Saturday, August 18, 2012

ලිං වතුර පිරිසිදුකරගන්නා ආකාරය

මෑතකදී මට ඇහෙන්නට ලැබුනා අපේ රජයේ ඇමතිවරයෙක් ප්‍රකාශ කරනවා ලංකාවේ ජලයේ සහ ආහාර වල ඇති අහිතකර රසායන ද්‍රව්‍ය ලෝක සංවිධාන පෙන්වන තරම්ම වැඩි නෑ කියලා.. ඉතිං මම දකිනවා මේ වගේ ගොං කතා කිසිම පරීක්ෂණයකින් තොරව අමු අමුවේ දෙසාබාන අයට ලංකාවෙදි මිනිස්සු මල් මාල දාල පිලිගන්නවා. නමුත් මම නං හිතන්නෙ මේ අයට එන්න කියලා බෙර ගහලා මිනිස්සු අං තට්ටු මේ ගොං වහන්සේලාට දියවන්නාවට යන විට පැළඳගෙන යන්නට ලබාදෙනවා නම් හොඳයි..
ලංකාවේ ගොයියා මැතිතුමා දන්නේ නෑ ගොඩක් වෙලාවට තමුං කුඹුරට හේනට පාත්තියට දාන්න ඕනි කෘෂී රසායන පරිමාවන්. තමුංගෙ බෝගයේ තියෙන දෝසයට හරියන තෙල සහ ඒ තෙල් ගැසිය යුතු ආකාරය තීරණය කරන්නෙත් තෙල් කඩේ මුදලාලි මහත්තයාම තමයි. ඉතිං එලවලු මිල පලතුරු මිල වැඩි වෙන කාලෙට ලංකාෙව ගොවීන් හිතුමතේට අපේ වගා භූමි වලට කෘෂි රසායන ද්‍රව්‍ය එකතු කරනවා. වී වගාව වාෙගම අනික් වගා බොහොමයක කෘෂිරසායන සහ ශරීරයට අහිතකර රසායන ප්‍රමාණය වැඩි ඇති කියල තමයි කෘෂි රසායන තොග ගනන් වගාවලට දමනවා දැකලා තියෙන මටනම් හිතෙන්නේ. එලවලු වලට යොදන බොහොමයක් කෘෂි රසායන ද්‍රව්‍ය වල ලේබලේ ගහලා තියෙනවා රසායනික යොදා දින 14කින් පසු ආහාරයට ගන්න කියලා. නමුත් බොහෝ වෙලාවට අද කෘෂි රසායන ඉසලා හෙට පොලේ ගෙනියන්න එලවලු කඩන වෙලාවල් තියෙනවා එලවලු වගාකරුවන් අතර..

මේ කෘෂි රසායන සහ වෙනත් රසායනික නිතර දෙවේලේ වතුර වලට මුදාහැරියාට පස්සෙ අපේ භූගත ජලය දූෂණය වෙනවා. වගා බිමක් අසල හෝ වගාබිම් වලින් ගලා එන ඇල මාර්ග ආදිය අසල පිහිටි ලිංවලටත් මේ අපවිත්‍ර රසායනික සහිත ජලය එකතු වෙන්න පුලුවනි. දැං අපි මේ වීඩියෝව බලමු..

 

මේ වීඩියෝවේ කියවෙන්නේ කල්පිටිය ප්‍රදේශයේ ලිංජලය පිළිබඳව තමයි. මේකෙදි කල්පිටියෙ ලිංජලයේ අහිතකර රසායන ද්‍රව්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත ප්‍රමාණයට වඩා සයගුණයක් පමණ තිබුනාය කියලා තමයි කියන්නෙ. ඉතිං ඒ අය ඒකට විසඳුම් හොයලා ඒ ජනතාවට ඒ විසඳුම් හඳුන්වා දීලා තියෙනවා. ඒ විසඳුම තමයි ළිං අවට තරමක් ඝනට වනාන්තරයක් ඇති කිරීම..ඒ කියන්නෙ කල්පිටියේ කලපු ජලය හෝ මුහුදු ජලය හා ලිං අතර තිබුන මුඩු පරිසර මේ අය එකතුවෙලා ගහකොල වලින් පුරවලා තියෙනවා. ගස් ආදිය වවලා නිල්පාට පොඩි වනාන්තර වගේ ඇතිකරලා තියෙනවා. ඒ වනාන්තර ඇති වුනාම ඒ මුල් පද්ධති වලින් පෙරුන ජලය තමයි මේ ලිං වලට එකතු වෙන්නෙ..

ඒ වාගෙම මේ ලෝක සංවිධානය ඒ කල්පිටිය පැත්තෙ තියෙන ඉස්කෝල ස්වේච්චා සංවිධාන මේ ගැන දැනුවත් කරලා තියෙනවා. එතනින් නොනැවතී කාබනික ගොවිතැන හෙවත් කෘෂි රසායන අඩුවෙන් භාවිත කරලා කරන ගොවිතැන් වලට ජනතාව නැඹුරු කරන්නත් මේ සංවිධාන උත්සාහ කරලා තිබුනා. එතකොට තියෙන වතුර ටික පෙරිලා එනවා වගේම වතුරට එකතුවෙන අහිතකර රසායනික ප්‍රමාණයත් ඉබේම අඩු වෙනවා...

මේ වීඩියෝව බලල කස්ටිය හිතයි අයියෝ අපිට මොකටද මේක අපිට ඇල්වතුර එන්නෙ ටැප් එකෙන් නේ කියලා. ඒත් අවාසනාවන්ත තත්වය තමයි කොළඹ පැත්තට සති අටක් එක දිගට පෑව්වොත් දැඩි ජල අර්බුධයකට කොළඹ ජනතාවටත් පත් වෙන්න වෙන එක. අපේ රටේ සංවර්ධන වැඩ සහ කොටින්ම අපි පුද්ගලික ගෙයක් තනනවිට පවා ගහක් කොළක් වවාගන්න එක ගැන ඒ තරම් හිතන්නෙ නැහැ. කොළඹ නගරය ගත්තොතින් කැපුවම පව් කියලා ඉතිරි වෙච්චි බෝ ගස් මාර ගස් ඇරුනාම ගස් ටිකක් තියෙන්නෙ කුරුඳුවත්ත පැත්තෙ එක පාරක දෙකක විතරයි. වෙනත් රටවල නගර නිර්මාණයේදී ජල මූලාශ්‍ර සහ ගහකොල ගැන විශේෂයෙන් හිතනවා.

ඒත් ලංකාවෙ කැළණි ගඟේ තොටලඟ පැත්ත වගේ අපි නිකමට සලකා බැලුවොත් ගඟේ නැති ජරාවක් නැති තරම්. මේ කැළණි ගඟේම ඉහලින් තමයි මුලු කොළඹටම වතුර දෙන්න ජලය පොම්ප කරන්නේ. කොළඹ නගරය වැනි ජනාකීර්ණ පසුබිමක තියෙන කැළණි ගඟ දෙපැත්ත බැලුවොත් නං සංසාරෙ එපාවෙනවා. මොකද කිසිම පිළිවෙලක්, පිරිසිදුකමක්, හෝ අඩුතරමෙ ගං ඉවුරක්වත් බොහෝ තැන්වල නැති නිසා..

ග්‍රාමිය පැතිවල ජනතාව උනත් වතුර දාන්න ලේසි නිසා බෝග ආදිය ළිඳ කිට්ටුවෙන්ම හිටවගෙන ඉන් පස්සෙ ඒවාට නානප්‍රකාර තෙල් බේත් ඉසිනවා. ඉතිං ඒ තෙල් බේත් ඒජන්ත මහත්තුරු එක එක (අම්මගෙ) රාලලා විදියට ටිවී එකෙත් ලාස්සනට පෙන්නනවා. ලූල්ලු නැතිවලට ගප්පිත් පන්ඩිත වෙනවා වගේ කලාවක් නැති රටට මේ කොහේද යන දුග්ගන්නා රාලලා කලා කාරයෝ වෙලා තියෙනවා. ඒ තැනින් නොනැවතී සමාගම් වලට අමුඩෙ ඇඳං කඩේ යනවා. කොටින්ම ගම් වල සමහර උන්දැලාට දැන් තෙල් බේත් රට පෝර නැතුව වවනවා කියන්නෙ නිකං විහිලු සපයන වැඩක් බවට පත්වෙලා ඉවරයි..

කෙසේ වෙතත් මේවා ගැන නිකං බ්ලොග් පෝස්ට් පිරෙව්වාට කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ..ඔබ ජීවත් වෙන්නෙ ගම් බද පැත්තකනං වතුරු ටික බොන්න ගන්නෙ ලිඳකින් නම්..ඒ ලිඳ අවට ටිකක් රූස්ස ගස් ආදිය වවාගත්තාට නරකක් වෙන්නෙ නෑ.. ඒ වාගෙම ලේසියට කියලා ලිඳ ලඟ බෝග ජාති අනම් මනම් හිටෝගත්තාට කමක් නෑ ඒවාට තෙල් පෝර ගහනකොට ගොඩක් පරිස්සම් වෙන්න.. සමහර විට ඔබ මේ ඉක්මන් පලදාවට ඉසින නොයෙකුත් රසායන ඔබට බලපෑවෙ නැතුවාට කාලයක් තිස්සෙ වතුරේ තිබිලා ඔබේ අනාගත දුවගේ පුතාගේ ජීවිතවලට උනත් බලපාන්න පුලුවනි..

16 comments:

  1. නාථ දෙයියා මේ ගැන මොනාද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අඩොව්.. උඹ ගේමද ඉල්ලන්නේ?

      Delete
  2. අන්තිම ටික තමයි මලේ හිතට වැදුනේ.අපි මේ ගැන පොත් ගණන් ලිව්වත් පැය ගණන් කතා කොලත් වැඩක් වෙන්නෙ නෑ.ඒක නිසා තම තමන්ට පුළු පුළුවන් විදිහට පර්චස් හයේ හරි පුංචි ගහක් කොලක් හිටෝ ගත්තනම් ඒකත් වටිනව.ලෝකෙ ඕගනික් එළවලු පලතුරු වලට තියෙන ඉල්ලුම සහ ඒවයි මිල ගණන් දැක්කම අපිට මෙච්චර තිබිලත් මෙහෙම ඉන්න වෙලා තියෙන එක ගැන දුකයි.අර කිවවහේ කෘෂි රසායන කාරයෝ ටික කෘෂි කරුමාන්තේ හෙට දවස තීරණය කොරන රටක ...!

    අඩේ..ගමුකො සිඟිති ආතල් එකක්.මං එක!

    ReplyDelete
    Replies
    1. කොහෙද මේ කතාන්දරය පනිනවනේ මුග්ධ කොමෙන්ටුත් එක්ක!

      Delete
    2. ඕක අවුලක් කරගන්න එපා කතන්දර දැන් බ්ලොග් එක මාකට් කරන්නේ ඔය විදියට තමා. තැනකට ගිහින් මැන්ටල් කතාවක් කිව්වම ඔය වයසක මනුස්සයට බනින්න කට්ටිය යනවනේ ඒ පැත්තට. ඒක ඔය හීනි කපටි කමක්. ඕවා ගණන් නොගෙන ඉම්මු.

      Delete
  3. මම කතන්දරගේ බ්ලොග් එක රීඩර් එකෙන් ඉවත් කරලා හුගක් කල්. වික්ටර් අයියත් ස ප්‍රසංගයේ අවසානෙ සමුගත්තනේ ඔච්චර හොදට වැඩේ කරන්න පුලුවන්වෙලත්. ඒත් මේ කතන්දර වගේ මෙලෝ රහක් නැති බ්ලොග් ලියන්නෝ තමන්ට වෙන ගායනා බැරිවෙලත් වදුරුනැටුම් පෙන්න එකනේ ශෝචනීය.

    ReplyDelete
  4. මේ පෝස්ට් එකේ කතාවට නම් සම්පූර්ණයෙන්ම එකග වෙන්න පුළුවන්.මාත් ඔය සම්බන්ධයෙන් දකින්නේ ඔන්න ඔය විදිහටම තමයි.

    ReplyDelete
  5. මුනිවත රකිමි.... බයේ නෙමේ... තව විස්තර ටිකක් දැන් ගැන කතාකරන්න ඕනේ නිසා...

    ReplyDelete
  6. ඔබ හා 100% එකඟ වෙමි. ඇත්තට ම වටිනා සටහනක්. හැබැයි ඊටත් වඩා වටිනවා කියවන අපි මේ දේවල් යන්තමින් හරි ක්‍රියාත්මක කළොත්...

    ReplyDelete
  7. මම දකින විදියට ප්‍රශ්නෙ මේකයි.
    පලිබෝධ වලට ඔරොත්තු දෙන ඒ වගේම අපේ රටට ගැලපෙන භෝග වර්ග කාලයත් එක්ක දියුණු උනේ නෑ. ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්. අපි පොඩිකාලෙ තිබුන වී වර්ග 1ක් වත් දැන් නෑ. ධාන්‍ය වර්ග ගත්තත් එළවළු ගත්තත් තත්වය ඕකයි. සියල්ල මැලේසියන් බීජ. රසායනික ද්‍රව්‍ය අධිකව යෙදීමෙන් මිසක් හොඳ ඵලදාවක් ගන්න බෑ කියල ගොවිතැන් කරන උදවිය නම් දන්නව. මෙතනදි වෙළෙන්දට දොස් කියල නං වැඩක් නෑ. එයා මේ රසායන බලෙන් දෙන්නෙ නෑ.

    ගොවිතැනට තාක්ෂණය "හරියට" එනකල් වතුරට රසායනික ද්‍රව්‍ය එකතුවීම වලක්වන්න බෑ. අන්තිමට කිව්ව දේ නම් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගම්වල තියන ලිං ලඟ ගස් තියනව. පොල් ගස්වල මුල්, ඇතුලෙන් තියන ලිංවල වතුර ඉතා පිරිසිදුයි කියලත් මතයක් තියනව.

    ReplyDelete
  8. සහතික ඇත්ත සහෝදරයා! අපි කවදා මේ තිත්ත ඇත්ත පිළිගනීද මන්දා? රාජ් ගේ අදහසත් උඩින්ම එකඟයි.

    ReplyDelete
  9. //මේ කැළණි ගඟේම ඉහලින් තමයි මුලු කොළඹටම වතුර දෙන්න ජලය පොම්ප කරන්නේ.//

    මේක 100% භාවිත වෙනව නම් හොදයි. හෙට අනිද්දා අපේ පැත්තේ විවෘත කරනවා නවතම ජල පිරිපහදු ස්ථානයක්. කැළණී ගගට ආසන්නව. හැබැයි ඊට උඩින් කඩුවෙල පැත්තට වෙන්න විශාල කර්මාන්තශාලා ප්‍රමානයක් අපද්‍රව්‍ය එකතු කරනවා ඒ ජලයට. :(

    ලගදීම අඩ බෙර ගහලා විවෘත කරයි.

    හොද පෝස්ටුවක් බං !

    ReplyDelete
  10. කැලණි ගග ගැනනං කතා කරන්න එපා...
    අයියෝ සංසාරේ.......

    ReplyDelete
  11. උඹේ මොලේ පස්සෙද තියෙන්නේ සෑමෝ.

    ReplyDelete
    Replies
    1. අය්යෝ ඕක අහන්නත් දෙයක්ද...කොල්ල පහුගිය මාසෙක විතර බ්ලොග්වල දාල තියෙන කමෙන්ටු ටික බලපන්.ඒ ඇති.උදා : අද වෙනියගේ බ්ලොගේ කමෙන්ටුව.

      Delete
  12. http://groundviews.org/2012/08/19/science-and-politics-of-mass-kidney-failure-in-sri-lanka/

    ReplyDelete