Friday, October 5, 2012

7 වෙනි කොට (අවසානය)

කූඹි නොයන රසගුලේ තවත් කතාවක්..
හැම දෙයක්ම වෙනස වෙන්න ගියේ බොහොම සුලු කාලයක්.. සේපාලයියා එදා මට ගෙන්නලා බොන්න දිල තිබුනෙ ඇයි කියලා පස්සෙ එයා කිව්වා..
මල්ලි නිර්මලා කියනවා ඔයාගෙන් ගනිපු සල්ලි ඔක්ෙකාම ඔයාට දෙන්න ඕනිලු... අනේ මන්දා..ගෑනු හරි වෙනස්..
ඒත් මට ඒක කරන්න විදියක් නෑ.. සොරි.. නිර්මලා ඔයාට පොඩි ගානක් ගෙනත් දෙයි.. ඒත් ඔක්කොම සල්ලි නම් නෙමෙයි..

මට සල්ලි එපා...ආයෙ මට සල්ලි ඕනි නෑ කියලා නිර්මලාට කියන්න..

ටික වෙලාවක් නිස්සද්දව හිටපු සේපාල අයියා ආයෙත් කතාව පටන් ගත්තා..
සමහර වෙලාවට අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් අපිට එනවා.. නිර්මලා සම්භන්දයෙන් එ් වාගේ දෙයක් දැන් වෙමින් යනවා. ගොඩක් වෙලාවට තව මාසයක් ඇතුලත නිර්මලා ලංකාවෙ ඉන්න එකක් නෑ..

ලොකු බිස්නස් කාර, පොලිටිකල් පුතෙක් නිර්මලා පස්සෙ වැටිලා.. මිනිහා මාත් එක්ක එච්චර හොද කෙනෙක් නෙමෙයි.. මීට කලින් කෙල්ලෙක් ගෙනියලා මූ බඳිනවා කියලා විකාර කලා.. අනික කෙල්ලො එක්ක හැසිරෙන්නෙ මූ තිරිසනෙක් වගේ...

මං ආයෙත් ඌ එක්ක පැටලෙන්න යන්නෙ නැතුව ඉන්න හැදුවෙ.. සමහර විට මල්ලිගේ වයසෙ මම හිටියනම් ඌ එක්ක හැමිනෙන්න යයි.. එත් දැන් ඒවට වෙලාව නෙමෙයි.. අනික මොන පැත්තෙන් බැලුවත් පොරට මට ෂොට් එක දෙන එක ගේමක් නෑ..

            පහුගිය දවසක දකින්න ඇති නිර්මලාගේ ඇගේ සීරීම් පාරවල් වගයක් තියෙනවා.. ඒ තිබුනෙ අර වනචර පාහරයා කරපු දේවල් තමයි.. මේ දවස්වල නිර්මලා ටිකක් හංගලා වගේ තියෙලා තියෙන්නෙ..
        මං එච්චරටම අනුකම්පා සහගත මිනිහෙක් නෙමෙයි.. ඒත් 89දි කැම්පස් එකේ මැරුන මගේ අක්කා වගේමයි මට නිර්මලා පේන්නෙ..වැඩි කතාබහ නැති නිවිච්චි කෙනෙක්.. ඒ වගේමයි පට්ට සාධාරනයි.. කිසිම සෝබන ගතියක් නෑ.. පොඩ්ඩක් එහෙං මෙහෙං කීයක් හරි ලැබුනා කියලා ඉගිලෙන්න යන්නෙ නෑ..
        අක්කා එදා කැම්පස් ගිහිං හරි වෙලාවට එලියට ආවනම් මාත් හොදට ඉගන ගන්නවා.. ඒත් අක්කාත් ඒ කාන්ඩෙට අහුවෙලා නැතිවෙලා ගියා.. එතකොට මම ඒ ලෙවල් කරනවා.. අක්කා මැෙරන්න කලිං දූෂණය වෙන්න ඇති කියලා තමයි ගොඩක් අය කිව්වෙ..
        මං ඉස්සර මොන මරි වැඩේ කලත් අක්කා දෙයක් කිව්වාම අහනවා.. අම්මලා තාත්තලා කියන වගේ දරුණු නෑ අක්ක කෙනෙක් කියන දේවල්.. ඒ කාලෙ මතක් කරලා වැඩක් නෑ..ඒත් මතක් වෙනව නේ ..

            මං තීරණය කරලා තියෙන්නෙ නිර්මලාව රට යවන්න.. රට ගිහිං ඒකි මට සල්ලි එවයි.. දැනට තීරණය කරලා තියෙන්නෙ උපාධිය ගන්න රට යන කොල්ලෙක්ට ජෝඩු කරලා යවන්න.. මායි නිර්මලායි පහුගිය දවස්වල සෙමිනාර් වලට ගියා පිටරට එඩියුකේෂන් ගැන තියෙන. උං ගියාම බාසාව උග්නවනවලු... හෙන ගානක් හොයත හැකි..ලු..යන්න යන ගාන මාස තුනෙන් ගත හැකි.. නිර්මලා මට පිටුපාන එකක් නෑ.. අඩු තරමෙ යවන්න යන වියදම හරි එවයි..
            කොහොමත් ඇඟ හූරගන්න නැතුව හැමදාම මනුස්ස අත් වලින් මිරිකෙන්නෙ නැතුව ඉන්න ඒ කෙල්ලත් ආස ඇති. මං මොකෝ මගේ දරුවෙක් කවදාවත් මේ වගේ ජරා රස්සාවලට යවනවය? නෑනෙ මල්ලි.. මට ඉන්න හොද කෙල්ලෙක් අඩු වෙනවා.. ඒත් අපි සල්ලි හොයන මැසින් නෙමෙයි නේ..අනික පාඩුවකුත් වෙන එකක් නෑෙන..කෙල්ල මෙහෙ හිටියට වැඩිය ගානක් සමහර විට එවයි...එහෙ ගිහිල්ල...

        මේවා දේව රහස්.. ඒත් කෝකිලට ඕව කියන්න කියාල නිර්මලා තමයි කිව්වෙ.. එයාට මූන බලන් ඕව කියන්න බෑලු..
නිර්මලා මට කිව්වෙ නැති වුනාට කෝකිල මහත්තයට ඒ කෙල්ල කැමති ඇති.. සමහර විට මහත්තයත් නිර්මලාට කැමති ඇති.. ඒත් නිර්මලා නිකම්ම නිකන් කණු යට ඉඳපු කෙල්ලෙක්ම නෙමෙයි.. හොඳ සල්ලි කාරයින්ට හොඳ ලොකු කණු වලට වෙලාවකට පනස්දාහට ලක්ෂෙට පවා ගිය බඩුවක්.. ඉතිං මහත්තයා ඒ වගේ එකක් බඳින්න බැරිෙවයි...බැන්දත් රුපියල් පනස් දාහක් දිලා ගහපු එක සත පහක් වත් වියදං නොකර කාර් එකේ බලෙං දාන් යන්න උන් ඉඳීවි..
            සමහර දේවල් වෙනස් කරන්න බෑ...අපිට වෙනස් වෙන්න වෙනවා.. මේ නිර්මලාට සෙට් කරල රට යවන කොල්ලා බොහොම අඹයෙක්.. ඌ දන්න නැතුව ඇති කිසිම විස්තරයක්.. හොර සහතික සෙට් එකක් ගත්තා පනස් දාහක් විතර වියදං කරලා.. සමහර විට ඒ කොල්ලා නිර්මලාට සෙට් වෙන්නත් පුලුවනි.. නිර්මලාත් කැමතියි වගේ.. මුලින් නම් අකමැති වගේ හිටියා.. ඒත් ඌ පොඩි කොල්ලෙක් නිසා ඒ තරං කරදරයක් වෙන එකක් නෑ කියලයි කෙල්ල හිතන්නෙ..
            එක අතකින් පවු බං ඒ කොල්ලගේ අම්මයි තාත්තයි.. සමහර විට පුතා රට ගියාට පස්සෙ බඩු ගහලා විනාස වෙයි කියලා නැත්තං කොල්ලන්ට අහුෙවල විනාස වෙයි කියලා වෙන්න ඇති උං කෙල්ලෙක් එක්ක ජෝඩු කරවලා රට යවන්නෙ... එ්ත් යවන එකත් බඩුවක් කියලා දැනගත්තොත්... හෙහ් හෙහ් හෙහ්...

            මං දන්නවා ඔය සීන් එක.. එහෙම ගියාම මුං දෙන්නගෙන් එක්කෙනක් ඉගෙන ගෙන අනික් කෙනාට ෆුල් ටයිම් වැඩ කරන්න පුලුවන් නේ සේපාල අයියා?
මා බොහෝ වෙලාවකට පසු පොලවට බැස ප්‍රශ්ණයක් ඇසුවෙමි..
හුම් දන් නෑ මහත්තයා..ඒහෙම කපල් කරලා යවන්න කස්ටිය හොයනවා කියලා විතරක් මං යන්තං දන්නවා.. ඒනිසා තමයි මං ඒ එක්සිබිසම් එකට ගියෙ..
            කෝකටත් මහත්තයා තව දවස් කීපයකින් නිර්මලා රට යයි.. මං මහත්තයට හොඳ වෙන එකක් සෙට් කරන්න බලන්නම්.. නිර්මලා ඇහුවොත් මං දෙන ගාන වගේ දෙගුණයක් දුන්නා කියලා කියන්න ඈ.. මං හිතන් ඉන්නෙ මහත්තයට ලක්ෂයක් දෙන්න..
නිර්මලා ඇහුවොත් දෙකක් ලැබුනා කියලා කියන්න..

            මට වෙන කෑලි එපා.. සල්ලිත් නොලැබුනත් කමක් නැ..ඒත් නිර්මලා දෙනවනං කමක් නෑ..( මා ඒවෙලේ සිතුවේ ඒ සල්ලි මා නොගත්තත් අනිවාර්යෙන් ඒවාද සේපාලටම සින්න වන බවය)
                සේපාල අයියා මට වෙන කෙල්ලොනං නැති වුනාට කමක් නෑ. මට ඕනි වුනොත් ඔයාට කෝල් එකක් දෙන්නම්... මට තව එකපාරක් නිර්මලා බලන්න ඕනි..
            ඇයි එකපාරක් තව දවස් හතක් හෝ දාහතරක් ලැබෙනවා.. අර ඇමටි මැරයින් දැන් හොයනවා හැමතැනම.. උන්ටත් නොපෙනි.. අර පොඩි කොල්ලාටත් නොපෙනි.. කරගන්න දෙයක් කරගත්තාට අමනාපයක් නෑ.. ඒවට සල්ලි එපා..
            මා සේපාලයියාගේ ගෙදරින් එලියට බැස්සේ දහසක් වේදනාවන් සිත තුල දරාගෙනය. මා ප්‍රේම කර එකල එය නැතිවූවාට වඩු වි්ශ්මයකුත් මහා කාලකන්නි බවකුත් මගේ ශරීරය වෙලා ගති.. නිර්මලා ගැන තරහක්ද සිතට ආවේ මෙතෙක් දේවල් මට කිසිවක් නොකියා සිටිම ගැනය..

        නිර්මලා ඊළඟ දිනයේ හමු වූ විට මා මුලින්ම කලේ ඇයට පතුරු යන තුරු බැනීමයි.. ඉන් පසු ඇය සෙමින් ඉකිගසමින් කතා කලාය.. හරි දැන් ඔයාට කිව්වා කියලා ඔයා අර ඇමැටි පුතාට ගහන්නද? නැත්තං සේපාලයාට ගහන්නද?
ඒවා හින්දි චිත්‍රපටිවලට හොඳයි..
ඇත්ත තමයි ඔයා දැනගත්තම කිසිම දෙයක් කරන්න බැරි එකට ඔයා මූඩ් ගහන එක.. මං මොකටද ඔයාව නිකං මූඩ් ගස්සවන්නෙ?
තේරුං ගන්න. මටත් බේරිලා යන්න පොඩි ඉඩක් හරි තිබුනනම් මාත් ගිහිල්ල..
නිර්මලා කීවාය..

අපි බොහෝ වෙලා නිහඩව සිටියෙමු.. මා නිර්මලාගේ අත් දෙක අල්ලාන්නා ලදී.. ඇය නැමී අත් උඩ මුහුන හොවාගෙන අඩන්නට විය..
මා කතා කරන්නට පටන් ගතිමි..
මටත් තිබුනා ඔයාව කසාද බඳින්න.. ඒත් අපිට පොඩ්ඩක් කතා කරන්න බෑ මොකෙක් හරි දකිනවා...අපේ අම්මලා තාත්තලා,. ඒ මිනිස්සු ඔක්කොම අත ඇරියත් මට කියලා ජීවත් වෙන්න මොකෙක් හරි සමාජයක් ඕනි..
නිර්මලා මට සොරි.. මං මහ *රියෙක්..මං මහා නරක මිනිහෙක්..
මං කීවෙමි..

මං කවදාවත් හිතුවෙ නෑ කිසිම කෙනෙක් මට ආදරය කරයි කියලා.. ඒක නිකං චාරිකාවක් වගේ...ගිහිං ආවම කිසිම දෙයක් නෑ..ඒත් කෝකිල ඔයාගෙන් මං දෙයක් ගත්තා.. මට දීපු රුපියල් හාරදාහට වඩා දෙයක් අපි අතර තිබුනා.. අනේ මන්දා.. අපි කවදාවත් ආදරෙයි කියලා වචන වලින් කියාගෙන නැතුව ඇති. මට නං කියන්න තිබුනා. මොකද සමහර මිනිස්සුන්ට ගැස්සෙනවා මදිවට ආදරෙයි අයිලව්යූ අනම් මනම් කියලා කෑ ගහන්නත් ඕනිනේ.. ඒ නිසා මට වචන කියන දේ හරි සරලයි..

        ඒත්..ඒ වචන කතාන්දර..හැඟීම් පරදවලා ගිහිපු මොකක් හරි ඔයා ලඟ තිබුනා කෝකිල.. කවදාවත් ඔයා වගේ රොබෝ කෙනෙක් ආදරය ලබන එකක් නෑ කියලා මගේ යාලුවො කියලා තියෙනවා.. උං ඔක්කොම හිතුවෙ මාව අරගෙන කෝකිල රට පනී කියලා..
        ඒත් මං ඒකට කැමති නෑ.. ඔයා ලමයි ගොඩාරියක් හදන්න.. ඈ..
මේ වගේ දෙබසක් තිබුනා ෆිල්ම් එකක..

නිර්මලා අවසන් කලාය...

නිර්මලා රට යන දින මා ගුවන්තොටට නොගියේ මට එහි ගියානම් දුක ඉවසාගත නොහැකි නිසාය.. ඒ අතර ඉරෝමිගෙන් ඇමතුමක් පැමිණ ඇයට ළමයා ලැබුනා යැයි මට කීවාය.. එහෙත් ඒ ගැන මට උනන්දුවක් නොතිබුනි.. ඉන් පසු සේපාල අයියා ගේ මාර්ගයෙන් මා වෙනත් නිර්මලාවක් සමඟ සැතපී වෙහෙස නිවාගන්නට ගියත්.. ඒවා මහා පුදුමාකාර කෘතිම බවකින් යුක්ත විය.. මාගේ විහිලු හෝ වෙනත් ඉඟි ඇය තේරුම් ගත්තේ නැත..

        ගිය තැන පටන් ඇඳුන් ගලවාගෙන නටන සෙල්ලම පමණකි නිර්මලාගේ යහලු යෙහෙලියන්ට අවැසි වන්නේ.. එතනින් එහා කිසිදු බැල්මක් වත් ඔවුන් හෙලන්නේ දෙන ගාන අනුවය. ස්වභාවයෙන්ම පන්ඩිත මානී වූ මා නිර්මලා ඇමතීමටත් ඇය සමග බොහෝ කතා කිරීමටත් නොගියෙමි.. ඇය එහි ගොස් මෙහි අපි විසූ සුන්දර ජීවිතය මෙනෙහි කරනවාට.. ඇය සමග ආ ගිය තැන් කල කී දෑ කතාකරනවාට මා අකමැති විය..

        බොහෝ විට මට පෙනුන අයුරින් මෘදු ගතිගුණ ඇති වෙනස් ආකාරයේ ජනපද කල්‍යාණියක වූ නිර්මලා ඒ රටයන්නට ජොඩු වූ කොල්ලාට හෝ වෙනත් හොඳ මනුෂ්‍යයකුට හමු වන්නට ඇත..
        දැනුදු පාරේ යන පෙම් යුවලක් දකින වාරයක් ගානේ මට මගේ අතීතය හොල්මන් කරයි.. එහෙත් ඒ හොල්මන් අතරේ තවතවත් සැඟවෙනවා විනා.. මා හට ජීවිතය යන දැයෙහි වර්ථමානය සොයාගන්නට නොහැකි වීය..

            සමහර විට තවත් මාස කිහිපයකින් මා තවත් කෙල්ලක  සමග යාලු වෙනු ඇත.. නැත්තං අනේ මේ ගෙදර අයගේ බලකිරීම නෙව කියාල ඔබන්නට යමක් කරකාර බන්දාගනු ඇත.. නොබඳිණවා යැයි දෙස් දෙවොල් තියා පොරොන්දු වෙන බොහෝ දෙනෙකු මා ඇස් පනාපිට කොටු පැනලා හෝ නැත්තං කසාද බැඳලා ඇති බව මට අවට ලෝකෙයෙන් පෙනේ.. ඒනිසා මා කසාද නොබඳිනවා යැයි කිව නොහැක.. සමහර විට නිර්මලාට පසුව මා සමඟ යාලුවෙන අය ඇයට වඩා ආකර්ශනීය වන්නටද පුලුවන.. නමුත් මගේ හිතේ කොණක රුපිය්ල ලක්ෂෙට ගිහිපු බඩුවක් එක්ක මං යාලුවෙලා හිටියා යකෝ යන බොරු ගර්වය තැම්පත් වී ඇත..

කූඹි නොයන රස ගුල කථාව නිමි..

23 comments:

  1. මුල ඉඳලා අගටම දිගටම කියෙව්වා....

    ReplyDelete
  2. මුල ඉඳලම කියෙව්ව. හොඳ කතාවක්. නමුත් බොහෝ රචකයින් කරන වැරදි කිහිපයක් ඔබත් කර තිබෙනවා. එකක් තමයි කතාවක් වුණහම අනිවාර්යෙන්ම ආරම්භයක් හා අවසානයක් අවශ්‍ය යැයි සිතීම. මේ නිසා මේවා ඇති කර ගන්නට ගිහිල්ලා කතාව අල කර ගන්නවා. දැන් නිර්මලා රට යවන එක හොඳ අවසානයක්. නමුත් අතාත්විකයි. ඔහොම අනුන්ගේ කරේ එල්ලලා යවන්න පුළුවන් නම් මොනවා කරන්න බැරිද? ඇයි මේ අවසානයක් ඕනැ? අවසානයක් නැතුව කතාවක් තියෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මචං පොඩ්ඩක් ඔය සෙමිනාර් තියෙන බී ඇම් අයි සී එච් හරි නැත්තං සිනමන්ග්‍රෑන්ඩ් හරි හොටල් එකකට ගිහිං ඔලුව දාල බලහං....
      අනික මෙතන වෙන්නෙ ඩීල් එකක්... නිර්මලාගේ නිකං පව් සමා කරන්න අනික් එකකුටවත් ඕනි නෑ...උන්ට ඕනි එතනිනුත් කීයක් හරි ගන්න....

      අම්මලා මොකෙක් හරි සෙට් කලාට බන්දන්නෙ නෑනෙ... සෙට් කරලා යවනවා සමහර වෙලාවට...එතොකට අම්මලා හිතනවා පුතා රැකෙනවා හෝ පුතාව බලාගනී කියලා...

      නිර්මලා කසාද බඳීවි කෝකිල වීල් කාරයෙක් ඩ්‍රයිවර් කෙනෙක් ක්ලීනින් ස්ටාෆ් කෙනේක වුනානම්...මොන ලොක්කද ක්ලීනින් ස්ටාෆ් කෙල්ලෙක්, ගාමන්ට් කෙල්ලෙක් බඳින්නෙ..
      ඒවා ඇවිල්ල පොත් වල තියෙන හීන..

      සාමාන්‍යයෙන් මෙහෙ තමුන්ගෙ සීමාවට වැඩි මොකක් හරි වෙනවා වගේ නං කරන්නෙ තමුං රට යන එක නැත්තං අදාල එකා රට යවන එක...

      Delete
    2. ඔච්චර ලස්ස්නට ඕව වෙනව නම් මොනව කරන්ඩ බැරිද? කතාවට අවසානයක් ඕනැ උනහම වීරයව හෝ වීරවරියව රට පට වන එක අපේ නවකතා කරුවන්ගේ සුලබ උපක්‍රමයක්. හරියට සියල්ලෝම සතුටින් ජීවත් වූහ කියන්නා වාගෙ.

      Delete
    3. රට යවන එක ඒ හැටිම අතාත්වික නෑ....අද කාලේ දිනපතාම කටුනායකින් කීදෙනෙක්නම් රැකියාවලට ගුවන්ගත වෙනවද...ඒවා දැන් කාලෙ ඔය තත්වයේ ජීවිතවල සරල දේවල්

      Delete
    4. රට යවන එක අතාත්වික නෑ, මැද පෙරදිග රැකියාවකට. අතාත්විකයි කිව්වේ රට යපවු එක නෙවෙයි යැවූ ක්‍රමය.

      Delete
  3. කියවපු සිරාම කතා වලිං එකක්...
    පට්ටම පට්ට...
    අමුවෙං තිබ්බත් පට්ට...

    ReplyDelete
  4. කලින් කියපු එකම තමයි කියන්න තියෙන්නේ.... කතාවයි පින්තූරෙයි ගැලපෙන්නේ නැහැ කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  5. එක දිගට කියෙව්ව නියම කතාවක්.. හැබැයි අවසානය මෙහෙම වෙයි කියන එක මටත් හිතුනා.ඒ වුනාට පට්ට.

    ReplyDelete
  6. කතාවන් අතරේ හොදින් රසවිඳි කතාවක්.

    ReplyDelete
  7. මාත් පමා වෙලා ඇවිත් හරි දිගටම කියවපු කෙනෙක්. කොහොම උනත් මේ කතාව හොදයි. නිර්මලා හම්බ කරලා තියෙන හංදා මේ වගේ සමාජයක එයාට යමක් කරන්න ක්‍රය ශක්තියකුත් එයාගේ වගේ අනිත් අයගෙ නැති එයා ලඟ තියෙන මිනිස්සු එක්ක ගනුදෙනු පමණක් නොකර මිනිස්සු එකතු කරන ගුණයත් හංදා එයාට මේ විදිහේ ජීවිතයක් අත්පත් කර දෙන්න රචකයාට ඉඩක් ලැබෙනවා.නැත්නම් රචකයා මුල ඉදන්ම නිර්මලාව ඉදිරිත් කලේ ගනුදෙනුකාරියක් හැටියට නොවේ මිනිස් ගුණාංග ටිකක් වැඩිපුර දමලයි. ඒනිසා රචකයාට පුළුවන් කමක් ලැබෙනවා ඇයට උදව් කරන්න චරිත දෙක තුනක් හොයා ගන්න.

    නමුත් කතාවක පුධාන චරිත දෙක වෙන්වෙන අවසාන දැන් කාලේ බහුලයි. කෝකිල ආයේ මුලටම වැටුනා. නිර්මලා අනෙක් අය වගේම යන්න ගියා. නිර්මලාට අන්තිමට ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ ඇමති පුතාගෙන්වත් කෝකිලගෙන්වත් සේපාලයියාගෙන්වත් නොවෙයි; රචකයාගෙන් කියලා මට හිතෙන්නේ මේ කතාවේ රචකයා අච්චර ශක්තිමත් නිර්මලා කියන චරිතයට අන්තිම ටිකේදි තමන්ගේ නිශේදන බලය පාවිච්චි කරලා මර්ධනය කරලා තියෙනවා කියලා මට හිතෙන නිසයි.

    අමිල කියන තර්කයක් තියෙනවා මං දන්න ආකාරයට බිදිලා ගිය. සමහර කෝකිල ලා ඉන්නවා නිර්මලා ලා එක්ක ගිය. නවකතාවල නොවේ ඇත්ත සමාජයේ මේ අය ඉන්නවා. ඒවා හින නොවේ හැබැවන්.

    මේකේ සෘජු කථන රටාව මේ කාතවට ආලෝකයක් උනා කියලා මාත් හිතනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ‍කමෙන්ට්ස්....

      Delete
    2. මාත් එකගටි මේ කතාවට,

      මම මුල ඉදලම මේ කතාව රස වින්දා. දැන් උඹ කියන්න එප එහෙනම් මොන පුකක්ද දැන් කියන්නේ කියලා.

      මම කලින් කොටසට කොමෙන්ට් කරා වගේ චුට්ටක් උඹ කලින් කොටසේ ඉදන් මුලින් ඉදන් තිබ්බ රටාවෙන් පිට පැනපු ගැතියක් තේරුනා. මේ අවසාන කොටසේ උනත් උඹට මොකක්දෝ හදිස්සියක් තිබ්බද කියලා හිතෙනවා ඉවර කරගන්න. අර මුලින් කොටස් වල අපි කතා වෙච්ච "අමු" රහ ටිකක් එකෙන් ගිලිහිලා තියෙනවා.

      සමස්තයක් විදිහට උඹේ මේ උත්සහය මල් හතයි, වෙනත් කොණයකින් බලලා ලියපු කතාවක්. මේ විදිහ දේ තවත් ලියවෙනවානම් සුපිරියි.

      Delete
  8. හ්ම්ම්... ඒ කතාවත් ඉවරයි... මං ඉතින් දන්නේ කතාවක් ලියලා දුන්නොත් කියවන්ට විතරනේ... විචාර මට බැරිය...

    ReplyDelete
  9. එහෙමත් පුලුවන්ද ?

    ReplyDelete
  10. සාපේල්ෂව වෙනස්! සෑහෙන්න රස වින්ඳා!

    ReplyDelete
  11. හම්! ෆිල්ම් එකකට එල කතාවක් බං!

    ReplyDelete
  12. ඇත්ත කියන අය අඩුයි බන්...!!! :)D

    ඒ අතින් උඹ හිතේ තියන දෙය නියමෙට ලියලා තියනවා...!!! :)D

    නිර්මලා නොවුනත් ඒ කෙල්ලගෙ තිබුන හොද ගතිගුණ තියන කෙල්ලෙක් උඹට ලැබේවා!!! :)D

    ReplyDelete
  13. ඔක්කොම වැඩ පැත්තක තියලා කොටස් 7 කියෙව්වා.. පට්ට මචං !!!

    ReplyDelete
  14. Kaalekin kiyawapu siraama blog lipi tikak.

    Pissa.

    ReplyDelete
  15. AHAMBEN MEE BLOG TIKA KIYAWANNA LEBUNATH ... MEE KATHAWETH EATHA JEEWITH TIKAKATH THIYANA SAMANA KAMA DEKALA EHETA KADULAK AWA .....

    JEEWITHE AMATHAKA KARANNA HADANA EATH AMATHAKA KARANNA BERI .... ATHITHAYAK MATHAK KARALA DEELA ... HITHE KONAKA MERILA HITAPU EE ATHARAM WECHI ATHMAYA PODDAKATA HARI JEEWATH KEREWWATA UBATA GODAK PIN

    EATHAMAI MACHANG ... UBE HEKIYAWATA MAGEN SUBA PETHUM ... KEEP UP THE GREAT WORK

    P.S : KATHAWE 8WENI KOTASA LIYANNA YANAWA NAM PODI CREATIVE HINT EKAK DENNAM ...

    DEN KOKILA HODA BUSINESS MEN KENEK .. MINIHA THAMANGEMA BUSINESS EKAK KARANAWA PITA RATA ... OYA DEWAL WELA TIKA KALAK YANNA KALIYEN MINIHATA HODA OFFER EKAK AWA INT. BUSINESS GROUP EKA KA REGIONAL HEAD WENNA. KOKILA GE TALENT EKATA BOSS KEMATHI WELA MINIHAWA PARTNER KARA GATHA.

    KOKILA DEN SALLI KARAYEK ...

    EATH THAMATH HITHIN EE NIRMALATA ADAREE KARANA EE NIRMALA GENA EYATATH NODENENNA HOYA BALANA ... INNA RATA KARANA DEWAL DENA GATHATH KARADARAYAK WEI KIYALA HITHALA EATHATA WELA INNA. NIRMALA DEN AMMA KENEK DARUWEK INNA EE RATA GIYA KOLLAWA MARRY KARALA(HUSBAND WEDA KARANNETH KOKILAGE COMPANY AKE SOFTWARE ENGINEER KENEK HETIYATA KOKILA THAMA EYAGE KAWADAWATH DEKAPU NETHI... CEO)

    KOKILA LAGADI KASADA BADINNA YANNE ... AHINSAKA DUPPATH RANA WIRUWEK GE ATHIN ANATHA WECHI DARUWEK INNA GENIYEK WA ...

    ITHURU TIKA MOKO WENNE KIYALA BALANNA KAALAYATA BAARA DEMU .... KATHAWE ITHURU TIKA LIYANNA .....




    ReplyDelete
    Replies
    1. මේ කතාව ලිව්වාට පස්සෙ කොටස් හතම මං තාම එකපාර කියවලා නැහැ..මේකෙ බැලන්සින් වල අවුලක් තියෙනවා..ඊට අමතරව මේකෙ කතාවල තාත්වික ගතිය අඩුයි කියලත් ගොඩක් අය කිව්වා...කොහොම වුනත් මං මින් මනත ලියන කතා කෑල්ලක් දාල ඉතිරිය පස්සෙ ලියන්න ඉන්න එක වැරදිය ිකියලා මට හිතෙන්නෙ.. එක්කෙනෙක් හරි මේක ඇ්තත කියලා හිතුනනං..මේක රියල් ලයිෆ් එකට කිස්ටුයි විය හැකි දේවල් කියලා හිතුන නම් ඒක ලොකු දෙයක්...

      Delete
    2. SAMAHARUNTA MEKA KATHAWAK WENNA EATHI EATH SAMAHARUNTA MEKA EYALAGE REAL LIFE EKATA GODAK KITTU GOTHAPU KATHAWAK WENNATH PULUWAN AMILA ...PODI PODI WENAS KAM THIBBATA HARAYA EKAI .... EATHA JEEWITHA KIHIPAYAKATH ... MEE OYA LIYAPU KATHAWETH

      KEEP UP THE GOOD WORK BUDDY ... AWESOME CREATIVITY .. GOOD LUCK

      Delete