Friday, November 16, 2012

බදු යනු සරදියෙල් රොබින් ගේ සම්ප්‍රදායයි

සරදියෙල් සහ රොබින්හුඩ් යනු මැරයෝය. මිනිසුන් මරන්නෝ මැරයෝ වෙති. ඒ මැරයෝ දෙන්නා ජනප්‍රිය වී ඇත. ඔවුන් පොහොසත් මනුෂ්‍යයින්ගෙන් ධනය සොරාගෙන දුප්පත් මනුෂ්‍යයින්ට දුන්නෝ වෙති. යමෙක් රුපියලක් උපයන්නේත් තවකෙක් මිලියනයක් උපයන්නේත් අපාසුවෙනි. නමුත් රුපියලකින් අද කාලේ ජීවත් විය නොහැකි බව බොහෝ දෙනා දන්නවා ඇත. එබැවින් රුපියල් ගානක් පමණක් හිමි අයට ජීවිත පවත්වා ගැන්මට අවැසි ධන සමතුලිත තාවය ඇති කරන්නේ රාජ්‍ය ව්‍යුහයක් මතින් ඇති කල බදු ක්‍රමය මගිනි..

හැමෝටම පෝසත් වෙන්න බැරිද..

හරකා එක්වරක් උම්බෑ කියන විට එය පුදුමයක් නොවන මුත් එකම ගවයා හත් වතාව උම්බෑ කියන විට එය වදයකි කරදරයකි..එසේම එය ගැලපෙන්නක්ද නොවේ. ඒ ආකාරයට ලෝකයේද සමහර පුද්ගලයින් දේවල් පවතින්නේ එක දෙකකි. ඉන් එහාට ඒ දේවල් හත අටක් පැවතිය නොහැක. ලෝකයේ ස්ටිව් ජොබ්ස් ලා බිල් ගේට්ලා සහ මාක් සකර්බර්ග්ලා සිටින්නේ කිහිප දෙනෙකි..ඔවුන් හා සමානම කපටි ඔවුන් හා සමානම බුද්ධිමත් ඔවුන් හා සමානම හැකියාවන් ඇති වෙනත් වර්ථමාන පුරුෂයෝ සිටිය හැක. නමුත් ඔවුන්ට කවදා වත් අර ස්ටිව්, බිල් හෝ මාක් විය නොහැක. මන්ද දැන් ස්ටිව් විසින් මාක් විසින් සහ බිල් ගේට්ස් විසින් සමස්ථ වෙළඳපොලම ඔවුන් මතට නම්මවාගෙන සිටින බැවිනි. ඉතිං අපි ඇපල් වලට වඩා තුන ්ගුනයක් හොද අයි පෑඩ් එකක් ලංකාවෙන් සොයා ගත්තත් එය විකුනන්නට වෙළඳ පොලක් තනාගැන්ම පහසු නැත. කාලයා විසින් සහ යම් ප්‍රවාහයන් විසින් ඇතිකරන ලද බලපෑම් හේතුවෙන් විශාල ව්‍යාපාර රාශියක් දැන් ලෝකය තුල ස්ථාපිත වී හමාරය. ඒ ව්‍යාපාර වලට බලපෑම් කොට අපේ දේව්ල ගොඩනගාගැන්ම සිහිනයක් පමණි..

මේ ආකාරයට දැනට පවතින සහ දැනට නැගෙමින් පවතින ව්‍යාපාරික ප්‍රජාව තුල සහ ඒවායේ ඉහල මට්ටම්වල සේවකයින් සතුව විශාල ධනයක් එකතු වී ඇත. ඒ ධනය අපිට බලෙන් සරදියෙල් හෝ රොබින් යොදා ලබාගත නොහැක. එමනිසා ඒ අයගේ ධනය අපිට ලබාගන්නට අපිට බදු නැමැති තාක්ෂනය උදව් වී ඇත. මේ බදු වලින් දුප්පත් ජනයාට සලකනවාටත් වඩා ඇත්තෙන්ම කෙරෙන්නේ පෝසත් ස්වභාවයන් සහිත ලෝකයක් ඇති කිරීමය. එනම් පුලුල් මාවත්, නවීන පොදු ප්‍රවාහන සේ, නවීන බිල්ඩින් තනා අයිසින් ගැන්වීමට මේ බදු මුදල් බොහෝ විට වැයවේ. ඒ බදු මුදල් වලින් ඔවුන් මේ වැනි සුපිරි පෙනුමැති ලෝකය තනනවාට එහායින් ගොස් සුලු ප්‍රමාණයක් දුප්පත් අය වෙනුයෙන්ද වැය කරනු ලබති..

අපි කෙතරම් බැන්නත් මේ සුපිරි පෙනුමක් සහිත ලෝකයක් රජයන් විසින් ඇති කිරීම ඒ රටවල සිටින දුප්පත් ජනයාටත් වැදගත්ය. උදාහරණ ලෙස ලංකාවේ කළකට පෙර මහා වැඩ සේ කල අධිවේගී මාර්ගය සැබැවින්ම වැදගත් වන්නේ ගාල්ලේ ඉන්න පෝසත් ජනයාට කොළඹට එන්නටය. නමුත් ඒ පාරෙන් කීයක් හෝ වියදම් කොට මධ්‍යම පාන්තික ලෙඩෙකුට මැරෙන්ට පෙර කොළඹට ද පැමිණිය හැක. නමුත් බදු ක්‍රමයක් නැති වුවානම් අපිට මේ ආකාරයට වැඩිපුර ඇති අයෙගෙන් වැඩි මුදල් කපාගන්නට ක්‍රමයක් ඇති වන්නේ නැත. එවිට බොහෝ රජයේ වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරන්නට වන්නේද නැත.

බොහෝ ධනවත්හු ධනවත් වෙමින් යන අතරතුර බදු ගෙවීමට මැලි වෙති. සිය කපටි මොලයෙනුත් සිය කපටි ආරක්ෂකයින් වැනි සහචරයන්ගෙනුත් උපදෙස් ගෙන ඒ මත තැනූ බොහෝ නූල් සූත්තර මතින් ශ්‍රමය, අමුද්‍රව්‍ය, ඉඩම් ආදිය කුනු කොල්ලයට ගෙන කරනු ලබන නිශ්පාදන, විවිධ මානසික උත්තේජනයන් ඇතිකර මහජන මනසට ඔබ්බවති. මේ මනුස්සයින් යන්ත්‍ර ලෙස සලා ඔවුන්ගෙන් ශ්‍රමය සූරාකෑම මානව සම්පත් කළමනාකරණය ලෙසත්, ඒ මනුස්සයින් යාන්ත්‍රික කර ඔවුන් රොබෝටික් කිරීම ෆයිව් අැස් ආදි සංකල්ප ලෙසත්, කිසිම වැඩකට නැති අලගෙඩි මනුස්ස මනස ඇතුලු කොට ඒවායින් තොරව ජීවත්වීමට නොහැකි බවට ඒත්තු ගැන්වීම මාකටින් ලෙසත් නවීන ලෝකය හඳුන්වති. සමහර බුද්ධිමත් මන්ද බුද්ධිකයින්ට එච් ආර්, මාකටින්, ෆයිව් එස් වලින් තොර ආයතන ගැන සිතීමටත් නොහැකිය. ඔවුන් සිතන්නේ ඒවා මාර ඇඩ්වාන්ස් මාර දියුනු ක්‍රමවේද ලෙසයැ. එසේ විවිධාකාර සූත්ර මගින් උපයාගන්නා කොම්පැනි ධනයෙන් කොටසක් අනිවාර්ය කොටසක් වත් බොහෝ සේවකයින්ට හිමි වන්නේ නැත.

අපි දියුනුවුනේ මහන්සිවෙලා කියන පුත්තරයෝ කිසිවෙක් ඔවුන් වැනිම මහන්සි වී එහෙත් තාමත් කම්කරුවන් සේ හෝ පහල මට්ටමේ සේවකයින් ලෙස සේවය කරන අය කෙරෙහි කරුණාවෙන් බලන්නේ නැත. එවිට ධර්මය මෙනෙහි කොට එය වසා දමති. නැත්නම් වාසනාව ලක් එක වැනි වචනයක් දමා එය වසාදමනු ඇත.

බොහෝ දියුණූ රටවල ගොඩක් සල්ලි තිෙයන මිනිස්සුන්ගෙන් ගොඩක් කඩාගන්නට සරදියෙල් ක්‍රම ඇතිව තිබේ. ඒවා බදුකරණ මූල්‍යකරණ නීති මගින් සමාජයීය විනය මගින්ම ඇති කොට ඇත. නමුත් අවාසනාවට අපේ රටේ හැමදාම රජය බදු එකතු කොරන්ට හදන්නේ අපි හැමෝම බොන එතනෝල් ඩිංගෙනි. නැත්තං ශරීරය දිරාගන්නට අපි පාවිච්චි කරන නිකොටින් ටිකෙනි. නිකොටින් හදන හෝ එතනෝල් පෙරණ මහා ව්‍යාපාරිකයින් බදු වංචාදිය මගින් වංචාදිපති වරුන් ලෙස වැජබෙද්දී හොර සුරා, හොර බීඩි ඔතන්නෝ දුටු තැන දැඩි අපරාධ කාරයෝ වෙති. ලෝකයේ කිසිදු දියුනු වූ බිස්නස් කරුවෙක් අහිංසකයෙක් නොවේ. ඔවුන් අහිංසක හෝ සමනල ටයිප් වූයේ නම් ඔවුන්ට ඒ දියුනු තැන්වලට එන්නට ලැබෙන්නේද නැත. එනම් ඔවුන් සියල්ලෝම දැන හෝ නොදැන බොහෝ මනුෂ්‍යයින්ගේ ශ්‍රමය සඳහා වූ වටිනාකම සහ බොහෝ මනුෂ්‍යයින්ගේ හිතසුව පිණිස වූ සම්පත් රාශියක් ඒකරාශී කොට ගනිති. සැබැවින්ම ඒ මුදල් වල නාමික අයිතිකරු ව්‍යාපාරික අයිතිකරුවා වුවත් ඒවායේ අයිතිය සමස්ථ සමාජය පුරාම පැතිරී ඇත.

එව්න් වටපිටාවක වැඩි වස්තුව ඇති එවන් අයගෙන් ධනය ඇද වස්තුව ඇතිකරගන්නට උපයෝගීතාවය අඩු අයට බෙදාදීම වරදක් නොවේය. එය වරදක් ලෙස දකිනේනෝ වස්තු ඇති හෝ වස්තු ඇති ඇති අයගේ සට්ටැඹි කම් කැරන අයමැ වෙති.


කඳු වලින් වටවුන ගොංකටුආර කියන ගමේ ගොවියො කරන්නෙ අල වගාව. මෙ ්අලවගා කරන ගොංකටුආර පැත්තෙ අය ටීවී දැකලා තිබුනෙ නැහැ. ඉතිං ටිංගොවී කියන ටීවි හදන කොම්පැනියයි..වචපාහිනී කියන චැනල් එකයි එකතු වෙලා කතා බහ කරලා ජනගහනය මිලියනයකට ආසන්න වෙච්ච අර ගොංකටුආර පැත්තෙ ඉන්න අලගොවීන්ට බලන්න ටීවි චැනල් එකක් හදලා දුන්නා. ගෙයින් ගෙට මාකටින් කැම්පේන එකකුත් කලා.දැන් ගොංකටුආර අය ඉස්සර වගේ පන්සල් යන්නෙ නෑ..දැන් ඉස්සර වගේ තොවිල් බලන්න පෝලිමෙ යන්නෙ නෑ. කොටින්ම දැන් රෑට ගෙවල් වල ගෑනු දොට්ට පිලට යන්නෙත් අඩුවෙන් වගේ. මොකද වචපාහින්ි වල යන නාටක ප්‍රවෘත්ති බලනවා. දැං ඉස්සර වගේ නෙමෙයි ගොංකටුආර හරි බුද්ධිමත් පැත්තක්. ජනාඩිපති තුමා යන තැන දන්නවා. ලස්සන නිලියො ගැන දන්නවා..කන්න උයන්න මොඩ් ක්‍රම දන්නවා.. අලුත්ම අදින පලදින විදි දන්නවා. ඉස්සර ගොංකටුආර ගමේ උන්ට අල විකුනලා ගන්න සල්ලි කාල ඇදල ඉන්න වැඩිත් එක්ක වගේ. ඒත් දැන් අල විකුනලා ගන්න සොච්චම මදි කියලා ඒ අයට තේරුනා. කිසිම ප්‍රශ්ණයක් නැති ගමට මේ වචපාහිනී චැනල් එකයි ටිංගෝවී ටීවි එකයි නිසා ප්‍රශ්ණ රාසියක් ආවා. හැබැයි අර මාසෙකට වතාවක් චැනල් එකට ගෙවන ගානයි ටිංගෝවී එකට ගෙවන වාරිකයයි...අරක ඉස්සරහා නාස්තිකරන කාලෙයි එකතු කලානම් ඔයිට වඩා දෙයක් කරන්න ඇහැකි කියලා පංසලේ සාදු කිව්වා. ඒත් ගමේ වයසක උන්දැ කෙනෙක් කිව්වෙ. ඔය බඩකඩුත්තු චැනල් එකයි..ඔය *කන පෙට්ටියය් නැතුව අපි කොයි තරං හොදට හිටියද බොල..හෙනයක් වත් පහත් වෙන්නෙ නැහැ නෙව ඔය කිඹිවාහිනි ටික නැතිවෙල යන්න. කියලා.

දැන් මේ වචපාහිනි චැනල් එකයි අර ටිංගොවී ටීවි ජාතියයි කරපු කම්පැනිය විශාල ලාභයක් ලබනවා මේ වසරෙ.. ඉතිං  ලාභය ලැබුවෙ අර සමාගම් වල ඉන්න ලොකු අය කරපු කැම්පේන් එක නිසා තමයි. නමුත් ඒ මුදල් වල අයිතිකාරයෝ අර අල ගොවීන් ටික නේද? බොහොම ලේසියෙන් ජීවිත ගෙනියපු ඒ අසරණ මිනිස්සුන්ගෙ පිහිටෙන් ඒ වසරෙදි චැනල් එකයි ටීවි කම්පැනියය් ගොඩක් ලාබ ගනීවි. එතකොටඒ ලාබ මුදල් වල තනි බුක්තිය ලැබිය යුත්තේ ටිංගෝවි එකටයි වචපාහිනි එකටයි අරක්ගත්ත දේවතාවුන් වහන්සේලාට විතරයිද? ඔය වචපාහිනි නිසාත් ටිංගෝවි නිසාත් අර ගමේ ජනතාවට ලැබුන එකම එක සුලු හොඳක් තියෙනවද? 

6 comments:

  1. හ්ම්....
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. හ්ම්ම් හ්ම්ම්

    ReplyDelete
  3. නොතේරෙන දෙයක් සරලව තේරෙන විදිහට.

    ස්තුතියි ඔයාට

    ReplyDelete
  4. මෙන්න දේශපාලනය ලියනවනම් ක්‍රමය. කාටවත් නොදැනෙන්න අවශ්‍ය තැනට ටොක්ක අනින ක්‍රමය.

    ReplyDelete