Wednesday, August 8, 2012

උතුරු කොරියාව සහ අපි

උතුරු කොරියාව කියන්නේ අර්ධද්වීපයක්. පිහිටලා තියෙන්නෙ ඉහලින් ජපානයත් පහලින් දකුණු කොරියාවත් පසෙකින් රුසියාවත් චීනයත් අතර බිමක. මේ භූමිය අමරිකාවටත් බොහොම සමීපයි..
අපි පුංචි කාලෙ පාවිච්චි කරන්නෙ මේ වාගේ සිතියමක්..මං මේ ළඟක් වෙනකල් උතුරු කොරියාව අමරිකාවට ගහනවා කිව්වම හිතං හිටියෙ ඒ ගහන මිසයිල් අපේ රට උඩිනුත් යන්න පුලුවන් කියලා. ඒත් පස්සෙ තමයි තේරුනේ ලෝකෙ බෝලාකාරයි කියන කතාව. ඒ අනුව මේ දකුණු පස කෙළවරේ තියෙන පැසිපික් සාගරයයි.වම් පස තියෙන පැසිපික් සාගරයයි සෙට් වෙනවා එකට ලෝකෙ බෝල උනාට පස්සෙ. එතකොට එකම පැසිපික් සාගරය ආශ්‍රිත රටවල් තමයි කොරියාව ජපානෙ සහ අමරිකාවෙ නැගෙනහිර කොටස..

 ඔතන කහපාටට ඉන්දියාවට එහාපැත්තෙ තියෙන චීනෙ රතුපාට සුට්ටි කෑල්ලක් ඇටෑච් වෙලා තියෙන්නෙ ආන්න ඒක තමයි කොරියාව කියන්නෙ. ඉතිං එතනින් එහා තියෙන්නෙ ජපානෙ ඊට පස්සෙ තියෙන්නෙ පැසිපික් සාගරය..පැසිපික් සාගරේ හෝල්ට් දෙක තුනක් ගියාට පස්සෙ තියෙන්නෙ අමරිකාව...මට හරි පුදුම හිතුනා ඉස්සර ජපන්නු අමරිකාවට බෝම්බ දැම්මා කිව්වම.. මං හිතං හිටියෙ ජපන්නු ලංකාවට බෝම්බ දාන්න ඇත්තෙ අමරිකාවට යන ගමං මග එකක් දෙකක් ආතල් එකට දාල යන්න ඕනි කියල හිතුන වෙලාවක කියලා. ඒත් පස්සෙ වෙන සිතියමක් බැලුවම තමයි තේරුනේ අමරිකාවෙ පර්ල් හාබර් එක තියෙන්නෙ ජපානෙ තියෙන පැත්තෙමයි. එතන ඉඳන් ඇමරිකාවට යන්න ලේසියි..

අද උනත් අපිට චීනෙට අමරිකාවට ලංකාවෙන් ප්ලේන් එකේ ගියත් දවසක් දෙකක් යනවා. මං හිතන්නෙ චීන්නු ජපන්නු අමරිකාවට යන්නෙ ඔය කියන අපේ සිතියමේ දෙපැත්තෙන් වෙන්න ඇති..


View Larger Map
 මේ තියෙන්නෙ උතුරු කොරියාවෙ පිහිටීම සිතාගන්න පුලුවං රූපරාමුවක්. තව දුරටත් ඕක තියෙන තැන බලාගන්න පුලුවං ගූගල් මැප් එකට ගියාම. 

උතුරු කොරියාව රතුපාට ඇයි.
සමාජවාදී කියන ජාතියට අයිති රටවල් සාමාන්‍යයෙන් රතුපාට තමයි එයාල කැමති පාට. ඉතිං උතුරු කොරියාවත් ඒකාධිපති සහ සමාජවාදී ලක්ෂණ වලින් පිරුණ එකක්. ඒ නිසා එයාල රතුපාට මූලික කරගෙන වැඩ කරනවා. තව දෙයක් තමයි දකුනු කොරියාව සහ ජපානය මේ සිතියමේ වෙනමම තිබුනට උතුරු කොරියාවට තමුන්ගේ ළඟ නෑයින් ඉන්නවා. කෙලින්ම ගොඩබිමින් සම්බන්ධ වෙච්චි චීනය සහ රුසියාව ඔවුන්ගේ දේශපාලනයට බලපෑම් කරනවා. ඒත් ඊට විරුද්ධ පැත්තේ පිහිටා ඇති ජපානය සහ දකුණු කොරියාව තනිකරම ධනවාදී අර්ථ ක්‍රමය සහිත වටපිටාවක් තියෙන භූමියක්. ඉතිං සාමාන්‍යයෙන් මෙවැනි රටක් ඒ කියන්නෙ මේ වගේ අවධානම් තැනක මෙවැනි ස්වාධීන බවකින් යුතු මේ තරම් අමරිකාවට මුරන්ඩු රටක් තිබෙන්න අමාරුයි. ඒත් ඔය තියෙන්නෙ අවුරුදු හැට ගානක් තිස්සෙ යස අගේට රතු පාටට දිලිසි දිලිසි..

දකුණ සහ උතුර.. .
දකුණු කොරියාවෙ ජනගහනය මිලියන පනහක් වන අතර උතුරු කොරියාවෙ ජනගහනය මිලියන විසිහතරක් වගේ අගයක් ගන්නවා. ඒ වගේම සාරවත් භූමිය අතින් ගත්තොත් වැඩි වාසි තියෙන්නෙ දකුණු කොරියානුවන්ට තමයි. ලෝකෙ අන්තර්ජාල වේගයෙන් වැඩිම රටක් විදියට දකුණු කොරියාව දැක්වෙන කොට උතුරු කොරියාව අද වෙනකොට ජංගම දුරකථනයක් ඇහැට දැක නැති බහුතර ජනතාවකින් යුතු වෙනවා. උතුර දකුණ කියන්නෙ අහසට පොළව වගේ තත්වයක් තමයි කොරියාවෙ තියෙන්නෙ. දකුණු කොරියාව ධනවාදයේ ඇති සුපිරිම වරප්‍රසාද භුක්ති විඳින විට උතුරු කොරියාව කටුක සමාජවාදී මතිමතාන්තර වල කාලාන්තරයක් තිස්සේ එල්බගෙන සිටිනවා.

අමරිකානු සහ යුරෝපීය කොණ වලින් මනිනු ලබන දර්ශක බොහොමයක උතුරු කොරියානු මානව හිමිකම් දර්ශක තියෙන්නෙ බොහෝ පහලින්. ලෝකයේ බෝහෝ සම්මුතින් වලට කොටින්ම ලෝක කම්කරු සංවිධානයේ සම්මුතින් වලට පවා උතුරු කොරියාව ඇතුලත් වෙලා නැහැ. දුම්රිය මාර්ග වල ගමන්ගත් අය..සැටලයිට් තාක්ෂණයෙන් ගත් ඡායාරූපාදියෙන් උතුරු කොරියාව විග්‍රහ කරනවා විනා කිසිවෙක්ට උතුරු කොරියාව තරණය කරන්නට අවකාශ නැහැ. සංචාරකයින්ට පවා සීමිත කොටස් ටිකක් පමණයි උතුරු කොරියාවෙ දැක බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ..

එක්තරා කාලයක ඉංජිනේරු සිසුවෙකු වශයෙන් හැදෑරීම් කල මා හට උතුරු කොරියාවේ තාක්ෂණය සම්බන්ධයෙන් ඇත්තේ විශාල ගැටලුවක්. චීනයේ බලපෑම දැඩිව ඇති කියලයි මට හිතෙන්නෙ. අපි ඉංජිනේරු සිසුන් විදියට ඉගනගත් කාලෙ අපිට විශාල පිටුවහලක් උනේ ඉංගිරිසි පොතපත සහ අන්තර්ජාලය. නමුත් අපිට ආසන්න වශයෙන් සමාන ජනගහනයක් ඇති උතුරු කොරියාවේ අන්තර්ජාල පහසුව නැතිම තරම්. ඔවුන්ගේ පොතපත පවා මා සිතන්නේ එතරම් සුලභ නෑ. ඒත් ඔවුන් කාර්මික අතින් යම්තාක් දියුණුවක් ලබා තිබෙනවා. මේ ළඟදි ගිය දැන්වීමකින් කියවුනේ උතුරු කොරියානු පාසැල් ලමුන්ට ලැප්ටොප් පරිඝනක දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නට ඒ රජය සූදානම් වෙලා ඇති බවකුයි..

 අමරිකානු විරෝධාකල්ප..
 North Korea's Key to Olympic Medals: Refrigerators For Winners, Labor Camp Threat for Losers
මෙවර ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලියේදී උතුරු කොරියාව රන් පදක්කම් හතරක් දිනා ගත්තා. එයින් පසුව අමරිකානු මාධ්‍ය වාර්ථා මෙවන් පුවතක් පළ කර තිබුනා. ඒ වගේම අමරිකානු ප්‍රකට මාධ්‍ය බොහොමයක් කිසිදු පදනමක් හෝ කිසිදු සෙවීමක් නොමැතිව මේ ප්‍රවෘත්තිය හතර අතේ බෙදාහරිනු ලැබුවා. මෙයින් කියවෙන්නේ උතුරු කොරියාව ජයග්‍රාහකයින්ට ශීතකරණ රූපවාහිනි ආදි සුකුමාර බඩු ලැබෙන බවත් පරාජිතයින්ට කම්කරුවන් ලෙස වැඩකිරීමට සිදුවන බවත්ය..
අපි හිතමු වෙනත් රටක ක්‍රීඩකයෙක් කියලා. ඔවුන්ටත් මේ සරණම නේද? ඔවුන් විසින් ජයග්‍රහනය නොකලොත් ඔවුන්ට ජීවත් වීමට රැකියාවක් කල යුතු වෙනවා. ජයග්‍රහනය කලොත් ඔවුන්ට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒත් අමරිකානු, බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් චීනය, රුසියාව, උතුරු කොරියාව පදක්කම් ගන්නා විට හැම වෙලාවෙම ඒවා හෑල්ලු කර පහලට හෙලා පුවත් පළකිරීම් සිදු කරතිබෙනු මා මේ ඇස්ගෙඩි දෙකටම මේ අන්තර්ජාලයේ දැක්කා..
 ශරීරයේ යට අර්ධයෙන් අමරිකානු සහ බ්‍රිතාන්‍ය පුරවැසිකම ලබාගත් සමහර ලාංකිය අයත් මෙවන් විටක ඒ පැත්තටම හැරිලා අමරිකාවටම වැඩ කරනවා කියලා මට මගේ පිටරට ඉන්න යාලුවො කීප දෙනෙක් එක්ක කතා කලාම පෙනී ගියා..

ඒත් මිලියන විසිහතරක් තරම් සාමාන්‍ය ප්‍රමාණයක ජනතාවක් ඉද්දි. ඛනිජතෙල් රත්තරන් වැනි ඛනිජ ද්‍රව්‍ය සුලභව නොතිබෙද්දි..උතුරු කොරියාව අමුතුම අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබෙනවා. අපි අද ලෝකය ගැන කතා කලොත් අපේ සියලු අවශ්‍යතා වෙළඳ පොල මගින් තීරණය කරනවා. අපිට ඇපල් කිව්වම රුපියල් ලක්ෂයකටත් වැඩි මිල පෝන් එකක් මතක් උනාට උතුරු කොරියානුවන්ට ඇපල් කියන්නෙ තාම රතුපාට ගෙඩි ජාතියක් වෙන්න ඇති..

කොහොම උනත් පෘථීවිය තුල ඉඳගෙනත් බොහෝ ජනප්‍රිය රටක් වෙලත් සම්පූර්ණ දේශයම ලෝකයාගෙන් වෙන් වෙලා තියෙන උතුරු කොරියාවත් අමුතුම ආතල් එකක් ගන්නවා කියලා මට හිතෙනවා..

ලේබර් කෑම්ප්ස්
 උතුරු කොරියාවේ ලේබර් කෑම්ප්ස එහෙම නැත්නම් කාර්මික කඳවුරු තියෙනවා. ඒවායේ දේශපාලනික සිරකඳවුරු තියෙනවා. ඒවායෙ වැඩකරන මිනිස්සුන්ට දැඩි ලෙස හින්සා කරනවා කියලා අමරිකානු මාද්‍ය විසින් දිගින් දිගටම වාර්ථා කරනවා. ඉතිං ට්‍රාන්ස්ලේට් වලට දක්ෂ අපේ රටෙ මීඩියාත් මේ නිවුස් මේ විදියට පල කරනවා. රුපියල් දොලොස් දාහෙ පඩියට.. රැයක් දවාලක් නැතුව අපේ කටුනායක බියගම ආදි වෙළඳ කලාප වල ඇස් දෙක පොඩි කර කර වැඩකරන අපේ තරුණ තරුණියො වැඩ කරන්නෙ ලේබර් කෑම්ප්ස් වල නෙමෙයිද?
  කොළඹ සුපිරි කැරෝකේ ක්ලබ් වල ගෑනු පස්ස පැත්තවල් අතගගා පිරිසක් ආතල් ගනිද්දි බහුතරයක් රටේ කාටවත් නොපෙනී එදාවේල සරිකරගන්න දඟලනවා. ලංකාව ඉන්දියාව බංගලාදේශය, පකිස්තානය වැනි ජනඝනත්වය වැඩි ප්‍රජාතාන්ත්‍රික රටවල් වල බහුතරයකගේ ජීවන තත්වය දුර්වලයි. මානව හිමිකම් කියන්නෙ ලොක්කාගේ නීතිය.. ඒත් ලෝක මාධ්‍ය වලට ඉන්දියාවෙ දුප්පතුන්, ලංකාෙව කළාප, පකිස්ථානයේ අසාධාරන පේන්නෙ නෑ..දකින්නෙම ඉරානෙ, උතුරු කොරියාව සහ චීනෙ වැන රටවල වෙන අලකලංචි විතරයි..

23 comments:

  1. ස්තානය රට රන් රිදී ලෝකඩ එකතුව
    4 South Korea 12 5 6 23
    14 North Korea 4 0 1 5

    මාත් මේ ගැන ලිපියක් ලියන්න හිතාගෙන හිටිය. උඹ කාරණාව ගැන ලියල තියනව. උතුරු කොරියාව කියන්නෙ ඒකාධිපති රටක් උනත් ඇමරිකන්කාරය කියනව වගේ "සාගතයක්" රටතුල තියනව නම් මේ පදක්කම් ගන්න බෑ කියලයි මගේ හැඟීම.

    ප්‍රජාතන්ත්‍රවාදය කඩවීම ගැන නං වෙනම කතාකරන්න වෙනව. (ඡන්ද නං ලංකාවෙත් තියනවනේ:)
    මෙන්න මෙතන සංවාදයත් බලන්න.

    -රාජ්(රාජ්ගෙ නවාතැන)

    ReplyDelete
    Replies
    1. චැහ්, අපරාදෙ! මං ඕක දැක්කෙ නෑ නෙව? දැං පරක්කු වැඩියි:)

      Delete
  2. උතුරු කොරියාවට පැත්තකින් රුසියාව තීනවා කිවුවට පේන්න නෑනේ..
    පෝස්ට් එකනං එල!!!!!!

    ReplyDelete
    Replies
    1. අහ්හ් මිත්‍රය උඹේ ඇස් වල දුර්වල තවයක් තියනව. ඉක්මනට බලවගනින්.

      Delete
    2. මොකා...... රුසියාව පේන්නේ නැත්නම් අතිශයින් බරපතල ප්‍රශ්නයක්

      Delete
  3. //සමහර ලාංකිය අයත් මෙවන් විටක ඒ පැත්තටම හැරිලා //
    මම ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි මමත් ඔබ ඉහත දැක්වූ කණ්ඩායමට අයිතියි. බටහිර මාධ්‍ය වල උපක්‍රම වලට අහු වෙලා නොවෙයි ඇත්ත ඇති හැටියෙන් දකින්න සහ සත්‍ය දැක දැකත් හේතුවක් නැතුව අල්ලාගෙන සිටින පැත්ත අතහැර ගන්න පුලුවන් වීම නිසයි.
    "යස අගේට රතු පාටට දිලිසි දිලිසි" ඇති කොරියාව තිබෙන්නේ ඔබගේ හිසතුල මිස ලෝක බෝලය තුල නොවේ. ඔබ හිතන්නේ දැන් ඔබ කියා ඇති . රැයක් දවාලක් නැතුව අපේ කටුනායක බියගම ආදි වෙළඳ කලාප වල ඇස් දෙක පොඩි කර කර වැඩකරන අපේ තරුණ තරුණියොන්ගේ ගැටලුවට විසඳුම ආපසු සමාජවාදය ක්‍රියාත්මක කරල ලංකාවත් යස අගේට රතු පාටට හැරවීම වගේ දෙයක්ද? ඇමරිකාවේ iPhone එකටත් තර්ජනයක් වන Galaxy ජංගම දුරකථනය නිශ්පාදනය කර වෙලඳපොල ජයගන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරන ද.කොරියාවයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ වගේ කතා කියන්නේ ඇස් ගෙඩි වලට හෙණ ගැහිලද සිහලුන්ගේ කින එක තමයි.

    ReplyDelete
    Replies
    1. සංවර්ධනය යනු මට අනුව සන්නිවේදනය මගින් ඇතිකරනු ලබන මායාවකි..

      උතුරු කොරියානුවන් ඔබ කියන අයි පෝන් එකවත් ගැලක්සිවත් දැක නෑ..බාගෙදා දුරදක්නයක් තියෙන කෙනෙක් ඈත අහසෙ ගැලක්සියක් නම් දකින්න පුලුවනි..
      පිටසක්වල සිටින ඒලියන්ස්ලා අපේ ලෝකෙට ආපසු ඔවුන් අයි පෝන් ගැන දන්නේ නැතැයි ඔවුන්ට සමච්චල් කල හැකිද? බෑනෙව....

      කිම් ජොන් උන් උතුරු කොරියාවේ එකම රජ වෙන විට අමරිකාව රජුන් සහ රැජිනියන් රොත්තක් තියාගෙන ඉන්නවා... ඇත්තටම අමරිකාවෙ සහ උතුරු කොරිවෙ මිනිස්සු ඉන්නෙ සතුටින්ද කියන එක නිවැරදිව මැනලා බැලුවොත් උතුරු කොරියාව බොහෝවිට දිනයි කියලා මම සිතනවා... ඒ දින්නත් ඉන් පස්සෙ කස්ටිය කෑ ගහයි උතුරු කොරියාවෙ අයි පෝන් නෑ අපිට තියෙනව ාකියලා...

      මා වරප්‍රසාද ලද්දෙක් හෝ වරප්‍රසාල ලබන්නට සුදුසුකම් ඇත්තෙක් නම් මට ධනවාදය සහ අමරිකන් පාර්ශවික පැත්ත වාසියි... ඒත් මා වරප්‍රසාද ලැබීමට සුදුස්සෙක් නොවෙයි නම් ( උපාදි නැති, සල්ලි නැති, පරම්පරාවෙන් ලස්සන නමක් නැති, සහ එතරම් සටකපට නොවන) කෙනෙක් නම් මට සමාජවාදී නැඹුරුව වඩා වාසිදායකයි....

      ලංකාව කියන්නෙ ඔය මොන විදියෙවත් රටක් නෙමෙයි...නිකම් අන්තර්ජාතික අතින් බැලුවම බස් හෝල්ට් එකක් වගේ එකක්... අපේ කියල වර්ථමානය නියෝජනය කරන්න මොකුත්ම නෑ..ඉතිහාසය වෙනුවෙන් නම් යමක් ඇති...

      Delete
    2. උතුරු කොරිවෙ මිනිස්සු ඉන්නෙ සතුටින්ද කියන එක නිවැරදිව මැනලා බලන්න ගියොත් උ. කොරියානු ක්‍රමයට සුදු වෑන් වල යන්න තමයි වෙන්නේ. ඇමරිකානු පුරවැසියන්ට ව්‍ය්වස්ථාවෙන් ලැබී ඇති ඔවුන් විඳින පුද්ගලික අයිතිවාසිකම් නිදහස නිසා එහේ ඔක්කොම රජවරු තමයි. ධනවාදී ආර්ථික ක්‍රමය යනු වරප්‍රසාද ලද්දෙක් හෝ වරප්‍රසාල ලබන්නට සුදුසුකම් ඇත්තෙක් සඳහා ඇති දෙයක් නොව උත්සාහවන්තයාට සහ දක්ශයාට බාධාවකින් තොරව ඉහල යාම සඳහා නිදහස ලබාදී ඇති ලොව ඇති එකම සාර්ථක ආර්ථික ක්‍රමයයි.ලෝකය දිහා ඇස් ඇර බලන්න.

      Delete
    3. උතුරු කොරියාව ඔච්චර දියුණු නම් අඩුම ගණනේ මාධ්‍යවේදීන් පිරිසකට ඒ රටට ගිහින් නිදහසේ ඇවිදලා තොරතුරු පලකරන්න දෙන්න පුළුවන්නේ එකම එක වතාවක් වත්. කටුනායක කඳවුරුවල ඉන්නේ දේශපාලන සිරකරුවන් නොවේ.උතුරු කොරියාවේ දේශපාලන වධක කඳවුරු තමයි ඔය කාර්මික කඳවුරු. නොමැරී ඉන්න තරම් ප්‍රමාණවත් කෑම ටිකක් විතරයි ඒ සිරකරුවන්ට හිමි වෙන්නේ. ඔවුන්ගෙන් බහුතරයක් හිරෙයන්න හේතුව තමන්ගේ වෙන්වුන පවුල්වල සාමාජිකයන් සොයා දකුණු කොරියාවට යාමට ඉල්ලීම/උත්සහ කිරීම. උතුරු කොරියාව ඔය තරමින් හරි ඉන්නේ චීනයට පින්සිද්ධ වෙන්නයි. චීනයේ සමහර බලගතු රහස් (විශේෂයෙන්ම යුද්ධායුද සහ මූලෝපාය) හංගලා තියෙන්නේ උතුරු කොරියාවේ. එහෙම කරන්න වුනේ චීනයේ ආර්ථිකය විවෘත කිරීමේදී චීනයට එන විදේශිකයන්ට රටතුල නිදහසේ යන්නට ඉඩදීමට සිදුවන නිසයි. චීනය උතුරු කොරියාව තියාගෙන ඉන්නේ යුද්ධයකදී Buffer Zone එකක් හැටියට පාවිච්චි කරන්නයි.මෙය මෙවැනි කෙටි විස්තරයකින් කල නොහැකි තරම් දේශපාලන සහ සංග්‍රාමික කරුණු රැසකින් යුක්තයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. Democracy is not perfect,but it is the next best damn thing as we get the freedom to chase the suckers , when they gone bad. Freedom is a funny thing, but try living without it for a while if you dare :)

      Delete
    5. ධනවාදී ආර්ථික ක්‍රමය යනු වරප්‍රසාද ලද්දෙක් හෝ වරප්‍රසාල ලබන්නට සුදුසුකම් ඇත්තෙක් සඳහා ඇති දෙයක් නොව උත්සාහවන්තයාට සහ දක්ශයාට බාධාවකින් තොරව ඉහල යාම සඳහා නිදහස ලබාදී ඇති ලොව ඇති එකම සාර්ථක ආර්ථික ක්‍රමයයි.ලෝකය දිහා ඇස් ඇර බලන්න. Kavin
      ඇත්තෙන්ම ඔබේ අදහස ගැන මම දුක්වෙන්නෙ නැහැ. මේ තරම් සැහැල්ලූවෙන් ධනවාදය විස්තර කරනව මම දැක්කහම මට ඇතිවෙන්නෙ අනුකම්පාවක්. ඔබ හිතනවද මේ ලෝකෙ ඉන්න අයගෙන් කීයෙන් කී දෙනෙකුට ඔය කියන තැනට යන්න පුළුවන්ද කියල. ඇත්ත දක්ෂකම තියෙනවනම් ඒ කියන්නෙ තමන් ගැනම පමණක් හිතන ආත්මාර්ථකාමීන්ට යම් තැනකට යන්න පුළුවන් වෙයි. ඒත් හැමෝටම ඔය කියන තැනට යන්න මේ ලෝකයෙ සම්පත් මදි වෙයි. මහත්මා ගාන්ධි තුමා මේ ගැන කිව්ව. මේක ලොකු සංවාදයක් කරන්න ඕනි මාතෘකාවක්. ඔය තරම් සැහැල්ලූවෙන් ගන්න එපා ප‍්‍රශ්න.

      Delete
  4. මට මතකයි කාලෙකට කලින් ලංකාවේ පත්තරේක තිබුනා උතුරු කොරියාවේ ඉන්නේ ඇවිදින ඇටසැකිලි වගේ මිනිස්සු කියල.
    ඔලිම්පික් බලනකොට මගේ ඔලුවට ආවේ ඕක.

    ReplyDelete
    Replies
    1. ඔලිම්පික් කියන්නෙ බලය ප්‍රදර්ශණය කිරීමක් විතරයි. ඉස්සර ඇමෙරිකා- රුසියා. දැන් චීන, උතුරු කොරියා වලට තමා ඕනෙ කම තියෙන්නෙ.

      එකට එන ක්‍රීඩකයො දිහා බලල රටේ මිනිස්සුන්ගෙ හැටි කියන්න බෑ. උදාහරණෙට ඉතියෝපියාව ගන්නකො

      Delete
  5. //සංවර්ධනය යනු මට අනුව සන්නිවේදනය මගින් ඇතිකරනු ලබන මායාවකි..//

    ඔන්න ඔතනයි ප්‍රශ්නේ , ඔබ ඔබේම කියලා රාමුවක් හදාගත්තාම යථාර්තය ගැන කථා කරන්න බැ , නලින්ද සිල්වලා සිංහල බෞද්ධ විද්‍යාවක් හදාගෙන කරන්නෙත් ඕකම තමයි , අපිට අවශ්‍ය මේවා විතරයි සිමාවක් දාගත්තාම බහුතර ලෝක වාසීන් ගේ අවශ්‍යතා අනුව කරන විග්‍රහයන් ගැලපෙන්නේ නැ

    ReplyDelete
  6. ඇමරිකාව ඉරානෙට ගහන්න ට්‍රයි කරත් උතුරු කොරියාවට ගහන්න හිතන්නෙවත් නැත්තෙ ඇයි කියලද හිතන්නේ .. ?

    ReplyDelete
    Replies
    1. ගහල මොනව ගන්නද ? ඉරානේ වගේ තෙල් තියන එකක් යැ . යවන්න හදපු මිසයිලේ/රොකට් එක විහින් පත නොබැවුනා නම් අවශ්‍ය වෙලාවට ද.කොරියාව , ජපානය , ඇමරිකාව ප්‍රතිචාර දක්වන හැටි බලාගන්න තිබුනා

      Delete
    2. ඇමරිකාව උතුරු කොරියාවට නොගහන්නේ ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය නැති නිසා මිසක් ශක්තිය නැති නිසා නෙවෙයි. මම එහෙම කියන්නේ පූර්ණ හමුදා අවබෝධයෙන්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  7. උතුරු කොරියාව කියන රට ගැන මතක් උනාම මට එන එකම අදහස නම් අපේ දැන් ඉන්න රජතුමාගෙන් පස්සේ ඔටුනු පළදින්න ඉන්න කුමාරයට කිරුල ආවොත් කොහොමද කියල. උතුරු කොරියාව කියන්නෙත් එහෙව් පාරම්පරිකව හිරිමල් කුමාරයෙක් පාලනය කරන රටක් නොවැ.ඇමරිකාවේ තරුණයෝ කෝක් බීල ලිවයිස් අඳිද්දී රුසියාවේ තරුණයෝ ආහාර සලාකෙ ගන්න පතල් වල වැඩ කරා.සෝවියට් සමාජවාදයේ බිඳ වැටීම ගැන කතාවේදී ඔහොම දෙයක් අහල තිබුන.අපි නොදන්න උතුරු කොරියාවට මෙහෙ ඉඳන් සහතික දෙනවට වඩා ඒ රටේ මිනිස්සු හිතන විදිහ දැනගන්න පුළුවන් නම් හොඳයි!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි කවුරුත් ගිහින් නෑ. එත් බටහිර- නැගෙනහිර ජර්මනිය අනුසාරයෙන් අපට උපකල්පනය කරන්න පුළුවන්, කොරියාවෙ නායකයා සුර සැප විඳිද්දි, ජනතාව හාමතේ ගල්-යුහයේ මෙවලම් යොදාගෙන සං‍තෝසයෙන් සන්නිවේදනය කරමින් රට සංවර්ධන කරමින් ඉන්නව කියලා :)

      Delete
    2. මේ වගේ ලිපි දැක්කාම " සමාජවාදය මනෝරාජිකයි" කිඔයන කියමනට මටත් එකඟ වෙන්න වෙනවා. වැරද්ද සමාජවාදයේ නෙමෙයි. ඒක ඉම්ප්ලිමෙන්ට් කරන විදිහෙයි. බොරුව, ඤාති සංග්‍රහය, අසීමිත බලතල යොදාගෙන කරන මේ පාලනය වඩා සමාන වන්නේ ඒකාධිපති වාදයටයි

      ඔන්න පීඩිත පන්තියේ හිපා‍ටුවෙක් සකල පීඩිත පන්තිය ගැනම තියෙන දුකත්, ධනවතුන් ගැන තියෙන ඊරිසියාවත් නිසා අරගලයක් කොරනවා. බලය අල්ලන්නේ සන්නද්ධ අරගලයකින්, ඇයි එතකොට තමයි සදාකාලිකවම ඉන්න පුළුවන්. ඊට පස්සෙ උන් තීරණය කරනවා, සාමානය ජනතාවගේ හැම දෙයක්ම. කන්න බොන්න, විතරක් නෙමෙයි, හිතන්න ඕනෙ කොහොමද කියලත්. අවශ්‍ය අයව "ජනතා ද්‍රෝහියෝ" කියල මරල දානවා.

      Delete
  8. පහැදිලිවම උ.කොරියාවෙ මිනිස්සු ඉන්නෙ සතුටින් කියන එක පිලිගන්න පුලුවන් දෙයක්, මොකද ඒ මිනිස්සුන්ගෙ අවශ්්යතාවන් වල සීමාවන් බොහොම පටුයි. හැබැයි, ඔය රටේ මිනිස්සු 1000කුයි ඇමරිකාවෙ වගේ රටක මිනිස්සු 1000කුයි අවු 10කට හුවමාරු කරල
    අවු10න් පස්සෙ කිවුවොත් තමන්ට කැමති තැනකට යන්න කියල, ඇමරිකාවෙ නවතින කොරියානුවො වැඩි, කොරියාවෙ නවතින ඇමරිකානුවන්ට වැඩිය.

    ReplyDelete
  9. කොළඹ සුපිරි කැරෝකේ ක්ලබ් වල ගෑනු පස්ස පැත්තවල් අතගගා පිරිසක් ආතල් ගනිද්දි බහුතරයක් රටේ කාටවත් නොපෙනී එදාවේල සරිකරගන්න දඟලනවා.

    ReplyDelete
  10. සමාජවාදය යනු මනෝරාජිත සංකල්පයක් නොව. එය අද පවතින ධනේශ්වර හෝ ඒකාධිපති පාලනයනට වඩා හොඳ පාලන ක්‍රමයකි. හොඳම උදාහරණය අප රට සපයනවා. අපේ රටේ පවතින ධනේශ්වර හෝ ඒකාධිපති පාලන ක්‍රමය මත මිනිසුන් විදින පීඩා දෙස බලන්න. ඔබ කියු ඇපල් දුරකතන අප රටේද බොහෝ දෙනා දැක නැත. නමුත් මා කියනුයේ ඇපල් දුරකථන හා සම්බන්ද ගැටලුවක් නොව.
    එදා වේලා අමාරුවෙන් සොයාගෙන දරුවන්ද පෝෂණය කර උන්ව උස්මහත් කරන්න උත්සාහ දරන දෙමාපියන් මෙන් ම, ගිනස් වර්තා උදෙසා දරුවන් අභ්‍යවකාශයේ වීර චාරිකා යැවීම දක්වා ජනතා මුදල් යොදවන පියවරුන් ඉන්නා රටකි වේ. ඔවුන්ගේ දරුවන් සැමවිටම සුදුසුකම් ඇතත් නැතත් උසස් පුටුවල මය. මේ විශමතාවය දකින විට අපට ඉරිසියාවක් සිතීම සාධාරණය. හේතුව මාද රුපියලක් හෝ මේ රටට බදු ගෙවන අයෙකි. මා ඒ ගෙවන බදු කාගේවත් සාක්කුවට නොයා පුනරාවර්තන වියදමක් වනවා දකින්න කැමතියි. එබැවින් මේ තත්වයට වඩා සමාජවාදය අපට ඇවැසි වේ. මාගේ මතය වැරැදිනම් කියන්න.

    ReplyDelete