Thursday, October 25, 2012

ලැප්ටප් ගන්න අයට එන පස්න (laptop sri lanka faq)

අද කාලෙ ලැප්ටප්(laptop) එකක් කියන්නෙ පෝන් එකක් මට්ටමටම නැතත් ටිකක් කොමන්(common) වේගෙන යනවා.. ඉතිං ලැප්ටප් එකක් ගන්න කලිං බලන්න හිතන්න කස්ටියට ගොඩක් දේවල් තියෙනවා...ඒත් ලාබ තැනකින් මොකුත් නොහිතා එකක් අරං යන එකත් එච්චරම අවුලක් නෑ.. මොකද වැඩි පන්ඩිතකම් දාන්න ගියාම සමහර විට කිසි දෙයක් හරියන්නෙ නෑ.. 


 මේ ලැප් එකේ වේගය(speed) අඩුයි වගේ නේද?

ලැප්ටප් එකකත් ඩෙක්සටප්(desktop computer) එකකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. බොහොම කුඩා ප්‍රමාණයේ කෑලි ගොඩක් බොහොම පොඩි ඉඩක අහුරලා තමයි ලැප්ටප් පරිඝනක හදන්නෙ. නමුත් ඩෙක්ස්ටප් පරිඝනක වලට තරමක් විශාල ඉඩකඩක් භාවිත කල හැකියි. අවැසි සෑම කොටසක්ම කුඩාවට තැනීමට සිදුවීම සිසිලනය(cooling), බලය සැපයීම(power supply) ආදිය තරමක් හොඳින් ඩෙක්ස්ටප් වල සිද්ද වෙන නිසා සාමාන්‍යයෙන් ඩෙක්ස්ටප් එක ස්පීඩ් වැඩියි..

ලැප් ගන්න යුනිටියයි ලැප්ටප් එල් කේ එකයි නං චාටර්..

 සාමාන්‍යයෙන් ලෝකෙ ජනප්‍රිය බඩු බාන්ඩාදියට ඒ ඒ රටවලට ඒ ඒ අනුමත බෙදාහරින්නන් සහ විකුනන අය ඉන්නවා(Authorized dealers and resellers). ලැප්ටප් ජාති වලටත් හෙමයි. ඉතිං ඒ අනුව ඩෙල්(dell) වලට සොෆ්ට්ලොජික්(softlogic) එකත්, ටොෂීබා(toshiba) වලට ජෝන් කීල්ස් (john keels)එකත්, ඒසර් වලට මෙට්‍රොපොලිටන්(metroplitan) එකත්, ආදි වශයෙන් සමහර විට එකට වඩා ඉන්න නියෝජිතයො ඉන්නවා. එකම පරිඝනකය යුනිටි ප්ලාසා වලට වඩා ඒජන්ත වරුන්ගේ සියයට තිහකින් විතර වැඩියි. ඉතින් යුනිටි ප්ලාසා එකේ රුපිය්ල හැට දාහට තියෙන පරිඝනකය රුපියල් 85න් දාහකට විතර ගන්න පලුවනි ඒජන්ත වරුන්ගෙන්.. 

යුනිටි ප්ලාසා එක සම්බන්ධ තියෙන ලොකුම දෝෂාරෝපනය තමයි වගකීම් සහතික(worranty) සම්බන්ධ ප්‍රශ්ණය. ඒ වගේම ලැප්ටප් ඩොට් එල් කේ (laptop.lk)එකත් කස්ටිය චාටර් කියන්නෙ ඒක නිසා..ඒත් ළඟදි වගේ දාපු අයි ටී ගැලක්සි(IT Galaxy) කියන ෂොප් එක ලැප්ටප් එල් කේ අයගේ කියලා කස්ටිය පිලිගන්න කැමති නෑ වගේ..ලැප්ටප් එල්කේ එකට බෑ කියලා ගිහින් අයිටී ගැලක්සි එකෙන් ගන්නවා.. දෙකේම තියෙන්නෙ එකම තැනයි ලැප්ටප් දෙන්න යුනිටි ප්ලාසා එකේ.. 

මමනං හිතන්නෙ මම ලැප්ටප් කඩයක් දාලා මට 60ටවිතර ගනන ලැප් එක රුපියල් 85න් දාහට ආයෙත් දෙන්න පුලුවන් නම් මට කිසි කතාවක් නැතුව ගැරන්ටි දෙන්න පුලුවනි. මොකද ලැප් පහකින් එකක් ආයෙත් රිටන් වුනත් බිස්නස් එක පාඩු නෑනෙ.. 

අපේ කන්තෝරුවෙ තියෙන පොටෝකොපි යන්තරේ සර්විස් වැඩකටයුතු බාර වෙලා තියෙන්නෙ ඒ පොටෝකොපි මැසිමෙ ලංකාවෙ බෙදාහරින සමාගමට.. අපි අවුරුද්දකට සර්විස් එකට ඒ කිව්වෙ ඇවිල්ලා මොනාහරි අවුලක් ිතයෙද කියලා මාස තුන හතරකට වතාවක් ඇවිල්ල නිකං නිකං ඔලුව දාල යන එකට රුපියල් 13න් දාහක් වියදං කරනවා... ඒ වාගේම පොඩි කෑල්ලක් ගියත් අලි සයිස් බිල් එනවා..මං නිකමට දවසක් මේ ඔරිම ජිනල් පාට්ස් ගේන පැක් එකක් බැලුවා. ඒකෙ තිබුනා චීන නමක් චූටියට.  ඒ නම නෙට් එකේ ගහලා බැලුහම මේං අර ඔරිම ජිනල් කියාපු පොටෝකොපි මැසින් කෑලි හෝල් සේල් ගන්න පුලුවන් තැනක් තියෙනවා..කෑලි සීයක් ගන්නවා නං ඒ ස්පයා පාට්ස් රුපියල් 900ක් වගේ වෙන්නෙ එකකට යන වියදම ෂිපින් වලත් එක්කම...ඒත් අපේ අර ඩීලර් කම්පැනිය අර චීනෙන් ගෙනාපු කෑලි පූට්ටු කරලා රුපිය්ල 15ස් දාහ විසිදාහ බිල් දානවා...ඒවා කම්පැනියෙන් ම වෙනදේවල් නිසා අපිට අතදාන්න බෑ.. ඒත් මං ඩීලස්ල ගැන තිබුන අචල විස්වාසය නං එතනදි සසල වුනා..

අනික අපි මොන බයිලා ගැහුවත් ලෝකෙ හොඳ ලැප්ටප් කම්පැනි එක එක රටවලට එක එක කොළටි වලින් තමයි බඩු හදන්නෙ..අපේ රටේ ඩීලස්ලගෙන් ගත්තා කියලා ඒක ඒ මොඩල් එකේම එක්සත් රාජධානියෙ(united Kingdom), අමරිකාවෙ(USA), ඩුබයි(UAE) වල විකුනන මොඩල් එක නෙමෙයි. අපි ඉන්දියාව පකිසිථානය, බංගලාදේශය වගේ රටවලට වෙනමම කොළටි එකකින් ලෝ බජට් වලට ලැප්ටප් සහ අනෙකුත් උපාංග ගහනවා(laptop,Notebooks,pads,netbooks) ..කොටින්ම දැන් පොත් පත්පවා ඉන්දියානු මුද්‍රනය අඩුවට එනවා.ඒක නිසා අපි ඕතරයිස් ඩීලස්ලගෙන් ගත්තා කියලා ඒකෙ ලොකුම වෙනසක් නෑ.. සමහර විට ලංකාවට බඩු එන්නෙ එකම නැවේ එකම තැනින් වෙන්නත්(shipment) පුලුවනි. ඇත්තටම දකුනු ආසියාව කියන කලාපය සයිස් එකෙන් ටිකක් පොඩි වුනාට සමස්ථ ලෝක ජනගහනයෙන් 27%ක් වාසය කරන්නෙ දකුනු ආසියාවෙ..ඉතින් ඒක නිසා අපි හරි පොඩියි මෙහෙ මාකට්(market) එක ගැන කවුරුත් බලන්නෙ නෑ කියලා අපි ගැන පොඩියට හිතන්න බෑ..

සමහර වෙලාවට මේ රටවලට විශේෂ තත්වයන් වලට හරියන ලැප්ටප් ආදියත් හැදෙනවා වෙන්ට ඇති.
මොකද මෙහේ විකුනන්න තියෙන සමහර ලැප්ටප් වල විස්තර අමරිකන් සයිට් වල පවා නැහැ. ඒ මොඩල් නම්බර එහෙ නැහැ මෙ පැත්තෙ විතරයි තියෙන්නෙ.. 

ආයි ගන්නවයි මොකෝ..ඔන්න ඔහෙ ගන් එකේ හොද වී ජී ඒ තියෙන හොදම එකක් ගන්න ඕනි..හොඳ ලෝන් එකක් දාල හරි...

 .අපි ලැප්ටප් එකක් ගන්නෙ ඇයි සහ අපි ලැප්ටප් එකෙන් කොරන්න යන වැඩ රාජකාරි මොනවාද කියන එක අපි කලින් පොඩි ලැයිස්තුවක් හදාගන්නවා නං හොඳයි. ඒ අනුව වීඩියෝ සකස් කිරීම(video editing), විවිධාකාර පොටෝෂොප්(image editing), ඩ්‍රොවින් ඇඳීම(Cad works) ආදි වැඩ කරනවා නං හොඳ මට්ටමේ වීඪියෝ ධාරිතාවක් සහිත කම්පියුටරයක් ගත්තාට කමක් නෑ. නමුත් අපි වෘත්තිය වශයෙන් ඒ රාජකාරි කරනවානං ඒවාට ඩෙක්ස්ටප් එකක් ගන්න එක හොඳයි...ගේම් වලට වුනත් ලැප් වලට වඩා ඒ මට්ටමේ ඩෙක්ස්ටප් එකක් උචිතයි.. අපි සාමාන්‍ය වීඩියෝ බලන්නනට, ඔෆිස් පැකේජිය(MS Office) වැඩ කරගන්නට, පොඩිපහේ කාඩ් සෙල්ලමක් කරගන්නට වගේ පොඩි වැඩ වලට නං ඉතිං ඇටම් ප්‍රොසෙසර් එක තියෙන ලැප් එකක් වුනත් අවුලක් නෑ. දැන් වෙළඳ පොලේ තියෙනවා 1.6ගිගාහර්ට්ස් ඒ එම් ඩි ප්‍රොසෙසරය තියෙන ලැප්(samsung & Hp). ඒවා ඒ තරං අවුලක් නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ.. මොකද ඒක උඩ රැම් එක වැඩි නිසා සෙවන් ඕ ඇස් එක ගාන්ට දුවනවා. 

ඕ ඇස් එක ?

සිංගප්පුරුවෙ තායිලන්තෙ ලැප් ටොප් හදනවා ඔපරේටින් සිස්ටම්(OS) එක නැතුව. සමහර ඒවාට ලිනක්ස්(linux) දානවා. සමහර ඒවාට වින්ඩොස් 7(windows 7) මෙහෙයුම් පද්ධතිය දානවා. ඇත්තටම අපි ජෙනුයින් වින්ඩෝස්(Genuine OS) සෙවන්ම එක ගත්තොත් පොඩි අවුලක් එනවා. ඒ තමයි අපිට වෙනත් ක්‍රැක් කරපු සොෆ්ට්වෙයාර්(pirate software) දාගන්න බැරි එක. උදාහරණයක් විදියට අපිට පොටෝෂොප්(photoshop) ඕනි වුනාම අපි ඒක රුපියල් 30ස් දාහක් දීලා කඩෙන් ගන්නෙ නෑනෙ.. ඒක අපි නෙට් එකෙන් හොරාට හොයලා හරි නැත්තං යාලුවෙක්ගෙන් අරං හරි ඇතුලට දමා ගන්නවා. ඉතිං අලුත්ම ඔරිම ජිනල් වින්ඩොස් 7 තිබ්බොත් එතනදි පොඩි ප්‍රශ්ණයක් එනවා.. වෙනත් මෘදුකාංග ස්ථාපනය කරද්දි.. ඒ වගේමය ිෙගාඩක් අය හිතං ඉන්නවා වින්ඩොස් ඕ ඇස් එකට ඔෆිස්(MS office) පැකේජය නිකම්ම ලැබෙනවා කියලා. එහෙම එකකුත් නෑ. හරිනං අපි ලැප්ටප් එක ගන්න යනවා වගේම හෝ ඊට වඩා වැඩි මුදලක් යනවා අපේ ලැප් එකක අපි ඔබාගෙන ඉන්න මෘදුකාංග සහ ගේම්ස් නියමාකාරයෙන් ස්ථානපය කරන්න ගියොත්..

ගෙවන්න ගන්නවාද ගෙවෙන්න අරිනවාද?

අපේ රටේ ගොඩක් අය එකපාර රුපියල් ලස්සයක් වියදං කරලා ලැපක් ගන්න පුලුවං අය නෙමෙයි. ඒත් දියුනු රටවල එක මාසෙ පඩියෙං පොඩි කාර් එකක් හොදම ලැප් එකක් ගත හැකි බොහෝ දෙනෙකුට..ඉතිං මේ ලැප්ටප් ගෙවන්න දෙන වැඩේ නිසා මාස් පඩි ගන්න අය තුන් හාරදාහයිනේ ඕන් ඔහෙ කියලා ලැප් එක ගන්නවා.. එත් ගෙවිලා ඉවර වුනාම තව අමතර රුපියල් විසිදාහක් විතර වෙලා.. අත්පිට මුදලට ලිමිටඩ් වොරන්ටියක් එක්කම ඒ ලැප් එක යුනිටියෙන් ගත හැකි අර ගෙවලා ඉවරවෙන ගාන වගේ බාගෙක මිලට..  

අවසානය..

මමනං විස්වාස කරන්නෙ අපි යම් කිසි මොඩලයක්(model) නෙට් එකේ බලලා ඒක හෙව්වොත් ලංකාවෙ(sri lanka) තියෙන්නෙ ඒ නම්බර් තියෙන එකක් විතරයි...ඒ ඔරිජිනල්(original) එක හොයන්න නෑ.. අපිට පිටරටින් ලැප් ගෙන්වගන්න පුලුවන් නම් හොදයි..ඒත් අපිට ඉතිං කෝ ඒම චාන්ස් කියලා ගොඩ දෙනෙක් හිතලා ලංකාවෙන්ම ගන්නවා..අනික වොරන්ටිත් ලේසි නේ.. කොහොම වුනත් ලංකාවෙ අනං මනං බයිලා ගැහුවාට තාම පිටරටින් පෝන්(phone) එකක් ගෙන්වගන්න ලැප් එකක් ගෙන්වගන්න අමාරුයි... ඒකට දහසක් නීති රෙගුලාසි. මේ විකාර වැඩ අයින් වෙලා අපිට කෙලින්ම සිංගප්පූරුවෙන් තායිලන්තෙන් සල්ලි දීල ඕඩර කරලා ඉන් පස්සෙ අපේ තැපෑලෙන් විශ්වාසවන්තව බඩුව ගෙදරටම ගෙනත් දෙනවා නං... නැව් ගාස්තු තැපැල් ගාස්තු අනං මනං සහ රජයේ බදු වලට තව රුපියල් පන් හය දාහක් ගියාත් කමක් නැහැ..

ඒත් එහෙම කෙරෙන්න හරියන මොනවා හරි දේවල් ටිකක් මෙහෙ තාම හැදිලා නෑ.. දවස් බාගයක් නාස්ති කරගෙන බස් එකේ දාඩිය දාගෙන නැත්තං පාක් කරගන්න තැනක් නැතුව රස්තියාදු වෙවී බඩු හොයනවාට වැඩිය.. අද සල්ලි කෙඩිට් කාඩ් එකෙන් ගෙව්වම හෙට උදේට වාහනේකින් ඇවිත් වත්ත ඇතුලට ලැප් එක විසික් කරලා හෝන් එකක් ගහලා යනවා නං මං කැමතියි.. මොකද ලැප් වල තියෙන ඔය මයික්‍රො සයිස් කෑලි මට අල්ලල අතගාල බලල හරි හොදට ඇස් ඇරලා බලලා හරි  ඇනලයිස් කරන්න බෑ.. අනික පොඩ්ඩක් ඔය ඕ ඇස් එක දාල අතගාන්න දුන්නයි කියලා ඒ විනාඩියට ලැප් එකේ බලන්න පුලුවං කෙංගෙඩියකුත් නෑ.. 

26 comments:

  1. කියල දුන්නට ගොඩාක් පින් (good karma).

    ReplyDelete
  2. ජෙනුයින් වින්ඩෝස් තියන පරිගණකයකට හොර මෘදුකාංග දාන්න පුළුවන්. මට නම් තාම එහෙම අවුලක් වෙලා නැ. මගේ වින්ඩෝස් විතරයි ජෙනුයින් අනිත් ඔක්කොම හොර බඩු තමයි.

    ReplyDelete
    Replies
    1. ow ethana podi error ekak thiyanawa....api use karanne okkoma pirates copy.....original OS wala mul kaale oya awula thibba..den netuwa ethi...

      Delete
    2. ඔක්කොම ජෙනුයින් ගන්න ඉතින් කොම්පියුටරේ විකුනන්න වෙනවා....

      Delete
  3. ජෙනුයින් කතාව තමා මරු

    ReplyDelete
  4. ඔය ජෙනුයින් ප්‍රශ්නේ මටත් ඇවිල්ල නැහැ මගෙත් වින්ඩෝස් 7 සමග ඔෆිස් පැකේජ් ටික විතරයි ජෙනුයින් තියෙන්නේ ... අනිත් ඔක්කොම හොර එව්වා ... හොඳ විස්තරයක් ...:D

    ReplyDelete
  5. මගේ නං OS එකේ ඉඳලා තියෙන හැම පොඩි සොෆ්ට්වෙයා කෑල්ල දක්වාම ජෙනුයින්...
    ඔරිමජිනල්.. ආයේ කිසිම මෙව්වා එකක් නෑ... මොකද මම පාවිච්චි කරන්නේ FOSS!!!

    වොරන්ටි කතාව ගැනනං මගේ අදහස මේකයි අමිල.
    උදාහරණෙකිං දෙන්නං.
    උඹ ගන්නවා ලිපක්. ගෑස් ලිපක්.
    ඒක උඹට විකුණන බුවා කියනවා, සෑර්, මේකේ ගෑස් ලීක් එකක් හරි, නැත්තං අර ලිප ඔන් කරන මෙව්වා එක අවුල් නං හරි අවුරුද්දක් ඇතුළත ගේන්න, හදලා දෙන්නං කියලා.
    උඹ ලිප ගෙදර ගෙනත් උයනවා. සති දෙකක් විතර යද්දී බඩු පැකට්. ගෑස් ලීක් එකක් තියෙනවා. උඹ ගත්ත බුවා ගාවට ලිප ගෙනියනවා. ඌ කියනවා උඹ උවමනාවෙන් කට්ටකින් ගෑස් බටේ හිල් කරගෙන කියලා. ඌට හදන්න බැහැ කියලා. උඹ ගෑස් ලීක් වෙන ලිපෙන් කෑම උයන රිස්ක් එක ගන්නවද?
    එහෙම නැත්තං ලිප හදන්නං කියලා ඌ භාර අරගෙන උඹව මාසයක් විතර චාටර් කරනවා. ඒ මාසේ උඹ කඩෙන් කනවද? නැත්තං දර ලිපෙං උයනවද? තීරණේ උඹ අතේ.
    එහෙමත් නැත්තං උඹව මාසයක් විතර චාටර් කරලා, පට්ට පජාත කෑල්ලක් රිප්ලේස් කරලා උඹට ආයෙත් ලිප දෙනවා. මේ පාර කැඩුනොත් ආයේ වොරන්ටි නැහැ කියලා කිව්වම ඌයි උඹයි දෙන්නම දන්නවා සති දෙකෙන් ආයෙ බඩු පැකට් කියලා. උඹ ළඟ ඉතුරු වෙන්නේ කැඩිච්ච උයාගන්න බැරි ලිපක් නං, උඹ ඒ ලිපට වියදම් කරපු සල්ලි "අයියෝ" නේද...

    ගොඩක් උං කොම්පියුටර් ගන්නේ වැඩ කරන්න මචං. ගේම ගහන එක උනත්, එකෙක්ට වැඩක් වෙන්න පුළුවං. කාටවත් ඕනේ නැහැ සල්ලි දීලා බඩු අරගෙන ආයෙත් ගිහිං ඒ කඩේම ටෙක්නිකල් පොට් එකේ වාත වෙන්න. ඔය කඩේ වාත වෙවී වෙලාව කන ආතල් එක උඹටත් සෙට් වෙච්ච දවසක උඹට හිතේවි අපරාදේ 25දාහක ලාභේ බැලුවට වඩා එක පාර ෂුවර් තැනකින් ගත්තානං හරි කියලා.

    මාගේ පැතුම ඒ ආතල් එක උඹට කවදාවත් සෙට් නොවේවා කියලයි...

    අනිත් ගොඩක් කාරණා එක්ක එකඟයි...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ කතාවනම් මාත් එකඟයි බන්
      මාත් පහුගිය කාලේ ලැපක් ගන්න හොයලා අඩු ගානට තිබ්බ නිසා යුනිටියේ "ඩෙල් කොන්සෙප්ට් ස්ටොර්ස්" කියල තිබ්බ තනකඉන් ලැපක් උස්සන් ආවා.
      මාස 9යක් ගිය තැන බැටරියට බඩු හම්බ වුනා, යාන්තන් දවස් 3ක් චාටර් වෙලා ඒක දා ගත්තා. ලැප් එක දෙද්දී තිබ්බෙ නැති , සීරීම් පාරවල් පියන උඩ. ඒක ගැන කියපුවාම උන් මට ඒක ඔප්පු කරන කිව්වා. ඉතින් කොහෙමෙයි ඔප්පු කරන්නෙ. රජයේ රස වාර්තාවක් ගේන්නය.

      ඒතනින්ම මගෙත් එක්ක ගිහින් නන්ගි කෙනෙක්ට ලැපක් ගත්තා, අවුරුද්දයි මාස ගානක් යනකොට සද්දේ නැතිවෙලා ගියා. සේර්විස් වොරන්ටිය අවු 3ක් තිබ්බත්, ඒක ගලවලා බලන්න 2500 ක් ගත්තා. එකරලා හදන්න 9000ක් යනවා කිව්වා.
      වෙනම පෝස්ට් එකක් විදිහට දාන්නම් මගේ බ්ලොග් එකේ - වටරවුමේ ( ටිකක් විස්තර ඇතුව

      ඕකයි තත්වේ,
      අර තුන්වෙනි පන්තියේ රටවල් වලට වෙන වෙන කොලිටීස් තියනවා කියන එකනම් සහතික ඇත්ත.

      Delete
    2. උඹට ඔය වෙච්චි දේ සමහර විට හොදම ඩීලර් කෙනෙක්ගෙන් ගත්තත් වෙන්න පුලුවන් දෙයක් ලංකාව ඇතුලෙ....
      අපේ යාලුවන්ට දීල තියෙන්නෙ ඔරිජිනල් කම්පැනි ලැප්ටප්....ඒවයින් එකක මේ ලගදි හාඩ් ඩිස් එක බඩු කරස් වුනා.....සොරිම තමයි...

      Delete
    3. රනා පොඩියක් ගිහින් එච් පී වල ලංකාවෙ ඩිලස්ල බලහං...එතන ඉන්නවා ලැප්ටප් එල් කේ එකත්.....
      ඉතිං අපි කෝමද ඩීලස්ල හොදයි කියන්නෙ...කස්ටිය චාටර්මයි කියන ලැප්ටප් එල් කේ එකත් එච් පී රීටේල් ඕතරයිස් සෙලර් එක්කෙනෙක්...

      ලැප්ටප් එල් කේ ගැන සමහර අය හොදයි කියනවා සමහරු නරකයි කියනවා...සමහරුන්ගේ බැටරිය ගියාම, හාඩ් ගියාම සුටුස් ගාල දාල දෙනවාලු...සමහර අය වාත කරනවාලු....

      එක එක කතාන්දර....

      Delete
    4. සර්විස් වොරන්ටිය කියන්නේ ලැප් එකේ දුවිලි පිහිදාන එකට විතරය්.

      Delete
  6. වැදගත් ලිපියක්.

    ReplyDelete
  7. metropolitanla gana nam katha karanna epa.wardilawath ungen photocopier 1k ganna epa.lapak unath ehemai passe parts danna unoth lapa pole gahuwa nam hodi kiyala hithei service 1nam pattama chater

    addakeem asureni........

    ReplyDelete
    Replies
    1. ම්ම් කොයි තැනත් එක වගේ බලං යනකොට.....අපි මෙහෙම හරි මේ අත්දැකීම් බෙදාගන්නකොට අපිටත් ටිකක් වෙලෙන්දන්ට හරියන්න කපටි වෙන්න පුලුවන් වෙනවා....

      Delete
  8. ///desktop computer,ඩෙක්සටප්////

    මේක ඩෙස්ක්ටොප් උනා නම් හරි නේද...

    මේ ළඟදි අපේ පොඩි මස්සිනා ජැපෑන් වල ඉඳලා ගෙනාපු Toshiba laptop එක ගැන මිනිහා කිව්වේ මාර කතාවක්... ඒක ජපෑන් වලින් ගත්තට වැඩක් නෑලු... ඒක හදලා තියෙන්නේ ඉංග්‍රීසි කී බෝඩ් එකට නිසා කොලිටි අඩුවෙන්ලු ... එතකොට ජැපෑන් කියලා තියෙන්නේ බොරුවට... ඒකට ජැපෑන් වල වොරන්ටියක් වත් නෑලු... නයෙක් නෙවියි.. මේ ඇත්තටම කිව්‌වේ... ඔය වගේ එක එක රටවලට යවන කොලිටි තියෙනවලුනේ.. ඉතිං මං දන්න තරමට ලංකාවට එන්නේ ඒතරම් හොඳ කොලිටි වල බඩු නෙවෙයි... ෆොන් උනත් බැලුවොත් වැඩි හරියක් ඩුප්ලිකේට්... සමහර මොඩ්ල්ස් සැම්සුන්, නොකියා සයිට් වල වත් නෑ....

    ReplyDelete
    Replies
    1. යස් ඒ සැම්සුන් නොකියා වාගේ සයිට් වල ඉන්දියාවෙ තායිලන්තෙ රටවලට වෙනමම පේජ් තියෙනවා...ආන්න ඒවයි තියෙනවා සමහර වෙලාවට....

      යාස් වචනෙ නම් හරි යන්න ඕනි තමයි...

      Delete
  9. වටින පෝස්ටුවක්.. මුල් හරියේ කිව්ව වගේ සිද්ධි ගණනාවක් මටත් රාජකාරියේදි සිද්ධ වෙලා තියෙනනා.. පොටෝ කොපි මැසිම ලක්ස ගාණක් දීල ගන්නවා.. මොකෙක් හරි ගොබ්බයෙකුට දෙනවා ඔපරේට් කරන්න.. ‍ඩ්‍රම් එක 30 විතර ‍සාමානයෙන් ‍ටෝනර් එකක් 15 විතර රෙපයාර් එකක් ආවොත් බඩුවල ගණන් වලට අමතරව සර්විස් චාර්ජ් කියල තව 10, 15 විතර.. මැසිම ගත්තා වගේ දෙගුණයක් විතර වියදං අවුරුද්දක් දෙකක් විතර වෙද්දි..

    ලැප් ගැන මමත් පහුගිය කාලේ සෑහෙන්න හෙව්වා.. ඒ හින්ද මේ ටිකත් කියන්නම්.. ගොඩාක් ගෙවන්න තියෙන තැං වල ‍ගෙවන්න දෙනවා කියන්නේ සිංගර් අබාන්ස් වගේ ඇප තියල නෙවෙයි.. ක්‍රෙඩිට් කාඩ් වලින්.. මුළු ගාණම එක පාර කැපෙනවා.. ඒත් ගෙවන්නන ඕනි මාසෙ ගාණ විතරයි.. අනිත් කාරනේ පිටරටින් ගෙන්නද්දි දැං ගහන ටැක්ස් වගේ ඒව හින්ද මෙහේ ගාන වැඩි තැනකින් ගන්න එක වාසි සහගතයි.. අර කිව්ව වගේ ඔය කොයි තැනින් ගත්තත්(ලංකාවේ විකුණන්න තියෙන) ඔක්කොම එකයි..

    ගන්නවා නං මෙහෙම වැඩක් කරල බලන්න.. ඕනිම ලැපක සීරියල් නොම්මරයක් තියෙනවා.. ඒක ඒ අදාල සමාගමේ ‍නිල වෙබ් අඩවියට ගිහින් සර්ච් කරල බලන්න.. ඒක ටිකක් වටිනා ක්‍රමයක්.. තව දෙයක්, ඔය කඩවල් අවට ඉන්නවා ඒ ඒ කඩවලින් දාපු අය.. අතන හොද නෑ.. මෙතන හොදයි.. එතතින් අඩු කරල දෙන්නං වගේ ලයින් දෙන.. (මෑතකදිනං දැක්කේ නෑ) ඒවට අහුවෙන්න එපා.. එහෙම කෙනෙක් එක්ක ගියොත් එයාලට දෙන්න ගානකුත් තමන්ගේ බිලට එකතු වෙනවා කියල මතක තියා ගන්න..

    දෙමල කථා කරන හොදම හිතවත් කෙනෙක් එක්ක හරි මුස්ලිම් කෙනෙක් එක්ක හරි ගියොත් යුනිටියෙ පොඩි සැලකිල්ලක් තියෙනවා.. (වෙන මොකවත් හේතුවක් හින්ද නෙවෙයි කිව්වෙ.. යුනි‍ටියේ ගොඩාක් කඩ මුස්ලිම් ජාතිකයන්ගේ..)
    -ජය!!-

    ReplyDelete
  10. කතාව ඇත්ත...ලංකාවේ බොහෝ පරිගනක ගැන කියලා වැඩක් නැත. අන්තිමේට අරන් දුන්නු මිනිහත් අමාරුවේ වැටේ. මට වෙන්නේ එවැනි නස්පැත්තිය... Original Dealers ලා ගොඩක් වෙලාවට හොඳයි ගානනම් වැඩි උනත්. නමුත් උනුත් උන්ගේ ලාභයට පමණි...

    ReplyDelete
  11. මම හොයා හොයා හිටිය පොස්ටුවක්. කාලයක් පෙරුම් පුරලා පුරලා, හීන දැකලා දැකලා ගන්න ලැප් එක හරි තැනකින් ගන්න එපැයි. නැත්තම් ඉතින් වක්කඩේ දොදොල් හැංගුවා වගේ තියේවි

    ReplyDelete
  12. වටිනා ලිපියක්, මම නම් කැමති සෝනි වයාඕ ලැප් වලට විතරයි, මම එ නිසා මොඩල් නම්බර් දෙකකින්ම ලැප් දෙකක්ම ඉරානයේ ඉන්න යාළුවකුට කියලා ගෙන්න ගත්තා, මෙ ලැප් දෙකනම් කිසි වදයක් නැතුව දැන් මාස 11ක් ම හොඳට වැඩ....

    ReplyDelete
  13. ටිකක් පරන පෙන්ටියම් 4 ලප් එකක් 15කට විතර ගත්තෑකි..එක අරගෙන ඔය පොඩි සුද්දයක් දාල රැමක් එහෙම ගහලා ගත්තොත් ඔය ලැපෙන් ගන්න වෙන හදිසි වැඩවලට අපූරුයි.. ගෙම් ගහන්න..ග්‍රැපික් වැඩවලට ලැප් ගන්නෙ බොහොවිට සොබන කාරයො.එකට ඩෙස්ක්ටොප් එකක් ඔනෙ ගන්න..මම පාවිච්චි කොරන එක අවුරුදු 12ක් පරන නෙක් එකක්.වෙඩි වගෙ වැඩ..p4. කඩෙන් වැඩි ගානක් දීල අරන් අඉ ගැර්න්ටි වලට වාත වෙනවට වඩා හදා ගන්න එක සැනසීමයි..

    ReplyDelete
  14. very useful post, thanks

    ReplyDelete
  15. යුනිටියෙ සිංහල කඩ නැද්ද? හරියට දන්න කෙනෙක් කියන්න මට

    ReplyDelete
    Replies
    1. @ Nimal (Desertfrog

      මම දන්න තරමට යුනිටියේ සිංහල කඩේකට තියෙන්නේ ටියුලිප් කියන එක විතරයි. අනිත් ඔක්කොම තම්බි කඩ. මම නම් නිකන් දුන්නත් යුනිටියේ කපටි තම්බි නානල අල, ළුණු ගෝනි අස්සේ දාගෙන ඇවිත් විකුණන refurbish ලැප් නම් ගන්නේ නෑ. දන්න කෙනෙකුටවත් යන්න දෙන්නෙත් නෑ.

      ලැප්ටොප් එකක් වගේ වටිනා දෙයක් ගනිද්දී ලාභය විතරක් බලන්න එපා. විකුණන කෙනාට වගකීමක් දෙන්න පුළුවන්ද කියලත් බලන්න. ඒ නිසා ලැප්ටොප් එකක් ගන්නවනම් Authorized Dealer ල ගෙන්ම ගන්න වග බලා ගන්න.

      Acer - Metropoliton
      Dell - Softlogic
      HP - DMS
      Toshiba - John Keels Office Automation

      Delete
    2. උපදේශයට ස්තුතියි....අපි කොහොමටත් දැනටම මුස්ලිම් කඩ වර්ජනයට එකතුවෙලා ඉවරයි....

      Delete
  16. Dell 3521 i 3 ලැප්ටොප් එකක් මම ගන්න හදන්නේ, මෙට්‍රොපොලිටන් එකෙන් තව එකක් මගේ හිත ගත්ත පහල තියෙනවා දෙකේම ලින්ක්කු , දන්නා අයියල මට උදවු කොරන්ඩ
    මෙන්න ලින්ක්කු
    Dell එක ; http://mcentre.lk/products/Dell-Insprion-N3521-Core-i3-1.8GHz%2c-4GB-RAM%2c-500GB-HDD%2c15.6_-LED%2cUbuntu.html

    acer එක මේ .
    http://mcentre.lk/products/Acer-Aspire-E1%252d572-4th-Generaton-Core-i5%2c-4GB%2c-500GB%2c-15.6_%2c-Dos.html

    ReplyDelete