Monday, September 24, 2012

අනඳ සිරිපාල හටන (Ananda try to Siri wife)


ආනන්ද සහ ආනන්දගේ පවුල හැන්දා කරේ ඉරබැහැගෙන එන ජාමේ ගෙදර සිටින විට බීගත් සිරිපාල ආනන්දට බැන අඩගසමින් ආනන්දගේ ගේ ඉදරිපිටට එයි..
සිරිපාල...
අඩේ ආනන්ද
තිබේනම් කොන්ද
හැංගිලා මන්ද
වරෙං බොල පෙන්ද
 
ආනන්දගේ පවුල...
අමණ සිරි පාල
මොලේ නැති රාල
ඇවිත් මත් වීල
උස්සලා පොල්ල ගස්සලා දමය්
ගේ ඉදිරිපිට...

ආනන්ද..
උස්සා ගසන පොලු තී හට වදිනවද
ගස්සල දුවන කොට උඹහට පාන්ද
නිකං ඇදෙන නයි රෙද්දට මක්කටද
බැනලා පැනල යන්නට දී ඉන්නවද..
 

සිරිපාල....
මාගෙදර නැති වේල්
කවුද ඇවිදින් රාලේ
මගෙ ගෑනි හා ආලේ
තියෙයනං වර පිරිමි ජාලේ.....
ඒ ඒ එ....
 
තොගෙ කැසට මේ වෙසක් කූඩුව
පණ ඇති ඇට කැසිලි කූඩුව
බැදගත් එකේ වාඩුව
ගන්නෙ පැනලද මගේ කූඩුව......අඅ
 
ආනන්ද පවුල... සාලෙට එයි සිරිපාල දෙස බලයි..
 
ඒ කිට තරම් මට කක්කා බරක් නැත
ඒ නිසා මගේ පුක එහෙමට හැදිල නැත
උඹ නැති වුනත් ඒකිට අඩු පාඩු නැත
උඹෙ මහගේ ගෙ ළිඳ කිසිදා පාලු නැත..

මහ උන් නැති තැනදි පැල වෙත එබීලා..
ආරච්චියා මුල් කළ ඇගෙ ළිඳ බලාලා..
ඒ ලිං වතුර ගම හැමටම බෙදාලා..
දුන් පට්ටිනිය නාවල තියපං වහලා..
 ආනන්ද...
යසයි නොවැ කෙල්ලේ
ගැහුවා වගේ එල්ලේ
දැන් සිරියා ඇසිල්ලේ
දුවනවා ඇති ගෙදර පල්ලේ....

ආනන්ද පවුල...
මං නැති අතර අන් කොටු පනිනට යන්නේ
ගිහිං ඇවිත් ගෙයි මුල්ලේ තැති ගන්නේ
උඹ වගෙ වාහෙ පොල් පිත්තෙනු කපන්නේ
කපලා හිච්චි කල ලෙස මං දක්කන්නේ

මගෙ කටු කෑලි උඹ හට මදි වූ හන්දා
වෙන වෙන මසැති ඌරන් පසුපස රන්දා
ගිය මුත් විරිය මද මේ ආනද පෙන්දා
ඒ කාරියත් බාගෙට කොරලද මන්දා..

ආනන්ද...
මා වෙල යන කලට සිරිගේ වත්ත උඩින්
අයියෝ දෙයියො කියලා හඩ ආව සැරෙන්
බියවී මාත් රිංගා සිරි ගෙදර වැරෙන්
බැලුවා කුමක් වීදැයි විමසලා ඇසෙන්...

සොල්දර උඩ තිබුන හට්ටිය ගන්නට නැගලා
සිරිපාලගේ ගෑනිය පය බුරුලට වැටිලා
තඩි ඊරියක් පත බෑ ලෙස සාලෙට වීලා
මා යනවිට කටින් පිඹිනව සද්දෙට දාලා...

ආනන්ද පවුල....

තෝ ගිහිල්ල ඒ ගෑනිගෙ දෙතොල් ගෙන විසේ
මිරික මිරික මස් හයියෝ කියා දස දෙසේ
අල්ලපු ගෙදර හිච්චං එක දැකලා ඇති ලෙසේ
කොලේ කෝකදෝ කියහං නොදා මුසා බසේ

ආහ් ආහ් ගාමින් කෑගැසුවෙ වැටිලද
මිනිහ එද්දි දිව්වෙ උඹට මරුව වැහිලද
සුදු උනාට මම චීනෙක් වගේ පෙනුනද
කොන්ඩ බැදපු චීන වගේ මාව පෙනුනද?

ආනන්ද...  ( මෙතැන මහගේ යනු පවුල භාර්යාව යන අර්ථයයැ)
 
ඉඳ හිට මදිපාඩු වාසි වෙනව නොවද මහගේ
ඔබ හැර වෙන කිසි සැපතක් ඕනෑ නෑ මහගේ
මාමේ තැනු කුඩා මාලිග සිරිය තියෙන පොඩිගේ
දහක් වටනවා කෙල්ලේ .තුහ් සිරියගෙ මහගේ..

ආල ලීල කෝල වැඩවලා මයෙ ලඟ ඉන්නයි
ඉඳල හිටල කොරන වැඩට සුලු සමාව දෙන්ටයි
ගෝරනාඩුෙ නොකර කෙල්ල මේ හරියට එන්ටයි
මයේ හුසුම පොදට සහනෙ බෙදන්ට සැරසෙන්ටයි..

ආනන්ද පවුල...

ඕන විටදි පාන වගේ වැනි වැනි ලඟ ඉන්නයි
නාන විටදි ගෑනු දිහා හොරට බලං යන්නයි
පේන ඇසිල්ලක් ඇත්තං කොටුවක් පැන ගන්නයි
දාන බස් නුඹේ කට වෙත හෙන ගෙඩියක් එන්නයි...

.එය කියාගෙන ආනන්ද පවුල කුස්සියට පද්දයි.
එකනෙහිම හෙන සද්දයක් එයි...ආනන්ද පවුල බයවෙයි...ආනන්ද කට අල්වා ගෙන පහත් වෙයි...

ආනන්ද පවුල.

කෝ උඹෙ කටට හෙනයක් විත් වැදුනාදෝ පැටියෝ
මා කිව් දෙයක් විසවී ගෙන ආවාදෝ පැටියෝ
තෝ හට විසක් වූවොත් මා ඉන්නෙ කෙලස පැටියෝ
මාදෙස මොහොතක් බලහං මැරෙන්ට පෙර පැටියෝ..

ආනන්ද නැගිටියි නැගිට බිරියගේ කට කයි...ඉන්පසු තිරයේ කොටුයයි කතාව නවතියි..මඳකින් හුම්..යයි සද්දයක් එයි.

15 comments:

  1. මදකට පසු,

    ආනන්ද..
    දැන්නං මලත් දාහයි මගෙ අම්මෝ
    මගෙ ගෑනිනන් මල් මසුරන් මගෙ දෙයියෝ
    සුරලොව ගියේ මරණෙට පෙරනේ ලොක්කෝ
    ආයෙත් වෙයන් මගෙ ගෑනීම සුදු මැණිකෝ

    ආනන්ද පවුල...
    ගිය මුත් විරිය මද මේ ආනද පෙන්දා
    ඒ කාරියත් බාගෙට කෙරුවා මෙන්නා
    කොයි හැටි වෙතත් මට සතුටුයි මේ හන්දා
    මුන්දට කැමති ගෑනුන් ලොව නැති හන්දා

    ReplyDelete
  2. නාට්‍යක්ම ලියලා තියෙන්නේ.

    ReplyDelete
  3. පවුලට විකන්නට ආනේ කට පෑවා
    භය නැති වෙලා සිත ගත හැම දැඩි වූවා
    වියලුනු තුනු විලේ ජලයෙන් තොල නාවා
    මොට පොරවකින් පිට පලුවට තඩි බෑවා..

    ReplyDelete
  4. හේ හේ.... නියමයි.

    ReplyDelete
  5. පස්ටයි බන් කියන්න වදන් නෑ... අතිවිශිෂ්ඨයි...

    ReplyDelete
  6. ෂෝක් නාට්ටිය.... එන්ඩ් එක එහෙම එල ඈ... :)

    ReplyDelete
  7. හි හි...
    පට්ට පට පට...

    ReplyDelete
  8. යල මහ දෙකම ට්‍රැක්ටරයෙන් හාපු මට
    ඔය නගුලකින් මොනවා නම් කරන්නද.. :D

    ReplyDelete
  9. මරු නාට්‍ය කතාවක්නේ මට මැවිලා පෙනුනා අප්පා. එල ඈ...!

    ReplyDelete
  10. ෂා.... මරු

    ReplyDelete