Friday, August 3, 2012

විමුක්ති කාමිනිය 01


ඇත්තටම කාපු චොකලට් මතක් වෙනකොට ඕක්කාරෙට එන්නත් වගේ. හම්මේ එහෙ තියෙන සීතල...හරිම කියුට්..ඩෙනිමක් අඳින්න පුුලුවනි මාසයක් උනත්...

අපි කන්දක් නැග්ගා ඒකෙ නම මතක නෑ. ඒත් ඒක උසා...යි අප්පා...අපේ ඇඩම්ස් පීක් ( සිරීපාදෙ) වගේ දෙකක් විතර. ඒකෙ උඩ තියෙන්නෙ අයිස්. සපත්තු වල අයිස් පිරිලා. අයින් කරන්න වෙනම වෙලාවක් ගියා. අපි යනකොට ආච්චි කෙනෙක් කන්ද අමාරුවෙන් නගින්න යනවා. මං අත දුන්නා ආච්චියට නගින්න. ආච්චි අත ගසල දැම්මා. දාල මොකද්ද මේ කෝලම කියලා මට බැන්නා.

ආ කලිං කියන්න මතක නැති උනානෙ මං ස්විට්සරලන්තෙ ගියා පොඩි සමුළුවකට..ලෝක බ්ලොග් කරුවන්ගේ සමුළුවෙ ලාංකික බ්ලොග් කරුවන්ගේ සංගමයේ අයටත් පොඩි අවස්තාවක් ඇවිත් එහෙ යන්න ලැබුනා. අපේ ලොකු තැන් කීපෙකටම වැඩ තිබුන නිසාත් මගේ තියෙන විචක්ෂණ දැනුම නිසාත් ඉංගිරිසි බැරි නිසාත් මාවම තෝරා ගත්තා.
මෙතනදි ඉංගිරිසි බැරි කම ඇත්තටම ඉස්කිල් එකක් විදියට සැලකුවා මොකද ලාංකික බ්ලොග් සිංහලෙන් ලියන්න කියලා කියන ගමං ඉංගිරිසි කතාකලොත් එතන ෆේටල් එරර් එකක් එනවානේ...ඒ නිසා...

ඉතිං සමුලුව තිබුනා අක්කිලා ගොඩක් හමුඋනා..සෝ සුවිට් අනේ. එයාල හරීම කියුට්... ඕ වට්ස්ද පකින් ගයී....කියලා මාව පිළිගත්තා. සමහරුන්ට පැනල අත දෙන්න ගිහිං බ්ලඩි ඉඩියට් කියල ගව්රව නාම ගන්නත් මට පුලුවං උනා...


ඉතිං මේ සමුළුව අතරවාරයේ මට යාලුවෙක් හමු උනා. කොතන ගියත් ඉතිං අපි ලාංකිය ගතිය තියල පැනි ටික පෙරල ඉන්න එපායැ..ඒ නිසා ඉතිං හමු උන යාලුව ගෑනු ලමයෙක් තමයි. ඉතිං එයා අමාරුවෙං ජරමන් බාසාව දන්නවා. මාත් ඉතිං දන්න ටිකෙන් එයාගෙන් ඇහුවා අපේ බ්ලොගරියන්ගේ ජනප්‍රියම මාතෘකාව වන කාන්තා විමුක්ටිය පිළිබඳව..ඇත්තටම එයා මට මහාර්ඝ පොතක් ගෙනත් දුන්නා. එයා කිව්වා එයා දකින හොඳම විමුක්ති කාමිනිය මේ පොතේ ඉන්න කෙනා කියලා...

පොත කියවන්න තරං මට ජරමන් දැනුමක් ගන්න පුලුවං උනා මොකද එහේ බෝඩ් ලෑලි ඔක්කොම තියෙන්ෙ ජරමන් වලිං..ස්විට්සරලන්තෙ බෝඩ් තියෙන්නෙ ජරමන් බාසාෙවන්...ඉතිං අමාරුවෙන් ස්විට්සර්ලන්තෙ ප්යාසිර් කියන සර්ගෙ පැය හැත්ත දෙකේ ජරමන් කෝස් එක කරල මට ජරමන් පුලුවං උනා..එක රැයෙන් නෙමෙයි රැයවල් තුනක් විතර පොර මට ජරමන් කලා...රැට රෑට ජරමන් ඉගෙනගත්ත ක්‍රමේ ගැන මගේ ලංකාවෙ යාලුවන්ට ස්කයිප් එකෙන් කිව්වම උන් කිව්වෙ. උඹ ප්යාසිර් සර්ගෙන් ජරමන් ඉගෙන ගන්න වෙන පෝට් එකක්(පිටුපස යූ ඇස් බී පෝට් එක වැනි යමක්) පාවිච්චි කරාද මන්දා කියලා..ඒව වැඩක් නෑ කෝම හරි මට ජරමන් පුලුවං උනා..

ඉතිං ඒ පොතේ තිබුන කතාව බොහොම හොඳ ආදර්ශමත් එකක්. ඒකෙ තියෙන්නෙ මරු කතාවක්..ඔන්න එකමත් එක කාලෙක එකමත් එක රටක ඉන්නවා කාන්තා හමුදාවක්. මේ කාන්තා හමුදාවෙ අයට අවුරුදු විසිඅට දක්වා කසාද බඳින්න දෙන්නේ නෑ. එකපාර ඒ රටට කඩා පාත් වෙනවා සතුරු හමුදාවක්. සාමාන්‍යන් කාන්තා හමුදාවන් දාන්නෙ යුද්දයට නෙමෙයි.. සෙබලුන්ට උපස්ථාන කරන්න අනං මනං වලට. ඒත් ඒ රටේ ඉන්න පිරිමි හරි කුහකයි. කාන්තා සෙබලියන් ඉදිරිපෙලට දැන්මෙ නෑ. මොකද එයාලගෙ පරණ පොත්වල තියෙනවා කාන්තාවන් දෙවන පෙලට තිබිය යුතුයි කියලා. ඉතිං අර ඈත නගරයක සිටිය හමුදාවලට ආරංචි වෙනවා ඊට කිලෝමීටර පන්සියක් විතර ඈත නගරයට සතුරු හමුදා පැමිණිලා කියලා. එතකොට ඒ නගරයේ ආරක්ෂාවට අර කාන්තා බලකාය තියලා පිරිමි හමුදාව සියලු දෙනාම පිටත් වෙනවා සතුරන් නැත ිකරන්න.
මා තැනු මා රට
මගේ උතුම් රට කියලා කස්ටිය ඉතිං පිටත් උනා..

අර අවුරුදු විසි අටකට අඩු ගෑනු අය ඉන්න ගෑනු හමුදාව නාකියි, ළමයි, අම්මලයි, ගෑනුයි විතරක් ඉතිරි නගරය බලාගන්නවා. ඉතිං සතුරු සේනා අර නගරයට එන්න තමය ිකලිං හිටියෙ නමුත් සතුරු සේනාවට පොඩි වයර් සෝට් එකක් වෙලා පාර මාරුවෙලා අර කාන්තාවන් ඉන්න නගරයට කලිංම එනවා.,ඒ අසුබ ආරංචිය අරං කෙනෙක් එනවා අර කාන්තා සේනාවේ සේනාධිනායිකාව වෙන ආමිලා වෙතට. ආමිලා ඇවිල්ලා බොහොම නිර්භීත සයිස් 42 පපුවකින් යුතු කාන්තාවක්. ඉතිං උන්ඩයක් ඇගේ පපුවට යන්නෙ ගොඩක් වෙලා යයි කියල තමයි කාන්තා සෙබල මුලුවල ගැටිස්සියො කතා වෙලා තිබුනෙ...

මේ හමුදාව එන ආරන්චිය ආමිලාගෙ කනට යනවා. ආමිලා ඈත පේන උස ගහකට නගිනවා. ඒ ගහ අපේ නෙලුං කුලුන ටවර් එකටත් වඩා උස එකක්. නැගල බලනකොට හැම හමුදාකාරයා ගාවම බොහොම දියුණු බලගතු ආයුධ තියෙන බවක් පේනවා. තමුං කාන්තාවන් වීමේ පාපයෙන් ආරක්ෂාවට දීල තිබුන බයිනෙත්තු ටී පනස් හය වගේ ඒවත් එක්ක හැරෙන්නවත් බෑ කියලා ආමිලාට වැටෙහෙනවා. මේ අවස්ථාවේ වගකීම තමන්ගේ අතේ කියලා අාමිලාට වැටෙහෙනවා..අනික මුලු නගරයක සිටින ශක්තිමත් තරුන පිරිමින් හැර සියලුම දෙනා දැන් ආමිලාගේ අණසකට යටත් වෙලා තමයි ඉන්නෙ...

දැං කාලෙ වගේ ඒ කාලෙ යුද්දෙට යන්නෙ ඈත දුප්පත් ගම්වල කොල්ලො විතරක් නොවෙයි. උං ගිහිල්ල මැරිල මොක්ක හරි ජයක් ගත්තට පස්සෙ මේ ජයග්‍රහනය සමරන්න මේක ලයික් කොර සෙයා කරන්න කියලා කොම්පියුටරේ ඉස්සරහ කාඩ්බෝඩ් වීරයො හිටියෙත් නෑ. ඉන්නවනං එකෙක් කරදඩු උස්මහත් වෙලා අතපය හත්තිය තියෙන.ඌ අනිවාර්යෙං යුද්දෙටම තමයි. ආයෙ අරයා කිව්වා මෙයා කිව්වා කියලා ඉන්න බෑ. රජාගෙ පුතා පවා යුද්දෙ..

ඉතිං ආමිලාට තේරුණා මේ වෙලාවෙ වෙන්න යන නස්පැත්තිය. අනික තමුංගෙ මෝඩ පිරිමින් මේ සතුරන් සමඟ සටන් කරන්නට තීරණය කලාට තමුංගේ පුංචි රට එතරම් ශක්තිමත් නොවන බවත් පුරාණ පුස්කොල පොත් කියවල තිබුන ආමිලාගේ කාන්තා බුද්ධියට වැටහෙවනවා...තමුන්ගේ සතුරන් වන ගොන්ඩුවාලන්තය තමුන්ට වඩා බොහොම සවිමත් රටක්. තමුන්ෙග් පිරිමි සංහතිය නගරය හැරදාල සතුරන් මෙහි එන්ට තනන ගේට්ටු ළගට ගොස් මෙල්ල කරන්නට ගියාට ඔවුන් ගත්තේ මෝඩ තීරණයක් බව ආමිලාට තේරුණා. මේ අය එනවිදියෙන් කඳවුරට එන්න තව පැය තුන හතරක් යයි කියලත් ආමිලාට තේරුණා.

ආමිලා ඒක මේ සියලු දේ වෙන්න කලිං ප්‍රධාන සේනාධිනායක තුමාට කිව්වා. ඒත් එතුමා කිව්වා. අවුරුදු තුන්දාස් එකසිය විසිපහයි දසම තුනක කාලයක් තිස්සෙ රැකගත් අපේ දේශය සතුරන්ට පාවා දෙනවාට වඩා පනපිටින් මියයෑම උතුම් කියලා. ඉතිං ඒ වගේ උද්වේගකර අවස්ථාවක කාන්තාවක් විදියට තමුන්ගේ මෙව්වා එක පෙන්නලා වැඩක් නෑ කියලා ආමිලා තේරුං අරං තිබුනා.ඒ නිසා ඇය තවත් ඒ ගැන කියන්න ගියෙ නෑ....

11 comments:

  1. අයියෝ හොඳම ටිකෙන් නවත්තලානේ :/

    ReplyDelete
    Replies
    1. ඕ සොරි අපි දෙක දැම්මා දැන් බලන්න...

      Delete
  2. ඇගේ වෛරය 2 වගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. සික් මේ කකා ඒකත් බලලා..අපි ඉස්කෝලෙ යනකාලෙ ඕකෙ පෝසටර් දිහා බලන්නෙත් හොරැහින්...

      Delete
    2. දැක නැත. නම අසා තියෙනවා පමණි!

      Delete
  3. මට පේන්නේ... අංගොඩ ගිහිං වගේ ස්විට්සර්ලන්තේ කියලා හිතාගෙන... දෙවෙනි කොටස බලන්නම වෙනවා... :D

    මරු ඈ....

    ReplyDelete
  4. මේක හීනයක් ලෙස අවසන් සුසුම් හෙලාවිද??
    ඉන්නකෝ 2 නි කොටසත් බලන්න..

    ReplyDelete
  5. ලිංකුව වැරදියි නේද මචෝ????

    ReplyDelete
  6. වෙලාවට බෙහෙත් ටික බීපං බං!

    ReplyDelete
  7. අයියෝ අමිල ගැන දුකයි අප්පා.......

    ReplyDelete