Sunday, October 14, 2012

ඩයපරවලට ඉඩ නොදෙමු- Pls Against adult diapers

ප්‍රිය සහෝදරයා සහෝදරිය..

අප ආයතනයෙ අභිවෘද්දිය තකා සේවකයින්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට යැයි කියමින් අපේ ආයතන කළමනාකාරිත්වය දිගින් දිගටම අපි වෙත වැඩකට නැති ක්‍රම සහ වැඩසටහන් දියත් කරමින් පවතී. ඒ එක්තරා වැඩපිලිවෙලක් කෙරෙහි අපගේ විරෝධතාවය දක්වනු වස් අප විසින් මේ අත් පත්‍රිකාව බෙදන්ට යෙදුනාය.. අපි ඒ වැඩය කුමක්දැයි දැනගන්නට පෙර අප වැනි සුලු සේවකයින් අද දින මේ ආයතනය තුල හිමිකරගෙන ඇති තත්වය ගැන දැනුවත් කිරීම මනා යැයි සිතමි..

සාමාන්‍යයෙන් සුලු සේවකයින් වුවත් විශාල සේවකයින් වුවත් කරන රාජකාරිය සහ ඒ ආශ්‍රිත ේදවල් අනුව ඒ ඒ සේවකයින්ට අදාලව යම යම් පහසුකම් සැලසීම ආයතනික පරිපාලනයේ වගකීම වෙයි. උදාහරන ලෙස බොහෝ මේසන් වැඩකරන වැඩපලවල් වල සේවකයින්ට පවා මේ දිනවල සිම් කාඩ්පත් සහ ඔෆීෂීයලි ජංගම දුරකථනයක් ලබා දෙයි. නමුත් අපිට ඒ සහනදායි පසුගෙවුම් පැකේජයක් හෝ අඩුතරමේ ජංගම දුරකථන කටුවක් වත ්ලබාදෙන්නට අපේ පරිපාලනය අසමත ්වී ඇත. නමුත් නොයෙකුත් කන්තෝරු රාජකාරි වලට අපේ ජංගම දුරකථනය නොදැනීම බාවිත වෙයි.. අපි වැනි සුලු සේවකයින්ට මේ වන් අඩු සැලකිලි තිබුනාට හාරසියක් පන්සියක් වන විධායක ඉහල තලවල අයට ජංගම දුරකථන බොහෝ මිල අධික මාදිලියේ ඒවා ලබාදී ඒවායේ අයිඩී ඩී බිල් පවා ආයතනය මගින් ගෙවනු ලබයි..
අපි දන්නා පරිදි අද වන විට පරිඝනක යන්ත්‍රයක් යනු තවදුරටත් සුඛෝපබෝගී බඩුවක් නොවේය. නමුත් අතේ ගෙනියන ලැප්ටප් වර්ගයේ පරිඝනක සුලු සේවකයින්ට හිමි වන්නේ අත්‍යාවශ්‍යම රාජකාරි කටයුත්තක් සඳහා පමණි.. අතේ ගෙනියන ටැබ් වර්ගයේ පරිඝනක ලොකුම ලොක්කන්ටත් ඊළග ලොක්කන්ට අතේ ගෙනියන ලැප්ටප් පරිඝනකත් ලබාදෙන අපේ ආයතනය සුලු සේවකයින් කෙතරම් වැඩ කලත් ඔවුන්ට ලබා දෙන්නේ තඩි මොනිටර් ඩෙක්ස්ටප් මැසින ්ෙවයි.. සමහර විට අලුත් ඩෙක්ස්ටප් මැසිමක් ඇස්දකට දැකීමට වාසනාව නැත. සුලු සේවකයෝ ලොක්කෝ කලකදීපාවිච්චි කර ඉවත හෙලන ලද පැරණි පරිඝනක වලින් ආයතනයේ කටයුතු කරති. අලුතින් පැමිණෙන ඔෆිස් පැකේජ හෝ පරණ මැසින් වල නිසියාකාරව ක්‍රියා නොකලත් අපේ සුලු සේවකයෝ සිය කාර්ය මැසිවිලි නොනගා නිසිෙ ලෙස ඉටුකර දෙන්නේ ආයතනය පැත්තෙන් සිතා බලාය..

අප හිතවත් සේවකයකු විසින් ආයතනයේ රැස්වීම් සාලාවකින් ඉවත ලන විසාල පුටුවක් කෑම කන කාමරයට ගෙනියන්ට හදපු අවස්ථාවේ විධායක නිලධාරියෙකු එරෙහි වී කියා ඇත්තේ එක්සකටිව් පුටු තිබිය යුත්තේ එක්සකටිව් අයවලුන්ට බවයි. එක්සකටිව් පුටු වලට එක්සකටිව් පුක සෙට්වුනේ නැත්තං එය දෝස සහගත බව ඒ මහතාගේ අදහස වන්නට ඇත. මේස ද එසේය. කොතරම් වැඩ රාජකාරි තිබුනත් අපේ සුලු සේවකයෙක්ට ලැබෙන්නේ වර්ග අඩි දෙක තුනක ඉඩකි. එහි අර තඩි මොනිටර පරණ කොම්පීතරය තියාගත්තාම වැඩ කරන්නට ඉතිරි වන්නෙ සුලු ඉඩකි.. නමුත් කිසිදු විසල් රාජකාරි නැති ලොකු මහත්වරුන්ට ලොකු පත මේස දී ඇත්තේ රාජකාරී නැතිවිට නිදාගන්නදැයි අපි දන්නේ නැත.

පිට වැඩවලට යන කාර්යලයේ නොයෙදෙන සේවකයින්ට විසාල පුටු මේස අවැසි නැත. නමුත් දවස පුරා වෙහෙසෙන ක්ලාක් වරුන්ට එකවුන්ට් සම්බන්ධ අයට ටිකක් හැරෙන්ට ඉඩ කඩ ඇති පරිදි අවකාශ තිබුනොත් හොඳය. මෑතකදී නිමවුනු අපේ කන්තෝරු ඩ්‍රෝවින් එකක පියන් මට්ටමේ සුලු සේවකයන්ට තිබුනේ පුටුවක් පමණි. ඔවුන්ට මේසයක් නැත. ඒ පුටුවද ආයතන නීති රෙගුලාසි අනුව ඉතා බාල මට්ටමෙ ්එකක් විය යුතුය. ආයතනික සම්ප්‍රදාය හා පිළිගත් රෙගුලාසි අනුව සුලු සේවකයින්ට ලැබෙන ඉඩද බොහෝ සෙයින් අඩුය. ඔවුන් විශාල වශයෙන් ඉඩ යන වැඩ කලත් ලැබෙන ඉඩ කඩ බොහෝ අඩුයැ. ඒවා සුද්දාගේ කාලයේ සිට එන රෙගුලාසි බැවින් වෙනස් කර ගත නොහැකි බව ආයතනික පරිපාලනය කියයි. නමුත් ඒ මහත්වරුන්ට ලැබෙන දීමනා වරප්‍රසාද නම් සුද්දාගේ කාලයේ එවාය කියා වෙනස් නොකර තියෙන්නේ නැත. අවැසි වූ තැන වාසියට ඒවා වෙනස් වෙයි..

මේ ආයතනික සේවා ශ්‍රේණි අනුව පුටු මේස සහ අවකාශ වෙන්කිරීම මත අප ආයතනයට පිටතින් සේවා ලබාගන්නා සෙකුරිටි සහ පිරිසිදු කිරීම් කාර්යමන්ඩල වලට ලැබෙන්නේ කුඩම්මාටත් අන්ත සැලකිලිය. මේ දැන් ඉන්න සුලු සේවකයින්ටත් පහල ශ්‍රේණී වෙත්නම් ඔවුන්ට මේ බෙදීම් පිලිවෙල අනුව ඇන්ද නැති බංකු හෝ පැදුරු ලබාදෙන්නේ දැයි අපි ආයතනික නිලතල වලින් අසා සිටිමු.. මේවා කියන විට මේ වැනි බංකු ක්‍රම පෙර රජදවස තිබූ බවට ලොකු නිලධාරින් පිලිතුර දෙනු ඇත. අපිට කියන්නට ඇත්තේ මහත්වරුනි ඔබේ අධ්‍යාපන සහතික මඳක් කියවා බලන්න.. ඒවායේ ඇත්තේ රජකාලේ විශයන් නොව නවීන ලෝකය ගැන විශයන් වේ. තමුන්ගේ ඔලුවේ, ලොකු නිලතල ලබාගැන්මටත් උසස් වීම් ගැනීමටත් තාවකාලිකව නවීන දේවල් ගබඩා කරගැන්ම සිදුවුවත්, රජකාලේ කුල ක්‍රමය ඔබට මගහැර යන්නට නොහැකි වී ඇති බව ඔබට පෙනෙනු ඇත.. 
 
කුකුල් කොටුවල වගේ සිරවීගෙන රාජකාරි කිරීමට සිදු වීම ආයතනික සුලු සේවකයින්ට හිරිහැරයක් බවත් ඔවුනගේ මානසික ආතතිය වැඩිදියුණු වීම අනාගතයේ ආයතනික කාර්යක්ෂම තාව අඩුවීමට හේතු වෙන බවත් අපේ ලොකු මහත්වරු තේරුං ගන්නේ නැත.. එසේම ආයතනික වශයෙන් මෙසේ අධි විධායක විධායක නොවන සහ සුලු සේවක වශයෙන් බෙදීම් ගානකි. ලෝකයේ ප්‍රථම වරට එක්සකටිව් සහ නන් එක්සකටිව් ලෙස පුස්ථකාල දෙකක් ඇත්තේ මෙහි විය හැක.. එක්තරා ලොකු මහතකුගේ රියදුරෙක් ඒ ලොකු මහතා විසින් උදෑසනෙ වැඩකට සොයන විට නන් එක්සකටිව් පුස්තකාලයේ පත්තර බලමින් සිට අහුවෙලාය. එතැන් පටන් එම පුස්ථකාලය අරින්නේ දහවල් දොලහය් තිහටය. එනම් උදේ පාන්දර එන පත්තර සුලු සේවකයින්ට කියවන්නට වන්නේ දහවල් දොලහටය..

වෙන ආයතනවල අඩු තරමේ කන බොන එකවත් එකට එකතු වී කරන්නට අවකාශ තියෙනවාය. මෙහි එසේ නැත. කැන්ටින් තුනකි. පහල කැන්ටින් වල කෑම කෙසේ වීදැයි දැනගන්නට අවකාශ අේප ලොකු ආයතනික කළමනාකරන සේවකයින්ට නැත. දැන් දැන් හත්පරණ ආයතන වල පවා කෑම ගැන්ම ආයතනයට පැමිනීම ආදිය එකට කරන මුත් අපේ ආයතනය නවීන ලෝකයට පස්ස හරවාගෙන කොහේ යන්නේදැයි බලන මෙන් අපි සේවකයින් ගෙන් ඉල්ලා සිටිමු..

අලුත් ට්‍රෙන්ඩ් යැයි කියමින් සුලු සේවකයින් සිටින වැඩකරන තැන්වල කැමරා ආම්පන්න සවි කරමින් අපි කරන්නේ මක්කාදැයි බලන්නට අපේ ලොක්කන්ට අවැසි වන මුත් විසාල සොරකම් සිදුවන අවස්ථාවන් වලදී හා වංචා සහගත සිදුවීම් සිදු වූ විට ඒ කැමරා අක්‍රිය වී ඇති බව වාර්ථා පිරික්සීමෙන් පෙනී යයි.

දීමනා සහ අනෙකුත් දේවල් සලකා බැලුවත් අහසට පොලව සේ වෙනස් කම් ඇති බව ඔබට පෙනී යනවා ඇත. ආයතනයේ සේවකයින් හාරසියක් පන්සියක් ප්‍රවාහනයට එක් අයකුට ගෙවන ගානත් අනෙක් තුන් හාරදාහක් සෙනගට ප්‍රවාහනයට එක් අයකුට ගෙවන ගානත් වෙනස්ය. මේ හැමටම ඩීසල් මිල එකය.. පෙට්‍රල් මිල එකය.. සේවා කල යුතු තත්වය එකය. එහෙත් දීමනා විසල් වෙනසක් ඇත..අපි යම් දීමනාවක් ඉල්ලුවොත් එය ලබාදෙන්නට ඊළඟ අවුරුද්දේ බජට් එක එනතෙක් ඉන්නැයි කියන මුත් අපේ විධායක වරු යමක් ඉල්ලුවොත් ඒවා සුටුස් ගා ලබාදෙයි.. විධායක ශ්‍රේණි වල අයවලුන් අපි හා සිනාසෙන විටද බාගයක් දැන් හිනාවී ඉතිරිය ලබන අවුරුද්දේ දීමනා වැඩිකල විට සිනාසිමට තියා ගන්නා ලෙස අපි සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු. මන්ද ඔවුන් අපිට සලකන්නේද එසේම වන හෙයිනි..

අප සුලු සේවකයින්ට ලබාදෙන ඇදුම් සපත්තු ආදිය නිසි වේලාවට ලැබෙන්නේ නැත. ඒවාද බොහෝ කොට බාල ඒවා ගෙනවිත් ඇතැයි අපට ආරංචි විය. සමහර විට ශ්‍රේණි අනුව අඳින ඇඳුම පවා බාල විය යුතුයැයි අපේ උගත් කළමනාකාරිත්වය සිතනවා විය හැක. මේ විශම චක්‍රය දෙස බලන විට අපිට පෙනීයන කරුණක් නම් මේස, පුටු, ප්‍රවාහන සේවා, කෝප්ප, පිඟන්, පරිඝනක, සපත්තු, ඇඳුම්, ආදී ආයතනයෙන් ලබාදෙන හැමදේම කුලය අනුව තත්වය වෙනස් වෙන බවකි.

දැන් අපි මේ කාරණය මතක් කරන්නේ කිමදැයි පරික්සා කර බලමු. ජපානයේ කාන්තාවන් වැඩකරන කන්තෝරුවල කාර්යක්ෂමතාවය වැඩිකරන්නට පැම්පස් නමින් හැඳින්වෙන ජලය උරාගන්නා මුත්‍රා මලු වගයක් හදුන්වා දී ඇත..ඒ ගැන විස්ත මෙතන .ඇත.. විදෙස් රටවල දියුනු තාක්ෂණ දෙස ඇස්යොමා සිටින අප උගත් බුද්ධිමත් කළමනාකාරිත්වය මේ තාක්ෂණය කෙරෙහි සිය ඇස් නිබඳවම යොමු කොට ඇත. කයි කෙබර හුවමාරු කරගැන්මටත්..පාට ගා ගන්නටත් නොයෙක් ආකාරයට ඇඳුම් කොන්ඩා සැකසීමටත් කන්තෝරු ගෑනු වොස් රූම් වලට යති. සමහරුන්ට මුත්‍රා අඩස්සිය හැදිලාදෝ දවසට වාර හත අටක් ඕකට යති. එය ආයතනික වශයෙන් පාඩුය. එබැවින් අපිට අවිශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් ආරංචි වූ ආකාරයට අපේ ආයතන සේවිකාවන්ට ගෑනුඅයට පැම්පස් ඇන්දවීමට සිතීම වරදක් නැත. ඒ සඳහා ලස්සන ගෑනු අය තෝරා අඳින ආකාරය දක්වන වීඩියෝ ආදිය අපිටද පෙන්නුවාට ද වරදක් නැත. සමහර විට පශ්චාත් බාගය කුඩා මිසිලාට ඒ පැම්පස් හරහා විශාල පශ්චාත් බාගයක් ලබාගන්නට ද හැකි වෙනු ඇත..

ඒත් පොඩි කේස් එකක් ඇත. අප ආයතනයේ පවතින කුල අනුපිලිවෙල අනුව වඩා හොඳ මට්ටමේ සැනින් මුත්‍රා උරාගන්නා පැම්පස් ලැබෙනු ඇත්තේ ලොකු පුටුවල සිටින ඉහල විධායක මිස්ලාටය. ඉන්පසු ඉන්නා මිස්ලාට ලැබෙනු ඇත්තේ එතරම් ලස්සන පැම්පස් නොවේ.. ඒ අනුව බලන විට අපසමග උරනුර ගැටී වැඩකරන ගෑනු සුලු සේවිකාවන්ට ලැබෙනු ඇත්තේ බාල මට්ටමේ පැම්පස්ය.සුලු සේවිකාවන්ට ලැබෙන පැම්පස් වල කාන්දු තිබිය හැක.. එසේම ඒවා බාලද විය හැක..ඒ බාල පැම්පස් වලින් ලීක් වෙන මුත්තරා ගඳ නිසා අපේ නහය තියාගෙන වැඩ කිරීමේ හැකියාව අඩු වෙනු ඇත. ආයතනය ගඳ ගසමින් තිබෙනු ඇත. මන්ද සුුලු සේවිකාවන් ගාන විධායක මට්ටමේ අය වලුන් ගානට වඩා ගනනින් බොහෝ වැඩි නිසාය..

සියලු සේවිකාවන්ට එකම ආකාරයේ පැම්පස් ලබාදීමක් මේ කළමනාකාරීත්වය යටතේ අපිට කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි අතර එය තවත් හීනයක් පමණක් වනු ඇත. අපිට ලැබෙන හැමදේම ලොක්කාට හොඳම එකත් අපිට කෑල්ලත් ලැබෙන නිසා අනිවාර්යෙන් පැම්පස් ද විධායක ශ්‍රේණියට තත්වයෙන් හොඳම ඒවා ලැබෙනු ඇත. අසරණසේවිකාවන්ට බාල ඒවා ලැබෙනු ඇත. අවසානයේ එයින් නාසය වේදනාවට පත්කරන්නේ අපිම වෙමු.. එබැවින් සියලු සේවකයින් එක් වෙමු පැම්පස් වලට එරෙහිවෙමු.. කළමනාකාරීත්වයේ අමණ තීරණයක් වන නව පැම්පස් මාරයා පරදවමු...

ස්තූතියි

ශ්‍රී. ලං.ටෙ. නි. සේ. - ශ්‍රී ලංකා ටෙම්පරි නිලලත් සේදුම් සංගමය.

11 comments:

  1. සුපිරියි මචං. සිරාවටම පත්තරේකට දාපන් මචං ලිපිය. අපි පන දාගෙන පරණ මැෂින් වලින් ස්ටක් වෙවී වැඩ කරනකොට බොසාගේ මෙසේ උඩ ලස්සනට තියන්න දෙන එල් සී ඩී මොනිටරය එක්ක දෙන මැෂින් එක මෙසේ උඩම දිරනවා පාවිච්චියක් නැතුවම, ලැප්ටොප් එකක්ද දෙනු ලබන්නේ මදිපාඩුවට යන එන ගමන් කාන්සියක් ඇති වේදෝයි සැකයෙන් විය යුතුය.

    ReplyDelete
  2. ලොකු පොඩි භේදය හැමෝටම පොදු දෙයක් වගේ.

    ශ්‍රී. ලං.ටෙ. නි. සේ. ස එකට, ජයවේවා!!!!

    ReplyDelete
  3. නිතර චූ කරන්න ඕනවෙන ඇමතිතුමෙක් ඉන්නව එයාට ඇන්දුවනං හරි.

    ReplyDelete
  4. නියමෙට ලියලා තියෙන්නේ... හැබැයි ඕකත් කරන්න බැරි තරමේ ආයතන නෙවෙයි ලංකාවෙ තියෙන්නේ .. ඒකයි බය....

    ReplyDelete
  5. pasta macham... :D

    ReplyDelete
  6. නියමයි... ජය...!

    ReplyDelete
  7. kavi , api hamadama ube lipi balanawa ...

    niyamai

    ReplyDelete
  8. ශ්‍රී. ලං.ටෙ. නි. සේ. ස- ශ්‍රී ලංකා ටෙම්පරි නිලලත් සේදුම් සංගමයට ජයවේවා...! :)

    ReplyDelete
  9. මගේ ආයතනය ඒ අතින් කොතරම් ඉහලින් ඉන්නවාද කියල මට ඇති වන්නේ පුදුම සතුටක්. ඇත්තටම මේ බොහෝ දේ සේවක සංගම් මගින් ලබා ගත් දේවල්. ඉහලම විධායකයන්ට යම් යම් වරප්‍රසාද තිබුනත් සියලුම ණය සඳහා සමාන පොලියක් ඉහල පහල බේදයකින් තොරව ඇත. ලබා දෙන ණය ප්‍රමානද සමානය. රාජ්‍ය බැංකුවක කම්කරු ශ්‍රේණියේ සේවකයකුට වුවද හොඳ ජීවන තත්වයක් ලබා ගත හැක. අවාසනාවකට මෙම ශ්‍රේණි වලට අදාළ රාජකාරි දැන් අවුට්සොස් ක්‍රමයට ලබා ගනී.

    ඔබ මතු කර කාරණය ඉතා අනර්ඝය. එවැනි ඇඳුමකින් වත් මේ ශ්‍රේණි බේදය පිටු දැකිය හැකි නම්?

    ReplyDelete
  10. කාලීන ලිපියක් කාටත් වටිනව.....

    ReplyDelete
  11. සේවක සංගම් තියෙන්නේ අරගල කරලා ඔවුවා ලබාගන්න නේ????????

    ReplyDelete