Friday, June 22, 2012

පිරුණු වීදියේ

මේ පිරුණු වීදියේ නෙක කෝලම් විසිරෙනා..
 
දස දහසක් දේවල් මට ඕනෑ නෑ

ඇඳුමක් ගන්නට සපත්තුවක් ගන්නට

සිතුනත් තෝරා දෙන්නට ඔබ ඇවිදිල්ලා නෑ..


කෑගසා අඩගසාවී....මේ ලාබයි කියාවී.
.
අඩුකරලා දෙන්නට උන් සැරසේවී...

ඝොසාවන් ඇසේවී..මිනිසුන් හැපී යාවී..

එහෙත් පාලුව මා සිතවට කැරකේවී..


පාවහන් පාටින් දිලිසී යයි ඇඳුම් රටා දෙද්දී

මට වියදම් කරන්ට සිත ඉඩ දෙන්නේ නෑ

මල් මිටියක් අත අරං යලිත් මං තිව්වා

ඔබ ආවානම් එය දෙන්නට තිබුනානේ..
Pirunu v diya by indika27

16 comments:

  1. මෙහි සවුන්ඩ් කිලිප් එකකුත් ඇති බැවින් තත්පර එකසිය දහයක් වියදම් කරන්ට හැකි භාග්‍යවන්තයෝ එය අසා යන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...

    ReplyDelete
  2. ඇසුව ඇසුවා............‍‍‍

    ReplyDelete
  3. මාර අමුතු ගතියක් තියෙනවා. මං හරි කැමතියි මේ රටාවෙන් පිට පැනපු සින්දුවලට!

    මට සිහිවුනේ සින්තටික් සිහින ටෙලියේ අතුල අධිකාරී කියපු, හඳගම ලියපු සින්දුවක්.

    වෙල් ඩන්!

    ReplyDelete
    Replies
    1. සින්තටික් සිහින නියමම නාට්‍යයක්

      Delete
    2. එකඟයි!!! සින්තටික් සිහින අමුතුම ආරක නාට්‍යයක්!!!

      Delete
    3. ස්තුති කතන්දර සින්තටික් මතක් කලාට.

      ඒකෙ සින්දු සෙට් එකටම මම කැමති.

      ඒත් මට කතාව එච්චර මතක නැහැ. මොකද නොතේරෙන කාලෙ වගේ බැලුවේ..

      ජය !

      Delete
  4. නියම වැඩක් මං නම් මාර අසයි මේ බ්ලොග් එකට ජය වේවා ...

    ReplyDelete
  5. නියමයි. මොකක්දෝ එකකට තට්ටු කරමින් කියන සිංදුවෙ අමුතු ගතියක් තියනව.

    ReplyDelete
  6. පස්ට කාලීන පෝස්ට් එකක් සහෝ.....

    ReplyDelete
  7. සුපිරියි.. ඇත්තටම ලස්සනයි.. දෙපාරක් ඇහුවා...:)

    ReplyDelete
  8. මාත් දෙපාරක්ම ඇහුවා. ලස්සන කට හඬ. දැන් ඔය මල් මිටිය දෙන්ට තිබුනේ කාටද? :D

    ReplyDelete
  9. නියමයි...!අමුතු රිද්මයක් තියෙනවා..ලස්සනයි..!
    //මල් මිටියක් අත අරං යලිත් මං තිව්වා// මෙතන පොඩි හිරවීමක් වගේ දෙයක් වෙනවා සිංදුව කියනකොට,ඒත් මමත් ගැයුවෙමි....ඔබේ හඬත් සමග..!!

    ReplyDelete
  10. ලස්සනයි යාළු..:)

    ReplyDelete