Friday, June 29, 2012

වැන්දඹු සැමි


ඉන්නේ තනියමයි කාමර දෙකක් මත
වෙන්නේ කොත්තු රයිසුයි රෑ කෑම පත
බොන්නේ අරක්කුයි කන්නට බයිට් ඇත
එන්නේ කවදාක යලි මගෙ ගෑනි පත


සඳ සොරකම් කරං ගිය මගෙ ඒ දෝසි කැටේ
දැං ඇත්තේ උගේ මූසල බෝල කටේ
මං දිව ගියත් ඔබ සෙවුමට හතර වටේ
දැං කොහෙ හොයන් දෝ කියපං අපේ රටේ


ඇගෙ මස්සිනා නම් සුන්දර පැණි මලයා
පුහුනුවකට කියා මාගෙයි රැඳි සැටියා
උෙග කෝලං කොලුකම පිට ඇරියා
අවසන ගෑනි ගෙන පිටරට ගිය *රියා


සුදු අපි තව හැදෙන්නට ඕනෑ වෙනවා
ඔයා තවත් රෑ වැඩ නම් හොඳ වෙනවා
ඕටී ලැබුන විට දියුනුව වැඩි වෙනවා
කියලා ගෑනි මට රෑ තව වැඩ දෙනවා


අර මලයා උඹෙ ගෑනිව ගෙනියනවා
අතන මෙතන හැමතැනදිම හමුවෙනවා
කියලා රට්ටු කීවත් සැක නැතිවෙනවා
මං මැට්ටා ගෙ ගොංකං දැං සිහි වෙනවා


මේදේ මේම මේමයි අනෙ කොරන්නේ
මේ කට අපි දෙන්න මේමයි අඳින්නේ
නෑ දැන් කිසි කෙනෙක් ඒ උපදෙස් පුදන්නේ
ගිය එක හොඳයි කියලත් මට සිතෙන්නේ


රෑ සීනෙන් වැලක් පෙනුනොත් හොඳ වේවී
වේලී යන ගතට සිහිලක් ගෙන දේවී
පින් කඳ වගේ උන් මාගේ ගිරි දේවී
අත හැර දමා සොයනව වෙන වෙන දේවී


වරෙං මචං යන්නට ගොන් දෙනක් සොයා
කියා මිතුරු තෙම කිව් නිසාම මාත් ගියා
වනා දෙකක් දුන් විට සැම දෝරෙ ගියා
අහෝ මගේ දාහේ දෙක කොහේ ගියා


සොයලා ගොසින් දුරතැන් පීරා බලලා
කරලා දුන් කසාදය රැක ගෙන නෑ හිවලා
කියලා බනී අම්මල මට දෙස් තියලා
පැනලා යනු සිතයි පොලවට පැන එබිලා


අම්මේ කරල දුන්නොත් තවකක් සොයලා
රැකගෙන ඉන්න බලනෙමි මානෙත් නොසලා
වටකොට තබා බැමි බැද රැකවල් දමලා
දිව රෑ රකිමි පණමෙන් ගෑනිය තබලා


කොහොමද ගොං වහන්සේ තව හොයන්නේ
දිග කසාදෙයක් වත් කෝමද කොරන්නේ
අරගෙන පැන්න රටවත් තෝ නොදන්නේ
පවසා අම්ම සහ නෑ යකු දෙස් දෙන්නේ


මාසොව ගැන සොයා බලලා මිතුරු තොමෝ
පෙන්වා දුන්න දම් ලොව යන හැටි උතුමෝ
මාත් ගොසින් සිල් ගත්තයි ඇති පද මෝ
ගත් සිල් වලින් පසු මා සිත විය දැනු මෝ


ඇගලා ගත් කලට කහවන් සිවුරු පට
කෙල්ලන් එනව හිමිවෙත එය පස්ට පට
සියලු දහම් කලකිරිලා වාගෙ සිට
මාද ලාගතිමි සිවුරක් ඒ වාසි පිට


හයිෆයි උපාසික මාතාවන් එනවා
දංදෙන නැමෙන විට මා සිත ටිං වෙනවා
දුක් ඇති රුවැති කෙල්ලක් මට සෙට්වෙනවා
සසර නැතත් කෙලවර මගෙ උණු වෙනවා


මාස තුනක් ගියෙ නැතිමුත් ජොබද ඇත
වටපිට උන්ගෙ දන පින මට කමක් නැත
පිනට රෝස පාටට ඇගෙ රූපෙ ඇත
ගිහින් නැවතුනා ඇය ළඟ කාම සිත

Thursday, June 28, 2012

අපේ ගෙදර බල්ලෝ

මා මේ කියන්නෙ යන්නේ අපේ ගම දිහා බල්ලෝ ඇති කරන ආකාරයයි. එය විසේස ආකාරයක් නොවේය. ලංකාවේ කොයි ගමෙත් බල්ලන් හැදෙන්නේ ටිකක් එක විදියකටය. 


බලු පැට්ටෙක් තෝරා ගැන්ම..
            අපි ගෙදර ඇත්කරන්න බල්ලන් සොයාගන්නා විට අපි උන් බල්ලාද බැල්ලීද කියා සොයනවා. මොකද බැල්ලි පැටියෙක් තෝරා ගත්තොත් බල්ලන් ගේ වටේ කැරකීම බැල්ලී අයාලේ යෑම. පසුකලෙක පැටව් දැමූ පසු නඩත්තු කරන්නට වීම ආදි දෝස එකතු වෙන නිසාය. ගොඩක් අය ආසා කරන්නේ බල්ලා ඇතිකරන්නටය. ඒත් අතරින් පතර බැල්ලියන් අහු වෙන අවස්ථාද ඇත. ලිංගික අවයව එතරම් විකසනය නොවූ අවස්ථාවක් වන බලු ළමා අවධියේදී බලු පැටියා පෙරලා ගෙන උගේ අහවල් අවයව පරීක්ෂා කර යුතු වෙනවා. සාමාන්‍යන් ගෙවල් අසලින් බලු පැටව් අපි ඇතිකරන්නට තෝරා ගන්නේ නෑ. මොකද ඒ බලු පැටව් අපි තෝරා ගත්තොත් බැල්ලි පැමිණ කිරි දෙන්නට එන විට එය කරදරයක් වන නිසා. 


අපි බලුපැටියෙක් තෝරා ගත් පසු අනෙක් කාරනාව තමයි ඌ ප්‍රවාහනය කිරීම. බිස්කට් සබන් හෝ වෙනත් එවන් දෑ අසුරණ ලද හිස් පෙට්ටියක් ඇතුලෙ තමයි මේ කුඩා පැටියා යන්නෙ. මා වරක් එසේ සිදුරු තනන ලද පෙට්ටියක බහා බලුපැටවෙකු අපේ ගෙදරට ගෙනෙමින් සිටින අතර බලු පැටියා එකවර බස් රියේදී කෑ ගැසුවා. සාමාන්‍යන් බස් රථවල බලු පැටවු ගෙනියන්න බෑ. ඒත් ඉතිං කස්ටිය මූනු මූනු බල බල හිටිය මිසක් වචනයක් කිව්වේ නැහැ. 


 ගමදිහාදි බලු පැටියෙක් තෝරාගන්නෙකොට නිය ගාන ගනන් කරල බලනවා. නිය විස්සක් තියෙන බල්ලෙක් නං හරි සැරයි කියල තමයි අපි අතර තියෙන මතේ. බලු පැට්ටා මොන ජාතියෙද කියල හෙවිල්ලක් නම් නෑ. පොමනේරියින්ද ඇල්ටේෂන්ද, රොටල්වෙයාර්ද කියල හෙවිල්ලක් නැ. බල්ලයි පාටයි පොඩ්ඩක් ලස්සනට ඉන්නවද කියන එකයි විතරයි බලන්නෙ. 

බලු පැටියා ලොකු කිරීම..


     සාමාන්‍යයෙන් බලු පැටියා කිරිබොන අවධියේම තමයි අපි ඇතිකරන්න ගන්නේ. මුලින්ම අපි ඌට කිරි බොන්න දෙනවා. ඉන් පස්සෙ බත් සුට්ටක් මාලු සුට්ටක් ඌට දානවා. එතෙක් ඌ තියන්නෙ කූඩුවක. කූඩුවක් හදන වැඩෙත් මාර වහක් කන්න ඕනි වැඩක්. බලු පැටිය ගොඩක් පොඩි කාලෙ අපි ඌව බඳින්නෙ නැ. කූඩුවක දාල තියෙනවා. ඉතිං අපි කෝටු වලිං හරි ලී වලිං හරි සුට්ටි කූඩුවක් හදා ගන්නවා. පස්සෙ අපි ඌට කන්න බොන්න අනං මනං දීල ලොකු කරනවා. ඒ අතර ඉතිං අපි පුංචි කාලෙ නං මූට කූඩුව ඇතුලෙ නිකම් ඉන්න දෙන්නෙ නෑ එලියට අරං සෙල්ලං කරනවා. ඒත් බල්ලා ගේ ඇතුලට ගන්නෙ නෑ. ආච්චිලා සීයල අම්මල තාත්තල බනිනවා බල්ල ගෙදර ඇතුලට අරගෙන ජරා කරනවා කියලා..

බල්ලාගේ කෑම..
අපේ ගෙදර සහ අපේ ආච්චිලැයි ගෙදර බල්ලා කෑම කන්නේ අපි කෑම කෑවාට පසුව තමයි. අපි කෑම පිඟානෙන් ඉතිරි කරන කෑම ගෙනියල බල්ලට දානවා. ඒහෙම දැම්මත් අවසානෙ බල්ලටත් කෑම එකක් ලැබෙනවා. මාලු මස් ගෙනා දවසට බල්ලාට අපි අර සුද්ද කරන කෑලි ඉතිරි කටු කෑලි ලැබෙනවා. බල්ලා බැදල හිටියෙ නැත්තං අපි බල්ලා දිහා ඇහැ ගහගෙන ඉන්න ඕනි, මාලු මස් සුද්ද කරන වෙලාවට. අපේ තාත්ත නම් බල්ලට බැන බැන මාලු කපන කොට බල්ලයි දිහාට කෑලි විසික් කරනවා. ඒත් ඒ විසික් කරන සීමාවෙන් පිටට බල්ලා ලඟට එන්න ආවොත් බල්ලාට බැනල එලවනවා. අපේ ගෙදර නං ඇතිකරන බල්ලන් මස් මාලු වලට ලැදියි. 


සාමාන්‍යෙන් ගමේ ගෙවල්වල බල්ලන් ගේ ඇතුලට ගන්නේ නෑ. ඌ ඉන්න සීමාවක් තියෙනවා. ඉස්තෝප්පුවේ පේමන්ට් එකේ මිදුලෙ නැත්තං මඩුවෙ තමයි. ඒ හරියෙ හිටියත් කුස්සියෙ පොඩි ලිමිට් එකක් තියෙනවා බල්ලට ඇක්සස් තියෙන. 
මට මතක ඇති ඉස්සර කාලෙක අපේ ගෙවල් හරියෙ හාවො හෙම හිටියා. මං පුංචිම කාලෙ මං දුවන හාවෙක්ට ගලකින් ගැහුවා. පස්සෙ බල්ලා ගිහිං ඒ හා නයිදෙව ඇල්ලුවා. මට මතක විදියට මාමල වගයක් ඒ හාවව අල්ලල මස් කලා. හා පැටිය සුටුස් ගාල මැරෙනව සුට්ටක් ඇත්නම්..


අපේ සීයලාගේ ගෙදර මට මතක ඇති කාලයේ බල්ලන් දෙදෙනකුද උන්ට කන්නට වෙන වෙනම තැටිද තිබුනි. උන් නම් තිබුනේ බැඳලාය. නමුත් උන් රෑට ලිහා තබයි. 

බල්ලා සහ පොල්ගොඩ..
අපේ ගෙදර කාමර ඇත්තේ එක පේලියටය. වර්ථමානයටත් අතීතයටත් කොහෙටත් නැති ගෘහ නිර්මාණ ශිල්පයක් වූ නිසා එක්තරා පේලියකට කාමර තුනක් ඇත. ඉතින් ඒ කාමර තුනේ අපේ අයියලා ඩබල සහ මා පිලිවෙලින් දොයියයි. දිනක් අපේ ගෙදර බල්ලා මහ සද්දෙන් බුරයි..එය නින්දට පස්ට බාදාවකි. අපේ අයියා නැගිට දොර ඇර එලියට බැස බල්ලාට ගල් කැටයකින් ගසා තද වචනයෙන් බල්ලාට බැන අඩ ගසා යලි නින්දට ගියේය. අහෝ ඛේදයකි. පසු දින අපේ කාමර පේලියට එලියෙං තිබූ පොල්ගොඩේ පොල් අඩු වී තිබුනි. පොල් ගොඩෙන් පොල් සොරාගෙන ගෙදර තිබු උදැල්ලක්ද රැගෙන වත්තට ගොස් පොලි ලෙලි ගසා රැගෙන ගොස් තිබුනි. පාන්දර අම්මා සහ තාත්තා ගෙන් අපි තුන් දෙනාට බැනුනුත් බල්ලාට ප්‍රසංසාත් හිමි විය..


බල්ලා සහ සර්පයෝ..
අපේ තාත්තා කොරටු වලට යනවිට සමහර විට ඉඩං දෙක තුනක් අතරමැදින් යන්නට වෙයි. මන්ද එක කොරටුවක් අපේ නිවසින් මදක් ඈතින් පිහිටා ඇති බැවිනි. උදෑසන තාත්තා ඒවා බලන්නට වැඩ කරන්නට උදැල්ලත් අරං යනවිට බල්ලා ඒ පසුපස හෝ ඉදිරියෙන් යයි. සාමාන්‍යයෙන් බල්ලා යන්නේ ඉදිරිපසිනි. බල්ලා ඉදිරිපස යනවිට එකවර බල්ලා බුරන්ට පටන් ගත්තේලු..පසුව තාත්තා විසින්   හොඳින් විපරම් කල බැලූවිට එතන නයි දෙදෙනෙක් සිට ඇත. සමහර විට නයි දෙදෙනා පෙම් කෙලිමින් සිටින්නට ඇත. නමුත් දනිහ තෙක් බැද්ද වැවී තිබුනු ඒ මහ බැද්දේ සර්පයා පෑගුනි නම් හෝ ඌ බියවි දෂ්ඨ කලානම් වන්නේ මහත් විපතකි. බල්ලා කලිං අනතුර දැක සංඥා කල නිසා හොදය. ඉන්පසු දන්ඩක් ගෙන නයාට නයි ආත්මයෙන් මිදීමට තාත්තා අවසර ලබාදෙන්නට ඇත. 


කෙලෙහිගුණ දත් බල්ලා.
සාමාන්‍යයෙන් අපේ නිවසේ හැදුන බල්ලන් නම් වැඩිපුර බය වන්නේ සහ වැඩිපුර සලකන්නේ අපේ පියාටය. මන්ද බල්ලන්ට බනින්නේත් බල්ලන්ට කෑම දමන්නේත් වැඩිපුරම අපේ තාත්තා නිසාය. දුර ගමනක් ගියත් බල්ලාට ඉතිරි කෑම ටිකක් ඔතාගෙන ඇවිත් දීම හෝ බල්ලා වෙනුවෙන් හාල් කාලක් ලිපේ තියා කන්න දීම සාමාන්‍යයෙන් පියාගේ සිරිතයි. අපේ අම්මාත් තාත්තාත් දුර ගමන් ගිය කලෙක අපිට බල්ලාට කන්නට දෙන්නට බැරි වී හොදට බැනුම් ඇසුවෝය. කුසගින්නේ සිටි බල්ලා තාත්තා දුර සිට දැක ගොස් වටේ කැරකෙන්නට පටන් ගෙන ඇත. සාමාන්‍ය වේලාවක නම් තද වචනයෙන් බැන එලවන මුත් එදින බල්ලා කුසගින්නේ විය හැකි බව දැන පැමිණි විගස ඇසුවේ බල්ලොන්ට කන්න දැම්මාද කියලාය. 

යම් දිනෙක අපේ තාත්තා ඉඩමේ කෙළවර තනියම වැඩක් කරයි. එවන් විටක බල්ලාද පසෙකින් සිටී. අහඹු ලෙස එකවර වැසි වැටෙන අවස්ථාද ඇත. එවන් විටක බල්ලාට විගසින් දුවගොස් ගසක් යටට දිව යා හැකිමුත් ඌද තාත්තා එනතුරු බලා සිටී.. විෙටක ඌද තෙමෙමින් සෙමෙන් පසුපසින් එයි. 


සැර වීම...
සාමාන්‍යයෙන් අපේ ගෙදර බල්ලෝ සැර නොවෙති. කෙනෙක්ට බුරාගෙන සැරට පැන්න විට අපි ගන්නේ බල්ලාගේ පැත්ත නොව ඒ මනුස්සයාගේ පැත්තය. එබැවින් බල්ලා එසේ පැනගෙන බුරලා අපෙන් ලකුනු දාගන්ට බැරි බව අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කර ගනී. එවිට උගේ අනුන්ට ඇති සැල් අඩු වෙයි. බල්ලන් දහ දොලොස් දෙනකු විටින් විට අපේ නිවසේ සිට ඇති මුත් කිසිවෙකුත් කිසිම විටෙක මනුස්සයකු සපා කා නැත. සපා කන බල්ලන් මා දැක ඇත. මා නම් සිතන්නේ දරුවන් නරක් වීමටත් බල්ලන් සපාකන තරම් සැර වීමටත් ඒ අයිතිකරුවන්ගේ නුවමනා හුරතලය සහ වරදට තරවටු නොකිරීම හේතුවෙයි. 

Tuesday, June 26, 2012

ස්කයිප් එකෙං ජංගිය ගලවන ආත්මීය පෙම්වතෙක්

-->
එකමත් එක රටක එකමත් එක කාලෙක ලස්සන අයියා කෙනෙක් හිටියා. මේ අයියා බොහොම ලස්සන කවි කතා සහ පබැදුම් කරනවා. ඒවාට නංගිලා හරිම ආසයි. මෙයා තෝරගත්ත ලස්සන නංගියෙක් ප්‍රේම කරන්න. ඉතිං මේ අයියා ලංකාවෙ ඉඳන් වැලිකතර රටකට ගිහිපු කෙනෙක් මේ නංගී ඉන්නෙ බටහිර රටක. මේ නංගීට ලස්සන රූපයක් තියෙනවා. ඉතිං මේ සයිබර ප්‍රේමය බොහෝ මුහුකුරා ගියා.

ඔන්න දැන් දෙන්නා ස්කයිප් එකෙං කතා කරනවා. කතා කරනකොට මුහුකුරා ගිය ප්‍රේමය අන්ධ හින්දා දෙන්නාට වස්තර තියෙන වගවත් පේන්න නැතුව යනවා. කොහොමින් කොහොම හරි නංගීගේ සැම නොදැකිය යුතු පුද්ගලික දේවල් පවා පෙන්නලා තියෙනවා. අර අයියත් ඉතිං බෝම ලක්ෂණ වචන වලිං නංගිව ලාස්සනට අන්දල තමුන්ගේ ආසාව සම්පූර්ණ කරගෙන තියෙනවා.

මේ අය නානවා කනවා බොනවා ස්කයිප් එකෙං. ඒ හැම දෙයක්ම කිසිම විදියකින් අනිකාට හංගන්න උවමනාවක් උනේ නෑ. ඒත් ඉතිං අර ලස්සන ගෑනු ලමයා ඇඳුං අඩුවෙන් නාන ඇඟහෝදන කොට ගතපු ස්කයිප් කෝල් රෙකෝඩ් කරගෙන අර ආදරණීය අයියන්ඩි විසින්. අයියා ඒම කලේ ඇයි කියන්න අපි දන්නේ නෑ. හරිම පිවිතුරු, ආත්මීය, අනුකම්පාසහගත, සුන්දර, අකලංක ප්‍රේමයේ හැටි එහෙම වෙන්න ඇති අපි දන්නවය ඒවයි හැටි. ඉතිං ඒ නිරුවත් පිංතූර අදටත් ඒ ආදරණීය අයියා ලඟ ඇති කියල තමයි කස්ටිය කියන්නෙ.

ආදරනීය හිතට කාවදින අන්දමින් සිය ලේඛන කෞෂල්‍යයෙන් මුලු සයිබරයම කාලයක් අමන්දානන්දයට පත් කල මේ අයියා මේ ගෑනු ලමයාට විටින් විට තර්ජනය කරනවාලු ඒ ඇඳුං නැති පිංතූර ලෝකෙට නිකුත් කරනවා කියලා. ඒ කරන්නෙ සමාර විට යම් යම් දේවල් කරගන්න වෙන්නත් පුලුවනි
 
ඉතිං ඕක කතාවක්යැ...සික් විතරක් ඕව ඕනි තරං වෙන දේවල් නේ. ඔව් ඒකත් ඇත්ත තමයි. ඒත් මේ අයියා දෙවරක් කසාද බැඳපු කෙනෙක්. ඒක කලිං අර ගෑනු ලමයට කියල තිබිල නෑ. මේ අයියා අර ගෑනු ලමයට කියල තියෙන්නෙ එයාෙග තාත්තා ඉස්කාගාර සංස්ථාවෙ කියලා. ඒත් පස්සෙ බලනකොට එයාගෙ තාත්තා අහිංසක රා මදින්නෙක්. තව ඉතිං එයා වැඩකරපු කම්පැනියෙ මෙයා ඇත්තට රියදුරු වගේ රැකියාවක් කලාට අර ආදරය හමුවේ ඒ රැකියාවත් මැනේජර තනතුරක් විදියට පරිවර්ථනය වෙලා තියෙනවා.

තව ඉතිං හැමදේම ලස්සන නෑ වගේ මේ නංගිත් ඇවිල්ල පුදුමාකාර සුවිනිත හැදියාව තියෙන අවංක අහිංසක. තව ඉතිං පද ඕනිනං දාගන්න ඈ. එයා ඩිවොස් වෙන්න ඉඳපු කෙනෙක්ලු ලංකාවෙ. ඒත් මහත්තය ඩිවොස් එක දීල නෑලු. සාධාරන හේතුන් මත දික්කසාද වීමේදී ලංකාවෙ නීතිය කාන්තාවගේ පාර්ශවයට ටිකක් වාසිදායක වෙන බවක් තමයි සාමාන්‍ය පිලිගැනීම. ඒත් මේ අහිංසක අක්කාට ඒ දරුණු මිනිහා දික්කසාදය නොදී මෙයාව පෙලනවා කියල තමයි සාමාන්‍ය පිලිගැනීම වෙලා තියෙන්නෙ.

කවි ලස්සනයි සුන්දරයි. ඒ වගේම ආත්මීයයි. ඒත් ඒ ලස්සන ආත්මීය දුක්බර කවි කතා අස්සෙ ඉන්න චරිත ඒ තරම්ම ලස්සන නෑ. ඒ මිනිස්සු හරියට සිංහ හම් පොරවගත්ත නරි වගේ වෙලාවකට. මට හිතුනෙ හෙමයි.

මේ වගේ සුට්ටං නංගිල ප්‍රේමණීය අයියල ඉන්නෙ අපේ වෙන තැනක නෙමෙ මේ සයිබර් අවකාශෙ ශ්‍රී ලාංකිය මූනුපොත් අවකාශයේම තමයි. ඒත් මේ අය විවිධ ආත්මීය ටෝක්ස් මේ වෙනකොටත් බෙද බෙද ඇති.

මේ අයියා එතනින් නොනැවතී තමුන්ගේ මල්ලිලා පිරිසකට සලකන්න මොනාදෝ බඩුවගයක් ගෙනත් දෙනවා කියලා පොල්ලක් තිවුවා කියලත් ආරන්චියක් තියෙනවා
 
කෑම් සෙක්ස් කියන්නෙත් සෙක්ස් ජාතියක් වෙන්න ඇති. කැමර් එක ඉදිරියෙ ඇදුං ගලවනකොට අනික් පැත්තෙ හිපාටුවෙකුට පේනවා. ඒක හරි ලේසියි නේ. ඒත් ඉතිං මේ වෙලා තියෙනව වගේ කෙල්ල ඇඳුං ගලවපු සීන් එකක් හෝ අඩුතරමින් පොටෝ එකක් හෝ අපි සයිබරයෙ දැක්කොත් ඒවා සෙයා වෙන්නෙ විදුලි වේගයෙන්. කොටින්ම අර ගැනු ලමයාගේ නෑයො, යාලුවො, කන්තොරු වල අය, හරහා වේගයෙන් හමා යන්න ගන්නවා. ඉන් පස්සෙ මොකද වෙන්නෙ අර ගෑනු ලමයාට කරකියා ගන්න තැනක් නැති වෙනවා
 
කවියක් සින්දුවක් කතාවක් අහිංසක වචන දාල ලිව්වම සමහර නංගිල හිත විතරක් නොවේ අනික් දේවලුත් ඒ අයියලට දෙන්න යනවා. ඒත් මේ වගේ දේවල් ගැන තව පාරක් හිතල ඉන්නවනං හොදයි. කෝමද තමුන්ගෙ තාත්තට මේන් බලන්න ඔයාගෙ දුව වගේ කියල මේල් එකකින් ලිංක් එකක් ආහම තියෙන ආතල් එක..

ඒ අයිය දැං ලංකාවට ඇවිල්ල තමුන්ගේ ගෑනු කෙනාත් එක්ක විදෝ ‍විදෝ ජීවත් වෙනවලු. හැමෝටම බොරු කියලා හැමෝවම රවට්ටලා දැන් කිසිම කෙනෙක් අයියා එක්ක හිත හොද නෑ කියල තමයි ආරංචිය. සමහර විට අයෙත් අර ආදරනීය සුරගනට කතා කරල අනේ සමාවෙන්න රත්තරනේ කියල කියන්නත් ඒ අයිය පසුබට වෙන්න නැතුව ඇති. මොකද එගොඩයි මෙගොඩයි දෙපැත්තෙම පය තියන් ඉන්න එක කෝකටත් හොදනේ..

ඔය කට්ටියත් කැමති නම් අන්තර්ජාලයේ තමුන්ගේ පින්තූරයක් හරිම ලස්සනට පල කරගන්න යන්න චමින්ද නම් වූ ප්‍රදීප යේ යව්වනයා වෙත.

Monday, June 25, 2012

ආමි ජිනේ සහ පේමවතී

මෙය වනචර කතාවකි. මෙය වනචර වූවත් නැතත් අන්තර්ජාලය නැමැති සාගරයේ දියනෑමට පොඩි උන් තනියම යැවීම මව්පියන් නැමැති හරකුන් විසින් නොකල යුතු වැඩකි. 
 
          ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක්  දැක්කහම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.

පේමවතී නැත්තං මට ඉස්කෝල එපා වෙලා. එයැයි තමයි මට ගණං කියල දුන්නෙ. ටිකක් කියල දුන්නම මට ඉතිරි ටික ඇහැකි. ඒක අපේ ලොකු කන්නාඩි පොලඟ කියල දෙනවට වඩා ලේසියි. පේමවතී නැති දවසට පංතියම පාලුයි වගේ.

සමහර අය අපිට කිව්වෙ කපල් එක කියලා. ඒකෙ වරදක් නෑ. අපි කපල් එක තමයි. පේමවති ලොකු වෙනකල්ම මං එයාට ආදරේ කලා…ඒත් පේමවතී ලොකු වෙනකොට අපි අතර තිබුන දුරත් ලොකු උනා

පේමවතී උසස් පෙල කොරනකොට මං හරක් පස්සෙ යනවා. දවසක සරං කොටේ ඇඳං හරක් පස්සෙ ගිහිං එනකොට පේමවතී හම්බුනා. ඒකි උස්සං වඩං යන්න හිතුනා මට..ඒත් ඒම කලාම කෙල්ලට රිදෙයි..ඒකිගෙ හිතටත් රිදෙයි මං නිකං උන්නා..

අපේ මහ එලදෙනගෙන් ගන්න කිරිවලට වඩා පේමවතීගෙ තං දෙකෙන් කිරිගත හැකි වෙයි. මට හිතුනා. ඒත් ඒව අල්ලන්න මට බයයි. දවසක් මං ඇල්ලුවා නෙමෙයි අල්ලන්න හැදුවා. "කෝලං, වනචරයා පල අහකට" කියලා පේමවතී දිව්වා…

එතනින් මං නැවතුනා. මට එලවන්නත් තිබුනා මං එලෙව්වෙ නෑ…එතකොට පේමවතී මට වනචරය කියල ඉවරයි. මං දිව්වෙ කෙලින්ම හමුදාවට. ඒ ඒ හරකගෙ වගතුග බලනවට වඩා ගෑනියෙක් ගන්න ගෙයක් හදාගන් ඕනි කියල හිතුනා. ඔහේ යන එන මට හමුදාව හරි ලේසියි. හරක් පස්සෙ එලෝපු මට තුවක්කුවක් ලැබුනා. ඒක හරි ලොකුයි මට..

         හරක් උක්කුවගෙ පුතාට තුවක්කුවක්..ආන්ඩුවෙන් නිකම් ලිස්ට් වලට තුවුක්කු බෙදුවනං මට තුවක්කුවක් ලැබෙන්නෙම නෑ.හරියට අපිට කන්න බොන්න නැතත් මන්ත්‍රි තුමා පස්සෙ නොගිය නිසා මුද්දර කාඩ් කැපුන වගේ..ඒත් හමුදාවට ආපු නිසා තුවක්කු බෝම්බ ලැබුනා. දවසක් හෝල් එකකිං බලපු චිත්‍රපටියක සට පට ගාල වෙඩි තියනව වගේ එන ඒව මට කරන්න ලැබුනා…

        මට හැම රෑම පේමවතීගෙ තං දෙක මතක් උනා..ඒත් වැඩක් නෑ..ඒව දැං සින්න වෙලා ඇති මං හිතුවා…එකපාරක්වත් මං පේමවතීගෙං අහල තිබුනේ නෑ.. ඇහුවෙත් නෑ…ඒත් ඇහුවට පේමවතී මගේ නෙමෙයි…එයා ඉන්නෙ කැම්පස් ලෝකෙ…ඒකෙ ඇතුලෙ තියෙන්නෙ හන්තානට පායන සද වගේ වෙන එකක්..

ඉස්සර ඔහොම නෙමෙයි මොට්ටසේන මෙහෙමයි ලියන්නෙ කියල හිමීට නොරිදෙන තාලෙට ටොක්කක් ඇනල කියල දීපු පේමවතී නෙමෙයි අද ඉන්නෙ…අද ඇවිල්ල එයාට මාව නිකම් නිකම්ම නිකමෙක්…
 කාලය මට සල්ලි කොල අතගාන්න දුන්න…මට වීරයෙක් වෙන්න ලැබුනා..ඒත් මගේ පොත බලන්න පොත බලල ලොකූ හරියක් දාන්න පේමවතී කෙනෙක්  දුන්නෙ නෑ.                    
                
මේ ඔක්කොම මම කියනකල් ඒකි හිටියා අහගන..ඒකිව අල්ල  ගත්තෙ  අනුරාධපුර බස් ස්ටෑන්ඩ් එකෙං. අල්ලගත්ත ගමං මං බැලුවෙ අත අල්ලල නාඩි. කොල්ලො කියන්නෙ නාඩි වැටෙනවනං ඇති බං මේ තියන මෝලට  කියලා. ඒකිට නාඩි වැටුනා. මට හිනා. ඒකි බලනවා මං වෙදකං කරන්න ඇවිත්ද කියලා.

               ඔහේ ආස නැහැයි ළමයෙක් හදං පවුලක් වෙන්න.? මට නං බෑ ඔවැයි කසාද බදින්න මං නිකං ඇහුවෙ.

                ගෑනි උඩ බැලුවා. නාට්ටියක චිත්‍රපටියක නං බලන්න ඕනි ජනේලෙ දිහා..හුටා මං අඩුවට ගත්ත කාමරේ ජනෙල් තිබුනත් ඒව තදට වහල. ෆෑන් එක තියෙනවා වහලෙ ඒක කැරකෙන. කෙල්ල ෆෑන් එක දිහා බලං කියනවා. ළමයි නේද.? අපේ අක්කට දෙකක් ඉන්නවා. මේ දවස් වල වතුර නෑ වැව් වලවත්. ඉණ ගාව කලගෙඩිය තියං හැතැම්ම ගානක් පයිං යන්න ඕනි වතුර ඩිංග ගන්න.. මස්සිනාටත් කුලී වැඩ හිටියොත් තමයි කෑම ටික හරි.. නැත්තං ලුනුයි බතුයි තමයි. 
            මේ ඉතිං ඔහෙට තිබුන නේ ගාමන්ට් යන්න අපේ පැත්තෙ කෙල්ලො යන්නෙ..ඕනිතරම්.

     ඇය රැවුවාය..රවා මා දෙස බලා..අපි ඔක්කොම ගාමන්ට් ගියානං ඉතිං අර බුලත්විඩි විකුනන ගෑනු තමයි අල්ලගන්න වෙන්නෙ..එනව මෙතන ගාමන්ට් කතා කොරන්න.. බතල ගලවන්න ආවනං බර බර ගාල අල ටික බහිනකං ඉදල බතල ටික ගලවං යනවා යන්න .මෙතන හතර මායිං හොයන් නැතුව.
           තවත් ප්‍රශ්ණ ඇසුවොත් ස්වභාවයේන්ම කලු බතල වූ, ඇයට තද වී බතල ගලවගන්ට අමාරු වේයැයි බියෙන් මා ඉක්මනින් බතල ටික ගලවන්නට සැරසුනි. මනසින් පේමවති මවාගෙන ඉඩම දෙස දෙතුං විඩක් බලා කිරිස් කිරිස් හඬ මත්තෙන් මා බතල ගලවා හති ඇර දාහෙ නෝට්ටු කීපයක් මහන්සියට දී ආවෙමි.

Friday, June 22, 2012

පිරුණු වීදියේ

මේ පිරුණු වීදියේ නෙක කෝලම් විසිරෙනා..
 
දස දහසක් දේවල් මට ඕනෑ නෑ

ඇඳුමක් ගන්නට සපත්තුවක් ගන්නට

සිතුනත් තෝරා දෙන්නට ඔබ ඇවිදිල්ලා නෑ..


කෑගසා අඩගසාවී....මේ ලාබයි කියාවී.
.
අඩුකරලා දෙන්නට උන් සැරසේවී...

ඝොසාවන් ඇසේවී..මිනිසුන් හැපී යාවී..

එහෙත් පාලුව මා සිතවට කැරකේවී..


පාවහන් පාටින් දිලිසී යයි ඇඳුම් රටා දෙද්දී

මට වියදම් කරන්ට සිත ඉඩ දෙන්නේ නෑ

මල් මිටියක් අත අරං යලිත් මං තිව්වා

ඔබ ආවානම් එය දෙන්නට තිබුනානේ..
Pirunu v diya by indika27

Wednesday, June 20, 2012

හොරා දකිමු 02

එය ලස්සන දවසක්ද කැත දවසක්ද වැහිබර එකක්ද කියා මට මතක නැත. නමුත් එදා සතියේ දවසකි. සවස තුනට පමණ මගේ බොස් කතා කලේය. ඒ අතේ ඇති මාගේ අතබනුවටයි. අතබනුවට බොසාගෙන් කෝල් එකක් ආ නිසා මා ආන්සර් කලෙමි. මේ අයිසේ පොඩි කේස් එකක්..
ආ කියන්න සර්..
තමුසෙ ඔතන මුර කරන්න ඕනි නෑ... පොඩි වැඩක් තියෙනවා ඒකට යනවා.
දැං ඔතනින් තමුසෙ වාහෙනේ අරං යනවා පොඩි ගෙයක් තියෙනව කඩන ආන්න එතෙන්ට..කියා තැනක් කියා කඩන නිවසක්ද, එහි ඇති ගැලවු පෙට්ටමක්ද, ගැන විස්තර කීවේය..
අපේ බොසා මට තමුසෙ යයි කියන්නේ තරහකට නෙවේ..ඒ ඔහුගේ ආමන්ත්‍රණ ශෛලියයි. මා හට බඩු පටවගෙන යන්නට වූයේ ත්‍රිවිල් එකක උඩ තට්ටුවේය. එය තට්ටුවක් ගසා තිබු ත්‍රිවිල් එකකි. බඩු ටික නම් එතැන සිටි කොල්ලන් කීප දෙනෙක් විසින් තට්ටුවට පටවන ලදී. ඉන්පසු බොසා කිව් විදියට මා විසින් කියන ලද මුඩුක්කු වීදියට එන ලදී..ඒ මුඩුක්කු වීදියට හැරෙන තැනින් පසුව නම දැනගන්නා ලද කාවින්දි නම් වූ යුවතියක් මගේ ත්‍රිවිල් එකට නගින ලදී..
දැන් ත්‍රිවිල් එකේ තත්වය අපි විමසා බලමු.
    ත්‍රිව්ල් එක යන්නේ මුඩුක්කු වීදියකය. තරමක් තදනන්තර බඩුවක් වූ කවින්දි සහ කෙස්ටු එකෙකු වන මා සහ ඩයිවර උන්නැහේ කෙනෙක් ත්‍රිවිල් එක තුලය. ත්‍රිවිල් එකේ වහල උඩ පෙට්ටමගක ගලවන ලද, කැටයම් ලියකම් සහිත ලෑලි ගොඩකි. ත්‍රිවිල් එක සෙමෙන් යයි. කලකට ඉහත බලන ලද සිංහල චිත්‍රපටයක දෑවැද්ද ගෙනයන දර්ශනයක් මට මතක් විය. මා මනසින් මෙන්ම මුවගින්ද හිනාවක් දැම්මෙමි. කවින්දි අක්කා මා දෙස බලා ඔරවා ගෙන අහක බලාගත්තේ ඈට සිනාසුනා කියා සිතලා විය යුතුය. මග දෙපස කොල්ලෝය කෙල්ලෝය. පොඩි සයිස් කෙල්ලංට ජංගි කෑල්ලක් ඇත. කොල්ලන් සමහරු හෙලුවෙනි.ඔවුන්ගේ ඩයිනින් රූම් එකත්, කැම කාමරයත්, ඉස්තෝප්පුවත්, ක්‍රිඩා පිටියත් පාරමය. ගෑනු මිනිස්සු මේ ත්‍රිවිල් එකේ ගෙනියන්නේ මොකද්දැයි බලති. ඒ අතර කවින්දි අක්කා අඳුනගත් සමහරු ඇය සමඟ සිනාවෙයි. ඉඳහිට තරුණ කොල්ලෙක් ත්‍රිවිල් එක උඩ පෙට්ටගමකුත් ත්‍රිවිල් එක ඇතුලේ ටීවී එකකුත් ඇතැයි සිතන්නාක් මෙන් ත්‍රිවිල් එක තුලට එබෙයි. නමුත්  ත්‍රිවිල් එක තුල තිබූ කවින්දි නැමැති විසල් ටීවී එකේ චැනල් එක ටිකක් සවුත්තු නිසාදෝ කොල්ලන් සැනින් ඉවත බලා ගනී. උඩ තිබූ පෙට්ටගම ගලවලා තිබුනත් යම් තරමින් බරය. ඒ බරට යට කොටසේ ඇති කවින්දි අක්කාගේ බරද එක් වූනිසා දැන් බැලන්ස් ගතියක් එයි. ඇය එවන් උඩ බර ඇති ත්‍රිවිල් වලට බර බැලන්ස් කිරීමටද යොදාගත හැකි බවක් ද මට සිතුනි. එහෙත් ඒ වගක් මා පසුවවත් ඇයට කියන්නට ගියේ නැත.

මල්ලි මේ ළඟද? විතාරණ මහත්තයගේ ගෝලයෙක්ද?
ඔව් අක්කෙ මං මේ ලග බෝඩ් වෙල ඉන්නෙ අපේ සර් තමයි විතාරණ කියන්නෙ..
මේ හරිය පුරුදු නෑ වගේ නේද??
ඔව් මං මේ වගේ තැනකට යනවමයි වගේ....අපේ බෝඩිමත් මීට වඩා පොඩියයි හොඳ..
 යැයි කියා මා ෂේප් උනෙමි..

අපි ගමනාන්තයට ලඟා වුනෙමි. එවන් කර්කශ මුඩුක්කු වීදියකට නොගැලපෙන ගෙයකි. තට්ටු දෙකකි. සාමාන්‍ය නිවසක කාමර දෙකක වපසරියෙන් ඒ තට්ටු ගෙදර එක් තට්ටුවක් සමන්විත විය. මාද අල්මාරිය බෑමට උදව් විය. රියදුරු තැනද උදව් විය. කිනම් හෝ හේතුවක් නිසා අක්කා බඩු බෑව ගමන් රියදුරු මහතාට ගාන දී ඔහු පිටත් කල අතර මා හට ස්වල්ප වෙලාවක් ඉන්ට යයි කියන ලදී.  මාද ඇති වැඩක්ද නැති වැඩක්ද නැති එකෙක්වූ හෙයින් නැවතුනි. කලින් වතාවේ සිද්දවූ යකඩ හොරකම නිසා මා කන්තෝරුවට වැඩිය මනාප නොවීය. එනිසාම මා පාර අලුත්වැඩියා කරන ජොබ් එකකට ජොයින් විය.ඒ වැඩ කරමින්  සිටින විටය මට මේ නව කොන්තරාත්තුව පංගරාත්තු වූයේ. 
  කවින්දි අක්කාට ලස්සන ඇස් දෙකක් විය.ඒ ඇස් දෙකට ලස්සන සරීරයක් මීට කලකට පෙර තිබෙන්නට ඇත. තේවතුර ටිකක්බී ඇය ගෙනත් දුන් බිස්කට් එකක්  කමින් මා අක්කාගේ කතාව අසා ගතිමි. ඇගේ සැමියා මැරයෙකි. ඇය දැන් ඉන්නේ අතන මෙතන කන්තෝරුවල අයින් කරන බඩු විකිනීම..ආදී කුනු ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩවලය. අපේ මහත්තයා වන විතාරන උන්නැහේටත් මේ ගනුදෙනුව හරහා ගානක් යන්නට ඇත. කුණු අතර අපේ රටේ ටිකක් වැදගත් කුණු ජාති තිබේ. කොම්පියුටර කෑලි, සර්කිට් කෑලි ඊයම් වලට උනු කරයි. යකඩ ටික පරණ යකඩ කාරයින්ට දෙයි. මෙවන් පරණ පෙට්ටගම්, ලිබඩු උලුවහු ආදිය පරණ ඇන්ටික් ලෝලින්ට දෙයි. ඒවා එකතු කරන්නට විශේෂ අය සිටී.
     අයිය ඉද්දි මේව හරියට නැගල ගියා. එයා මේ බිස්නස් අස්සෙ වෙන ඒවත් කරන්න ගියෙ නැත්තං අපිට කාල ඇඳල ලමයෙක් හදං ඉන්න තිබුන. වෙලාවට ලමය නැති උනේ නැත්තං ඌටත් මේ නරාවලම අයිති වෙයි. නැතිඋනේ ඉපදිලා නෙමෙ. මැරිලමයි ඉපදුනේ.ඒ කවින්දි අක්කාය...
          ඒ කරන සුලු රැකියාවලට අමතරව ඇය වෙනත් කුමක් කලාදැයි මා නොදනී. වැඩිපුර එක එක දේවල් පස්සේ පැන්නීම හොඳ නැත.ඒ දේවල් හෙව්වාය දැනගත්තාය කියා සමාජය වෙනස් නොවන බව මා අත්දැකීමෙන්ම දැන සිටියෙමි.  අක්කා මාර ෆිට් බඩුවකි. මා ඇයට ආශා කලාය. ලක්ෂණ රූපයෙන් අඩු වුවත් ඇය සතුව බොක්කක් තිබුනි. ආදරයේ බීජ හොඳින් පැලකල හැකි සාරවත් බොක්කක් ඇයට විය. ඇගේ කටහඩ ලයාන්විත ගතියකින් හෙබිය. නමුත් ඇයටත් ඇත්තේ මුඩුක්කු පාරිභාෂිකයකි. එහෙත් ඇගේ කතාවිලාශයේ ඇති කෝමල බවට නම් අබමල් රේණුවක වත් හානියක් නොවී තිබුනි. මා හෙන පැණියාය එකල. එයටද හේතු තිබේ. ඇසින් දකින්නට කටින් කතාකරන්නට සිටි මගේ පියම්බිකාවන් දෙදෙනාම මා හැරගොස් සිටියේය. තනිකම මට සැරට දැනෙන්නට විය. ෆිල්ම් බැලිල්ල පේස්බුක් යෑම, පිස්සු කෙලීම තනිකම තවත් වැඩිකරන්නට හේතුවිය. ෆේස්බුකියේ මගේ යාලුවො බඳිති කෙල්ලො සමග පොටෝ දාති. ෆිල්ම් බලන විට ඒවායේ කපල් පිවිතුරු නිකලැල් ආලය විඳිති, අවට පාරේ යන විට ඇඹරෙමින් වෙලෙමින් කපල් යයි. මේ ඩබල් ඩබල් පේන ලෝකේ මා විතර එක පලුවක් තියාගෙන තවත් පලුවක් නැති කමින් විඳින එකෙක් බව මට තේරුණි. බොහෝ මා ගිය ෆිල්ම් හෝල්වල නාට්‍ය බැලීම්වල තනිව පැමිනෙන්නේ මැදිවිය ඉක්මවූ නාකි වියට කිස්ටු පිරිමි අයය. මාද ඒ ගොඩේම විය. කාවින්දි අක්කා කැත වුවත් මා ඇයටම ඇලුනේ ඒ නිසා වන්නට ඇත.
    ගැහැනියකගේ මුහුන සරීරය අපේ ඇස පිනවන පරිමාණයට නැතිවීම කැත යැයි මැනීමට හේතුවකි. මා ඉගනගන්නා කල ඉංගිරිසි උගැන්මට යැයි සිතා ඉංගිරිසි පත්තර බලන අතර රූපරාජිනී තරඟ වලට ගෑනු ලමයි සොයන දැන්වීමක් දිටිමි. පියයුරු සයිස් එක, ඉනේ සයිස් එක, වයස, අවිවාහක බව ආදී දේවල් මිමි සහිතව තිබුනි. මා ආසා කරන යෝධ පියයුරු සහිත ගෑනුන්ට කවදාවත් රූප රාජිනියන් ලෙස පත්විය නොහැකි බව මට වැටහුනි. මට ඇතිවුනේ ඒ තරඟ ගැන තරහකි. 
   අපි අතින් අතපත ගාන...ඇසින් දකින..කනින් අහන සියල්ල සෙන්ටර් වන්නේ මොලයටයි. සමහර තොරොම්බල් කරත්ත මෙන් ලස්සන සුන්දර යුවතියන් දකින විට ඔවුන් යාලුවෙලා සිටි කොල්ලන්ට බූට් තබා ඇති කුරිරු ආකාරය අපිට ඇසේ නම් අපි කෙලෙසින්වත් ඔවුන්ට රාග ආශාවෙන් සිටිනවා විනා ගෙදර ගෙනියන්න බලාගෙන ප්‍රේම කරන්නේ නැත. ඇය දකිනවිට ඇගේ ගැන මගේ මනසේ ඇති දත්ත කිනම් අයුරු වෙයිද යන කාරණය බොහෝ වැඩිදුර ප්‍රේම කතා වල සිදුවෙයි. සමහරෙක් තමා ගැන පෙම්වතා හෝ පෙම්වතිය සිතාගෙන සිටින්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ඔවුන් ජීවිත වෙනස් කරගනී. එනම් යම් අයෙකු කැමති ගෙදර කැමට නොවේනම්ද එලියට ගොස් කෑමට කැමති නම්ද..විවාහෙයෙන් පසුව සමහරෙක් සිය සැමියාගේහෝ බිරිඳගේ කැමැත්තද තමාගේම කරගනිති.
 මට වී තිබුනේ එසේ නැවීමට ඇති අකමැත්තයි.ආලය කල කාලයේ බීච් හෝ සිනමා පට බලන්නට යන මා, කජු කෑමට කැමති නම් මා කජු මිලදී ගෙන කජු කෑමට අකමැති ගර්ල් ෆෙන්ඩ්ට මා විසින් කඩල මුලක් අරන් දෙමි. එහෙත් ඇය සිතන්නේ එක්කෝ ඇයද කජු වලට එකතු විය යුතුය. නැත්නම් මාද ඇයගේ කඩල මුලට එකතු විය යුතුය යන අදහසයි.. කාවින්දි අක්කා සමඟ ඇති සම්බන්ධය දුරදිග ගියේය. එය දුරදිග යන්නේ නැතිනම් කතාවක්ද නැතිවෙන නිසා එය දුරදිග යා යුතුමය..
            එහෙත් සැක්ස් හෙවත් සැක්ස් ලෙස දකින සැර ජිම්නාස්ටික් එහෙ තිබුනේ නැත. මට ඇයව අවැසි වගේ ගතියක් විය. ඇගේ නම්බරය ගෙන හෙමෙන් ඩයල් කර වතාවක් කට් කලේය. ඉන් පසු දිනක සැඳෑවක යලිත් එය සිදුවිය. පසුව අක්කා විසින්ම මට කෝල් කරන ලදී. අපි හමුවුනෙමු. එහෙත් කාමරයක නොවේ. ඔහේ අපේ කතාන්දර හුවමාරු කරගනිමු. එහි යම් බැඳීමක් ඇත. ඇයට ඇගේ ලෝකේ කිසිවකු නොවන මා වටින්නේ ඇයට ඇගේ මුඩුක්කුව. බිස්නස් එක ආදි සියලු දේ කියත හැකි නිසාය. 

මගේ කන්තෝරුව ගැනත් මට සියල්ල නොවලහා ඇයට කිය හැක්කේ කන්තෝරුවේ අපේ  විතාරණ ලොක්කා හැර කිසිවෙකු ඇය විසින් නොදන්නා නිසාය....ඒ චරිත දැන් ඇයටද මතකය. කන්තෝරුවේ තේ බොන විට වෙන කතා වල චරිත දැන් ඇයට මතකය. මගේ යටතේ වැඩකරන උන්ගේ ළමයි ගැන පවා දන්නේය. වැඩකරන උන් මාව ෂේප් කරගන්නට උංගේ ගෙවල්වල දේවල්ද කියති. සියලු කුනු යන බොක්ක සේ මා නිසලව සිටින මුත් මා හට ඒවා මතකය. එහෙත් වැඩිපුර උන් කරට ගැනීමෙන් මගේ ඔලුව පතුරු යා හැකි බැවින් මා නිසලව සිටිමි. ඒ විස්තරද මා අක්කා සමඟ කියමි. රේඩියෝ එකට ටීවි එකට වඩා එහා ගිය දෙපැත්තටම කතා කල හැකි වස්තුවක් නිසා ආලකතා නම් වැදගත් විනෝදාංශයකි. ආතතිය නැති කරගැන්මේ මඟකි..
 ඉතින් අපි සිටිතැන කාපු බීපු දේවල් ආදිය බලන කෙනාට ඕනි නැති නිසා ඒවා ලිව්වේ නැත.. 
(මෙය කලින් කතාවේ දෙවන කොටස වන අතර තුන්වෙන කොටසක්ද බාගදා තියෙන්නට පුලුවන..)

Tuesday, June 19, 2012

හොරා දකිමු.

කැබ් එකකි එහි චරිත තුනකි. එකෙක් මාය. මා බාගෙට නිදිය අනික් දෙන්නා කතාවය. බලන්න මුං ගහන ගැහිල්ලෙ හැටියට රට ඉතිරි වුනොත් තමයි පුදුමෙ...නැව් ගනන් නේ ගහන්නෙ. කොච්චර කුමන්ත්‍රණ කාරය උනත් අර රනිලය ඔහොම නෑ..ඒත් ඌත් දැන් වැඩක් නෑ. මේ පටන් ගන්නේ මා විසි තිස් වතාවක් හොඳින් අසා ඇති දේශපාලන සංවාදයකි..

මේ ඉදිරිපස අසුනේ යන්නේ මගේම සහෝදර පරීක්ෂකවරයෙක් සහ තවත් අපේ රියදුරු මහතෙකි..
බලන්න මේ කලර් ලයිට් එක මහත්තය. මේකෙ මේ පැත්තට යන්න දෙන්නෙ තප්පර දහයයි. මොකා මේව දානවද දන් නෑනෙ. ඒකට ඩුබයි වල හෙම. සුටුස් ගාල යත හැකි නේ. මේ වාහෙන පෝලිම වැරදියට තියෙන්නෙ මේ කලර් ලයිට් හින්ද තමයි. හැමතැනම ට්‍රැෆික් නේ..
රියදුරු කියවයි. තව ස්වල්ප වේලාවකින් අපේ අනෙකා ඒ කලර් ලයිට් වැරැද්දටත් මහින්ද හෝ රනිල් පංගරාත්තු කරයි. ඒකත් අර මන්දිරයක සිටින කෙනෙකුගේම එකවුන්ට එකට යයි. 
මා උසස් අධ්‍යාපනය  ඉගනගන්නා කාලයේ ඔය කලර් ලයිට් සවිකරන හංදිවල වාහන සමීක්ෂන කරන්නට වරක් ලැබුනි. එවිට අපිට මැසිමක් දෙයි. ත්‍රිවිල් එකක් ගියොත් ඒ මැසිමේ ත්‍රිවිල් එකක් අලවා ඇති බටන් එක එබිය යුතුය. මංසන්දියක ඇති සියලුම පාරවල් වලට මේ ආකාර මැසින් දී කොල්ලන් යොමුකර උන්ට වාඩි වෙන්නට පුටු සහ හිසට කුඩ දෙයි. ඉතින් වාහන ඇසිපිය නොහෙලා ගනන් කල යුතුය. එවක ඒකට පැය හයට රුපියල් අටසීයකි. එවන් විටක පවා ගනන් කරන වැඩය හරියට කරන්නේ එහෙමත් එකෙකි. එකෙක් කෙල්ලාට කෝල් කරයි. තව එකෙක් ළඟ හෝටලේක සිගරට් බොයි. තව එකෙක් වාඩි වී නිදි කිරමින් සිට නින්දෙන් අවධි වී  එකපාර බොරුවට බටන් ටිකක් ඔබ ඔබාගෙන යයි. එදවස අපිට සැලකිය යුතු ගානක් ඒමගින් අතට ලැබුනි. එහෙත් අපේ උන්දැලෑ වැඩේ කල සැටි මාද හොදින්ම දැන සිටියෙමි. දැන් ඒ වැනි සමීක්ෂණ මත පදනම්ව  සැදු කලර් ලයිට් පත්තු වන්නේ යන වාහන ගණනට නොවේ..අර සමීක්ෂණ තැබූ හොර කොල්ලන් එබූ වැරිදි කැල්කියුලේෂන් ඇනුවය....

එකවර වාහනය වලක වැටුනි. දැන් අර ඩුබයි සිට ඇවිත් දේශපාලන පන්දමකින් රැකියාව ගත් බුවා ආයිත් ආන්ඩුවටම බනියි. බලන්න ආන්ඩුව මේව බැලන්ස් කරන්නෙවත් නෑ. තව ටිකක් වේගෙන් ආවනං අපි ඇම්බ්‍රෙල්ල පවුඩර් වෙලාම යනවා. ඒ කියන්නේ මෑන් හෝල් එකක් හෝ එවැනි යමක් ගැන විය යුතුය. මාර්ග වල වැඩ කරන විට සිමෙන්ති මිශ්‍රණ කොන්ක්‍රිට් මිශ්‍රණ දැමිය යුත්තේ සිමෙන්ති වැලි ගල් 1:2:4 අනුපාතයෙනි. නමුත් වැලි ගොඩාක් අනවශ්‍ය ලෙස දමා මෙවැනි මාර්ග වල ඇති මෑන් හෝල් හෑන්ඩ් හෝල් සහ වෙනත් ඉදිකිරීම් කරනු මා කොෙතකුත් දැක ඇත. ඉගෙන ගෙන ඇති අයුරින් 1:2:4 යනු ප්‍රාථමික මට්ටමේ මිශ්‍රණයක් වුවත් එයවත් පාවිච්චි නොකරන අවස්ථා දැක මා මුල් කාලයේ පුදුමයට පත්විය. නමුත් පසුව එය ඉබේම සාධාරනී කරණය විය. පසුගිය දිනෙක මා කොළඹ ඇවිදින අතර පාර අයිනේ විසල් නාමපුවරු සවිකිරීමට කොන්ක්‍රිට් අනනු දිටිමි. තාප්ප සිමෙන්ති කැබලි, ඇහිඳගත් ගල්කෑලි පාරේ වැලි යන දේවල් වලට සිමෙන්ති යොදා වතුර දමා මිශ්‍ර කොට එය අර කණුව සිටවන මුලට දමයි. එය හරියට කෙරේදැයි බලන්නට ද එකෙක් සිටියේය. ඒ බෝඩ් එක සිටුවා ඇති කණුවට එකෙක් හේත්තු වුවහොත් එය කෙළින් තිබේදැයි මා හට නම් කිසිම සුවර් එකක් නැත. ඕනෑම ගල් ප්‍රමාණයක් වැලි ප්‍රමාණයක් සහ සිමෙන්ති ස්වල්පයක් එක්කල පමණින් එය කොන්ක්‍රිට් නොවෙන බව මිනිස්සු දනිති. මේ වැඩකරන බොහෝ මිනිසුන් තමුන්ගේ ගෙවල් හදන විට ලොකුවට සරුවට කොන්ක්‍රිට් දමති. නමුත් කොම්පැනි වැඩ ආන්ඩුවේ වැඩ කරන්නේ නමට පමණි..

මා රැකියාවට ගිය දවස්වල අප ආයතනයේ ආයතන ක්‍රමය ගැන පොඩි පහේ ලෙක්චර දුන් ගුරෙක් විය.ඒ කල මට ඌව පොරකි. එහෙත් මේ ලඟදී රාත්‍රියක මීටිමක් අවසන...මා සමඟ ලිෆ්ට් එකේ එන ඔහුගේ මල්ල යන්තමින් ඇරී තිබුනි. එකල ආයතනයේ කොළයක් පවා ඉවත ගෙනයෑම මනුෂ්‍යකමට සහ නිලයට නිගාවක් ලෙස දැක්වූ එතුමාෙග් බාගෙට ඇරුනු ලැප්ටප් බෑගයේ පොටෝකොපි කොල බන්ඩලයකි. එනම් ෂීට් පන්සියයක පැක් එකකි.මේ රාත්‍රි වෙලාවෙ කන්තෝරුවේ කිසිවෙක් නැති නිසා සහ සිකුරිටි එකෙන්මේ හදිසියේ ලැප් බෑගය චෙක් නොකරන නිසා ඒ ලැප්ටප් බෑගය තුල පොටෝකොපි කොල රොත්තක් යයි. මින් පෙරද තඩි බයෝලොජි පොතක්මේ පොරගේ උවමනාව පිණිස පොටෝකොපි වෙනු මා දැනගත්තේ ඒ වැඩෙන් හෙම්බත්වී සිටි කාර්යාල සහායකයකුගෙනි...

   කන්තෝරුවේ දිනක් හෙන කතාවකි. එනම් උත්සව කාලේ බස් වල යෑම ගැනය. ඒ කෑම කන වෙලාවය. පෝලිම් වල සිට පෝලිම් පනින අයත් පිරුණු බස් රියට නැග පසුව බැස පෝලිමේ මුලින් සිටින අයත් මා විවේචනය කලෙමි. එතැන සිටි බොහෝ දෙනාද එය අනුමත නොකරන ලදී. ඒ අතර තලැත්තෑනි ලොකු මහත්තයා එකක් කාමරයට ආවේය. ඇවිත් සිනාසෙන ගමන්. හෙහ් හෙහ්..මාත් අවුරුදු දවස්වල එහෙමයි...නැත්තං වරුවකට බස් එකක සීට් එකක් අල්ලගන්න ඇහැක..නැගල බස් එකෙන් .බැහැල නිකම් හිටියට හරියන්නෙ නෑ පෝලිම් පනින උන්ටයි අරවගේ පස්සෙ බහින උන්ටයි බනින්නත් ඕනි..හේ හේ..යැයි සිනාසුනි..අපි සියල්ල තුස්නිම්බූත වී කෑම කා මාරු වී ආවෙමු...

ඒ අතර මාගේ ගර්ල් පෙන් ලා දෙන්නාම මට නොසිතූ අවස්ථාවක මට අහිමි විය.. බයික් එකක් ගන්නා අදහසින් මා දිනක් යකඩ ටිකක් වික්කේය. මෙතෙක් කල් නොකල දෙයක් වුවත් කලේය. වැඩේ මාට්ටු විය. ඇදේට යන සතුන් ඇදේට යන්නත් කෙළින් යන සතුන් කෙලින් යන්නත් ප්ලැන් කර ඇත. මා සිතුවේ මටත් ඇදේට යන්ට ඇහැකිය කියලාය. කන්තෝරුවේ සිටිය උන් අයියෝ ඔයා මෙච්චර කල් ඉඳලත් තාම බයික් එකක්වත් ගත්තෙ නෑනෙ..කොහෙද ඔයාගෙ සීලෙ වැඩියි නේ..ඔය යකඩ ඔක්කොම දාන්න ඕනි නෑ බං..වෙස්සන්තර රජතුමා සයිට් එක බැලුවත් ජූජක බමුනට ඔය යකඩ ටිකක් දීල දාන පාරමිතාව හරි වැඩිකරගන්නවා..යැයි මිතුරන් කීය...
මට මගේ ගර්ල් පෙන් ලා කිව් දේවල්ද මතක් විය. ඔයා නං හරියන්නෙ නෑ හලෝ..දැන් ඔයාම කියන්නෙ හිටපු ගමන්,, ඔයත් එක්ක අවුට් වෙච්චි අය අච්චර ගන්නවා මෙච්චර ගන්නවා කියලා..ඒත් ඔයා ලෝකෙට නීතිය උගන්වන්න යනවා.. අඩු තරමෙ මරුතියක් වත් ගන්න ඔයාට කිසිම අයිඩියා එකක් නෑනෙ..ඒ එකියකි
මේ ගෙයක් හදාගන්න මොනාහරි කරන්න වෙයි. අපෙ අම්මල නං කැමති වෙයිද දන් නෑ...ඔයාට කොච්චර ගත්තත් මදිනේ..බොන්නෙත් නෑ..ඒත් ඉතුරුවකුත් නෑ...ඒ අනික් ගමේ සිටි පෙම්වතියයි..ඔවුන් දෙදෙනාට මගේ ප්‍රෝග්‍රෙස් එක හෙවත් මගේ දියුණුව මදි විය...

මාද සොරකම්උගත යුතු යැයි තේරුෙන් සොරකම් නොකරන බයියෙක් ලෙස මා සෙට් එක අතර කොණටම තල්ලුවූ  හෙයිනි. එහෙත් අසුවූ සොරකම අවසානයේ  නොසිතූ ලෙස මට සමාව ලැබුනේ මීට පෙර වැරදි නොකර තිබු නිසාය... එහෙත් තවමත් කාර්යාලය වටේම. මා හොරෙකි...සමාරවි ගෑනු මිසිලා මාව පාරේ දුටුවිට ආන්න යකඩ හොරා යැයි මා පෙන්නවා ඇත..එහෙත් ඒ මිසිලා කයි ගගහා මෝස්තර කරමින් කන්තෝරු වෙලාව තුල කරන කාලය සොරකම සොරකමක් නොවේ...එසේම මගේ සම නිලවල සිටින අයත් ආන් හොරා යැයි කියනවා ඇත. ඔවුන් හොරුන් ලෙසම ප්‍රසිද්ධ නිසා ඔවුන්ට හොරා යන නම දැමිය නොහැක. මා ඉගැන්වීමට ම උපන්නමි..ඒ ටියුසන් පෝස්ටරයකි..හොරකමටම උපන් ඔවුන් හොරකම් කිරීම අලුත් දෙයක් නොවේ..නුපුරුදු මා පුරුදු වන්නට ගොස් අසුවූ බැවින් මා සොරෙකි..
(මෙය මගේ මිතුරකුට වූ සත්‍ය සිදුවීමක තීන්ත ගා කරනු ලබන පොඩි ඉදිරිපත් කිරීමකි..)

Friday, June 15, 2012

මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?

මා පසුගිය දිනෙක කෝච්චිය මග ඇරී පාරේ එයි..මා බස් රියේ එනවිට නවාතැනට එන්නට තරමක කන්දක් තරණය කල යුතුය.. කන්ද මුදුනට මා ආ කල හති දාගෙන බයිසිකල් කරුවෙක් මට නැවැත්වුයේය. මා හට නඟින්න යැයි සන් කලේය.. ඉන් පසු ඔහුගේ බයිසිකලේ පොල්ලේ නැඟී මා කඳු බෑවුම පහසුවෙන්ම තරණය කලෙමි. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ එන විනාඩියට ඔහු කන්ද තරණය කිරීමට ගත් වෙහෙසේ ඉතිරි වූ හරියට හරියන්නට හති අරින ලදී. ඔහුත් මෙවැනිව පාරේ සමාර දිනවල පයිං යන බවත් මා සිටින්නේ අලුත් තැනකද ආදී වගත් මගෙන් ඇසීය.. ඔහු කවුදැයි මා නොදනී. නමුත් ඔහු හිත හොඳ මුස්ලිම් ජාතිකයෙකි..
මගේ කාර්යාලයේ අපේ කන්තෝරු සහායකයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු භක්තිමක් මුස්ලිම් භක්තිකයෙකි. ආගමානුකූලව ජීවත් වෙයි. එහෙත් අපිට කිසිම අවුලක් නැත. වෙසක් දිනවලදී අප වැරදිලා ඔහුට වෙසක් කූඩු ගේනනට කිව්වේය. එය ඔහු ඇඹරෙමින් ප්‍රතික්ෂේප කලේය. එවන් වැඩ හැර අපේ බොස්ලාගේ බැංකු කටයුතු පවා ඒ මුස්ලිම් තැනැත්තා හොඳින් කරදෙයි. රුපියල් ලක්ෂයක් වුව කිසිදු අවිශ්වාසයෙකින් තොරව අතට දී යමක් රැගෙන එන්නයැයි කිව හැකි මට්ටමේ කෙනෙකි. ඔහුට වැඩ අධික දිනෙක මට වැඩක් නොමැති වුවොත් මාද ගොස් උදව් කරමි. මාගේ සමීප ඥාතියෙකුගේ මරණ ගෙදර කිලෝමීටර දෙසීය ගණනක් ගෙවා ඒ මනුෂ්‍යයා ආවේ මා සේවයට පැමිණ මාස තුනක් යන්නටත් ප්‍රථම අවධියකදීය. මල ගෙවල් වල යෑම. ළමයි ඉපදුනුවිට බලන්නට යෑම..මගුල් ගෙවල් වල යෑම ගෙට් ටුගෙදර් වලට සහභාගී වීම ආදි සියලු දේ ඒ පුද්ගලයා අපි හා සමව කරයි..කථාකරන විට පොඩියක් කාල භේදය නිතරම වරද්දාගන්නා ඔහු ෆයිල් එක ගෙනගොස් තැබුවාට බොහෝ විට කියන්නෙ ෆයිල් එක එතන තියනවා කියලාය.. අප විසින් ඉල්ලන ලදුව කෝරාණය ආශ්‍රිත ග්‍රන්ථ කීපයක්ද ඔහු විසින් ගෙනත් දෙනු ලැබීය..
මා ඉගෙනගන්නා කාලයේ මා සමඟ පාසැල් අවධියේ පටන්මු මුස්ලිම් මිතුරෝ සිටියහ..ඔවුන් අදත් සමහරෙක් මගේ මනුපොතෙහි ඇත. ඔවුන් සමඟ කොකු වලි ඇති වී ඇතිමුත් ජාතිමය හේතුන් මත අපි කොකු දාගත් අවස්ථා ඇත්තේම නැතිවා මෙනි. 
මේ වැනි පොර ටෝක් දැන් තැන තැන සයිබර අවකාශය පුරා විසිරී පැතිරී යයි. කලෙක ලාංකිකයො කුලප්පු වී ජාතිවාදි කෝලහාල ඇතිකර ගත්තෝය. බොහෝවිට අදටත් ඒවායින් පීඩා විඳින්නේ කොළඹ හතේ හෝ ඈත ගම් දනව් වල සිට යමක් කමක් ලැබි අන්තර්ජාල ගත වී ෆේස්බුක්  හෝ වෙනත් ක්‍රම වලින් ජාතිවාදය වපුරන්නන් නොවේ. එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ හෝ එහි අනුබද්ධ ආයතන වල ලොක්කන් අද යුරෝපිය කැනඩා රටවල සැප විඳිති. හිටපුගමන් ඇඟපත හිරි ඇරගන්නට සද්දයක් දමති. නමුත් ඔවුන් විසින් අනාථ කල ලක්ෂ ගණනක ජනතාවත් තවමත් උතුරු පලාතේ ටකරං කොළ දෙකක් යට ආන්ඩුවේ සහනාධාරය එනතෙක් මගබලා සිටී. දකුනේද එසේය. රැකියාවක් නොමැති කල ආන්ඩුව විසින් දමන ලද ජාතිමාමක ඇඩ්වර්ටයිසිං වලට යට වී කොල්ලෝ හමුදාවට ගියහ..එයින් දහස් ගණනක් මිය පරලොව ගිය අතර පිරිසක් සදාකාලික අබ්බාගාත මට්ටමට පත්විය. නමුත් එදා ජාතිවාදය අවුලුවා දෙමලා අපි ගිලින්න හදනෝ යැයි කෑ මොර දුන් ඈයෝ සමහරක් අද එල් ටී ටී ඊ යේ සිටි අය සමඟ පාටි වල නටති. කති බොති ප්‍රීති වෙති. නමුත් කුරුණෑගල හම්බන්තොට පැතිවල දෙමාපියෝ මිනියවත් නොදැක මිය පරලොව ගිය සිය පුතු සිහිනෙන් වත් දකීදෝ යැයි සිතින් දුක් වෙති. කුඩා දරුවෝ සිය පියා කිසිදා නොදැක ඡායාරුපයකින් පමණක් දකිති..වලි අවුලවන්නේ කස්ටියකි. ගුටි කෙලගන්නේ කුලියට ගත් දුප්පත් හමුදා හෝ ත්‍රස්ථවාදී සාමාජිකයින්ය. වලි අවුලන අයට ආයුධ ගනුදෙනු..විවිධ කොමිස්, සම්තින් හරහා වාසි ලැබේ. එහෙත් අර අවසානයේ යුදබිමට යන ඉත්තන්ට අත් වන්නෙ ඔවුන් ගේ නායකයින් පෙන්නවන පැත්තට වෙඩි තබා ඉදිරියෙන් එන වෙඩිල්ලක් වෙතොත් එයට බිලි වීමටය..

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගිකද.. .
 අලුත්ම මෝස්තරයක් වීගෙන එන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. අපි එවිට හංදියේ ඇති මුස්ලිම් පෙට්ටි කඩයක් වන රාසික් හෝටලයෙන් කෑම නවැත්වා සිරිපාල හෝටලයෙන් කෑම ගත්තා යැයි සිතමු..ඔන්න අපි දැන් බත් එකක් අරගෙන කමු..එවිට ඒ බත් එකට පරිප්පු ලැබේ. වේලිච්ච මිරිස් සහ කරවල ලැබේ..ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන බොහෝ තොග වෙලෙන්දන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ය. ඔවුන් හාල් සීනි පිටි පරිප්පු ලංකාවට ගෙන්වන්නෝ වෙති. අවසානයේ ඇති රාසික් හෝටලයේ කෑම නොකා සිරිපාල හෝටලයට අපි කෑමට ගියාට ඒ හෝටල දෙකටම වියලි ආහාර ද්‍රව්‍ය තොග පිටින් ලැබෙන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසාය. වෙළඳාම යනු කර්මාන්තයකි. එහි ශූර පුද්ගලයෝ වෙනමම සිටිති. ලංකාව වැනි සංකීර්ණ සමාජ ක්‍රමයක් තුල වෙළඳාම් කිරීම ලේසි පාසු දෙයක් නොවේ. ඔබට කෙතරම් මුදල් තිබුනත් මෙහි බිස්නස් කරනවා යනු අතුරේ යන්නා වැනි වැඩකි. ඒ වැඩකටයුතු වලට මුස්ලිම් අය දක්ෂය.. ඉතින් එය ඔවුන් විසින් කරයි.. මා එහි වරදක් දකින්නේ නැත... ඇඳුම් පරිඝනක, විදුලි උපකරණ ආදි බොහෝ දේ සාමාන්‍යන් ලාබෙට පිටරටින් ගෙන්වා ගැන්මට මුස්ලිම් ව්‍යාපාරිකයෝ සමර්ථයෝ වෙති. සිංගර් ආයතනයේ රුපියල් හැටදාහක් වන පරිඝනකය යුනිටි ප්ලාසා හි රුපියල් හතලිස් දාහට ගත හැකි වන්නේ එහෙයිනි. සමාරවිට සිංගර් මිලදී ගන්නෙත් යුනිටියෙන්ම විය හැක. නැතහොත් ඔවුන් පිටරට අර යුනිටියෙට බඩු ගෙන්වන තැනින්ම ගෙනත් විසිදාහක මාජින් එකක් තබා විකුණනවා විය හැක. අපි අවසානයේ රෙදි ගන්නා රෙදි කඩය, පරිඝනක කඩය, සිල්ලර කඩය සිංහල වූවාට ඒ තැන්වලට බඩු ලැබෙන තොග ව්‍යාපාරිකයෝ මුස්ලිම් අය වෙති. එවිට අර මුස්ලිම් ව්‍යාපාර වලට මෙව්වා කර ආතල් එකක් ගැනීමේ ගොංපාට් එක නැතිව යනවා බව ඔබට පේනවා ඇත..

සිංහල බොදු අන්තවාදයක් ඇත්තේම නැතිද?.
  බෞද්ධ ජනතාව ලෙස අපි කලක පටන්ම ගම සහ පන්සල එකට ගියෙමු..පන්සල අපිට විශේෂ බැඳීමකි. නමුත් අලුතින් පැමිණි අසපු විසින් දැන් දැන් ගම සහ පන්සල වෙන්කරමින් යති. ඉස්සර ආරණ්‍ය සේනාසන වලට පවා විසාල සෙනඟකට හැසිරෙන්ට දුන්නේ සීමිත පරිදිය. ආරණ්‍යයකට යනවාට වඩා ජනතාව ගමේ පංසලට ලැදි විය. ඒ හරහා පන්සලෙන් සංවිධානය වූ විවිධ කටයුතු තිබුනි. දැං අපේ ජනතාව අසපු වලට ඇදෙති. තමුන් කුමක් පිණිස අසපු කරා යනවාදැයි නොදැන ඔහේ යන්නන් වාලේ යති. සමහර අසපු වලට යන අය අහන්නේ ඒ අසපු ස්වාමින් වහන්සේලාගේ බණ පමණි. බලන්නේ උන්වහන්සේලා ලියන බොදුපොත් පමණි. කරන්නේ කියන්නෙ ඒ ස්වාමින් වහන්සේලා දෙසන දේවල්ය...එය නිකම් එක්තරා නිකායික සම්ප්‍රදායක් ලෙස දැන් දැන් පවතී. අප විසින් මහත්සේ ගරු කොට සැලකිය යුතු බලංගොඩ ආනන්ද මෛත්‍රිය, රේරුකානේ චන්දවිමල ආදී මහ නාහිමි වරුන් විසි්න රචිත බෞද්ධ පොතපත මේ අසපු ජනතාව වැඩිය ආසා නොකරති. කොටින්ම සමහරකේ අසපුවෙන් පිට බණක් වත් අහන්නට කැමති නැත.. මා නම් සිතන්නේ මෙයද අන්තවාදයයි. ගමේ පන්සලේ යස අගේට සිල්ගන්නට තිබියදී තෙරපෙන්ට අසපු කරා යන්නේ කිනම් ධර්මයක් අනුවද? මේ යන බොහෝ අයටත් මුස්ලිම් විරොධ සහ බෞද්ධ ආගමට ඇති කුමන්ත්‍රණ ඇතිය යන මානසික රෝග ඇත. ඔවුන් නිතරම සිටින්නේ ක්‍රිස්තියානි අයත් මුස්ලිම් අයත් බෞද්ධ ආගම වනසන්ට හදනවාය කන්න හදනවාය යන ස්ථාවරයේය. තමුන්ට අනෙකා පෙනෙන්නේ සැමවිටම වෛර කරන අයකු ලෙසනම් එය විශේෂ මානසික ව්‍යාධියකි..
    බුදුන් පැහැදිලි ලෙසම වෛරය පිටුදැක ඇතිමුත් මේ සමහර අතිජාත බෞද්ධයින්ට වෛරය නම් හැරයෑම මේ සංසාරයේ දී නම් බැරිබව ඔවුන කිහිප දෙනෙකු සමඟ කතා බහ කොට ඇති මට වැටහේ..

මුස්ලිම් අන්තවාදය තිබේද ?
  අම්පාර කල්මුනේ ආදි පැතිවල නවතම අන්තවාදී ස්වරූපයකින් ඉස්ලාම් ආගම ගෙන යම් යම් ක්‍රියා සිදුවන බව දැන දැන ජාතික පුවත් පත් වලින් පවා ආරන්චි වෙයි. එසේම බොදු සිද්ධස්ථාන වලට හානි කරන අවස්ථාද පසුගිය කල විය.. ඉපැරණි බොදු සිද්ධස්ථාන වෙනස් කරමින් විකාර කෝලම් කරනවානම් ඒ ගැන බැලිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව සහ පොලිසියයි. එසේම මුස්ලිම් ලමුන්ට විද්‍යාව ගණිතය ඉංගිරිසි උගන්වන්නේ නැතිව අරාබි භාෂාව ඉස්ලාම් පමණක් උගන්වන්නේ නම් එය බලාගත යුත්තේ ලමාරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එවන් ළමුන් ගැන සොයන ළමුන්ට වෙන අසාධාරන ගැන සොයන සංවිධාන වලිනි. නීතිය නම් මුස්ලිම්ය, සිංහලය, හෝ වෙනත් ජාතියක්ය කියා වෙනසක් නැතිය. යමෙක් ළමුන් බලෙන්මෙන් බන්දවාගෙන ඔවුන්ට ලැබෙන සාමාන්‍ය අධ්‍යාපනය නොදී වෙනත් දේ උගන්වයිද ඔහු වැරදි කරුවෙකි. එවන් දේ වලදී අපේ සිංහල ආන්ඩුව හැසිරෙන්නේ බීරි අලි මෙනි. ඒ මුස්ලිම් පැතිවල ඡන්ද කෑලි ටිකට කෙල හලමින් අපේ සිංහල බොදු මල්වට්ටි අරං පංසල් පෙරහැරේ යන අය නිශ්ශබ්ධව සිටිති. කොටින්ම ඒවා නොදැක්ක තාලෙට විපක්ෂය පවා සිටී.. යම් මුස්ලිම් කාන්ඩයක් මිනිසුන්ගේ සාමාන්‍ය ජනජිවිතයට එහා ගිය යම් යම් විෂම ක්‍රියාවන්හි නිරත වන්නේ නම් අප විසින් කල යුත්තේ ඔවුන වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසියට, අන්ඩුවට, සහ වෙනත් ආයතන වලට බලකිරීමයි. එසෙ නොමැතිව වෙනත් ජාතිවාදි ආකල්ප අවුලුවා අපි විසින් කැති පොලු අරගෙන ගොස් කලහ කිරීම නොවේ. 


මර්ධනය බෞද්ධ පිලිවෙතක්ද?
  බෞද්ධ ජනතාවගේ ශාස්තෲවරයානෝ අප බුදුරජානන් වහන්සේය. උන් වහන්සේ වෛරය සහ අනෙක් හිංසා පීඩා කිසිලෙසකින්වත් අනුමත නොකලේය. අප රටේ ඉතිහාසය තුල යම් යම් භික්ෂූන් විසින් රට රැකීමට ක්‍රියා කර ඇති මුත් ඒ අයට වඩා අපි බෝ සෙයින් ගරු කොට යුත්තේ බුදුන් වහන්සේමය. බුදන්ට පසුව අපි ඒ මග ගොස් නිර්වාණය ශාක්ෂාත් කරගත් රහතුන් අනුගමනය කල යුතුව ඇත. එසේ නොමැතිව යම් යම් අය ඒ කාලානුරූපිව කරන ලද එක එක දේවල් අපි කිරීමට යෑම අපේ බොදු පිලිවෙත් පිරිහීමට හේතු වෙයි. දඩු මුගුරු රැගෙන යන බෞද්ධ උපාසක පිරිසක් පොලිසියටත් කුනුහබ්බ කියනවා යනු අපේ බෞද්ධ කමටම නිගාවකි. අපිට අල්ලපු ගෙදරකින් යම් කරදරයක් වෙනවා නම්. අපි කිව්වාට අහන්නේ නැති නම් අපි කල යුත්තේ..අල්ලපු ගෙදරින් ගහනවා කියා ඔවුන්ට පෙරලා පහර දීමවත්..අල්ලපු ගෙදර උන් වලි දානවා කියා පත්තරේ දැමීමවත්..එසේ නැතිනම් බෝඩ් අරං අල්ලපු ගෙදර ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමවත් නොවේ..පොලිසියට ගොස් එයින් හෝ නැතිනම් උසාවියෙන් තත්වය සමණය කරගැන්මයි. ඒ ලෙස නීතිමය කටයුතු වලටත් යම් බාධාවක් ඇතිවනවා නම් ඒ ගැන මහජනයා දුනුවත් කලාට කම් නැත. එහෙත් අද දකින බොහෝ මුස්ලිම් සිංහල සුලු සිද්දිවල පෙනී යන්නේ මිනිසුන් වැඩර්ලා වී දෙමල චිත්‍රපට රඟදක්වන්නට යන අවස්ථාය...ඒලෙස බුද්ධිමත්ව කටයුතු නොකිරීම අපේ රට මෙන්ම අපේ දූ පුතුන්ගේ හෙටදවස අඳුරු වීමට හේතු කාරනා වනු ඇත...

Wednesday, June 13, 2012

අපි කැස්බෑවන් නරඹමු (Let's visit Turtles)

කැස්බෑවගෙයි ඉබ්බගෙයි තියෙන වෙනස..
කැස්බෑවා ජීවත් වෙන්න මූදෙ ඉබ්බ ඉන්නෙ ගොඩ. මුං දෙකම අයිති උරග විශේෂ වලට තමයි. මේ ඉබ්බා අයිති කුලේ සත්තු බෝම පරණ ජාතියක්. කැස්බෑවත් මීට වසර මිලියන සිය ගානකට පෙර ගොඩබිම වාසය කරලා පසුව මුහුදට යන්න ඇති කියල විද්‍යාඥයින් අදහස් පල කරනවා. කැස්බෑවාට සාමාන්‍යන් වරල් තියෙනවා, ඉබ්බාට වරල් නෑ තියෙන්නෙ තඩි කකුල් හතරක් තමයි. අනික අනතුරකදී සියලුම අඩු පඬු සහ ඔලුව ඇතුලට ගන්නට ඉබ්බාට පුලුවං කම තියෙනවා. ඒත් කැස්බෑවාට එසේ එලියෙ තියෙන වරල් ගාත්‍රා වලිගය සහ ඔලුව වාගේ ඒවා ඇතුලට ගන්නට හැකියාවක් නෑ. තව දෙයක් තමය ඉබ්බා ඇවිදින විට ඉබ්බට පුලුවනි පස්ස බිම වදින්නෙ නැතුව සේප් එකේ ඇවිදින්න, නමුත් කැස්බෑවගේ පස්ස බිම වදිනවා. කැස්බෑවා මුලු ජිවිත කාලයම ගෙවන්නෙ මුහුදෙ. නමුත් ඉබ්බාට සැලකිය යුතු කාලෙයක් ගොඩ ජිවත් වෙන්නත් පුලුවනි. කැස්බෑවන්ගේ ගෑනු සතා විතරක් ගොඩ ඇවිත් බිත්තර දෑම සිදු කරනවා..

කැස්බෑවන්ගේ පරණ කතා..
කැස්බෑවන් සාමාන්‍යන් මීටර දෙකේ තුනේ සිට සෙන්ටිමීටර පාලහ දහය සයිස් වලිං පවා ඉන්නවා. නමුත් ලංකාවෙ මේ කුඩා කැස්බෑවන් දකින්න ලැබෙන්නෙ නෑ. ලංකාවෙදි කැස්බෑවුන් වර්ග හතරක් පමණ දකින්න පුලුවනි. අපි දැක්ක කැස්බෑවා නං දිගින් මීටරක් විතරත් පළලින් මීටර බාගයක් විතර වෙන එකෙක්. ඉබ්බන් කැස්බෑවන් බොහෝ කාලයක් ජීවත් වෙනවා. එක්දාස් අටසීය ගනන්වල අපේ මහා මුත්තා කෙනෙක් වෙච්චි චාල්ස් ඩාවින් උන්නැහේ මැඩගස්කර් පැත්තෙ දූපත් වල දැකපු ඉබ්බො සහ වෙනත් සතුන්  එයාට පරිණාමය වාදය විශ්ලේෂනයේදි උදව් වුනා..ඒ සතුන්ගෙන් ඒ චාල්ස් ඩාවින් උන්නැහේ දැකපු තඩි ඉබ්බොන්ගෙන් එක දෙකෙක් මේ විසි එක්වෙනි ශතවර්ශය දක්වාම ජීවත් වුනා කියල පොත පතේ සඳහන් වෙනවා. සාමාන්‍යන් කැස්බෑවෙක් අවුරුදු දෙසීයක් විතර ජීවත් වෙනවා. අතර මග අතුරු ආන්තරාවක් ජීවිතයට උනේ නැත්තං. මේ කැස්බෑවන් සහ ඉබ්බන් ජීවිත කාලෙ බොහොම දිගයි. වගේම තමයි එයාල පරිණාමිකවත් බොහොම පරණ අය අපේ මැරිල ගිය යොධ සත්ව විශේෂයක් වෙච්චි ඩයිනෝසෝරයිනගේ කාලෙත්(වසර මිලියන දෙසීයකට පෙරාතුව) ඉබ්බා, කැස්බෑවා සහ කිඹුලා ආදී උරග කුලේ සතුන් ජීවත් වෙන්න ඇති කියල තමයි ෆොසිල සාධක මගින් ස්වාභාවික විද්‍යාව හදාරන විද්‍යඥ මහත්වරුන්ගෙ අදහස වෙන්නෙ. මේ කැස්බෑවා කියන සතාත් බිත්තර තමයි දාන්නෙ. ඉබ්බා කිඹුලා සහ එයාලගෙ චූටි නෑයො වෙන හූනන් වගේ සත්තුත් බිත්තර තමයි දාන්නෙ.

කැස්බෑවන් සහ අපි..
අපේ රටෙත් යාල, රැකව සහ වෙනත් වෙරළ තීරයන් රාශියක කැස්බෑවන් බිත්තර දමනවා. මෙතනින් රැකව කියෙන තැන මං දන්නවා. එතනනං කැස්බෑවන්ට සෙතක් වෙන පාටක් තමයි තිබුනෙ. මාතර කඹුරුගමුව පොල්හේන පැත්තෙත් රෑට කැස්බෑවන් බිත්තර දාන්න එනවලු. නමුත් ඒ බිත්තර වලටයි කැස්බෑවන්ටයි යන කල දවස නං එච්චර හොද නෑ. ඉස්සර රැකව පැත්තෙත්(සංරක්ෂණ වැඩවලට පෙර)  මිනිස්සු කැස්බෑවා බිත්තර දාන්න වල හාරල බිත්තර දාන අවස්ථාවෙම කැස්බෑවියගේ පස්ස පැත්තෙ බිත්තර පෝට් එකට සොපින් බෑග් එක අල්ලල ලේසියෙන්ම බිත්තර එකතු කරනවලු.  කැස්බෑවන් සාමාන්‍යන් බිත්තර දෙතුන් සීයක් දානවා. ඒ වගේමයි එක සීසන් එකක් හෙවත් එක බිත්තර දාන කාල පරිච්චේදයකට ඔවුන් බිත්තර දෙතුන් දාහක් විතර වෙරලේ වලදාල යනවා. මේ බිත්තර දාන්න කාෙල ආවහම කැස්බෑවා සති දෙකෙන් දෙකට ඇවිත් බ්ත්තර ලෝඩ් එක හලල යනව කියල තමයි මං බලන්න ගිය රැකව හිටපු ගයිඩ් අයිය කෙනෙක් කිව්වෙ.

කැස්බෑවන්ට ඇති කේස්..
කැස්බෑවා කොයි තරම් සාගරවාසී උනත් කැස්බෑවා හුස්ම ගන්න සාගර ජලය මතුපිටට එන්න ඕනි. සාමාන්‍යන් ආහාර බහුල නොගැඹුරු මුහුදේම තමයි මේ කැස්බෑවන් ජීවත් වෙන්නෙ. ඉතිං මාලු අල්ලන දැල් වලට කැස්බෑවන් අහු වුනාම උන්ට පැය බාගයකට වතාවක් හුස්ම ගන්න වතුර මතුපිටට එන්න බැරි වෙනවා.
ඒකෙං වෙන්නෙ කැස්බෑව වතුර පෙවිල මැරෙන එක. ඔවුන් ලෝකෙ කොහ් ගියත් බිත්තර දාන්න එයාල පුරුදු තැන්වලටම යනවා කියල තමයි කියන්නෙ. ඉංදියාවෙ ඔරිස්සා වල තියෙන වෙරල තීරයකට වරකට කැස්බෑවන් තුන් හාරසීයක් එකපාර එනවලු බිත්තර දාන්න. ඒ ඇවිත් කැස්බෑවො වැදිල ඇක්සිඩන්ට වෙන වෙලාවලුත් ඇති මයෙ හිතේ. කොයි තරම් ඔරිස්සා වල කැස්බො වැඩිද කිව්වොත් එක සතෙක් බිත්තර දාපු තැනම අනෙක් එකාත් බිත්තර අන් ලෝඩ් කරන්න ගිහිං බිත්තර කැඩෙන වෙලාවල් තියෙනවා කියල තමයි ගයිඩ් මහත්තය අපිට කිව්වෙ.. කැස්බෑවන් බිත්තර දාන්න සමාර විට පුරුදු වෙරළටම ආවත් අපේ මනුස්සයො වෙරල කාබාසිනියා කරල එතන හෝටල්, නවාතැන්, ගල් පර සහ වෙනත් නොයෙකුත් විච්චූරන දාල තියෙනවා. එතකොට අර කැස්බෑව අර මනුස්සයො ගොඩේ රිංගන්න ගිහිං නොයෙකුත් අකරතැබ්බ වලට මුහුන දෙනවා. උදාහරණ විදිය කැස්බෑවන් ගොඩට ආවහම මූද හොයාගන්නෙ ආලෝකය දෙසට ඇදීමෙන්. නමුත් සංචාරක කලාප වල හෝටල්වල තියෙන දීප්තිමත් ලාම්පු වලට මේ කැස්බෑවන් ඇදිල ගිහිං අතරමං වෙච්චි අවස්ථාත් තියෙනවලු. කැස්බෑවන්ට තිබෙන අනෙක් ගැටලුව තමයි කැස්බෑවියන් බිත්තර දැමීමට වෙරලට ආ පසු ඔවුන් ධීවරයින් සහ කුරිරු මිනිසුන් විසින් මරා දැමීම. පුංචි දරුවෙක් වගේ බෝම සාවධානව බඩගගා ඇවිත් උගේ වැඩේ කරල ආයෙ මූදට යන මේ සතා මරං කන්න තරං මිනිස්සු කොයි තරං කෲර වෙන්න ඕනිද කියල මට ඒ සත්තු දැක්කම හිතුනා. මේ කැස්බෑවන් බිත්තර දැම්මට පස්සෙ ඒ බිත්තර මිනිස්සු අරගෙන ඒව බොනවා. බිත්තර බොහොම කොලෙස්ටරෝල් අධික ආහාරයක්..විශේෂයෙන් කැස්බ බිත්තර වල කොලෙස්ටරෝල් සහ ප්‍රෝටීන ප්‍රතිශතය වැඩියිලු.. කමක් නෑ ඉතිං ඔය බිත්තර බොන අයත් ලෙඩ වැඩිකරගෙන තව ටික කාලෙකින් ඒ පවා විඳදරා ගන්නෙ නැතැයි..

කැස්බො බැලීම..
කැස්බෑවන් සාමාන්‍යන් බිත්තර දාන්න එන්නෙ රාත්‍රි කාලයේදි තමයි. මේ අවස්ථාෙවදි කැස්බෑවා විසින් ඔවුන්ගෙ බ්ත්තර වල සකසාගැන්මට පැය බාගයක පමණ කාලයක් ලබා ගන්නවා. වෙරළ මට්ටමේ සිට අඩි දෙකක් විතර යටට වලක් හාරල ඒකට තමයි බිත්තර දාන්නෙ. මේ බිත්තර වල සකස් කරගත්තට පස්සෙ මොන සුලු සුලු කේස් ආවත් බිත්තර ටික දාල තමයි යන්නෙ. බිත්තර දාන්න කලිං අනතුරක් දැනුනොත් ඌ ආයෙම හැරිලා යනවාලු. ඒ නිසා කැස්බෑවා බිත්තර වල හදාගෙන බිත්තර ටික දාන කල් පොඩියක් ඉන්න එක තමයි ණුවනට හුරු වෙන්නෙ. කැස්බෑවන් බැලීමට යෑමේදී කැස්බෑවන්ට දැඩි ආලෝකය එල්ල කරන එකත් ඒ තරම්ම හොද නෑ..

කැස්බෑවන් බැලීමට රැකව යන හැටි..

View Larger Map කැස්බෑවන් නම් ලංකාව වටේම බිත්තර දානව ඇති. ඒත් ලේසියෙන්ම බලාගන්න පුලුවං උන්ව තංගල්ල රැකව ප්‍රෙද්ශයට ගියොත්.. ඒ අයගෙ කන්ටෑක්ස් පහත ඇති..මේ කාලෙදි කැස්බෑවො ඉන්නවද උන් එනවද ආදි විස්තර ඒ අයගෙන් අහගත හැකි වෙයි..පොඩි ගානක් මෙයාල අයකරනවා කැස්බෑවන් බලන්න. ඒත් ඒ අයත් එතනට ලොකු සේවයක් කරනවා.

Turtle Conservation Project (TCP)
Sri Lanka
Rekawa, Netolpitiya, Tangalle, Sri Lanka
Tel :- 077 810508/9 ,0777 902915
Email :- turtle@slt.lk
Web :- www.tcplanka.org

Saturday, June 9, 2012

ලිනක්ස් දාල හා ගන්න එපා (Linux barriers)

ගෙදර මැසිමට ලිනක්ස්(Linux) එපා..
ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් (Android) මොබයිල් ඕ එස් එක බේස් වෙලා තියෙන්නෙ ලිනක්ස් වල කියලා කතාවක් තියෙනවා...ලිනක්ස් කියන්නෙ බේස් කෝඩ් එකක්. ඒක උඩ දුවන ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා, උබන්ටු(Ubuntu), ෆෙඩෝරා(fedora), ලිනක්ස් මින්ට්(Linux Mint), මැන්ඩ්‍රිවා(Mandriva), ඕපන් සූස්(Open Suse), කියන්නෙ ඒ තියෙන අටෝරාශියක් ලිනක්ස් සංස්කරණ(Distro) වලිං ටිකක් ජනප්‍රිය වෙච්චි වර්ෂන් දෙක තුනක්..


නිකං දුන්නට අපිට වින්ඩෝස් තරං කික් එකක් නෑනෙ ඔය කියන ලිනක්ස්.
නිකමට හිතන්න ඕන්න ඔයාලට පිටරට ඉන්න කෙනෙක් හරි නැත්තං හොඳම යාලුවෙක් හරි හොඳ වැඩකෑලි තියෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙනවා. ඒ වෙනකොට ඔයා ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අල්ලල වත් නෑ.. ඒ උනාට ඔයා එපා කියනවද නෑනෙ. මොකද පෝන් ඕ එස් එකක් අපිට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් නිසා. දැන් අපි එමු ලිනක්ස් වලට..ලංකාවෙ වගේම ගොඩක් රටවල පොඩි ලමය කාලෙ කම්පියුටර් එක දකින්නෙම වින්ඩොස් විදියට. වින්ඩොස් සහ කම්පියුටර කියන්නෙ දෙකක් නෙමෙයි එකක් කියන තරමටම අපිට වින්ඩොස් වලට අලවල තියෙනවා. ඉතිං ඒ අස්සෙ ලිනක්ස් හරි මොකක් හරි වෙන ඔපරේටිං සිස්ටම් එකක් කිව්ව ගමං අපි හිතන්නෙ ඒක මහ වැඩක් නැති දෙයක් කියලා. ඒත් අපි නිකමට හිතුවොත් අපිට අලුත් භාන්ඩයක් ගෙනාවම ගෙදරට ඒක දවස් ගානකිං හුරුවෙන්නෙ කෝමද?? අලුත් පෝන් එකක් දවස් ගානකින් අත පත ගාල හුරුවෙන්නෙ කෝමද කියන ආකාරයටම අපිට පුලුවනි ලිනක්ස්  වලට හුරුවෙන්න.. හැබැයි ඉතිං ලිනක්ස් කියල කිසිම දෙයක් බුග් ගාල අපි හිතන කොට අතට ගෙනත් දෙන්නෙ නෑ. ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි සුලුවෙන් හරි. ඒත් කැපවෙලා ඉගෙන ගත්තොත් ඒ හරහා තියෙන වාසි නං ගොඩායි...


ලිනක්ස් වල අඩු තරමෙ සිංදුවක් අහන්න වීඩියො ඒකක ප්ලේ කරගන් පුලුවන්ද බෑනෙ..
උබන්ටු සහ ෆෙඩෝරා කියන ජනප්‍රිය සංස්කරණ වල අමෙරිකාව කැනඩාව සහ යුරෝපා රටවල් වෙනුවෙන් නිකුත්කරන සංස්කරණ වල කොඩෙක්ස් (codec), එහෙම නැත්තං අපි කියන එම් පි ඊජී(mpeg) එම් පී ත්‍රි(mp3) වගේ ෆයිල් රන් කරන්න අවශ්‍ය වෙන මෘදුකාංග කොටස්(codec) ස්ථාපනය කරල එවන්නෙ නෑ. මොකද ඒ දියුනු රටවල ඒක නීතිමය තත්වයක් නිසා කරග්න අපාසු නිසා. ඉතිං මේ තත්වය යටතේ අපිට මෙහෙ එන ගොඩක් උබන්ටු වගේ ලිනක්ස් වල ප්ලේයර් එකේ සිංදු සහ වීඩියො ධාවනය වන්නේ නෑ. ඒ වගේ වෙලාවට අපිට වී එල් සී(vlc player) කියන මෘදුකාංග කොටස ස්තාපනය කරගත්තනං ගොඩ. එතකොට අර අපිට ප්ලේ කරගන් අමාරු වුන ඔක්කොම දේවල් ප්ලේ කරගත හැකි හරියට වින්ඩෝස් වල වගේම. වී එල් සී සයිට් එකට ගියොත් ඒකෙන් ගන්න පුලුවනි වී එල් සී කෝමද එක එක ඕ එස් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනි කියන ආකාරය..
ඒ උනාට ඔය මගුල් වල සොෆ්ට්වෙයා එකක් දානව කියන්නෙ පුදුම වහක් කන්න ඕනි වැඩක්..
අපෙ ලාංකික බහුතරය භාවිතා කරන්නෙ තවමත් වින්ඩොස් නිවැරදි සංස්කරණ නෙමෙයි. ඒ කියන්නෙ වින්ඩොස් හොරකොපි තමයි අපි භාවිත කරන්නෙ. ඒ වලදි අපි හිතනවා අපිට ඕනිම ලෝකෙ තියන ඩොට් ඊ එක්ස් ඊ(.exe) ෆයිල් එකක් මැසිමට දාන්න පුලුවං ඩබල් ක්ලික් කරලා කියලා. ඒත් සාමාන්‍යන් ඒක නෙමයි නිවැරදි ක්‍රමය වෙන්නෙ. අපිට පුලුවන් ඒ ඕ එස් එකත් එක්ක වැඩකරන්න පුලුවනි උපාංග සහිත මෘදුකාංග තෝරගන්න ඕනි ..හරියට ඇර ෆොන් වලට අපිට ඇඩ් කරන්න අනං මනං විජට් තියෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් වල හෙම ආන් ඒ වාගෙ...ගොඩක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල සොෆ්ට්වෙයාර් සෙන්ටර්(Software Centre) කියලා එකක් තියෙනවා.ඒ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ අපිට ඕනි වැඩෙ ලියල ටයිප් කලාම අදාල මෘදුකාංග ලිස්ට් එකක් එනවා. ඒවයෙ විස්තර කියෝල බලල අපිට පුලුවනි ඒ මෘදුකාංගය ගැන අයිඩියා එකක් ගන්න....ඒත් වඩාත්ම ලේසි වැඩේ තමයි ටර්මිනල් එකෙං මෘදුකාංග දාන එක..ඒකෙදි කරන්න තියෙන්නෙ කන්ට්‍රොල් + ටී(Ctrl+t) අකුර ඔබල එන ටර්මිනල් එකේ කමාන්ඩ් ලයින් එකෙං සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන එක.. ඒ ටර්මිනල් එකෙ ගහන්න ඕනි කමාන්ඩ් අපිට ඉන්ටර්නෙට් එකෙං ලේසියෙං හොයාගන්න පුලුවනි..ඒක අමාරු දෙයක් නං නෙමෙයි... ..


වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයා වැඩකරන්නෙ නෑනෙ...
ඒකනං එක්තරා ගැටලුවක් තමයි. ඒත් ගොඩක් වැඩවලට අවැසි වෙනත් විකල්ප මෘදුකාංග(Application Software) ලිනක්ස් වල තියෙනවා. සාමාන්‍යන් වෙබ් බ්‍රව්සර, පිකාසා පොටෝ එඩිටර්,වී එල් සී ප්ලේයර්,ස්කයිප්,ජී ටෝක්ස් වාගේ මෘදුකාංග ඔය ලිනක්ස් ඕ එස් වලත් වැඩකරන ආකාරයට සංස්කරණ නිකුත්කරලා තියනවා. තවත් සමරූපි මෘදුකාංග භාවිත කරන්නත් පුලුවං..උදාහරණ විදියට පොටෝෂොප් වෙනුවට ගිම්ප්...ඔෆිස් වෙනුවට ලිබ්‍රෙ ඔෆිස් යනාදි වශයෙන් අපිට විකල්ප මෘදුකාංග තෝරා ගන්නට පුලුවනි.මේ විකල්ප මෘදුකාංග වලට බයවෙන්න කාරි නෑ. ඒවත් අර අපි වින්ඩොස් වල වැඩකරන ඒව වගේමයි.ඒ ඕප්ෂන්ස්ම තියනවා. හැබැයි ගොඩ වෙලාවට ලිනක්ස් වල එන සොෆ්ට්වෙයා අර වින්ඩොස් ඒව තරං රූපයෙන් ලස්සනනෑ.වීඩියෝ එඩිටිං, ඕඩියෝ එඩිටිං, මික්සින් ගේම්ස් වගේ විශාල පරාසයක මෘදුකාංග දහස් ගානක් මේ ලිනක්ස් වල එනවා...මං ළඟදි දැක්ක විදියට දැන් දැන් එන වීඩියෝ ගේම් පවා ලිනක්ස් වලටත් සරිලන විදියට නිපදවා තිබෙනවා.. ජනප්‍රිය මෘදුකාංග උදාහරණ විදියට පොටෝසොප් වගේ ඒව ලිනක්ස් වලට එන්නැති එක එක්තරා ගැටලුවක් තමයි. සමහර වාණිජ වශයෙන් භාවිත කරන සොෆ්ට්වෙයා අපිට වයින් කියන ඇප්ලිකේෂන් එක හරහා දාන්න පුලුවන් උනත් ඒවා වින්ඩෝස් වල තරං සුපිරියට වැඩ කරන්නෙ නෑ... කෝකටත් සමාර වාණිජ වශයෙන් භාවිත මෘදුකාංග වෙනස් වෙන ස්පීඩ් එක සහ ඒවායේ මිල ගනන් දැක්කම නං නිකං තියෙන ලිනක්ස් වල සීමිත ඉඩ අපේ වැඩකටයුතු වලට වැඩිත් එක්ක කියල හිතෙන වෙලාවලුත් තියෙනවා..

 ඔය කිව්වට ලිනක්ස් පාවිච්චි කරන්නෙ පොඩි දෙනයි..අපිට අහගන්නවත් කවුරුවත් නෑ..
 සාමාන්‍යන් ලංකාවෙ ලිනක්ස් භාවිත කරන්නන් ගාන අඩුයි. කැම්පස් වල ඉද්දි ලිනක්ස් වලිං කෝඩිං ලියන්නත් අනං මනං මහා ලොකු වැඩ පුරුදු උන්ත පස්සෙ කස්ටිය ආයෙම වින්ඩොස් වලට මාරුවෙනවා. නැත්තං බිල් ගේට්ටුව තරහ වෙයි කියල බයටද දන්නෙ නෑ..ඒත් එහෙම වෙනවා. ඒත් අපි ලෝක මට්ටමින් ගත්තොත් සාමාන්‍යන් සමස්ථ කොම්පියුටර භාවිත කරන්නන් ගෙන් සීයට පහක් විතරම ලිනක්ස් භාවිතා කරනවා. ඒ නිසා අපිට ගැටලුවක් ඇවිල්ල මේ ඉන්ටනෙට් එකෙ ගැහුවම ඒකට ඕනි විසඳුම් සුටුස් ගාල හොයා ගන්න පුලුවනි. සමාරවිට අපිට තියෙන පස්නෙ කලිං අයට ඇවිත් නැත්තං ඒක අපිට පුලුවනි ෆෝරම් එකකට දන්වන්න. එතනින් අපිට කවුරු හෝ ලෝකෙ කොහේ හෝ සිටින කෙනෙක් විසඳුම කියාවි. හැබැයි ඉතිං මේකට ඉංගිරිසි නං සුට්ටක් ඕනි වෙනවා. ඉංගිරිසි මහා ලොකුවට දැනගන්න නං ඕනි නෑ. යාංතං වචන ටිකක් ලියල දැම්මහම ගොඩක් වෙලාවට ඒ අය තේරුං ගන්න වෙලාවල් තියෙනවා. කෝමත් අපි දන්න ඉංගිරිසි සුට්ටෙං ලංකාව ඇතුලෙදි ගන්න පුලුවං වැඩ වලට වඩා පිටරටදි වැඩ ගන්න පුලුවනි. මොකද වැරැදුන ගමං හොහ් හාහ් ගාල හිනාවන්න සුද්දො ලෑස්ති නැති නිසා..

හාඩ්වෙයාර් ඩ්‍රයිවර් නෑනෙ...
ගොඩක් ගෘහස්ථ භාවිතයට හදන බඩු හදන්නෙ මයික්‍රොසොෆ්ට් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිවලට ගැලපෙන විදියට. ඒ නිසා සමහර මදර් බෝඩ්, සවුන්ඩ් කාඩ්, වීඩියෝ කාඩ්,විතරක් නෙමෙ මොඩම්, ඩොංගල්, ප්‍රින්ටර් වාෙග බාහිර උපාංග වලත් ඩ්‍රයිවර්ස් නැත්තං ඒ කොටස් වැඩකරන්න අවැසි මූලික මෘදුකාංග කොටස් ලිනක්ස්වල නැතිවෙන්න පුලුවනි. නමුත් කලකට පෙර තිබුනාට වඩා දැන් තත්වය සතුටු දායකයි.දැං අපි ගන්න අලුත් පෝන් එකක් කෙලින්ම ලිනක්ස්ඕ එස්  තියෙන මැසිමකට ප්ලග් කලත් ඒකෙ තියෙන මෙමරිය කැම් එක වැඩකරනවා.ඒ වගේම වීඩියෝ කාඩ් වලටත් දැංදැං ලිනක්ස් ඩ්‍රයිවර් සොෆ්ට්වෙයා එනවා. නැත්තං ඉන්ටනෙට් එකෙංම ගත හැකි. ඒත් සමාරවිට ඔබ භාවිතා කරන හාඩ්වෙයාර් වල ඩ්‍රයිවර් නැතුව යන්න අවධානමක් නැතුවාම නෙමෙයි.ඒ වාගෙ වෙලාවට කරන්න ඕනි ලිනක්ස් වෙනත් සංස්කරණයක් භාවිත කිරීම. සමාරවිට උබන්ටු වල ඩ්‍රයිවර් නැති වැඩකරන්නෙ නැති කෑලි ෆෙඩෝරා වල වැඩකරනවා. ඒ දෙකේම නැති ඒව සූස් වල වැඩ කරනවා. ඒ වගේ වෙන්න පුලුවනි..


මේ තියෙන වින්ඩෝස් මගුල නැතුව නොදන්න ඕව කරල මොකටෙයි..හදට යන්නෙයි??
සාමාන්‍යන් අපි පාවිච්චි කරන වින් සෙවන් ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් රුපියල් හත් දාහක් විතර වෙනවා. ඒ වගේම අපිට නිතරම ඕනි වෙන වර්ඩ් තියෙන ඔෆිස් පැක් එක මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක රුපියල් විසිදාහක් වෙනවා. ඉතිං ඔය ගානින් ලංකාවෙ හොඳ කන්ඩිෂන් වල තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මැෂිමක් ගත හැකි. එහෙව් එකේ වින්ඩොස් හොරට දාගෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ටිකක් ඔබාගන් එක තමා අපේ අය කරන්නෙ ගොඩක් වෙලාවට. ඒ වගේ වෙලාවක අපිට ඕනි ගොඩක් දේවල් ලයිෂන් පිට කිසිම වෛරසයකින් තොරව දාගන්න පුලුවන් ලිනක්ස් එක්ක වැඩ කරද්දි.. තව දෙයක් තමයි අපි කියන විදියට අපි කියාගන්න විදියට අපි බෞද්ධ රටක්..අපිට අවුරුදු දාස් ගානක පස්ට ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම අපිට කුමන්ත්‍රණ කරන්න අමෙරිකන් යුරෝපියන්ස්ල බලං ඉන්නවා. ඉතිං මං කියන්නෙ එහෙනං ඇයි අපි හොරාට හොරාට අමෙරිකන් මයික්‍රොසොෆ්ට් පාවිච්චි කරන්නෙ..ලංකාවෙ ගොඩක් අය මුස්ලිම් අයගෙ යුනිටියෙන් ගතපු කම්පියුටරේ අමරිකාවෙන් සල්ලි නොදී හොරාට මෘදුකාංග දාගෙන..මාක් සකර්බරග් හදාපු මූනු පොතේ නොහොත් පේස්බුක් එකේ ගිහිං දේශීය දේවල් ගැන අපේ දේවල් ගැන අධිරාජ්‍යවාදය ගැන කතා කරනවා... ඒක නිකං අපි හෙලුවෙං ඉඳන් ආං අරයාට ලොකු එකක් තියෙනවා ඒ නිසා එයා අපිට කුමන්ත්‍රණ කරනවා වගේ ගොං පාට් එකක් මට පේන විදියට නම්...
  • වෛරස් සහ වෙනත් අනර්ථකාරි මෘදුකාංග ධාවනය නොවීම.
  • සීමිත හාඩ්වෙයාර් පසුබිමක් යටතේ වුව විසල් කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවීම.
  • .බොහෝ සාමාන්‍යන් භාවිතා කරන මෘදුකාංග සහ ලිනක්ස් සංස්කරණ නොමිලේම ලැබීම..
  • යම් යම් කොටස් සංස්කරණය කරගත හැකි වීම..
  • මෘදුකාංග සොරකම් කිරීමෙන් වැලකීමට හැකිවීම..
වගේ කාරණා වලිං ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් ඉතිං අපි ඕනිම හොද දෙයක් අපෙ කරගන්න නම් යම් කැපකිරීමක් පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒක ලිනක්ස් වලටත් හෙමයි.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...