Saturday, September 29, 2012

සැනසීම ලැබනු කෙලෙසක දෙපසකට ඇදෙද්දී..

   ඉරෝමි සමඟ වූ නව නාටක වැඩි දිනක් යන්නට මත්තෙන් නිර්මලාට ආරංචි විය. මා නිර්මලාට ඒ කතාව කීවෙමි. ඇගේ මුහුන වට අඳුරු රේඛාවන් කීපයක් ඇදෙන්නට විය. මා එවිට යමක් නිශ්චය කර ගත්තේය. එහෙත් ඒ කුමැක්දැයි මට විස්තර කල නොහැක.
දිනක් දුම්රියක අපි කොළඹ සිට කළුතරට යන ගමනකි. සාමාන්‍යයෙන් සති අන්තයේ දිනවල ඇය කාර්යබහුල වුවත් ඇයට සතියට මෙතෙක් ඉපයිය යුතුයැයි නීතියක් තිබුනේ නැත. ඇය කෙසේ හෝ ඇගේ වාසනාවට හොඳ බ්‍රෝකර්වරුන්ට හසු වී තිබුනි. බ්‍රෝකර්වරු විසින් සිය ගණිකාව ආරක්ෂා කරන අතරම ඇයට වැඩ එනවිට විශාල ප්‍රමාණයක මුදල් කොටසක් ඩැහැගැන්මද සිදු කරයි. පොරොන්දුවන මුදල තීරණය කරන්නේ බ්‍රෝකර් වරුය. එයින් අනිවාර්යෙන් සියයට පනහකට ආසන්න මුදලක් හෝටල් වලටත් ත්‍රිවිල් වලටත් බ්‍රෝකර් වරුන්ටත් බෙදී යයි. නිර්මලා හෝ එවන් අයට හිරිහැර වන විට බේරුම් කර දීමට මේ බ්‍රෝකර් වරු සමත්ය. එසේම නිර්මලා නොකී යම් කිසි ආරක්සාවක්ද ඇයට තිබිය හැක. නැත්නම් ඇයට මේ ලෙස නිදහසේ සැරිසැරීම ගැටලුවක් වනු ඇත
 
මට දිනක් බස් රියේ මිතුරකු හමු වුනි. හේ තෙමේ නිකම්ම නිකං නිකමෙක් ලෙසය පෙනුනේ. නිකමට කතා බස්කල මා එවිට යම්කිසි ආයතනය තිබු රක්ෂාවක් ගැන ඔහුට කීවෙමි. ඒ රක්ෂාවට ඔහු ගිය අතර මා හට ස්තූති කොට ඔහු මට දුරකථන ඇමතුම් දුන්නේය. තරමක ගබඩා පාලක තනතුරක් වූ එයට එතරම් ස්තූති වන්ත වූයේ මන්දැයි මා නොදනිමි. නමුත් පසුකලෙක ඒ අහිංසක පෙනුමැති කොල්ලා පොලිසියෙන් සොයන නමගිය අපරාධ කරුවකුගේ ළඟ ඥාති සහෝදරයෙක් වග දැනගන්නට ලැබුනි. ඒ කොල්ලා අපරාධ කරුවෙකු නොවුවත් ඔහුටද විටෙක හිරිහැර වේයැයි බියෙන් හෝ වෙනත් හේතු පිට සැඟවී සිටින්නට පමණි ඔහු රැකියාවක් සොයා සිටියේ..
නිර්මලා එකල ගෙවු ජීවිතය මටද හරියාකාරව සම්පූර්ණයෙන්ම ග්‍රහනය කරගත නොහැකි විය. එහෙත් මා ඉදලා හිටලා බලන පත්තරයක මැද පිටුවක එදිනම ගණිකාවක් හමුවන මාධ්‍යවේදියෙක් ගණිකාව සමාජය හා ඇගේ ජීවිතයම එකවර ග්‍රහණය කර විග්‍රහ කොට ඇති අයුරු මට පෙනේ
 
මා කාර් රථය නිවසේ තිබුන මුත් දුම්රියේ බසයේ යෑමට ප්‍රිය කලෙමි..නිර්මලා සමඟ ගමන් බිමන් යෑම මගේ යට සිතට ගෙන ආවේ ප්‍රීතියෙකි.. කාර් රියේ මා රියදුරු වනවිට නිර්මලා ඔහේ බලාගෙන යයි. නමුත් දුම්රියේදී බසයෙදී දෙදනාම පෙම්වත්හු වෙති..
අපි දැන් යලි්ත් දකුණු මුහුදු වෙරළ අසබඩින් ඇදී යන දුම්රියට නිර්මලා සමඟ ගොඩ වෙමු. දුම්රිය මැදියට ගොඩ වුනු මහලු මිනිසෙකි. ඔහු අතේ බෙරයකි. ඔහු නලවමින් වනමින් බිම වාඩිවීගෙන ගීතයක් ගයයි. මුහුදේ නදත් දුම්රියේ නාදයත් අතර අර සින්දුව අපිට ඇහෙනවා මදිය. නිර්මලා එය පෙන්වා අපි එතන්ට යමුදැයි ඇසුවාය. නමුත් මා ඇයට පිස්සුදැයි අසා නිහඩව සිටියෙමි. ඉන්පසු යලිත් ඇය බොහෝ උනන්දුවෙන් ඒ මිනිසා දෙස බලා සිටී. මා ඇය වෙත හැරී එහෙනං යමු යැයි කීවෙමි.

මා නැගිට ගත් නමුත් ඇය නැගිට්ටේ නැත. මා ඇයට අත දුනිමි. අපි ගොසින් ගීගයන්නා අසල හොඳින් ගීත ඇසෙන තැනක වාඩි වී ගීත ඇසුවෙමු. බොහෝ ජෝතිපාල ගීතවල රිද්මය පසක ලා ඔහු කැතට ගැයුවා මට මතකය. නමුත් නිර්මලා ගිත තුනක් ගායනා කරන ලද අර මනුෂ්‍යයාට රුපියල් සීය්ක දුන්නාය. මා දුන්නේද රුපියල් දහයක් පමණි. පව් නේදැයි අසා ඇය දුම්රියෙන් ඉවත බලා ගති. මා හිඟන්නන්ගේ මරි වැඩ ගැන් මා දන්නා දේ කියන්නට කට ඇරි මුත්..

වයසට ගිහිල්ලා වැහැරිලා....ඒ මනුස්සය ගොඩක් අමාරුවන් සිංදු කිව්වෙ” යැයි නිර්මලාම කී නිසා මා කරබාගෙන සිටියෙමි.. ඇය වැරහැලි අඳින තරමක් අපිරිසිදු හිඟන්නන්ට යාචකයින්ට ගී කියන්නන්ට මුදල් දෙයි. නමුත් කෙතෙක් අලංකාරව ගී විරිදු කිව්වත් හොඳ පෙනුම සහිත අයට එතරම් දීමට ඇය කැමති නැත. ඒ ඇගේ හැටිය. ඒ කුමක් නිසා වීදැයි මා නොදනී. සමහර විට නිතර ඇයව තලන්නට සාරය බොන්නට වැල නොකැඩී එන මහත්වරු ඇයට අප්‍රිය වෙලා වන්නට පුලුවන..

නිර්මලාත් ඉරෝමිත් දෙදෙනා ගත්විට කතාවක් ගෙතීමට වඩා උචිත ඉරෝමිය. ඉරෝමි දෙයක් කියන වාරගානත් ඒ දෙය විස්තර කරන්නට යොදන වචන ගානත් බොහෝ වැඩිය. නමුත් නිර්මලා ඔහේ බලාසිටින ඇස්වලින් කන්වලින් අදහස් කීමට ලැදි යව්වනියකි. කොළඹ මා වැඩකරන කන්තෝරුව අසබඩ දිනක් බෝම්බයක් පුපුරා ගියේ ත්‍රස්ථවාදී කලබල නිසාය. ඉන්පසු පිලිවෙල අනුව අපේ කන්තෝරුවද බෝම්බයක ලක්වෙතැයි බියෙන් බොහෝ දෙනා කාර්යාලය හැර ගියෝය. කිසිවෙක් එයට විරෝ්ධ වුයේ නැත
  මා ඉරෝමිට කතා කලෙමි. ඇය යන එන කිසි තැනකට අදාලව මේ බෝම්බය නොතිබුනත් වැරදිලාවත් සිටියොත් යැයි සිතා ඇයට කතා කලෙමි. ඇයට කිසිදු අනතුරක් නොවූ අතර මාටද අනතුරක් නොවන බව දැන ඇය දරකථනය තබනවාත් සමඟම නිර්මලා කතා කලාය. කො කොහේද ඉන්නෙ? තාම ඔෆිස්ද? එන්නැද්ද? ආදී ප්‍රශ්ණ වැලකි..
කිසිදු ගැටලුවක් නැතිව මා ඉතාම හොඳින් ඉන්නා බව කීවත් නිර්මලාගෙන් බේරුමක් නැති විය. මං තව විනාඩි දහයකින් එනවා ඔතන්ට...ඔයා අනිවාර්යෙන්ම එලියට එන්න ඕනි හරිද? ඔතන ඉදලා ඊලග බෝම්බයක් වත් තිබුනොත්..හෙම...ඉස්පිරිතාල ගානෙ යන්නයි වෙන්නෙ..පන්ඩිතය නොවී ඉක්මනට ඇවිත් ඉන්නවා හොඳේ..
ඇය කියයි.

මා කරමින් සිටි වැඩය යලිත් පටන් ගත්තේ ඔය නිර්මලා කිව්වට එන එකක් නෑ කියන සිතුවිල්ලෙන් හෝ නිර්මලා එන්නට පරක්කු වෙයි යන සිතුවිල්ලෙනි. නුමුත් විනාඩි පහකින් ඇගෙන් ඇමතුමක් ලද මා බ්‍රිෆ් කේසය රැගෙන ගේට්ටුව ළඟට ගොස් ඇය සමඟ ගියාය. ඇය බොහෝ බය වී ඇති බවක් පෙනුනි. අනිත් දවසෙ තමුං ගැන හිතනවා...ලෝකෙ ගැන හිතන්න කලිං...මිනිස්සු ඔක්කොම යනකල් ඔයා ඇතුලෙ,,ඔයා යකඩද? ඇයි ඔයාට බෝම්බ වදින්නෙ නැද්ද
 
ඊළඟ බෝම්බයක් තිබෙන්නට හැකියාව අඩු බව ඇයට වැටෙහෙන්නේ නැත. එය කියලා ඇයට විස්තර කරන්නට බැරිය. මා කරබාගෙන සිටියෙමි.
ේම කිනම් කාරණය තිබුනත් අපි අතර මුදල් ගනුදෙනුව පෙර පරිදිම විය. එනම් මා සෑම ලිංගික එක්වීමකටම පාහේ නියමිත මුදල ඇයට ගෙවුවෙමි.. රැකියාවත් රැකියාව නිසාම මට ලැබෙන සැඟවුන මුදල්ද නිසා මා යම්තාක් ධනවතෙකි.. ආන්ඩුවේ චක්‍රරලේඛවල ඇති වැටුප් තල පමණක් මට ලැබුනි නම් හෝ මේ රැකියාවට අදාලඅනෙක් ආධායම් මාර්ග නොතිබුනේ නම් මට පුස් බයිසිකලයක් මිලදී ගැන්මටද එක් මසක වැටුපක් සරිලන්නේ නැත.. මට දිනක් මිතුරෙකුට මුදල් වගයක් දීමට සිදු වූ නිසා මුදල් අත ගැවසුනේ නැත. මෙතෙක් කාලෙකට නිර්මලා විසින් මුදල් ප්‍රතික්සේප කොට නැත. එසේම නිර්මලාට මා මුදල් නොදී සේවා ලබාගෙනද නැත.

එදින උදේ ඉරෝමිට ක්ලිනික් එකකි. කුලී රථයකින් ඇය රැගෙන රෝහලට ගෙනගිය මුත් තරමක පෝලිමක් එහි විය. ඇඳි රහිත පුටුවේ ඉරෝමි හා වාඩි වී සිටින විට මොහොතකින් ඉරෝමි මගේ පැත්තට වත්තන් විය. ඇගේ ළපටි ශරීරය මගේ ඇඟ දැවටෙන්නට විය. ඇය නිදි මෙන් සිටි මුත් ඇයට එය නොදැනුනා වන්නට නොහැක. මා ඉරෝමිගේ අතකින් අල්වා ගත් අතර ඇගේ පියොවුරු මගේ අතේ වදින්නට විය.. පෙම් කල දවස මා යම්තම් අතපත ගා ඇති ඇගේ පියොවුරු වලට වඩා අද දින යම් වෙනසක් ඇත. සමහර විට ගර්භනී කල පියොවුරු වෙනස් වනවා වැන්නට ඇත. ගැබිනි මාතාවක දෙස බලා ලිංගික සංකල්ප ඇතිකරගැන්ම අශෝබන වුවත් කාටවත් හිංසාවක් නැති සංකල්ප වලට නිදහසේ සැරිසැරීමට බාදා කිරීමට මා උත්සාහ නොකලේය
 
එහි ප්‍රතිපලය වූයේ දහවල් මිතුරකුගේ හදිසියකට මුදල් ටිකක් බැංකු ගත කර පඩි වැෙටන තෙක් රිම් එකෙන් යෑමට සිටි මා හට නිර්මලාගෙන් හෝ ලිංගික පහස දැඩි ලෙස උවමනා කිරීමයි. මුදල් නැති කල කතා කිරීම යුතු නැති වුවත්. බොහෝ කලක් දන්නා අඳුනන ඇය මා අවි්ශ්වාස නොකරනු ඇතැයිද එය විසාල කරුණක් නොවනු ඇතැයිද මා සිතුවෙමි. අනික නිර්මලා දැන් මා හට ප්‍රේම කරතිය්ද මා ද ඇයට පෙරලා ප්‍රේම කරතියිද මා සිතුවෙමි. මෙහි පෙරලා ප්‍රේම කිරීම යනු බොහෝ කලක් තිස්සේ සතියට වරක් දෙකක් ඇය ඇඳක් උඩ පෙරලාගෙන කරන සෙල්ලම නොවේය.

මගේ ළඟ සල්ලි ටිකක් මදි...
මං පඩිගත්තාම නොවැරදීම දෙනවා...
මට පොඩ්ඩක් ඔයාව රූම් එකකදි මීට් වෙන්න ඕනි වගේ..මේ දවස්වල වැස්සකුත් නෑ..හීතලකුත් නෑ..ඒත් අනේමන්දා අදනම් බෑ කියන්න එපා ඈ..
කවදත් මෘදු කෝමල වදන් වලිං යමක් සරසා දීමට අසමර්ථ මා අමුවෙන්ම කියා දැම්මේය..

ආ සල්ලි නැතුව නිකං එන්න නේ කෝකිල මහත්තය හදන්නේ...ඒව බෑ කෝකිල මහත්තය..සල්ලි නැත්තං ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරන්න හරි වෙයි ඈ...

හරි ඔයා මැෂින් එක හදාගෙන ඉන්න ලස්සනට මං කාඩ් එක අරං එන්නං කෝ..දාල ටෙස් කරල බලන්න...මෙච්චර කල් දාලත් මේ කාඩ්එකට මැසිම එපා වුන නැති හැටි නේද?

චික් වනචරයා..එන්න එපා ඕවට...හරි එහෙනං පහට...එන්නං..

වෙනදා පරිදි ඇය හමු වූ මුත් ඇගේ සෝක මුහුන මට නොදිරවන්නේ විය. ඇය කුමක් නිසා සෝක වී දැයි මා දැනගත්තේ පසුවයැ..

මා එදින කම් සැප ලබා ගොස් පසුදිනෙක ඇගේ හිඟ මුදල් දීමට සැරසුන විට ඇගේ ඇසට කඳුලු නැගුනේය. ඇයි නිර්මලා අඩන්නෙ... යැයි මා ඇසු කල..
නෑ නිකං යැයි ඇය කීවාය..

මා සිතා සිටියේ ඇය ඉරෝමි හා මා අතර ඇති රුවිත සම්බන්ධතාවට විරුද්ද වෙලාය කියලාය...
මං ගියෙ එයාට උදව් කරන්න නේ..අනික ප්‍රෙග්නන්ට් ලේඩ් කෙනෙක් එක්ක කවුරුත් ගියා කියල මොකො වැඩක්ය...ඔයා තේරුම් ගන්න නිර්මලා..එයාගෙ මහත්තය බිස්නස් කාරයෙක් සල්ලි මාරයෙක්..එයාත් ආසයි..තමුංගෙ දුක සැප නිතර හොයල බලනවට...
මං ඔ්‍යාට වෙනසක් කරල නෑනෙ...

නැහැ නැහැ කෝකිල එහෙම එකෙකට නෙමෙයි...මට ඔයා සල්ලි දෙනකොට මොකද්ද වෙනවා..ඒත් මෙතෙක් කාලෙකට ඒක දැනුනෙ නෑ. ඒත් අද ඔයා මට ණය සල්ලි දෙනකොට මට නිකං මං විකිනෙනවා කියල තේරනවා...ඔයා ඇයි මාව මිලට ගන්නෙ කියන්න දන්නෙ නෑ..ඒත් හරිනං මාත් ඔයාට සල්ලි ගෙවන්න ඕනිද මන්දා...නිර්මලා කිව්වා..

ඕක එච්චර ගනන් ගන් එපා නිරු...මේ කොල අස්සෙ මුකුත් නැ..ඒව ගැන වාත වෙන්න එපා...දැන් අඩන් නැතුව ඉන්න...මං යන්නම් රෑත් වෙනවා නේ...අම්ම බනිනව රෑ වුනාම..
අපි හෙට පොඩි ටිපක් යංෙකා් පැයක දෙකක විතර...
  

10 comments:

  1. ආසාවෙන් කියෙව්වා කතාව ලස්නයි

    ReplyDelete
  2. නිර්මලා නම් දැරිය හිමි සළුවඩන මැනිකේ නිර්මලා
    මල්හිනා නුඹේ තැවරිලා කිරි ඉද්ද මල් වැට පීදිලා

    කුලගෙවල් සැරසිලි කලත් අපි සළුවඩා පාවඩ එලා
    නිර්මලා නිර්මල නැතැයි මා නුඹෙ ලොවින් පිටමං කලා

    ReplyDelete
    Replies
    1. නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා!:D

      Delete
  3. // හරිනං මාත් ඔයාට සල්ලි ගෙවන්න ඕනිද මන්දා...නිර්මලා කිව්වා..//
    හෙහ්. හෙහ්.. හෙහ්...

    ReplyDelete
  4. පට්ට කතාව බොසා.. උබ මෙ වගෙ සීන් එකකට සෙට් වෙලා එහෙම නෙමේ නෙද??පිස්සු කෙලින්ඩ එපා..

    ReplyDelete
  5. මං ආස කරන විදියේ කතාවක්. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ ගණිකාව කියන්නේ ඇට මිදුළු විතරක් තියෙන හිත පිත් නැති බැල්ලියෝ ටිකක් කියලා. ඒත් හිතල බලනකොට ආදරය කරන්න ආස ඒත් කවුරුත් ආදරය නොකරන, සමාජයෙන් කොන්වුනු ඒ හින්දම සමාජයට වෛර කරන පිරිසක්.

    මං දවසක් අහම්බෙන් ගොඩවෙලා උඩින් පල්ලෙන් බලලා කමෙන්ට් එකක් දැම්මට අද තමයි සීරියස් කියෙව්වේ. මුල ඉඳන් කතා ටික බලන්න වෙයි වගේ අගක් මුලක් තෝරාගන්න.

    ReplyDelete
  6. මාර කතාවක් නේ...
    අමුවෙංම ලිවුවත් අනේ මන්දා මට මේක අල්ලලා යනවා..
    පට්ට..

    ReplyDelete
  7. වෙනස් මාතෘකාවක්,
    ගණිකාවක් උනත් මිනිස්සු බන්. උනුත් කැමතියි ආදරේ ලබන්න.
    අනිත් දවසේ සල්ලි දෙන්න යන්න එපා

    ReplyDelete