Wednesday, July 4, 2012

සම්බුද්ධරාජ මාලිගාව අපේද?

අපේ ගමේ පන්සලෙන් තමයි මං බුද්ධරූප දැක්කෙ..ඉස්කෝලෙ ඉගනගත්ත පොත්වලිං තමයි බුද්ධාගම දැනගත්තෙ.. ඒ දේවලුයි දැං මේ පේන්න තියෙන දේවලුයි අතර පොඩි වෙනසක් තියෙනවා.. මට හරි පුදුමයි සමහර දේවල් ගැන..අපි මේ වගේ දේවල් කියනකොට කස්ටිය කඩු අමෝරාගෙන බොහොම සාන්ත විදියට මේවට උත්තර දෙයි... බුදුන් වහන්සේගේ කාලේ විරුද්ධ මත ධාරීන්ට කොයි තරම් නිදහසක් තිබුනාද කියල ඒ අයට කල්පනා වෙන්නේ නෑ..

කොසොල් රජතුමා අනේපිඬු සිටුතුමා වගේ ලොකු කට්ටිය සම්බන්ධ කරගෙන උන්නට ඒ සමාජයෙ කවදාවත් මං අහල තියෙන විදියට බෙදු ජනයා විරුද්ධ මත ධාරින්ට පහර එල්ල කරන්න ගිහිල්ල නෑ..ඒත් අද තත්වය වෙනස් කාලේ වෙනස් නිසා වෙන්න ඇති..
මේ තියෙන්නෙ ඒ මහා සම්බුද්ධ රාජ මාලිගයේ තියෙන පිළිමයක්.. මේ පිළිමයයි අපේ ගමේ පන්සලේ තියෙන පිළිමයයි වෙනස්.. මේ පිළිමය දැකපු මටනං අර ගමේ පංසලේ පිළිමෙ දකිනකොට ඇතිවෙන ශ්‍රර්ධාව ඇතිවෙන්නෙ නෑ..බොහොම ඈත යුගේක දි කරන ලද අනුරාධපුර යුගයේ ගල්පිලිම දකිනකොට ඇතිවන සමාධිය මේ බුද්ධ ප්‍රතිමාව තුල පේන්නෙ නෑ..බලන්න හොඳට ඇඟිලි දිහා..ඒවා සිහින්ව දිගට තියෙනවා හරියට කාන්තා රූපයක් වගේ.. ශරීරයේ ස්වභාවයත් ටිකක් ඒ වගේ...බුදුන් වහන්සේගේ පිළිමයෙන් යම් කෙනෙකුට නිවන් යන්න හෝ ධර්මාවබෝධය ලබන්න බැරි බව ඇත්ත..නමුත් අර මෙතෙක් කල් මා දැකපු වැවුරුකන්නල, වෙහෙරහේන වගේ මහා බුදු රුව වල පවා බුදුන් වහන්සේගේ සමාධි ගතිය ඉස්මතු වෙන්න නිර්මාණය වෙලා තිබුනා..කියලයි මට හිතෙන්නෙ..

මං හැමදේම කියන්න යන එක හොඳ නෑනෙ..මේ පිංතූර දෙකෙන් ඒ රජකාලෙ හදපු එකයි මේ රජකාලෙ හදපු එකයි අතර මටනම් පැහැදිලි වෙනසක් පේනවා...තාක්ෂණය දියුණු අද කාලෙ ඇයි බැරි අපිට ඒ පිළිම වාගෙම සමාධිය ඉස්මතු වෙන විදියට පිළිම හදන්න..ඇයි අපි වෙන රටවල් වල වගේ පිළිම හදන්නෙ.. මේකද ඔය කියන සිංහල බොදු ගතිය..මෙහෙමද අපි වසර දෙදාස් ගානක් පරන අපේ ලංකාවෙ කලාශිල්ප ඉදිරියට ගෙනියන්නෙ..හසන්ත බලන්න හසන්ත පොඩ්ඩක් මේව දිහාත්..
 මේකප් එකත් ලස්සනයි..මලුත් ලස්සනයි..ලස්සන නැටුමක්...බොහොම හොඳයි.. වසන්තා සන්දනායක කියන සිංදුවක් තියෙනවා නොකියාම එදා ඇසල මහේ කියලා..ඒක ස්ටේජ් වල කියන්නෙ දැං සුප්‍රියා අබේසේකර..සුප්‍රියා අබේෙස්කර ඒක කියනකොට පල්ලෙහා බීල නටන කොල්ලො උඩ දදා නටනවා..විටෙක නැටුං කන්ඩායනුත් නටනවා.. ස්ටේජ් එක උඩ..ඕක බලං හිටපු යාලුවෙක් මූනු පොතේ කියල තිබුනා..යශෝදරා දේවියට පුදුම ආතල් එකක් තිබිල තියෙන්නෙ කියලා... 
මහමෙව්නාව පටන් ගත්තෙ ආරණ්‍යගත සම්ප්‍රදායක් ලෙසින්..එහි සිටින භික්ෂූන් මුදල් අතින් නොඅල්ලන, ස්ත්‍රින් හා සමාගමය අඩු පිරිසක් ලෙස තමයි සැලකුනේ.. ඒත් මේ මරඟනන් පිරිසක් මල් අරං නටල ගිහිං නැටුමෙන්ම බුදුන් පුදන්න යනවා කියන්නෙ මටනම් අලුත් දෙයක්.. සාමාන්‍යන් පංසල්වල නටනවා අපි පෙරහැරවල් වලට.. ඒත් ඒකෙදි පංසල ඇතුලෙ නටන්නෙ නැහැනෙ... කොටින්ම දේවාල පෙරහැරක උනත් ඒ වගේ යම් යම් සීමාවන් තියෙනවා.. මහමෙව්නාව ගුරුකොට ගන්නේ ආරණ්‍ය සම්ප්‍රදාය නම්..ලෞකික ලෝකය පිළිකෙව් කරනවා නම් මේ මොනවද?  මේ විකාර?
අපි මල් පුද දෙන්නේ ඇයි..පුංචි කාලෙ දහම් පාසැල් පොත්වල තිබුනෙ මල් පරවෙනවා වගේ අපේ ජීවිත පරවෙනවා කියල හිතන්න කියලයි..ඒත් මේ උත්සවය මලින් සරසල තිබුනෙ හරියට ඉන්දීය රාජකීය වෙඩින් එකක් වගේ.. අපි මලින් පුදා එදා බලාපොරොත්තු වුනාට වඩා ලස්සනක් ලැබෙනවා. නමුත් එදා අපේ දුප්පත් මල් වට්ටියෙ තිබුන චාම් ගතිය මේ මල් කූඩ ගනන් පෝලිමට අතුරල තියෙන කොට නෑ කියල තමයි මට හිතෙන්නෙ..


සංස්කෘතිය කියන්නෙ නිතර වෙනස් වෙන දෙයක්..එය කාලානුරූපීව වෙනස් වෙනවා.. ඒත් යම් දේවල් වෙනස් වෙන වේගය හරිම වැඩියි කියලා මට හිතෙනවා. එදා අපේ ගමේ පංසල් මහා ලොකු හොඳ ශ්‍රද්ධාවන්ත හාමුදුරුවරු හිටපු තැන් කියල කියන්න බෑ.. ඒත් ගමේ පංසල ලොකු කාර්යයක් ඉටු කලා ගමට.. අද කුමක් හෝ හේතුවක් නිසා මිනිසුන් ගමේ පංසලෙන් පිට තැන්වල නිවන සොයනවා. එක අතකින් සංඝයා වහන්සේලාගේ දැනුම කාලානුරූපිව වෙනස් නොවුනු නිසා වෙන්න ඇති..
 එක අතකින් මේක නිකං අර මෙහේ ඉඳන් සැප ගන්න බැරි අය සංචාරයට සිංගප්පුරු තායිලන්තේ යනවා වගේ වැඩක්. අපි අවට ඉන්න දුක්විඳින මිනිසුන් පිහිට විය හැකි මිනිසුන් රාශියක් මග දාල අපේ හිතේ සැනසුම සොයාගෙන දුර ගව් ගෙවාගෙන ඈත අසපු සොයාගෙන යනවා..

47 comments:

  1. සැබෑවටම බුදු හාමුදුරුවෝ දකින්න පුලුවන් වෙන්නේ උන්වහන්සේගේ ධර්මය අවබෝධයෙන්. ඒක උන්වහන්සේම දේශනා කරලා තියෙන දෙයක්.

    …මහමෙව්නා අසපු තුළ විශාල වශයෙන් ආමිෂ පූජා සිදුවන බව හැබෑව. ආමිෂ පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවට යොමුවෙන්නත් කටයුතු සිදුවෙනවා නම් හොඳයි. මහමෙවුනා අසපු තුල එය වෙනවා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. aniwaryenma.. me dewal gana nam danne na.. kiribathgoda hamuduruwange bana ahala thiyenawa.. eyin jivithe hariyata hadaganna puluwan.. man asapuwa gana dana gaththe A/L chemistry class eken , R.S. pinnapola sir ge sudarshiye panthiyen.. monawa kalath sir apita hadenna para pennuwa.. nathnam api methana na ada.. api banath ahuwa, api haduna.. pissu kelapu hugak un haduna.. api danna widiyata hugak lamai, ekale mahana una.. samaharu A/L karala Medicine, Engineering yanna uparima pass una aya.. e aya bohoma silwath,bawana yogowa innawa adatath..eka eka athakata owunge pina.. welawakata hithenawa me jivithe maha pudumayak kiyala.. ekata idan igana gaththa ape wayasa un A/L karala iwarawela mahanawela.. api adatath mahamewunwata yanne jivithe hadanna banak ahanna.. anda wishwasayak hinda newe. A/L kiyanne minihek ge jivithe kadaima.. oya kale nomagata yanna chance wadiyi.. jivithe hariyata hadaganna mata witharak newe hugak ayata mahamewunawa upakari una.. adatath welawak labunama api yanawa .. gihi jivitheta wadagath deyak ekathu karaganna..

      Delete
    2. අනිවාර්යෙන්ම.. මේ දේවල් ගැන නම් දන්නෙ නෑ.. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ බණ අහල තියෙනව.. එයින් ජිවිතේ හරියට හදාගන්න පුලුවන්.. මං අසපුව ගැන දැන ගත්තෙ ඇ/ළ් කෙමිස්ට්‍රි ක්ලාස් එකෙන් , ආර්.එස්. පින්නපොල සර් ගෙ සුදර්ශියෙ පන්තියෙන්.. මොනව කළත් සර් අපිට හැදෙන්න පාර පෙන්නුව.. නැත්නම් අපි මෙතන නෑ අද.. අපි බණත් ඇහුව, අපි හැදුන.. පිස්සු කෙලපු හුගක් උං හැදුන.. අපි ඩන්න විදියට හුඟක් ළමඉ, ඒකාලෙ මහන උන.. සමහරු ඇ/ළ් කරල මෙඩිසින්, ඉන්ජිනියරින් යන්න උපරිම පාස් වුන අය.. ඒ අය බොහොම සිල්වත්,භාවනා යෝගීව ඉන්නව අදටත්..ඒක එක අතකට ඔවුන්ගේ පින.. වෙලාවකට හිතෙනව මේ ජීවිතේ මහ පුදුමයක් කියල.. එකට ඉඳන් ඉගන ගත්ත අපෙ වයසෙ උන් A/L කරල ඉවරවෙල මහනවෙලා.. අපි අදටත් මහමෙවුනාවට යන්නෙ ජිවිතේ හැදෙන්න බණක් අහන්න.. අන්ධ විශ්වාසයක් හින්ද නෙවේ. A/Lකියන්නෙ මිනිහෙක් ගෙ ජිවිතේ කඩඉම.. ඔය කාලෙ නොමඟට යන්න චාන්ස් වැඩියි.. ජිවිතේ හරියට හදාගන්න මට විතරක් නෙවේ හුඟක් අයට මහමෙවුනාව උපකාරි වුන.. අදටත් වෙලාවක් ලැබුනම අපි යනව .. ගිහි ජිවිතේට වැදගත් දෙයක් එකතු කරගන්න..

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මල්ලි, තරුණ කාලේ බොහොම හැඟීම්බරයි, ඒ නිසායි ඔයාලගේ පංතියේ හිටපු බොහෝම දෙනෙක් මහණ වුණේ... එයාලා වියපත් වෙද්දි ගොඩාක් වෙලාවට තේරුම් යාවි එයාලා හරි පාරකද වැරදි පාරකද යන්නේ කියලා... උදාහරණයක් විදිහට ධර්මයෙන්ම ගත්තොත් අජාසත්ත රජතුමාව ගන්න පුළුවන්.. ඊටත් වඩා ගැලපෙන උදාහරණය තමයි එස්.බී දිසානායක හා මහින්ද විජේසේකර වගේ තරුණ නායකයෝ.. මොළ සෝධන ක්‍රියාවලිවල ඉඳලා වයසත් එක්ක හරි පාරට වැටුන මිනිස්සු.. ඔවුන්ගේ ක්‍රියා කලපය ගැන හිතන්න එපා.. මම කිව්වේ උදාහරණයක් විතරයි...

      තරුණ හැඟීම් එක්ක ගොඩාක් අය සෙල්ලම් කරනවා... ඒක හරිම පාපකාරීයි.

      Delete
    8. //දෙලොවටම යහපතක් නැති බ්ලොග් ලිවීමවත් නොවේ,//

      එතකොට දෙලොවටම යහපත් නැති කමෙන්ට් දාන එක හොඳද?

      තෙරුවණ් සරණයි !

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. මේ කමෙන්ට් දාලා පස්සේ මකලා දාලා තියෙන්නේ පස්සෙ හරි නොදන්නා කම තේරුණ නිසා විය යුතුයි.

      Delete
    11. නෑ ඒක නිසා නෙවේ,
      ලියපුවා තේරෙන අය අඩු නිසා.

      Delete
    12. මමත් මේ සර්ගෙ පන්ති ගිහිල්ල තියෙනව. හොදට බණ කියනවා. ධර්මයක් ගැන හැගීමක්වත් නැති ලමයින්ට ධර්මය කියා දීල ඒ පැත්තට ගන්න එක ලොකු දෙයක්. මොකද ධර්මය ගොඩක් දුර්ලබ දෙයක් නිසා. නමුත් ගොඩක් අඩුපාඩු ඒ කාලෙ සර්ගෙ තිබුන. දැන්නම් කොහොමද දන්නෙ නෑ. සැබෑ ධර්ම මාර්ගයේ ගමන් කරන්නෙක් තුල නොතිබිය යුතු ගති පැවතුම් කීපයක් තිබුනා. තමන්ව පමණට වඩා ඉස්මතු කර පෙන්වීම, තමන්ගේ අවබොධය ගැන උදම් ඇනීම, පන්තිය තුල කේලම්කාරයින් තබා ගැනීම සහ කේලම් ඇසීම, තමන්ට හිතවත් කල්ලියක් පන්තිය තුල තබා ගෙන ඔවුන්ගේ නම් කියමින් කතා කිරීම තුලින් අනෙක් ලමයින් තුල ඔවුන් කෙරෙහි විශේශ හැගීම් ඇති කිරීම වැනි නොගැලපෙන ක්‍රියා, වක්‍රාකාරව සමාජයේ ඉහල කුලවලට ගැරහීම (පහල යයි කියන කුලවලට ගැරහීමද වැරදිය ) , මයිත්‍රී සහගත කෙනෙකුගේ මුවින් පිට නොවිය යුතු ද්වේශ සහගත දේ පැවසීම, බන කියමින් වුවද විශය ඉගැන්වීම පුනරීක්ශන කටයුතු හොදින් කල හැකිව තිබියදී බණත් නොවන රසායන විද්යාවත් නොවන වෙනත් කාරනා කියමින් පැය ගනන් නාස්ති කිරීම, සර් මනවා කරත් කීවත් හරිය කියන තැනට ලමයින් පත් කිරීම හෙවත් විචාර බුද්ධිය මොට කිරීම, එකල 2004 මහා මැතිවරන සමයේ හෙල උරුමයට චන්දය දෙන්නැයි දෙමාපියන්ව ලමයින් හරහා වක්‍රාකාරව දැනුවත් කිරීම වැනි අනුවන ක්‍රියා (පසුව හෙල උරුමය කරන දේවල් හරි නැති බව සර්ම කියන ලදී. එකල චන්දය තිබූ ලමයි එම පක්ශයට චන්දය දුන් බව කිව යුතුය ) , මහනුවර නාථ දේවාලයෙ පැවති පින්කමක් සදහා 3500 වනි පිරිසක් සහභාගී වී තිබියදී එම සන්කයාව 8000 ක් වත් නොවුනු බැවින් පින්කම අසාර්ථක බව පැවසීම (නාත දේවාල භුමියේ එතරම් සන්කයාවකට ඉඩ පහසුකම් නැති අතර එතරම් පිරසක් ගෙන්වා ගැනීමන් දෙමාපියන්ට විදීමට සිදුවන හිරිහැරය අතිමහත්ය. එදා කිවූ බණ එතරම් පිරසක් ගෙන්වාගෙන ශ්‍රවනය කරවීමට තරම් වැදගත් බණක් වූයේද නැත ) වැනි බොහො අඩුපාඩු තිබුණි. ඇත්තෙන්ම සර් ලමයින්ගේ විභාගය සමග සෙල්ලම් කලේය. කාබනික පරිවර්තන 30 ක් වත් කලේ නැත. උසස් පෙල වැනි විභාගයකට එය ප්‍රමාණවත් නැත. මේවා නිසා විභාගයට ඒ එකක් ගන්න පුලුවන් ලමයි බී එකක් ගන්න තැනට වැටුනි . බී සමර්ථ සී වුනි .සී එස් වූ අතර .එස් ගන්න හිටපු ලමයින්ට වෙච්චි දෙය අමුතුවෙන් කිව යුතු නැත. විභාගයට මාස දෙකක් තිබියදී සර්ට පන්තියේදී ලමයි සිදු කල සුලු වරදකට කේන්ති ගිය අතර සර්ගෙම වචනවලින් කියන්නේ නම් සර් පැවසුවේ " තොපි මෙච්චර කල් නිකන් ඉදල දැන් පටන් ගත්ත රෑ එලිවෙනකම් පාඩම් කරන්න. නොදකින් විතරක් තොපිලගෙ මූනුවල හැටි .දැන් ඉතින් පාඩම් කරල වැඩක් නෑ. දැන් ඉතින් නිකන් හිටපියවු " කියාය. මේ කතාව අසා එස් එකක් හරි අරගෙන විභාගහ පාස් වීමට සිටි කී දෙනෙකු විභාගය ෆේල් වී දුක් විදින්න ඇති දැයි පසු කලෙක මට සිතුනි. තවත් පිටු ගනන් ලිවිය හැකි දේ අද වාගේ මතකයේ ඇතත් ඒවා ගැන කියා වැඩක් නැත .මිනිසුන් හැමදාමත් එක වගේ නොසිටින බැවින් ඇතැම් විට අද වන විට සර් මීට වඩා වෙනස් වී ඇත්දැයි මම නොදනිමි. එසේ සිදු වී නම් ඉතා හොදය. එකල වෙනත් ඉහල මට්ටමේ ගුරුවරු එම නගරයේ එතරම් නොසිටි බැවින් ලමයින්ට සර් ලගටම යන්නට සිදුවූ බවද කිව යුතුය.වැරදි පාරේ ගිය ලමයින්ව සර් ඒවායෙන් මුදවා ගත් බව සැබෑය. සර්ගේ ක්‍රියාකලාපය නිසා ඒ ලමයින්ට යහපතක් සිදුවූ බව ඇත්තය. නමුත් එවැනි පාරවල්වල නොගිය ලමයින්ට ඒ කියන්න අමුතුවෙන් හදන්න දෙයක් නැති ලමයින්ට සර්ගෙන් සිදුවූයේ හොද දේට වඩා නරක දේවල්ය. අදටත් සමහර ලමයි අන්ද බක්තියෙන් සර් ගැන කතා කරති. වැරදි මතවල එල්බගෙන සිටිති. මේ අඩුපාඩු ටික හදා ගත්තානම් සර්ටත් ලමයින්ටත් හොද බව කාරුණිකව කියා සිටිමි. මේ කිවූ දේවල් පිලිබදව ද්වේශයෙන් නොබලන ලෙසත් මද්ධස්ථව බලන ලෙසත් අවසාන වශයෙන් ඉල්ලා සිටිමි.

      Delete
  2. මේක තනිකරම බොරු ෂෝ එකක් වගේ ,බොහෝම ඉස්තුතියි නොබියව මේ පිළිබද පලකලාට

    අසපුවල ඉන්නේ මමනම් දන්නා විදියට "තවුසෝ " හාමුදුරුවරුනෙමේ ...

    ReplyDelete
  3. උබ හරියටම හරි මචන්..මොක වුනත් ඇත්ත කියන්න ඕනේ..මේක ඇවිල්ල මට නම් පඩ ෂෝ එකක් විතරි..මමත් බවුද්ද ..ඒ උනාට මේ වගේ අන්ධ බවුද්දයෙක් නෙවෙයි.මෙතන තනිකරම මට පෙන්නේ වෙන්නේ ආගමික භක්තියේ නාමයෙන් ගොනාට ඇන්දවීම..ඕනේ එකෙක් ඕනේ මගුලක් කියපල්ලා දැන්..මම කීවේ මට දැනෙන ඇත්ත..

    ReplyDelete
  4. ලංකාවේ කොහොමටත් ආගම විකිණෙනවා ඉතින් විකුණනවා .බෞද්ධ දර්ශනයට පිලිම වන්දනාව පිටින්ම ආපු එකක්ය කියලයි මට හිතෙන්නේ (හිතෙන හැටි පමණි , අධ්‍යනයක් කර නොමැත ) .

    ReplyDelete
  5. සද්දෙයි ගදයි විතරයි බං.. වැඩ නැහැ..

    ReplyDelete
  6. සල්ලි ඇත්තෝ දං පිං කරති .. නැත්තෝ හූල්ලති කියනවනේ..

    මීනී මරලා පන්සලක් දෙකක් හදපුවම නිවන් යන්නත් පුලුවන් කියනවනේ.. දුප්පත් කමට දානයක්වත් දීගන්න බැරි උන් සදා අපායේ..

    ඔව්වා අනේ මන්දා බං.....

    ReplyDelete
  7. නුඹගේ නිර්භීත බව අගය කරමි..! ටී.වී. එකේ ඕක බලනකොට මටත් ඔය ටික හිතුනා.අනිත් එක මතකද අර පන්සිල් දීපු හාමුදුරුවන්ගේ භාශා විලාසය.අනේ මන්ද පන්සිල් ගායනා කලා. සල්ලිකාරයො අල්ලගෙන කරන වැඩ වෙන්නැති. බුදුපිලිම කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි..!!

    ReplyDelete
    Replies
    1. පින්වත් ඇමැතිතුමන්ලා කියනකොටම මට නම් එපා වුනා.
      ඇත්තටම ඇමතිලා,මන්ත්‍රීලා නැතුව වෙන අය ඇත්තෙම නැද්ද ඕවට ගෙන්න ගන්න

      Delete
  8. මොඩ් බෞද්ධයාගේ බොදු ආතල් එකට ඕවා ඔන ඇති.....

    ReplyDelete
  9. දැං හැමදේම ෂෝ එකට යටයිනේ...
    පංසලක තියෙන්න ඕනා නිවිච්ච ගතිය දැං ගොඩක් පංසල් වල නෑ...
    මේවට යන එවුංට කියලා වැඩක් නෑ ඉතිං..
    ජයම වේවා පෝස්ට් එකට...

    ReplyDelete
  10. tv එකේ බලනකොට මටත් හිතුනේ ඔය ටිකමයි.
    අනික කිරිබත්ගොඩ හාමුදුරුවෝ කිව්වේ ලංකාවට නිවැරදි බුදු දහම බෙදා හරින එකම තැන මහමෙව්නාව කියලා.ඒ ටික අහනකොට නම් ලොකු කලකිරීමක් දැනුනා.පස්සේ හිත හදාගත්තා හාමුදුරුවොත් පෘතග්ජනයෙක්නේ කියලා.
    අපේ පන්සල් වලත් වැරදි තියෙනවා.ඒත් ගිහියෝ විදිහට අපි කරන්න ඕනි ඒ වැරදි හදාගන්න හැටි කියලා දීලා ඒවා නිවැරදි කරන එක.
    ඒ වුනාට වෙලා තියෙන්නේ ගොඩක් හාමුදුරුවරුන්ටයි ගිහියොන්ටයි දෙගොල්ලොන්ටම තමන් කවුද මොනාද කරන්න ඕනි කියන එක අමතක වෙලා.
    මොනා වුනත් මිනිස්සුන්ට ගමේ පන්සල මතක් වෙන්නේ මරණයක් වුනාම විතරයි.
    දුක තමා!

    ReplyDelete
    Replies
    1. නංගී..ඔයා කොහොමද කියන්නෙ මහමෙව්නාව ධර්මෙ විකුර්ති කරනවා කියලා ..ඔයා ධර්මධර ද ...සිඟිති ආතල් දෙන්නෙ නැතුව යන්ඩ හලෝ

      Delete
  11. මාත් අතරින් පතර මේ ගැන ටිකක් දැක්කා.. අමිල අයියා ලියපු කාරණානම් ඇත්ත.. අර මලින් සරසපු එකනම් මටත් හිතුනා..

    ReplyDelete
  12. අනේ මටත් ඇති උන පලවෙනි ප්‍රශ්නය.
    කොහොමද මේක රාජ මලිගාවක් උනෙ කියලා.
    හරියට කලකිරිනෙව මෙවා දැකලා.
    'බොදු ආතල්' කියන වචනෙ නම් නියමෙට ගැලපෙනවා

    ReplyDelete
  13. මම හිතුවේ බණක්, භාවනාවක් කරගන්ට හිත නිවන හොඳම තැන ගමේ පන්සල කියලයි. අනික හිත නිවාගන්ට නගරයට වඩා ගම කොච්චර හොඳ තැනක්ද? හාමුදුරුවරු කාලයට අනුව වෙනස් නොවුනු බව ඇත්ත. බුද්ධ ධර්මය කියන්නෙත් විටින් විට වෙනස් වෙන දෙයක් නෙමේ.

    අනිත් හැමදේම අනිත්‍ය වෙද්දී, අපිට තියන එකම නිත්‍ය දේ තමා 'ධර්මය' .

    ReplyDelete
  14. If Lord Buddha was offered such a palace!
    It would be completely rejected............

    ReplyDelete
  15. මම දැනගෙන හිටපු විදිහට වැටෙන්නේ නැති බිස්නස් තියෙන්නෙ තුනයි. සෞඛ්‍යය, අධ්‍යාපනය හා හාඩ්වෙයාර්. දැන් එකට ආගමත් එකතු වෙලා.... බුදුන් වහන්සේගේ දර්ශනයට මාකටින් එකතු වුනාම අවුට්පුට් එක මේකයි. ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අභීත ..! , දුප්පත් පන්සල් තියෙනව ලංකාවෙ , අසරණ මිනිස්සුන්ගේ දුකේදි සැපේදි පිහිටට එන්නෙ ඒහාමුදුරුවරු..සමහර වෙලාවට එක් වෑන්ජනයයි බතයි දානෙට. හැබැයි අමාරුවෙන් ඉගනගෙන දුප්පත් මිනිස්සුන්ගේ යහපතම සඳහා කැපවෙන ඒ හාමුදුරුවරු ගැන කිසිකෙනෙක් කතාවක් නැහැ. අධාරත් නැහැ.

      Delete
  16. can any body explain these photos.
    http://www.photo.gossiplankanews.com/2012/07/siri-gauthama-sambuddha-raja-maligawa.html


    http://www.photo.gossiplankanews.com/2012/07/siri-gauthama-sambuddha-raja-maligawa.html


    http://www.photo.gossiplankanews.com/2012/07/siri-gauthama-sambuddha-raja-maligawa.html

    ReplyDelete
  17. නියම ලිපියක්.

    ReplyDelete
  18. බුදුන් වහන්සේ අත්හැරිය මාලිගා ... මේ උන්නාන්සේලා ගොඩ නගනවා...මේවා නෙත පිනවනවා පමණයි වගේ.

    ReplyDelete
  19. තම තම නැණ පමණින් දැන ගන්න.
    දැන තේරුම් කම අනුව ජීවිතය ගෙනියන්න.
    දන්නෝ හරි මග යති.
    නොදන්නෝ ද නොදන්නා කම නිසා ම හරි මග යනවා විය හැක.
    අනික ගාලු යන්න එක පාරක් විතරයැ තියෙන්නේ? කොය් පාරේ ගියාම මොකද යන්නේ ගාලු නං?

    ReplyDelete
  20. way to get " short & sweet Nivan "

    ReplyDelete
  21. කතාව නම් ඇත්ත. . . .

    ReplyDelete
  22. ජයා සමීJuly 20, 2012 at 7:07 PM

    මේ අයට හොද අර නුවර යුගයෙන් පස්සෙ අපිට ලැබුණ මූණ මහත දකුණු ඉන්දිය ආභාෂය ඇති පිළිමනෙ!!!

    මේ සියල්ල හදල තියෙන්නෙ රහතුන්ගේ සමයේ පිළිම නෙලූ
    කණ්ෂ්ක රජුගේ කාලයේ සම්ප්‍රදායත් අනුරපුර යුගයේ සම්ප්‍රදායත්
    අනුය බව උන්වහන්සේලා කියා තිබුණා. එමෙන් ම අපි ද එය තේරුම් ගත්තා.

    ඉතිහාසයේ බලන්න. අනුරාධපුර සමාධි බුද්ධප්‍රතිමාව
    රන් ආලේප කොට තිබුණා. සිව්රේ රැළි නැහැ. කෘෂ බව තිබුණා.
    කෙසග සිරුරක් ඇති බව බුදු රදුන්ගේ ශරිර ලක්ෂණයක්නෙ.
    අනික දීගංගුලි ද පුරුෂ ලක්ෂණයක්. අභිනීල නෙත් පුරුෂ ලක්ෂණයක්.
    රන්වන් සම පුරුෂ ලක්ෂණයක්. මේ කිසිවක් නොදන්නා
    අදබල් මිනිසුන් හා කුමන සංවාද ද!!!

    අනුමෝදන් වීමෙන් රැස්වෙන අල්පමාත්‍ර පිනක් වත් ලැබේද
    විවේචනයෙන්???!!!!

    ReplyDelete
  23. ජයා සමීJuly 20, 2012 at 7:22 PM

    දන්න දේට වඩා නොදන්න දේ වැඩියි!
    ඔබතුමා මෙම ලිපියේ මෙසේ කියා තිබෙනවා
    “ඒත් මේ මරඟනන් පිරිසක් මල් අරං නටල ගිහිං නැටුමෙන්ම බුදුන් පුදන්න යනවා කියන්නෙ මටනම් අලුත් දෙයක්.. සාමාන්‍යන් පංසල්වල නටනවා අපි පෙරහැරවල් වලට.. ඒත් ඒකෙදි පංසල ඇතුලෙ නටන්නෙ නැහැනෙ... කොටින්ම දේවාල පෙරහැරක උනත් ඒ වගේ යම් යම් සීමාවන් තියෙනවා.. “

    ඔබ නොදන්නවා වුවත්
    මෙන්න ඇත්ත

    උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරයෙන් පැවැත්විණි.
    යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරිය සුනන්දා කුරුප්පු මහත්මිය මොවුන් පුහුණු කළාය.
    2012 ජූලි මස 19 16:10:19 | . , සුන්ල් ආනන්ද (ලංකාදීප එසැණ)
    http://www.lankadeepa.lk/index.php/articles/54307

    ඔන්න ගමේ පංසල!!!

    බණින්න ඕනවට කිව්ව මිස හොයල බලල කතා කලා නෙවෙයි නේද?????!!!!!

    ReplyDelete
  24. සිංහල බෞද්ධයෝJuly 29, 2012 at 2:49 PM

    මෙතන කමෙන්ට් කරපු බහුතරයක් ගෙන මම ලජ්ජා වෙමි.මින් කියෙන් කි දෙනෙක් සිංහල බෞද්ධයෝ ද නොදනිමි...පන්සල් කඩනවෝ පල්ලි හදනවෝ යි බෙරිහන් දීමටත් පන්සල් වැහෙන ,වල් වැඩෙන රටක ඉඩ හිට හෝ ගොඩ නැගෙන මෙවන් පන්සලක,පිළිමයක ඇද කුද පෙන්වීමට tharam උගත් වියත් මෙම පිරිස රට, දෙය,සමය වෙනුවෙන් කර ඇත්තේ මොනවද?...දෙයක් කිරීමට නොහැකි නම්,නොදන්නවානම් නිශ්ශබ්ධව සිටීම යහපත්ය.

    ReplyDelete
  25. modama moda ABILIN kenek liyapu lipiyak.

    ReplyDelete
  26. modama moda ABILIN kenek liyapu lipiyak.

    ReplyDelete
  27. මේක ලියපු අවාසනාවන්තයාත්, ඒකට එකඟ වී මෙය අනුමෝදන් වූ අවාසනාවන්ත පිරිසත් ප්‍රේත වත්තු විමාන වත්තු, තේර තේරී අපදාන, ඛුද්දක නිකාය කියවිය යුතුය. අඩුම තරමේ රේරුකානේ චන්දිවිමල හිමියන්ගේ පුන්යෝපදේශය පොත කියවිය යුතුය.

    මෙතැන බොරුවට බෞද්ධ වෙන්න හදන අවාසනාවන්ත බෞද්ධ නාමධාරී පිරිස පින් දන්නේද නැත බුදු ගුණ දන්නේද නැත. පලමු වන බුදු ගුණය තමයි "අරහං" ගුණය. එහි එක් තේරුමක් තමයි සියළු පූජාවන්ට සුදුසු වීම. භාග්‍යවතුන් වහන්සේ සියළුම යහපත් වූ පූජාවන්ට සුදුසු වන සේක, සියළු දිව්‍යමය වූ, රාජකීයමය වූ පූජාවන්ට සුදුසු වන සේක, සියළුම ආමිස, ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක.

    මේ පූජාව රාජකීය පූජාවක්. එය සතුටින් අනුමෝදන් වූ පිරිසට ඉතා දුර්ලභ වූ පිනකුත්, එයට ගැරහූ පිරිසට ඉතා දුර්ලභ වූ පාපයකුත් රැස් වී හමාරය. ගැරහූ පිරිස ඉතා හීන දීන තැන් වල උපත ලබා කිසිඅ තේජසක් නැතිව පහත් ජීවිතද සතර අපායද උරුම කරගනු ඇත. පින අනුමෝදන් වූ පිරිසට මේ පිනම බොහෝ කලක් සුගති ලෝකවල් ඉපදී රාජ රාජ මහාමත්‍යයන් වීමට ඒ පින උපකාර වනු ඇත.

    පින ගැන දන්නා සත්පුරුශ ජනයා මේ පින සතුටින් අනුමෝදන් වෙත්වා. අනිත් අය ගැන අනුකම්පාව උපදවාගනිත්වා. අසත්පුරුශ කම නිසාම යහපත් පෙනෙන්නේ නැහැ. ඇදය, වැරැද්ද පමනක් පෙනෙනු ඇත. දුගතියේ යන්නේ ඒ උදවියයි. පව්

    ReplyDelete
  28. mewa viwechanaya karanne.kuhakakamen oluwa purawagatta boru bawuddayo.budunge pilime hadaya hoyana oya upasakayo pansil pada pahawath rakinawada?????????????

    ReplyDelete
  29. ඔයාල ද්වේශය වැඩිකරගෙන ඇපයේ යන්න එපා

    ReplyDelete
  30. ඔයාල ද්වේශය වැඩිකරගෙන ඇපයේ යන්න එපා

    ReplyDelete
  31. සමහරක් මිනිස්සුන්ට පිනක් කරගන්නත් බෑ.අනුන් කරන පිනක් දිහා බලල හිත පහදවගෙන ඒක අනුමෝදන් වෙන්න්ත් බෑ. ඒකෙත් ඇදමයි හොයන්නෙ. උඩ කමෙන්ට් දෙක තුනක මේ පෝස්ට් එකට හොද උත්තර දීල තිබ්බා. Hats off for them !

    ReplyDelete