Wednesday, September 26, 2012

ක්‍රිකට් මැච් බලන්න බැරි වීම

මේ දවස්වල ක්‍රිකට් උන්මාදය හැමතැනම පැතිරිලා. ලංකාවෙ ඒක වැඩිද මන්දා. මොකද ලෝක කුසලානයක්(T20 World cup) කඩා පහත් වෙලානෙ. පහුගිය දවසක මං ඔය මාලිගාවත්ත පැත්තෙ හවස 7.00ට විතර යනකොට දැක්කා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ලයිට් දාල තියෙනවා. ඉතිං ඒ හරියෙ වාහන ට්‍රැපික්(Vehicle Traffic) එකකුත් තිබුනා ටිකක් වෙන්න. මං ඒක මාක් කරගෙන බෝඩිමට යනකොට මැච්(match) එක බලනවා අපේ බෝඩිමෙ (Boarding Place) සෙනඟ ටික. ඉතිං මං පැනලා කිව්වා. ඔන්න ඔය මගුල නිසා බලහල්ල පැයක් විතර ට්‍රැෆික් බේස්ලයින් එකේ කියලා...බොලගෙ *කේ(Fucking) ඇටබෝල සෙල්ලම...
             එකෙක් හිනාවෙලා කිව්වා...මචං සූරියවැව(Hambanthota) මැච් එක තියෙනකොට කොහොමද බං කොළඹ ට්‍රැෆික් තියෙන්නෙ...ඉතිං මාත් ඇරියෙ නෑ..

එහෙනං ලයිට් දාල තිබුනෙ බබා වගේ..පැත්තම එලියයි..ඔව් ඉතිං අර පාටලියට ොමකෝ උගේ සල්ලි යනවයි අපේ නේ සල්ලි...නිකං දාගෙන ඇති....ටෙස් (test) කරන්න...

යකෝ නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටපං ..ඒ ගහනව ඇත්තෙ මොකක් හරි ටෙස්ටිං(Testing) එක්ක වෙන්න ඇති...අනික වර්ල්ඩ් කප් ටුවන්ටි සීරියස් එකට වෙනම ජෙනි වලින්ලු ලයිට් දෙන්නෙ...උන් නැෂනල් සප්ලයි එකෙන් ගන්නෙ නැහැලු... 

දිගින් දිගටම ලද ප්‍රති ප්‍රහාර හමුවේ මං ටිකක් පහු බැහැලා ගියා.. 

ටිකට් ගැටලුව.. (Ticket problem)
මාත් ක්‍රිකට් ගැන දෙයක් වැඩිය නොදන්නව වුනාට නිකං ලැබුන නිසා පසුගිය වර්ල්ඩ් කප් (Odi World Cup) එකේ පකිස්ථාන් ඔසී මැච් එක බලන්න ගියා. මං හිතුවෙ හොදි නැතිවෙන්න ගහයි කියලා...සැහ් වැඩක් වුනේ නෑ...ඔෂි කස්ටිය 187ට ගියා...පකිස් බූරුවො ටික වෙලාවකින් ඒක ගැහුවා. මං ඉතිං ආයෙ මුත්ත පැල් ලගින්න යනවා වගේ එලියෙං බීම ලොකු බෝතලේකුයි...ආනමාලු ඇවරියකුයි...රෝස්පාන් හතරකුයි තව යාලුවකුයි සෙට් කරං ග්‍රවුන්ඩ් එකේ කන්ස්ට්‍රක්ෂන්(construction) වල හිටපු යාලුවෙක්ගෙන් නිකං ගත්තු ටිකට් දෙකක් අරං ගියා බලන්න මැච් එක...

මං අත්දැකීමෙන් දැනගෙන හිටියා ඇතුලෙ පාං කෑල්ලක් වුනත් පස්ට ගනන් කියලා..මේක මහ මලපෙරේත මෙතඩ් එකක් කියලා එකෙක්ට හිතෙන්න පුලුවන්..ඒත් ඉතිං බොන්න කාරිය ඕනි නං ඇතුලෙං බියර් වීදුරුවක් රුපියල් දෙතුං සීයට ගන්නෙ නැතුං වයිට් ලේබල්(white label) හැරි ජින්(lemon gim) හරි බාගයක් අරං ස්ප්‍රයිට් එකකට හරි නැත්තං ක්‍රිම් සෝඩ (Cream Soda) එකකට හරි මික්ස් කරල කූල්(cool) එකේම බීම එක වගේ ඇතුලට ගෙනියන්න පුලුවනි. ඒත් ඉතිං ටිකක් සල්ලි විසික් කරන්න පුලුවං නං ඔය කිසි දෙයක් අවුලක් නෑ..

ටිකට් කිය්නනෙ මාර ගැටලුවක්..තමුං කලිං හිටපු මාලිගාවත්ත පැත්තෙ රවුමක් දාල ආපු අපේ නවාතැන්(Bordin) මිතුරෙක් කිව්වෙ එයාගෙ යාලුවෙක් පනහෙ ටිකට් අටක් අරගෙන ඒ ටිකට් අට රුපියල් අටදාස් ගානකට විකුනලා රුපියල් අටදාහකට වඩා ලාබයක් ගත්තාලු. එහෙම ටිකට් ගන්න ඒ අය උදේ පාන්දර ඉදලා පෝලිමෙ හිටියාලු...ඒත් එක් අයකුට දෙන්නෙ ටිකට් හතරයිලු.. පස්සෙ වෙන කෙනෙක්ගෙ මාර්ගෙන් හරි නැත්තං වෙන මෙතඩ් (Method) එකකින් හරි මිනිහා ටිකට් අටක් අරගෙන.. 

ඉතිං එක යාලුවෙක් කිව්වා මේක අවුලක් නෑ මචං ඔය සල්ලි තියෙන උන්නේ ටිකට් දාස් ගනන් දිල ගන්නේ කියලා..

ඒත් මාලිගාවත්ත කොස්ගස් හන්දිය(Grandpass) පැත්තෙ කාලයක් බෝඩ් වෙලා හිටපු යාලුවෙක් කිව්වෙ..සමහර ලංකාවයි වෙනත් ලොකු රටවල් සෙල්ලං කරන දවස්වලට ඇඹිලිපිටය මොනරාගල බදුල්ල වගේ දුර පැතිවලින් මිනිස්සු එනවලු ලංකාව ගහන නැත්තං වෙන රටවල් ගහන මැච් බලන්න. ඉතිං එ මිනිස්සු ආහම ආයෙත් ටිකට් නැ කියලා හැරිලා යන්නෙ නෑලු..කෝමහරි රුපියල් දාහක් දිල ටිකට් අරං හරි බලනවලු..

ඒ දාහට දෙන පනහෙ ටිකට් සමහර වෙලාවට ආර් ප්‍රේමදාසෙ සෙකන්ඩ් අපර් (second Upper) එකට වගේ සෙට් වෙනවා. ඒත් සමහර වෙලාවට මැච් එකවත් හරියට පේන්නෙ නැති. ස්කුවර් බෝඩ් (scour Board) එක පේන්නෙත් නැති තැන්වලටත් ටිකට් ලැබෙන වෙලාවල් තියෙලු. ඒ වගේ වෙලාවට ඇතුලට ගියත් මැච් එක බලන්න වෙන්නෙ ස්ක්‍රින්(Screen) වලින් තමයිලු.. 

මේක ලොකු පස්නයක්. මාලිගාවත්ත පැත්තෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ටිකට් නිසා කීයක් හරි හම්බකරගන්න ලැබෙනවා. ඒත් ලංකාවෙ තණමල්විල බුත්තල, කහටගස්දිගිලිය, සියඹලාන්ඩුව, තලාව, කැකිරාව, වගේ දුර පැතිවල ඉන්න අයට ලංකාවෙ තියෙන මැච් එකක් බලන්නත් දඹදිව ගිහින් මැච් බලනවා වගේ ලොකු වියදමක් යනවා මේ වැඩ නිසා..

අපේ තව බෝඩින් බුවෙක් කියන්නෙ මේකට ප්‍රාදේශිය ලේඛම් කොට්ටාස (Divisioanl Secratarial Office) මට්ටමින් ක්‍රමයක් ගේන්න ඕනිලු මැච් ටිකට් දෙන්න හරියට ආහාර මුද්දර සමෘද්දිය දෙනවා වගේ සම්පකාරෙන් ටිකට් ගන්න පුලුවන් විදියට.
ඒත් තව යාලුවෙක් ඒකට විරුද්දයි මිනිහා කියනවා ඒකට ක්‍රමයක් ගේන්න ඕනිලු ක්‍රකට් ගැන දන්න අයට ක්‍රකට් වලට උනන්දුව තියෙන අයට චාන්ස් (Chance) ලැබෙන්න..

කොහොම හරි විවාදය අවසාන වුනේ ක්‍රකට් ලෝලින්ට ඕලෙවල්(O/L) ඒලෙවල්(A/L) වගේ පේපර් එකක් තියෙලා..ඒක අපක්ෂපාතීව බලලා ලකුණු දීලා.. ජනගහනය වැඩිවෙන දිස්ත්‍රික් වලට කෝටා එකකුත්...එතකොට නුවරඑලි පැත්තෙ ඉන්න අඩු ලකුනු ගන්නඅයට දිස්ත්‍රික් කුසලතා අනුව සැලකා බැලීමකුත් කරලා ඉසෙඩ් ඉස්කෝරු (Z Score) ක්‍රමයක් ආදේශ කරලා මැච් ටිකට් ලබාෙදන්න තමයි. ඒත් ඉතිං ඕවා ඔක්කොම කරලාත් අවසානෙ ටිකට් ගන්න උන් ආයෙත් ටිකට් විකුනුවොත් මොකද කරන්නෙ?
මේ පින්තූරෙ ඉන්නෙ කොදෙව්(west indies) නායක(captain) ඩැරන් සැමී..එයා නුවර ක්වීන්ස් හෝටලයේ බිලියඩ් සෙල්ලම් කරලා ඉවරවෙලා ත්‍රිවිල් එකක් ගෙනියන්න උත්සාහ කලා කියලයි කියන්නෙ ආතල් එකට..කොදෙව් වල ක්‍රිස් ගේලුත් හරි ආතල් බුවා. සමහර රටවල ක්‍රිඩකයො බොහොම සැහැල්ලුයි..ඒ අයට පරදිනවා දිනිනවා කියන්නෙ පස්ට දෙයක් නෙමෙයි. ඒත් මේ දකුණු ආසියාවෙ සංවේදි ජනතාවට මැච් එකක් දිනිනවා කියන්නෙ කඩේ බඩු මිල පවා අමතක වෙන දරුනු සීන් එකක්..

 සංගා පහුගිය කාලෙ ක්‍රිකට් වල ජීවගුණය ගැන කතාකලා..ඇත්තටම ක්‍රිකට් වල ලස්සන තියෙන්නෙ ඒක සැහැල්ලුවෙන් ගන්න කොට කියලයි මට හිතෙන්නෙ..ක්‍රිකට් වලට මැරෙන්න හදලා මිනිස්සු ගහ මරාගෙන අර ඉන්ඩියන් කාරයො වගේ ගන්න ආතල් නං මට දිරවන්නෙ නෑ..

අද පොඩි වැඩකට කොළඹ එන්න වුනා.. ඉතිං මං දැක්කා තාජ්(Taj) හෝටලේ ඉස්සරහ ඉන්ඩියන් ටීම් එක යන බස් එකයි... හිල්ටන්(Hilton) එක ගාව පකිස්ථානෙ යන බස් එකයි නවත්තලා තියෙනවා.. මං එනකොට දැක්කා ඔසී කාරයොන්ගෙ බස් එක නවත්තල තියෙනවා හිල්ටන් එක ඉස්සරහා... ඔසී උන් සුදු නිසා පේනවා ඇතුලෙ ඉන්නවා... අනික් ටීම් දෙකනං බස් සෙකෙ හිටියෙ නෑ.. ඉන්ඩියන් කාරයො මොන වැඩේට ආවත් ගොඩක් වෙලාවට නවතින්නෙ තාජ් එකේ..ඒක එයාලගේ ගතිය වෙන්න ඇති.. 
 මේ ඉන්නෙ සූරියවැව(Hambantota) හිටපු ලංකාවෙ චියර් ලීඩර්ස්ල නොහොත් ..... සිංහල වචනෙ නං මං දන්නෙ නෑ...කොහොම හරි ඉස්සර කාලෙ වැස්ස නැතිවුනාම තොවිල් නටනවා..එතකොට වහිනවා. ඉතිං මේ චියර් ලීඩර්ස්ල තොවිලයක් නටන්න වගේ තදපාට ඇඳුම් ඇඳගෙන විකාර රූපිව නටපු නිසා වැස්ස ආවා කියලත්...ඒ වැස්ස ආපු නිසා ඩිල්සාන් විසින් චියර් ගර්ල්ස්ලාට කියන තැනකට වඳින්නම් නංගි නටන්න නං..එපා . කිව්වා කියලත් මනුපොත නැමැති ස්ථානයේ පේජ් නැමැති සෙල්ලිපියක සටහන් වෙලා තිබුනා..

කොහොම වුනත් කැත චියර් ලීඩස්ල(Cheer Leaders) දාපු එකට කැමති වුනුත් ඉන්නවා. කස්ටියක් කියන්නෙ මේ මැච් පිටරට උන් දැක්කම හිතන්නෙ ලංකාවෙ කෙල්ලො ඔක්කොම මේ වගේ අජූත ඇති කියලලු..එතකොට සුද්දො හරි වෙන රටවල උන් හරි කවදාවත් මෙහෙ කෙල්ලො බලාගෙන නං එන්නෙ නෑලු...ඒ නිසා අවසාන වශයෙන් අපේ ලස්සන කෙල්ලො ඉතිරිවීම වගේම පිටරට උන්ට සෙට්වෙන කෙල්ලො අඩුවීම සිද්ද වෙනවා..

ඒකත් හොදයි එක අතකින්..මෙහෙ ඉන්න ලස්සනම ඉස්කෝලෙ අවුට්වෙලා වගේ යන ලොකු ගල් සහිත විශාල ඩිකි බපර් ටිකක් තෝරල ඕකට දැම්ම නං ආයෙ උන් අපිට අල්ලල හමාරයි.. දැන් ඒ අවුලත් නෑ. ඒව ටික අපේ අයට ඉතිරි වෙනවා.. 

කෝම උනත් මැච් දිනිනවාට මං නං ආස නෑ සතේකට..මොකද කෝච්චියෙත් කන්තෝරුවෙත් කැන්ටිමෙත් බස් වලත් කනක් ඇහිලා ඉන්න නැති නිසා... ලස්සන සෙල්ලං කාලයක් වේවා හැමෝටම..

9 comments:

  1. විශාල ඩිකි බපර් ටිකක් දැං කෙත්තාරාමේ නටනවා...
    දැක්කෙ නැතෙයි?????????

    ReplyDelete
    Replies
    1. ඉස්සර කොල්ලො මැච් බලන්නෙ ක්‍රිකට් බෝලෙ යන්නෙ කොහේද කියලා බලන්න...දැන් උන් යන්නෙ වෙන වෙන සුකුරුත්තං බෝල කොහෙ යනවාද උඩ යනවද කියලා බලන්න..අනේ සෙල්ලමට ගිය කලක් මේ අබුද්දස්ස කාලෙ....

      Delete
  2. :D :D :D
    මම නම් ක්‍රිකට් වලට ආසයි.හැබැයි WC එකෙන් පස්සේ ඒ ආසාව ටිකක් අඩු වුනා.

    ReplyDelete
  3. චියර් ලීඩර්ස්ල=නැට්ටිච්චියෝ
    ගැලපෙන්නේ නැද්ද ඒ වචනේ??

    ReplyDelete
  4. මේක මැච් වලට වහිනවාට දාපු හොද විසදුමක්.

    වැස්ස වෙලාවට බලන්න දෙයක් නැති වුනාම උන්ව නටවන්න තියෙන්නේ..
    සෝයි බෝල උඩ දදා නටයි !

    ReplyDelete
  5. අහස වහින්න ලෑස්ති වෙලා දෙපාරක් හිතනවා අපේ නඟාලගේ ඇඹරිල්ල ගැන
    ඒකනේ ගොඩක් ඒවාට වැස්සෙන් බාධා

    ReplyDelete
  6. තියෙන පුකේ අමාරුවට මාත් ගත්තා 110 ටිකට් එකක් 500ක් දීලා! ගියා වැස්සා ඕවර් 7යි ගැහුවේ :D

    ReplyDelete
  7. ටිකට් ගන්ට විභාගත් ලියන්න වේවිද දන්නෑ එහෙනම් ඉස්සරහට....

    ReplyDelete