Tuesday, December 25, 2012

A සඳ එළිය.( under the moon light )

ඊයෙ මහ රාත්තිරි යක්කු ගස් නගින වෙලාවෙ
තට්ට තනියම සඳ එලිය යටින් අපේ පුංචි නෙලුං වැව අයිනෙන් මං ගෙදරට ආවා
බල්ලොත් ඕෆ් කරලා නිසා පුදුම නිසංසලක් තිබුනෙ..
ඒ වගේ රෑක ලස්සන බලන්න කවුරුත් නැහැ ඔක්කොමල්ල නිදි..

එක දවසක් ඔහොම එනකොට එදා මාස පෝය දවසක්..
මෙන්න එකපාර වැව් කන්ඩිය උඩ හිටපු ඉබ්බෙක් ජබුං ගාලා වතුරට පැන්නා..
අවට වෙන සද්ද නැති නිසා හෙන සද්දෙ.. මං උඩ ගියා සීරුවට..
හොල්මනද්ද දන් නැහැ නේ.. හොල්මන..සෙල්වෙන මනස කවුදෝ කියලා තිබුනා..

අපි පුංචි කාලෙ ඔය වගේ හඳ දකින්නෙ පෝය දවසට..
පෝය දවසට හුලු අතු ටෝච් නැතුව ඇවිදත හැකි ලස්සනට
වෙසක් පොසොන් කිට්ටුව නම් ලඟ ටවුමෙ සැනකෙලි ගොඩයි
සමහර විට මියුසිකල්..කානිවල් සඳ එලිය එක්ක එකතුවෙලා..

පංසල් යනවා ඉස්සර ගෙදර අය එක්ක..පාලොස්වකට..
ඒ කාලෙ ටීවි එක බලන්නෙ ටික වෙලාවයි පෝයට නාට්ටිත් නැහැ..
දැන් ආච්චිල සද දකින්නෙ නැතුව සාදු දැකගෙන ටීවි එකෙන් සිල්
පංසලට ගියත් හෝල් එකට ගාල්වෙලා දොයියං...

එක සඳ ඇති රැයෙක මායි අයියයි බයිසිකලෙ දාගෙන අපේ පියානෝ
වෙසක් පොසොන් බල්න්න ගියා මතකයි..
එකදවසක් අපේ පියානෝ බයිසිකලේ කන්දක් පල්ලං බහිනකොට
තුංදෙනා එක්කම කානුවෙ ගියා..අම්මට කියන්න ඕනි නැහැ තාත්තා කිව්වා

මඩපිහිදාගෙන අපි ආයිත් බයිසිකලේ වෙසක් බලන්න ගියා..
කාර් තරං වේගෙ නැති නිසා වටපිට වෙසක් හොදට පේනවා..
තොරන් වල චිත්‍රත් තියෙනවා කියල දන්නෙ මං පස්සෙ කාලෙක
මොකද චූටි කාලෙ තොරණ යටටම ගිහිං උඩ බැලුවම පේන්නෙ ලයිට් ගොඩක් විතරයි..

අයිස් ක්‍රිම්, සීනි පොල්කොහු කඩල කකා අපි මාරක ළිඳ මෙරිගෝ රවුං යනවා
අපේ ඉස්කෝලෙ මොන්ටිසෝරි යාලුවොත් ඇවිත් ඉන්නවා කානිවල් එකට
වැඩිය ලයිට් නැතිවුනාට හඳ එලිය තියෙනවා..හරිම වින්දනයක් ඒ දව්සවල..
දැක්ක දැක්ක දේ ඉල්ලුවෙ නැතිවුනාට ටික්ක තාත්තට කෙඳිරි ගෑහම පුලුවං නං අරං දෙනවා..

දවල්ට තෙරපිලා පෙරපිලා ටැට්ටරේ පොසොන් පෙරහැර බලන්න යනවාට වඩා රැ ගමන කදිමයි
අම්මලා එක්ක එන්නෙ අපි පොඩි ටැට්ටරේ ..කානිවල් එන දවසට...
එදාට කස්ටිය ගොඩයි..අම්මා ආවම වැඩිය අනං මනං අරං දෙන් නැහැ..
වැඩිය දඟලන්න ඇවිදින්න දෙන්නෙත් නැහැ..

මේ නත්තලටත් කොළඹ අර කොතන හරි තැනක කාමරයක
කෘතිම හිම දාලා ඒ එක්ක කස්ටිය සෙල්ලම් කරයි
සමහර විට තව කාලෙකින් ලොකු හෝල් එකකට මිනිස්සු ගිහිං
ඒ උඩ ලොකු රවුං ෆ්ලෑෂ් එකක් ගහලා හෝල් එක කූල් කරලා..

එන්න හඳ එලිය යට ෆන් එක ගන්න කියලා කියාවි..
ඒත් එදා අපි විඳපු හඳ එලියෙ සීතල ට වඩා ඒ කමර්ශල් හඳ එලිය ලස්සන නොවේවි..
නමුත් සඳ සිසිල ගන්න මිනිස්සු පෝලිමෙ යයි..
බාගෙදා වඳින්න පුදන්න තැනකුත් තිබුනම ආච්චිලා
“හඳ එලිය යට“ ක්ලබ් එකට සිල් ගන්නත් එයි..



11 comments:

  1. //“හඳ එලිය යට“ ක්ලබ් එකට සිල් ගන්නත් එයි.. // අනාගතේ විය හැකි දෙයක්

    ReplyDelete
  2. අප්පා. මේ මොකද්ද බං. අනාගතේ අදම පෙනිලද?. මොනවා කියුවත් වැඩේ පට්ට.

    ReplyDelete
  3. බොහොම සුන්දර අතීතයක්..
    අපි හැමෝටම ඔහොම අත්දැකිම් නැති එක නම් බොහොම දුක්බර කාරණයක්.

    ReplyDelete
  4. අතීත සඳ මතක අවුස්සන ගමන් පතුලෙ අපිට පෙනෙන ,,ඒත් පෙණුනේ නෑ වගේ ඉන්න කාරණා ටිකකුත් කතාකරලා තියෙනවා, මමත් අප්පච්චිත් එක්ක බයිසිකලේ තොරණ් බලන්න ගිහින් තියෙනවා .ඒ වගේම ලෑන්ඩ් මාස්ටර් එකේ (අත් ට්‍රැක්ටර් එකේ) ගිය වාරත් බොහෝමයි.

    අර 'පියානෝ' කියන වචනේ 'පියාණෝ' කරහන්. මම් බැලුවා කවුද මෙ පියානෝ කියන්නේ කියලා. කාට හරි හිතවතෙකුට කියන අන්වර්ථ නාමයක් කියලයි එකපාරටම හිතුණේ.

    ReplyDelete
  5. //මෙන්න එකපාර වැව් කන්ඩිය උඩ හිටපු ඉබ්බෙක් ජබුං ගාලා වතුරට පැන්නා...//

    මචං මට පොඩි අවුලක් තියනවා ඉබ්බා පැන්න හැටි ගැන.............මොනවා උනත් ඇත්ත සුන්දරත්වයි මවා පාන සුන්දරත්වයි අතර හෙන වෙනසක් තියනවා මචං

    ReplyDelete
  6. අර මුල හරිය කියවද්දි නම් මට මතක් වුනේඅපේ ගමේ මම වින්ද ඒ අසිරිය . ය්ලුවොත් එක්ක පන්සල් ගිය හැටි. මල ගෙවල් , පිංකම් ගෙවල්. ඇත්තටම කොච්චර නම් ලස්සනද ඒ කාලේ. බොහොම ස්තුතියි මට මතක් කරලා දුන්නට ඒ ලස්සන කාලේ. මම ආයෙමත් අතිතෙට ගියා.

    ReplyDelete
  7. “හඳ එලිය යට“ ක්ලබ් එකට සිල් ගන්නත් එයි."

    හික්ස්....පට්ටයි...

    ReplyDelete
  8. පොඩි දුකකින් සටහන ලියල තියෙනවා කියලයි හිතුනේ...

    ReplyDelete
  9. කෘත්‍රිම දියුණුවත් සමඟ මිනිසා කොන්ක්‍රීට් වනාන්තරයේ වල් වැදීම...

    අපි දැන් ඇත්තටම දියුණුද?

    ReplyDelete
  10. ///බල්ලොත් ඕෆ් කරලා නිසා පුදුම නිසංසලක් තිබුනෙ..///

    ///එකදවසක් අපේ පියානෝ බයිසිකලේ කන්දක් පල්ලං බහිනකොට
    තුංදෙනා එක්කම කානුවෙ ගියා..අම්මට කියන්න ඕනි නැහැ තාත්තා කිව්වා///


    ///කාර් තරං වේගෙ නැති නිසා වටපිට වෙසක් හොදට පේනවා..///



    මේ වගේ යෙදුම් වලට මන් හරි කැමතියි අමිල.ඔයාගේ හැම නිර්මාණයක්ම
    තුල සියුම් හැඟුණ දෙයක් තියෙනවා..
    විටෙක කැමැත්තෙනුත් , විටෙක අකමැත්තෙනුත් මන් ඒක රස විඳිනවා..
    මොනවා උනත් ඔයාගේ නිර්මාණ හොදයි , වඩාත් ගැලපේවි ඒ හැම දේකටම
    එක් වෙන අර සියුම් දේ නැතුව තිබ්බොත් ..නමුත් ඔයාගේ හැඟීම් කාගෙවත්
    උවමනාවට වෙනස් කරන්න යන්නේ ඕනෙත් නැහැ එක්කෝ...නිදහසේ
    ගලන්න දෙන්න ..

    ReplyDelete