Monday, July 23, 2012

ගොයි වැටුප


මීට වසරකට පමණ පෙර සෑම මාසයකම එක්තරා දිනයක් අපේ පැත්තේ වැඩිහිටි උන්දැලා කිහිප දෙනකුට බොහෝ වැදගත්ය. හැට පැන්න අම්මලා එදාට වෙනදා පොලේ අඳින දූලා දිහා යන්නට අඳින සාරිය හෝ රෙද්ද ඇඳගෙන පියරු තවරාගෙන කදිමට සැරසෙයි.

අපේ තාත්තාද නංගීට කෑ ගසා සරමක් කමීසයක් සොයාගනී. කමීසය යලිත් නංගීට පෙන්වා මේක මදින් ඕන් නෑ වගේ නේ” කියා අසයි. නංගී ඒ අවසරයෙන් තාත්තාගේ අතින් සර්ට් එක ගෙන එය අයන් එකෙන් අතුල්ලා දෙයි. ඒ අතර තාත්තා රැවුල කපයි. අර නංගී විසින් මැද දුන් කමිසයත් යන්තම් එහෙං මෙහෙං මැද දුන් සරමත් ඇඳ සීරුමාරුවට අත් දිග කමිසයේ අත් දෙක නවා ගනී. ඉක්බිති තාත්තාගේ සාක්කුවේ ඇති කුඩා පනා කෑල්ල ගෙන බොහොමයක් සුදු පැහැයට හැරුනු කෙස් ගස් ටික පැත්තකට හෝ පසුපසට පීරා ගනී. වසර තිහකටත් වඩා පැරණි එහෙත් තාත්තා විසින්ම අලුත්වැඩියා කරගෙන යන්තං ටවුමට යන්නට තරං දැන් කාලයේ ප්‍රමාණවත් වන, තාත්තාගේ හද්දා පරණ රැලේ බයිසිකලයට තාත්තා නගින්නේ පුරාණ මුහන්දිරම් කෙනෙක් කාර් එකට නගිනවා වැනි උජාරුවෙනි.

ඒ යන්නේ ගොවි විශ්‍රාම වැටුප ගන්නය. ඒක තාත්තාට මාර වටිනවාය. සමහර කාලවල දැනුදු තාත්තා අපිට වඩා සල්ලියක් අතගාන අවස්ථා ඇත. ඒ අපේ වත්ෙත් වගා වලිං ලැබෙන නොයෙකුත් ආදායම් නිසාය. එහෙත් තාත්තාට අර දෙන රුපියල් දාහේ විශ්‍රාම වැටුප හරි අගේය. කලක් නංගීටත් එයින් රුපියල් දෙතුන් සීයක් ලැබුනි. ඒ නිසා ඇයද තාත්තාගේ ඇඳුම් මැද දීමට උනන්දු වෙයි. ඔහු පඩිය ගන්න යැවීමට මතක් කරයි.. ඒ ගන්නා රුපියල් දාහෙන් බොහෝ විට තාත්තා වැඩ අටෝරාසියක් කරගනී.. අපේ තාත්තා නං ඔය රුපියල් දාහ ගන්නට මහ ලොකු පෙරුම් පිරීමක් කොලාට ඒකෙං ගෙදරට අඩුම කුඩුම ටිකක් ගෙන එන්නට බුලත් පුවක් ටිකක් ගන්නට හැර වෙන වැඩක් නං කොරන්නේ නැත. නමුත් ඒ රුපියල් දාහෙන් සමහර වැඩිහිටි අය බොහෝ වැඩ කරගන්නා අවස්ථා එකල විය..

මේ කියන්නේ වෙන යමක් ගැන නොව්..ගොවි විශ්‍රාම වැටුප ගැනය. දැනට මාස හතර පහක් පොලු තබා යලිත් නොගෙවන තැනට කටයුතු කෙරීගෙන යන ගොවි විශ්‍රාම වැටුප ගැනයි..

ආර් ප්‍රේමදාස ජනාධිපති තුමාගේ කාලයේ ගාමිණි ජයසූරිය මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹුනු මෙම ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය බොහෝ සෙයින් පැතිර යෑමට ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මැදිහත්වීම හේතුවිය. මාස හයකට වතාවක් ගෙවනු ලබන සුලු වාරිකයක් ඒ රක්ෂණ ලාභියාට වසර හැට පිරෙන තෙක් ගෙවීමට සිදුවෙයි. ඉන්පසු ඒ රක්ෂිතයා මියෙන තෙක් මාසික වාරික වූ ගොවි විශ්‍රාම වැටුපක් ලෙස එය රජයෙන් ගෙවනු ලබුයේ ඒ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලෙනි.. සිය ජීවිත කාලයෙන් වැඩි හරියක් හේනේ, කුඹුරේ හෝ ගොවිබිමේ ගෙවන..කාෂ්ඨක අව්වේ පෙලෙමින් උදැල්ල,අව්ව, වැස්ස සමඟ හෙට්ටු වෙන ජනතාවට ගොවි විශ්‍රාම වැටුප අස්වැසිල්ලක්ම විය. සිය අවසාන කාලය ආ පසු කාටවත් අත නොපා ජීවත් වෙන්නට තරම් ඒ අනූ ගනන්වල අගදී විශ්‍රාම වැටුපෙන් ලැබුනු රුපියල් දාහ සමත් විය.

කිසිදු රැකවරණයක් ඊපී එෆ් ඊටී එෆ් හෝ වෙනත් රක්ෂණයක් නැතුව ගෙවුනු ගොවි ජීවිත වල වටිනාකම අවබෝධ කරගත් ප්‍රේමදාස ජනාධිපතිතුමා සිදුකල එක සද්ක්‍රියාවක් නම් මේ ගොවි විශ්‍රාම වැටුප හඳුන්වා දීමයි.. ඒ හරහා ගොවි ජනතාවට ගෞරවාන්විත විශ්‍රාම දිවියක් හිමි කරලීම නිතරම දුප්පත් ජනතාවගේ දුර අනාගතය දුටු ප්‍රේමදාස ජනාධිපති තුමාෙග් අරමුණ වන්නට ඇත..

මේ ටික කියවන විට පිරිසකට වෛරය ඇවිත් ඕකා හැටදාහක් කොල්ලෝ ටයර් සෑයවල් වල මැරුවා කියා දෙස් තියෙනු ඇත. නමුත් කෙතරම් නරුම මිනිසෙකු වුවත් කළ හොඳ වැඩ හොඳයැයි කියන්නට මා නම් පැකිලෙන්නේ නැත. හොඳ වැඩ නරක වැඩ තරාදියක දමා මිනිසුන් කිරා බැලිය නොහැක. එහෙත් ගාමන්ට් අටවා, වෙළඳ කළාප අටවා ඒ තුල අපේ ගෑනු ළමුන් අතිවිශාල සංඛ්‍යාවකට රැකියා ලැබීම තුල මේ අසල ඇති, තායිලන්තය, ඉංදියාව, ඉන්දුනීසියාව, පිළිපීනය, බුරුමය, වැනි රටවල් තුල ජනප්‍රිය වේස මඩු හෙවත් ගණිකා නිවාස විශාල වශයෙන් අපරට තුල ඇතිවීම දශක දෙකක් පුරාවට බොහෝ දුරට අඩු වූ බවට මට නම් සිතේ.. සමහර නින්දෙන් අවධි වූ කැනහිලුන් මොර දුන්නාට මේ රට තවමත් ලිංගික සේවා සැපයීමෙන් මුදල් සරි කරගන්නා තැනට ඇවිත් නැත..

දැන් අපි විශ්‍රාම වැටුපට යමු.

මේ ගෙවීම් සිදුකරනු ලැබුවේ අරමුදලක් ඇතිකොට ඒ අරමුදලේ මුදල් වලට ලැබෙන පොලියෙන් මේ විශ්‍රාම වැටුප් මාසික ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයටයි.


  • ආරම්භයේදී විශ්‍රාම වැටුප් අරමුදලට යොමු වූ මුදල් හැර පසුකාලීනව වෙනත් විශාල ප්‍රමාණයේ ප්‍රතිපාදන විශ්‍රාම වැටුප් අරමුදලට නොලැබීම..
  • විවිධ අවස්ථාවන්හි අත්තනෝමතික ලෙස මේ විශ්‍රාම වැටුප් ගෙවීමට තිබූ මුදල් සංචිතය වෙනත් වැඩ වලට යොදාගැන්ම..
  • රක්ෂිතයාට ගෙවන මාසික ප්‍රතිලාභ මුදල විවිධ රජයන් විසින් ලකුනු දමා ගැන්ම පිණිස වැඩිකරනු ලැබුවත් ඒ හා සමානව වාරික මුදල් වැඩිනොකිරීම..
  • අවසානයේ ඉතිරි වී තිබු සොච්චමත් මාවිල් ආරු වන්දි ගෙවීම්වලට යොදවා මුදල සිඳෙන්නට හැරීම..

නිසා අද වන විට විශ්‍රාම වැටුප් අරමුදලේ මුදල් නොමැති විම හේතු කොටගෙන ගොවි විශ්‍රාම වැටුප් මාසික වාරික ගෙවීම නැවතී ඇත. ඒනිසා ගොවි ජනතාව මෙතෙක් ආඩම්බරයෙන් මාසයේ එක් දිනෙක උප තැපැල් කන්තෝරුවට ගොස් ලබාගන්නා පඩිපත නැවතී ඇත.

උපාසක අම්මලාට පොල්තෙල් සුවඳ කූරු ගන්නට..අපේ බාප්පලා මාමලාට නං අරක්කු ඩිංගක් මාසෙට වරක් හෝ කට ගාන්නට, සහ නොයෙකුත් ඔවුන්ගේ කියා ඇති වැඩවලට කාටවත් අත නොපා නම්බු පිට කීයක් හරි ගන්නට තිබූ අවස්ථාව දැන් නැති වී ඇත..මෙතෙක් කල් අවුරුදු හැට සම්පූර්ණ නොවූ එහෙත් වසර ගානක් සය මස් වාරික ගෙවූ අයට ඒ මුදල් නොලැබී යනවාද ඇත..

මා හයිලෙවල් පාරේ යනවිට නුගේගොඩ හරියේ අලී තඩි බෝඩ් එකක් දිටිමි. රගර් ගැසීමට උත්සාහ කරන ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් කීප දෙනකුගේ ඡායාරූපයක් එහි වෙයි. අනෙක් කෙල්ලන් කොල්ලන් විසින් එකියකගේ පුකෙන් අල්ලා උස්සා උඩින් යන බෝලයක් අල්ලා ගැන්මට වැරගන්වනු ලබයි. එය අලංකාරය. දර්ශනීයය. ලක්ෂණ ගෑනුන් ඇති නිසා කොල්ලන්ගේ ආකර්ශනය අලවන සුලුය.

ඇත්තම කතාවද එහි ඇත. සීනි කිලෝ එකෙං, පරිප්පු පන්සීයෙන්, තෙල් ටිකෙන් කපාගත් ,බදු ගෙවන එහෙත් උපන්තේකට එරොප් පෙලෙන් එකක නොගිය දුප්පත් අහිංසක ගැමියන්ගේ මුදල් වලිං අර, ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් පුකෙන් අල්ලා උඩට උස්සා ආකාස ගත කොට ඇත. මේ ගොවි විශ්‍රාම වැටුප් ගන්නා බොහෝ අහිංසක මාපියෝ කාගේ හෝ පිනා චෑන්ස් එකකට ඩිංගක් දඹදිව යන්නට වරම් ලැබුනොත් හැර අහස් යාත්තරාවක කවදා වත් ගොස් නැත. එහෙත් අපි ගන්නා සෑම බඩුවකින්ම කරමුලට එකතු කරන ලද බදු වලිං ගන්නා සල්ලි බිලියන ගනනින් මේ අන්ධභූත පාඩු ලබන ගුවන් සේවා දෙක නඩත්තුව පිණිස වැයකරයි..

එසේම කෝචච්ි පාරක් දැකලාවත් නැති තණමල්විල බිබිල හම්බන්තොට වන්නියේ ගොවියන්ද වසර ගණනක සිට මේ වනතෙක් ජයග්‍රාහීව පාඩු ලබන කෝචචි වෙනුවෙන් අල්ලට කන සීනි ඇටයේ සිට සූරා ගන්නා ලද බදු මුදල් කුට්ටි ගන්න ගෙවිය යුතුය.

මේ විශ්‍රාම වැටුප ගන්නේ අර උපාධිදාරින් ඉගෙන ගත්ත පලියට අයිස් ගහන්නට ආන්ඩු කන්තෝරු වලට පුරවා මාස් පඩි ලබා ගන්නා උපාධි ලැයිසොන් ජොබ් ආකාරයෙන් නොවේ.. ගොවි ජනතාව දුක් මාන්සියෙන් හම්බ කර වසර තිහ හතලිහක් මහපොලෙව සමඟ ඔට්ටු වී ටිකක් බැරි අමාරු කම් ඇති වූ විට වාත තෙල් ටිකක් ගාගන්නවත් ලැබෙන උපහාර මුදලක් වශයෙනි.. එවන් වූ වටිනාකමක් ඇති, මිනිසෙක් ගොවියෙක් වූවාට උපහාර පිණිස, රජයෙන් ඇති කරන ලද ගොවි විශ්‍රාම වැටුප අද ඔවුන්ට අහිමි කර ඇත.

ඉතා සුලුක කලක් ගිනිගහන අව්වේ මහපොලොව සමඟ තාත්තා එක්ක උදලු ගෑ මට ඒ ගොවිතැන් වල ඇති අමාරුව ටිකක් තේරේ..තාත්තාට පනස් ගානක් වන කලදීත් මට තාත්තා සමඟ විටෙක සමහර වැඩවලදි හැෙරන්නට බැරිවිය.. එසේ කොරලාත් ගන්න එලවලු කිලෝ එක අපි දෙන මුදලට හතර ගුණයක් වැඩිපුර මුදලකට පාරිබෝගිකයාට ලැබේ..උදාහරණ ලෙස අපි දෙන්නේ වම්බටු කිලෝව රුපියල් විස්සට නම් කොළඹ බොහෝ කඩබක්කි වල දෙසිය පනහ රුපියල් විස්සක් විය.. එවන් ගොවි ජනතාවට මේ රජය පෝර මිටියකින් පමණක් සලකයි.. එයද වී ගොවීන්ට පමණි..

තාක්ෂණික අතින් සැලසුම් අතින්, ගොවිතැනේ වර්ථමානයට අපි කෙසේවත් ලං වි නැත. අපි තාමත් දියුණු රටවල් හා බලන විට ගොවිතැන් අංශයෙන් සිටින්නේ බලංගොඩ මානවායාගේ අවධියේය. පිටකොටුවෙං මිලදී ගන්නා අඹ ගෙඩියකට වඩා ඒ රොප්පේ සීත පෙට්ටි වල එන දොඩං ගෙඩි හැඩට ලස්සනට කදිමට ඇත. අපේ රටේ එලවලු පලතුරු වල තත්වය ගැන කතා කරලා වැඩක් නැත.. ඒ පෙනෙන නවීන ලෝකයට ගොවීන් දැක්කීමේ කිසිදු වැඩපිලිෙවලක් අාන්ඩු කරන අයටවත් පුටුවල ඉන්න අයටවත් නැත. එසේම ගොවීන්ට ලබාදුන් තුට්ටු දෙකත් කපා ඔවුන් සිඟන මට්ටමට හෙලා දැමීමට තරම්,, නිදහස් වේලාවක කොම්පියුටර බැලීමට තරම් ඉහල සමාජයක සිටින අපි අද කුරිරු වී ඇත.

ඉතිං මේ වන් සමාජයක නොවටිනා ගොවියෙකු, කම්කරුවෙකු, වැදගත් මිනිසෙකු වෙනවාට වඩා ඕස්ට්‍රේලියාවේ සරණාගතයෙක් වීම රිසි නොවේයැයි කාට නම් කිව හැකිද?

12 comments:

  1. යකෝ උඹලා ගොයියෝ පන්ලක්‍ෂයකුත් තව අරික්කාලක් ඕනෑ අපේ මහත්තැන්ලා නෝනලා එක්කෙනෙකුට හිලව් වෙන්න.

    සමතුලිතබව බලන්නේ එහෙම වේයිටින්ග්ස් එක්කයි.

    ReplyDelete
  2. කතන්දර එකකටවත් එකඟ නොවී ඉන්න බෑ. අපේ තාත්තටත් ලැබුන. දැං නෑ. ඔක්කෝටමත් වැඩිය ඉවසන්න බැරි බං මේකටත් මුං චෝදනා කරන්නෙ හදපු එවුන්ට. ගොවියට තියන සැලකිල්ල ගැන කියල වැඩක් නෑ. මහඑකා(සහ අනිත් එවුන්) කුරහං සාටකේ දාගෙන ඉන්නෙ හිත හදාගන්න වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා. එකෙක් මැරිල හරි පෞද්ගලික වි.වැ. නවත්තගත්තෙ. නැත්තං ඒකෙනුත් මුං සූදු කෙලිනව.

      Delete
  3. ඇත්තටම මේක අපරාධයක්. අඩුමගානෙ මිනිස්සුන්ට මේ අවනඩුව කියන්න කෙනෙක් වත් නෑ.

    ReplyDelete
  4. රටක දියුණුව යනු නගර අලංකරණය සහ සංදර්ශනය බවට පත්වූ රටක,රටේ නිෂ්පාදන අපනයන ආදායම් එන්න එන්නම කෙළවෙන කලක ,රටේ මවුවරුන් අරාබිකරයට දක්කා ලිංගික හා ශාරීරික අඩන්තේට්ටම් මැද්දේ එවන තුට්ටු දෙක රටේ ප්‍රධාන අදායම වූ කල්හි .....තව මොන කතාද මලේ.රනිල් ලොක්ක ගොවියාට ඩෙනිම් අන්දනව කිව්වම කතාවේ අර්ථය ගන්නේ නැතුව උන්නැහේගේ තියෙන සන්නිවේදන දුර්වලතාවයෙන් අල්ලාගෙන ඔච්චම් පාපු උන් දැන් ඔය කෘෂිකර්මෙට කොරල තියෙන ටික මදැයි.ගොවියා වහ නොබී ඉන්නේ ඒක ගන්නත් සල්ලි නැති කමට...

    ReplyDelete
  5. කතා කරලා වැඩක් නැති නිසා නිකා ඉමි.
    නැත්තං දැං පාලනේ කරන එවුංට කියන්න දේවල් එමටයි.

    ReplyDelete
  6. :( කතා කරලා වැඩක් නැත! :/

    ReplyDelete
  7. ඔබ කියන කතා වල විරුද්ද වීමට තැනක් නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයා මා දකින්නේ චන්ඩාශෝක ධර්මාශෝක වූ ආකාරයටමය. ඔහු තමා සිදු කල සංහාරය ගැන කලකිරී ඇති බව තේරුම් ගත හැක්කේ පසුව තරුණ අසහනයට හේතු සොයා බැලීමේ කමිටුවක් පත් කර ඉන් නොනැවතී එහි නිර්දේශන් මත පදනම් වී ක්‍රියා කල බැවිනි. මා අද මේ රැකියාවේ සිටින්නේ තරග විභාග ක්‍රමය මත පදනම්ව බඳවා ගත් නිසාය. දුප්පත් සහ ගැමි ජනතාවට ඔහු කර ඇති සේවාව තේරුම් ගැනීමට නම් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පුරා ගමන් ගත් යුතුය. ගොවි විශ්‍රාම වැටුප ගැන මා දැන ගත්තේ ඔබේ මේ ලිපියෙනි. එය අහිමි වනවා නම් එය ශොචනීය තත්වයකි.

    ගාමන්ට් ආරම්භ කිරීම හොඳය. එහෙත් ගාමන්ට් තරුණියන් අද වැඩි වශයෙන් කරන්නේ ගණිකා වෘත්තිය බව ඔබ දන්නවාද ? කෙතරම් දියුණු රටක වත් ගණිකා වෘත්තියේ යෙදීම වලක්වන්නට කිසිදු රජයක් පියවර ගෙන නැත. ඒවා නීතිගත රටවල තෝරාගත් පිරිසක් පමණක් එහි යෙදේ, රජය නියම කර ඇති වඉද්‍ය පර්යේෂණ වලට මුහුණ දිය යුතුය, ලයිසන් පත්‍රයක් ලබා ගත යුතුය. එහෙත් අද ශ්‍රී ලංකාවේ සිටින ගණිකාවන් ගණන කොපමණදැයි කාටවත් කිව හැකිද ? තායිලන්තයේ සිටින ගණිකාවන් ගණන ලක්ෂ 3කි. මෙයින් අපේ කෙල්ලන් ගණිකා වෘත්තියේ යෙදවිය යුතු යයි මා පවසන්නේ නැත. එහෙත් නීගත කල කල්හී රජයටද ආදායමක් හිමි වේ. ගොවි විශ්‍රාම වැටුප කප්පදු කරනවාට වඩ එය නරකද ? පහසුම රැකියාව කරන අයගෙන් ගන්න බදු මුදල් අපහසුම රැකියාව කල අයගේ සුබසාදනය වෙනුවෙන් යෙදවීම කෙතරම අගනේද?

    ReplyDelete
    Replies
    1. කොළඹ තිබෙන මූල්‍ය ආයතන සහ ප්‍රධාන පෙලේ ණය කාඩ්පත් කොම්පැනි වල සිටින කෙල්ලන් බහුතරය මුදලට සිය ශරීරය දෙති...
      කොළඹ ඔපීසි වල ගෑනුද රිසි සේ කොටු පනිති....නමුත් තරු හෝටල් වලට පොලිසි පනින්නේ නැත...ඒවාට යන අය ගණිකාවන් ලෙස ගනන් කරන්නේද නැත...


      ගාමන්ට් කෙල්ලෝ පමණක් පේන්නේ ඔවුන් තරු හෝටල් වලට නොයා සිය පෙම්වතුන් සමඟ මුහුදු වෙරලේ හෝ පැයට හාරසියේ කාමරවලට යන නිසා වන්නට පුලුවන...

      ගාමන්ට් නොව ඕනෑම සමාජයක වැරදි කෙල්ලෝ සිටිති..ගාමන්ට එකක සිටින එක කෙල්ලෙක් දවසට කොල්ලන් තුනක් සමඟ නිදා ගත්තතොත් සතියකට කොල්ලන් විසි එක් දෙනෙක් දැලේ දාගත හැක...

      එවන් එක් අයෙකු නිසා පන් සියයක් වැඩකරන ගාමන්ට් එකක නම සැනෙන් කැත වෙයි..වෙළද කලාපයේ ගත්තත් ඉතා සුලු පිරිසක් පමණක් ලිංගික වෙළඳෘම සිදු කරයි..නමුත් ගනනින් ඉතා සුලු ගැහැනු පිරිසක් වුවත් විශාල පිරිමි සංඛ්‍යවකට සේවය ලබා දිය හැකි නිසා ඔවුන් බොහෝ ඇතැයි මිනිිස්සු සිතති...

      මා මේ කොළඹ කටේ නමගික කීර්තිමත් කන්තෝරුවක සිට මේ අවට ගැහැනු මිනිසුන් කොටු පනින සහ පනින්න උත්සාහ කරන සැටි දුටුවිට ඉතා අතලොස්සක් වන ගාමන්ට් නරක කෙල්ලන් කොතෙක් හොඳදැයි කියා සිතේ...

      රත්නපුරේ කෙලවර ගමක ඉස්කෝලෙක කොල්ලෙක් කෙල්ලෙක්ට පිහියෙන් ඇන්න විට සියලු මාද්‍ය වල එය මුල් තැන් වලට යයි...නමුත් රෝයල් කොලීජියේ පාසැල් සිසුන් සහභාගි වන පාටි වලට රුසියන් ගණිකාවන් ගෙන ඒම කිසිදු මීඩියා එකක යන්නේ නැත... කොටින්ම ගොසිප් සයිට් වලද නැත..

      Delete
    2. ඔබ කියනා දේ මාද දැක ඇත. මෙම කණ්ඩායම් දෙකේ අරමුණු වෙනස්ය. ගාමන්ට් වල සේවය කරන්නේ දුප්පත් කෙල්ලන්ය. එහෙත් නාගරික පොෂ් ගණිකාව බඩගින්න නිවාගන්න මේවා කරන්නේ නැත. ඔවුන් එසේ කරන්නේ තමන්ගේ පොෂ් ‍ලයිෆ් ඒක පවත්වාගෙන යාමටය. මේවා නීතිගත කලයුතු යයි මා කියන්නේ ඒ නිසාය. එවිට් මේ කාණ්ඩ දෙකම එකම් පෝලිමේ සිට ලයිසන් ගත යුතුය.

      Delete
  8. මේව ගැන ප්‍රසිද්ධියේ කියලා රැස්වීමක් තියන්න ගියොත් වෙඩි කන්න වෙනවා
    කාටූන් එකක් ඇන්දොත් මන්දිරේ ගෙනල්ලා කන්ට දීලා ෂෙප් කරනවා
    පත්තරේට ලිව්වොත් සුදු වෑන්
    ඒකද අධිපති වෙන්න යන්නේ මේ විදිහට ගියොත්

    ReplyDelete
  9. අමිල,
    පහුගිය කන්නෙ අපේ අම්ම කුලියට කරන අපේ කුඹුරුවල ගොයම් වේලිලා ගියා... වැහි ඇල්ලක් වැටුණෙ නෑ.... වැවේ වතුර බලං හිටියට වැවෙත් වතුර නෑ...
    දවසක් පන්සල් යන ගමන් ඒ පැත්තෙ ගියාම වැව නිකං පිට්ටනිය වගේ
    ඇයි කියල දන්නවද??
    අපේ පැත්තෙ දේශපාලකයෙක් ගෙ උවමනාවට අවුරුදු උත්සවේ තියන්ඩ වැව හිස් කරල.....!!!
    හ්ම්.... හරි දුකයි!!! රටට බත දෙන මිනිස්සුන්ගෙ බත් වේල ගැන හිතන්ඩ බැරි එක පවක්!!

    පු* ඇදේ අඹුඩෙං වහගන්ඩ හදන පාලකයො ඉන්න රටක අපි මේ මොනව ගැනද කතා කරන්නෙ??

    ReplyDelete