Monday, October 1, 2012

5 වෙනි කොටස


මේ සම්බන්ධය හිතන තරම්ම සුන්දර නැහැ. ඒක අස්සෙ හිත රිදවන්න බලාගෙන ඉන්න නරුමයෝ පිරිලා හිටියා.. උං බලාගෙන උන්නෙ කාලෙකින් මස් කට්ටක් නොලැබිච්චි නරි රෑනක් වගේ. මාව උලා කන්න...

අඩෝ මේන්න බං බැන්දා..මේං මං කඩපු නැති පෙට්ටියක් හොයාගත්තා කියලා බොහොම සන්තෝසෙං කසාද බැඳපු මගේ යාලුවො ලෝකෙට පෙන්වන්නෙ එක්තරා ලෝකයක්.. පේස්බුක් එකේ තියෙන්නෙ උං සතුටින් ඉන්න ඒවා.. පිටිං බලන අයට පේන්නෙ අලුත් බැදපු කපල් එකක්.. ඒත් ඒ ජීවිත අස්සෙ ඒකාකාරී බෝරිං ගතියක් තිබුනා.. ඒ බෝරිං වහන්සේලා නිකං ආතල් එකේ ඉන්න නොබැඳපු උන් තල්ලුකරලා ඇදලා උංගේ අර බෝරිං නරා වලට දාන්න යනවා. ඒ මට හිතුන හැටි..

මේ මට හිතුන හැටි දේවල් අනික් උන් ඔක්කොන්ටම එහේමම හිතෙන්න ඕනි නෑ.. ස්වභාවයෙන්ම මට මගුල් ඇල්බම් වෙඩින් කියන්නෙ මහා අජූත බිස්නස් එකක්..කේක් එකේ ඉදලා ප්‍රීති කොප්ප දක්වාම මාකටිං වෙන තැනක්. අපි බැන්දා කියන කියන්න මිනිස්සු වලිකන තරමක්...ඒ බැදිල්ලට අපිත් මැරෙන්න ඕනි මැරිල්ලක්... නීල් ආම්ස්ටෝන් හදට යනකොට ඒ ඇඳුම ගැන ඌ ඒතරං හිතන් නැතුව ඇති... ඒත් දැන් තියෙන තාර බේරුන ටයර් වැටිච්චි බුරියවල් වටේ සාරිය ඔතන්න මේ ගෑනු දරන මාන්සිය...වෙලාවකට හිනාත් යනවා.. ඒ ටෑර් කෑල්ල පෙන්වන්න මුං ගහන ප්ලෑන් දිහා බැලුවම..

මේ විකාරදායක අදහස් ආවෙ වෙඩින් එකකදි බීපුහම. වෙඩින් එක කන්තෝරුවෙ එකෙක්ගෙ...බැන්දෙ කෙල්ලෙක්ව...කෙල්ලනං කොහේද මන්දා...ඒ කෙල්ල ලස්සන ඇති. ඒත් මුන දැක්කෙ නෑ හරියට... ඉතිං එක එකා මට හින්ට් ගහන්න ගන්නවා.
මට මගේ නිර්මලාගෙ ලව් එකට.. නිර්මලා කියන්නෙ ගණිකාවක්. ඒකිත් එක්ක තමයි මං ඒ දවස්වල යාලුවෙලා හිටියෙ.. 
 
මචං මේ කෝකිල දැං හයරිං වෙහිකල් එකක් ගෙදර ගෙනියන්න හදනවා නේ.. මෙච්චර රටේ අලුත් බ්‍රෑන්ඩ් නිව් තියෙනවා ඒත් මූ පදින්න හදන්නෙ ටැක්සියක්... සල්ලි කියල අඩුද? නෑනෙ? මොකෝ ලොකු දේවල් තියෙනවාය මූ නඩත්තු කරන නෑනෙ... කමක් නෑ පුතේ ඔන්න ටැක්සි ගෙදර ගෙනිච්චා වගේ නෙමෙයි පරණ ටැක්සි කාරයො ගේවටේ එන්න ගත්තාම....  
ඒ මගේ බොක්ක ෆිට් එකක්.. කියපු කතාවක්.. ඒක හරි ලස්සන විහිලුවක්... හරිම වැදගත් මං හිතුවා..

පුතා අපි වැඩකරන කොට අර කැම්පස් කාලෙ ඉස්කෝලෙ කාලෙ වගේ හැමදාම සැහැල්ලුවෙන් තීරණ ගන්න බැහැ.. ඔයා බොහොම හොද දක්ෂයෙක්...වගකීම් දරන්න පුලුවං නිර්මාණශීලි මනුස්සයෙක්..මං මේ නරකකට කියනවා නෙමෙයි. ඒත් ඔයාලගේ වයසෙ අය අපි කියන ඒවාට ලේසියෙන් කේන්ති ගන්නවා.. ඒත් කෝකිල ඔයා මා යටතෙත් මේ කන්තෝරුවෙ කාලයක් හිටිය නිසායි කියන්නෙ...අර ගෑනුලමයත් එක්ක ප්‍රසිද්ධියෙ එහෙ මෙහෙ යන එන එක තැන් තැන්වල රවුං ගහන එක පොඩ්ඩක් අඩු කරන්න. ලෝකෙ අපිට වෙනස් කරන්න අමාරුයි සමහර දේවල් අපිට ලොකෙ වෙනුවෙන් වෙනස් වෙන්න වෙනවා.. මං ගැන අමනාප වෙන්න එපා... කෝකිල මගේම පුතාලගේ වයසෙ නිසා කිව්වෙ.. සමහරවිට කෝකිලට මේවා කියල දෙන්න තව අය ඇති..ඒත් ඔය වගේ සෙල්ලම් හොඳයි..ඒත් එලිපිටම ඕවා කරන්න තරම් මේ සමාජය තාම දියුනු නැහැ..
ආරිය මහත්තයා හෙවත් මං සොක්කෙක් කාලෙ හිටපු බොහොම හොද මනුස්සයෙක් ඒ විදියට මට උපදෙස් දුන්නා... ඒ මනුස්සයා හදවතින්ම මං හදන අදහසින් කියන්න ඇති. ඒත් ඒ මැන්ටලේට මොකටද මගේ ලව් ඉලව්...මට හිතුනෙ එහෙමයි..

මොනාද කෝකිල ඔයාගෙ වැඩ...දැන් මේ වගේ තැනක ඔයා එක්ක කතා කරන්නත් ලැජ්ජයි වගේ..එක දවසක් අර විකිනෙන ගෑනු කෙනෙක් අරං යනවා. මං මේ ලගදි දැක්ක කලිං ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ් එක්ක හොස්පිටල් එකට ක්ලිනික් යනවා.. කෝකිල ඔයා ටිකක් අමුතු තීරණ ගන්න ටිකක් මේ ඉන්න පිටින් හිනා ඇතුලෙන් ගේම් කාරයො වාෙග නෙමෙයි නිසා කියන්නෙ... කෝකිල ජීවිතේ ඒ තරං සැහැල්ලුවට අරගන්න එාප කෝකිල...පොඩ්ඩක් හිතන්න කවදා හරි කසාද බැන්ද දවසක ඔයාගෙ වයිෆ් දරුවො මේව දැනගත්තොත්.. ඔයා තීරණ ගන්නකොට සාමාන්‍යයෙන් අනික් අය වගේ කවදාවත් තමුං බේරෙන්න උත්සාහ කරන්නෙ නෑ..
 අපි යූනියන් කේස් එකක් කරත් ඔයා වැඩිය නටන්න යන්නෙ නෑ අනික් ලොක්කො වගේ...කලිං හිටපු යාලුවෙක්...දැන් ඔයාගේ සේවකයෙක් විදියට කියන්නෙ කෝකිල...ටිකක් හිතන්න... අනේ මන්දා මට තේරෙන විදියට වේස ගෑනියෙක් එක්ක රටට පේන්න රවුං ගහන්න බඩදරු අම්ම කෙනෙක්ට සර්විස් දෙන්න යනවාට වැඩිය ඔයාට දැන් තමුන් ගැන හිතන්න කාලෙ හරි...

ඒ නාමලී..නාමලී මට ලයින්ද..අනේ මන්දා..කොච්චර වුනත් සෝක් ඇඟ... මං ආස කරන ටිකාක් තප්ප දෝරු සයිස් එක... එයා මට උපදෙස් දෙන අස්සෙත් මගේ ඇස් ගියේ එයාගේ ලස්සන බුරියට...අනේ ඒක අද ලස්සනට පේනවා...ඒ සාරිය ඇදපු හැටි ලස්සනයි... නාමලීටත් පස්ට අයිඩියා තියෙනවා...නාමලී ටිකක් ඉස්සරහට ඇදල ගන්න ඕනි..ඊළඟ ප්‍රොජෙක්ට් වලදි.. මට නාමලී කියපු දේවල් ඇහුනා..ඒත් ඒවා හිත ඇතුලට ගියේ නෑ...ඒත් යාලුවෙක් විදියට හරි පැත්කට වෙලා නිකං කට අතින් වහගෙන ඈතින් හිනාවෙලා යන්නෙ නැතුව..මට උපදෙස් දෙන්න ආපු නාමලී පස්ට කෙල්ලෙක්.... මට ඒ කෙල්ලා ගැන පැහැදීමක් ඇතිවුනා..

උඹ ඉරෝමිට කැබ් සර්විස් එකක් කරනවලු නේ බං..හිකි හික් හිකි හික්...උඹත් මාර වෙලාවල් නේ බං තෝරගන්නෙ..දැං ඉතිං කැබ් සර්විස් දුන්නා කියලා උඹට කිසිම වාසියක් තියෙනවාද..නෑනෙ...සික් ඉතරක්...ඉති ං ඉතිං...එච්චරයිද නැත්ද තව අලුත ්ෙද්වල් හෙම?

ඒ මට ටෙලිපෝන් කරපු යාලුවෙක් අහපු දේවල්..

කොහොම හරි මේ ආකාරයට උඩු ගංබලා පිහිනීම හිතන තරම්ම ලේසි දෙයක් වුනේ නෑ..අපි අතර සමහර විට ආත්මීය, ප්‍රේමනීය යමක් නොතිබුනත් ඒ නැති දේවල් ඇතිවෙන්න හේතුවාසනා වෙන්න ඇති මේ අනවශ්‍ය ප්‍රතිරෝධය.. ඇයි මිනිස්සු මේ තරං අනික් අයගැන වද වෙන්නෙ. මට නං හිතාගන්න බෑ.. මගේ කන්තෝරුවෙ මට පැරලල් නාකි බුලට් සෙට් වුනාම උං එක්ක කතා කලාම උං දන්නවා..තමුංගේ ස්ටාෆ් එකේ පුංචි අම්මලාගේ පුතාල දුවලා ගැනත්.. ඒ තරං එක එකා ගැන පර්සනලි දන්නවා.. ඒත් මං දන්නෙ නං ටික විතරයි.. ඒකත් අයි ඩී එක ඉස්සහින් ගහන් එන නිසා හොදයි..නැත්තං නම දන්නෙත් නෑ.. හරියට වැඩ ටික කරනවනං ඇයි අපි උන්ෙග පවුලෙ ඉන්න ළමයි ගාන...අනං මනං ගැන වාත වෙන්නෙ.. මාර පස්න තමයි අපේ බුවාලටත් තියෙන්නෙ..

ඉරෝමිගේ මහත්තයා බුවා ලංකාවට ආවා.. මෙන්න බොලේ බුවා බිස්නස් වැඩ අනං මනං පොඩ්ඩක් ඈත් කරලා ගෑනි පස්සෙ යන්න අරං... ඌට මොකා වැහිලාද මන්දා.. ඒත් හොද වැඩක් වෙලා තියෙන්නෙ.. මිනිහාට ආරංචි වෙන්න ඇති මං ටැක්සි සර්විස් දෙනවා කියලා.. ඉරිසියාව ටිකක් ප්‍රබල ඉෆෙක්ට් එකක්..තමුංගේ ගෑනු කෙනා සෙක්ස් කරන්න බැරි මට්ටමක හිටියත් වෙන පිරිමි අය එක්ක එහෙ මෙහෙ කැරකෙන එකට ඌට ජෙල ඇති. මං හිතුවෙ පොර සතුටුවෙයි මේ කාලෙට වෙන එකේක ආව එක ගැන කියලා..ඒත් මං හිතුවාට වඩා ඉරිසියාව ප්‍රබලයි... ඉරෝමිට පෝන් පාවිච්චි කරන්න දෙන්නෙත් නෑලු බබාට නරක් වෙයි කියලා.. අනේ ඌයි මායි දන්න මෙඩිකල් සයන්ස්.... ඔය වෙන්න ඇත්තෙ මං පෝන් එකෙන්. නතා කරලා ආයි ඉරෝමි ඇදගනී කියලා වෙන්න ඇති.. පල හිපාටුවා යන්න ...මට ඉන්නවා රත්තරං කඳක් බොගෙ ඔය පුබ්බපු වෙහිකලේ ඕනි නෑ...මගේ එක ත්‍රී ඉයර් එක්ස්පිරියන්ස් හරිය.. මිනිහා මාත් එක්ක ගේමට ආවනං එහෙම බනින්න හිටියෙ...
ඒත් ඉතිං ඒවා මනෝ වලි විතරයි..සමහර විට ඌ ආවනං මං මාරුවෙලා නොපෙනී යන් තිබුනා..නැත්තං පොර දැකලා ආ මිස්ට කියලා කතාකරලා තේ වතුර දෙන්න තිබුනා.. ඒත් මිනිහා දැන් හතුරෙක්..මං මනසින් හරි ඒ ගෝතයට බනින් ඕනි.. නැත්තං හිතට මදි වගේ...

කූඹී නොයන රස ගුල 5 නිමි.
තව කොටස් වැඩිම උනොත් දෙකක් තියේවි..එච්චරයි.

11 comments:

  1. වාව් මාරයි කියන දේ කෙළින්ම කියල තියනවා. එක දිගටම කියවගෙන යන්න පුලුවන්.

    ReplyDelete
  2. niyamai machooo/ digatama liyapanko.

    ReplyDelete
  3. මේ ලියන විදියට මම ආසයි... කාලෙකින් කියවන්න බැරිවුනත් අද කියෙව්වා... හැමදාමත් වගේ වෙනස්ම කතාවක් වෙනස්ම පැත්තක් ගැන

    ReplyDelete
  4. ආ උඹ ම්ම කියපු දේ කරලා, ඒත් තව කොටස් දෙක්ක නෙවේ දහයක් වුනත් කියවන්න ඇහැකියි බන් කිසිම අමාරුවක් නැතිව. පුයර දාලා, ඔප මට්ටම් කරපු නැති පොල්ලෙන් ගහනවා වගේ විදින වචන වල මහ අමුතු රසයක් තියනවා බන්.
    මම හිතන්නේ ඒක අපිට දැනෙන්නේ අපිත් මේ නිදහසට හිත යටින් කැමති නිසා වෙන්න ඇති.
    සුපිරියි මචන්

    ReplyDelete
  5. මරු මරු... හැබෑට මේක කොටස් කීයක්ද?

    ReplyDelete
  6. potak gahannako mewa okkoma dala

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්... හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  8. හොද කතාවක්. කෝකිල කියන්නේ මේ ලෝකේ ඇතුලේ ලෝකයක් හදා ගත්තු මිනිහෙක්. හුඟාක් අය වෙහෙස වෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න විතරයි.

    ReplyDelete