Saturday, October 6, 2012

මාත් මැච් එක බැලුවා

මුඩුක්කු මැද ලයිට්
මේ උතුරු කොළඹ පැත්ත යනු මුඩුක්කු වැඩිපුරම ඇති සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ දුප්පත්ම පිරිසක් සිටින පැත්තකි... ඒ නිසා ඒ පැත්ත එතරම් හොඳ පරිසරයක් ඇති පැත්තක් නොවේය.. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ හතර වටින්ම ඇත්තේ මුඩුක්කුය.. ඒ මැදින් යන නායක කාරකාදින්ට ඒ මුඩුක්කු නොපෙනී මෙතක් කල් තිබුනේ මන්දැයි ගැටලුවකි..අඩුතරමේ නිවැරදිව තනන ලද හවුසිං ස්කීම් ගානකින් හරි ප්‍රේමදාසය වටේ ඇති ජන ගග පාලනය වෙනවා නම් හොඳය...
මා ද ඊයේ මැච් එක බලන්නට ගියෙමි.. කොළඹ සන්නියේ හද්දා වන්නියක සෙට් එකක් කොළම හතේ පදිංචි වූවාක් මෙන් විසල් සැනකෙලි සිරියක් ගත් මැච් එකක් බලන්නට මා වැනි හද්දා පරන පොරක් යෑම එතරම් ගැලපෙන දෙයක් නොවේ.. ටිකක් අඩු මිලට ටිකට් ලැබුන නිසාත් යාලුවෝ කන්ඩායමක් සැට් වුන නිසාත් මා ද තරඟය නැරඹීමට ගියෙමි.. නරඹා අවසන නම් මට සිතුනේ ඒ තරඟයේ කොදෙව් ඉනිම නොදුටු ඇස්ගෙඩි දෙක මක්කාටදැයි කියලාය.. ඇත්තෙන්ම එය විශිස්ට දර්ශනයකි..

කොදෙව් ඉනිම...
කොදෙව් ක්‍රීඩකයෝ මිත්‍රශීලී වීම නිසා බොහෝ සිංහල ජනතාවත් ලාංකික ජනතාවත් සපොට් කලේ කොදෙව් ක්‍රීඩකයින්ටය. ක්‍රිස් ගේල් මුල් ඕවරයේ පටන් අවසාන ඕවරය දක්වා සිටීම නිසා මට දොට්ට පිළට යන්නට අවශ්‍යතාවය තිබු නමුත් බොහෝ වෙලා එය ඉවසා වදාරාගෙන කොදෙව්වන් පිති වනන විට උඩපනිමින් සිටියෙමි.. මා සිතු සේම ඉනිම අවසන මා වැසිකිලි කැසිකිලි බලා යන විට එය උතුරන්ට සෙනඟය.. බොහෝ දෙනා මා මෙන් කොදෙව් ඉනිම අවසාන වෙනතෙක් ෂොට් බලාගන්නට මුත්‍රා බර ඉවසාගෙනම ඉඳලාය..කොදේව්වෝ කිසිම ආයාසයකින් යුතුව පිත්ත වනති..පස්සේ බෝලේ බලන විට ඇත්තේ අපර් ලෙවල් එකේ පැවිලියන් වලය.. ඔසී එකේ එක්කෙනෙක්ද එහෙම ගැහුව නමුත් ඔහු ගැසු පාරවල් වැටුනේ හතරේ සීමාවට මඳක් එපිටිනි... කාය ශක්තියෙන් වැඩි අයවලුන් වීම කොදෙව් ක්‍රීඩකයින්ට වාසි විය.. ඔස්ට්‍රෙලියා ක්‍රිඩකයින්ට කිසිදු ආකාරයට පීඩනයක් කොදෙව්වන්ට එල්ල කල නොහැකි විය..

මැච් එකක්ද ඒක විශේෂ සාදයක්ද..
 පහුගිය ඔලිම්පික් උලෙලේ පෙන්නුව ආකාරයට ක්‍රිකට් ආරම්භ වී ඇත්තේ සුදු ජාතිකයින්ට ගිම්හාන කාලයේදී අව්වේ සිටීමටත් ඒ සෙල්ලං කරන දිහා අව්වේ සිට බලාගෙන සිට බියර් එකක් තොල ගා සතුටු සාමීචියේ යෙදීමටත් අවශ්‍ය පසුබිම සකස් කරණු සඳහාය.. නමුත් දැන් දැන් කාලයේ අධිගමනය හේතුවෙන් අපිට දවස් ගනන් එක තැනකට වාඩි වී වාත වීමට නොහැක. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාවද නවී කරණය වී සීමිත කාලයකට සීමිත ඕවර ගානකට සීමා වී ඇත. නමුත් ඒ සෑම මැච් එකකටම ආවේනික වූ රිද්මයක් ඇත. හැට පැන යාලුවො වැඩිය හමු නොවන කජ්ජු එකතු කරන පරපුරේ අයට නම් දැන් ටෙස්ට් මැච් හොඳය..එසේ නැි කිසිවෙකුටත් දවස් දෙක තුනක් සෙල්ලමක් වෙනුයෙන් කැප කරනවා යනු අද වෙනවිට අමාරු කාරියකි..

මා පසුගිය ඕවර පනහ සීරියස් එකත් මේ වර ටුවන්ට් සීරියස් එකත් එක මැච් එක ගානේ බැලුවේය. එම තරඟ සංවිධානය කර තිබුනේම නොයෙකුත් සැනකෙලි ආකරයන් දිස්වෙන ආකාරයෙනි.. කෑමට බීමට ඇවැසි දෑත් නැටුම් ගැයුම් වලට අවැසි සංගීතයත්..ගිනි කෙලි ආලෝක ආදියත් සපිරි විසල් සැනකෙලියක් බවට අද වෙන විට ක්‍රිකට් පත්වෙලා ඇත.. ක්‍රිකට් ක්‍රීඩාව කොහේ යනවාද එය නරක් වෙනවාද කියාල හොය හොය ලෝකේ කොන සොයා වෙහෙසෙනවාට වඩා මැච් එක යනු කාලයේ ආතල් එකට අනුගතව මිනිසුන්ගේ විවේක කාලය තරඟයක් මෙන්ම සැනකෙලියක්ද කරගෙන ඇති ආකාරය විශිෂ්ඨය.. 

එදා 1996දී ලංකාවේ වර්ල්ඩ් කප් සිරියස් බැලුවාට වැඩි විශේෂ අංග ගනනාවක් මේ 2012 ටුවන්ටි සීරියස් එක තුල ඇත..

චියරිං දරුවෝ...
චියරිං ගර්ල්ස්ලා ලස්සන නැති එක මං ඇස් වලිංම දැක ගතිමි.. ඒකට හේතු ගානක් ඇත.
  • විශාල ආකර්ශනීය තන් සහ පස්සවල් ඇති තරුණියන් තෝරා නොගැනීම..
  • ඔවුන්ට අලංකාර ඇඳුම්, ගැලපෙන පැළඳුම් සහ අනෙකුත් යට ඇඳුම් ලබා නොදීම..
  • නිසි ආකාරයෙන් ඔවුන් ඒ කාරියට පුහුනු වී නොතිබීම..
  • නර්ථනයේ එක් අංගයක් වෙන බොඩි ලැංවේජ් එක ගැන එතරම් නොතැකීම..
  • ටයර් බඩවල් සහිත සහ ෂේප් නොමැති ගෑනු සරීර තෝරා ගැනීම..
  • අලුත් යැයි සැලකිය හැකි කිසිදු ඉරියව්වක් වත් ආවේනික නර්ථන ශෛලියක් වත් ඒ අය තුල දිස් නොවීම..
මේ ගෑනු ළමයි සමහරක් දකින විට ලංකාවේ අයට පවා පව් අසරණ ලමයි ටිකක් කියා සිතෙන තරමට ඔවුන්ගෙ පෙනුම දුක්ඛිතය.. මීට වඩා ලක්ෂණ ගැහැනු ළමෝ ලංකාවේ හද්දා ඩොටේ සංගීත සංදර්ශන වල පවා නටනු මා දැක ඇත.. 
ඇත්තෙන්ම ඒ ලාංකික අසරණ ළමයිගේ පින්තූර තැන් තැන්වල විවිධාකර මඩ සහිතව සෙයා වනු දිටිමි..ඇත්තටම ඒ ළමයි අසරණය..ඒවාට වගකිව යුතු වන්නේ විලි ලැජ්ජා නැතුව ඉංග්‍රීසි කතා කරමින් කලිසම් අඳිමින් එනමුත් සුද්දන් ලඟ ඇති සාධනීය ගුණ කිසිත් නැති අපේ රටේ ක්‍රිකට් සම්බන්ධ පරිපාලන ක්ෂේත්‍රයි.. ඒ සමහර ගොඩේ ලංකාවේ මහත්තුරු සිතන්නේ අලංකාර කලිසම් ඇඳ, ඉංගිරිසි චුස් බුස් ගාලා ලොකු වාහෙනෙන් බැස්ස විට ඔවුන්ද මහත්වරුන් බවයි.. නමුත් එංගලන්ත ආදී රටවල මේ වැනි තරඟ සංවිධානය කරන ආකාරයත්..අසල් වැසි ඉන්දියාවත් ලැජ්ජ වෙමින් අපේ මේ තරඟ සංවිධාන කටයුතු වල ඇති කුජීත බවත් වටහා ගන්නේ නම් මනාය..

මා ලියන බොහෝ දේ අසුබවාදීයැයි සමහරු කියති.. නමුත් මැච් එක බලා සුද්දන් සමඟ එලියට එනවිට ලංකාවේ දැනට වඳවීගෙන යන ජාතියක් තරමට නැතිවීගෙන යන මුඩුක්කු ජාතියක් ක්‍රීඩාංගනය අසලින්ම දකින්න තියෙන එකනම් මට ගෙන එන්නේ ආශ්චර්ය දේශය පිළිබඳ අමන්දානන්දයකි.

8 comments:

  1. මෙන්න වෙනස ...හරිම සතුටුයි කොල්ලා හරිමගට ඇවිත්

    ReplyDelete
  2. //කොදේව්වෝ කිසිම ආයාසයකින් යුතුව පිත්ත වනති..//

    “ආයාසයකින් තොරව“

    අන්තිම වාක්‍යයට මම මනාපයි. ඇයි බං අකර්නලීව නැටෙව්වෙ නැත්තේ ?

    ReplyDelete
  3. මෙතන කිසිම කටුයුත්තක් සඳහා අපේ පාලක මණ්ඩලය ගාවගෙන නැත. සමහරවිට 2011 ලෝක කුසලානයේ සිදු වූ අමන ක්‍රියා නිසා වන්නට පුළුවන්. ඒ වෙනුවට ඔවුන් කර ඇත්තේ මේ සියලු කටයුතු විවිධ සමාගම වලට අවුට්සොස් කිරීමය. නැටුම්ද එසේය. එනිසා අපේ පාලක මණ්ඩලයට මේ අපවාද වලින් ඇත පිසදා ගත හැක.

    ReplyDelete
  4. චියරිං ගර්ල්ස්ලා පුරුදු කරන්න කාලය මදි වුනාලු...ප්‍රතිපාදන ඇතිතරමට ලැබුනෙ නැතිලු..දැන් එක එක බයිලා..ලෝකය ඉදිරියේ මේ තරමට ලැජ්ජා නොකර ඔය වැ‍ඩේ අත්හැරල දැම්මනම් ඔයිට වැඩිය හොඳයි....ඒ නැතත් අර කොළඹ pon ල ටිකයි මෝලං සෙට් එකයි දැම්මනම්
    ඔන්න අපේ අනන්‍යතාවය කියලවත් හිත හදාගන්න තිබුනා....

    ReplyDelete
  5. //විලි ලැජ්ජා නැතුව ඉංග්‍රීසි කතා කරමින් කලිසම් අඳිමින් එනමුත් සුද්දන් ලඟ ඇති සාධනීය ගුණ කිසිත් නැති අපේ රටේ ක්‍රිකට් සම්බන්ධ පරිපාලන ක්ෂේත්‍රයි.. ඒ සමහර ගොඩේ ලංකාවේ මහත්තුරු සිතන්නේ අලංකාර කලිසම් ඇඳ, ඉංගිරිසි චුස් බුස් ගාලා ලොකු වාහෙනෙන් බැස්ස විට ඔවුන්ද මහත්වරුන් බවයි.//

    ReplyDelete
  6. චියර් ලීඩර්ස්ලට ඔය කාවඩි නටන ගෑණු ළමයි නැතුව උඩරට නැටුමයි පහතරට නැටුමයි ගත්තනම් හරිනෙ, ඒවත් මාකට් කරන්න පුළුවන් වෙලාවෙ. කලින් ඒවා කරලා, හොද ප්‍රතිචාර ලැබුණා.

    ReplyDelete
  7. කියලා වැඩක් නෑ බන් චිරින්ලීඩර්ස්ලා ගැන නම්
    නිකන් දෙමළ පාටවල් නේ අන්දවලා හිටියේ. කිව්වත් වගේ මීට වඩා ලස්සන කෙල්ලෝ දෙකයි පනහේ සංගීතවලත් නටනවා

    http://watarawuma.blogspot.com/

    ReplyDelete
  8. ඔය දරුවෝ හින්දා අපිත් පිටරට්ටුගෙන් අහන කියුම් ඉවරයක් නෑ! හොයලා බැලුවම ඕකට වෙන් කරලා තියෙන ගානට හොයාගන්න පුලුවන් ඔහොම ලමයි ටිකක් විතරලු. මාත් තියෙන පුකේ අමාරුවට සූරියවැවත් ගියා කෝච්චි බස් හොය හොය පල්ලෙකැලෙත් ගියා!

    ReplyDelete