Tuesday, June 19, 2012

හොරා දකිමු.

කැබ් එකකි එහි චරිත තුනකි. එකෙක් මාය. මා බාගෙට නිදිය අනික් දෙන්නා කතාවය. බලන්න මුං ගහන ගැහිල්ලෙ හැටියට රට ඉතිරි වුනොත් තමයි පුදුමෙ...නැව් ගනන් නේ ගහන්නෙ. කොච්චර කුමන්ත්‍රණ කාරය උනත් අර රනිලය ඔහොම නෑ..ඒත් ඌත් දැන් වැඩක් නෑ. මේ පටන් ගන්නේ මා විසි තිස් වතාවක් හොඳින් අසා ඇති දේශපාලන සංවාදයකි..

මේ ඉදිරිපස අසුනේ යන්නේ මගේම සහෝදර පරීක්ෂකවරයෙක් සහ තවත් අපේ රියදුරු මහතෙකි..
බලන්න මේ කලර් ලයිට් එක මහත්තය. මේකෙ මේ පැත්තට යන්න දෙන්නෙ තප්පර දහයයි. මොකා මේව දානවද දන් නෑනෙ. ඒකට ඩුබයි වල හෙම. සුටුස් ගාල යත හැකි නේ. මේ වාහෙන පෝලිම වැරදියට තියෙන්නෙ මේ කලර් ලයිට් හින්ද තමයි. හැමතැනම ට්‍රැෆික් නේ..
රියදුරු කියවයි. තව ස්වල්ප වේලාවකින් අපේ අනෙකා ඒ කලර් ලයිට් වැරැද්දටත් මහින්ද හෝ රනිල් පංගරාත්තු කරයි. ඒකත් අර මන්දිරයක සිටින කෙනෙකුගේම එකවුන්ට එකට යයි. 
මා උසස් අධ්‍යාපනය  ඉගනගන්නා කාලයේ ඔය කලර් ලයිට් සවිකරන හංදිවල වාහන සමීක්ෂන කරන්නට වරක් ලැබුනි. එවිට අපිට මැසිමක් දෙයි. ත්‍රිවිල් එකක් ගියොත් ඒ මැසිමේ ත්‍රිවිල් එකක් අලවා ඇති බටන් එක එබිය යුතුය. මංසන්දියක ඇති සියලුම පාරවල් වලට මේ ආකාර මැසින් දී කොල්ලන් යොමුකර උන්ට වාඩි වෙන්නට පුටු සහ හිසට කුඩ දෙයි. ඉතින් වාහන ඇසිපිය නොහෙලා ගනන් කල යුතුය. එවක ඒකට පැය හයට රුපියල් අටසීයකි. එවන් විටක පවා ගනන් කරන වැඩය හරියට කරන්නේ එහෙමත් එකෙකි. එකෙක් කෙල්ලාට කෝල් කරයි. තව එකෙක් ළඟ හෝටලේක සිගරට් බොයි. තව එකෙක් වාඩි වී නිදි කිරමින් සිට නින්දෙන් අවධි වී  එකපාර බොරුවට බටන් ටිකක් ඔබ ඔබාගෙන යයි. එදවස අපිට සැලකිය යුතු ගානක් ඒමගින් අතට ලැබුනි. එහෙත් අපේ උන්දැලෑ වැඩේ කල සැටි මාද හොදින්ම දැන සිටියෙමි. දැන් ඒ වැනි සමීක්ෂණ මත පදනම්ව  සැදු කලර් ලයිට් පත්තු වන්නේ යන වාහන ගණනට නොවේ..අර සමීක්ෂණ තැබූ හොර කොල්ලන් එබූ වැරිදි කැල්කියුලේෂන් ඇනුවය....

එකවර වාහනය වලක වැටුනි. දැන් අර ඩුබයි සිට ඇවිත් දේශපාලන පන්දමකින් රැකියාව ගත් බුවා ආයිත් ආන්ඩුවටම බනියි. බලන්න ආන්ඩුව මේව බැලන්ස් කරන්නෙවත් නෑ. තව ටිකක් වේගෙන් ආවනං අපි ඇම්බ්‍රෙල්ල පවුඩර් වෙලාම යනවා. ඒ කියන්නේ මෑන් හෝල් එකක් හෝ එවැනි යමක් ගැන විය යුතුය. මාර්ග වල වැඩ කරන විට සිමෙන්ති මිශ්‍රණ කොන්ක්‍රිට් මිශ්‍රණ දැමිය යුත්තේ සිමෙන්ති වැලි ගල් 1:2:4 අනුපාතයෙනි. නමුත් වැලි ගොඩාක් අනවශ්‍ය ලෙස දමා මෙවැනි මාර්ග වල ඇති මෑන් හෝල් හෑන්ඩ් හෝල් සහ වෙනත් ඉදිකිරීම් කරනු මා කොෙතකුත් දැක ඇත. ඉගෙන ගෙන ඇති අයුරින් 1:2:4 යනු ප්‍රාථමික මට්ටමේ මිශ්‍රණයක් වුවත් එයවත් පාවිච්චි නොකරන අවස්ථා දැක මා මුල් කාලයේ පුදුමයට පත්විය. නමුත් පසුව එය ඉබේම සාධාරනී කරණය විය. පසුගිය දිනෙක මා කොළඹ ඇවිදින අතර පාර අයිනේ විසල් නාමපුවරු සවිකිරීමට කොන්ක්‍රිට් අනනු දිටිමි. තාප්ප සිමෙන්ති කැබලි, ඇහිඳගත් ගල්කෑලි පාරේ වැලි යන දේවල් වලට සිමෙන්ති යොදා වතුර දමා මිශ්‍ර කොට එය අර කණුව සිටවන මුලට දමයි. එය හරියට කෙරේදැයි බලන්නට ද එකෙක් සිටියේය. ඒ බෝඩ් එක සිටුවා ඇති කණුවට එකෙක් හේත්තු වුවහොත් එය කෙළින් තිබේදැයි මා හට නම් කිසිම සුවර් එකක් නැත. ඕනෑම ගල් ප්‍රමාණයක් වැලි ප්‍රමාණයක් සහ සිමෙන්ති ස්වල්පයක් එක්කල පමණින් එය කොන්ක්‍රිට් නොවෙන බව මිනිස්සු දනිති. මේ වැඩකරන බොහෝ මිනිසුන් තමුන්ගේ ගෙවල් හදන විට ලොකුවට සරුවට කොන්ක්‍රිට් දමති. නමුත් කොම්පැනි වැඩ ආන්ඩුවේ වැඩ කරන්නේ නමට පමණි..

මා රැකියාවට ගිය දවස්වල අප ආයතනයේ ආයතන ක්‍රමය ගැන පොඩි පහේ ලෙක්චර දුන් ගුරෙක් විය.ඒ කල මට ඌව පොරකි. එහෙත් මේ ලඟදී රාත්‍රියක මීටිමක් අවසන...මා සමඟ ලිෆ්ට් එකේ එන ඔහුගේ මල්ල යන්තමින් ඇරී තිබුනි. එකල ආයතනයේ කොළයක් පවා ඉවත ගෙනයෑම මනුෂ්‍යකමට සහ නිලයට නිගාවක් ලෙස දැක්වූ එතුමාෙග් බාගෙට ඇරුනු ලැප්ටප් බෑගයේ පොටෝකොපි කොල බන්ඩලයකි. එනම් ෂීට් පන්සියයක පැක් එකකි.මේ රාත්‍රි වෙලාවෙ කන්තෝරුවේ කිසිවෙක් නැති නිසා සහ සිකුරිටි එකෙන්මේ හදිසියේ ලැප් බෑගය චෙක් නොකරන නිසා ඒ ලැප්ටප් බෑගය තුල පොටෝකොපි කොල රොත්තක් යයි. මින් පෙරද තඩි බයෝලොජි පොතක්මේ පොරගේ උවමනාව පිණිස පොටෝකොපි වෙනු මා දැනගත්තේ ඒ වැඩෙන් හෙම්බත්වී සිටි කාර්යාල සහායකයකුගෙනි...

   කන්තෝරුවේ දිනක් හෙන කතාවකි. එනම් උත්සව කාලේ බස් වල යෑම ගැනය. ඒ කෑම කන වෙලාවය. පෝලිම් වල සිට පෝලිම් පනින අයත් පිරුණු බස් රියට නැග පසුව බැස පෝලිමේ මුලින් සිටින අයත් මා විවේචනය කලෙමි. එතැන සිටි බොහෝ දෙනාද එය අනුමත නොකරන ලදී. ඒ අතර තලැත්තෑනි ලොකු මහත්තයා එකක් කාමරයට ආවේය. ඇවිත් සිනාසෙන ගමන්. හෙහ් හෙහ්..මාත් අවුරුදු දවස්වල එහෙමයි...නැත්තං වරුවකට බස් එකක සීට් එකක් අල්ලගන්න ඇහැක..නැගල බස් එකෙන් .බැහැල නිකම් හිටියට හරියන්නෙ නෑ පෝලිම් පනින උන්ටයි අරවගේ පස්සෙ බහින උන්ටයි බනින්නත් ඕනි..හේ හේ..යැයි සිනාසුනි..අපි සියල්ල තුස්නිම්බූත වී කෑම කා මාරු වී ආවෙමු...

ඒ අතර මාගේ ගර්ල් පෙන් ලා දෙන්නාම මට නොසිතූ අවස්ථාවක මට අහිමි විය.. බයික් එකක් ගන්නා අදහසින් මා දිනක් යකඩ ටිකක් වික්කේය. මෙතෙක් කල් නොකල දෙයක් වුවත් කලේය. වැඩේ මාට්ටු විය. ඇදේට යන සතුන් ඇදේට යන්නත් කෙළින් යන සතුන් කෙලින් යන්නත් ප්ලැන් කර ඇත. මා සිතුවේ මටත් ඇදේට යන්ට ඇහැකිය කියලාය. කන්තෝරුවේ සිටිය උන් අයියෝ ඔයා මෙච්චර කල් ඉඳලත් තාම බයික් එකක්වත් ගත්තෙ නෑනෙ..කොහෙද ඔයාගෙ සීලෙ වැඩියි නේ..ඔය යකඩ ඔක්කොම දාන්න ඕනි නෑ බං..වෙස්සන්තර රජතුමා සයිට් එක බැලුවත් ජූජක බමුනට ඔය යකඩ ටිකක් දීල දාන පාරමිතාව හරි වැඩිකරගන්නවා..යැයි මිතුරන් කීය...
මට මගේ ගර්ල් පෙන් ලා කිව් දේවල්ද මතක් විය. ඔයා නං හරියන්නෙ නෑ හලෝ..දැන් ඔයාම කියන්නෙ හිටපු ගමන්,, ඔයත් එක්ක අවුට් වෙච්චි අය අච්චර ගන්නවා මෙච්චර ගන්නවා කියලා..ඒත් ඔයා ලෝකෙට නීතිය උගන්වන්න යනවා.. අඩු තරමෙ මරුතියක් වත් ගන්න ඔයාට කිසිම අයිඩියා එකක් නෑනෙ..ඒ එකියකි
මේ ගෙයක් හදාගන්න මොනාහරි කරන්න වෙයි. අපෙ අම්මල නං කැමති වෙයිද දන් නෑ...ඔයාට කොච්චර ගත්තත් මදිනේ..බොන්නෙත් නෑ..ඒත් ඉතුරුවකුත් නෑ...ඒ අනික් ගමේ සිටි පෙම්වතියයි..ඔවුන් දෙදෙනාට මගේ ප්‍රෝග්‍රෙස් එක හෙවත් මගේ දියුණුව මදි විය...

මාද සොරකම්උගත යුතු යැයි තේරුෙන් සොරකම් නොකරන බයියෙක් ලෙස මා සෙට් එක අතර කොණටම තල්ලුවූ  හෙයිනි. එහෙත් අසුවූ සොරකම අවසානයේ  නොසිතූ ලෙස මට සමාව ලැබුනේ මීට පෙර වැරදි නොකර තිබු නිසාය... එහෙත් තවමත් කාර්යාලය වටේම. මා හොරෙකි...සමාරවි ගෑනු මිසිලා මාව පාරේ දුටුවිට ආන්න යකඩ හොරා යැයි මා පෙන්නවා ඇත..එහෙත් ඒ මිසිලා කයි ගගහා මෝස්තර කරමින් කන්තෝරු වෙලාව තුල කරන කාලය සොරකම සොරකමක් නොවේ...එසේම මගේ සම නිලවල සිටින අයත් ආන් හොරා යැයි කියනවා ඇත. ඔවුන් හොරුන් ලෙසම ප්‍රසිද්ධ නිසා ඔවුන්ට හොරා යන නම දැමිය නොහැක. මා ඉගැන්වීමට ම උපන්නමි..ඒ ටියුසන් පෝස්ටරයකි..හොරකමටම උපන් ඔවුන් හොරකම් කිරීම අලුත් දෙයක් නොවේ..නුපුරුදු මා පුරුදු වන්නට ගොස් අසුවූ බැවින් මා සොරෙකි..
(මෙය මගේ මිතුරකුට වූ සත්‍ය සිදුවීමක තීන්ත ගා කරනු ලබන පොඩි ඉදිරිපත් කිරීමකි..)

11 comments:

  1. අද මම එකද මන්ද???

    ReplyDelete
  2. එල ස්ටොරිය. අපේ එවුන් කොවේ දාල මකවල තමයි හදන්න වෙන්නේ.

    ReplyDelete
  3. මොනවා හරි උනාම කාට හරි බනින එක ඉතින් මිනිස් ගතියක්නේ අමිල.

    මට මේ දවස්වල, මාලු මිරිස් කරවල එක්ක තෙල් දාලා, සම්බෝල එක්ක බත් මැවිලා පේනවා.:)

    ReplyDelete
  4. ඒ වුනාට අමිල....ඔය හොරකම් කරන එවුන්ම අන්තිමට බලන්න කියනදේ...අරහෙම ගත්තුව යාදෙන්නෑ ...ඉතුරුවෙන්නෑ..,බහිරවය ගිල්ලවගේ..ගියා...! ඔහොම කියනවනේද..?ඒකෙ ඇත්තක් තියෙනවා කියලයි හිතෙන්නෙ..!

    ReplyDelete
  5. මොනව උනත් මේ පොස්ට් එකට කැමති ලෝකෙට බැනල තමන්ට හුණු ගාගන්න මිනිස්සු අතරේ තමන්ගේ වැරදි දැකපු එක ගැන

    ReplyDelete
  6. අපි කාගේ කාගේ කිල්ලෝටවලත් හුණු ඩිංග ඩිංග තියෙනවා. එහෙම වෙලත් අනුන්ට අත දික් කර කර හිනාවෙන කැත පුරුද්ද දරුණුවට තියෙන්නේ අපේ රටේ විතරද මන්දා...

    ReplyDelete
  7. ආශ්චර්යයට යන්න හදන්නේ මේවා තියාගෙන තමා.

    මුලින් මිනිස්සුන්ගේ චින්තය විප්ලවයක් කරන්න ඕනේ. ඒ නැතුව තව කල්පයක් ගියත් ආශ්චර්යයේ වැට මායිමටවත් යන්න බැරිවෙයි :(

    ReplyDelete
  8. "අඩු තරමෙ මරුතියක් වත් ගන්න ඔයාට කිසිම අයිඩියා එකක් නෑනෙ..ඒ එකියකි"
    ඔන්න විනාසෙට මුල

    ReplyDelete
  9. ඉතුරු ටිකත් ලියපංකෝ....

    ReplyDelete
  10. "....ඔබට බැඳි ප්‍රේමෙ වැඩි වීලා - සුදෝ අද මා සොරෙකු වීලා..." (කැළැහඳ බයිස්කෝප් එකේ බෙග් ගෙ සිංදුවක කෑල්ලක්)

    ඉතිහාසස පුරාම කතන්දරේ ඕකයි.

    ReplyDelete
  11. මදෑ ගෑනු සනසන්න හොරකමේ ගියා.. මටනම් හිතෙන්නේ ලෝකෙට පේන්න හොඳින් ඉන්න හොර වැඩ කරනවට වඩා තියෙන ජාමේ බේරගෙන ඇල් වතුර ටිකක් බීලා හිත හදා ගන්න එක හොඳා..

    ReplyDelete