Friday, October 26, 2012

හැම තැනම මරු වැල්ය (Hema Thenama maru welya)

හැම තැනම මරු වැල්ය
නුරා නෙතු ගිනි දැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය 

 
සුරා මත් පැන් සල්ය
පොඩි එවුන් අත මල්ය
මනෝ පාරක් ගහන
කුඩු ඇදපු පොරවල්ය

 
විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය

 
ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය

 
මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය



මං මෙතන මොකුත් ලියන එක වැදගත් කමක් නෑ...ඒත් මං අහපු අමුතු නිර්මාණයක්....මෙගාබයිට් විස්සක් විතර තමයි යූටියුබ් වීඩියො එකට යන්නෙ...බලලාම යනවා නං තමයි හොද...

 චින්තකගේ තවත් ලස්සන සිංදු තියෙනවා.. ඒවත් මටනං පංකාදු පහයි.. ටයිටනික් සින්දුව එහෙම හොදටම තියෙනවා.. 

ගායනය :- චින්තක ගීතදේව..

පද රචනය නම් බූන්දි අඩවියේ තියෙන විදියට ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර..

17 comments:

  1. http://www.youtube.com/watch?v=gMVvlq0d3jA

    Life in a metro.. :)
    thanks for the song, nice one..

    ReplyDelete
  2. මට නං ඇල්ලුවේ නෑ ගායනය.
    http://www.youtube.com/watch?v=gMVvlq0d3jA

    පදටික නං හොඳයි, අමුතුයි.

    ReplyDelete
    Replies
    1. කතන්දරගේ සිංදුවල ගායත් අජූතයි පදටිකත් අජූතයිනෙ

      Delete
  3. අමුතුයි..තව පාරක් අහන්න ඕනි.

    ReplyDelete
  4. චින්තකගේ චන්ද්‍රමුකි නුබ නාඩන් සින්දුවත් අපුරුයි.

    ReplyDelete
  5. ඕන්නං ඒ විදියටත් ගායනා කරන්න පුළුවන්.

    ReplyDelete
  6. Am - G -
    G - Am -
    F - c -
    G - Am -

    ReplyDelete
  7. ල්හොාද නිර්මාණයක්

    ReplyDelete
  8. ලස්සන හොද නිර්මාණයක් ...

    ReplyDelete
  9. මේ නිර්මාණයට කිසිවක් නොලියමි, නමුත් මගේ අදහස මෙසේ පල කරමි. මෙම ගීතය දැනට මා විසින් විසි වතාවකටත් වඩා අසා ඇත .....

    ReplyDelete