Sunday, July 22, 2012

අනේ තුමෝ සුදු වෑන් එපා හොදෙයි..

රා ජපස්ස උතුමාණනි..

මයේ කොල්ලා දැන් අලුත් සෙල්ලමක් පටන් ඇරන් ඇත. ඒ සෙල්ලම නං කැම්පස් ඉස්ට්‍රැයික් එකකි. මයේ එකා දැන් දැන් පත්තරවල ලියුං ලියයි. ටීවී එකේද ඉඳී. මයේ එකා දැං ලෙක්චෑර කෙනෙකි. ඌ එහෙම උනාට හරි අහිංසකය. මං චන්දෙ දෙන්නේ ත් අපේ ගෙදර උන්දෑ චන්දෙ දෙන්නේත් ඔබ තමුන්නාසේලාට සහ ඒ කස්ටියටමය. අපේ ගම උන් දෙන්නෙත් තමුන්නැහැටමය. මේ අද ඊයෙ පැන්න කොල්ලො කොරුට්ටන් කෑ ගැහුවාට අපිට ඔබතුමා තරං දෙයියෙක් නැත..

අපිට පෝර තුන්සිය පනහට දුන්නේ ඔබ තුමාය. පටන් ගත් දවසේ සිට අද දක්වාම ඔබ තුමා පොර් උරය තුන්සිය පනහට දෙයි. පෝර ටික නිකං දෙන නිසා දැන් ඇත්තේ බිත්තර වීටිකත් පනු තෙල් ටිකත් අර ගන්න පමණි. ඒ මදිවාට අපේ ගමට එන පාර අලුත් කොට ,,අලුත් බස් සෙකක් දැම්මේද ඔබතුමාගෙ අනුහසිනි. මේ අපේ ගමෙ කොන්තරත් කරන හැතිකරය ඒ පාරේ සල්ලි කෑවාට. පාර බාගෙට හැදුවාට අපි ඔබ තුමා ගැන අහිතක් හිතන්නේ නැත. මේ පාර ඇලේ වතුරු ටිකක් නං අඩු වුනාය. ඒත් ඉතිං මේ කාලෙට මුං ඇට ටිකක් හිටවගෙන හරි අමාරුවෙං කාල බීල හරි අපි ඔබ තුමාට චන්ද ටික දානවාය.

මේ අද කොල්ලංට එදා පාර ගිය හැටි මතක නැත. යුද්ද කාලෙ පාරෙට බැස්සම මිනිය එයිද කොල්ලා එයිද කියා ගෙදර උලුවස්සේ එල්ලී බලාසිටි අන්දම අපේ මායියා ටවත් මතක නැත. උන්දෑද කොල්ලාගේ පැත්ත ගෙන අජ්ජාපනේ ට ආන්ඩුව සලකනු මදි යැයි කියයි. එහෙත් මේ එක එක බොන්ඩියන්ට සහ වෙනත් කරදන්ඩ මහත් වූ උන්ට අමතක උනාට ඒ කොල දෑ අපිට අමතක නැත.

ඔබ තුමාගේ මල්ලිලා අයියලානං ඔබ තුමා තරං දස්ස නොවේය. එහෙත් උන්දැලාද සමාර දේට ගොඩාක් දස්සය. දැං ඔන්න මං පහුගිය දොහෙ කොළඹ මලයා බලන්ට කියා ගිය විට කොළඹ පේමන්ට් එක නැති කරලා ඒවායේ හිටපු උන්ට පාරවල් මැද හෝල් හදලා දීලාය. කාක්කෝ ජරා කරන්නේ නැත. මිනිස්සුන්ට ඇවිදින්නට බැරි කමක් නැත. ඒසේම පොඩි පොඩි කඩ දාගෙන හිටිය උන්ට පොඩි ඩිමෝ බට්ටා ලොරි දීලාය. ඒවායේ ඉඳ වෙලහෙලදාම් කරයි. මේවා ආන්ඩුවේ වැඩය. අපේ බෑ සිල් උන්නැහැ අමරිකාවේ සිට ඇවිත් ආර්ථිකේ හදන්නේ ලොරි බාග බෙදලාය..පේමන්ට් කඩලා ඉඩකඩ ඇති තැන් දීලාය..ඔය අමරිකන් වැඩ නොතේරෙන හාන්නැහෙලා වාහෙලා ඒවායින් ආර්ථිකේ නගින්නේ නැතැයි කියති. එහෙත් පොල් ඇති පැතිවලට හිරමන තල ටිකක් දුන්විට පොල්ගෑම වැඩිවේ..එවිට පොල් කැඩීම වැඩිවේ..එවිට පොල් තෙල් හදන ප්‍රමාණය වැඩියේ..අවසානයේ රටේ පොල් ආර්ථිකේද මොකද්ද අලේ වර්ධනය වේ. මේවා දැං හැදෙන නාහෙට නාහෙන උන්ට නොතේරුනාට මේවායින ආර්ථිකේ නගින හැටි අපිටනං පෙනේය..

නිදහස් චතුරස්‍රය පැත්ත අපේ ගොට්ඨ ආ භය තුමා සංවර්ධනේ කොරලාය. ඒ පැත්තේ ඩෙංගු මදුරුවෙක් තියා කාක්කෙක් වත් නැත. ලස්සනය. නාගරිකේ හමුදාව දාලා සංවර්ධනේ කොරලා අපූරුවට ඇත. එය දකින විටනං චන්දයට කතිරේ ගහලා පෙට්ටියට දැම්මාට බුලත් කොළක් කාලා කෙල පාරක් වත් ගහන්න හිතෙන්නේ නැත. ඒ කුරුදුවත්ත පැත්තේ අය ලොකු අයය. ඒ අයගෙන් ලොකු බදු ලැබේ. මෝදර මට්ටක්කුලිය, මරදාන, මාලිගාවත්ත, කිරුළපන මුඩුක්කු වලට සලකනවාට වඩා කොළඹ හත තාප්ප කඩා තනකොල වැවීමෙන් අර ලොකු මිනිස්සුන්ට සලකා ලොකු ගානක් බදුගෙන ,,පොඩි මිනිසුන්ට පස්ස කාලෙක සලකන්නට ඇහැකි බව මුන්ට තේරෙන්නේ නැත. අපි උනත් ගමේ පංසල ලස්සනට හදා ඇත්නම් රුපියලක් දා වැදගෙන යයි. ඒ වගේ තමුගේ ගෙවල් අවට ආංඩුවෙන් ලස්සනට හදා ඇත ිවිට ඒ මිනිස්සු බදු වැඩියෙං ගෙවා ආන්ඩුවට අලී සල්ලි ගොඩාක් ගත හැකිය.

සමහර ආන්ඩු ඉඩං වල පැල් ගහං ඉන්න ඈයෝ සහ අතන මෙතන පාරවල් ගානේ ඉන්න ඈයෝ රුපියල් පනස් දාහකුයි ටකරං කොලේකුයි දී එලවනවාය කියා කතාවක් අපේ මලයා කියයි. උන්දැ දන්නෙ කෙංගෙඩිය. ඔය පැල් වාසින් නිකං ඉන්න බැරුවට සරුවාංග අමාරුව ගසා පැටවු ගසා ආන්ඩුවේ ඉඩං වල පැල් අටවා ගනිති. ඉතිං ඒ පැලි අටවා ගන්නේ ආන්ඩුවට කීයක් වත් ගෙවලා නොවේය. ඒත් අපේ ආන්ඩුවට ඒ වටිනා ඉඩං හෝටල් වලට කොම්පැනි වලට විකුනා ලොකු ආදායමක් ගෙන අරුන්ට පස්සේ කාලෙක ලස්සනට සැලකිය හැක. ඒත් රුපියල් පනස්දාහක්වත් උන්ට දිය යුතු නං නැත. මොකෝ අපි බැංකුවක උනත් සල්ලි දෑවේ නැතුව සල්ලි ලැබෙන්නේ නැත. ආන්ඩු ඉඩං වල ඒ මිනිස්සු පදිංචි වූයේ සල්ලි ගෙවලා නොවේ. එබැවින් ඒ මිනිස්සුන්ට මොකක් හෝ කකුල් කූඩුවක් මනුස්සකම පිණිස ඇටවා දීම ඇතිය..

මේ අපේ ගොට්ඨ ආ භය තුමාත් බෑ සිල් තුමාත් අමරිකාවේ හිටපු කට්ටියය. නගර ගොඩක් අමරිකාවේ ඇත. ආර්තිකද ගොඩක් ඒහේ ඇතුවා වෙන්නට ඇත. එබැවින් ඒවා ආදරුසෙට ගෙන මෙහේ සංවර්ධන කොරන හැටි අපට නොපෙනෙන්නේ අපිට අමරිකොන් ක්‍රම ගැන වන නෝංජල් නොදැනුම නිසාය. ඒ නිසා ඒ අමරිකානු ක්‍රම ගැන වද නොවී ඉවසා වදාරා මේ පාරත් කොලේ ඉස්සරහින් පැන්සල් ඉරි දෙක ඇඳ අපි සැපෝට් එක දෙන්නට දැං උනත් සූජානංය..ඒ අතර අමරිකොන් ඔබාමා කරන කැත වැඩ ගැන පිකොට් සිංහලෙන් කොරන්නත් අපි සූදානංය..ඒවා ඉංගිරිසියෙන් කොර ජාතිය පාවා දීමට අපිනං එන්නේ නැත..

තව ඉතිං පුත්තර සමාගමක් ගැන අපේ කොල්ලාද පත්තර කාරයෝද අලි කාරයෝද කියති. මා පංසලේ හාමුදරුවංගෙං නයට ඉල්ලාගෙන පහුගිය දොහේ ජාතක පොත බැලුවේය. එහි සිටින රජකම ඇති රජතුමාගේ පුත්‍ර කුමාරවරු දිසාපාමොක්ගෙන් වැඩිපුර ලකුණු ගනිති. දුනු කඩු සෙල්ලං සිල්ප හැම එකෙන්ම එක වෙති. තව රටේ ලස්සන කුමාරිකාවන් වෙතොත් උන්ද කැමැත්තෙන්ම පාවා ගනිති. එදා දිසාපාමොක් ආචාරින් හොර කාමරයකට එක්කා ගොස් හොරාට පාස් කොල් යැයි කිසිම වංශ කතාවක නැත. එහෙත් අද සිටින පත්තර කාරයෝ එහෙම නැත. උන් අර ජාතක පොත් නොබලා මේං රජ පැටියා බෝල සෙල්ලම දිනලාය, මේන් රජපැටියා දිසාපාමොක්ගේ වාර්ථාව කඩලාය කියලා අපාස කරයි. ඒ මොක උනත් රජ කුමර වරු ඒ තැන්වලම සිටියැ යුතුය.. ඒ ආදි කථාවල සිදු වූ පරිදි සකල කලා, ශිල්ප, හරඹ, අධිකරණයන්හි නායකයෝම උන්මැ විය යුතුයැ. පුරාණ පොත පත කියවූ අපිට නං ඒවා කජු නෙවේය. එහතේ රැවුල් කාර හැත්තට ඒවා මැජික්ය.. රතුපාට කොළපාට උන්ට ඒවා නුවුනු දේවල්ය..

මේ රා අනිල් උන්නැහැට ලමයි නැතිය.උන්දැට අහවල් එකවත් මෙව්වා වෙන්නේ නැතියැයි ගමෙ ්ලිඳලග ගෑනු පවා දනීති.එවන් පරම්පරා කුට්ටම වත් හරියට නැති උන්ට අපේ දැනුං තේරුං ඇති අයනං කතිර කෑල්ල ගහන්න තියාඒ දිහා බලන්නේ වත් නැත...උන්දැට චන්ද දිනන්ට ඕනා නං අර කොල්ලා විසින් බල බල හිටිය රතු පත්තරේක පුවතක ්වූ සනී ඇලියොං වැනි ලොකු ගෑනු එක්ක ඉඳලා ඒවා පත්තර වල දමා ගත යුතුය. නැත්තං තනිකඩ සිරිදාස ගාව තියෙන චීන පෝන් එකට වල් කුනුහබ්බ වීඩියෝ එකක් දමා රා අනිල් උන්නැහ තමන්ගෙ මෙව්වා එක මෙව්වා වෙන බව ලෝකෙට පෙන්නිය යුතුය.. සනී නං වල් ගෑනියෙකි..තනිකඩ සිරා මක්කා දන්නේ නැතු උනත් ඒවා දනී..සනී කියා ගොන් නාම්බෙක් ඉහල ගෙදර කලු මහත්තයාට හිටියේය. සනී ගොන් නෑම්බිය ලේසියෙං ගොන්නු සමග ගහගන්නට යන්නේ නැත.. ඌ සයිස්ම උන් ඕනෑය..
අපේ තනි සිරා කියන්නෙ ්නාකි අයට මෙව්වා එක මෙව්වා වෙන පෙති ඉංජක්ෂන් ඇත. මට ඒ කතා තුන හතර ඌ කිව් විට මතක් උනේම අපේ රා අනිල් උන්නැහැට මෙව්වා වෙන පෙති ටිකක් අරගෙන හරි වීඩියො කෑල්ලක් ගහලා බෙදුවානං හරිය කියලාය..එවිට උන්දෑගේ හක්තිය ලෝකෙට පෙනී චන්ද පෙට්ටිය අලියාට මෙව්වා වෙනු ඇත..

ඔය කිව්වාට මං ඕවා එතුමාට කියන්න යන්නේ නැත.රට විකුනන් හැදූ පරයාට මං නං සලකන්නේ නැත.. අම්මප රා ජපස්ස තුමෝ මං එහෙව් එකාය...


සුදු වෑන් එවන්න එපා යැයි කියා පටන් ගත් මේ ලියුං කරදහිය ලියන වි මාය්යා විත් කර උඩිං ඔලුව දමා. මට බැන..ඇයි වහන්සේ ඕ සුදු වෑන් එකක් ආවොත් අපිට දෙය්යංගෙ පීටෙන් වට වන්දනාවෙ යත හැකි නෙව යැයි මට බැන්නේය. එහෙත් සුදු වෑන් වලිං වන්දනාවේ ගිය කස්ටිය සමහරු ආවේ නැත. සදාටම ආවේ නැත..ඒවා මේ ගොං ගෑනි ඒවා දන්නේ නැත. අපේ එකාලා ඔය කැම්පස් වල ලොක්කෝ උනාට ඕකා ගමේ ආවිට ගොං බිජ්ජා වගේ කාමරයටම වී සිටී. මොකෙක් වත් දන්නේ නැත. අපේ චන්ද කෑල්ල වෙනස් කොරන්ට ඌට බැරිය. අපි හැමදාම ගහන්නේ ඔබ තුමාන්ටය.. එබැවින් වෑං එක අපේ කොල්ලාටත් ඒ මහත්තුරු ටිකටත් නොඑවා එවනවා නං හොදය..

හැත්තෑ ගනංවල විප්ලව කාරයෝ කියාත්. අෂූවේ අගදී චේ කාරයෝ කියාත්..පස්ස කාලෙක ඇල්ටී ටී දෙමලු කියාත් කොල්ලෝ මැරෙනු මේ ඇස්ගෙඩි දෙකින් දැක්කේය. මට කෝකටත් ඉන්නේ මේ කොල්ලා විතරය. අනේ මූ ආරස්සා කොරලා දෙන්නැයි කියන්නේ ඒ නිසාය..

ඒ දවස්වල මාත් එක්ක පස්සෙං සරං කෙටිය ගහගෙන මහ කෙරුමා වගේ පස්සෙං ආපු එකා දැං වෙනස් වෙලාය. දැං ඌ අපේ කුඹුර තියෙන තැනවත් දන්නේ නැත. ඒත් ඌ මගෙ කොල්ලාය. ඌ එල් ටීටී කොලත් කොයිතරං විප්ලව කොරත් උෟ මටනං එදා සරං කොට කෑල්ල ගහං දඟලමින් නියර උඩින් කෙරුමා වගේ වෙලේ ගිය කොල්ලාය. ඌ මටත් මගේ මාය්යාටත් ලොකුය. අනේ මහත්තැයෝ ,ඔය උන් කෑ ගැහුවාට කලබල වෙන්ට කාරි නැතුවාය. ඔබ වහන්සේට චන්ද කෑලි ටිකක් මදිනං මං මේ අපේ ගංතුලානෙ උන්ට පොර සහනාදාරෙ දීපු හැටි, ගමේ ලිඳ හදපු හැටි, කොටි මරපු හැටි, ආයිත් මතක් කොරලා දීලා චන්ද ටිකක් දාන්නංය. ඒත් අපේ කොල්ලාටත් උන් සමඟ උඩදාන උන් ටිකටත් හොදින් ඉන්න දෙනවා හොදයිය..

මේ තරං වැද වැටෙන්නට තරම් කිසිවක ්ඔබ වාන්සේ නොකල බව මා දන්නවාය. එහෙත් එදා චන්ඩි මල්ලි මහත්තයා විසින් බෙලිඅත්තේ කොල කී දෑ ඔබ තුමාට පෙනුනේ නැත. අද පත්තරවල යන පාතාල ගැටුම් ඇරුන විට අකාලයේ මිය පරලොව ගිය උන්නැහලා කාරුත් මේ දවස්වල කාටවත් පෙනෙන්නේ නැත. ඒ තරං සෝබමාන ඉතිහාසයක් ඇති ඔබ වාන්සේගේ අරලිය මාලිගය මෙපිටින් කපුටෙක්ටවත් යෑමට ලැබුනොත් ඌ යකඩින් සැදි එකෙකු මිස පණ ඇති එකෙකු නං විය නොහැකි බව මේ තෙක් වෙන දේවල් වලිං මට පෙන්නුං කොර ඇත..

ඉතිං අහිතක් හිතන් එපා ඕං කියෝල බලල විසික් කොරල නොදා පොඩියක් අපේ එකාල ගැනත් බලල අජ්ජාපනේට නැතත් අපේ උන්ගෙ පඩි පැකට් එකට වෙන්වෙන ගානත් වැඩිකොරල දෙන්න හොදෙයි...එතකොට ඒ විප්ලව ටික යටයාවි සෝක් එකට...

8 comments:

  1. pattaya...likeya...

    ReplyDelete
  2. බාලගිරි අද නොවේ හෙට!

    ReplyDelete
  3. පෙති, ඉන්ජෙක්ෂන් වලින් ලොකු කරන්න පුලුවන් උනාට නැති ඒවා ඇති කරන්න බෑ. එක අත කට ඒකත් හොඳයි, අනාගතය ගැන හිතන්න අනාගතයක් නෑ නෙ.

    ReplyDelete
  4. අපූරුවට ලියල තියෙන්නෙ..... :)

    ReplyDelete
  5. කියන්න තියෙන ටික උඩ ඉදන් පහලටම ඔය උන්දෑ ඔය හරියටම ලියලා තියෙන්නේ. අපි කියලා තව මොනවා කියන්දෑ......

    ReplyDelete
  6. අනේ රා අනිල් උතුමෝ..
    ඔය කිව්ව විදිහටවත් කරලා දිනහං බං..
    අපිටනං දැං පැරදිලාම එපා වෙලා..

    ReplyDelete
  7. පට්ට පට පටය ..... කට කන්දෙක ගාවය.... :D

    ReplyDelete
  8. පිස්සු හැදෙයි සඳ බොඳවෙයි කිව්වලු.
    පට්ට ඈ..

    ReplyDelete