Sunday, July 8, 2012

හුරේ මට කොළඹ බස් එක මිස් උනා.

මං ගියා බකමූණ කියන පලාතෙ මල ගෙදරකට. එහෙට යන්නෙ දඹුල්ලෙන් හැරිල කිලෝමීටර විසිපහක් විතර අලි ඉන්න කැල මැදින්. 
අපි යනකොට දඹුල්ල පහු වෙලා කැලේ අලියෙක් දැක්කා. ඌ තනි අලියෙක්ලු..ඒත් අපිට ගහන්න පැන්නෙ නෑ..උගේ පාඩුවෙ පාර අයිනෙ හිටියා. අපි ගියා.
 මේ පිංතූරයෙන් පේන්නෙ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානෙ ඉදිරිපිට කඩමැස්සෙ ලාස්සනට තියෙල උඩිං තඩි සී එෆ් එල් එකක් දාල පෙනුමට තියෙන ගෝවා..මේ ගෝවා මෙතන පන්සීයක් (කිලෝ බාගයක්) රුපියල් අසූවයි.. ඒත් මේ ගෝවාම ආර්ථික මධ්‍යස්ථානෙ ඇතුලෙ හෝල්සේල්(තොග) මිල කිලෝව රුපියල් විස්සයි. නයි අරින්න ඕනි නෑ මේ ලියන අද දවසට කලිං දවසෙ රෑ මලගෙදරට කන්නෙ දෙන්න ගෝව ගන්න ගිය අපිට ලැබුනු මිල ගනන්.. කිලෝව රුපියල් විස්ස වෙන්නෙ ගොවියට යන ගාන නෙමෙ..සාමාන්‍යන් වැඩිම උනොත් ගොවියාට හෝ ඒ එලවලු රැගෙන ආ අනෙක් අතරමැදියාට කිලෝවට රුපියල් පහලොවක් ලැබෙන්න ඇති..

මලගෙදර ගිහිං රෑට කෑවා. තේවතුර බිබී බිස්කට් කකා කයි ගගහ උන්නා. ඕම් කූට්ටං තිබුනෙ නෑ. කලිං ගහපු අය සෙට් එකක් පොඩි වලියක් දාගෙන. උදේම කොළඹ ආවොත් හොඳයි කියලා එන්න පිටත් වුනා රෑ දෙකට විතර. රෑ දෙකට අපි පාරට ආවෙ දෙක හමාරට තුනට විතර දියබෙදුමෙන් බකමූණ හරහා කොළඹ එන රෑ ලංගම බස් එක බලාගෙන...

අපිට මලගෙදරට යන්න පිනා චෑන්ස් වෑන් එකක් ලැබුනට එන්න වුනේ බස් එකේ. ඉතිං බස් එක ආවෙ නෑ. ඊළඟට අපි කලේ වෙන හෝල්ට් එකකට ආවා ඒ කියන්නෙ මලගෙදර ගාව ඉඳල බකමූණ ටවුන එකට ආව අර දියබෙදුම පාරෙ බස් එක නැති නිසා.

ඉතිං තව බස් තියේවිය කියලා අපි බලාගෙන උන්නා. උදෑසන නිසා දෑස රිදුනා පාර බලා ඉඳල ගොඩක්ම. තව දෙයක් අපි එතකොට ඒ රාත්‍රියට මිනිට්ටුවක්වත් නිදාගෙන තිබුනෙ නෑ..

වෙන බස් ආවෙත් නෑ. ලොරි යක් ආවා කස්ටිය වැඩි නිසා දාගෙන ගියේ නෑ. ඒක ලොරි කිව්වට ලොරියක්ම නෙමෙ. ඩිමෝ බට්ට එකක්.

ඒකෙ යන්න බැරි උනා. උදෙ හතරට විතර ආව කට කපලා ගඩොල් පටවපු ටිපර් එකක්. ඒකෙ යන්නත් බෑ. මොකෝ ගඩොල් උඩ නැගල එන ගමං නිදිමත වෙලා වැටෙන්න ගියොත් අල්ලගන්නවත් එකක් නෑ නිසා. පොලු තිබුන තිබුන ඉස්සරහ හරියෙ වවුලො වගේ කීප දෙනෙක් අමාරුවෙන් එල්ලිලා උන්නා..

අපි ටික වෙලාවක් යනකොට දැක්කා ඈතින් බස් එකක් නවත්තනව. එතන ටිකක් සෙනගත් හිටිය බස්සෙක එන්න කලිං. පස්සෙ බලනකොට ඒ  පොලොන්නරුවෙ  ලොකු මීටිමකට යන්න ඉන්න මිනිස්සු. ඒ මිනිස්සු බස් එකක් එනකල් ඉඳල තියෙන්නෙ උදේ තියෙන මීටිමකට යන්න. ඒක ආන්ඩුවෙ චන්ද වැඩක් කියල ගොඩක් අය කිව්වා..

ඒත් ඒ සෙනඟ අදින්න ආපු සී ටී බී බස් එකේ උදේ හතරට විතර මහ පාන්දරත් මැදිං බංකු දාල වාඩිවෙලා යන්න තරං සෙනඟ හිටියා..

පොලොන්නරුව සහ අවටින් ලංගම බස් 48ක් දාලලු පොලොන්නරුවෙ මීටිමට සෙනඟ අදින්න. ඒක ආන්ඩුවෙ පූර්ව මැතිවරණ ප්‍රචාරක ප්‍රෝඩාවක් වෙන්න ඇති කියල තමයි මිනිස්සු කිව්වෙ..එතකොට ඒ බස් අර මීටිමට සෙනඟ අදින්න ගතපු නිසා තමයි උදේ පාන්දර අපිට බස් නැතුව ඉන්න වුනේ..කියල තමයි ගොඩ දෙනෙක්ගෙ අදහස උනේ.

ඉතිං මාත් එක්ක හන්දියෙ තව මාත් එක්ක ආපු යාලුෙවා දෙන්නෙක් හිටියා. දෙකේ ඉඳලා පහ හය වෙනකල් ගෑනු දරුවො දෙන්නකුත් උන්නා. ඒ අය උදේ කොළඹ පන්ති යන අය.. තව ඉතිං කුරුණෑගල පංතියන ළමයිතුත් හිටියා..ඒ අයත් බකමූනෙන් ආවෙ හය හමාරට ආපු බස් එකේ..උදේ පන්තියකට වෙන්න ඇති උදෙන් යන්න ඉන්න ඇත්තෙ..නැත්තං සීට් අල්ලගන්න උදෙං නැගිටල කස්ට කාගෙන යන්න ඕනි කියලා හිතන්න ඇති..

තව අයිය කෙනෙක් හිටියා එතන. එයා හමුදාවෙ. එයාට නං අද මෙක ලියන වෙලාවෙත් පනිෂ්මන්ට් ලැබිලා ඇති. වෙලාවට කෑම්ප් එකට යන්න බැරි උනාට.. තව ඉතිං ඉරිදා දවසක් උනත් නොයෙකුත් රාජකාරි වලට යන මිනිස්සු අතරමං වෙලා හීතල උදේ පාන්දර පාරේ බෝක්කු කඳන් උඩ බස් හෝල්ට් වල වාඩිවෙලා හිටියා පැය හතර හමාරක් ඊළඟට යන්න ආපු බස් එක එනකල්..

කලියෙං දෙක හමාර යන බස් එක විතරක් නෙමෙ..මං දැනගත් විදියට ඒ පාරෙන් බකමූනෙ සිට දඹුල්ලට යන ගොඩක් මිනිස්සු පාරෙ අතරමං වෙලා උන්නා...පිට පිට බස් තුනක් ම නැහැලු..

ආන්ඩුවට බනින්නවත් තිබුනා අර මං රැස්වීමට යන්න ගිහිපු බස් එකේ නගින්න පොරකාපු සෙනග දැක්කෙ නැත්තං..අවාසනාවට ඒ බස්එකේ සීට් එකක් අල්ලගන්න පොරකන ජනතාව ඇස්ගෙඩි දෙකෙන්ම දැක්කා. උදේ පාන්දර තුනට විතර නැගිටලා සුදු ඇඳුම්,සාරි වලිං සැරසිලා.. ඒ අය මොකක් හරි අද උදේ තියෙන උත්සවයකට යන්න ඇති.. 

කොහොම හරි අර උදේ පාන්දර කොළඹ බස් එකට හිටපු තිහක් විතර සෙනඟට වඩා සෙනඟක් හිටිය බකමූන හන්දියෙන් පොලොන්නරුවෙ රැස්වීමට යන්න ගිහිපු සෙනඟ.. ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය අනුව වැඩිමතය ජයගන්න ඇති...

දෙගොල්ලන්ටම තමුන්ගෙ ආතල් එක ගන්න අවස්ථාව එක පරිදි දුන්නනං මං කැමතියි. ඒත් ඉතිං ලංකාව වගේ සීමිත සම්පත් තියෙන රටක වඩා වැදගත් වෙන්නෙ ළමයි පංති යන එකවත්, ආමි කාරය කෑම්ප් යන එකවත්, අපි උදේ පාන්දර කොළඹට එන එකවත් නෙමෙයි. ආන්ඩුවෙ පූර්ව ප්‍රචාරක වැඩක් විදියට සංවිධානය කරපු මොකක් හරි අටමඟල් රැස්වීමකට සෙනඟ ගෙනියන එක..

මං මේම ලියන්නෙත් මට රස්සාවක් ලැබිල යාලුවෙකුගේ මලගෙදර ගිහිං එන්න විදියක් නැතුව චාටර් කෑ නිසා. ඒත් රස්සාවක් නොලැබි සහතික තියාගෙන ගෙවල්වල හූල්ලන, වතුර නැති නිසා කුඹුර පාලුවෙලා කොරගන් දෙයක් නැති මිනිහෙක් උනානං මාත් අර පොලොන්නරුව රැස්වීමට ගිය බස් එකේ බහුතර වැඩිහිටි අම්මලා තාත්තලා එක්ක ඉඳීවි...

මෙය සත්‍ය සිදුවීමක් වන අතර මා දුටු ටික පමණක් ලියාතැබීමි.. බ්ලොග් යනු තමුන්ට හිතෙන දේ කුරුටුගාන්නට තියෙන පරණ වැඩපොතක් ඇක්සයිස් පොතක් වැනි වැදගම්මකට නැති මාධ්‍යක් නිසා මෙහි කරුණු ගැන ආන්ඩුවට හිතැත්තන් කෝප වීමෙන් පලක් නැත.

22 comments:

  1. //ආන්ඩුවට බනින්නවත් තිබුනා අර මං රැස්වීමට යන්න ගිහිපු බස් එකේ නගින්න පොරකාපු සෙනග දැක්කෙ නැත්තං// :D
    //ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය අනුව වැඩිමතය ජයගන්න ඇති.// :D
    //ත් රස්සාවක් නොලැබි සහතික තියාගෙන ගෙවල්වල හූල්ලන, වතුර නැති නිසා කුඹුර පාලුවෙලා කොරගන් දෙයක් නැති මිනිහෙක් උනානං මාත් අර පොලොන්නරුව රැස්වීමට ගිය බස් එකේ බහුතර වැඩිහිටි අම්මලා තාත්තලා එක්ක ඉඳීවි// D:

    හිනාවෙලා අඬන්න හිතෙන සිද්ධියක්. ඡන්දෙත් කිට්ටුයිනෙ. තව බස් එකක්වත් පාරට දාන්න ඡන්දෙ දිනාගෙන ඉන්න එපැයි නේද! සමහර විට උඹ දැක්ක පිරිස අලුතෙන් බඳවාගත්ත තවම ස්ථිර නොවූ උපාධිධාරීන් වෙන්නත් පුළුවන්. මෙහේ නං එහෙමයි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++
      කටේ මසුරන් දාන්න වටිනවා පෝස්ට් එක අස්සේ කියපු කතාවට අමිලට.
      ඒ වගේම රාජ්ගේ කොමන්ට් එකටත්

      Delete
  2. :) :) කොහොමහරි දැන් ගෙදර ආගත්තා නේද හ්ම්ම්?

    ReplyDelete
  3. අවතාර්ටත් ඔවැනි සාටර් වැඩ අපමණ වී ඇත

    ReplyDelete
  4. මෙන්න මේ විදිය තමයි නියම ප්‍රහසනාත්මක ලිවීම

    ReplyDelete
  5. හිතන්න ඕන ටිකත් ලියලම දෙන සමහර ලියුම්කරුවන්ගෙ ලියවිලි වලට වඩා අමිලගේ මේ ලිවීම විශිෂ්ටයි

    ReplyDelete
  6. "බ්ලොග් යනු තමුන්ට හිතෙන දේ කුරුටුගාන්නට තියෙන පරණ වැඩපොතක් ඇක්සයිස් පොතක් වැනි වැදගම්මකට නැති මාධ්‍යක් නිසා මෙහි කරුණු ගැන ආන්ඩුවට හිතැත්තන් කෝප වීමෙන් පලක් නැත"

    :D :D :D

    ReplyDelete
  7. ඇයි මචං ලංගමේ බලන් හිටියෙ.. දුරගමන් වලට ලංගමේ බස් බලන් ඉන්න හොඳ නෑ නෙව.. සෙනග කොච්චර හිටියත් ලංගමේ බස් දුවන්නෙ හිතුනොත් විතරයි. සිකුරාදා හවස 4.30ට පස්සෙ 6 වෙනකන් නුවරඑලිෙයන් නුවර බස් එකක් නෑ. ප්‍රයිවට් 2,3ක් තියෙනවා.ඒ ටික මදි ඉන්න සෙනඟට. දමන්නෙත් දොර2 තියෙන පොඩි බස්..

    ReplyDelete
  8. අර යටින්ම පොඩි අකුරෙන් දාලාතියෙන ඩිස්ක්ලේමර් එකත් මරු!
    henryblogwalker the Dude

    ReplyDelete
  9. //ආන්ඩුවට බනින්නවත් තිබුනා අර මං රැස්වීමට යන්න ගිහිපු බස් එකේ නගින්න පොරකාපු සෙනග දැක්කෙ නැත්තං..අවාසනාවට ඒ බස්එකේ සීට් එකක් අල්ලගන්න පොරකන ජනතාව ඇස්ගෙඩි දෙකෙන්ම දැක්කා.// කෑම පාර්සලේට යන එවුන් වෙන්න ඇති බං/

    ලගදි දවසක් කැලනියෙ ඉදන් 135 බස් නැහැ. බලනකොට පොලිසියෙ සීන් එකකට අරන් ගිහින්. :ඩී

    ReplyDelete
  10. හොඳ සටහනක් ...හිනාවෙලා අඬන්න පුළුවන් එකක්...

    ReplyDelete
  11. ඔය පලාතේ ඔය වගේ සිද්ධි බොහොම සුලඹ්හයි. මං අවුරුද්දක් විතර බකමූණ ඇලහැර පලාතෙ රස්සාවක් කලා 1980 අන්තිම කාලෙ. හොඳ වෙලාවට බදාදාට විතරයි බකමූණෙ ඔෆිස් යන්න තිබුනෙ. සමහර දවස් වල ඔෆිස් යනකොට දවල් 12ත් පහුවෙලා. මාර කට්ටක් කෑවෙ. මෝටර් බයික් එක හම්බ උනාට පස්සේ හවසට ගෙදර යනදාට ලිෆ්ට් ඉල්ලන අය අප්‍රමාණයි......

    ReplyDelete
  12. //ඒත් ඉතිං ලංකාව වගේ සීමිත සම්පත් තියෙන රටක වඩා වැදගත් වෙන්නෙ ළමයි පංති යන එකවත්, ආමි කාරය කෑම්ප් යන එකවත්, අපි උදේ පාන්දර කොළඹට එන එකවත් නෙමෙයි. ආන්ඩුවෙ පූර්ව ප්‍රචාරක වැඩක් විදියට සංවිධානය කරපු මොකක් හරි අටමඟල් රැස්වීමකට සෙනඟ ගෙනියන එක..

    මේ කෑල්ල තමා හොඳම :D :D

    ReplyDelete
  13. niyameta liyala tiyenawa mcn

    ReplyDelete
  14. හ්ම්ම්ම්ම්ම්... අනේ මන්දා බං....

    ReplyDelete
  15. මොනවා කරමුද අපි හඩමුද සිනා සෙමුද
    කාහට කියමුද අපි ගැටෙමුද පලා යමුද

    ReplyDelete
  16. මේක හරිම සාධාරණව ලියල තියෙනවා

    "ඒත් රස්සාවක් නොලැබි සහතික තියාගෙන ගෙවල්වල හූල්ලන, වතුර නැති නිසා කුඹුර පාලුවෙලා කොරගන් දෙයක් නැති මිනිහෙක් උනානං මාත් අර පොලොන්නරුව රැස්වීමට ගිය බස් එකේ බහුතර වැඩිහිටි අම්මලා තාත්තලා එක්ක ඉඳීවි..."

    මං වුණත් එහෙම ඉන්න තිබුණා තමයි. තව කී දෙනෙකුට එහෙම හිතෙයිද? අනුකම්පාව නමැති කඩතුරාවෙන් වසා දමන්නෝනි මේ ටික.

    ReplyDelete
  17. මමත් පොලොන්නරුවේ. බකමූනේ ඉදන් එන්න බස් එකක් හොයගන්න කන චාටර්ර් මන් හොදට දන්නවා,තිබ්බ එකම බස් එකත් ජහමනයා කෙරෙහි වූ මහා කරුනාවෙන් පින් කටයුත්තකට යොදාගෙන තියෙනකොට කාලා වරෙන්කෝ....

    ReplyDelete