍රෙනර්ලගෙ රිපෝට් හැදිල්ලෙන් එයාට ඕනි උනේ එයාට නොපෙනෙන එරර් ටික ඩිටෙක්ට් කරගන්න. ඒත් අර අය කරපු දඩි බිඩි වැඩෙන් ඒක සම්පූර්න උනේ නෑ. පස්සෙත්ඒ ගැන තව තොරතුරු හොයන්න කියල මැනේජ්මන්ට් ට්‍රෙන්ර්ලට බොසා කිව්වත් එයාල ඒක වැඩිය කනකට ගත්තේ නෑ..


මේක හුදකලා සිද්දියක්ම නෙමෙ..ගොඩක් වෙලාවට අලුතිං එන අය ගැන අපි හිතනව මාර ඇක්ටිව් සහ ඉෆෙක්ටිව් විදියට වැඩ කරයි කියල. ඒත් පස්සෙ බලනකොට ඒ අය වෙන එක්සෑම්ස් වලට පාඩං කරනවා. අපි සුට්ටි දෙයක් කිව්වත් ඒක කණකට ගන්නෙ නෑ. ඔහේ එයාලගේ ලෝක වල සක්මන් කරනවා. මට නං හිතෙන්නෙ එක්සෑම්ස් කියන්නෙ අර කිසිම රහක් නැතත් හප හප ඉන්න දීපු චුවිං ගම් එකක් කියල..


මේක අස්සෙ ඉතිං මහා ලොකු කතාන්දරත් තියෙනවා. මේසන් බාස් කෙනෙක් වඩ්ඩෙක් ගොයියෙක් කියන්නෙ අපේ රටේ ටිකක් යට පෙළ තියෙන ජොබ්ස්..ඉතිං ඒ වගේ රස්සා කොයි තරං වටිනව උනත් කස්ටිය ඒවට කැමති නෑ..කැමතිම මේ මං වගේ පුටුවක් මේසයක් කම්පියුටරයක් මාසෙ පඩියක් තියෙන ජොබ් වලට... ඒ වගේ රස්සාවලට ඉගෙන ගන්න අය වැඩියි අම්බානකට...ඒක උමතුවක් වගේ වෙලාවකට.. මේ තමුන් යන්නෙ මොන දේ පස්සෙද නොදැන ඔක්කොම මොකක් හෝ නොපෙනෙන ටාගට් එකක් පස්සෙ යනවා..හුම්...අවුරුදු පනහ පැන්නට පස්සෙ විතර මතක් වෙයි අපිටත් මේ අපි කරපු එක්සෑම්ස් වලිං පඩි වැඩි වුනා ඒත් අපි කොහෙටද ගියෙ කියල.
(මගේ බ්ලොග් ලිවිල්ලට අවුරුදු දෙකක් වෙන්නත් ඇති පහුගිය අප්‍රෙල් වල..ඒ වගේම අද ඊයෙ දවසක හිට්ස් කියල පෙන්නුං කරන දේවලුත් ලක්ෂයකට කිස්ටු වෙන්න ඇති.. ඉස්සර බිත්ති පුවත්පතක පත්තරේක ලිපියක් වැටුනම එන ආතල් එකට වඩා වැඩි ආතල් එකක් මේකෙ තියෙනවා.. ස්තූතියි)

22 comments:

  1. හැමදාමත් වගේ උඹෙන් හොඳ ලිපියක්. මාත් ඕක නිතරම කල්පනා කරන දෙයක්. අපි අනාගතේ සතුට ගැන හිතලා වර්තමානේ සතුට නැති කරගන්න අවස්ථා බොහොමයි. ඒත් අනාගතේ අපි බලාපොරොත්තු වෙන සතුට අපිට ලැබෙයිද? නැත්තම් එදාට අපි අතීතේ දිහා බලං දුක් වෙයිද අයියෝ ඒ කාලේ ගන්න තිබ්බ ෆන් මිස් කළා නේද කියලා!
    අවුරුදු 2ටයි ලක්ෂෙටයි සුභ පැතුම්!

    ReplyDelete
  2. ඉස්සෙල්ලම බ්ලොගේට සුබපැතුම්. මේකෙ සෑහෙන්න ආතල් එකක් තියනව නේන්නං.
    විභාග ගැනනං කතාකරල වැඩක් නෑ. අද කැම්පස්වල විභාග වල තත්වය ඊට පහලින් තියන සාපෙල උසස්පෙල සහ 5 ශිෂ්‍යත්වයටත් පහලින් තියෙන්නෙ. ඒ පැත්තෙන් බැලුවම නං ලංකාවෙ අධ්‍යයාපනය වෙනස් වෙන්න ඕන. ඒවගේ තැන්වලන් ඉගනගත් අයගෙන් අරවගේ ප්‍රථිපලයක් මිස වෙන දෙයක් බලාපොරෝත්තු වෙන්න බෑ.(මාත් ඉන්නෙ ඒ ගොඩේමයි).

    ReplyDelete
  3. ඇත්ත කතාව..
    3idiots ෆිල්ම් එකත් මේ වගේ පණිවිඩයක් දනවා.
    දිනපොතට සුබ පැතුම්
    තව චිරාත් කාලයක් ලියන්න වාසනාව ලැබේවා!!

    ReplyDelete
  4. සහතික ඇත්ත මචං. ඔය කතාව මමත් ලියල තියෙනවා ඩිග්රි ගහලා කොම්පියුටරයක් ලග වාඩිවෙලා ඉන්න එකාට වඩා පාරේ බඩු කරගහන නාට්ටාමි කෙනෙක් සල්ලි හොයනවා. ඒ අයගේ රස්සාවට තියෙන ඉල්ල්මේ හැටියට අවශ්‍ය පිරිස නැති හින්දා. අපි හැමෝම විභාග කියලා චුයින්ගම් එකක් කාල ඒක මත්තෙම අපේ ජිවිතේ දිය කරනවා......

    http://ape-ambalama.blogspot.com/2012/01/blog-post_14.html

    ReplyDelete
  5. ඔය හැමදෙම හරියට කලමනාකරගන්න එකා තමා දිනුම්

    ReplyDelete
  6. 100% කතාවට

    ජය මචන් ජය!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  7. අපි හොයන්නේ එකම ආකෘතියේ ජොබ්. ඔය උඹ කියන වගේ. ඇත්තටම ඕක ඕන වෙන්නෙ අපිට නෙවෙයි රට්ටුන්ට. අර වට්ටෝරු ජොබ් එක නැත්නම් උඹ කීයක් හෙව්වත් වැඩක් නෑ. ගණන් ගන්නේ නෑ. උඹ කියන රැකියාවේ ගුණාත්මක පැත්ත, ඒ වගේම තෘප්තිමත් භාවය ඇරුනාම ලැබෙන මුදල් ප්‍රමාණය ගැනත් හිතන්න වෙනවා. මේ කියන අපේ අයියලම එංගලන්තේ හරි ඇමරිකාවේ හරි ගිහින් අර පාර්ට් ටයිම් ජොබ් තමයි කරන්නේ. අපේ ආකල්ප ප්‍රශ්ණයක් තියේන්නේ.

    ReplyDelete
  8. ඇත්ත තමා. අද කොල්ලන්ට කෙල්ලන්ට මතක නෑ අනාගතේ ගොඩ දාගන්න කියල අද දුක් විඳින්න හොඳ නති බව. මොකද අද කියන්නෙ ඊයෙ දවසෙදි අනගස්තේ හින්ද.

    ReplyDelete
  9. පැහැදිලිවම! හවසට ගමේ උන් එක්ක පචයක් ගහලා බෝක්කුවක් උඩට වෙලා කෑල්ලක් බලලා ගන්න ෆන් එකක් අද කාලේ තරූණ උන්ට තියනවද? ඒවා නැති ජිවිතයකින් වැඩක් තියනවද? මේවට සීමාවක් නැතිව මැරිලා මැරිලා අන්තිමට අපිට නැතිවෙලා තියෙන්නෙත් අපි කවදා හරි අරවා කරලා ලඟා කරගන්න බලාපොර්තු උන ඒවම තමයි! නිදහස,සතුට,විවේකය!

    ReplyDelete
  10. එකග වෙන්න පුලුවන්.

    කරන්නෙ වෙනදෙයක්. ලබා ගන්නෙ වෙනදෙයක්. ඉගෙන ගන්නෙ වෙනදයෙක්. ජොබ් එක වෙනත් එකක්..

    අනේ මන්ද..

    ReplyDelete
    Replies
    1. පොඩියට දාල නිසා දැන් දැක්කේ..

      //ඉස්සර බිත්ති පුවත්පතක පත්තරේක ලිපියක් වැටුනම එන ආතල් එකට වඩා වැඩි ආතල් එකක් මේකෙ තියෙනවා.. //

      ඇත්තටම අපි අපේ දේවල් පෙන්නලා අනිත් අයගේ අදහස් දැනගන්න බැරුව හිටියේ. බ්ලොග් නිසා අපිට දැන් කරන්න අලුත් දෙයක් තියෙනවා.

      සුභ පතමි.

      Delete
  11. අවුරු දෙකට සුබ පැතුම්. ඔයාගේ ලිවීමේ රටාව අපූරුයි.

    //ගෑනු අයටත් එහෙමයි. ලස්සන පිරිමිය කෙනෙක් විතරක් මදි අඩු තරමෙ මුදලාලි පාරක් වත් ෂේප් එකේ දාගන්න නම් ඉතිං ලස්සන ප්ලස් එඩියුකේෂන් සහ ජොබක් ඕනි. //

    පව් නේද මෙයා? :D

    ReplyDelete
  12. එදා බල්ලාගේලිපියේ සිට අද දක්වා ම මෙතන හොඳ ලිපි ලියවුණා. ඔබේ ලිවීමේ රටාව අපූරුයි.

    සමහර ලිපි තව එකපාරක්වත් එඩිට් කළා නං හොඳයි.

    ReplyDelete
  13. සෙක්කුවෙන් අපිට නිදහසක් නෑ.
    ඕලෙවල් හොක්‍ෂට කලොත් සයන්ස් කරන්න ඕනෑ.
    ඒලෙවල් හොඳට කලොත් හොඳයැයි සම්මත පාඨමාලාවට යන්න ඕනෑ.
    යුනිවසිටියේ ක්ලාස් එකක් වැදුනොත් ඉතිං පස්තාච්චි කරන්න ඕනෑ.
    කරලත් බෑ, නොකරත් බෑ!

    ReplyDelete
  14. මෙච්චර කල් ගියාට අදමයි මම මේ බ්ලොග් එක කියෙව්වේ. මං හිතුවාට වඩා ගොඩක් හොඳයි.
    මාත් තාම එක්සෑම් කරනවා. ඒත් වෙලාවකට හිතෙනවා අපි මේ රස්සාවට, අධ්‍යාපනයට යටකරලා තියෙන්නේ අපිට විඳින්න තියන කාලයෙන් හොඳම කොටස නේද කියලා.
    අවුරුදු දෙකක ගමනට මගෙනුත් සුභ පැතුම්....!!!!

    ReplyDelete
  15. අඩා.. අවුරුදු ගනන් වලට මගෙන් සුභ පැතුම් ඇ.
    ජය වේවා
    දිගටම ලියමු..

    ReplyDelete
  16. ඇත්තටම ගොඩක් ස්තූතියි කියවපු අයට සහ කමෙන්ට් කරපු අයට...
    එක එක කමෙන්ට් එකට රිප්ලයි නොකර ඉන්න හේතුවක් තියෙනවා...
    ඉන්ටනෙට් තිබුනට ලෝකෙ විවෘත උනාට සමාර අයට පොඩ්ඩ ඇත්තං කේන්ති යනවා..
    ඉතිං එහෙම කේන්ති යන එකට මං ආස නෑ...
    පොඩියක් තමන්ගෙ මතේට අවුල් කේස් එකක් වාෙගනං බැනල කුනුහබ්බත් කියන්ට බලං ඉන්නවා ඇනෝ වගේ ඇවිත්....
    අපි මේක හරහා කරන සංවාදයක් උනත් වින්දනීය විදියට(මාර ආතල් එකේ) සැහැල්ලුවෙන් යනවනං තමයි ඒකෙ ගතියක් එන්නෙ...නැත්තං අර ටී වී සංවාද වගේ එපාම වෙනවා...

    කකා මහතා කිව්ව කතාව වැදගත්...මගේ ග්‍රැමර් වල ගැටලුවක් තියෙනවා...අකුරුත් කේස් සමහර පෝස්ට් වල...
    ඒත් ඉතිං අතීතය අස්සෙ ඕව හොය හොය දගලනවට වඩා අලුත් මොකක් හරි දෙයක් ලියන එක හොදයි කියලයි මම හිතන්නෙ....

    ReplyDelete
  17. උඹේ කතාවට 100% එකඟයි මචං, මාත් අවුරුදු හතරක් විතර කෙහෙල්මල් විභාගෙකට මැරිලා අන්තිමට ඒක මගේ අභාගේ උනා,ඊටපස්සේ ඒ මගුල අතැරලා දාල රස්සාවක් හොයා ගත්තා..
    මන් එකෙන් උපයන මුදල ගැන සතුටු වෙනවා.. ලොකු පඩියක් හොයන්න මුලු ජීවිත කාලෙම විභාග වලට දියකරනවට වඩා..
    බ්ලොග් එකට සුභ පතනවා මචං..

    ReplyDelete
  18. කතාකරලා වැඩක් නෑ. ඒත් කතා කළ යුතුම මාතෘකාවක්! :)

    ReplyDelete