Wednesday, June 13, 2012

අපි කැස්බෑවන් නරඹමු (Let's visit Turtles)

කැස්බෑවගෙයි ඉබ්බගෙයි තියෙන වෙනස..
කැස්බෑවා ජීවත් වෙන්න මූදෙ ඉබ්බ ඉන්නෙ ගොඩ. මුං දෙකම අයිති උරග විශේෂ වලට තමයි. මේ ඉබ්බා අයිති කුලේ සත්තු බෝම පරණ ජාතියක්. කැස්බෑවත් මීට වසර මිලියන සිය ගානකට පෙර ගොඩබිම වාසය කරලා පසුව මුහුදට යන්න ඇති කියල විද්‍යාඥයින් අදහස් පල කරනවා. කැස්බෑවාට සාමාන්‍යන් වරල් තියෙනවා, ඉබ්බාට වරල් නෑ තියෙන්නෙ තඩි කකුල් හතරක් තමයි. අනික අනතුරකදී සියලුම අඩු පඬු සහ ඔලුව ඇතුලට ගන්නට ඉබ්බාට පුලුවං කම තියෙනවා. ඒත් කැස්බෑවාට එසේ එලියෙ තියෙන වරල් ගාත්‍රා වලිගය සහ ඔලුව වාගේ ඒවා ඇතුලට ගන්නට හැකියාවක් නෑ. තව දෙයක් තමය ඉබ්බා ඇවිදින විට ඉබ්බට පුලුවනි පස්ස බිම වදින්නෙ නැතුව සේප් එකේ ඇවිදින්න, නමුත් කැස්බෑවගේ පස්ස බිම වදිනවා. කැස්බෑවා මුලු ජිවිත කාලයම ගෙවන්නෙ මුහුදෙ. නමුත් ඉබ්බාට සැලකිය යුතු කාලෙයක් ගොඩ ජිවත් වෙන්නත් පුලුවනි. කැස්බෑවන්ගේ ගෑනු සතා විතරක් ගොඩ ඇවිත් බිත්තර දෑම සිදු කරනවා..

කැස්බෑවන්ගේ පරණ කතා..
කැස්බෑවන් සාමාන්‍යන් මීටර දෙකේ තුනේ සිට සෙන්ටිමීටර පාලහ දහය සයිස් වලිං පවා ඉන්නවා. නමුත් ලංකාවෙ මේ කුඩා කැස්බෑවන් දකින්න ලැබෙන්නෙ නෑ. ලංකාවෙදි කැස්බෑවුන් වර්ග හතරක් පමණ දකින්න පුලුවනි. අපි දැක්ක කැස්බෑවා නං දිගින් මීටරක් විතරත් පළලින් මීටර බාගයක් විතර වෙන එකෙක්. ඉබ්බන් කැස්බෑවන් බොහෝ කාලයක් ජීවත් වෙනවා. එක්දාස් අටසීය ගනන්වල අපේ මහා මුත්තා කෙනෙක් වෙච්චි චාල්ස් ඩාවින් උන්නැහේ මැඩගස්කර් පැත්තෙ දූපත් වල දැකපු ඉබ්බො සහ වෙනත් සතුන්  එයාට පරිණාමය වාදය විශ්ලේෂනයේදි උදව් වුනා..ඒ සතුන්ගෙන් ඒ චාල්ස් ඩාවින් උන්නැහේ දැකපු තඩි ඉබ්බොන්ගෙන් එක දෙකෙක් මේ විසි එක්වෙනි ශතවර්ශය දක්වාම ජීවත් වුනා කියල පොත පතේ සඳහන් වෙනවා. සාමාන්‍යන් කැස්බෑවෙක් අවුරුදු දෙසීයක් විතර ජීවත් වෙනවා. අතර මග අතුරු ආන්තරාවක් ජීවිතයට උනේ නැත්තං. මේ කැස්බෑවන් සහ ඉබ්බන් ජීවිත කාලෙ බොහොම දිගයි. වගේම තමයි එයාල පරිණාමිකවත් බොහොම පරණ අය අපේ මැරිල ගිය යොධ සත්ව විශේෂයක් වෙච්චි ඩයිනෝසෝරයිනගේ කාලෙත්(වසර මිලියන දෙසීයකට පෙරාතුව) ඉබ්බා, කැස්බෑවා සහ කිඹුලා ආදී උරග කුලේ සතුන් ජීවත් වෙන්න ඇති කියල තමයි ෆොසිල සාධක මගින් ස්වාභාවික විද්‍යාව හදාරන විද්‍යඥ මහත්වරුන්ගෙ අදහස වෙන්නෙ. මේ කැස්බෑවා කියන සතාත් බිත්තර තමයි දාන්නෙ. ඉබ්බා කිඹුලා සහ එයාලගෙ චූටි නෑයො වෙන හූනන් වගේ සත්තුත් බිත්තර තමයි දාන්නෙ.

කැස්බෑවන් සහ අපි..
අපේ රටෙත් යාල, රැකව සහ වෙනත් වෙරළ තීරයන් රාශියක කැස්බෑවන් බිත්තර දමනවා. මෙතනින් රැකව කියෙන තැන මං දන්නවා. එතනනං කැස්බෑවන්ට සෙතක් වෙන පාටක් තමයි තිබුනෙ. මාතර කඹුරුගමුව පොල්හේන පැත්තෙත් රෑට කැස්බෑවන් බිත්තර දාන්න එනවලු. නමුත් ඒ බිත්තර වලටයි කැස්බෑවන්ටයි යන කල දවස නං එච්චර හොද නෑ. ඉස්සර රැකව පැත්තෙත්(සංරක්ෂණ වැඩවලට පෙර)  මිනිස්සු කැස්බෑවා බිත්තර දාන්න වල හාරල බිත්තර දාන අවස්ථාවෙම කැස්බෑවියගේ පස්ස පැත්තෙ බිත්තර පෝට් එකට සොපින් බෑග් එක අල්ලල ලේසියෙන්ම බිත්තර එකතු කරනවලු.  කැස්බෑවන් සාමාන්‍යන් බිත්තර දෙතුන් සීයක් දානවා. ඒ වගේමයි එක සීසන් එකක් හෙවත් එක බිත්තර දාන කාල පරිච්චේදයකට ඔවුන් බිත්තර දෙතුන් දාහක් විතර වෙරලේ වලදාල යනවා. මේ බිත්තර දාන්න කාෙල ආවහම කැස්බෑවා සති දෙකෙන් දෙකට ඇවිත් බ්ත්තර ලෝඩ් එක හලල යනව කියල තමයි මං බලන්න ගිය රැකව හිටපු ගයිඩ් අයිය කෙනෙක් කිව්වෙ.

කැස්බෑවන්ට ඇති කේස්..
කැස්බෑවා කොයි තරම් සාගරවාසී උනත් කැස්බෑවා හුස්ම ගන්න සාගර ජලය මතුපිටට එන්න ඕනි. සාමාන්‍යන් ආහාර බහුල නොගැඹුරු මුහුදේම තමයි මේ කැස්බෑවන් ජීවත් වෙන්නෙ. ඉතිං මාලු අල්ලන දැල් වලට කැස්බෑවන් අහු වුනාම උන්ට පැය බාගයකට වතාවක් හුස්ම ගන්න වතුර මතුපිටට එන්න බැරි වෙනවා.
ඒකෙං වෙන්නෙ කැස්බෑව වතුර පෙවිල මැරෙන එක. ඔවුන් ලෝකෙ කොහ් ගියත් බිත්තර දාන්න එයාල පුරුදු තැන්වලටම යනවා කියල තමයි කියන්නෙ. ඉංදියාවෙ ඔරිස්සා වල තියෙන වෙරල තීරයකට වරකට කැස්බෑවන් තුන් හාරසීයක් එකපාර එනවලු බිත්තර දාන්න. ඒ ඇවිත් කැස්බෑවො වැදිල ඇක්සිඩන්ට වෙන වෙලාවලුත් ඇති මයෙ හිතේ. කොයි තරම් ඔරිස්සා වල කැස්බො වැඩිද කිව්වොත් එක සතෙක් බිත්තර දාපු තැනම අනෙක් එකාත් බිත්තර අන් ලෝඩ් කරන්න ගිහිං බිත්තර කැඩෙන වෙලාවල් තියෙනවා කියල තමයි ගයිඩ් මහත්තය අපිට කිව්වෙ.. කැස්බෑවන් බිත්තර දාන්න සමාර විට පුරුදු වෙරළටම ආවත් අපේ මනුස්සයො වෙරල කාබාසිනියා කරල එතන හෝටල්, නවාතැන්, ගල් පර සහ වෙනත් නොයෙකුත් විච්චූරන දාල තියෙනවා. එතකොට අර කැස්බෑව අර මනුස්සයො ගොඩේ රිංගන්න ගිහිං නොයෙකුත් අකරතැබ්බ වලට මුහුන දෙනවා. උදාහරණ විදිය කැස්බෑවන් ගොඩට ආවහම මූද හොයාගන්නෙ ආලෝකය දෙසට ඇදීමෙන්. නමුත් සංචාරක කලාප වල හෝටල්වල තියෙන දීප්තිමත් ලාම්පු වලට මේ කැස්බෑවන් ඇදිල ගිහිං අතරමං වෙච්චි අවස්ථාත් තියෙනවලු. කැස්බෑවන්ට තිබෙන අනෙක් ගැටලුව තමයි කැස්බෑවියන් බිත්තර දැමීමට වෙරලට ආ පසු ඔවුන් ධීවරයින් සහ කුරිරු මිනිසුන් විසින් මරා දැමීම. පුංචි දරුවෙක් වගේ බෝම සාවධානව බඩගගා ඇවිත් උගේ වැඩේ කරල ආයෙ මූදට යන මේ සතා මරං කන්න තරං මිනිස්සු කොයි තරං කෲර වෙන්න ඕනිද කියල මට ඒ සත්තු දැක්කම හිතුනා. මේ කැස්බෑවන් බිත්තර දැම්මට පස්සෙ ඒ බිත්තර මිනිස්සු අරගෙන ඒව බොනවා. බිත්තර බොහොම කොලෙස්ටරෝල් අධික ආහාරයක්..විශේෂයෙන් කැස්බ බිත්තර වල කොලෙස්ටරෝල් සහ ප්‍රෝටීන ප්‍රතිශතය වැඩියිලු.. කමක් නෑ ඉතිං ඔය බිත්තර බොන අයත් ලෙඩ වැඩිකරගෙන තව ටික කාලෙකින් ඒ පවා විඳදරා ගන්නෙ නැතැයි..

කැස්බො බැලීම..
කැස්බෑවන් සාමාන්‍යන් බිත්තර දාන්න එන්නෙ රාත්‍රි කාලයේදි තමයි. මේ අවස්ථාෙවදි කැස්බෑවා විසින් ඔවුන්ගෙ බ්ත්තර වල සකසාගැන්මට පැය බාගයක පමණ කාලයක් ලබා ගන්නවා. වෙරළ මට්ටමේ සිට අඩි දෙකක් විතර යටට වලක් හාරල ඒකට තමයි බිත්තර දාන්නෙ. මේ බිත්තර වල සකස් කරගත්තට පස්සෙ මොන සුලු සුලු කේස් ආවත් බිත්තර ටික දාල තමයි යන්නෙ. බිත්තර දාන්න කලිං අනතුරක් දැනුනොත් ඌ ආයෙම හැරිලා යනවාලු. ඒ නිසා කැස්බෑවා බිත්තර වල හදාගෙන බිත්තර ටික දාන කල් පොඩියක් ඉන්න එක තමයි ණුවනට හුරු වෙන්නෙ. කැස්බෑවන් බැලීමට යෑමේදී කැස්බෑවන්ට දැඩි ආලෝකය එල්ල කරන එකත් ඒ තරම්ම හොද නෑ..

කැස්බෑවන් බැලීමට රැකව යන හැටි..

View Larger Map කැස්බෑවන් නම් ලංකාව වටේම බිත්තර දානව ඇති. ඒත් ලේසියෙන්ම බලාගන්න පුලුවං උන්ව තංගල්ල රැකව ප්‍රෙද්ශයට ගියොත්.. ඒ අයගෙ කන්ටෑක්ස් පහත ඇති..මේ කාලෙදි කැස්බෑවො ඉන්නවද උන් එනවද ආදි විස්තර ඒ අයගෙන් අහගත හැකි වෙයි..පොඩි ගානක් මෙයාල අයකරනවා කැස්බෑවන් බලන්න. ඒත් ඒ අයත් එතනට ලොකු සේවයක් කරනවා.

Turtle Conservation Project (TCP)
Sri Lanka
Rekawa, Netolpitiya, Tangalle, Sri Lanka
Tel :- 077 810508/9 ,0777 902915
Email :- turtle@slt.lk
Web :- www.tcplanka.org

16 comments:

  1. බොහොම අපූරු විස්තර ටිකක්. කැස්බෑ බිත්තර මිනිස්සු කන බව නම් දැනගෙන හිටියා. ඉබ්බා සහ කැස්බෑවාගේ වෙනස මෙච්චර හොඳින් විස්තර කරලා දුන්නට අමිලට බොහොම පින්.:)

    අද මම එක වෙලානේ.:)

    ReplyDelete
    Replies
    1. කිෂි දේකට බය වෙන් එපා මෙයා..මේක එච්චර ඉඳුල් වෙච්චි බ්ලොගක් නෙමෙ..ඒනිසා කමෙන්ට කරන් එන අය අඩුයි...

      Delete
    2. කමෙන්ට් නොකළට මේකට එන යන අය වැඩියි. මමත් මුලින්ම කියවපු බ්ලොග් එක මේක.

      Delete
  2. අමිල දැන් වෙලස් වෙලානේ.........

    ReplyDelete
  3. විස්තර ටික නම් වටිනවා යාලුවා.

    කැස්බෑවගෙයි ඉබ්බගෙයි වෙනස තමා ඉබ්බට යතුරක් තියෙන එක :D

    ReplyDelete
  4. කැස්බෑවුන් ගැන නොදත් බොහෝ දේ දැන ගන්නට ලැබුණා ..විටින හරබර ලිපියක් , ස්තුතියි
    මම, සොඳුරු සුව අසපුවෙන්

    ReplyDelete
  5. කැස්බෑවො වගේ දුලබ සත්තුන්ට වින කරන මිනිස්සු අතරෙ උන්ව රැක ගන්න සටන් කරන මිනිස්සුත් ඉන්න බව අමතක කරන්න හොඳ නෑ. වෙනම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානවල අය ගොඩක් මහන්සි වෙනවා මේ දේවල් කරන්න. අහුංගල්ල ප්‍රදේශයෙත් මේ වගේ තැනක් තියෙනවා.

    ReplyDelete
  6. වටිනා ලිපියක්..

    ReplyDelete
  7. අපූරු විස්තරයක්.....

    කැස්බෑවගෙ හඬ පොඩි දරුවෙක්ගෙ හැඬීමත සමානයි කියල අහල තියනවා.. කැස්බෑවව මරන්න මුනින් අතට හැරෙව්වහම වරල් ( අත්) වලින් පපුවට ගහ ගනිමින් පොඩි දරුවෙක් අඬනවා වගේ සද්ද කරනවලු

    ReplyDelete
  8. වටිනා ලිපියක් කාලයට අදාළ ...

    ReplyDelete
  9. පව් බං අහිංසක සතෙක්. වැදගත් ලිපියක්.

    මුන්ව රක්ෂනය කරන එක හරියට වෙනවද ?

    දීපාල් මහතාගේ ගීතය මතක් වුනා..
    "කැස්බයි ඉබ්බයි ලග ඥාති දෙන්නම හොද්දේ හැදි ගාති.."

    ReplyDelete
  10. වටින ලිපියක්. රැකව ගැන නම් මන් දන්නේ නෑ. හැබැයි අනිත් සංරක්ෂණ මධ්‍යස්ථාන වල නම් සංරක්ෂණයක් වෙනවද මන්දා? මේ ගැන විස්තරයක් ඉස්සරහට මගේ බ්ලොග් එකේ දාන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලංකාෙව මිනිස්සු කෙටිකාලීන ලාබෙට බොහොම ලැදියි..ඔවුන් හිතන්නෙම කෙටි කාලීන වාසි තමයි....
      කැස්බෑවො ඇවිත් බිත්තර දාන එක බලන්න එන සංචාරකයෙක් ගෙන් රුපියල් පන්සීයක් ගලවගන්න පුලුවන් ලේසියෙන්ම...
      ඒත් මිනිස්සු හිතන්නෙම උන්ගෙ බිත්තර ටික අරං විකුනන්නයි කැස්බ මස් කරල විකුනන්නයි තමයි....
      සංරක්ෂනය කරන්න ගන්නෙත් ලංකාවෙ අයමනේ..ඒ මිනිස්සු මොන වැඩෙ කලත් හදන්නෙ හොර කරල සල්ල හොයන්න....

      Delete
  11. අවුරුදු දෙසියක් ජිවත් වෙනවා කියන එකත් ලේසි පාඩු නැනේ අප්පා..

    හරිම අපුරුයි.. වටිනා ලිපියක්..කතන්දරයක් කියොනවා වගේ කියොගෙන ගියා ආසවෙන්.. :)

    ReplyDelete
  12. කැස්බෑවට යතුරක් නෑ. ඉබ්බට තියනව.

    ReplyDelete