Tuesday, July 31, 2012

කවර දාපු සහතිකේ..01


පාන්දර හය හමාරයි..අට හමාරට පැය දෙකක් තියෙනවා. ඒත් කෝච්චිය අල්ල ගන්න බැරි උනොත් කේස්. ඒ නිසා දවාලියෙන් අවධි උනා. අද ටිකක් ලස්සනට කන්තෝරු යන්න ඕනි නිසා කලිසමයි ඉන්ටවු හත අටක් පරණ මගේ කමිසෙයි කලිං දවසෙ රෑ මැදලා තිවුවා මතකයි. ඒත් යට ඒවා ඒව හොයන් ඕනි. පැත්තක වහල තිබුන හැමදාම අරින මගේ කාඩ්බෝඩ් පෙට්ටිය ඇරියා. අලුත් බැනියමක් නං තියේ. ඒක ගත්තෙ මේ ලා පාටට හුරු සර්ට් එකට හොදට පේන්න යටට අලුත් බැනියම හොඳ නිසා. ඒත් ජොකෙක් නෑ. (ජොකා= පිරිමි යට ඇඳුම) හෙව්වා පරණ එකෙක් හමු උනා. ඊයෙ රෑ මගේ සැට් එකේ තිබුන ජොක්කු තුනම හේදුවා. අද එකක්වත් නැති එක පුදුමයක් නෙමෙයි නේ.

ඉතිං මං බැනියමයි අමාරුවෙං පෙට්ටියෙ යට තිබිලා හොයාගත් ජොකයි ඇඳ උඩින් තියලා බැලුවා. .ම් හු...ජොකයි බැනියමයි ගැලපෙන්නේ නෑ.. අලුත් ගොනෙක් පරණ කරත්තෙකට බැන්ද වගේ. නැත්තං මැන්ටලයක් බී එම් ඩබ්ලිව්, පර්ෙජා් එලවනව වගේ. ඇත්තට කවුරුත් යට ඇඳුම් දෙක මැච් වෙනවද කියලා බලන්නේ නැත්තේ ඇයි. ඒකත් හොඳයි. නැත්තං ඉන්ටවු වලදි ඒවත් බැලුවනං මං පේල් වෙනවා එකෙන්ම...ඒත් ඉතිං එහෙම නැතත් පේල් නේ..කන්ටැක්ස් නෑ..පුෂ් මදි..

ජොකාගේ උන්ඩ පාරක් දැන් ටිකක් ජිල්බෝලයක් සයිස් එකට ලොකු වෙලා. උන්ඩ පාරක් කිව්වට යුද්දයක්,වලියක් තියෙන පලාතකට නොගිහිපු මගේ ජොකාට මොන උන්ඩද. පරණ වෙලා පරණ වෙච්චි වැඩි කමට හිල්වෙලා..ඒත් තව හෝදල පාවිච්චි කරපු නිසා සිදුර උන්ඩයක් දාන්න පුලුවං තරමට ලොකු වෙලා..දැං ඒකෙං ජිල් බෝලයකුත් බස්සත හැකි අමාරුවක් නැතුවම. කමක් නෑ. ඕක පේනවයැ.

මූන හේදුවා. සපත්තු දැම්මා. ඉස්ටේෂමට ආවා. ඕව කියන්නත් දේවල්ද, කෝච්චිෙය එන හැමෝම එහෙමයි. ඇඳුම් ඇදල සපත්තු දාල එන්නෙ. මාත් ආවා. අපේ ඉස්ටේෂමේ ෆ්ලැට්ෆෝම් එක පොඩියි. ඒ කිව්වෙ උසින් අඩුයි. ආච්චිල සාරි පොට එක අතකිනුයි අනික් අතින් පාපුවරුවෙ බාර් එකයි අල්ලගෙන තමයි යාන්තං නැගගන්නෙ කෝච්චි පෙට්ටියට. ඒ අස්සෙ ඉතිං පාපුවරුවෙ ඉන්න කෙනෙක් මල්ල අරගෙන ඇතුලට දාල ආච්චිට සපෝට් එකක් දෙනවා. කෙල්ලෙක් ආවොත් කෙල්ලගෙ මල්ල නෙමෙයි කොන්දෙන් අල්ලල කෙල්ලව ඇතුලට දා ගන්නවා.

කන්තෝරුවට ආවා කිසි දෙයක් වෙනස් වෙලා නෑ.. හරි සෝක්.. මේ අලුත් ඔපිස් එක හරි මූසලයි. අනේ මන්දා කලිං එකේ වගේ කිසි එලියක් නෑ. අද ලොක්කට සබන් පෙට්ටියක් ගේන්න යන්න තියෙනවා දහයට විතර. ලොක්ක වොස් රූම් ගියාම එයා සබන් පෙට්ටියක් ගෙනියනවා ..පරණ තැනින් අලුත් තැනට කන්තෝරුව මාරු වෙනකොට ලොක්කගෙ සබන් පෙට්ටිය පරණ නිසා දාල ඇවිල්ල. ඔන්න ඔහෙ දහයට විතර ගියාම මැදැයි. මේ උදේ පාන්දර කඩවල් අරිනවයි..

කලිං ඔපිස් එකේ මං හිටියෙ හරිම සන්තෝසෙන්. කස්ටියටම තේ වතුරු හැදුවෙ මම. කස්ටියටම කඩේ ගියේ මම. ඒත් අලුත් එකේ බිල්ඩිමෙන්ම තේ වතුරු දෙනවා... ඒකට වෙනම කස්ටිය ඉන්නවා. මේක තියෙන තැනත් කියන්න පුලුවං නමක් නෙමෙයි. බෲක්ලයින් පෙදෙස. ඕක සෝමපාල පෙදෙස කියල දැම්මනං මොකද? වෙන්නෙ. මං කියන්නෙ පරණ තැනමයි තාම සමහරු ඇහුවම. මොකෝ වැඩකරන තැන අහල උන් මට මොනව දෙන්නද? මූනිච්චාවට අහන පස්න..අර අලුත් නම මට දිරවන්නෙ නෑ...

උදෙන්ම නිරූපා ඇවිත්. නිරූපා මිස් ඇවිත්. අනෙ ්ඒ වාහෙෙග මිස්. අම්මප මේ යෝදිට මං මිස් කියන එක පාඩුයි නෙව. මේ මැටි ගහ හිතන් ඉන්නෙ මොනිටරේ නැති උනාම ඩෙක්ස්ටප් එකේ ෆයිල් නැති වෙනවා කියලා. අලුත් ඔෆිස් එකට බඩු ගෙනත්, අපි දාන්න තැනක් නැති නිසා ටිකක් එලියෙ කාමරේක දාල තිබුනා රැයකට. ඒ රැයට ඒකට පැනල හොරෙක් මොනිටරයක් අරං ගිහිං..මහ මැට්ටෙක් කුඩු කාරයෙක් උනත් සී පීයු එක අරං ගියානං හෙන ගානක් ගන්න තිබුන නේ..ඇත්තමයි ඌ නං මහ පිංගුත්තරයෙක්..

ඉතිං පහුවෙනිද උදේ ඔපිස් එක හදාගන්න කස්ටිය කැෂුවල් ඇඳල ලස්සනට ආව. ඇවිත් අස් කරනකොට අපේ නිරූ කෝලම ගෙ මොනිටරේ නැති වෙල කියල හොයා ගත්තා. මං කොම්පියුටර දන්නවා කියල නිරූ දන්නවා. මගේ ලඟට ඇවිත් මේ චමිල් මගේ ගොඩක් පයිල් තිබුනෙ ඩෙක්ස්ටප් එකේ ...ඒව නැතිවෙයිද? කියල තොඳොලේ වෙලා ඇහුවා... මට අහපු ගොං කතාවට බක්ස් ගාල හිනා පනින්න ආවත් සුලු සේවකයින් වැඩ්පුර සිනාසෙන එක අඩුකරගත යුතු නිසා කටපියං හිටියා...

ඉතිං මං කිව්වා මිස් ටයිප් කරපුව තිබුනෙ කී බෝඩ් එකේ නේ.. ඒ නිසා කී බෝඩ් එක ඉතිරි වෙච්චි නිසා ටයිප් කරපුව නැතිවෙන්න නැතිව ඇති කියලා. එත් ඉතිං ඩෙක්ස්ටප් එකෙ තිබුන ඒව නැතිවෙලා ඇති කියලා නිරූ බයෙං හිටියෙ. ඒ මදිවට මේ යෝදි අර අලුත් මොනිටරේ අරං ආපු එකාගෙනුත් ඇහුවා නේ ඩෙක්ස්ටප් එකේ තිබුන ෆයිල් නැති වෙලද කියලා. ඌ උඩ පැන පැන හිනාවුනේ බඩත් අල්ලගෙන. පවු එක අතකින්..

 කවර දාපු සහතිකේ 02 කුත් තියෙනවා හොඳේ..

5 comments:

  1. හි හි......අච්චෝ...... :)

    ReplyDelete
  2. දන්නවා නේද අර ඉස්සර හිටපු ආර්යාව, අතිගරු ශ්‍රීමත් උතුමාගේ ආර්යාව අර ඒ කාලේ නිකම් සිනමා නිලියක් වගේ කියලා හිතාගෙන හිටියේ. එයා හෙලික්ප්ටරෙන් ඇවිත් බහිනකොට ඒ එස් පී කෙනෙක් එයාගේ සෙරෙප්පු දෙක අතට අරගෙන බහිනවා මම දැකලා තියනවා. ඔන්න ඉතින් ආර්යාව ගියා යුද හමුදා රෝහලට යුද්ධයෙන් තුවාලවූ සොල්දාදුවන් බලන්න. මේ ඊයේ පෙරේදා වෙනකල් කළා වගේම, හරියට තමන්ගේ අතින් වියදම් කරලා දෙනවා වගේ තෑගී පාර්සල් බෙදමින් යනවා. ඔන්න එක තැනක අපේ කොල්ලෙක් ඉන්නවා වෙඩි වැදිච්ච. ඩොක්ටර් ආර්යාවට කිව්වා මෙයා වෙඩි වැදුන කෙනෙක් කියලා. කොල්ලගේ කකුල ටිකක් ලොකුවට වෙලලා බැන්ඩේජ් වලින්. ආර්යාව ගත් කටටම අපි 'ඔය කකුලේ තියෙන්නේ පතරොමේ හිස් කොපුවද' කියලා. කොල්ලට එතන කුණුහරප කියන්න බැරි නිසා ඌ කිව්වා 'නෑ මැඩම් පතරොම් දාන මැගසින් එක' කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  3. දෙවැනි කොටසකුත් තියෙනවා නේද ,බලලම එන්නම්කෝ ඒකත්...

    ReplyDelete
  4. හුඟක් අය කම්පියුටර් එක මොනිටර් එක කියල තමයි හිතන් ඉන්නේ.

    ReplyDelete