Thursday, October 18, 2012

ඇස් කන්ණාඩි බෙදාදී පින් පුරවාගමු.

ඇස් කන්නාඩි බෙදන්නට තැනක් සොයාගැන්ම..
තියෙන තැනකට බෙදනවාට වඩා නැති තැනකට බෙදීම පහසුයි ලේසියි. කල්පනා කර බලන්න මගුල් ගෙදරකින් බත් පිඟානක් බෙදා ගන්න අවස්තාව...අපි හැමවෙලාවමෙ අලුත් එලෝලුවක් මාලුවක් බෙදාගන්න හදන්නේ මොනවත් නැති තැනකට නේද? ආන්න ඒ වගේ අපි කන්නාඩි ගන්න සල්ලි නැති දුප්පත් අසරණ මින්ස්සු ඉන්න පළාතක් තෝරා ගන්න ඕනි.. පොහොසත් අයවලුන් ඉන්න තැනක් තෝරා ගත්තොත් අපිට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නෑ..

වැඩේට තැනක් හොයාගන්න හැටි..
ගමේ පන්සල හෝ පල්ලිය හෝ ගමේ ප්‍රසිද්ධ මනුස්සයෙකුගේ තැනක් අපිට නොමිෙල්ම වෙන් කරගන්න පුලුවනි.. ප්‍රජා සත්කාරය වෙනුවෙන් අපිට ගමේ හෝ නගරයේ දුප්පත් වීදියෙක පන්සලක සාලාවක් හරි වෙනත් ප්‍රජා ශාලාවක් හරි වෙන් කරගන්න පුලුවනි.. මේ වැඩේට පන්සල ගන්නවානං අපිට ඒ ගමේ හාමුදුරුවන් ඒ සඳහා සම්බන්ධ කරගන්න පුලුවනි.. හාමුදුරුවො නොමිලේම අපිට මාකටිං වැඩේට යොදාගන්නත් පුලුවනි.. අනික අපි කන්නාඩි බෙදන අවස්ථාවට ගැලපෙන වතාවත් සහ දේශනාවකුත් හාමුදුරුවන්ගෙන් ගන්න පුලුවන්.. ගමක නං ටිකක් දන්න කියනෙ ස්කෝල මහත්තයෙක්,..පරණ මනුස්සයෙක් දායක කරගන්න එක වැදගත්.. මොකද ඔය පරණ ඉස්කෝලෙ මහත්වරු සහ ගමේ ප්‍රබූවරු මෙලෝ හසරක් දන්නෙ නැති වුනාට පොඩියක් මුරුංග අත්තෙ තිව්වාම අපිට ඕනි තැනකට සායං ගාව ගත හැකි..සෝක් තින්ත බාල්දි සහිත අය..

කන්නාඩි බෙදීමේ මාකටිං කැම්පේන් එක..
අපි කන්නාඩි බෙදන්න ගත්තට කන්නාඩි ගන්න කවුරුත් ආවෙ නැති වුනොත් ඇත්තටම කිසිම වැඩක් නෑ.. ඒ නිසා අපි ගමේ හොඳ මාකටින් කැම්පේන් එකක් කරන්න ඕනි.. වැඩිය වියදමක් ඕනි නෑ.. ඔය පෝස්ටර් කෑලි ටිකක් ගමේ කඩවල් ලඟ ඉස්කෝලෙ ලඟ. ග්‍රාමසේවක මහත්තයා ගාව..වගේ ජනප්‍රිය තැන් ටිකක අලවන්න ඕනි.. ඊට අමතරව කන්නාඩි බෙදාදෙන දවස කිට්ටුවෙලා එක පාරකුත් පුලුවන් නම් කන්නාඩි බෙදා දෙන දවසෙම වැඩේට කලියෙං තව පාරකුත් ගම වටේ ලවුඩ්ස් පීකරයක් ත්‍රිවිල් එකක ගැටගහලා යැව්ව නම් හරි
 
ඒ වාගේමයි අපි කරන දේ ලෝකයට රටට දෙන්න ඕනි..එක අතකින් අපි යම් දෙයක් කරනකොට අනික් අයට ඒක ආදර්ශයක් වෙන්නත් අපි යම් දෙයක් කලා කියලා ලෝකෙට පෙන්වා සිටීමටත් වැදගත් දෙයක් තමයි මේ ආරංචිය රටවටා පැතිරවීම. නවීන කාලෙ නං අපිට පුලුවනි ඉන්ටනෙට් එකේ දාන්න. බැරිනං රේඩි චැනල් එකක නොමිලේ ඔය වගේ දැන්වීම් යන වෙලාවකට දාන්න.. ඒත් ලේසිම වැඩක් තමයි තමුන්ගේ පෙදේශයේ ඉන්න වාර්ථාකාරයා හොයාගෙන ගල් බෝතලයක් හෝ විස්කි එකක් අරං ගිහිල්ලා කාරණාව කියන එක.. ඉතිං වැඩේ වෙන්න කලිං පොඩි දැන්වීම් කෑල්ලකුයි..වැඩේ වුනාට පස්සෙ කන්නාඩි බෙදන හැටි තියෙන පිංතූර කෑල්ලකුයි එක්ක පත්තරේක සූටි ඉඩක් නොමිලේම ගන්න පුලුවන් වාර්ථා කාරයා නමාගන්න හැකි වුනොත්. ඒත් මේ විස්කි බෝතලය හෝ ගල් බෝතලය කියන්නෙ සංකේතයක් විතරයි.. ඒ මනුස්සය බොන්නෙ නැත්තං.. ගෙදර තාත්ත ඒ මනුස්සයගේ ලෙඩ වෙලානං ඉතිං සිංහල කමට අර තාත්තාට හෝර්ලික්ස් එකක් ගෙනියන එකත් වැඩේ කරගන්න බලපාන්න පුලුවනි. සමහර විට ඒ ප්‍රාදේශිය කතෲ තුමාව බාන්න පුලුවන් වෙයි මන්ත්‍රිතුමාව අල්ල ගත්තොත්..ඒත් මන්ත්‍රිය අල්ලනවා කියන්නෙ ඔක්කොම ලකුනු නිකං ඉඳං එයා දාගන්න එක..
මේ වාගේ දේවල් වලට දේශපාලනය ගාවගන්නවට මං දශමයක් වත් ආස නෑ කියාල මන්ත්‍රිතුමාව කරමුලින්ම කපලා දාන්න පුලුවනි. ඒත් තමුංට මන්ත්‍රිතුමා එන එක වාසි වගේ නං කාරිය එතුමාට ආරාධනා කලාට කිසිම වරදක් නෑ..
කන්නාඩි දැන්වීමට සුදුසු කාන්තා රූප දෙකක්..

කන්නාඩි මිලට ගැනීම සහ ඔප්ටීෂියන් කෙනෙක් සොයාගන්න එක..

පිටකොටුවෙ තියනවා හරස් වීදී.. කොටුව ඉස්ටේෂම නෙමෙයි අනික් පැත්තෙන් පිටකොටුව දිහාට තියෙනවා වීදි..ඒවායේ තියෙනවා දෙවනි හරස් වීදිය සහ තුන්වෙනි හරස් වීදිය..දෙවනි හරස් වීදියෙන් ගිහිල්ලා තුන්වෙනි හරස් වීදියට යන්න අතුරු පාරවල් තියෙනවා.. මේ අතුරු පාරවල් වල දෙවනි නැත්තං තුන්වැනි එකේ තියෙනවා ලොකු අකුරු වලින් ගහලා නිව් ඔප්ටිලක්ස් කියලා..ඉතිං එතනින් කන්නාඩි රුපියල් 88ක් වෙනන ගන්න පුලුවනි.. සම්පූර්ණ කන්නාඩියම තමයි ඒ ගාන.. කන්නාඩි පැක් එක ලස්සන එකක් නං ටිකක් තව රුපියල් විස්සක් විතර යයි.. තව ජෝජ් ගුණරත්න, විෂන් කෙයාර්, අනං මනං නම් ගහන්න ඕනි නං ඒකත් ඒ අයට කතා කලාම තැනක් හොයා ගත හැකි ඒවාට.. කන්නාඩි  සීයක් වත් ගන්න වෙයි රුපියල් අසූ අටට ගන්න නම්.. ඒත් ලොකු ලොකු ලයන්ස් ක්ලබ්, රොටරි සමාජ, රාජ්‍යය  නොවන සංවිධාන ආදියෙ බෙදන්න කන්නාඩි ගන්න ලොකු බලගතු තැනක් තමයි පිටකොටුවෙ ඔය වීදිය..
ඒ කන්නාඩි වල සූටියට ස්ටිකර් එකක් අලවලා තියෙනවා කන්නාඩි ලෙනස් එකේ ප්‍රමාණය.. ඒ අනුව අපිට පුලුවනි කන්නාඩි තෝර ගන්න..

බෙදන ආකාරය සහ වාසි..
අපි කලිං ගමට ගිහිල්ලා ඔප්ටීසියන් කෙනෙක් ලව්වා කන්නාඩි ගන්න සැරසෙන අයගේ ඇස් මන්නවගන්න ඕනි..ඉන් පස්සෙ ඇස්කන්නාඩි දෙන්නත් පුලුවන්..එහෙම නැත්තං අපි මේ තරං මේ කන්නාඩි යයි කියලා හිතලා කන්නාඩි ගෙනියලා ගැලපෙන එක දෙන්නත ්පුලුවනි.. මේ ඔප්ටීසියන් ලාත් ලොකු අය ඕනි නෑ.. පොඩියක් හොයාල බැලුවොත් කන්නාඩි කඩේක වැඩකරන ගෝලයෙකුයි..අර අර පැත්තට මේ පැ්තතට අකුරු තියෙන ොබ්ඩ් එකකුයි ගත්තත් ඇති.. . ඒ අකුරු තියෙන්නෙ මොන පැත්තටද කියලා බලලා කන්නාඩි දෙන්න පුලුවන්..

තවත් ඉතිං ලේසියටම කරනවා නං..දන්න කියන යාලුවෙක් ගාන්ට ලස්සනට අන්දවලා ගෙනත් ආච්චි මේ කන්නාඩියෙන් පේනවද මේකෙන් පේනවදා? කියලා අහලා කන්නාඩි ටිකක් ආච්චිට දාගෙන ගිිහිල්ලා එයාට හරියන එක තෝරලා ඉතාම විද්‍යානුකූලව කන්නාඩි දෙන්නත් පුලුවනි..
ඇත්තටම කන්නාඩි දෙනවා කියලා රුපියල් දෙසීයක් වගේ ගන්න පුලුවන් බිස්නස් එකක් විදියට.. නැත්තං කන්නාඩිය පහසු ගෙවිමේ ක්‍රමයට දෙනවා කියලා කියලා මුලින් පන්සීයක් අරගෙන පස්සෙ සල්ලි ගන්න එනවා කියලා කියන්නත් පුලුවන්..මුලින් පන්සීය ගත්තා වුනත් රුපියල් බර ගානක් ලාබතියෙනවා නේ..
රාජ්‍ය නොවන සංවිධාන වලටත් ගමේ මන්ත්‍රිතුමන්ලා වෙන්න ඉවන්ට් හොයා හොයා ඉන්න අයටත්... තව ඉතිං ප්‍රජා වැඩකටයුතු වලට ආස කරන අයටත් මේ කන්නාඩි දීම හොද වැඩක් විදියට කරන්න පුලුවනි. මේක බොහොම පහසුයි.. ටිකක් වැඩිගානක බිලක් වුනත් දා ගන්න අමාරුවක් නෑ මං හිතන්නෙ.. මොන දේටත් ඉතිං බිල වැදගත් වෙනවා නේ.. 
 
මං දන්න කියන මහත්තැන් කෙනෙක් කන්නාඩි වැඩසටහනක ඇස් සම්බන්ධ ව්‍යාපෘතියක ඉන්නවා... ඉතින් එයාගේ වැඩසටහනට අමරිකාවෙන් කන්නාඩි ෆ්රේම් තොගයක් ලැබුනාලු.. ඒ ආරංචියට එයා ගාව වැඩකරන කෙනෙක් කන්නාඩි ගන්න ගිහිල්ලා තියෙනවා.. අනේ අර මනුස්සයා කරලා තියෙන්නෙ කන්නාඩි ෆ්රේම් එක ඉල්ලන් අාපු කෙනා බැනලා එලවා ගන්න එක තමයි.. ඒ අමරිකන් ෆ්රේම් ටිකනම් කවදාවත් පොටෝවල පෙන්නපු දුප්පත් අයට ලැබුෙන නැහැ..සමහර විට ජනප්‍රිය කන්නාඩි කඩේක අදටත් ඇති ඒ කන්නාඩි ෆ්රේම්ස්.. 
 
මේ කන්නාඩි බෙදන ගොඩක් තැන්වල එ්ක සිද්ද වෙන ආකාරයත්.. පින් ගැන්මටත් ප්‍රජා සත්කාරයක් විදියටත් කරන්න තියෙන පහසුවත් සලකා බලා ඔබට ඒ පිළිබඳ ඇති විස්තර සැපයීමත ්තමයි මගේ අරමුණ වෙන්නෙ.. ඔය හැට පැන්න කවදා ටිකට් එක එයිදෝ කියලා බලන් ඉන්න ආච්චිල සීයලාට නං පොතක් කියෝගන්න දුර පේන අඹ ගෙඩියක් වවුල්ලු කන හැටි බලාගන්න කන්නාඩියක් හෝ මොකක් හෝ තිබුනාට කමක් නෑ.. ඒත් තරුණ උදවිය..විසේෂයෙන් ලමා උදවිය මේ පිංවත් නෝනාවරුන් මහත්වරුන් බොහොම සර්ධාවෙන් බෙදන රුපියල් 88 කන්නාඩි ගත්තෙ නැතුවාට කමක් නෑ..

.ලි..:- කවුදෝ කියලා තිබුන පසුගිය පෝස්ට් එකකට කමෙන්ට් එකක. මං හොඳ දේවල් ලියන්නෙ නෑ සමාජෙ නරක උලුප්පනවා කියලා..ඕන්න අපේ අය කන්නාඩි බෙදන ජනප්‍රිය විදිය ගැන ලිව්වා.. .. මෙන්න ප්‍රජා සත්කාර.. මෙන්න සමාජ සත්කාර.. 

කෙනෙක්ට හිතෙනවා නං මේක සෙයා කරගත්තොත් හොදයි යාලුවොත් දැක ගත්තොත් හොදායි වගේ කියලා..මේන්න මේ යට තියෙනවා බොත්තං...ඒවා ඔබාල සෙයා කරන්න පුලුවනි...මේ පෝස්ටුව...  

13 comments:

  1. කතුතුමෙනි නරකද මේ පිංතුරේ ඉන්න ජාතියේ දැරිවියන්ට කන්න මුකුත් අරන් දෙන වැඩසටනක් මුලින් ම කලොත්.(දකුණේ ඉන්න රෝස පාට රෙදි කඩක් ඇද ගත්ත දැරිය නම් දැන් වැටෙයි වගේ. අනෙකා නම් මළ පෙරෙතියක් වෙන්න ඇති.දේහ ලක්ෂණ විදයාවට අනුව)

    ReplyDelete
    Replies
    1. ඉරිසියාව කියලා දෙයක් තියෙනවනේ... පියුමි දන්නවද? :D :D

      Delete
    2. අර හුඔහින් ඇද්දා වගේ ඉන්න (අහෝ ඒ දැරිවිගේ උදරය) දැරිවි ගැනද නැත්නම් අර කැළණි ටයර් බෝඩ් වල හිටපු ටයර් මාමාගේ දූ සිඟිත්ත වගේ කෙල්ල ගැනද පුසා ඊර්ෂියා හිතන්නේ. මොනා උනත් ඒ දැරිවියන් දෙන්නාම සිනා බෝ වෙලා වගේ ලස්සනට හිනා වෙනවා. අන්න කෙල්ලෝ.. මොනා නැතත්(ඇඳුම් උනත්)හිනාවෙලා ඉන්නවා.. සී දේවි කෙල්ලෝ දෙන්නා. නැද්ද මං අහන්නේ?

      Delete
  2. අම්මපා මෙව්වනං සෙයාර් කොරන එක කන්නාඩි බෙදනවා තරම්ම පිනක්. ඔන්න සෙයාර් කොලා.

    ReplyDelete
  3. මරු කතාව !ලයික්!ලයික්!

    ReplyDelete
  4. චාමියා පෙන්නපු පාරෙන් ආවේ. සොරි වෙන්න ඕන, කණ්නාඩි පොළගෙක් විදිහට මටත් සිද්ධ වෙනවා මේකේ ලිංක් එක උස්සල මගේ බ්ලොගේ දාන්න.

    කිරිබත්ගොඩ බොහොම ප්‍රසිද්ධ මහත්තැන්ලා වගයක් හැම තැනම පන්සල් වල ඔය වැඩේ ජයටම කරනවා. නිකං නෙමේ. කඩේ 2500 එක ඒ ගොල්ලො 2300 දෙනවා. පන්සලටත් 2000 දීලා යන බව ලොකු හාංදුරුවෝ කිව්වා.

    ReplyDelete
  5. හම් හම්...ඇත්ත කතාව....මොනවා කරන්නද බං

    ReplyDelete
  6. පින් ගන්න ලේසිම පාරක් නේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. පින් අතේ වැඩ කරනවානම් මෙන්න විදිහ. චන්දෙ ඉල්ලන කාලෙට පිනට දෙන්නේ මෙව්වා වෙන්න ඇති මයේ හිතේ.

    ReplyDelete
  9. මෙහෙම දේවල් වෙනවා කියලා ඇහුවෙත් අදමයි. ඒත් ඉතින් අපේ වගේ සෞභා‍ග්‍යමත් රටක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද නේද?
    දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. හප්පට සිරි.... මගේ කණ්නාඩි දෙක හදන්නත් හයදාහක් විතර ගියා. ඔය කියන විදියට හොඳ ෆ්‍රේම් එකක් ගන්න ඕනිමනම් පන්සීයක් යයි. ලෙන්ස් වලට දාහයි එක්දාස් පන්සීයෙන් වැඩේ ශේප්. අතිශය ලාභ දායක බිස්නස් එකක්.

    ReplyDelete