Saturday, October 6, 2012

පාලින්දගේ බැට් එක (pali's Cricket bat)


ආච්චි පොල් අතු වියන දිහාට පුංචි පාලින්ද ඇදෙන්නට විය.. පාලින්ද අද හොඳ ලමයෙකු වෙලාය..ඊයේ හවස මොකක්දෝ බැට් එකක් අරගෙන සෙල්ලං කරන්න ගියාට දැන් පාලින්ද හොද ලමයෙකි.. පාලින්ද ආච්චී ගාවට ගොස් ..

ආච්චියෙ ආච්චියෙ?
මං ආච්චිට අම්මට කියලා තේ වතුරු එකක් හදන් එන්නදැයි ඇසීය..
වෙනදා තිබහට ඇල්වතුරු එකක්වත් ගෙන්නගත නොහැකි පාලින්දයා අද වෙනස් වී ඇති ආකාරය ගැන මැගිනෝනා ට පුදුමය..ඇය මුනුබුරාට ආදරේය...නමුත් ඒ වගක් මුනුබුරාට ඇය වැඩිය පෙන්වන්නේ නැත.. හැමදාම ඉස්කෝලෙ යනවිට කඩයප්පන් කන්නට ආච්චී කොල්ලාට රුපියල් විස්සක් දෙයි.. ආච්චී පොල් අතු වියා හම්බ කරන සුලු මුදල ඇයට සිල් ගැන්මට සහ බොෙහා් දේට ප්‍රමාණවත් වේ...
බොහෝ විට ආච්චී සමඟ සීයාද පොල් අතු වියන්නට එයි.. එහෙත් එය සීයාට සිතෙන්ට උවමනාය.. සීයාට එපායැයි සිතුනොත් ආච්චී නොව බ්‍රහ්මයා කිව්වත් සීයා එය කරන්නෙ ්නැත.. අනේ් අ්මමපා මෙච්චර නහින දෙහින කාලෙට ඇවිල්ලත් ඔයාලයි තාත්තට තියෙන මුරන්ඩු කම යැයි විටෙක සිය අම්මා පවසනු පාලින්දට ඇසී ඇත..

නෑ පුතේ අද තේවතුර ඕනි නෑ..තව ටිකකින් මං කුස්සිය දිහාට ගිහිං බොනවා අනික උඹ උඩදැම්මට උඹලෑ අම්මට ඉතිං අපිට තේ වතුර හදල දෙන්න වෙලාවක් නැතිව ඇති නෙව.. කෙතරම් හොඳ වුවත් නැන්දම්මා ලේලිය එතරම් රුස්සන්නේ නැත.. ඔවුන අතර එහෙමට වලි බර කාලගුණයක් නොමැති මුත් ඔවුන් අතර මතවාදී ගැටුම් ඇත.. ඒවා පවුලේ සමඟිය තකා ඉවසාගෙන සිටීමට මැගිනෝනා උත්සාහ ගනී.. එහෙත් ලේලියගේ පමණට වඩා වැඩි වියදම් කිරීම් සහ නාස්තිකාර වැඩ සිය පුතාගේ අනාගතයට බාධා කරන බව මැගිනෝනා නිතර සිතයි..
ළඟදී මැගිනෝනාගේ පුතාට ටීවී එකක් ගේන්නට සිතුනේය..එය මිල අඩු එකක් යන්තං බලන්නට ඇහැකි එකක් ගේන්නය යැයි මැගිනෝනා කිව්වාට පාලින්දගේ මවට ලොකු රූපවාහිනියක් අවැසි වූේයය.. පාලින්දගේ මව වන කල්පිකා ගේ මල්ලී මිලදී ගෙන ඇත්තේ ෆැලැට් එකක් බව රහසින් කන් දීගෙන සිටි මැගිනෝනාට ඇසුනි.. මැගිනෝනාද කල්පිකා නැති අතර පුතාට කතා කොට මොකටද බං ඔය ලොකු වියදං පෝර්ති ටිකක් කතාවක් බලාගන්න යන්තං මොකක් හරි තිබුනම මැදෑ.. අනික දැන් අර ගෙවල් හැදිල්ලට ගිහිල්ල ණය අරං කැපිල ඕවටත් කැපෙන්න ගියාම බොට ඉතිරු වෙන්නෙ නැහැ කීයක්වත් මාසෙට.. ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න පුරුදු වෙයං..
රට උඩලාන්න දඟලන්නෙ නැතුව.නිකා ඉදිං යැයි මැගිනෝනා කීවත්.කල්පිකාගේ සිත ජයගත්තේය.. අලුත් කොම්පැනියේ පඩි වැඩි නිසාත් අලුත් ගතමන්ට් දෙක තුනක් වැදුන නිසාත් තරමක්ෙ ගවා තව ටිකක් ගෙවන්නට ඉතිරි කොටගෙන කල්පිකාගේ සැමියා නොහොත් අපේ පාලින්දගේ සහ ඔහුගේ නංගීගේ පියතුමා විශාල ටීවී එකක් සහ චැනල් ඉක්මනට ටුයිං වෙන ලොකු තැටියක් ගෙනාෙව්ය..

ඒ තැටිය කුමක්දැයි පාලින්ද ඇසූ පිලිතුරට පියා පිළිතුරු දුන්නේ..පුතේ ඕක තැටිය නෙමෙයි..ඕක ඩිෂ් එක.. ඔය ඩිෂ් තමය දැං අලුතින් එන්නෙ.. ටීවි එක මාලු ටැංකිය වගේ ලාස්සනට පේනවා ඕක දැම්මාම.. අපේ කන්තොරුවට ඇවිල්ල ගොඩ දෙනෙක් ගත්තා ඔය තැටි ඇන්ටනා.. තැටි අන්ටනාවෙන් පිටරට චැනලුත් බලත හැකිලු..මේ දවස්වල මැච් එක නිසා මේක ගෙනාවට හරියට සැට් කොරගන්න දවසක් දෙකක් යයි.. අනික මේ ගං වලට ඔය බයික් කාරයො වැඩිය එන්න අඹන්නෙත් නෑනෙ.. උඹලා සෙල්ලං කරලා මේක කඩනවා හෙම නෙමෙයි හරිය..
ඒ අවසාන වාක්‍යය තාත්තා කියන්නේ සීයාගේ ඇඩ් එක අරගෙන යැයි පාලින්දට සිතුනි..

චාච්චෙ මං නං ඕව අල්ලන්නෙ නෑ..මේ අයිය තමයි හැම එකම අදින්නෙ.. ආච්චිත් දවසක් මෙයා ට බැන්නා ආච්චිගෙ පිරිත් අහන චැනල් එක මාරු කරලා කියලා.. ඇත්තමයි තාත්තෙ.. පාලින්දගේ නංගී එය තාත්තාට කේලමක් කීමට සැරසුනාය..

පාලින්ද කෙමෙන් මැගිනෝනා අසලට කිස්ටු විය.. මැගිනෝනා බංකු කොටයක වාඩිවී සෙමෙන් පොල් අතු වියයි.
පාලින්ද :-
ආච්චියෙ..
අර අවුරුදු උස්සවේ ගොඩක් ඉක්මනට අයියලා පොල් අතු වියනවානේ...
ආච්චි දවසෙම විය ඒව ඒ නැන්දල පැයෙන් විතර වියයි.. ආච්චිත් ඉක්මනට පොල් අතු වියල එන්නකො අර පොත බලාගෙන කතන්දරයක් කියලා දෙන්න..
ආච්චි :-
පුතේ ඔය තරඟ ඔලට වියනකොට වියන්නෙ අමුවා..එතොකට වියන්න ලේසි නෙව.. අනික ඕවා වැඩකට ගන්න බැහැ..පේලි පහයි වියන්නෙ..අත්ත සම්පූර්ණ කරන්නෙත් නෑ..
මොකොටෙයි තරඟ කොරන්නෙ දවසට පොල්ලතු තිහ හතලියක් යන්තං වියාගත්තම මැදෑ..මේ නාකි මං හඳ අල්ලන්නයැ කොල්ලෝ මේව වියලා...මං පොත බලාගෙන උඹට කතාන්දරයක් හවස් වෙනකොට කියලා දෙන්නං කෝ..

කෝ ඉතිං උඹට මං කොච්චර කියල දුන්නත් පස්නයක් අහනකොට මොකුත් බෑනෙ.. මතක හිටින්නෙ යක්කු ගැන කෑලි විතරයි උඹට..

පාලින්ද :- ඉතිං ආච්චියෙ එකෝමත් එක කාලෙක අරක වුනා..කතාව අහලා හාමුදුරු සීයක් විතර රහත් වුනා..දෙයියොත් බණ ඇහුවා..ඔ්වා හැම කතාවෙම ආච්චි කියනවානේ..මට ඉතිං ඒවනං කටපාඩං...

ආච්චි :- පැහෙන්නෙ නැතුව..ඒවගැන එක එක ඒව නොකිය හිටිං..කතා අහල ඒ මදිවට ආඩපාලි කියන්නත් එනවා..

පාලින්ද :- ආච්චි අර තැටිය මොකද්ද දන් නෑනේ..තාත්තා ගෙනත් තියෙන..

ආච්චි :- මට ඇහුනනේ උඹ එදා ඒක තාත්තගේන් අහගන්නවා..මොකද්ද සැටෝලයිට්ද මොකද්ද එකක් නෙව.. සීය ඊයර කිව්වෙ සන්ලයිට් එක්ක ගෙනල්ලා දැං මැච්චක බලන්න ඇහැකි කිසි අමාරුවක් නැතුව කියලාත්...

හුම්..

පාලින්දට ඊයේ බැට්ටකක් ලැබුනි.. බැට්ටක ලබාගන්නට පාලින්ද දින කීපයක් තිස්සේ වෙහෙස මහන්සි විය... පාලින්දලාගේ වත්තේ කොණක ගස් වගයක් පාලින්දගේ බාප්පා විසින් මුදල් දී ඉරවනු ලබයි..පාලින්දටත් බැට් එකක් හදාගන්නට උවමනාවක් විය.. දැන්ට හත වසරේ ඉගනුම ලබන පාලින්දට නංගීත් නැති කාලේ අරං දුන් ප්ලාස්ටික් බැට්ටක දැන් වැඩක් නැත.. ලොකු බැට් එකක් ඕනා වී ඇත..තාත්තාට කිව් විට තාත්තා කියන්නේ..

“ තව ටිකක් ලොකු වුනාම ගමු..නැත්තං තව වසරකට ගියාම තව බැට් එකක් ගන්න වෙයි.” කියලාය.. සෙල්ලං කරන්න එන අය බොහේ දෙනෙක් ලොකු පාරවල් ගසයි.. පාලින්ද ගහන ඒව වදින්නේ නැත..
ගෙදරට වෙලා බෝල ගහන්නට පුරුදු වෙන්න ඕනායැයි පාලින්දට සිතුනි.. එහෙත් ඒවා පුරුදු වෙන්නට බැට් ටකක් නැත.. අම්මාට කීපවිටක් තොදොල් වුන මුත් බැට්ටකක් නම් ලැබෙන පාටක් නැත.. “ඔව් ඉතිං දැං නිකනුත් ගිහිං අතපය හූරගෙන එන එකේ තව බැට් එකකුත් අරං යනවකෝ කකුල් දෙක ලෙලිගහගන්න..”
ආච්චීටද පාලින්ද බැට් එකේ අදහස කිව්ව මුත් වැඩේ හරියන්නේ නැත.. ආච්චී ඒ තරං ලොුක ගානක් බැට්ටකක් වෙනුවෙන් වියදං කරන්නේ නැත.. නංගී ලව්වා තාත්තාට කිව් මුත් නංගී ඇගේ බෝනික්කෝ ගන්නට තාත්තාට කෝලං කරනවා වගේ පාලින්දගේ බැට් එකට කෝලං කරේ නැති බැව් පාලින්දගේ අදහසයි..
ඉන්පසු පාලින්ද බාප්පාට කිස්ටු විය.. බාප්පා ටිකක් සැර වුනාට සමහර විට බාප්පා වැඩිය හිතන්නේ නැතුව එක එක දේවල් ලොකු ගනන් වලට ගෙනත් දෙයි.. පාලින්දගේ සපත්තුවක් කැඩී එක එය රෙපයාර් කරන්නට බාප්පාට සුපර් ග්ලූ එකක් තියේදැයි බාප්පාගෙන් අසු විට බාප්පා මොකටදැයි අසා...ආ එහෙනං සපත්තුව අරං එනවකෝ...නැත්තං මේව ගාගෙන ඇඟිලි අලෝගෙන මට පාලින්දලැයි අම්මගෙන් බැනුන්ත අහන්න වෙයි.
පාලින්ද සපත්තුව අරං ගියේය.. පාලින්දගේ බාප්පා එය හොඳින් අලවා දුන්න නමුත්..පසු දිනෙක පාලින්දට අලුත් සපත්තු කූට්ටමක් බාප්පාගේන ලැබුනි.. අම්මා කිව්වේ එය වටිනා එකක් බවය.. අම්මා ඒකටත් උදැල්ල දමා ඕක ටිකක් හොද තැනකට දාන්න තියාගන්නවා..සෙල්ලමට දාන්නෙ නැතුව කියා කීවාය.. එහෙත් පාලින්ද හැමදාම ඉස්කෝලට සපත්තු දෙක දැම්මේය..

බාප්පා එය දැක.”.ආ දැං යන්නෙ කොල්ල නිකං ඛාන් වගේ “ යැයි කීවේය.. ඛාන් යනු කුමන ඛාන් දැයි අසන්නට පාලින්දට සිතුන මුත් ඒ ඛාන් අම්මා කැමති නංගීත් කැමති ෂාරුක් ඛාන් නොව ත්‍රී ඉඩියට්හි ආමීර් ඛාන් විය යුතුයැයි පාලින්ද සිතුවේය.. 
 
ටී වී එක ගෙනාවට තාත්තා එය දැන් වැඩිය බලන්නට දෙන්නේ නැත.. ළමයි ටීවි බැලුවාම නරක් වෙනවායැයි කියන නිසා අම්මාද ටෙලි නාට්ටි හැර වෙනත් දේවල් දැන් ටීවී එකේ වැඩිය බලන පාටක් පේන්න නැත. එහෙත් මැච් එක යන විට ගෙදර ඔක්කෝම පැන මැච් එක බලයි..එදාට අම්මාගේ අර කතාව බලන්නට බැරිය. අම්මාට එය බලන්නට නැති එකට ආච්චිට නං සතුටුය.. එහෙත් අම්මාට කතාව බලන්නට වෙන ටීවි එකක් තිබුනනං හොදයි.. කියා පාලින්දට සිතුනි..
ඉස්කෝලෙදි යාලුවෙක් කිව්වේ ක්‍රිකට් ගහන හැටි හයේ ඒවා ගහන හැටි උගන්නන වැඩසටහන් ටීව් එකේ යනවා කියලාය.. 6ට විතර කාටුන් බලන්නට අම්මා දී ඇති වෙලාවේ නංගී සමඟ රන්ඩුකර එය බැලීමට පාලින්ද යොමුවිය.. එය ක්‍රිකට් ගැන එකක් නිසා අම්මා ගෙන් විරුද්ධත්වයක් පාලින්දට ආවේ නැත.. එහි බෝල අල්ලන විදිය.. බැට්ටක අල්ලන විදිය ගැන නොයෙක් දේවල් විය.. 
 
අලුත් ටීවි එක ගෙනත් ටික දවසකින්ම අලුත් අන්ටනාව සවි විය.. එය සවිකල පසු වෙනදාට වඩා පැහැදිලිව හැම චැනල් එකම පේන්නට විය.. එසේම අලුත් තැටි අන්ටනාව සවි කලේ ගේ ඉස්සරහ නිසා ගෙට අමුතු එලියක් අාෙව් යැයි සීයාගේ මතය විය.. සීයා කොළඹ නැන්දලාගේ ගෙවල් වල ගිය පසු වටපිට බල බල යනවිට ඒ දිහා ඇති ගොඩැක් ගෙවල් වල ආඩම්බරයට මෙන් මේ තැටි ඇන්ටනා හයි කර ඇති බවක් කීවේය.. ටිකක් වියදං වැඩක් නිසා ආච්චීත් අකමැති වුන මුත් කොළඹ ගෙවල් වල ආඩම්බරයට මෙන් ගෙවල් ඉස්සරහ ඇන්ටනාව ඇති බව සීයා කිව් පසු ඇයද ඇගේ විරෝධය ඉල්ලා අස්කර ගත්තාක් මෙන් පෙනුනි..
දැන් පාලින්දගේ අදහස තමුංගේ අතින් හයේ ඒවා වදින්නේ නැතිවන්නට හේතුව සොයාගෙන හයේ ඒවා ගහන්නට පුලුවං විදිය හොයාගන්නට පැක්ටිස් වෙන එකය.. අල්ලප ුෙගදර සිටින කෙමන් ද එකතු කරගත්තෝතින් ලෙහෙසියෙන් පුහුනු කටයුතු කරගෙන යා හැක..කෙමන් පන්ඩිතයා වුනාට ටිකක් කෙමන් කියනෙ දේ අසා සිට හා හා කෙමන් ඒකනේ ඔයා හිටිය හින්ද හොඳයි. කියා උඩ තැබූ පසු කෙමන් ලව්වා බෝල දම්මගත හැකි බව පාලින්දට මතක් විය.. ඒ මොකක් නමුත් දැන් පැක්ටිස් කරන්නට පොල්පිත්තෙන් බැරිය.. සීයාට බැට් එකක් ඕනෑයි කිව් පසු පොල් පිති කෑල්ලක් කපා දෙන්නට හැදුවේය..
සීයෙ ඕකනං මටත් කපාගන්න ඇහැකි යැයි කිව් පසු සීයාට තරහා ගොස්..එහෙනං බොට ඕනි මගුලක් කපාගං..කියා මහපිහිය විසික් කර යන්නට ගියේය..

පාලින්ද බාප්පා ගාවට ගොස් සිය බැට් අවශ්‍යතාවය මනාව පැහැදිලි කලේය. බැට් පන්තියේ හැමෝටම ඇති බවත්.. බැට් එකක් නැතුව පැක්ටිස් වෙන්න බැරි බවත්..ප්ලාස්ටික් බැට් එක පරණ බවත්..සීයාගේ පොල්පිති බැට් දැන් කාරුවත් පාවිච්චි නොකරන බවත් පාලින්ද විසින් තුං හතර වතාවක්ම බාප්පා ටකියන ලදී..
බාප්පෙ අර ලී ඉරන නිසා ඒ ලීවල අයින් කරන කෑල්ලකින් බැට්එකක් හදාගන්න ඇහැකිය කියලා ආච්චි කිව්වා.. ආච්චිත් කිව්වා මට බැට් එකක් තිබුනොත් හොදයි කියලා.. (ආච්චි සැබැවින්ම පාලින්දට බැට් එකක් තිබුනොත් හොද යැයි කීවේ නැත.. නමුත් බාප්පා මෝරා කොට මේ ලී ඉරන වෙලාවේ බැට් එකක් කප්ප ගත්තෙ නැතොත් අලුත් බැට් එකක් අරගැන්ම නං තවත් හීනයක් බව පාලින්ද දනී.. )

එහෙනං පුතා මේ පොඩි ලී කෑලි ටිකක් අරං ගිහින් දාන්නෙකෝ ගේ පිටිපස්සට මං හවස් වෙලා ඒ මාමලාට කියන්නං පාලින්දට බැට් එකක් අරං දෙන්න කියලා බාප්පා පාලින්දට කිව්වේය.. 

4 comments:

  1. පැය 14කින්? ඒ මොකේ ඒ?

    මම පොඩි කාලේ අමාරුවෙන් ලෑලි කෑල්ලක් කපාගෙන, මන්නෙකින් හැඩ කොරලා බැට් එකක් හදාගත්ත බං. බැට්ඒකේ ඇවිත් බෝලෙ වදිනකොට අත පුපුරු ගහනවා :))

    ReplyDelete
    Replies
    1. අපිනං පොල්පිති බැට් පොල්පිති විකට් රබර් බෝල.දෙපැත්තේ වතු දෙකම අවුට්.කෙලින් පාර විතරයි! :D

      Delete
  2. ඉතිරි කොටසකුත් තිබෙනවා නේද?

    ReplyDelete
  3. ඉතුරු කෑල්ලත් බලන්නම වෙනවා මොකද්ද කියන්නේ කියලා හිතා ගන්න. තාම නම් දැම්මා විතරනේ

    ReplyDelete