Friday, June 15, 2012

මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?

මා පසුගිය දිනෙක කෝච්චිය මග ඇරී පාරේ එයි..මා බස් රියේ එනවිට නවාතැනට එන්නට තරමක කන්දක් තරණය කල යුතුය.. කන්ද මුදුනට මා ආ කල හති දාගෙන බයිසිකල් කරුවෙක් මට නැවැත්වුයේය. මා හට නඟින්න යැයි සන් කලේය.. ඉන් පසු ඔහුගේ බයිසිකලේ පොල්ලේ නැඟී මා කඳු බෑවුම පහසුවෙන්ම තරණය කලෙමි. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ එන විනාඩියට ඔහු කන්ද තරණය කිරීමට ගත් වෙහෙසේ ඉතිරි වූ හරියට හරියන්නට හති අරින ලදී. ඔහුත් මෙවැනිව පාරේ සමාර දිනවල පයිං යන බවත් මා සිටින්නේ අලුත් තැනකද ආදී වගත් මගෙන් ඇසීය.. ඔහු කවුදැයි මා නොදනී. නමුත් ඔහු හිත හොඳ මුස්ලිම් ජාතිකයෙකි..
මගේ කාර්යාලයේ අපේ කන්තෝරු සහායකයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු භක්තිමක් මුස්ලිම් භක්තිකයෙකි. ආගමානුකූලව ජීවත් වෙයි. එහෙත් අපිට කිසිම අවුලක් නැත. වෙසක් දිනවලදී අප වැරදිලා ඔහුට වෙසක් කූඩු ගේනනට කිව්වේය. එය ඔහු ඇඹරෙමින් ප්‍රතික්ෂේප කලේය. එවන් වැඩ හැර අපේ බොස්ලාගේ බැංකු කටයුතු පවා ඒ මුස්ලිම් තැනැත්තා හොඳින් කරදෙයි. රුපියල් ලක්ෂයක් වුව කිසිදු අවිශ්වාසයෙකින් තොරව අතට දී යමක් රැගෙන එන්නයැයි කිව හැකි මට්ටමේ කෙනෙකි. ඔහුට වැඩ අධික දිනෙක මට වැඩක් නොමැති වුවොත් මාද ගොස් උදව් කරමි. මාගේ සමීප ඥාතියෙකුගේ මරණ ගෙදර කිලෝමීටර දෙසීය ගණනක් ගෙවා ඒ මනුෂ්‍යයා ආවේ මා සේවයට පැමිණ මාස තුනක් යන්නටත් ප්‍රථම අවධියකදීය. මල ගෙවල් වල යෑම. ළමයි ඉපදුනුවිට බලන්නට යෑම..මගුල් ගෙවල් වල යෑම ගෙට් ටුගෙදර් වලට සහභාගී වීම ආදි සියලු දේ ඒ පුද්ගලයා අපි හා සමව කරයි..කථාකරන විට පොඩියක් කාල භේදය නිතරම වරද්දාගන්නා ඔහු ෆයිල් එක ගෙනගොස් තැබුවාට බොහෝ විට කියන්නෙ ෆයිල් එක එතන තියනවා කියලාය.. අප විසින් ඉල්ලන ලදුව කෝරාණය ආශ්‍රිත ග්‍රන්ථ කීපයක්ද ඔහු විසින් ගෙනත් දෙනු ලැබීය..
මා ඉගෙනගන්නා කාලයේ මා සමඟ පාසැල් අවධියේ පටන්මු මුස්ලිම් මිතුරෝ සිටියහ..ඔවුන් අදත් සමහරෙක් මගේ මනුපොතෙහි ඇත. ඔවුන් සමඟ කොකු වලි ඇති වී ඇතිමුත් ජාතිමය හේතුන් මත අපි කොකු දාගත් අවස්ථා ඇත්තේම නැතිවා මෙනි. 
මේ වැනි පොර ටෝක් දැන් තැන තැන සයිබර අවකාශය පුරා විසිරී පැතිරී යයි. කලෙක ලාංකිකයො කුලප්පු වී ජාතිවාදි කෝලහාල ඇතිකර ගත්තෝය. බොහෝවිට අදටත් ඒවායින් පීඩා විඳින්නේ කොළඹ හතේ හෝ ඈත ගම් දනව් වල සිට යමක් කමක් ලැබි අන්තර්ජාල ගත වී ෆේස්බුක්  හෝ වෙනත් ක්‍රම වලින් ජාතිවාදය වපුරන්නන් නොවේ. එල් ටී ටී ඊ ඩයස්පෝරාවේ හෝ එහි අනුබද්ධ ආයතන වල ලොක්කන් අද යුරෝපිය කැනඩා රටවල සැප විඳිති. හිටපුගමන් ඇඟපත හිරි ඇරගන්නට සද්දයක් දමති. නමුත් ඔවුන් විසින් අනාථ කල ලක්ෂ ගණනක ජනතාවත් තවමත් උතුරු පලාතේ ටකරං කොළ දෙකක් යට ආන්ඩුවේ සහනාධාරය එනතෙක් මගබලා සිටී. දකුනේද එසේය. රැකියාවක් නොමැති කල ආන්ඩුව විසින් දමන ලද ජාතිමාමක ඇඩ්වර්ටයිසිං වලට යට වී කොල්ලෝ හමුදාවට ගියහ..එයින් දහස් ගණනක් මිය පරලොව ගිය අතර පිරිසක් සදාකාලික අබ්බාගාත මට්ටමට පත්විය. නමුත් එදා ජාතිවාදය අවුලුවා දෙමලා අපි ගිලින්න හදනෝ යැයි කෑ මොර දුන් ඈයෝ සමහරක් අද එල් ටී ටී ඊ යේ සිටි අය සමඟ පාටි වල නටති. කති බොති ප්‍රීති වෙති. නමුත් කුරුණෑගල හම්බන්තොට පැතිවල දෙමාපියෝ මිනියවත් නොදැක මිය පරලොව ගිය සිය පුතු සිහිනෙන් වත් දකීදෝ යැයි සිතින් දුක් වෙති. කුඩා දරුවෝ සිය පියා කිසිදා නොදැක ඡායාරුපයකින් පමණක් දකිති..වලි අවුලවන්නේ කස්ටියකි. ගුටි කෙලගන්නේ කුලියට ගත් දුප්පත් හමුදා හෝ ත්‍රස්ථවාදී සාමාජිකයින්ය. වලි අවුලන අයට ආයුධ ගනුදෙනු..විවිධ කොමිස්, සම්තින් හරහා වාසි ලැබේ. එහෙත් අර අවසානයේ යුදබිමට යන ඉත්තන්ට අත් වන්නෙ ඔවුන් ගේ නායකයින් පෙන්නවන පැත්තට වෙඩි තබා ඉදිරියෙන් එන වෙඩිල්ලක් වෙතොත් එයට බිලි වීමටය..

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ප්‍රායෝගිකද.. .
 අලුත්ම මෝස්තරයක් වීගෙන එන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. අපි එවිට හංදියේ ඇති මුස්ලිම් පෙට්ටි කඩයක් වන රාසික් හෝටලයෙන් කෑම නවැත්වා සිරිපාල හෝටලයෙන් කෑම ගත්තා යැයි සිතමු..ඔන්න අපි දැන් බත් එකක් අරගෙන කමු..එවිට ඒ බත් එකට පරිප්පු ලැබේ. වේලිච්ච මිරිස් සහ කරවල ලැබේ..ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන බොහෝ තොග වෙලෙන්දන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ය. ඔවුන් හාල් සීනි පිටි පරිප්පු ලංකාවට ගෙන්වන්නෝ වෙති. අවසානයේ ඇති රාසික් හෝටලයේ කෑම නොකා සිරිපාල හෝටලයට අපි කෑමට ගියාට ඒ හෝටල දෙකටම වියලි ආහාර ද්‍රව්‍ය තොග පිටින් ලැබෙන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයින් නිසාය. වෙළඳාම යනු කර්මාන්තයකි. එහි ශූර පුද්ගලයෝ වෙනමම සිටිති. ලංකාව වැනි සංකීර්ණ සමාජ ක්‍රමයක් තුල වෙළඳාම් කිරීම ලේසි පාසු දෙයක් නොවේ. ඔබට කෙතරම් මුදල් තිබුනත් මෙහි බිස්නස් කරනවා යනු අතුරේ යන්නා වැනි වැඩකි. ඒ වැඩකටයුතු වලට මුස්ලිම් අය දක්ෂය.. ඉතින් එය ඔවුන් විසින් කරයි.. මා එහි වරදක් දකින්නේ නැත... ඇඳුම් පරිඝනක, විදුලි උපකරණ ආදි බොහෝ දේ සාමාන්‍යන් ලාබෙට පිටරටින් ගෙන්වා ගැන්මට මුස්ලිම් ව්‍යාපාරිකයෝ සමර්ථයෝ වෙති. සිංගර් ආයතනයේ රුපියල් හැටදාහක් වන පරිඝනකය යුනිටි ප්ලාසා හි රුපියල් හතලිස් දාහට ගත හැකි වන්නේ එහෙයිනි. සමාරවිට සිංගර් මිලදී ගන්නෙත් යුනිටියෙන්ම විය හැක. නැතහොත් ඔවුන් පිටරට අර යුනිටියෙට බඩු ගෙන්වන තැනින්ම ගෙනත් විසිදාහක මාජින් එකක් තබා විකුණනවා විය හැක. අපි අවසානයේ රෙදි ගන්නා රෙදි කඩය, පරිඝනක කඩය, සිල්ලර කඩය සිංහල වූවාට ඒ තැන්වලට බඩු ලැබෙන තොග ව්‍යාපාරිකයෝ මුස්ලිම් අය වෙති. එවිට අර මුස්ලිම් ව්‍යාපාර වලට මෙව්වා කර ආතල් එකක් ගැනීමේ ගොංපාට් එක නැතිව යනවා බව ඔබට පේනවා ඇත..

සිංහල බොදු අන්තවාදයක් ඇත්තේම නැතිද?.
  බෞද්ධ ජනතාව ලෙස අපි කලක පටන්ම ගම සහ පන්සල එකට ගියෙමු..පන්සල අපිට විශේෂ බැඳීමකි. නමුත් අලුතින් පැමිණි අසපු විසින් දැන් දැන් ගම සහ පන්සල වෙන්කරමින් යති. ඉස්සර ආරණ්‍ය සේනාසන වලට පවා විසාල සෙනඟකට හැසිරෙන්ට දුන්නේ සීමිත පරිදිය. ආරණ්‍යයකට යනවාට වඩා ජනතාව ගමේ පංසලට ලැදි විය. ඒ හරහා පන්සලෙන් සංවිධානය වූ විවිධ කටයුතු තිබුනි. දැං අපේ ජනතාව අසපු වලට ඇදෙති. තමුන් කුමක් පිණිස අසපු කරා යනවාදැයි නොදැන ඔහේ යන්නන් වාලේ යති. සමහර අසපු වලට යන අය අහන්නේ ඒ අසපු ස්වාමින් වහන්සේලාගේ බණ පමණි. බලන්නේ උන්වහන්සේලා ලියන බොදුපොත් පමණි. කරන්නේ කියන්නෙ ඒ ස්වාමින් වහන්සේලා දෙසන දේවල්ය...එය නිකම් එක්තරා නිකායික සම්ප්‍රදායක් ලෙස දැන් දැන් පවතී. අප විසින් මහත්සේ ගරු කොට සැලකිය යුතු බලංගොඩ ආනන්ද මෛත්‍රිය, රේරුකානේ චන්දවිමල ආදී මහ නාහිමි වරුන් විසි්න රචිත බෞද්ධ පොතපත මේ අසපු ජනතාව වැඩිය ආසා නොකරති. කොටින්ම සමහරකේ අසපුවෙන් පිට බණක් වත් අහන්නට කැමති නැත.. මා නම් සිතන්නේ මෙයද අන්තවාදයයි. ගමේ පන්සලේ යස අගේට සිල්ගන්නට තිබියදී තෙරපෙන්ට අසපු කරා යන්නේ කිනම් ධර්මයක් අනුවද? මේ යන බොහෝ අයටත් මුස්ලිම් විරොධ සහ බෞද්ධ ආගමට ඇති කුමන්ත්‍රණ ඇතිය යන මානසික රෝග ඇත. ඔවුන් නිතරම සිටින්නේ ක්‍රිස්තියානි අයත් මුස්ලිම් අයත් බෞද්ධ ආගම වනසන්ට හදනවාය කන්න හදනවාය යන ස්ථාවරයේය. තමුන්ට අනෙකා පෙනෙන්නේ සැමවිටම වෛර කරන අයකු ලෙසනම් එය විශේෂ මානසික ව්‍යාධියකි..
    බුදුන් පැහැදිලි ලෙසම වෛරය පිටුදැක ඇතිමුත් මේ සමහර අතිජාත බෞද්ධයින්ට වෛරය නම් හැරයෑම මේ සංසාරයේ දී නම් බැරිබව ඔවුන කිහිප දෙනෙකු සමඟ කතා බහ කොට ඇති මට වැටහේ..

මුස්ලිම් අන්තවාදය තිබේද ?
  අම්පාර කල්මුනේ ආදි පැතිවල නවතම අන්තවාදී ස්වරූපයකින් ඉස්ලාම් ආගම ගෙන යම් යම් ක්‍රියා සිදුවන බව දැන දැන ජාතික පුවත් පත් වලින් පවා ආරන්චි වෙයි. එසේම බොදු සිද්ධස්ථාන වලට හානි කරන අවස්ථාද පසුගිය කල විය.. ඉපැරණි බොදු සිද්ධස්ථාන වෙනස් කරමින් විකාර කෝලම් කරනවානම් ඒ ගැන බැලිය යුත්තේ පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව සහ පොලිසියයි. එසේම මුස්ලිම් ලමුන්ට විද්‍යාව ගණිතය ඉංගිරිසි උගන්වන්නේ නැතිව අරාබි භාෂාව ඉස්ලාම් පමණක් උගන්වන්නේ නම් එය බලාගත යුත්තේ ලමාරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ එවන් ළමුන් ගැන සොයන ළමුන්ට වෙන අසාධාරන ගැන සොයන සංවිධාන වලිනි. නීතිය නම් මුස්ලිම්ය, සිංහලය, හෝ වෙනත් ජාතියක්ය කියා වෙනසක් නැතිය. යමෙක් ළමුන් බලෙන්මෙන් බන්දවාගෙන ඔවුන්ට ලැබෙන සාමාන්‍ය අධ්‍යාපනය නොදී වෙනත් දේ උගන්වයිද ඔහු වැරදි කරුවෙකි. එවන් දේ වලදී අපේ සිංහල ආන්ඩුව හැසිරෙන්නේ බීරි අලි මෙනි. ඒ මුස්ලිම් පැතිවල ඡන්ද කෑලි ටිකට කෙල හලමින් අපේ සිංහල බොදු මල්වට්ටි අරං පංසල් පෙරහැරේ යන අය නිශ්ශබ්ධව සිටිති. කොටින්ම ඒවා නොදැක්ක තාලෙට විපක්ෂය පවා සිටී.. යම් මුස්ලිම් කාන්ඩයක් මිනිසුන්ගේ සාමාන්‍ය ජනජිවිතයට එහා ගිය යම් යම් විෂම ක්‍රියාවන්හි නිරත වන්නේ නම් අප විසින් කල යුත්තේ ඔවුන වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට පොලිසියට, අන්ඩුවට, සහ වෙනත් ආයතන වලට බලකිරීමයි. එසෙ නොමැතිව වෙනත් ජාතිවාදි ආකල්ප අවුලුවා අපි විසින් කැති පොලු අරගෙන ගොස් කලහ කිරීම නොවේ. 


මර්ධනය බෞද්ධ පිලිවෙතක්ද?
  බෞද්ධ ජනතාවගේ ශාස්තෲවරයානෝ අප බුදුරජානන් වහන්සේය. උන් වහන්සේ වෛරය සහ අනෙක් හිංසා පීඩා කිසිලෙසකින්වත් අනුමත නොකලේය. අප රටේ ඉතිහාසය තුල යම් යම් භික්ෂූන් විසින් රට රැකීමට ක්‍රියා කර ඇති මුත් ඒ අයට වඩා අපි බෝ සෙයින් ගරු කොට යුත්තේ බුදුන් වහන්සේමය. බුදන්ට පසුව අපි ඒ මග ගොස් නිර්වාණය ශාක්ෂාත් කරගත් රහතුන් අනුගමනය කල යුතුව ඇත. එසේ නොමැතිව යම් යම් අය ඒ කාලානුරූපිව කරන ලද එක එක දේවල් අපි කිරීමට යෑම අපේ බොදු පිලිවෙත් පිරිහීමට හේතු වෙයි. දඩු මුගුරු රැගෙන යන බෞද්ධ උපාසක පිරිසක් පොලිසියටත් කුනුහබ්බ කියනවා යනු අපේ බෞද්ධ කමටම නිගාවකි. අපිට අල්ලපු ගෙදරකින් යම් කරදරයක් වෙනවා නම්. අපි කිව්වාට අහන්නේ නැති නම් අපි කල යුත්තේ..අල්ලපු ගෙදරින් ගහනවා කියා ඔවුන්ට පෙරලා පහර දීමවත්..අල්ලපු ගෙදර උන් වලි දානවා කියා පත්තරේ දැමීමවත්..එසේ නැතිනම් බෝඩ් අරං අල්ලපු ගෙදර ඉදිරිපිට උද්ඝෝෂණ කිරීමවත් නොවේ..පොලිසියට ගොස් එයින් හෝ නැතිනම් උසාවියෙන් තත්වය සමණය කරගැන්මයි. ඒ ලෙස නීතිමය කටයුතු වලටත් යම් බාධාවක් ඇතිවනවා නම් ඒ ගැන මහජනයා දුනුවත් කලාට කම් නැත. එහෙත් අද දකින බොහෝ මුස්ලිම් සිංහල සුලු සිද්දිවල පෙනී යන්නේ මිනිසුන් වැඩර්ලා වී දෙමල චිත්‍රපට රඟදක්වන්නට යන අවස්ථාය...ඒලෙස බුද්ධිමත්ව කටයුතු නොකිරීම අපේ රට මෙන්ම අපේ දූ පුතුන්ගේ හෙටදවස අඳුරු වීමට හේතු කාරනා වනු ඇත...

86 comments:

  1. කතාවනං ටිකක් විතර හිතන්න ඕන මාතෘකාවක් ගැන ලියල තියෙන්නෙ.

    ReplyDelete
  2. හරියට හරි මචං. අද බොහොම කණගාටුදායක තත්වයක් උදා වෙලා තියෙන්නේ. බෞද්ධයෝ බුද්ධ ධර්මය නැති කරන තැනටම කටයුතු කරනවා, එයාලා ධර්මය වැරදියට අවබෝධ කරගෙන ඉන්න නිසාද දන්නෑ.
    ඕනෑම ජාතියක් හෝ ඕනෑම ආගමක් අන්තවාදී තත්වයට පත්වීමනම් හොඳ දෙයක් නෙමෙයි. මුස්ලිම් අය නොඑන නිසා සමහර කඩවල ඌරුමස් නැති වීම වගේ නීතියෙන් කටයුතු කරන්න බැරි විදිහේ දේවල් සිද්ධ වීමත් මටනම් ලොකු අවුලක්!

    අනික් වැදගත්ම දේ ඕය ජාතිවාදී කේස් අපිට ලොකුවට පේන්නේ මේ සයිබරේ විතරයි. ගම්වල මිනිස්සු ඕවා කිසිදෙයක් දන්නෑ එයාලා ගමේ හැමෝමත් එක්ක සතුටින් හැම ආගමික උත්සවේම සමරනවා!

    ReplyDelete
  3. මෙයත් සයිබර් ලියවිල්ලක් පමණයිනෙ.

    ප්‍රායෝගිකව ගත්තොත් මුස්ලිමුන් අල්ලන් තියෙන්නෙ ඉස්සර බෞද්ධ රාජ්‍ය ඒවයෙ අද ඉතුරු වෙලා ඉන්න බෞද්ධයන්‍ට අත්වෙන ඉරණම බලන්න.

    ලගදි මියන්මාරයෙත් පටන් ගත්තා. බලන්න ඔවුන් ඇයි බෞද්ධ ‍රාජ්‍යන්ම ඉලක්ක කරගන්නෙ ඔවුන්ගේ අන්තවාදී ආගමික අදහස් ව්‍යාප්ත කරලා ජනගහනය වැඩි කරගෙන ඉතිරිය සමූල ඝාතනය කරන්න?

    හිතල බලන්න...

    කාවවත් මරන්න මේ උද්ඝෝෂණ කල බෞද්ධයන්ට උවමනා නැති. තියන දේ ආරක්ශා කරගැනීමට පමණක් උත්සාහ දරයි.

    එවන් උත්සාහයන්ද විවේචනය කරන ඔබතුමා ලිපි වලින් වීරයෙක වීමට උත්සාහ දරයි. ඒකත් FB Blog චන්ඩින්‍ගෙ වැඩට දෙවැනි නොවන නිර්ලජ්ජිත ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. ඔබ දන්නවා මං හිතන්නෙ සාජහාන් රජතුමා ගැන..සාජහාන් කියන මුස්ලිම් රජතුමා හදපු ටජ්මහල් කියන මාලිගය තියෙන රාජ්‍යය අදත් අයිති මුස්ලිම් අයටද නෑනෙ?? කලිං මුස්ලිම් අධිරාජ්‍යවල තිබුන දේශවල අද වෙනත් ආගම් තියෙනවා.... ලොකෙ කාලෙන් කාලෙට වෙනස් වෙනවා...
      ම්ම් අමරිකාවත් රටවල් වලට ගහන්නෙ වෝ අගේන්ස්ට් ටෙරරිසම් කියල...ඒත් ඉතිං වෙන්නෙ මොකද්ද කියල කස්ටිය දන්නවා....බෞද්ධයන්ගේ දේවල් ආරක්ශා කරගන්නට උත්සාහ කිරීම.. කියන්නෙත් අර අනුන්ගේ ත්‍රස්ථවාදයට එරෙහිවීම කියන කාසියෙම තවත් පැත්තක්...
      මියන්මාරයෙ වෙච්චි දේ උනත් ටික්ක සැලකිල්ලෙන් හොයල බලල තමයි තීරණයකරන්න ඕනි..පිංතූරයක් දැක්ක ගමං සෙයා කරල ජාතිය නග්ගනවට වඩා ඒක අමාරුයි මං හිතන්නෙ...

      Delete
    2. උඹේ කතාවත් ඇත්ත මචන්

      Delete
    3. මචන් අමිල,උබ දන්නවද ඔය ටජ් මහල් හදද්දි ඕන උන රත්තරන් එහෙම ගත්තේ රත්තරන් බුදු පිළිම උණු කරල කියල?????

      Delete
    4. @ amila
      ඒකනේ පකිස්තානය කියල ලොකුම කුට්ටියක්ම දුන්නෙ. එහෙම දීලත් ඔය කෑල්ලත් දෙන්ඩ ඕනෙයි කියල හිතෙනවනම් ඔබතුමාත් ඒක ඔබතුමාගෙ ගෙදරින්ම පටන් ගන්න.

      ඔබතුමාගේ සියලු ඉඩකඩම් යාන වාහාන ගෙවල් දොරවල් කාට කාට හරි දන්දීල වගේ? පටන්ගන්න. මොකටද මේව ගොඩගහගෙන නේද? යනකොට ගෙනින්නයෑ කියල?

      පෙන්නන්න සයිබරයේ විතරක් නෙවී ඔබතුමා වැඩෙනුත් ඒ වගේ කියල?

      අපේ රටේ ආරක්ෂක ලේකම් තුමාට දැනට ඇති සියලු ඉස්ලාම් පල්ලි ගැන විස්තරයක් දෙන එකත් ප්‍රතික්ෂේප කරලා...
       
      ඇයි ඒ? තව පංසල් ගාව මේවා අටවගෙන ජාතිවාදය ආගම්වාදය අවුලවගෙන බෞද්ධයාවම වැරදි කරු කරන්න නේද??

      ඒකට ඔබතුමාත් නොදැනුවත්මව හවුල් වෙනවා. හැබැයි පැත්ත මාරු කරලා..

      Delete
    5. @ amila මියන්මාරයේ උන දේ මොකක්ද කියලා ජාත්‍යන්තර පුවත් සේවා කිපයක් බැලුවනම් හොයා ගන්න පුලුවන්..ඔබ කතා කරන්නේ හරියට මියන්මාර සිද්ධියත් මුස්ලිම් ට එරෙහිව බෞද්ධ ප්‍රහාර අපි අනිත් පැත්තට පෙන්නුවා වගේ අදහසක්නේ? ඇත්ත නම් බංගලාදේශයෙන් හොරෙන් රටට පැනපු මුසල්මානුවන් බෞද්ධයින්ට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කෙරුන කෙනහිලිකම් ඉවසා සිටීමේ සීමාව පැනීම තමයි මේ..බෞද්ධ කාන්තාවන් දූෂණය කර මරා දැමුවට පස්සේ තමයි මේක පටන් ගත්තේ..අමිල ඔයගේ නංගිටත් මෙහෙම දෙයක් උනානම් ඉවසගෙන සහජීවනයෙන් ඒ දූෂකයා එකක් ජීවත් වෙනවද? රටට හොරෙන් ආපු උන්ට බත් කටක් දිලා ඉන්න තැනක් දිලා බෞද්ධයෝ කරපු පුණ්‍යකර්මයට ප්‍රතිඵල තමයි හම්පවෙන්නේ ඔය...අර ඔලුව දාගන්න දුන්නහම මුලු ඇගම දා ගැනීමේ සංකල්පය තමයි මුසල්මානුවන් විසින් ක්‍රියාත්මක කරන්නේ..එච්චර ඈත යන්න ඕන නෑ යන්න දඹුල්ලට...දඹුල්ල පල්ලිය අයිති ඉඩම අයිති පන්සලට..ඒ ඉඩමේ කඩයක් දාගන්න මුස්ලිම් මනුස්සයෙක්ට දුන්නහම කඩය ගෙයක් වෙලා ගේ පල්ලිය උන හැටි ඔහෙලට පේන්නේ නැද්ද? දැන් මුසල්මානුවන් කියන්නේ මොකක්ද? ඒ පල්ලිය එතන තිබ්බේ අවුරැදු හැටක් ඉදන්ලු..අවුරුදු හැටකට කලින් තිබ්බේ කඩයක් විතරයි..ඒකත් පන්සල් ඉඩමේ..ඔතන පල්ලිය දැම්මමයි කියමු ඊට පස්සේ මොකද වෙන්නේ??? ඔය පල්ලිය වටේට මුස්ලිම් ගම්මානයක් හැදෙනවා...අපේ සිංහලයින්ගේ කඩ ඉඩම් සේරම වංචනින විදිහට කුනු කොල්ලයට උන් ගන්නවා...ව්‍යාප්තියෙ තරම කොච්චරද කිව්වොත් තව අවුරුදු 5ක් විතර යනකොට දඹුල්ල පංසලේ තාප්පෙ කඩලා මුස්ලිම් ගෙයක් ගහලා තියෙයි...දැන් මුහුදු මහා විහාරය දීඝවාපියට වෙලා තියෙන්නේ ඒක තමයි..

      Delete
    6. අන්න හරි. ඔන්න ඔහොම පෙන්නනකො නියම සිංහල දේශප්‍රේමී ලේ. ඔය මහත්තයගෙ තාත්තල බාප්පල 1983 දෙමළ කඩ කඩන්න යද්දිත් කියන්න ඇත්තෙ ඔය වගේ කතා තමයි. මේ සිංහල බෞද්ධ රට නිසා දඹුල්ලෙ විතරක් නෙවෙයි, මෙහේ තියෙන හැම හම්බ පල්ලියක්ම කඩමු. දක්කමු කොනකපාලල ටික ගෑස් චේම්බර් වලට. වැදේ ඉවරයි. හේල් සුමංගල. හේල් චම්පික. හේල් ගම්මන්පිල.

      Delete
    7. අනේ කොන්ද පන නැති ඇනෝ..තොපි වගේ කොන්දක් නැති සිංහලයෝ හින්ද තමයි අපි අද මේ දුක් විදින්නේ...මෝඩකමට කැගහන්න දෙයක් නෙමෙයිනෙ කිව්වේ..උබට ඔච්චරම අමාරැවක් තියෙනවා උබේ ඉඩමක් දිපන්කෝ පල්ලියක් හදාගන්න...උබ පල්ලිය ගාව කොලයක් එලගෙන හිගා කාපන් ..මතක තියා ගනින් උබට එදාට රුපියල හරි දෙන්නේ සිංහලයෙක් කියලා...

      Delete
    8. නෑ බං මම දා ගන්නවා බ්ලොග් අවකාශයේ හම්බ විරෝධී සංගමයක්. මහ වෙදනා තමයි අපේ සභාපති තුමා. මාරයා අයියා තමා ලේකම්. දොස්තර රංග මිගාර වීරක්කොඩි අනුශාසක තුමා. පෙරමුණේ රාළ, නිර්‍රාමු හා පිටියේ අප්පු විෂායක සභිකයින්. ඊට පස්සේ මේ සංගමෙන් බලා ගන්නවා එක හම්බයෙක් හරි හැම්බියෙක් හරි බ්ලොග් අවකාශෙට නොගෙනෙන්න. සාබිත් උඹත් ප්‍රවේසම් වෙලා හිටිඔන්. උඹ තමයි අංක එකට දොට්ට දාන්නේ. බ්ලොග් අවකාශය තියෙන්නේ නියම සිංහලයින්ට විතරයි.

      Delete
    9. ඇනි ඇනෝ එන්නේ

      Delete
    10. මමත් ඔය ඇනෝ වැඩේටනම් කැමතිම නෑ.
      ගස් ගල් අස්සෙ හැංගිලා කැට කැබලිති වලින් දමලා ගහනවට වඩා ෆේස් ටු ෆේස් ඇවිල්ල ගුටිකෑවත් මොකද ?

      Delete
    11. ඇනෝ එන්නේ මේ රටේ රාජ්‍ය අනුග්‍රහය ලබන සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන අපට අවබෝධයක් ඇති නිසාය. මේ සංස්කෘතියේ සාමාන්‍ය ස්වභාවය හැම විකල්ප මතයක්ම හැකි උපරිම බර යොදා මර්ධනය කිරීමයි. මේ මර්ධනයට මුහුණ දිය හැකි එකම ක්‍රමය ඇනෝ වීම පමණෙකි. එය වෙනත් රටවල් ගණනකදී ඔප්පු කොට තිබේ.

      Delete
    12. amila chathuranga,

      කලෙන් කාලෙට වෙනස් වෙනවන්ම, උබෙ ගැනිවයි අම්මවයි වෙන උන්ට ඩේපන්. අවුලක් නැ.
      උබ දැන් කරන්නෙ එට වඩා වෙනස් දෙයක් නෙමෙයි. රට, ජතිය පාව දෙයිම උබෙ අම්ම පාව දුන්න් වගෙ තම්යි පොන්නයෝ.

      Delete
  4. i am happy to see a positive thinking from a Buddhist..... by this i still believe there are good Buddhists who thinks like you

    i don't say all Muslims are good there are some idiots who doesn't know Islam but because of those few people, treating all Muslims like terrorists or any crap is not acceptable.

    hope we all can live in peace in the future (Inshaallah)

    ReplyDelete
  5. දේශපාලකයන් සම්බන්ධයෙන් දක්වල තියන අදහස් එක්ක එකඟයි. මගේ නං අදහස දෙගොල්ලම අතර අන්තගාමී පිරිස ඉන්නව කියනඑකයි. එතනදි පල්ලි කඩන්න රෙදි උස්සගෙන යන යන සිංහලයන් තරමටම ජාතිවාදී වෙච්ච මුස්ලිම් උදවියත් ඉන්නව.

    හැබැයි මෙතනදි තවත් පැත්තක් මම දකිනව. මුස්ලිම් කියන ආගමෙන්, සමාජයන්හි පොදු නීතියට එතරම් ගෝචර නොවන අන්තවාදය දේශනාකල තැන් තියනව. ඒ නිසා මුස්ලිම් උදවිය සුලුතරය වෙච්ච රටවල යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න හේතුවක්.

    බෞද්ධයන් බුදුදහම පිලිපදින්නෙ නැත්නම් ඒක ඒ ඒ උදවියගෙ අවුලක් මිසක් බුදුදහමේ අවුලක් නෙවේ. තම තමන් කලදේ ඒ උදවිය ගෙනයාවි.

    ReplyDelete
    Replies
    1. //එතනදි පල්ලි කඩන්න රෙදි උස්සගෙන යන යන සිංහලයන් තරමටම ජාතිවාදී වෙච්ච මුස්ලිම් උදවියත් ඉන්නව.// මේ ඔබතුමා නිවැරදිව වචන පාවිච්චි කරන්න..පල්ලි කඩනන් ගිය එකක් නෑ හරි..පන්සල බේරගන්න ගියේ..නිකම් ඔලමොට්ටල මෝඩ කතා කියන්න එපා

      Delete
    2. රාජ් කොහේද ලංකාවේ මුස්ලිම් පල්ලි කැඩුවේ

      Delete
    3. අනේ තොත්ත බබා දන්නෙම නෑ නේද? එන්න බබෝ ඔය බබාට සූප්පුවක් දෙන්න

      Delete
  6. අපි හැමෝම මිනිස්සු

    ReplyDelete
  7. ඔය හැම ප්‍රශ්නයක්ම ඉවරයි රටට පොදු නීතියක් ගෙනාවම. උඩරට නීතියයි පහත්රට නීතියයි මුස්ලිම් නීතියයි වගේ විකාර නැතුව. ඊ ළගට උපත් පාලනය අනිවාර්ය වෙන්න ඕන. මුස්ලිමුන්ට දෙළුන්ට සිහලුන්ට එක එක විදියට නෙවෙයි හැමෝටම පොදුවේ එක් විවාහක යුවලකට හදන්න පුළුවන් ළමයි දෙන්නයි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යන් බුද්ධිමත් මිනිස්සු ක්‍රියාකාරී වෙන රටවල එහෙමයි වෙන්නෙ....
      කාටත් එක නීතිය තිබුනනං ඉවරයි...
      තිබිල මදි නේ ක්‍රියාත්මක වීමත් එක වගේම වෙන්න ඕනි...

      Delete
    2. රටට පොදු නීතියක් අවශ්‍යය යන කාරණය පිළි ගනිමි. එක් පුද්ගලයකුට එක් නීත්‍යානුකූල භාර්යාවක් නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. අක පුද්ගලයකුට භාර්යාවන් වැඩි පිරිසක් සමඟ විවාහ වන්නට ඉඩ දීම ශිෂ්ට රටකට නොගැළපෙන නීතියකි. එසේම විවාහ විය හැකි අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කළ යුතුය. මෙසේ කළ යුත්තේ මුස්ලිම් ප්‍රජාව මැඬීමට නොව මේ නීති ශිෂ්ට සමාජයට නොගැළපෙන නිසාය. එහෙත් කිසිම ජන කොටසක ජනගහණය කෘතිමව පාලනය කළ යුතු නැතැයි සිතමි.

      Delete
    3. නිරිඇල්ලෙට මම සම්පූර්ණයෙන්ම එකඟයි ...
      පොදු නීති පද්ධතියකට මෙරට වසන හැම ජාතියකයෙකුම යටත් විය යුතුයි.
      [මහ ජාති හෝ සුළු ජාති කියා වෙනසක් නැතුව]

      Delete
    4. 100% එකඟයි. එක කොට්ටාශයකට විතරක් මොකටද වෙනස් නීති? නිතිය නම් හැමෝටම එකක් විය යුතුයි.

      පාසල් නිල ඇඳුම කොටසකට විතරක් වෙනස් කරන්නත්, කොටසකට විතරක් භාර්යාවන් කිහිප දෙනෙක් තියා ගන්න ඉඩ දෙන්නත් අවශ්‍ය නැහැ. වෙනකක් තියා ලංකාවේ කොඩිය තුනට හතරට කඩලා පාට තීරු දාලා දෙන්නත් අවශ්‍ය නැහැ. මොකද අපි හැම දෙනාම ශ්‍රී ලාංකිකයෝ නම් ජාති නියෝජනය කරන්න කොඩියේ කෑලි කපන්න ඕන නැහැ නේ.

      මම දන්න විදියට නම් රටක නීති සැකසෙන්න ඕන රටටම පොදු විදියට. ඒක කරන්න ඕන ආණ්ඩුවෙන්. කිසියම් ආගමකින් නෙමෙයි. නීති ඩිෆයින් කරන එක ආගමකට අයිති දෙයක්වත්, ඔබින දෙයක්වත් කියලා මම හිතන්නේ නැහැ. තමන්ට කැමතිනම් ඒ ආගම අදහන්නත් අකමැතිනම් නොඅදහන්නත්, එහෙත් ඒ නිසා අනෙක් අයිතිවාසිකම් අහිමි නොකරන්නත්, නිදහස ආගමක තිබිය යුතුයි.

      Delete
    5. සයුරි කියන දේට සම්පූර්ණයෙන් එකඟයි. අපි සේරම ශ්‍රී ලාංකිකයෝ නම් තනි තනි ජාති, ආගම් කොඩියෙන් නියෝජනය වෙන්නෙ ඇයි? දෙමළ මුස්ලිම් ජාති නියෝජනය කරන තීරු දෙක අවශ්‍යත් නෑ. සිංහල ජාතිය නියෝජනය කරන සිංහයා අවශ්‍යත් නෑ. බුද්ධාගම නියෝජනය කරන බෝ-කොළ අවශ්‍යත් නෑ. ජාතිවාදී නොවන නව කොඩියක් හදමු.

      Delete
  8. ජාතිවාදය යනු ජාතියක හා රටක පරිහානියේ මුලික අඩිතාලමයි

    ReplyDelete
  9. ඔය "හම්බයන්ට කෙළීම" කියන ක්‍රීඩාව බ්ලොග් අවකාශයෙත් වෙනවා. ළඟදි දවසක මාරයා බංග්ලාදේශ් හිමිවරුන් ගැන කියන මුවාවෙන් මුස්ලිම් ජාතිකයන් ගැන කියවන්නාගේ සිතේ දැඩි වෛරයක් ඇතිවෙන විදියට පෝස්ට් එකක් ලියලා තිබුණා දැක්කා. ඒ පෝස්ට් එකටම මහ වෙදනා කමෙන්ට් කරලා ඇවිලෙන ගින්න්නට පිදුරු දාල තිබුණා. මේ දෙදෙනාම කළේ තමන් හරිහැටි නොදන්නා, කාගෙන් හරි අහ ගත්තු කරුණු කාරණා මත මුස්ලිම් ජාතිකයන්ට අනිවාරතයේ පහර දීමට බ්ලොග් අවකාශය යොදා ගැනීම. මෙවැනි ජාතිවාදී කටයුතු වලින් ජාතීන් හා ආගම් අතර තියෙන සහජීවනය බිඳෙනවා පමණයි. කාගෙන අහරි අහ ගත්තු, තමන් හරියටම නොදන්නා කාරණා තවත් ජන කොටසක් කෙරෙහි වෛරයක් ඇති වෙන විදියට ඉදිරිපත් නොකරන්න මාරයාත්, මහ වෙදනාත් කටයුතු කළා නම් කාගෙවත් සිත් බිඳෙන්නෙ නෑ. නමුත් සමහරුන්ට ජාතිවාදය කියන්නෙ මහා ලොකු දෙයක්. ඒ අය මේ රටේ තවත් ගිනි අවුලනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. නැගෙනහිරට ගිහින බලපන්කෝ සහජීවනේ.....අනේ මෝඩ පුතේ උබලා මේ රටටත් බරක්

      Delete
    2. මාරයා ඇනෝ ඇවිත් වගේ. මහ වෙදනාත් තව ටිකකින් එයි නේද? අනේ ඔව් හම්බයින්ගෙන් ජාතිය බේර නොගෙන කොහොමද?

      Delete
    3. මේ වගේ දේවල් කතා කරන්න ඇයි ඇනෝ එන්නේ , කව්රැ කොයි පැත්තට කතා කෙරැවත් පෙන්න පල්ලා තමන් කව්ද කියලා. ඇයි බයද , ලැජ්ජද, හිරිකිතද,නැත්තං කොන්ද පණ නැද්ද.

      Delete
    4. උඹත් එන්නෙ ඇනෝනෙ බං. අටම්පහුර කියන්නෙ උඹේ නමද?

      Delete
  10. මට නම් අපි හැමෝම එකයි.

    ReplyDelete
    Replies
    1. හා හා හෙදයි...සිගිති කොමෙන්ට්...එක ෂොක් දෙක ඊට වඩා ෂොක්....

      Delete
  11. ඔබේ අදහස් පැසසුම් කටයුතුයි.

    ඒත් අවසානයේ වෙන්නේ සුලුතර පිරිසකගේ සාධාරණ අදහස් ක්‍රියාත්මක වීම නොව බහුතරයක් එක්කෝ නොදැනුවත්ම නිසා හෝ සටකපටකම නිසා හෝ සහයෝගය දෙන තදමිටු අදහස් ක්‍රියාත්මක වීඟයි.

    එදා සිට තද දක්වා වූයේ එයයි.

    හෙට ද වෙසක් වෙන ලකුණු නැත!

    ReplyDelete
    Replies
    1. කතන්දර මම ඔයත් එක්ක එකගනොවෙන තැන් තියනවා.ඒත් තමන් කවුද කියලා හදුන්වා දීමක් එක්ක තමන්ගේ මතය ඉදිරිපත් කිරිම අගය කරනවා.

      වටීනා දෙවල් ගැන වටිනා අදහස් ඉදිරිපත් කරන්නේ ඇයි මේ මිනිස්සු අළු පාට ඇනෝ හොල්මනට වැහිලා

      Delete
  12. මුස්ලිම් එඋන් ආත්මාර්ථකාමියෝ වෙන්න කියලා උන්ගේ ආගමේම උගන්නනවා. වෙන ආගමක කෙනෙක් මැරෙන්න ගියත් වතුර බිදුවක් ඒ මනුස්සයට දෙන්න එපා කියලා හදීත් තියෙනවා . මුස්ලිම් එකෙක් ජීවිතේට ලේ දෙනවා දැකලා තියේද ?අනික උන්ට තියෙන්නෙ වෙනම නීතියක් ශරියා කියලා. උන් ඒකට වෙනම උසාවිත් හදාගත්තා ළගදි. උඹ දැකලා තියෙනවද මුස්ලිම් එකෙක් නිදහසේ ගිහිල්ලා ලේද න්දෙනවා පිස්සුද? අපේ ලේ අරං ලෙඩ හොද කරගන්නවා මිසක්. ඉස්ලාමය කියන්නේ මනුශ්‍යත්වයට ගැරහීමක් අනේ බන් ඔය බහුබූත කියපොඅං ගිහිල්ලා උබේ රැවුල්කාර යාළුවොන්ටම

    ReplyDelete
    Replies
    1. මේ සියළුම කාරණා 100%ක් ඇත්ත වුණත් මුස්ලිම් ජාතිකයින් කියන්නේ අප සමඟ ජීවත්වන ජන කොට්ඨාශයක්. අපට තෝරා ගැනීම් තුනක් තියෙනවා.

      1. මුස්ලිම් ජාතිකයින් සමඟ සහජීවනයෙන් ජීවත් වීම. (කොහොමද කියලා පසුව බලමු.)

      2. මුස්ලිම් ජාතිකයින් සමඟ (කාලයක් දෙමළ ජාතිකයින් සමඟ ජීවත් වුණා වගේම) අසමගියෙන්, එකිනෙකා මරා ගනිමින් ජීවත් වීම

      3. මුස්ලිම් ජාතිකයින් සමූලඝාතනය කිරීම

      පුද්ගලයෙක් හැටියට (මුස්ලිම් ජාතිකයින්ගේ මොන වැරදි තිබුණත්) තෝරා ගැනීම් අංක එකට කැමැතියි. ඉතින් මා හිතන්නේ එතැනට යන්නේ කොහොමද කියලා. ඒක සුමුදු මාර්ගයක් නොවෙන්න පුළුවන්. එසේම අපට යම් කැපැවීමක් කළ යුතු වෙන්න පුළුවන්. ජාතීන් අතර සමඟිය හා රටේ දියුණුව වෙනුවෙන් මා එය කරන්න ලැහැස්තියි. තෝරා ගැනීම් අංක දෙක හෝ තුන තෝරා ගැනීමට ඔබට අයිතිය තියෙනවා. නමුත් අනෙක් අතට මගේ කැමැත්තට අනුව තෝරා ගැනීම් අංක එක වෙනුවෙන් සටන් කරන්නටත් මටත් එවැනිම අයිතියක් තියෙනවා.

      Delete
    2. //මුස්ලිම් ජාතිකයින් සමඟ සහජීවනයෙන් ජීවත් වීම. (කොහොමද කියලා පසුව බලමු.)//

      මෙච්චර කල් ජීවත් වුනේ සහජීවනයෙන් නෙවෙයිද ? ඉස්සරහටත් එහෙමම හිටියා කියලා වෙනසක් වෙයි කියලා හිතෙනවද ?

      Delete
  13. මුස්ලිම් රෙද්ද පොරවගත්ත මනුශ්‍යයාට අනිත් හැමෝටම වගේ මානව අයිතිවාසිකම් තිබිය යුතුයි. ඔවුන්ව සමූළඝාතනය කරන්න හෝ පිටුවහල් කරන්න අපට අයිතියක් නැහැ. නමුත් ආගමක් වශයෙන් ඉස්ලාමයේ ඇති වියරුව උග්‍ර ආගම්වාදය ළමා ස්ත්‍රී දූෂන අනුමත කිරීම් අන් ආගමිකයන් හෙළා දැකීම ආඅගමේ නාමයෙන් කරන මිනීමැරීම් ජිහාඩ් වැනි දේවල් හෙළා දැක , එයින් මේ මනුද්‍යයින් මුදා ගැනීමට යමක් කළ හැකි නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක බලන්න ඉතින් පොලීසිය ඉන්නෙ. ඒක ඒ ගොල්ලන්ට බාරදීලා බෞද්ධයින් තමන්ගෙ වැඩක් බලා ගත්ත නම් ඉවරයිනෙ, අනුන්ගෙ කුණු කන්දල් හොයන්න යන්නෙ නැතුව.

      Delete
    2. බූරු කතාවක් නෙ බන් . පොලිසියෙන් කොහෙද ඉස්ලාම් ආගමේ අමනුස්සකම් එළි කරන්නෙ ? ඒක අපි කරන්න ඕනි වැඩක්

      Delete
    3. ඇයි උඹ අයි.ජී.පී ගෙ තාත්තද?

      Delete
    4. ou ayi ubata kasillada konakapala ?

      Delete
  14. වැදගත් දෙයක් හොඳට ගලපල ලියල තියෙනවා...

    ReplyDelete
  15. මුස්ලිම් මිනිස්සු එලවන්න අවශ්‍ය නැ.. පාලනය කරන්නයි අවශ්‍ය.. ජනගහන වර්ධනය පාලනය කරන්න නිති‍ ගේන්න. අපි සමගියෙන් සහෝදරත්වයෙන් එක රටක ඉන්න ඕනා නම් හම්බයාට එක නීතියකුත් සිංහලයාට තව නීතියකුත් ඇයි? තව එකක්.. මේ යන විදිහට සිංහල ජාතිය සුළු ජාතියක් වෙන්නේ නැ කියලා ඔප්පු කරලා පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. අන්න නියම විසඳුම. අපි නීතියක් ගෙනෙමු හම්බයෙක් ගෑනිත් එක්ක නිදා ගන්න කලින් පොලීසියෙන් වොරන්ට් එකක් ගත යුතුයි නියලා. වොරන්ට් නැත්නම් මොකුත් බෑ, හරිය. එතකොට ඔය ජනගහණ පාලනය ඉබේම වෙනවා. ඕනැ නම් මේක හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ජාතික හෙළ උරුමයේ නියෝජිතයෙක් හැම හම්බ ගෙදරකම දාමු රෑට පානක් අල්ලගෙන ඉන්න.

      Delete
    2. හම්බයාගේ නීතිය කියන්නැත්තෙ හම්බ ශරියා නීතිය , දන්නෙ නැත්තම් දැනගන්න. මහරජා ඒවට වෙනම උසාවිත් හදලා දුන්නා. දැන් රැවුල්කාර මාමලා පොළවෙ වළවල් හාරලා ගෑණුන්ට ගල් ගහන්නත් පටන්ගනී ඉස්සරහට

      Delete
    3. පලවෙනි ඇනෝ : උපත් පාලනය නීතියෙන් කළ හැකි දෙයක් බව ඔබ නොදන්නේ යයි සිතමි. උදා: චීනය

      Delete
    4. ඒකනෙ සයුරි අක්කේ නීතියෙන් කරමු කිව්වෙ. හැම හම්බයකුගෙම අහවල් එකේ මීටරයක් හයි කලාමත් දැන ගන්න පුළුවන් මාසෙකට කී සරයක් ගෑනි එක්ක බුදියෑවද කියලා. නත්නම් ගෑනිගෙ අහවල් එකේ මීටරයක් හයි කළාමත් හරි.

      Delete
    5. ඉස්සෙල්ලම උබලගේ ගෙදරින් පටන් ගමු හම්බ ano

      Delete
  16. නියම post එකක් ඇත්තටම මේ ඉන්ටර්නෙට් එකේ ජාතිවාදී පොර ටෝක් දෙන එක හෙන ලැජ්ජා සහගත වැඩක්.
    මුස්ලිම් උන් ගෑනු 4ක් ගත්තම අපිට පාන්ද?
    මුස්ලිම් උන් හරක් මැරුවම අපිට පාන්ද?
    මුස්ලිම් උන්ගෙ ගෑනු ඔලුවෙ හිටං පොරවගෙන හිටියම අපිට පාන්ද?

    අනුන්ගෙ රෙද්දවල හොයන්න කලිං අපි අපේ වෙරදි හදාගෙන හරියට හිටයම ඉවරයිනෙ

    ReplyDelete
    Replies
    1. තව අවුරැදු 30ක් 40ක් යනකොට ගොට්ට අල්ලන උනගේ කොනත් කපන කොට අපිට පාන්ද

      Delete
    2. තව අවු. 40 කින් උන් බෞද්ධයෝ මරනකොට, ගෑනු දුෂණය කරනකොට අපිට පාන්ද?

      Delete
    3. දිනුකගේ මුනිපුරෝ ඔක්කොම මුස්ලිම් වෙලා දිනුකත් පල්ලි බඩගාන කොට අපිට පාන්ද කියලා නම් අහන්න කවුරුත් ඉතුරු වෙන එකක් නෑ හැබැයි...

      +1 සයුරි, අටම්පහුර !!!

      Delete
    4. @Chathuranga Perera
      +++++++++
      :P

      Delete
    5. dinukajayasinghe දැනටත් කොන කපලලු.. ඉතිං අපිට පාංද?? :D

      Delete
  17. හනේ අම්මෝ මාත් එකපාරක් මුස්ලිම් වරු ගැන සානුකම්පිතව ලියලා අදටත් බැනුම් අහනවා කට්ටියගෙන්,ඒ අස්සේ ඇනෝලා මාව කොනෙක් කියලා පට්ට ගහනවා තවත් සමහරු මගේ බ්ලොග් එක ගොමස්කඩයක් ලෙසත් හදුන්වනවා.

    ReplyDelete
    Replies
    1. මමත් උඹ කියන මතයට විරැද්ධ මතය ගැන කතා කරලා මට්ටු වෙලා තියනවා. මේ කතන්දර වලට සම්බන්ද වෙන උන්ගෙන් 80% මට වඩා කාලයක් ජිවත් වෙයි. එදාටත් මේ කතන්දරම කියපල්ලා.

      Delete
  18. අදමයි ආවේ.... මේ කතාවට අත් දෙකම උස්සලා එකග වෙනවා... සහතික ඇත්ත...

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඇත්ත? මේ කතාව ලියපු කෙනා වගේම උඹත් නුදුරු අනාගතයේම කොන කපා ගන්න දත කට මැදගෙන ඉන්නව කියන එකද?

      Delete
  19. රුපියල් කීපයක ලාභයට තම්බි කඩේට රිංගන උබල වගේ උන් එක්ක කොහොමඳ බන් සිංහල ජාතිය රැක ගන්නේ. පළයන් සිංහල සිල්ලර කඩ වලට, කම්පියුටරයක් වගේ වටිනා දෙයක් ගන්න කලින් හොයල බලපන් ඒක ගෙන්වන සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ සිංහලද කියල. තම්බිය තොග බිස්නස් කරනව නම් සිංහලයන්වත් තොඟ බිස්නස් වලට උනන්දු කරන එක නේද කරන්න ඕනි.

    හැමදේම මේවා පොලීසියේ වැඩ, මේවා අහවල් දෙපාර්තමේනුතුවේ වැඩ කියල උඩ බලාගෙන ඉඳල හරියනවද? රජය යනු ජනතාවම තමයි ජනතාවගේ මතය තමයි රජයේ මතයත් වෙන්නේ ඉතින් ජනතාවත් පාරට බැහැල අරගල කලොත් තමයි රජය වුනත් ජනතාවගේ එහෙම නැත්නම් රටේ අවශ්‍යතාවය තේරුම් ගන්නේ (ලංකාවේ ඔය දේවල් 100%ක් හරියටම නොවෙන එක වෙනම කතාවක්)

    අනික පැහැදිළිවම පේනව උබ මැරෙන්න බයයි කියල. අමතක කරන්න එපා ඒකාලේ මිනිස්සු රට වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කරපු නිසයි අද අපිට රටක් ඉතුරු වෙලා තියෙන්නේ කියන එක. අනික අවුරුදු 30ක් පස්සට ගියත් අද අපිට නොබෙදුනු රටක් තියෙනවා, තමන්ටම කියල නිවහල්ව ජීවත් වෙන්න රටක් නැතුව අවුරුදු 100ක් ඉස්සරහට යනවට වඩා අවුරුදු 300ක් පස්සට ගිහින් හරි තමන්ටම කියල රටක් ඉතුරු කර ගන්න එක නෙවෙයිද වටින්නේ?

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තට මට අපේ දුටුගැමුණු රජතුමා ගැන එහෙම දුකත් හිතෙනවා. අහවල් එකකට එළාර එක්ක යුද්ධ කරලා රට බේර ගත්තද මන්දා. හරිම වැරදි වැඩක් නේ කරලා තියෙන්නේ :0

      එතකොට අනගාරික ධර්මපාල තුමා??? හපෝ එතුමා කරලා තියෙන්නෙම ජාතිවාදේ අවුස්සන එකනේ. හරිම වැරදියි....

      Delete
    2. සයුරි එක්ක එකඟයි අනගාරික ධර්මපාල නැමැත්තා කරල තියෙන්නෙ ජාතිවාදය අවුස්සපු එක විතරයි. නැතුව සත බාගෙක වැඩක් කරල නෑ රටට. තව අපි ඒ වගේ එවුන් ජාතික වීරයෝ කරගෙන ඉන්නව.

      Delete
    3. ජාතිවාදය - අළුත් නිර්වචනය...

      අනාගාරික ධර්මපාල තුමා අමුම අමු සිංහල ජාතිවාදියෙකි - සත්‍ය

      මාලිගාවත්තේ මුස්ලිම් සහෝදරවරු ඛෙත්තාරාම පිට්ටනියට වැදී අෆ්රිඩිට හුරේ දමන්නේ හදවතින්ම ශ්‍රීලාංකික නිසාය - සත්‍ය ???

      Delete
  20. පුබුදු එරමුදුගොල්ලJune 17, 2012 at 10:56 AM

    එදා සිංහලයන්ගෙන් ටිබෙට් ජාතික එස් මහන්ද හිමියන් ඇස් ගෙඩි දෙකට හෙන වැදිලද සිහළුන්ගේ? යනුවෙන් ඇසුවේ ඇයිදැයි වැටහේ. අදද එලෙස ඇස්ගෙඩි දේකට හෙන ගැසුවාක්මෙන් ජීවත් සිහළුන් සිංහල බ්ලොග් අවකාශයේ ඇතුළුව සෑම තැනකම එමටය. ඔවුන්ගේ වදන් හද කකියවන සුළුය හම්බයන් උන්ගේ නායකකාරකාදීන් පෙරටු කරගෙන මේ ලොව එකම සිංහල බෞද්ධ රටේ බල ලොභී සිංහල නායකයන් ද බිලී බාගෙන සිංහල බෞද්ධයන්ට කරන කෙනෙහිලිකම් ඔවුනට නොපෙනේ, සෑම විටම ඔවුනට වැරදි කරුවන් ලෙස පෙනෙන්නේ සිංහල බෞද්ධයන්මය. තරඟයට මෙන් ඔවුන් හම්බයන්ට සුදු හුණු ගාති, හම්බයන්ගේ වරදක් නොදකී.

    නමුත් පුදුමයක මහත සිංහලෙන් බ්ලොග් ලියන හම්බයන්ද සිංහල බ්ලොග් අවකාශයේ සිටිති ඔවුන් කිසිවකු තමන්ගේ අත වරදක් ඇතැයි නොකියති. සමහරු සිය ස්වභාවික ජන්ම ගතිය වන කපටි කම නිසාදෝ නිහඬය. සමහරු මුස්ලිම් අන්තවාදය සිංහලෙන් සමාජ ගත කරමින් සිටිති. නමුත් අප සමහර සිංහල බ්ලොග් කරුවන් ඔවුන් අත වරදක් නොදකී ජාතිය අවදි කරන සිංහලයන්වම පාගා දැමීමට වෙර දරති.

    මේ වැනි බ්ලොග් කරුවන් කාරියන් ගෙන් ඇසීමට ඇත්තේ එකකි. තොපි දැන් සිටම තම්බි තොප්පි සහ වහල් ලෝගු මිලදී ගනිමින් කොනක පාළුවන් සහ ලිංගික වහලියන් වීමට වෙර දරනවාද?

    ඉල්ලීමට දෙයක් ඇත තොපගේ මනස්ගාත සමාජ ගත නොකරනු.

    ReplyDelete
  21. ඔබගේ බොහෝ අදහස්වලට මමත් එකඟයි. මෙම මුස්ලිම් වෙළද ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ වර්ජනය තෙරුමක් නැති හා හිට්ලර්ගේ යුගයේ යුදෙව්වන් වර්ජනය හා සමාන දෙයක්. ඔබ කිව්ව දේට යමක් මටත් තව එකතු කරන්න තිබුනත් මෙතනට එම කරුණු දිග වැඩිවෙයි කියා සිතෙන නිසා මම සත් සමුදුර බ්ලොග් අඩවියේ මේ ගැන ලිපියක් ලියනවා. පසුව ඒ සබැඳිය සටහන් කරන්නම්...

    ReplyDelete
    Replies
    1. මෙන්න එම ලිපිය - http://sathsamudura.blogspot.com/2012/06/reject-hamba-brands.html

      Delete
    2. අනේ ගෝපාල්.. උබේ ජාත්‍යාලය ගැන අපි හොඳට දන්නවා.

      Delete
  22. හිට්ලර් නේද?
    ලංකාවෙ මිනිස්සු රුපියලක් උපයන කොට සත අසූනවයක් ණයයි..
    අපි කොටින්ට ගැහුවෙත් පකිස්ථානෙන් ගත්ත ආයුධ වලින්..හෙට මුස්ලිං උන්ට ගැහුවොත් ඒක කරන්නෙත් ඒ පකිස් ආයුධ වලින්ම තමයි...
    කොකටත් මුස්ලිම් අයට විරුද්ධව රෙද්ද උස්සන්න කලිං..
    1.අරාබි රටවලට ගිහිං තම්බිලගෙ වලං හෝදන කස්ටිය ටික මෙහෙට ගෙන්නල...
    2. පකිස්ථානයෙන් ගත් ණය ටික ගෙවල අහවර වෙලා...
    3. ඉරානය වගේ රටවලින් ගත්ත තෙල් වල ණය පොල්ලත් ගෙවල අහවර වෙලාම ලෑස්ති උනානම් හොඳයි...
    මං හිතන්නෙ මුස්ලිම් අයට විරුද්ධව එක වෙඩිල්ලක් අපේ හමුදාව තිව්වොත් ආන්න එදාට අරාබියෙන් අපිට තෙල් එවන්නත් පකිස්ථානය ඉරානය වගේ රටවලින් අපිට ආධාර ගන්නත් අමාරු වෙයි...

    වැඩේ තියෙන්නෙ ඉස්ලාමයේ නං ෂරියා කියල නීතියක් ඇති..ඒත් මං දන්න බුදුදහමෙ එහෙම එකක් නෑ....ඒත් මේ අයත් සිංහල බෞද්ධයොලු...

    එයාල කරනකොට අපිත් කරනවනං අපේ වෙනස කොණ තියෙන එක විතරයි නේද?

    එක යාලුවෙක් කියල තියනව කම්පියුටරයක් ගන්න කලිං කළමනාකාර අධ්‍යක්ෂක සිංහලද කියල බලන්න කියල..මං හිතන්නෙ ඒ සමාගමේ කොටස් වැඩිපුර අරං තියෙන්නෙ මුස්ලිම් අයද දෙමලද කියල බලන එකත් හොඳ වෙයි...

    මේ රටේ නීති හදන්නෙ හම්බයො නෙමෙයි..ඔයාල අපි පත්කරල යවන සිංහල බොදු බහුතරය විසින්...

    ඉංදියාවෙ සික් ජාතිකයෙක් තමා අගමැති ඉන්නෙ..මුලු ජනගහනයෙන් සික් අය ඉන්නෙ පොඩි දෙනයි..ඒත් ඒ අයට ආර්ථිකයේ සහ දේශපාලනයේ විශේෂ තැනක් තියෙනවා...යම් දවසක මුස්ලිම් අය වැඩිඋනොත් එදාට මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය අනුව නම් එයාලට ලොකු බලයක් එයි....දැනටත් ලොකු බලයක් මුස්ලිම් අයට තියෙනවා එයාලගේ ව්‍යාපාරික ශක්තිය නිසා....
    ඒ වගේ දෙයක් නවත්වන්න සිංහල අය පැටව් බෝ කලාටම වැඩක් නෑ.සිංහල අයගෙන් බහුතරය ලොකු තාන්න මාන්න සහිත තැන්වලට ලංකාවෙ වගේම ලෝකයෙත් පත්වෙන් ඕනි...
    දෙමල අයට ජාත්‍යන්තරයෙ තියෙන පවර් එක අපිට නෑ...ඒක අපේ දුර්වල කමක්...

    මුස්ලිම් ගෑනු මුන වහන් යන.එක,.මුස්ලිම් සමාජයේ සම්ප්‍රදායන් ගැන කතාකිරීම වැඩක් නැති දෙයක්...අපි වගේම අනික් අයත් ඉන්න ඕනිද??

    ReplyDelete
    Replies
    1. //වැඩේ තියෙන්නෙ ඉස්ලාමයේ නං ෂරියා කියල නීතියක් ඇති..ඒත් මං දන්න බුදුදහමෙ එහෙම එකක් නෑ....ඒත් මේ අයත් සිංහල බෞද්ධයොලු...//

      ඉතින් අවිහිංසාවාදී බෞද්ධයෝ විදියට කවුරු හරි ඇවිත් අම්මවයි, ගෑනිවයි දූෂණය කරලා, ළමයි ටිකත් කෑලි හත කඩකට පෙති කපලා මගේ බෙල්ලටත් කඩුව වනනකල් මෛත්‍රී භාවනාව වඩමු ! ඒ පිනෙන් මට නිවන් සම්පත් පහල වේවා !!! :P

      Delete
    2. //අපි කොටින්ට ගැහුවෙත් පකිස්ථානෙන් ගත්ත ආයුධ වලින්..හෙට මුස්ලිං උන්ට ගැහුවොත් ඒක කරන්නෙත් ඒ පකිස් ආයුධ වලින්ම තමයි...//
      කව්ද යකෝ මුස්ලිං උන්ට ගහන්ඩ කියන්නේ. අපි කියන්නේ උන්ගේ ව්‍යාප්තවාදය නවතන්ධ ඕන කියල. නැත්ටම් සිහලයෝ සුළු ජාතිය වෙන එක නවතන්ධ බැ. එක කරන්ඩ ඕනේ උපාය මාර්ගිකව , නිති මගින්.ඒවගේ උපාය මාර්ග ගොඩක් කට්ටිය කියල තියනවා.නැතුව සහයෝගය දෙන රටවල් තරහ කරගෙන නෙවෙඉ.

      Delete
  23. මේකනේ කාරනේ, මුස්ලිම්වරුන් ලංකාවට ආවෙ වෙළදාමටනෙ. ඉතින් වෙළදාමක් කරගෙන
    පවුල් පල්ලි වෙලා සාම කාමීව ජීවත් වෙනවා. ආගමික කටයුතුත් අවශ්‍යනම් පල්ලියට ගිහිල්ලා කාටවත් කරදරයක් නැතුව (ලවුඩ්ස්පීකර් දාගෙන ලතෝනි තියන්නෙ නැතුව) ඒවත් කරගෙන ඉන්නවා. හැබැයි මේ හැමදේම කෙරෙන්න ඕන ලංකාවෙ නීතියට යටත්ව. (ශාරියා නීතිය වෙළදාමට අවශ්‍ය නෑ. ඒක ජීවත් වෙන්න අවශ්‍යත් නෑ) ඔවුන්ට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා වෙන විදියෙ ඇදුමක් ඇඳගෙන විවිධත්වයේ අපූරුව කෙරම් දැයි පෙන්වන්න පුළුවන්. ඒ කියන්නෙ මඩකලපු සරමයි මේස් බැනියමයි හෝ කලිසමයි කමිසෙයි හෝ ඇඳලා අර ඔලුවෙ දාන ලස්සන තොප්පියත් දාගෙන, ගහැණුන් නම් සාරිය හෝ සල්වාර් ඇඳුම ඇඳගෙන...(මේවනෙ අපි මෑතක් වෙනකල් මුස්ලිම් වරුන්ගේ ඇඳුම් විදියට හඳුනාගෙන තිබුණෙ) හැබැයි අර "නින්ජා" ඇඳුම බෑ.(මේ ඇඳුම ඇන්දම "මනුශ්‍යයා" සම්පූර්ණයෙන්ම වැහිලා යනවා). ඒ වගේම ඒ ඇඳුම අස්සෙ වර්ග මීටර් 500 කට වඩා විනාශ කරන්න පුළුවන් C4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය හෝ වෙනත් එවැනි භයානක අවි ආයුධ සගවාගෙන යන්න පුළුවන්. අනික ඒ රෙද්ද අස්සෙ ගෑණියෙකුට විතරක් නෙවෙයි පිරිමියෙකුට වුනත් හැංගිලා යන්න පුළුවන්. ඒකට ශාරියා නීතියට යටත් වීමම අවශ්‍ය නෑ. ඕනැම තක්කඩියෙකුට ඒක කළහැකියි.

    ඔවුන් ගෑණු 4 දෙනෙක් තියාගන්න එක ගැන මෙතන කතා කරලා තියෙවනෙ. ඇත්ත, එයාලා ගෑණු 4ක් තියාගත්තට අපිට පාන් ද ? ප්‍රශ්නය ඔය කියන "ගෑණු" මනුශ්‍යයෝ ද කියන එකයි. ඔළුවෙ ඉඳල දෙපතුල දක්වාම වහලා තියෙන ඒ ශරීර වලින් මනුශ්‍යයෙක් දිස්වන්නෙ නෑ. ඔවුන්ටමත් ඒක එහෙමයි. ඒ වනාහි දෙන්නු විශෙෂයක් මිසක් සත්‍රීන් නෙවෙයි. ඔවුන් 4ක් සමග ක්‍රොස් කරන්න දාන්නෙ පට්ටි ගොනෙක්. බිහි කරන්නෙ ළමයි නෙවෙයි, පැටව්. එක දෙනක් පැටව් 7-8 ක් ගැහුවොත් 4 දෙනාට 30ක් විතර පැටව් ගහන්න පුළුවන්. ඊට පස්සෙ මේ පැටව් වර්ධනය කරන්න විශාල ආහාර ප්‍රමාණයකුත් සම්පත් ප්‍රමාණයකුත් වැය වෙනවා. රටේ එච්චර ආහාර නෑ වගේම උන්ට ඉන්න ඉඩකුත් නෑ. මොවුන් නිතැතින්ම ශිෂ්ට මිනිස් සමාජයට බරපතල ප්‍රශ්නයක් වෙනවා. මුස්ලිමුන්ට පවා ( මේක වඩාත් හොඳට පැහැදිලි කරගන්න අනුර කේ. එදිරිසූරිය පරිවර්තනය කළ
    "මුහුණ පෙන්වීම තහනම්" පොත කියවන්න) පැහැදිලිව කියනවනම් මොවුන් පලිබෝධ බවට
    පත්වෙනවා. එතකොට පලිබෝධ මර්දනය කරන්න වෙනවා.

    වඩාත් හොඳ පලිබෝධ මර්ධනය ද ? ඇතිවීම වැළැක්වීම ද ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ මෙලෝ මල දානයක් දන්නේ නැතුව බ්ලොග් ලියන බබාලට හොඳ උත්තරයක් දීල තියෙනවා.

      Delete
    2. //වඩාත් හොඳ පලිබෝධ මර්ධනය ද ? ඇතිවීම වැළැක්වීම ද ?//

      මම හිතන්නේ අපේ අය දැන් අහයි මොකක්ද පලිබෝධ කියන්නේ කියලා... LOL

      Delete
  24. හොඳ ලිපියක්... හැබැයි කියන්න හදපු දේ හරියටම කියවිලා නෑ අමිල සහෝ...

    මට කියන්න ගොඩක් දේ තිබුණත්, අවස්ථානුකූලව නිහඬ වෙමි...!

    බෞද්ධයෙක් නිසා ඒ පිළිවෙලට වැඩ කරන්න එපායෑ...

    ReplyDelete
  25. ගමේ එකාJune 24, 2012 at 2:56 PM

    මේ... මේක නෙවෙයි නේද ඇත්ත කතාව? ඇත්ත කතාව තමයි උබ හම්බ බඩුවකට පෙරනව ඒත් වැඩේ හම්බ පල්ලියෙන් අනුමත කර ගන්න ඕනිනේ, ඉතින් මේක පෙන්නල හම්බ පල්ලියෙන් ලකුණු ටිකක් දාගන්න තමයි උබ මේක ලිව්වේ නේද මචං? එහෙමනේ? ඔය... ආය ඉතින් ඇඹරෙනවා, ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕනි නෑනේ මචං :D

    ReplyDelete
  26. මේ කතාව ලියව්වේ හම්බයෙක්ද ?

    ReplyDelete
    Replies
    1. පටිට කතාව මචං
      මේක ලියපු එකාලට තව ටිකක් කල් ගියාම තේරේයි

      Delete
    2. ඔව් රාවන. මේක හම්බයෙක් මුට කියවල ලියල තියෙන්නේ. මුට හොඳ ගානකුත් ලැබෙනවා මේවා ලියනවට. ඉස්සරත් සල්ලිවලට තාම මව පිය සහෝදරිය විකුනපු උන් හිටිය... අදත් ඉන්නවා... මේවට අපි කම්පා වෙන්න ඕන නැ...

      මම මේ සියලුම සිංහලයන්ට කියන්නේ....

      මුගේ හම්බ බනවලට උබල දුක් වෙන්න ඕන නැ... ඕකට ඉක්මනටම දිට්ටධම්ම වේදනීය පලදේවි!

      Delete
  27. miyanmara hewath burumayahttp://www.facebook.com/photo.php?v=255067031268460

    ReplyDelete
  28. http://www.facebook.com/photo.php?v=255067031268460

    ReplyDelete
  29. 👳‍♂️🤣

    ReplyDelete