Friday, May 25, 2012

කාලයේ වැලිතලා..

කාලයේ වැලිතලා
පෙම් කතා සඟවලා
රැලි වැටී නැතත් මගේ සමත් කයත්
නාකි වී ගොසින් මගේ සිතත් ගතත්


දාහෙ කොල කීපෙට පැය ගානට
සයන බදු අරං
පහස සොයන නරුම මිනිස් පෙලට
මාත් එක්කරං..


මා දිහා හොර හොරෙං
ඈ දිහා හෙමි හෙමිං..
ඇසි පියන් නොගොස් බෝ ලඟින්.
රාග චේතනා තදින් වැදී සැනින්
පරව පෙම් කුසුම් යතී පිපී සැනින්..
විගස පිපෙන මියෙන මලක් වූ ලෙසින්..


පෙම් කතා නැති වෙලා .
පෙම් වතී විචල්‍යක් වගේ වෙලා..
අහස සඳවත තරු කවි පොතේ තියා...
අනින්ටමයි දුවන්නෙ මේ''
ඉඳින් බලං ඉඳං තවත් පැයක් දෙකක් ...
අපිට පෙම අරගෙන කොළ දෙකකට සරඹ කරන්ටා..

kalaye welithala by indika27

http://soundcloud.com/indika27/kalaye-welithala
 .එක්තරා මනුෂ්‍යයෙක් ඉන්නවා එයාගෙ වයස තිස් ගනන් වල අග හරිය..ඉතිං මෙයා ලව් කරන්න යනවා..නමුත් ලව් කරන්න යොදාගන්නෙ ගනිකාවන්..ඔහුට ස්ථිර ප්‍රේමයක් ගැන හිතන්න කාලයක් නෑ.. ඉතිං ගණිකාව තුලිං මෙයා ප්‍රේමය දකිනවා. ඒත් ඒ ගණිකාවත් එකක් කියල නෑ. ඒකත් විචල්‍යයි.. මේක හරි සංකීර්ණ දෙයක්. මෙයා ආස උනත් ඒ විසි ගනන්වල ගෙවපු සුංදර ලස්සන එක කෙල්ලෙකුගෙ නිර්මල පෙම්වතා වෙන්න ඒත් එයාට දැන් ඒකට හිත දෙන්නෙ නෑ..රැලි වැටෙන තරමට හම දිරුවෙ නැතත් සිතින් ඔහු හිතන්නෙ අනේ මං වගේ නාකියෙක් කියලා..
ගණිකාවක් කියන්නෙ පෙම්වතිය ප්‍රෙමය නොවන බව ඔහු දන්නවා. ඒත් සමස්ථ ආශාව සරල ලෙස ගණිකාව පිටිං සපුරගන්න පුලුවං කියන සරල තර්කය උඩ ඔහු ඉන්නවා..ඒ වගේ ස්ටෝරියක් තමයිමේ කවි සැට් එකෙං කියන්නෙ..
ඇහෙන්නෙ නැත්තං මෙතන ඔබල වත් අහල බලන්ට.. 

12 comments:

  1. මේක පට්ටයි හලෝ.

    ReplyDelete
  2. සුපිරියි මචන්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. "දාහෙ කොල කීපෙට පැය ගානට
    සයන බදු අරං
    පහස සොයන නරුම මිනිස් පෙලට
    මාත් එක්කරං.."

    මේ කොටස නම් පට්ට

    ReplyDelete
  4. සිරා මේකනම්.. මම දෙපාරක් අහලා මේ කමෙන්ට් එකක් දාන්නේ..

    ReplyDelete
  5. මට නම් දුක හිතෙනවා...'ඔහු' සහ 'ඔවුන්' ගැන...

    ReplyDelete
  6. මට අහන්න උනේ නැ මෙකේ ස්පීකර් නැති නිසා.පද මාලාව නම් ලස්සනයි.අහන්න ආසයි.අහලම ගුණ අගුණ කියන්නම්කෝ

    ReplyDelete
  7. ලස්සනයි පෝස්ට් එක.
    මාත් ඇහැව්වා

    ReplyDelete
  8. "රැලි වැටෙන තරමට හම දිරුවෙ නැතත් සිතින් ඔහු හිතන්නෙ අනේ මං වගේ නාකියෙක් කියලා.."
    පෝස්ට් එකේ තියෙන මෙව්වා එකට මගේ බලවත් එව්වා එක මෙසේ ප්‍රකාෂ කරමි....
    කියන දෙයක් කෙළින් කියපන් ඩෝ.. නාකි නාකි ගාලා වටෙන් එන්නේ නැතුව අරී..:)


    පට්ට මචං.. උඹට තියෙන්නේ එළම කටහඩක්...
    ඔන්න මම ආයෙත් කිව්වා..
    අනික අන්තිමටම තියෙන ග්‍රාම්‍ය නොවන කුණුහරුපෙ පට්ටම සාහිත්‍යය රසයක් ගෙනාවා මටනම්..පුළුවන්නම් මේක සිංදුවක් කරන්න බලපං සංගීතවේදියෙක්වත් අල්ලගෙන.. මට හිතෙන්නේ ඒක හොද ආරම්බයක් වේවි ....

    ReplyDelete
  9. pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa pata pata..

    ReplyDelete