Friday, September 14, 2012

පනාගොඩ හන්දියෙන් බැසගිය සඳ

දවා මා සිත අවුලුවා
පෙලා පෙම සිඳ පසෙකලා
පුරා තෙවසක් මගේ ලඟඋන් 
සරා සඳ දැන් නික්මුනා

තෙවසරට අපි උගත ගත්දෑ
අවසරය කින් ගිලිහුනා
විභාගය ලූ අභාගය දැක
අපේ ලොව තව දුර වුනා

සිනා සී කඳුලින් තෙමා
මුවා වී ගිය සඳ මෙනා
පනාගොඩ හන්දියෙන් උතුරට
ගියෝ දෝ මගෙ මල් සිනා

රැවුම් ගෙරවුම් ලැබී වියලී
තදින් පුහුනුව පෙනී දැඩිවී
අදින් ඇතුලට යන මගේ පණ
යලිත් කෙදිනක වත් නොඒදෝ

මෙතන තියෙන සවුන්ඩ් ක්ලිප් එක අහලා යන්ට ඈ

 
Dawa ma sitha by indika27

 අපි දෙන්නා යාලුවුනේ ඒලෙවල් කරපු මුල් කාලෙ..බොහොම හොඳට ආදරය කරා කියන් බැරිවුනත් අපි දෙන්නාටම නොදැනි අපි එකට බැඳුනා. සතියට දවසක් දෙකක්වත් නොදැක ඉන්ට බැරි වුනා. වත්සලා ලස්සනයිඒ වගේම කඩවසම්. කබඩි, වොලිබෝල් වලටත් එයා ඉස්කෝලෙ සෙල්ලම් කලා.ඒ මෙලෝ දේකට මම උනන්දු වුෙන් නෑ. මගෙනුත් ඒ ක්‍රීඩා කටයුතු වලටබාදාවක් තිබුනේ නෑ..බාදාවක් තිබුනත් වැඩක් නෑ.. මට එයාව අත්හරින්න වෙනවා එහෙමනම්..
 එක දවසක එයා කිව්වා එයාට ආමි එකට යන්න හිතෙනවා කියලා. එයාගේ යාලුවොයි මායි නොගත්ත උත්සාහයක් නෑ ඒකෙ වනස් කරන්න. හැමෝම එපා කිව්වා. ඒත් එයා තීරණය ගත්තා. එයා එක දවසක් මට සුදු මං යනවා. කියලා ගියා..එදා පනාගොඩින් ගිය මගේ වත්සලා ආයෙ කවදාවත් ආවෙ නෑ. එයා මලේ නෑ. තාම ජීව්ත වෙනවා. ඒත් එදා ගිය වත්සලා නෙමෙයි අද. එයා පලවෙනි නිවාඩුවෙ ඉඳලාම වෙනස් වෙලා තිබුනා. කාගෙද කොහෙද වරද කියලා දන්නෙ නෑ.

පසුකාලෙක කතා කරලා එයා කිව්වා ආමි එකෙ ගර්ල් කෙනෙක්ට ෆෝසස් නොවෙන කෙනෙක් මැරි කරන්න අමාරුයි කියලා. කොහොම උනත් මුල් කාලෙ හැමදේකටම හිනා වෙවි බොහොම විනෝදයෙන් ගෙවපු වත්සලා බොහොම නිහඩ චරිතයක් වුනා. ආයෙත් මා එක්ක වත්සලා යාලුවුනත්  මුල් කාලෙ හිටපු වත්සලා නම් නෙමෙයි එයා..

 (සත්‍ය මූලික වූ ප්‍රබන්ධ කතාවකි. මගේ පුද්ගලික අත්දැකීමක් නොවේය.)

13 comments:

  1. (සත්‍ය මූලික වූ ප්‍රබන්ධ කතාවකි. මගේ පුද්ගලික අත්දැකීමක් නොවේය.) ....
    නෑ..නෑ...මේකනම් පුද්ගලික අත්දැකීමක්ම තමයි...ක්ලිප් එක ඇහුවට පස්සෙ එහෙම හිතුනෙ...
    ලස්සනයි...සංවේදියි....

    ReplyDelete
  2. Replies
    1. ඔයාගේ සිංදු වගේ නෙමෙයි නේද?

      Delete
  3. කවිය කියවා ඇසුවාම හිතුණා භාෂාව පොඩ්ඩක් දියුණු කළොත් හොඳ ගීතයක් වේය කියා. මේ මගේ උත්සාහය.

    දවා මා සිත අවුලුවා
    දුලා පෙම කඳුළින් නිවා
    පුරා තෙවසක් පෙරඹරෙහි දිසි
    සරා සඳ රන් බැස ගියා - නිරා අඳුරෙක ලොව තවා

    තෙවසරෙක මතකය මකා
    පැණසරෙක සුසුමන් රුවා
    අභාගෙක නිමවූ විභාගය
    අපේ අත් තව දුර කළා - ඇඟිලි බැඳි සෙනෙහස කඩා

    අවරගිර අඳුරින් තෙමා
    මුවා වූ තරුපති මෙනා
    පනාගොඩ හන්දියෙන් උතුරට
    ගියෝ දෝ මගෙ මල් සිනා - අරුම දහමෙක සිරි කියා

    රැවුම් ගෙරවුම් නැති සමා
    වජිර කළ මිණි කැටය මා
    නොබා ඇතුළට ගිය මගේ පණ
    කොහේදෝ ගොස් හැංගුණා - හෙටක් ආයේ නෑ කියා

    ReplyDelete
  4. ආතල් එකට ලියැවිලා තියනවා.මගේ අද්දැකීමක් නොවේ කියන තැනින් ආතල් කැඩෙනවා.නිර්මාණ කරුවෙකුට නිර්මාණයක් කරන්න තමන්ගේම අද්දැකීමක්ම ඕන නෑ.ඒවුණාට ඒක මෙතන කියන්න එපා. පසු විපරමකදී කියන්න එතකොට තමයි ආතල්

    ReplyDelete
  5. වෙන්න බෑ වෙන්න බෑ...
    පුද්ගලික නෙමේ කිවුවෙනං බොරුවක්...

    ReplyDelete
  6. දුක හිතෙන කතාවක් ....(සැලෙන්න එපා අප්පා මුදේ ඉන්නේ එක මාලුවද?)

    ReplyDelete
    Replies
    1. යකෝ මාලුනං අල්ලගන්න බැරි වුනාම සැමන් හරි කත හැකි....මට ඕනි වුනේ මාලු නෙමෙයි නේ්...කෙල්ල නෙව...

      Delete
  7. කවිය මාර ලස්සනයි අයියෙ.........

    ReplyDelete
  8. මිටින් පියාසර ‍කුරුල්ලෙක් ඒ විදිහටම තමා ළඟට ආවොතින් ඒ කුරුල්ලා හැමදාම ඔබට අයිතිවේවි..! ජීවිතය වෙනස්වීම් ගොඩක්..
    අදහස , කවි සංකල්පනාවට සංගීතයකුත් මුසු වැණානම් තවත් ලස්සනයි ගොඩක්..!

    ReplyDelete
  9. මිනිස්සු තත්පරයක් පාසා වෙනස් වෙනවලු....

    ReplyDelete