Friday, June 29, 2012

වැන්දඹු සැමි


ඉන්නේ තනියමයි කාමර දෙකක් මත
වෙන්නේ කොත්තු රයිසුයි රෑ කෑම පත
බොන්නේ අරක්කුයි කන්නට බයිට් ඇත
එන්නේ කවදාක යලි මගෙ ගෑනි පත


සඳ සොරකම් කරං ගිය මගෙ ඒ දෝසි කැටේ
දැං ඇත්තේ උගේ මූසල බෝල කටේ
මං දිව ගියත් ඔබ සෙවුමට හතර වටේ
දැං කොහෙ හොයන් දෝ කියපං අපේ රටේ


ඇගෙ මස්සිනා නම් සුන්දර පැණි මලයා
පුහුනුවකට කියා මාගෙයි රැඳි සැටියා
උෙග කෝලං කොලුකම පිට ඇරියා
අවසන ගෑනි ගෙන පිටරට ගිය *රියා


සුදු අපි තව හැදෙන්නට ඕනෑ වෙනවා
ඔයා තවත් රෑ වැඩ නම් හොඳ වෙනවා
ඕටී ලැබුන විට දියුනුව වැඩි වෙනවා
කියලා ගෑනි මට රෑ තව වැඩ දෙනවා


අර මලයා උඹෙ ගෑනිව ගෙනියනවා
අතන මෙතන හැමතැනදිම හමුවෙනවා
කියලා රට්ටු කීවත් සැක නැතිවෙනවා
මං මැට්ටා ගෙ ගොංකං දැං සිහි වෙනවා


මේදේ මේම මේමයි අනෙ කොරන්නේ
මේ කට අපි දෙන්න මේමයි අඳින්නේ
නෑ දැන් කිසි කෙනෙක් ඒ උපදෙස් පුදන්නේ
ගිය එක හොඳයි කියලත් මට සිතෙන්නේ


රෑ සීනෙන් වැලක් පෙනුනොත් හොඳ වේවී
වේලී යන ගතට සිහිලක් ගෙන දේවී
පින් කඳ වගේ උන් මාගේ ගිරි දේවී
අත හැර දමා සොයනව වෙන වෙන දේවී


වරෙං මචං යන්නට ගොන් දෙනක් සොයා
කියා මිතුරු තෙම කිව් නිසාම මාත් ගියා
වනා දෙකක් දුන් විට සැම දෝරෙ ගියා
අහෝ මගේ දාහේ දෙක කොහේ ගියා


සොයලා ගොසින් දුරතැන් පීරා බලලා
කරලා දුන් කසාදය රැක ගෙන නෑ හිවලා
කියලා බනී අම්මල මට දෙස් තියලා
පැනලා යනු සිතයි පොලවට පැන එබිලා


අම්මේ කරල දුන්නොත් තවකක් සොයලා
රැකගෙන ඉන්න බලනෙමි මානෙත් නොසලා
වටකොට තබා බැමි බැද රැකවල් දමලා
දිව රෑ රකිමි පණමෙන් ගෑනිය තබලා


කොහොමද ගොං වහන්සේ තව හොයන්නේ
දිග කසාදෙයක් වත් කෝමද කොරන්නේ
අරගෙන පැන්න රටවත් තෝ නොදන්නේ
පවසා අම්ම සහ නෑ යකු දෙස් දෙන්නේ


මාසොව ගැන සොයා බලලා මිතුරු තොමෝ
පෙන්වා දුන්න දම් ලොව යන හැටි උතුමෝ
මාත් ගොසින් සිල් ගත්තයි ඇති පද මෝ
ගත් සිල් වලින් පසු මා සිත විය දැනු මෝ


ඇගලා ගත් කලට කහවන් සිවුරු පට
කෙල්ලන් එනව හිමිවෙත එය පස්ට පට
සියලු දහම් කලකිරිලා වාගෙ සිට
මාද ලාගතිමි සිවුරක් ඒ වාසි පිට


හයිෆයි උපාසික මාතාවන් එනවා
දංදෙන නැමෙන විට මා සිත ටිං වෙනවා
දුක් ඇති රුවැති කෙල්ලක් මට සෙට්වෙනවා
සසර නැතත් කෙලවර මගෙ උණු වෙනවා


මාස තුනක් ගියෙ නැතිමුත් ජොබද ඇත
වටපිට උන්ගෙ දන පින මට කමක් නැත
පිනට රෝස පාටට ඇගෙ රූපෙ ඇත
ගිහින් නැවතුනා ඇය ළඟ කාම සිත

14 comments:

  1. මේක නියමයි .............

    ReplyDelete
  2. අහෝ මගේ දාහේ දෙක කොහේ ගියා
    ( හොඳම කෑල්ල :) )

    ReplyDelete
  3. Replies
    1. ඔව් අර කලිං ගෑනු කෙනා අරං රට ගිය කෙනාට පව්.....

      Delete
  4. පුදුම තරම් වාසනාවන්ත අත්දැකීමක්....!!

    ReplyDelete
  5. සිවුරේ ආදිනව....

    ReplyDelete
  6. එළිවැටත් රැකලා ඔය දිලා තියෙන්නේ නදවෙන්ඩ
    එළම එළට කවිටික

    එළිවැට නැති කවී නං මට පේන්ඩ බෑ.

    ReplyDelete
  7. පට්ට...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. කියන්න වදන් නෑ.

    ReplyDelete
  9. ඔයිට ටිකක් සමාන කතාවක් මෙහෙත් තියේ. ඒකෙ නං කො‍ටු පැන්නෙ සිවුරක්. වැන්දඹු සැමි එයාගෙ අයිය

    ReplyDelete