Saturday, June 9, 2012

ලිනක්ස් දාල හා ගන්න එපා (Linux barriers)

ගෙදර මැසිමට ලිනක්ස්(Linux) එපා..
ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් (Android) මොබයිල් ඕ එස් එක බේස් වෙලා තියෙන්නෙ ලිනක්ස් වල කියලා කතාවක් තියෙනවා...ලිනක්ස් කියන්නෙ බේස් කෝඩ් එකක්. ඒක උඩ දුවන ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා, උබන්ටු(Ubuntu), ෆෙඩෝරා(fedora), ලිනක්ස් මින්ට්(Linux Mint), මැන්ඩ්‍රිවා(Mandriva), ඕපන් සූස්(Open Suse), කියන්නෙ ඒ තියෙන අටෝරාශියක් ලිනක්ස් සංස්කරණ(Distro) වලිං ටිකක් ජනප්‍රිය වෙච්චි වර්ෂන් දෙක තුනක්..


නිකං දුන්නට අපිට වින්ඩෝස් තරං කික් එකක් නෑනෙ ඔය කියන ලිනක්ස්.
නිකමට හිතන්න ඕන්න ඔයාලට පිටරට ඉන්න කෙනෙක් හරි නැත්තං හොඳම යාලුවෙක් හරි හොඳ වැඩකෑලි තියෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙනවා. ඒ වෙනකොට ඔයා ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අල්ලල වත් නෑ.. ඒ උනාට ඔයා එපා කියනවද නෑනෙ. මොකද පෝන් ඕ එස් එකක් අපිට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් නිසා. දැන් අපි එමු ලිනක්ස් වලට..ලංකාවෙ වගේම ගොඩක් රටවල පොඩි ලමය කාලෙ කම්පියුටර් එක දකින්නෙම වින්ඩොස් විදියට. වින්ඩොස් සහ කම්පියුටර කියන්නෙ දෙකක් නෙමෙයි එකක් කියන තරමටම අපිට වින්ඩොස් වලට අලවල තියෙනවා. ඉතිං ඒ අස්සෙ ලිනක්ස් හරි මොකක් හරි වෙන ඔපරේටිං සිස්ටම් එකක් කිව්ව ගමං අපි හිතන්නෙ ඒක මහ වැඩක් නැති දෙයක් කියලා. ඒත් අපි නිකමට හිතුවොත් අපිට අලුත් භාන්ඩයක් ගෙනාවම ගෙදරට ඒක දවස් ගානකිං හුරුවෙන්නෙ කෝමද?? අලුත් පෝන් එකක් දවස් ගානකින් අත පත ගාල හුරුවෙන්නෙ කෝමද කියන ආකාරයටම අපිට පුලුවනි ලිනක්ස්  වලට හුරුවෙන්න.. හැබැයි ඉතිං ලිනක්ස් කියල කිසිම දෙයක් බුග් ගාල අපි හිතන කොට අතට ගෙනත් දෙන්නෙ නෑ. ඒ සඳහා කැපවීමක් අවශ්‍යයි සුලුවෙන් හරි. ඒත් කැපවෙලා ඉගෙන ගත්තොත් ඒ හරහා තියෙන වාසි නං ගොඩායි...


ලිනක්ස් වල අඩු තරමෙ සිංදුවක් අහන්න වීඩියො ඒකක ප්ලේ කරගන් පුලුවන්ද බෑනෙ..
උබන්ටු සහ ෆෙඩෝරා කියන ජනප්‍රිය සංස්කරණ වල අමෙරිකාව කැනඩාව සහ යුරෝපා රටවල් වෙනුවෙන් නිකුත්කරන සංස්කරණ වල කොඩෙක්ස් (codec), එහෙම නැත්තං අපි කියන එම් පි ඊජී(mpeg) එම් පී ත්‍රි(mp3) වගේ ෆයිල් රන් කරන්න අවශ්‍ය වෙන මෘදුකාංග කොටස්(codec) ස්ථාපනය කරල එවන්නෙ නෑ. මොකද ඒ දියුනු රටවල ඒක නීතිමය තත්වයක් නිසා කරග්න අපාසු නිසා. ඉතිං මේ තත්වය යටතේ අපිට මෙහෙ එන ගොඩක් උබන්ටු වගේ ලිනක්ස් වල ප්ලේයර් එකේ සිංදු සහ වීඩියො ධාවනය වන්නේ නෑ. ඒ වගේ වෙලාවට අපිට වී එල් සී(vlc player) කියන මෘදුකාංග කොටස ස්තාපනය කරගත්තනං ගොඩ. එතකොට අර අපිට ප්ලේ කරගන් අමාරු වුන ඔක්කොම දේවල් ප්ලේ කරගත හැකි හරියට වින්ඩෝස් වල වගේම. වී එල් සී සයිට් එකට ගියොත් ඒකෙන් ගන්න පුලුවනි වී එල් සී කෝමද එක එක ඕ එස් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනි කියන ආකාරය..
ඒ උනාට ඔය මගුල් වල සොෆ්ට්වෙයා එකක් දානව කියන්නෙ පුදුම වහක් කන්න ඕනි වැඩක්..
අපෙ ලාංකික බහුතරය භාවිතා කරන්නෙ තවමත් වින්ඩොස් නිවැරදි සංස්කරණ නෙමෙයි. ඒ කියන්නෙ වින්ඩොස් හොරකොපි තමයි අපි භාවිත කරන්නෙ. ඒ වලදි අපි හිතනවා අපිට ඕනිම ලෝකෙ තියන ඩොට් ඊ එක්ස් ඊ(.exe) ෆයිල් එකක් මැසිමට දාන්න පුලුවං ඩබල් ක්ලික් කරලා කියලා. ඒත් සාමාන්‍යන් ඒක නෙමයි නිවැරදි ක්‍රමය වෙන්නෙ. අපිට පුලුවන් ඒ ඕ එස් එකත් එක්ක වැඩකරන්න පුලුවනි උපාංග සහිත මෘදුකාංග තෝරගන්න ඕනි ..හරියට ඇර ෆොන් වලට අපිට ඇඩ් කරන්න අනං මනං විජට් තියෙන්නෙ, ඇන්ඩ්‍රොයිඩ් වල හෙම ආන් ඒ වාගෙ...ගොඩක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල සොෆ්ට්වෙයාර් සෙන්ටර්(Software Centre) කියලා එකක් තියෙනවා.ඒ සොෆ්ට්වෙයාර් එකේ තියෙන ටෙක්ස්ට් බොක්ස් එකේ අපිට ඕනි වැඩෙ ලියල ටයිප් කලාම අදාල මෘදුකාංග ලිස්ට් එකක් එනවා. ඒවයෙ විස්තර කියෝල බලල අපිට පුලුවනි ඒ මෘදුකාංගය ගැන අයිඩියා එකක් ගන්න....ඒත් වඩාත්ම ලේසි වැඩේ තමයි ටර්මිනල් එකෙං මෘදුකාංග දාන එක..ඒකෙදි කරන්න තියෙන්නෙ කන්ට්‍රොල් + ටී(Ctrl+t) අකුර ඔබල එන ටර්මිනල් එකේ කමාන්ඩ් ලයින් එකෙං සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන එක.. ඒ ටර්මිනල් එකෙ ගහන්න ඕනි කමාන්ඩ් අපිට ඉන්ටර්නෙට් එකෙං ලේසියෙං හොයාගන්න පුලුවනි..ඒක අමාරු දෙයක් නං නෙමෙයි... ..


වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයා වැඩකරන්නෙ නෑනෙ...
ඒකනං එක්තරා ගැටලුවක් තමයි. ඒත් ගොඩක් වැඩවලට අවැසි වෙනත් විකල්ප මෘදුකාංග(Application Software) ලිනක්ස් වල තියෙනවා. සාමාන්‍යන් වෙබ් බ්‍රව්සර, පිකාසා පොටෝ එඩිටර්,වී එල් සී ප්ලේයර්,ස්කයිප්,ජී ටෝක්ස් වාගේ මෘදුකාංග ඔය ලිනක්ස් ඕ එස් වලත් වැඩකරන ආකාරයට සංස්කරණ නිකුත්කරලා තියනවා. තවත් සමරූපි මෘදුකාංග භාවිත කරන්නත් පුලුවං..උදාහරණ විදියට පොටෝෂොප් වෙනුවට ගිම්ප්...ඔෆිස් වෙනුවට ලිබ්‍රෙ ඔෆිස් යනාදි වශයෙන් අපිට විකල්ප මෘදුකාංග තෝරා ගන්නට පුලුවනි.මේ විකල්ප මෘදුකාංග වලට බයවෙන්න කාරි නෑ. ඒවත් අර අපි වින්ඩොස් වල වැඩකරන ඒව වගේමයි.ඒ ඕප්ෂන්ස්ම තියනවා. හැබැයි ගොඩ වෙලාවට ලිනක්ස් වල එන සොෆ්ට්වෙයා අර වින්ඩොස් ඒව තරං රූපයෙන් ලස්සනනෑ.වීඩියෝ එඩිටිං, ඕඩියෝ එඩිටිං, මික්සින් ගේම්ස් වගේ විශාල පරාසයක මෘදුකාංග දහස් ගානක් මේ ලිනක්ස් වල එනවා...මං ළඟදි දැක්ක විදියට දැන් දැන් එන වීඩියෝ ගේම් පවා ලිනක්ස් වලටත් සරිලන විදියට නිපදවා තිබෙනවා.. ජනප්‍රිය මෘදුකාංග උදාහරණ විදියට පොටෝසොප් වගේ ඒව ලිනක්ස් වලට එන්නැති එක එක්තරා ගැටලුවක් තමයි. සමහර වාණිජ වශයෙන් භාවිත කරන සොෆ්ට්වෙයා අපිට වයින් කියන ඇප්ලිකේෂන් එක හරහා දාන්න පුලුවන් උනත් ඒවා වින්ඩෝස් වල තරං සුපිරියට වැඩ කරන්නෙ නෑ... කෝකටත් සමාර වාණිජ වශයෙන් භාවිත මෘදුකාංග වෙනස් වෙන ස්පීඩ් එක සහ ඒවායේ මිල ගනන් දැක්කම නං නිකං තියෙන ලිනක්ස් වල සීමිත ඉඩ අපේ වැඩකටයුතු වලට වැඩිත් එක්ක කියල හිතෙන වෙලාවලුත් තියෙනවා..

 ඔය කිව්වට ලිනක්ස් පාවිච්චි කරන්නෙ පොඩි දෙනයි..අපිට අහගන්නවත් කවුරුවත් නෑ..
 සාමාන්‍යන් ලංකාවෙ ලිනක්ස් භාවිත කරන්නන් ගාන අඩුයි. කැම්පස් වල ඉද්දි ලිනක්ස් වලිං කෝඩිං ලියන්නත් අනං මනං මහා ලොකු වැඩ පුරුදු උන්ත පස්සෙ කස්ටිය ආයෙම වින්ඩොස් වලට මාරුවෙනවා. නැත්තං බිල් ගේට්ටුව තරහ වෙයි කියල බයටද දන්නෙ නෑ..ඒත් එහෙම වෙනවා. ඒත් අපි ලෝක මට්ටමින් ගත්තොත් සාමාන්‍යන් සමස්ථ කොම්පියුටර භාවිත කරන්නන් ගෙන් සීයට පහක් විතරම ලිනක්ස් භාවිතා කරනවා. ඒ නිසා අපිට ගැටලුවක් ඇවිල්ල මේ ඉන්ටනෙට් එකෙ ගැහුවම ඒකට ඕනි විසඳුම් සුටුස් ගාල හොයා ගන්න පුලුවනි. සමාරවිට අපිට තියෙන පස්නෙ කලිං අයට ඇවිත් නැත්තං ඒක අපිට පුලුවනි ෆෝරම් එකකට දන්වන්න. එතනින් අපිට කවුරු හෝ ලෝකෙ කොහේ හෝ සිටින කෙනෙක් විසඳුම කියාවි. හැබැයි ඉතිං මේකට ඉංගිරිසි නං සුට්ටක් ඕනි වෙනවා. ඉංගිරිසි මහා ලොකුවට දැනගන්න නං ඕනි නෑ. යාංතං වචන ටිකක් ලියල දැම්මහම ගොඩක් වෙලාවට ඒ අය තේරුං ගන්න වෙලාවල් තියෙනවා. කෝමත් අපි දන්න ඉංගිරිසි සුට්ටෙං ලංකාව ඇතුලෙදි ගන්න පුලුවං වැඩ වලට වඩා පිටරටදි වැඩ ගන්න පුලුවනි. මොකද වැරැදුන ගමං හොහ් හාහ් ගාල හිනාවන්න සුද්දො ලෑස්ති නැති නිසා..

හාඩ්වෙයාර් ඩ්‍රයිවර් නෑනෙ...
ගොඩක් ගෘහස්ථ භාවිතයට හදන බඩු හදන්නෙ මයික්‍රොසොෆ්ට් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතිවලට ගැලපෙන විදියට. ඒ නිසා සමහර මදර් බෝඩ්, සවුන්ඩ් කාඩ්, වීඩියෝ කාඩ්,විතරක් නෙමෙ මොඩම්, ඩොංගල්, ප්‍රින්ටර් වාෙග බාහිර උපාංග වලත් ඩ්‍රයිවර්ස් නැත්තං ඒ කොටස් වැඩකරන්න අවැසි මූලික මෘදුකාංග කොටස් ලිනක්ස්වල නැතිවෙන්න පුලුවනි. නමුත් කලකට පෙර තිබුනාට වඩා දැන් තත්වය සතුටු දායකයි.දැං අපි ගන්න අලුත් පෝන් එකක් කෙලින්ම ලිනක්ස්ඕ එස්  තියෙන මැසිමකට ප්ලග් කලත් ඒකෙ තියෙන මෙමරිය කැම් එක වැඩකරනවා.ඒ වගේම වීඩියෝ කාඩ් වලටත් දැංදැං ලිනක්ස් ඩ්‍රයිවර් සොෆ්ට්වෙයා එනවා. නැත්තං ඉන්ටනෙට් එකෙංම ගත හැකි. ඒත් සමාරවිට ඔබ භාවිතා කරන හාඩ්වෙයාර් වල ඩ්‍රයිවර් නැතුව යන්න අවධානමක් නැතුවාම නෙමෙයි.ඒ වාගෙ වෙලාවට කරන්න ඕනි ලිනක්ස් වෙනත් සංස්කරණයක් භාවිත කිරීම. සමාරවිට උබන්ටු වල ඩ්‍රයිවර් නැති වැඩකරන්නෙ නැති කෑලි ෆෙඩෝරා වල වැඩකරනවා. ඒ දෙකේම නැති ඒව සූස් වල වැඩ කරනවා. ඒ වගේ වෙන්න පුලුවනි..


මේ තියෙන වින්ඩෝස් මගුල නැතුව නොදන්න ඕව කරල මොකටෙයි..හදට යන්නෙයි??
සාමාන්‍යන් අපි පාවිච්චි කරන වින් සෙවන් ඔරිජිනල් මෙහෙයුම් පද්ධතියක් රුපියල් හත් දාහක් විතර වෙනවා. ඒ වගේම අපිට නිතරම ඕනි වෙන වර්ඩ් තියෙන ඔෆිස් පැක් එක මයික්‍රොසොෆ්ට් ඔෆිස් එක රුපියල් විසිදාහක් වෙනවා. ඉතිං ඔය ගානින් ලංකාවෙ හොඳ කන්ඩිෂන් වල තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මැෂිමක් ගත හැකි. එහෙව් එකේ වින්ඩොස් හොරට දාගෙන ක්‍රැක් කරපු සොෆ්ට්වෙයා ටිකක් ඔබාගන් එක තමා අපේ අය කරන්නෙ ගොඩක් වෙලාවට. ඒ වගේ වෙලාවක අපිට ඕනි ගොඩක් දේවල් ලයිෂන් පිට කිසිම වෛරසයකින් තොරව දාගන්න පුලුවන් ලිනක්ස් එක්ක වැඩ කරද්දි.. තව දෙයක් තමයි අපි කියන විදියට අපි කියාගන්න විදියට අපි බෞද්ධ රටක්..අපිට අවුරුදු දාස් ගානක පස්ට ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම අපිට කුමන්ත්‍රණ කරන්න අමෙරිකන් යුරෝපියන්ස්ල බලං ඉන්නවා. ඉතිං මං කියන්නෙ එහෙනං ඇයි අපි හොරාට හොරාට අමෙරිකන් මයික්‍රොසොෆ්ට් පාවිච්චි කරන්නෙ..ලංකාවෙ ගොඩක් අය මුස්ලිම් අයගෙ යුනිටියෙන් ගතපු කම්පියුටරේ අමරිකාවෙන් සල්ලි නොදී හොරාට මෘදුකාංග දාගෙන..මාක් සකර්බරග් හදාපු මූනු පොතේ නොහොත් පේස්බුක් එකේ ගිහිං දේශීය දේවල් ගැන අපේ දේවල් ගැන අධිරාජ්‍යවාදය ගැන කතා කරනවා... ඒක නිකං අපි හෙලුවෙං ඉඳන් ආං අරයාට ලොකු එකක් තියෙනවා ඒ නිසා එයා අපිට කුමන්ත්‍රණ කරනවා වගේ ගොං පාට් එකක් මට පේන විදියට නම්...
  • වෛරස් සහ වෙනත් අනර්ථකාරි මෘදුකාංග ධාවනය නොවීම.
  • සීමිත හාඩ්වෙයාර් පසුබිමක් යටතේ වුව විසල් කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවීම.
  • .බොහෝ සාමාන්‍යන් භාවිතා කරන මෘදුකාංග සහ ලිනක්ස් සංස්කරණ නොමිලේම ලැබීම..
  • යම් යම් කොටස් සංස්කරණය කරගත හැකි වීම..
  • මෘදුකාංග සොරකම් කිරීමෙන් වැලකීමට හැකිවීම..
වගේ කාරණා වලිං ලිනක්ස් මෙහෙයුම් පද්ධති ඉදිරියෙන්ම ඉන්නවා. ඒත් ඉතිං අපි ඕනිම හොද දෙයක් අපෙ කරගන්න නම් යම් කැපකිරීමක් පොඩි අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒක ලිනක්ස් වලටත් හෙමයි.

78 comments:

  1. අනේ මට නම් තේරුනේ නෑ අය්යෝ...:D:D:D

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔයා ඕව තේරුං ගන්න මාන්සි වෙන් එපා අයියෝ..ඕං ඔහෙ වලව්ව බලං ඉන්ට..වැඩක් කරගන් ඕනි උනොත් ඕනි හැටියෙ සේවකයො ඉන්න එකනේ...

      Delete
    2. onama hadda parana walawwakata unath galapenawa

      Delete
  2. "වින්ඩෝස් වල වැඩකරන සොෆ්ට්වෙයා වැඩකරන්නෙ නෑනෙ...
    ඒකනං එක්තරා ගැටලුවක් තමයි. ඒත් ගොඩක් වැඩවලට අවැසි වෙනත් විකල්ප මෘදුකාංග(Application Software) ලිනක්ස් වල තියෙනවා. සාමාන්‍යන් වෙබ් බ්‍රව්සර, පිකාසා පොටෝ එඩිටර්,වී එල් සී ප්ලේයර්,ස්කයිප්,ජී ටෝක්ස් වාගේ මෘදුකාංග ඔය ලිනක්ස් ඕ එස් වලත් වැඩකරන ආකාරයට සංස්කරණ නිකුත්කරලා තියනවා."

    ඔය මොකට විකල්ප තිබ්බට අපිට ඕනේ කරන සොෆ්ට්වෙයා එකට නැත්නම් නිකං හැමෝම කියනවාට ලිනක්ස් දාගෙන වැඩක් නෑනේ

    ඔය හැම දේම අතින් ලිනක්ස් ඉදිරියට එනකම් මට වින්ඩෝව්ස් හොදයි

    ReplyDelete
  3. මම නම් උබුන්ටු වින්ඩෝස් 2ම දාගෙන ඉන්නේ. පිටින් ගෙනාපු pen කොම්පීවරේට ගහනකොට උබුන්ටු කියාපු බඩුව. වයිරස් ගැන බයක් නෑ. සේරම බබා වගේ පෙන්නනවා. ලේසියෙන්ම ඩිලීට් කරලා දාන්න පුලුවන්. හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. ඒත් සමාර වෛරස් සහ ෆයිල් තියනවා ලිනක්ස් වලිනුත් ටිකක් අමාරුවෙන ඒව...

      Delete
  4. ඇත්ත කතාව කියනවා නම් මමත් වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා ඉවරයි. මගේ එක මැසිමකනං ඔරිජිනල් වින්ඩෝස් තියනවා.අනිත් එකේ නම් උබුන්ටු තමා පාවිච්චි කරන්නේ. හැබැයි අමිල ග්‍රැෆික් වැඩ වලට ගිම්ප් එච්චර හරි නැහැ ෆොටෝ ෂොප් තරං.ඒ හින්දා ආයෙ වයින් දාගන ෆොටෝ ෂෝප් ම දාගන්න වෙනවා. ඒවගේමයි dreamweaver වලට ගහන්න එකකුත් නැහැ.ඒකත් පුරස්නයක් තමා මටනං

    ReplyDelete
    Replies
    1. Gimp කතාවනං ඇත්ත. හැබැයි dreamviewer වලින් කරන සේරම Quanta+ වලින් කරන්න පුළුවන් නේද? මට දැනිල තියන විදියටනම් ගොඩක් වෙලාවට Windows වලට වඩා ලිනක්ස් වලදි PHP script එහෙම execute වෙන්න යන වෙලාව අඩුයි එකම මැසිමෙ උනත්

      Delete
    2. මං ඔය පොටෝසොප් වලවැඩ කරලම නෑ...කෝමත් කියනව දැන් දැන් ගිම්ප් ඉන්නෙ ගොඩක් පහලින්ලු පොටෝසොප් වලට වඩා...ඒ දෙකේ තියෙන ගතිගුණ වෙනස් කියල තමයි කියන්නෙ..සමහර ටූල් ගිම්ප් කේ තියෙනව සොප් වල නෑ ..සමාර එව ගිම්ප් එකේ ඇත්තෙම නෑ...

      Delete
  5. machan theres no codec problems in "Mandriva" linux. this is not very popular in sri lanka, but one of the best linux os and supports all audio and video file formats. The envirnment is similar to windows vista.

    ReplyDelete
    Replies
    1. මැන්ඩ්‍රිවා මං ට්‍රයි කරලම නෑ...ඒත් සමාර ඒව අඩුගානෙ ඉන්ටෙල් මදර්බෝඩ් එක්කවත් වැඩ කරන්නෙ නෑනෙ...ඒකයි අවුල

      Delete
  6. සහතික ඇත්ත අමිලයෝ. අපිට ‍ජොබට ගිය කාලෙම දුන්න ඔෆීස් ට්‍රේනින් එකක්. ඒකට ආව හුඟදෙනෙක් කොම්පීතරයක් අල්ලලවත් තිබුනෙ නෑ හරියට. එතනදි කිව්ව රජයේ ආයතන වලට ගන්න පුළුවන් ඔරිජිනල් සොෆ්ට්වෙයාර් විතරයි කියල. (දැන් මේ වෙනකොට ඒ තත්වය තියෙන්නෙ). ඉතින් මම කිව්ව එහෙනම් ඕපන් ඔෆීස් උගන්වන්න කියල, මොකද බින්දුවෙ ඉඳල යන උදවියට කොහොමත් එකයිනේ. ඒත් වැ‍ඩේ කෙරුනෙ නෑ. දැනටත් ගොඩක් සල්ලි දීල තමයි සොෆ්ට්වෙයාර් ගන්නෙ.
    අනෙක් කාරණාව තමයි මේව වැඩිදියුණු වෙන්න නම් පාවිච්චි කරන ප්‍රමාණය වැඩිවෙන්න ඕන. මම දැක්ක කියුබාවෙ රජයේ ආයතන දුවන්නෙ ඕපන් සෝස් වල කියල.

    ReplyDelete
    Replies
    1. කිව්වට වැඩක් නෑ ලොක්ක කාටවත් සම්තින් එකක් එන්නෙ නෑ ලිනක්ස් සහ ඕපන් ඔෆිස් වලින්...

      Delete
  7. තව ගැටලුවක් තියේ.. ඔය ගොඩක් අලුත් ගේම් වල linux version එන්නෙ නෑනේද??
    අනිත් එක තමයි Drivers ගැටලුව.. හරි driver එක නැතුව ඔයා කියන ඔය "සීමිත හාඩ්වෙයාර් පසුබිමක් යටතේ වුව විසල් කාර්යක්ෂමතාවයක් ලබාගත හැකිවීම" කියන දේ වෙන්නෙ නෑ.. අනික තමයි මම දන්න තරමින් alternative software ගොඩක් අර commercial software තරම්ම හොඳ නෑ. Photoshop - Gimp හොඳම උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලිනක්ස් ෆැන්ලගේ ඔය ෆොටෝශොප් -ජිම්ප් උදාහරණය අහල මට එපා වෙලා , ඒක හරියට ෆෙරාරියයි මරුටියයි එක සමානයි කියනව වගේ වැඩක් . එකම දේ අපේ අය ගොඩ දෙනෙක් නොමිලේ ගන්න නිසා බොහොම පොඩි වැඩ වලටත් පොටොශොප් පාවිච්චි කරන නිසා ඒ වැඩ නම් ජිම්ප් හරහා නිත්‍යානුකුලවම කරගන්න පුලුවන් එක

      Delete
    2. ඔව් අලුත් ගේම් වලනම් බොහෝවිට එන්නෙ නෑ නං තමයි....ඔය ඩ්‍රයිවර් ගැටලුව මොක උනත් රැම් එක ෆයිව් ටුවෙල් වලට අඩු ඒවට වින්ඩොස් සෙවන් ලං කරන්නවත් බෑ..ඒත් සමහර ලිනක්ස් වර්ෂන් වලිං අපිට ඕනි අලුත් සොෆ්ට්වෙයාර් සහ අලුත්ම බ්‍රව්සර් එක්ක වැඩකරන්න පුලුවං පරණ මැෂින්වල වුනත්...ඒත් දැන් දැන් එන්වීඪියා සහ ඒටී අයි ල පවා ලිනක්ස් ඩ්‍රයිවර්ස් දෙනවා...සමහර ප්‍රින්ටර් සහ ඩොංගල් ගහල ඩ්‍රයිවර් දාල පස්ට වහක් කන්න ඕනි වින්ඩොස් වල ...ඒත් ලිනක්ස් වල ඒව ඔටෝ ගන්නවා ගොඩ වෙලාවට...

      පොටොෂොප් උදාහරණය ගැන හිතන්නවත් බෑ ඔය පොටොෂොප් අපිට සල්ලි දීල ගන්න උනානම්..නිකං ක්‍රැක් කරල පාවිච්චි කරන්න ලැබෙන නිසා ඉතිං අවුලක් නෑ...

      Delete
  8. good post macn keep it up.i always be a fan of ubuntu.thnxs

    ReplyDelete
  9. ඇත්තටම ඕක ඔහොමම වෙනවා නම් මාරු..ඒත් තාම ඒ තත්ත්වේ හැදීගෙන එනවා විතරයිනේ.. අපි වගේ පරිගණකය අපේ වැඩට මිසක් පරිගණකය දියුණු කිරීම සඳහා භාවිතා නොකරන අයට ඕක එච්චරම හරි යන්නෑ කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ ලිනක්ස් තාම දියුනු වෙමින් පවතිනවා කියලා..එහෙම එකක් නෑ...විදිය වෙනස් එච්චරයි..නැත්තං කම්පියුටරයකින් අපි කරගන්න බොහෝ දේවල් ලිනක්ස් වලිං කරගන්න පුලුවනි... සමහර රටවල් ඒ රටවල මෘදුකාංග මිල අඩුකරන්න ලිනක්ස් වෙනමම වර්ෂන් හදල බෙදලා දෙනවා... මං දැකපු හොඳම අධ්‍යාපනික විශේෂාංග සහිත ඕ එස් එකක් තමයි එඩියු උබන්ටු කියන්නෙ..කොටින්ම කෙමෙස්ට්‍රි වල ආවර්ථිතා වගුව පවා ඒ ඕ එස් එක ඇතුලෙ ඇප් එකක් විදියට තියෙනවා..පොඩි ලමයිට ඕනි ලස්සන ඩ්‍රොවින් ලෙසන් පවා තිබුනා...

      Delete
  10. මම පරිගණක චෙප්පෙ කෙනෙක් නෙවෙයිත ඒත් මම වින්ඩෝස් වලින් ඉවත් වෙලා ගොඩක් කල්. මම දැනට භාවිතා කරන්නෙ උබුන්ටු. මගේ අවශ්‍යතාවලට සරිලන ප්‍රී සොෆ්ට් ප්‍රසස්ථ මට්ටමකින් තියෙනවා. ඒ වගේම අන්තර්ජාල සබඳතාවයේදී වින්ඩෝස් වලට වඩා වේගවත්. ගැටළුව වෙන්නෙ කොම්පියුවර් චෙප්පෙලට ලිනක්ස් අරහං වීම. ඒක මම හිතන්නෙ සමහරුන්ගෙ ලොකු කම. යිමොකද නිකන් දෙන ලබ්බක්නෙ. තත්වෙට හොද මදි

    ReplyDelete
  11. මම නම් හිතන්නේ තොරතුරු තාක්ෂන දැනුමක් නැති කෙනෙක්ට , පාසල් යන වයසේ ලමෙක්ට පරිඝනක අතපත ගාන්න පටන් ගන්න , එදිනෙදා සරල වැඩකටයුතු ලේසියෙන් කරගන්න වින්ඩෝස්ම භාවිතා කරන එක තමයි හොඳ . ඒ වගේම wubi වගේ ක්‍රමයකින් ලිනක්ස් වලට අතගහන එකත් වැඩේ අනාගෙන හත්පොලේ ගාගන්න එක වලක්වාගන්න හොඳ ක්‍රමයක් . මම win 7 , win 8 . ubuntu තුනම භාවිතා කරනවා එකම පරිඝනකයේ ,හැබැයි ubuntu , wubi උඩ තමා

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලෙ යන ලමයිට ලිනක්ස් වලිං කරගන්න බැරි අද්‍යාපනික වැඩේ මොකද්ද කියල මටනං තේරෙන්නේ නෑ...ඔන්න කමර්ෂලි පොටෝ එඩිටිං කරන අයට නං පොටෝසොප් ඕනි කියමු..ගේම් ගහන අයට ඒකත් ඕනි කියමු...
      ඒත් ඉගෙන ගන්න අයට ??
      ලිනක්ස් කියන්නෙ උබන්ටු නෙමෙ...විසාල දෙයක්...ඒක අස්සෙ හරියාකාරව ලමයිට හරියන සොෆ්ට්වෙයා හදාගන්නත් පුලුවනි..ලේසියෙන්ම...
      අනික ඉන්දියාව සහ අප්‍රිකානු රටවල ලමුන්ට දෙන විශේෂ කුඩා ටැබ්ලට් වර්ගයේ පරිඝනක වල පාවිච්චි වෙන්නෙ ලිනක්ස්..

      Delete
    2. මම අධ්‍යාපනික දෙයක් ගැන සඳහන් කරල තියනවද ? ප්‍රයෝගිකව වර්ථමාන ශ්‍රි ලංකාවේ ලමෙක් පරිඝනකය අතපත ගාලා වැඩ කරන්න ඉගන ගන්නේ තනියම . පරිඝනකය අධ්‍යාපන කටයුතු වලට යොදාගන්නේ සැහෙන්න පසු කාලීනව .බොහොම වෙලාවට දෙමව්පියො පරිඝනක භාවිතය දන්නේ ඉතාම අවම වශයෙන් . මෙහෙම තනියම ඉගෙන ගෙන වැඩ කරන්න පටන් ගන්න වින්ඩෝස් තමයි හොඳම විසඳුම . වින්ඩෝස් සහ ලිනක්ස් ස්ථාපනය කරගැනීම අතර තියන වෙනසම ඒ ගැන තේරුම් ගන්න ප්‍රමාණවත් !

      Delete
    3. බුවාගේ සිතුවිලි

      බලන්න මේ ලිපි දෙක

      ( බිල් මාමාගේ ජනෙල් හොරකම
      http://atampahura.blogspot.com/2012/04/blog-post_15.html )

      ( අලියා සහ වීදූලි සැරය
      http://atampahura.blogspot.com/2012/04/blog-post_14.html )

      Delete
    4. http://en.wikipedia.org/wiki/Usage_share_of_operating_systems

      එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් වෙන්න පුලුවන් , ඔය ලිනක්ස් වින්ඩෝස් වලට වඩා හොඳයි කියල මොර දෙන කට්ටියට පුලුවන් නම් ඔය විකිපිඩියා ලින්ක් එකේ තියන විදිහට 80%කටත් වඩා වැඩි ප්‍රතිශතයක් වින්ඩෝස් වුනේ ඇයි කියන්න (ඔයින් වැඩි ප්‍රමාණයක් නිත්‍යානුකූල ඒවා , මොකද ගොඩක් රටවල හොර වින්ඩෝස් පාවිච්චි කරන්න අමාරුයි ) , අපිට යම් කිසි අදහසක් ගන්න පුලුවන්

      පහල ඇනෝ කෙනෙකුත් කියල තියනවා වගේ හැම OS එකකම වාසි අවාසි තියනවා , අදාල තැනට අදාල දේ පාවිච්චි කලාම හරි . කෙනෙකුට ලිනක්ස් පහසුයි කියල හිතෙන්න පුලුවන් , නමුත් ලෝකයේ බහුතරයකට එහෙම නැය කියන එක ඉහත දත්ත වලින් පැහැදිලියි ! . මම කලිනුත් කියල තියනව වගේ ට්‍රිපල් බූට් win 7 , win 8 ubuntu තුනම දාගෙන ඉන්නෙ . ඒ අතරින් win 8 තමයි වඩාත්ම පහසුම .XP වගේ පට්ට පරන වින්ඩෝස් වර්ශන් එකක් සහ අලුත් ලිනක්ස් ඩිස්ට්‍රො එකක් සංසන්දනය කලාමත් ගැටලු මතු වෙන්න පුලුවන් . ඒ වගේම අටපහුර සහෝදරය දීල තියන ලින්ක් එකේ තියන එක කරුනක් සාව්ද්‍යයි



      * වයිරස වල බලපැම අතිශයින් දරුණු මට්ටමෙ සිට සුලු හානියක් දක්වා විචලනය වෙනවා, එ නිසා පොදුවේ හානියක් නැහැය කියන්න බැ

      Delete
  12. අනේ මංදා.. මහ ඔලුවෙ කැක්කුම හැදෙන මාතෘකාවක්.. මං නම් ඔය ගැන අපෙ රටෙ උන්ට මහ ලොකුවට උගන්වන්න යන්නැ..
    ඒක නිසා මාත් වින්ඩොස් හා fedora දෙකම පාවිච්චි කරනවා!

    ReplyDelete
    Replies
    1. ඔතන තමයි බං අවුල..අරකයි මේකයි හැමඑකම තියෙන නිසා එකක් ගැනවත් හරියට අපි ඉගෙන ගන්නෙ නෑ...ඒ නිසා උබන්ටු වලිං ෆයිල් එකක් මකාගන්න බැරි උනත් පොඩ්ඩක් සර්ච් කරන්නෙ නැතුව ලිනක්ස් වල සංහතියටම කුනුහබ්බ කිය කිය හැමෝම ආයිත් වින් වලට යනවා...

      Delete
  13. දැන් ඔය Libre වලින් කරපු ඩොක්‍යුමන්ට් එකක් වින්ඩෝස් තියෙන සිස්ටම් එකකට දාලා Word වලින් අරින්න පුලුවන්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කිසිම ගින්නක් නැතිව පුළුවන්... සමහර 2003 ඔෆිස් වර්ඩ් ෆයිල් 2007 එකේ ඕපන් නොවුනට ලිබ්‍රෙ එකේ එලට වැඩ කරනවා.... ලිබ්‍රෙ එකේ සේව් කරපුවා අර වර්ෂන් දෙකේමත් එලටම වැඩ කරනවා...

      Delete
    2. සාමාන්‍යන් ඕපන් ඔෆිස් මුල් වර්ෂන් වල ඉදල තියෙන ඔප්සන් එකක් තමයි එකපාර පී ඩී එෆ් කරගන්න පුලුවන් ඩොකියුමන්ට්....
      ඉතිං මං වැඩකරන කන්තෝරුවම වින්ඩෝස්...ඒත් මං විතරක් එක්සෙල් සීට් හදන්නෙ ලියුං ලියන්නෙ ලිනක්ස් වලිං..ප්‍රින්ට් අවුට් ගන්නම ඕනි නං ඉතිං කෙලින්ම පින්ටර් එකට කනෙක්ට් කරල දෙනවා...
      එක්සෙල් වලනං ගොඩක් තියෙන ෆෝමියුලා පවා වෙනස් වෙන්නෙ නැතුව එනවා...
      දැං නං ඔෆිස් සෙවන් වල ඕපන් ඩොකියුමන්ට් විදියට සේව් කරන්නත් පුලුවනි...ඕපන් ඔපිස් වල සෙවන් විදියට සේව් කරගන්නත් පුලුවනි..

      Delete
  14. මටත් තියෙන් ලොකුම ගැටළුව තමා ඕන කරන සොෆ්ට්වෙයා ලිනක්ස් වලට හරියන විදියට ලියලා නැති එක. වයින් වලින් රන් කරන්න පුළුවන් උනත්. සොෆ්ට්වෙයා එක පට්ටම ස්ලෝ වෙනවා.

    ReplyDelete
    Replies
    1. හුම් ඒක ඇත්ත..
      මං දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා එයා මවුස් එක පාවිච්චි කරන්නෙ බොහොම පොඩි වැඩ ගානකට විතරයි...
      මං ඇහුවම කියන්නෙ අතේ ඇඟිලි දහයෙන් ටයිප් කරල කමාන්ඩ් දෙන එක මවුස් එක ඔබල කමාඩ් දෙන එකට වඩා වේගවත්ලු...
      ලිනක්ස් වල මුල් කාලීනව තිබුන ග්‍රැෆික් අනං මනං සොෆ්ට්වෙයා පවා මෙයා කමාන්ඩ් ලයින් එකෙං කලා..දැං නං කාලෙකින් හමුඋනේ නෑ...

      Delete
  15. පුරුදු උනහම ලිනක්ස් හරිම ලේසියි. මම උබුන්ටු පාවිච්චි කරනව අවුරුද්දක් විතර. හැබැයි වින්ඩෝස් එක්ක.

    ReplyDelete
    Replies
    1. පුරුදු වෙන්නෙ ඇයි කියල හිතන එක තමයි මෙතන තියෙන අවුල...

      Delete
    2. පුරුදු වෙන්නේ ඇයි කියන එක පුරුදු වෙලාම බලන්න.හැබැයි ඉතින් හොඳ ඉන්ටෙර්නෙට් කොනෙක්ෂන් එකක්නම් ඕන වෙයි

      Delete
  16. මම නම් උබුන්ටු වලට මාරු වෙලා දැන් අවුරුදු දෙකක් වෙනව.. වින්ඩොස් වලට ආයෙ යන්න තාම නම් ඔන උනෙ නෑ.. පරිඝණකයකින් කරන හැම දේම ලිනක්ස් වලින් කරන්න පුලුවන්... ගේම්ස් නම් ඉතින් පරිඝණකයකින් ගහන එක එච්චර තේරුමක් නැති වැඩක්.. ඔවට graphic cards දාලම ඉවරයක් නෑ.. අනික ගේම්ස් වලට නම් ඉතින් ඒවටම හදපු consoles තියෙනවනෙ...
    කොහොම උනත් මොනවහරි ඉගෙන ගන්න අයට නැත්තම් programming වගේ කරන අයට නම් ලින්ක්ස් වගේ ඔස් එක් තවත් නෑ..

    ReplyDelete
    Replies
    1. ප්‍රෝග්‍රැමින් නෙමෙයි ලොක්කා ලංකාවෙ ඉන්න දක්ෂ කැමරාමන් කෙනෙක්ගෙ සොප් එකක් තියෙනවා මං දන්න විදියට මිනිහා වීඩියො එඩිටිං කරන්නෙ ලිනක්ස් එක්ක..
      තව කලකට ඉහත තිබුන ධර්මවාහිනි සහ ලර්න් ටීවී කියන ටී වී චැනල් දෙක රන් කලේම ලිනක්්ස වලින් එඩිට් කරපු මෙව්වා වලිං....

      Delete
    2. linux හරියට දන්න එකාට වින්ඩොව්ස් පාවිච්චි කරද්දී වමනේ යනවලු :D

      Delete
    3. පුරුදු වෙන්නේ ඇයි කියන එක පුරුදු වෙලාම බලන්න.හැබැයි ඉතින් හොඳ ඉන්ටෙර්නෙට් කොනෙක්ෂන් එකක්නම් ඕන වෙයි

      Delete
  17. Kathanda blog audience

    Windows 8,435 (92%)
    Linux 213 (2%)
    Macintosh 176 (1%)
    iPad 97 (1%)
    iPhone 92 (1%)
    Other Unix 56 (<1%)
    Android 38 (<1%)
    Windows NT 6.1 30 (<1%)
    iPod 10 (<1%)
    BlackBerry 5 (<1%)

    ReplyDelete
    Replies
    1. However, IExplorer usage (7%)(is much lower than Windows (92%).

      Chrome 5,042 (51%)
      Firefox 2,704 (27%)
      Opera 861 (8%)
      Internet Explorer 777 (7%)
      Safari 276 (2%)
      Mobile Safari 37 (<1%)
      BingPreview 35 (<1%)
      Iron 20 (<1%)
      Maxthon 17 (<1%)
      Mobile 14 (<1%)

      Delete
    2. ඉන්ටර්නෙට් එක්ස්පෝලර් ෆේල් වෙලත් ඇයි දන් නෑ එච්චර ගානක් පාවිච්චි කරන්නෙ??
      මගෙත් සීයට හතක් එක්ස්පෝලර්...

      Delete
  18. මමත් ලිනක්ස් වින්ඩෝස් දෙකම පාවිච්චි කරනවා .net වගේ එව්වා කරන්න පොටෝෂොප් වලට වින්ඩෝස් වැදගත් නිසා... හැබැයි ඉතින් අනික් වැඩ වලදි නම් උබුන්ටු තමයි...

    මම මටම කියලා distro එකක් හදාගෙන ඒක ඉස්කෝලෙ it day එකේදි හැමෝටම බෙදලා දුන්නා... සමනලයගේ ලිනක්ස් පිටුවත් මගේ බ්ලොග් එකක් කාලෙකින් මුකුත් නොලිව්වට...

    ලිනක්ස් පාවිච්චි කරන්න ගන්න කෙනෙක් ඒකෙන් ඈත් වෙන්නේ නම් බොහෝම කලාතුරකින් වෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. ම්ම්....සාමාන්‍යන් අයි ටී වලට එකයි..ගෙදර තොරතුරු වලට එකයි..කතා වලට එකයි කවි වලට එකයි..කියල බ්ලොග් ගොඩක් සමහර අය මේන්ටේන් කරනවා...
      ඒත් මම හැම තොප්පියම එකේම ලියනවා....
      මං හිතන්නෙ එතකොට කතාන්දර බලන ලමයෙක් කවි අහන්නත් හුරුවෙයි කියලා..

      Delete
    2. මගේ ලිනක්ස් බ්ලොගය හුදෙක් පර්යේෂණාත්මක බ්ලොගකි

      Delete
  19. ‍මමත් ඔය උබුන්ටුව දාගෙන ඉන්නේ. එත් මම අවුරුදු දෙකකට වඩා try කරන්නේ මගේ ඩොන්ගල් එක Install කරගන්න, ඩොන්ගලේට Linux File තියෙනවා එත් එවා Install කරගන්න තේරෙන්නේ නෑ. එකෙන් Internet යන්න පුලුවනම් Windows මකලා මෙලාහකට.

    අපිනම් හොර Windows දාන්නේ නෑ. (පොලිසියෙන් ඇලුවොත් කියලා හොර එවා බාවිතා කරනකොට) සිංගර් එකෙන් ගත්ත Computer එකක් නිසා එයාලට ගිහින් දුන්නාම පැයකින වගේ ඔය ඔක්කොම Software දාලා දෙනවා. රු 750කට. තව එයාලාගේ බලපත්‍රයේ කොපියක්ද මොකද්ද එකක් දෙනවා. එක නිසා බයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඩොංගල් එකනං ඉතිං .........
      වෙනත් ෆෙටෝරා වගේ එකක් දාල බලන්න...මං නං සිංගර් එකට හතුරෙක්ටවත් යන්න දෙන්නෙ නෑ..ඔයා කවුරු උනත් මට නං හිතෙන්නෙ අපරාදෙ ලොක්ක රුපියල් හත්සිය පනහ....
      කම්පියුටරයක් කියන්නෙ අතගාල පිහදාල පාවිච්චි කරන්න ඕනි දෙයක් නෙමෙ..ඕක තුං හතර වතාවක් ෆෝමැට් කරල සොෆ්ට්වෙයා දාන්න හදල පොඩියක් අල කරගත්තට කමක් නෑ...
      එතකොට තමයි සාස්තරේ පිහිටන්නෙ..නැත්තං අර ගෙදර ටී වි එක වගේ වෙනවා...

      Delete
    2. අහල පහල හිටියානං කටට ටී පැණි ටිකක් වක්කරනවා

      Delete
    3. mama danne na oya kauda kiyanda yaluwa.eth ubuntu walata dongle install karanda hari lesi.10.10 walin uda version walida dongle eka detect wenawa.old version waldi usb mode switch kiyana podi package deka install kara ganda wenawa.wisthara one nam mahapare@gmail.com walata mail ekak danda.latestma version eka 12.10 :)

      Delete
  20. උබුන්ට තව දියුණූ වෙන්න ඕනේ... කොයිතරම් කිව්වත් තාමත් වින්ඩෝස් එක්ක කරට කර නෑ. ඒක පිළිගන්න වෙනවා. මමත් උබුන්ටු දාගෙන ඉන්නේ... වැඩක් කරන්නම නෙමෙයි ආසාවට. නිකං හම්බුනාට ඒක ගුණාත්මක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් තවත් දෙයක් එක්ක සංසන්දනය කරනවනම් ,ආහ්... ඒ පැත්ත මේකෙ ටිකක් අඩුයි... කියන්න බලාගෙන නම් සසඳන එක තේරුමක් නැති වැඩක්.

    උබුන්ටු වලට හැදෙන හැද සොෆ්ට්වෙයා එකක්ම, ඩ්‍රයිවර් එකක්ම හැමකෙනාටම ගැලපෙන්න හදන්න ඕනේ... එතකොට උබුන්ටු සර්වසම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. සංසන්දනය කරන්න නං අමාරුයි...අපි දෙයකට හුරුවීම කියන එක හරි වෙනස්ම අත්දැකීමක්..
      අනෙක වින්ඩෝස් වලට තියෙන කමර්ෂලි ඇඩ්වර්ටයිසිං ලිනක්ස් වලට නෑ..
      වින්ඩොස් පාවිච්චි කරන අය වෛරස් ගාඩ් එකකුත් පාවිච්චි කරනවා..
      ඒත් ඒක නිකං දැන් ෆැෂන් එකක් වගේ..කවුරුත් හිතන්නෙ නෑ වෛරස් ගාඩ් පාවිච්චි කරන්නෙ වින්ඩොස් වලම තියෙන වරදක් නිසා කියන එක...

      Delete
    2. කවුරුත් හිතන්නෙ නෑ වෛරස් ගාඩ් පාවිච්චි කරන්නෙ වින්ඩොස් වලම තියෙන වරදක් නිසා කියන එක.//

      අනේ යකෝ නිකන් ගොන් කථා කියන්න එපා , වින්ඩෝස් වයිරස් වැඩි භාවිතා කරන්නන් වැඩි වීම හින්ද , වැඩි පුර ටාගට් වෙන නිසා . ලිනක්ස් පද්ධති 100%ක් වයිරස වලින් තොර වෙන්න එපායැ එහෙම නම් . එහෙම එකක් නෑ . උඹ දන්නවද මන්ද ලිනක්ස් වලට හදාපු ඇන්ටි වයිරස මෘදුකාංගත් තියනවා . ලිනක්ස් කරනල් එක උඩ දුවන ඇනරොයිඩ් ෆෝන් වලට වයිරස් එන්නේ හඳෙන් වෙන්න ඇති !

      ලිනක්ස් වින්ඩෝස් මැක් හැම එකකම ඒවාට ආවෙණික විශේෂතා , ගුණාංග තියනවා , නිකන් බොරුවට තමන්ගෙ මතය හරිය කියන්න ලිනක්ස් විතරයි හොඳ වින්ඩෝස් චාටර් වගේ බුරු තර්ක ගේන්න එපා . උඹේ රස්සාව මොකක්ද මන් දන්නේ නෑ , ඒත් ලංකාවේ අයිටි ෆිල්ඩ් එකේ වැඩ කරන එකෙක් නම් දන්නවා වින්ඩෝස් වල වටිනා කම

      විඩියෝ එඩිට් කරන්න ලිනක්ස් පාවිච්චි කරනවා නම් ඌ තමුසේ වගේම පුත්තලම් බුරුවෙක් , නියම ප්‍රමිතියට ග්‍රැෆික් , ඇනිමේශන් , විඩියෝ එඩිටින් , කරන එවුන් පාවිචිචි කරන්නේ වින්ඩෝසුත් නෙවෙයි අයිමැක් , මොකද අදාල මෘදුකාංග වල උපරිම කාර්යක්ෂමතාව වින්ඩෝස් වල ගන්න අමාරු නිසා . ලිනක්ස් වල තියන ඔපන් සෝස් ඔල්ටර්නේටිව් වලට ඒවා එක්ක හැරෙන්නවත් බෑ , විඩියෝ එඩිටින් කියලා කැලි කපන්නයි පූට්ටු කරන්නයි විතරක් ඕනි වෙන එකෙක්ට නම් ලිනක්ස් හොඳටම ඇති

      Delete
    3. චූටි මල්ලිJune 10, 2012 at 11:31 PM

      ඈ බන් ඇනෝ. එතකොට උඹ සේරම දේවල්වල ඔරිජිනල් කොපි සල්ලි දීලා අරන්ද පාවිච්චි කරන්නේ?

      Delete
    4. @චුටි මල්ලි - 100%ක්ම නොවුනත් සැහෙන දුරට ඔව් . මගේ වින්ඩෝස් ඔරිජිනල් එක ලැප් එක ගන්න කොටම තිබුනා . ඔෆිස් පැකේජ් එකයි ඩිවෙලොප්ප්මන්ට් ටූල්ස් ටිකයි වැඩ කරන කොම්පැනියෙන් ලැබුන ඒවා . අනික් ටූල් ඔක්කොම ඔපන් සෝස් හරි ෆ්‍රි එඩිශන්ස් හරි තමා . ෆොස්ටෝශොප් විතරයි ක්‍රැක් එකක් පාවිච්චි කරන්නේ , ඒකත් එක සල්ලි වලට ගන්න හිතාන ඉන්නවා

      කොහොමටත් මගේ පොයින්ට් එක ඒක නෙවෙයිනේ , ලිනක්ස් හැම දේකටම ඉතාම හොඳයි වින්ඩෝස් නරකයි කියන බුරු කථාව ගැනනේ . ෆ්‍රී ටූල්ස් වලින් වැඩ කරන්න ලිනක්ස්ම ඕනි නෑ , වින්ඩෝස් වලට හදාපු ඕපන් සෝස් ඕනි තරම් තියෙයි . වීල්සී , ඇප්ටනා වගේ ඒවා සාර්ථක ඔල්ටර්නේටිව් වලට උදාහරණ . මේවා පවිච්චි කරන්න ලිනක්ස්ම ඕනි නැහෑ .

      Delete
    5. Correction //ඒකත් එක සල්ලි වලට ගන්න හිතාන ඉන්නවා //

      Should be corrected as follows

      ඒකත් cs 6 එක සල්ලි වලට ගන්න හිතාන ඉන්නවා

      Delete
    6. ලිනක්ස් සාමාන්‍ය ඩෙක්ස්ටප් එඩිෂන් වලට වෛරස් නැතිවෙන්න එක හේතුවක් තමයි ඒවයෙ සෝස් එක ඕපන් නිසා වෛරස් එකක් ආවත් ඒක හදන අප්ඩේට් එක ලෝකෙ කොහෙ හරි හැදෙනවා ඇති...
      ලංකාවෙ මිනිස්සුන්ට සොෆ්ට්වෙයා වලට වියදං කරන්න පුලුවං හැකියාව ගැන මට මෙතන කතා කරල වැඩක් නෑ..
      පොඩි සමීක්ෂණයක් කලොත් බලාගන්න පුලුවනි..කොයිතරං ඔය කියන වින්ඩොස් ඔරිජිනල් අරං ඒවයෙ ඇප්ලිකේෂනුත් ඔරිජිනල් දමාගෙන වැඩ කරන්න මිනිස්සුන්ට හැකියාව තියෙනවද කියලා....
      ලංකාවෙ අයි ටී ඉන්ඩස්ට්‍රි එක ලොකු ඇති..සමාරවිට ගොඩාක් ලොකු ඇති...මට ඒක අදාල නැ...ඒවයි වැඩකරන මිනිස්සුන්ට අයි මැක් ගන්න සල්ලි ඇති ඇපල් පාවිච්චි කරන්න පුලුවං ඇති ඒකත් මට අදාල නෑ...
      වී එල් සී ඕපන් ඔෆීස් වගේ සොෆ්ට්වෙයා වින්ඩොස් එක්ක වැඩ කරන්න පුලුවනි...ඒ වගේ හැම එකේම වැඩකරන්න පුලුවං සොෆ්ට්වෙයා ගොඩක් ඇති...
      ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් කරන අයට ඉතිං ඒ ග්‍රැෆික් වලට යන වියදම ලංකාවෙදි කවර් කරගන් පුලුවන් නම් කිසි අවුලක් නෑ...
      පහුගිය කාලෙ ඉන්ටෙල් ලගෙ ප්‍රොසෙසර් එකක් ආව ඇටම් කියල..ඒක ඒ තරම් සාර්ථක ප්‍රොසෙසර් එකක් නොවුනත් ලෝකයේ ඒක ජනප්‍රිය උනා..ලංකාවෙත් ජනප්‍රිය උනා...මොකද මිල අඩු නිසා...ප්‍රොසෙසර් එකක් මදර් බෝඩ් එකක් අලුතින් දාගන්න සල්ලි නැති බහුතරයක් ඉන්න ලංකාවෙ...තව ඒ වගේම කොස්ට් එකක් සොෆ්ට්වෙයාර් වලට දෙන්න පුලුවං කීයෙං කී දෙනාටද??
      වින්ඩොස් හොඳයි...ඒත් ඕක තැන් හත අටම බිම ඇනල වැඳල පිලිගන්න තරම්ම ඇඩ්වාන්ස් නෑ...ටිකක් ෆෙඩෝරා, උබන්ටු එකක්වත් අතගාල බලන්න හැමදාම එකක් අස්සෙ රිංගල ඉන්නෙ නැතුව...
      මං හිතන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ අයි ටී ඩිග්‍රි කීපයකටම ලිනක්ස් උගන්නන්නෙ ඒ අයට තියෙන චර්ම රෝගයකට නෙමෙයි...

      Delete
    7. //ප්‍රොෆෙෂනල් ග්‍රැෆික් කරන අයට ඉතිං ඒ ග්‍රැෆික් වලට යන වියදම ලංකාවෙදි කවර් කරගන් පුලුවන් නම් කිසි අවුලක් නෑ.//

      මොකෝ බැරි ? මම කියන්නේ මේ දෙකයි පනහේ මගුල් විඩියෝ කාරයෝ ගැන නෙවෙයි , වෘත්තීමය වශයෙන් වැඩ කරන ආයතන වල (ලංකාවේ ) අයි මැක් භාවිතා කරනවා , අනික් අය හයි-එන්ඩ් වින්ඩෝස් මැශින් පාවිච්චි කරනවා

      //වින්ඩොස් හොඳයි...ඒත් ඕක තැන් හත අටම බිම ඇනල වැඳල පිලිගන්න තරම්ම ඇඩ්වාන්ස් නෑ...ටිකක් ෆෙඩෝරා, උබන්ටු එකක්වත් අතගාල බලන්න හැමදාම එකක් අස්සෙ රිංගල ඉන්නෙ නැතුව//

      මෙතන ඕඑස් වලට වැද වැටෙන්නේ ඔහේ මිසක් මම නෙවෙයි , මම ඔය හැම එකක්ම විවිධ අවශ්‍යතාවයන්ට පාවිච්චි කරල තියනවා , අදටත් කරනවා .ලිනක්ස් ඩිස්ට්‍රො එකක් ඩෙස්ක්ටොප් එකක දාගෙන නොහිටියට ලිනක්ස් සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන් ඕනි තරම් කරල තියනවා ඒ නිසා අමුතුවෙන් අත්හදාබලන්න දෙයක් නෑ

      //මං හිතන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ අයි ටී ඩිග්‍රි කීපයකටම ලිනක්ස් උගන්නන්නෙ ඒ අයට තියෙන චර්ම රෝගයකට නෙමෙයි...//

      ඔව් චර්ම රෝගයකට නම් නෙවෙයි , හැබැයි උඹට තියනව වගේ ලිනක්ස් වන්දනා රෝගයකටත් නෙවෙයි . අයිටි ප්‍රෙෆෙශනල් කෙනෙක්ට ලිනක්ස්/යුනික්ස් ගැන ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්(සර්වර් ඇඩ්මිනිස්ට්‍රේශන්, නෙට්වර්කින් කරනවා නම් විශේෂයි ) ඒ නිසයි උගන්වන්නේ , නැතුව ලැප්ටොප් /ඩෙක්ස්ටොප් වලට වින්ඩෝස් වෙනුවට උබුන්ටු හරි ෆෙඩෝර හරි දාගන්න කියන බොලඳ පදනමෙන් නෙවෙයි

      Delete
    8. machan methana thawa deyak thiyenawa, nikan boruwata companyakata yata wenawata wada, poddak hari swadheena wena eka hondai.. Windows, google, apple wage company wala niyayapathrayan godak darunui..

      Delete
  21. සාමානයන් හිතුවට වඩා මේ ලිපිය හිට් වෙලා තියනෙවා හෝ වැදිලා තියෙනවා..කමෙන්ට් කරලා සංවාදයට දායකු වුනාට තෑන්ක්ස්...ආ..

    ReplyDelete
  22. එළ එළ සිරා කථාව

    ReplyDelete
  23. හොද ලිපියක්.....
    වෙන මුකුත් නොකිය ඉන්නං....

    ජය වේවා!!!

    ReplyDelete
  24. උබුන්ටු ගැන උද්යෝගයක් ඇති කරන්න මේ ලිපිය හේතු වුනා කිව්වොත් හරි... නොදන්න අයට දැනගන්නත්, තියෙන බොරු බය නැති කරගන්නත් මේ වගේ උත්සාහයන් ගොඩක් වටිනවා...

    වින්ඩෝස් වලට ගහන්න බැරි එක ඇත්ත. වින්ඩෝස් දුවන්නේ සල්ලි කන්දක් උඩ ! උබුන්ටු කියන්නේ ලාභ නොලබන ආයතනයක් ! මමත් වින්ඩෝස් තමා පාවිච්චි කරන්නේ... ඒත් වින්ඩෝස් යෝධයා එක්ක හැප්පෙන දුප්පත් උබුන්ටු වලට මගේ පොඩි කැමැත්තක් තියෙනවා...

    ස්තුතියි ලිපියට !!! ජය !!!

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඒක ඇත්ත. ඇත්තෙන්ම මටත් මෙය දුටුවාම තව තවත් ලිනක්ස් කර්නලය මත පදනම් වූ ඩිස්ට්‍රෝ ගැන ආසාව තවත් වැඩිවුනා කීවොත් හරි. කැනොනිකල් කියන්නෙත් සල්ලි කාරයෙකුගේ සමාගමක් ඒත් එයින් වින්ඩෝස් මිලට ගන්න බැරි කී දෙනෙක් වැඩ ගන්නවාද. අමෙරිකාවේ හැම දෙයක්ම සල්ලි වලට තමයි. උබුන්ටු වගේ එකක් එහෙන් පටන් ගත්ත එක අදහන්නත් අමාරුයි. තව කලක් යන විට ලිනක්ස් පාදක කර ගත් මෙහෙයුම් පද්ධති රජයේ ආයතන වලටත් භාවිත කරන්න කියා තීරණගැනෙන්නට ඉඩ තිබෙනවා.

      Delete
  25. අලෙ මට තියෙන ලොකුම ප්‍රශ්නේ ගැන මෙතන කියල නෑනේ බං :( දැන් කාලේ වින්ඩෝස් ෆොන්ට්ස් ගොඩක් ඒවා standard වෙලා තියෙන්නේ. ලිනක්ස් වලින් ගියාම ගොඩක් සයිට් වල තියෙන ෆොන්ට්ස් හරියට පෙන්නන්නේ නෑ. අනික eclipse වල පෙන්නන්නේ පොල්ගෙඩි අකුරු. වින්ඩෝස් හරි මැක් වල වගේ හොඳ කොලිටි ෆොන්ට්ස් ලිනක්ස් වල නෑනේ. පිටින් හොයාගෙන ඉන්ස්ටෝල් කරනවා කියන්නේ හෙන කට්ටක් කන්න වෙනවා. සමහර වෙලාවට සේරම ෆොන්ට් අවුල් යනවා. දෙපාරක් උබුන්ටු දාගෙන අයින් කොරන්ඩ උනේ ඔය ෆොන්ට් නිසානේ :(

    ReplyDelete
    Replies
    1. මචං මං දැකල තියෙනවා දැන් ගොඩක් බ්‍රවුසර් වලම ෆොන්ට් ගොඩාරියක් තියෙනවා..ඉන්ටනෙට් එක්ක වැඩ කරනවනම් ඒව පාවිච්චි කරන්න පුලුවං ඇති...
      උබුන්ටු වල ෆොන්ට් පැකේජ් තියෙනවා..ලොට් පිටින්..ඔය මම කියල තියෙන සොෆ්ට්වෙයා මැනේජර ගියාම ෆොන්ට් ගොඩාරියක් තියෙන ලොකු පයිල් තියෙනවා..ඒවා ඉස්ටෝල් කරානම් හරි..
      තව දෙයක් දැන් ටී ටී එෆ් පොන්ට් දාගන්න පුලුවන් ඇප් එකක් එනවා උබන්ටු එක්ක..එතකොට ටී ටී එෆ් පොන්ට් එක ඩබල් ක්ලික් කරල දාත හැකි..එතනත් අවුල්නං තියෙනවා තමයි...ඒත් මට ඊනිවුස් සහ වෙනත් පත්තර දෙක තුනක්ම බලන්ට පුලුවන් නෙට් එකේ ඔය ක්‍රමෙට පොන්ට් එක දාගෙන...

      Delete
  26. මම හන්තාන ලිනක්ස් 14,7 සහ වින්ඩෝස් xp පාවිච්චි කරනවා.

    මගේ දුව හන්තාන 14,7 සහ 15,5 දෙකටම කැමතියි.

    හාමීනේට වින්ඩෝස් අපහසු උනත් හන්තානට කැමතියි.

    පෙඩොරා මතට අපිට අවශ්‍ය සියලු දැ සපයා ඇති නිසා හන්තාන හරිම පහසුයි.විනාඩි 35කින් සියල්ල සම්පුර්නයි.

    නිවසක භාවීතා කරන පරිඝනකයනට හන්තාන හොදටම හොදයි

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මගේ කමෙන්ට් යටින් තියන කමෙන්ට් මැකිලා මන්ද

      Delete
  27. ඔය කවුරු මොනා කීවත් වින්ඩෝස් තරම් linux කොහොමත් user friendly නැ. linux එක්කළා තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන එක. එකක් හොයන්න ගියාම නොවිදිනා දුක් විදින්න ඕනා. අනික ඉන්ස්ටෝල් කරන්න ගියාම ඊට එහා. අනික linux වල ගොඩක් සොෆ්ට්වෙයාර් ඔන්ලයින් nae ඉන්ස්ටෝල් කරන්න තියෙන්නේ, නමුත් ලංකාවේ තාමත් ඉන්ටෙර්නෙට් තියෙන ප්‍රතිශතය හරි අඩුයි, තිබුනත් තියෙන්නේ අන්ලිමිටඩ් නෙමෙයි, බහුතරයක් ජී.බී. 1 යි 2 යි.. ඉතින් ඒ තත්ත්ව යටතේ ඔය මගුල් වලට නිකන් ඩේටා ටික nethi කර ගැන නෙතුව තියෙන වින්ඩෝස් එක පාවිච්චි කරන එකට යොමු වෙනවා. අනිත් එක සමහර කැම්ප්ස් වල පරිඟණක විද්‍යාව කරන 3 වෙනි 4 වෙනි වසර ශිෂයෝ පවා ඉන්නවා, ක්ම්පුටෙර් එකක් format කරන විදිය නොදන්නා. ඉතින් නිකන් තියෙන වින්ඩෝස් තියෙද්දී මොන linux da??

    ReplyDelete
  28. මෙහි තිබෙන කරුණු ඉතා වැදගත්. ඕපන් සෝස් තියෙද්දි, ඒ කියන්නේ ජෙන්‍යුන් මෙහෙයුම් පද්ධතියක වැඩ කරන්න සියළුම උපාංග තිබෙද්දිත් මිල අධික ලැප්ටොප් එකකට වින්ඩෝස් කොපියක් දාගෙන "මගේ ලැප්ටොප් එකේ තියෙන්නෙ වින්ඩෝස් 7 අල්ටිමේට්" කියන එකනම් හරි ලැජ්ජාවට කාරණයක්. නියම වින්ඩෝස් මැසිමක් ගන්න පුළුවන්නම් ඉතින් වරදක් නැහැ. හැබැයි එහෙම තියෙන අයත් අමතරව ලිනක්ස් ඩිස්ට්‍රො එකක් දාගෙන ඉන්නේ. හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ කොපියක් වුනත් වින්ඩෝස් වල ගැටළුවක් නැහැ කියලා. එයාලා හරි වැරදියට හිතාගෙන ඉන්නේ. ජෙන්‍යුන් වින්ඩෝස් අහලකින් තියන්න බැහැ කොපියක්. මම ගොඩක් ලියවිලි ලිනක්ස් වල කරලා පසුව වින්ඩෝස් වල එඩිට් කර තිබෙනවා. අවශ්‍ය වන්නේ ලිනක්ස් වලට හුරු වීමයි. ළමයින්ට පවා කුඩා කල සිට ලිනක්ස් හුරු කළ යුතු බවයි. වින්ඩෝස් ගැන වරදක් කියනවා නොවෙයි. ඒත් එය භාවිත කරන්නා මෙහෙයුම් පද්ධතිය විසින් මෙහෙයවනු ලබනවා. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාලනය කරනු ලබන්නේ එය භාවිත කරන්නා විසින්. කෙනෙක් වරක් බ්ලොග් සටහනකට මෙසේ කියා තිබුණා: ලිනක්ස් වල වැඩ කිරීම හරියටම නිරායුධව මකරෙක් සමග කරන සටනක් වගේ කියා. එය ඇත්තක්. එහෙත් ගැටළු විසඳාගැන්මට ක්‍රම සහ උපදෙස් ලබාගන්නට ස්වෙච්ඡාවෙන් වැඩ කරන අය ඉන්න නිසා ලිනක්ස් සමග වැඩ කිරීම සතුටක්.

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. "ඒ වගේම අපිට කුමන්ත්‍රණ කරන්න අමෙරිකන් යුරෝපියන්ස්ල බලං ඉන්නවා. ඉතිං මං කියන්නෙ එහෙනං ඇයි අපි හොරාට හොරාට අමෙරිකන් මයික්‍රොසොෆ්ට් පාවිච්චි කරන්නෙ"

    මං මේ නොදන්න කමට අහන්නෙ .. එතකොට ලිනක්ස් කියන්නෙ ලංකාවෙ හදන දෙයක්ද? මෙහෙ හදන එවත් හදන්නෙ පිටරට අයගෙ හදපු ලිනක්ස් වර්සන් එකක් වෙනස් කරලා නෙමෙයිද?

    දන්නවාන්ම් මෙහෙ කෙනෙක් කියන්න්කො ලිනක්ස් එකක් මුල ඉදන් හදපු. කර්නලයේ සිට

    ReplyDelete
    Replies
    1. ඔතනදි කියන්නෙ මාකට් එක ගැන...ලිනක්ස් ගෙදර දොරේ පාවිච්චි කරන එකෙන් ඇමරිකාවට යන දොයිතුවක් නෑ...ලිනක්ස් කියන්නෙ ඇමරිකාව උඩ හැදුන දෙයක් නෙමෙයි..ලිනක්ස් වලට මුලු ලෝකෙම අයගේ දායකත්වය තියෙනවා. එතනදි ඇමරිකන් කාරයින්ට හෝ යුරෝපියන්ට හෝ කාටවත් ලිනක්ස් අපේ කියන්න බෑ..නමුත් ෆේස්බුක්...මයික්‍රොසොෆ්ට් ඇපල් වගේ ඒවා ඇමරිකන් නෙමෙයි කිව්වම ඒක පිලිගන්න අමාරුයි.සමහර විට මයික්‍රොසොෆ්ට් ෆේස්බුක් හරි ඇපල් හරි ස්ටාෆ් ලෝකෙ වටේ ඇති. පාවිච්චි කරන අයත් ලෝකෙ වටේම ඇති.. නමුත් ඒ ව්‍යාපාර වල මූල අමරිකාව... මම ඔතනදි ප්‍රශ්ණ කරන්නෙ ඇමරිකානු මෘදුකාංග වෙළදපොල මත රදාපවතින ඒක උඩ පැලපදියම් වෙච්චි අපි ඒක මත සිට ඇමරිකාවට එරෙහ ිවීම ටිකක් හාස්‍යජනකයි.. ලිනක්ස් කියන්නෙ ලොකේෂන් එකක් නැති හරියට අයිතිකාරයෙක් නැති සම්මාදම් ටයිප් එකේ වැඩක්.. .....සම්මාදම් කරලා බුදු පිලිමයක් හැදුවත්...ගමේ මුදලාලි සල්ලි දීල හැදුවත් හදන්නෙ එකම බාස්ලා..ඒකෙ අවුලක් නෑ..නමුත් මුදලාලි හදපු ුඑකේ අයිතිය මුදලාලිට තියෙනවා.. ඒකෙ මුදලාලිගෙ නම ගහන්න පුලුවනි...නමුත් සම්මාදම් කරල හදපු එකක එහෙම නම ගහන්න බෑ.. ඒකට තනි අයිතිකාරයෙක් ඇත්තෙත් නෑ...

      Delete
    2. ඔතනදි කියන්නෙ මාකට් එක ගැන...ලිනක්ස් ගෙදර දොරේ පාවිච්චි කරන එකෙන් ඇමරිකාවට යන දොයිතුවක් නෑ...ලිනක්ස් කියන්නෙ ඇමරිකාව උඩ හැදුන දෙයක් නෙමෙයි..ලිනක්ස් වලට මුලු ලෝකෙම අයගේ දායකත්වය තියෙනවා. එතනදි ඇමරිකන් කාරයින්ට හෝ යුරෝපියන්ට හෝ කාටවත් ලිනක්ස් අපේ කියන්න බෑ..නමුත් ෆේස්බුක්...මයික්‍රොසොෆ්ට් ඇපල් වගේ ඒවා ඇමරිකන් නෙමෙයි කිව්වම ඒක පිලිගන්න අමාරුයි.සමහර විට මයික්‍රොසොෆ්ට් ෆේස්බුක් හරි ඇපල් හරි ස්ටාෆ් ලෝකෙ වටේ ඇති. පාවිච්චි කරන අයත් ලෝකෙ වටේම ඇති.. නමුත් ඒ ව්‍යාපාර වල මූල අමරිකාව... මම ඔතනදි ප්‍රශ්ණ කරන්නෙ ඇමරිකානු මෘදුකාංග වෙළදපොල මත රදාපවතින ඒක උඩ පැලපදියම් වෙච්චි අපි ඒක මත සිට ඇමරිකාවට එරෙහ ිවීම ටිකක් හාස්‍යජනකයි.. ලිනක්ස් කියන්නෙ ලොකේෂන් එකක් නැති හරියට අයිතිකාරයෙක් නැති සම්මාදම් ටයිප් එකේ වැඩක්.. .....සම්මාදම් කරලා බුදු පිලිමයක් හැදුවත්...ගමේ මුදලාලි සල්ලි දීල හැදුවත් හදන්නෙ එකම බාස්ලා..ඒකෙ අවුලක් නෑ..නමුත් මුදලාලි හදපු ුඑකේ අයිතිය මුදලාලිට තියෙනවා.. ඒකෙ මුදලාලිගෙ නම ගහන්න පුලුවනි...නමුත් සම්මාදම් කරල හදපු එකක එහෙම නම ගහන්න බෑ.. ඒකට තනි අයිතිකාරයෙක් ඇත්තෙත් නෑ...

      Delete
  31. මොන තරම් අමාරුකම් තිබුණත් ලිනක්ස් භාවිතයට හුරුවීම වැදගත්. ප්‍රසිද්ද ඇනෝනිමස් හැකර් කණ්ඩායෙමේ අදහස අනුවම දැනුම කියන්නෙ මුදලට විකිණෙන්න ඕන දෙයක් නෙමෙයි.
    Knowledge is free !

    ReplyDelete