Wednesday, December 19, 2012

විකුනන්න බැරි අධ්‍යාපනය හොරකම් කරලා


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා...හැබෑට දිසාපාෙමාක් කාලෙ එක්සෑම ්තිබුනෙ නැද්ද ඒවයි පේපර් පිට වුනේ නැද්ද? හැම ශිල්පෙටම බෝසත් කුමාරයා දක්ෂ වීමත් නීති විධ්‍යාලයේ දක්ෂයා රජ පුතා වීමත් සමාන වෙන්නෙ නැද්ද?
ලංකාවෙ අම්මලා තාත්තලා දුවලාට උගන්වන්නෙ හොද කොල්ලෙක් කසාද බන්දලා දෙන්න පුලුවං කියන අදහසින්.. නැත්තං දුවට හොද රස්සාවක් හොයා ගන්න පුලුවං වෙයි කියන අදහසින්..ඉතිං ඒ ලෙවල් පේපර් එකක් පිටවෙලා තමුංගෙ දුවට ඒක ලැබුනෙ නැත්තං ඒ නිසා තමුංගෙ දුවගේ පෙට්ටිය හරි ගානකට සැමියෙක්ට විකුනගන්න බැරිවෙන එක ගැනත් සමහර අම්මලා දුක් වෙනවා ඇති..

හිතන්න අකමැති දෙයක්...කවුරුත් හිතන්න උත්සාහ කරන්නෙ නැති දෙයක්.. ඇත්තටම ළමයි ගාව දැනුම තිබුනා නම් ඇයි පේපර් පිට වුන එකට මේ තරං වලි දාන්නෙ.. දැන් ලෝකෙ දියුනු වෙලා..ඉස්සර වගේ වසර ගනන් පාඩං කරපුවා පැය තුනට වමාරන එක දැන් පරණ මොඩල්..ඒක අපේ ජනාධිපති තුමත් පිළිගන්නවා...ඇමතිතුමත් පිළිගන්නවා..බාගෙදා ඒක තමුංගෙ ළමයි රට ඉන්න නිසා ලේඛම් තුමාලත් දන්නව ඇති.. ඒත් එයාල හැමෝම වැරදියි කියලා පිළිගන්න මේ විභාග මූලික ක්‍රමය පවත්වාගන යන්නෙ අපිට ඕනි නිසා...අපි හැමෝම අකමැතියි ඒත් ඒවා සිද්ද වෙනවා.. හරිම කුහකයි අප්පා මේ සමාජෙ...ළමයි විභාග හින්දා තැලෙනවා..නමුත් තමුංගේ පුතා ලියන අවුරුද්දෙ එක්සෑම් එක වෙනස් වෙනවාට කවුරුත් කැමති නැහැ..

පරණයි කිව්වාට දිසාපාමොක් ගේ ස්ටයිල් එක වැදගත් ඇති.එයා න්‍යායික දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුමත් ලබාදෙන්න ඇති කියලා අපිට ජාතක කතා බැලුවාම තේරෙනවා..පංසලේ අධ්‍යාපනය ඉස්සර ලබාදුන්නෙ මිනිස්සු ටික දෙනාටයි..මොකද හැම එකාම ඉගනගත්තාම සමාජය අවුල් වෙනවා කියලා ඒ මිනිස්සු අවිඥාණිකව ම පිළිගෙන තිබුනා.. ඒ නිසා වලං කාරයාගේ පුතා වලං හදන්න පුරුදුවෙනවා ඇර ඌ ගියේ නැහැ පංසලේ හාමුදුරුවන්ගේ බණ පොත් කියනවන්න.. රෙදි අපුල්ලන්න ඒ දැනුම මිස ෆිස්ක්ස් වලින් කෙමෙනස්ට්‍රි වලිං ඒව කරන්න බැරි නිසා ඒ මිනිස්සු හැමදාම රෙදි ඇපිල්ලුවා... බහුතරයක් මිනිස්සු තමුං කිසිම දෙයක් හඹා යන්නෙ නැතුව ඉපදුන විදියට මැරිලා ගියා..
අම්ම ලොකු කන්තෝරුවක ලොකු තැනක..තාත්තා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ වගේ තනතුරක්..පරම්පරාවෙත් ලොකු බර අතු ගොඩයි..රට ගිය අයත් ඉන්නවා..පලමු දරුවා දුව..එයා මේ අවුරුද්දෙ දෙවනි වතාවට ඕ ලෙවල් ලිව්වා..පසුගිය මාස හය ඇතුලත ඇය ප්‍රේම සම්බන්ධයක් සමබ්න්ධයෙන් බොහෝ කෙණහිලි කම් වින්දා... ඇගේ පෙම්වතා මේ කෙල්ලෙ ගෙදර ඉන්න වෙලාවක ගෙට පැනලා... ඒ වගේ හේතු නිසා ඒ දුව දෙමාපියන්ගේ මූනෙ දැලි ගාන්න ඕන්න මෙන්න තමයි දැන් ඉන්නෙ.. ඒ දෙමාපියන්ගේ මූනු නිකං පිට්ටු ගෙඩි වගේ..මොකද තමුංගේ සමාජ පසුබිම තුල ඒ දුව ඉගන ගත යුතු වුනත් ඇය ඉගන ගත්තෙ නැහැ...ඒ මදිවට ඇයට දැන් කොල්ලෙකුත් ඉන්නෙ..ඌ කෙල්ලෙගේ පෙට්ටිය කඩලද දන්නෙත් නැහැ කියලා ලත වෙනවා ඇති...හැබැයි ඒ අම්මාගේ සහ තාත්තාගේ අම්මලා ඒ කිව්වේ දරුවාගේ ආච්චිලා කසාද බැන්දෙත් දැන් ලමයි ඕලෙවල් කරන වයසෙදි විතර වෙන්න ඇති.

මේ බටහිර ක්‍රමය තුල ළමයා හරිම පීඩනයකට පත්වෙනවා කියලා කස්ට කතා වෙනවා ඇහෙනවා.. ඇත්තටම මේ බටහිරද.. පොඩ්ඩක් ඔය ලංකාවට ආපු සුදු පවුලක් දිහා ඇහැ ඇරලා බලන්න..ළමයි කොහේවත්..ජෝඩුව වෙන කොහේවත්..ළමයිට පුදුම නිදහසක් තියෙනවා..ඒ ළමයිතුත් බොහෝවිට සමාජය ගැන දැනුවත්.. සමාජය එක්ක ගැටිලා තියෙනවා..
බටහිර සමාජය දිහා අපේ මිනිස්සු හරිම අපුල් විදියට බලනවා..ඒක හරි නරුමයි..විසයි ආදි ලෙස මිනිස්සු මනිනවා..නමුත් ඒ සමාජය තුල අපේ රටවල වගේ සදාකාලික බබාලා නැහැ.. අධ්‍යාපන හෝ වෙනත් ඕනෑම ගැටලුවලට ලංකාවේ බබාලා ඉන්නෙ..ඇමතිතුමා ජනාපති ලේඛම් ඔක්කකොම වැරදියි කියලා පිලිගත්තත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ.. මොකද පොඩිකාලෙ ඉදන් කන බොන ඉදගන්න ඇවිදින විදිය පවා ප්‍රෝග්‍රැම් කරලා තියෙන නිසා කිසි දෙයක් හිතලා කරන්න තියෙන ඇබිලිටි එකක් නැහැ.. යමක් හිතන්න පුලුවන් වුනත් බොහෝ දෙනාට ඒක කරගියන්න විදිය ගැන ප්‍රායෝගික දැනුමක් නැහැ..

අමරිකානු දරුවෙක් තව විසි හය දෙනෙක් වෙඩිතියලා මරලා..අපේ අය දැන් ඒක දිහා බලලා නිකරුනේ අමරිකාවට බනිනවා.. ඒ ළමයා ෆේස්බුක් එකවුන්ට් එකක් නැති.. වැඩිය සමාජ ආශ්‍රයක් නැති කොටින්ම මෙලෝ රහක් නැති ළමයෙක්.. ඒ ළමයා ලංකාවට ගෙනත් ඉස්කෝලකට දැම්මානං දක්ෂ කීකරු හැදුන සංවර හොඳ ළමයෙක්..අපරාදෙ ඌ ලංකාවෙ හිටියනං එ් ලෙවල් පේල් වෙලා කෝච්චියට පනී..නැත්තං කෙල්ල බෑ කිව්වම මූදට පැනලා ලංකාවෙ පත්තර වලට නිවුස් එකක් වෙන්න තිබුනා..ඒ චාන්ස් එක අපිට නැතිවුනා..සික්.

ඇත්තටම ලංකාවෙ තාමත් හොඳ ලමයි කියාල සලකන්නෙ මහ පොන්න ටයිප් ළමයි.. මෙලෝ රහක් නැති නමක් වත් අහල නැති මගෝඩි වැඩක් ගාවින් වත් යන්න නැති ළමයි ඉහලින් පාස් වෙලා කැම්පස් යනවා...ඒත් නැත්තං යාලුවො නෑයො ඔක්ෙකාම රවටලා රෑට හොරාට පාඩං කරලා කැම්පස් යනවා.. ඒත් මුං හැමෝම ක්ලාස් කියලා ජාතියකට ගිහිං තමයි පාස් වෙන්නෙ.. ඒක මෙහෙ හැටි.. ළමයින්ගේ බාහිර ක්‍රියා කියාල නාමික කිහිපයකට විතරක් ඔය ලකුනක් දෙකක් ලැබෙනවා..

අධ්‍යාපනය කියන්නෙ පුද්ගලික උවමනාවක් විතරයිද? කිව්වොත් ලංකාවෙදි නං ඒක ඔව් කියන එක තමා යුතු වෙන්නෙ.. ලංකාවෙ රජයේ රෝහලක් ගතහොත් ඒව රන් කරන්නෙ දොස්තර වරු සහ අනෙක් බොහොම බුද්ධිමත් මහත්වරු...අපි වැඩිය ඕනි නැහැ ලංකා විදුලිබල මන්ඩලය ගමු...ඒක පරිපාලනය කරන අැමතිතුමා පවා විදුලි ඉංජිනේරුවරයෙක්..ඉතිං ලංකාවෙ බුද්ධිමතුන් කියලා එලියට දාපු මිනිස්සු අද මොකද කරලා තියෙන්නෙ කියලා ඒ පොඩි ආයතන දෙක ගැන දන්න කියන අය දන්නවා.. ඉස්පිරිතාලයක් කියන්නෙ තාමත් අර පරණ කුල ක්‍රමය පවතින වලව්වක් වගේ තැනක්.. නර්ස්ලා දොස්තරලා සුලු සේවක කාර්යාල සේවක කියන්නෙ වෙනමම කුලක වල..ඒවා ඡේදනය වෙන්නෙ නැහැ කවදාවත්.. තමුං ජයගන්නේ කෝමද කියන එක ඇර එන ලෙඩාට හොද සාත්තුවක් කරලා ලෙඩ හොද කරන්න ඕනි කියන තැන නැහැ එයාල..විදුලිබල මන්ඩලය වගේ එකක් ගත්තත් එහෙමයි..සර්විස් එක ගන්න ඕනි අපේ තියෙන ඇගේ අමාරුවට..එහෙම නැතුව එයාලට අපිට සර්විස් එක දෙන්න වෙනමම උවමනාවක් නැහැ.. මේ ආයතන වල ඉන්න අයගේ අධ්‍යාපනික සුදුසුකම් බැලුවෝතින් මහා ඉහල තැන් වල ඇති..නමුත් ඒ ආයතන යන්නෙ අනික් පසින් ඉදිරියට..

කවුරුහරි කියන්න පුලුවන් ඔය අකලට වැටිච්චි මිනිස්සු දෙතුන් දෙනෙක් අල්ලලා මේන් මෙයා අමරිකාවටත් උගන්නලා..මේන් මෙයා ලෝකෙටම දක්සයා කියලා..නමුත් බහුතරක් ගත්තොත් ලංකාවෙදි කැම්ප්ස වලිං අවුට්වෙලා අධ්‍යාපනයේ අග්‍රපලය ලබාගන්නේ දඹානටත් වඩා ගෝත්‍රික මනසක් තියෙන මිනිස්සු ටිකක්.. තමුං එක්ක එකට ක්ලාස් ගිය එකාව පහල ශ්‍රේණියක ඉන්න නිසා කැපිලි දානවා..උදාහරණ විදියට බී ඇස් සිී ඉංජිනේරුවො එන් ඩී ටී උන්ට කරන කැපිල්ල.. එන් ඩී ටී උන් ටෙක්නිකල් කොලේජ් බයියොන්ට කරන කැපිල්ල..ටෙක් කොලේජ් උන් බාස්ලාට කරන කැපිල්ල.. දොස්තරල නර්ස්ලට..නර්ස්ලා ඇටෙන්ඩන්ලාට ඇටෙන්ඩන්ලා සුලු සේවකයින්ට කරන කැපිල්ල. ඉතිං මේ වගේ මහා ගෝත්‍රික මනසක් තියෙන ගෙඩි වලු ටිකක් එලියට දාන්න ආන්ඩුව සල්ලි වියදම ් කරලා වැඩක් නැහැ..ඇත්තටම ඊට වඩා හොද වෙයි පාරක් නැති මිනිස්සුන්ට පාරක් හදලා දෙන්න සල්ලි වියදං කරන එක..
අධ්‍යාපනික රටාවම වෙනස් විය යුතුයි..ඒක වෙනකල් සම්පත් අත්තටගේ ලා හැමදාම පේපර් බෙදාවි.. හරියට පාතාලෙන් මිනියක් මැරුවාම පාතාලේ උන් අපි නැතිකරන්න ක්‍රියා කරනවා කියලා පොලිසිය කියනවා.. එතකොට මිනිස්සුන්ට ආතල් වැඩිවෙලා ආ ඔව් ඕකුන් මරන්නම ඕනි කියනවා.. ඒ මරන එවුන්ගේ දෙමාපියන් ඉන්නවාද..ඒ මැරෙන මිනිසුන්ගේ දරුවන් ඉස්කෝලෙ යනවාද..ඒ පාතාල කාරයින්ට පියම්බිකාවන් ඉන්නවාද ආදිය ගැන සමාජය දක්වන්නෙ මහා ඇල්මැරුනු ස්වභාවයක්..අරු මිනිමරනවා..ඌ මාව හෝ මගේ ලමයි හෝ මගේ ලග එකෙක් මරයි..ඒ නිසා ඌව අයින් කරපල්ලා කියලා කෑ ගහනවා.. ඒත් ඒ පාතාලය කියන එක නිර්මාණය වෙන්න හේතුවෙන අධිකතර පන්ති විෂමතාවය දුප්පත් පෝසත් බේදය සමාජ අසාධාරනය ගැන නිකමටවත් පරණ පොත්වල තිබුනා කියලවත් කාටවත් මතක් වෙන්නෙ නැහැ..

දැන් ලෝකෙ වෙනස් වෙලා අධ්‍යාපනය කියන දේ සරල කරලා බර අඩු කරලා කොටස් කරලා සෙමෙස්තර විදියට දෙන්න ගොඩක් රටවල් පුරුදු වෙලා..ඒ වගේම ඕනෑම මට්ටමක අයෙක්ට තමුං ඉන්න තැන ඉදන් ඉගෙනගන්න පුලුවං විදියට වෙනස් වෙලා.. හැමෝම ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව කරලා මහා බරසාර වෙන්න ඕනි කියලා තිබුන වලව් පැලැන්ති ගැලවිලා ගිහින් ගොඩක් කල්.. ඒත් අපි තාමත් ලිදේ ඉදන් වටේ ගෙම්බොත් එක්ක පොර අල්ල අල්ල එක්සෑම් කරන්න දරුවන් මෙහෙයවනවා..

රනිල් වික්‍රමසිංහ කියන මනුස්සයා ජී ඇල් පීරිස් කියන අය ඔය බබා ක්‍රමයට හැදුන අය..ඒ අය ලංකාවෙ දේශපාලනයේදි අසාර්ථක වෙලා තියෙන්නෙ ඇයි..බුද්ධිමත් බව ඔලුවෙ තිබුනට පොලොවෙ පය ගහන්න බැරි ඇයි.. ඉගනගත්ත අය විසින් පාලනය කරන සමාජය තුල චන්ඩි ඉදිරියට එන්නෙ ඇයි.. ඒක මේ සමාජයේ අධ්‍යාපනය තුල තියෙන නොමේරු බව නිසා කියලා තමයි මට හිතෙන්නෙ..

ජස්ටින් බීබර හෝ බයිබර කියන කොල්ලා අවුරුදු දාසයේදි ජනප්‍රිය වුනා..ලෝකෙ භයානකම හැකර් කෙනෙක් අවුරුදු දාසයේදි බිහිවෙලා තියෙනවා..නමුත් ලංකාවෙ දාසය කියන්නෙ ළමයෙක් කිරෙන් ඇරෙව්වට පස්සෙ අවුරුදු දෙකක් ගියා වගේ සුලු කාලයක්.. දියුනු රටවල බොෙහා් ඉක්මනින් මිනිස්සු හැදෙනකොට අපේ විසිහය විසිහත වෙලත් සමහරු එක රස්සාවක් වත් කරලා නැති පිංගුත්තරයො.. රටක් ගැන අදහසක් තියෙනවා නං වෙනස් කල යුතු එක මූලික තැනක් අධ්‍යාපනය.. ඒක වෙනස් වෙන්නෙ නැතුව මොනම ආශ්චර්යකට අපිට කවදාවත් ළඟා වෙන්න ලැබෙන්නෙ නැහැ.. 

17 comments:

  1. මරණයට පත් කරන මිනිස් ජිවිත දෙස බැලු කල නම් ආශ්චර්යක්ම තමයි.ඇමරිකාවේ කොල්ලට බනින උන් ඊට පසු දින ගෙල මිරිකා මරණ අම්මයි දරුවන් දෙන්න ගැනත් කම්පා වෙනවා.දවසින් දවස සිදු වන මේ විපර්යාසයන් දෙස බලා ඉන්න කොට තෙල් මිලත් වැඩි වෙනවා.ඒ අස්සේ විද්‍යාව පේපර් එක පිට වෙලා.එක බලලා ඔළුව උස්සන්න බැ කියන කථා විලිලැජ්ජාවේ බැරුවා.තම තමන් රජ වෙන්න එයා මේයාට බනිනවා,මේයා ඒයාට බනිනවා,උත්තරිතර තැන මෙහෙය වන්නෝ ගහ ගන්නවා.දරුවන්ගේ විතරක් නෙමෙයි ශ්‍රිලාංකාවේ ජිවත් වෙන සෑම මිනිසෙකුම පිස්සේකු වෙවි කියලත් හිතෙනවා.

    ඔබේ ලිපියේ සමහරක් තැන් සංවේදියි.එත් මේ කියන වචන අපරාදේ කියලා හිතේනවා.මොකද මේවා කියවන්න ඕන මිනිස්සු මේවා කියවන්නේ නැති එකට.

    මනසින් දිවියට

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මචන් උබේ කතාවේ හරය එක්ක එකගයි බන්.
    පුද්ගලික හේතු අමතක කලොත් ඔය හැම දේම
    හරි..උබ හිතන්නේ මචන් Eng ඉන්න කෙනා NDT වෙලා
    NDT කෙනා Eng උනොත් කොහොම වේවිද ? ඒත් ඒ ටිකම
    තමා මචන්.ලංකාවේ මිනිස්සු Eng වෙන්නේ ආසාවට නෙවේ
    විෂයට .බොරු පුහු නම්බුවට.ජීවිතේට IC එකක් sucker කරන්න
    දන්නැති Eng ල ඉන්නවා..ඒත් ඇහුවොත් ප්‍රෝටෝනේ ඉඳල
    කියනවා. ඕක MBBS අයට තදින් තියෙනවා.අහිංසක මිනිහෙක්ට
    බෙහෙත් කරන්න නෙවේ වයිධ්‍ය( IME fault ) විද්‍යාලයට යන්නේ, සමාජයේ ඉහලින්
    වැජඹීමේ අරමුණෙන් .( 100% ම එහෙම කියනවා නෙවේ, ඒත් එහෙම
    අයට කේන්ති යයි හොදටම තමන්ගේ ඇඟේ වැරදි තියෙනවනම් :D )

    දැන් බලපන් පිට රටක නම් මට taxi driver කෙනක් වෙලා නිදහසේ
    ජීවිතේ ගෙනියන්න ආස නම් මන් taxi driver කෙනෙක් ..මට ඕන
    Eng වෙන්න නම් මන් Eng කෙනෙක්.කව්රු උනත්, සමාජ රැකියා
    ගරුත්වය එකයි.අන්න එහෙම වෙනවා නම් මේ කිසි ගැටළුවක් නැහැ ..
    ඒත් කවමදාවත් වෙන්නේ නැහැ මචන්.

    මිනිස්සු එකිනෙකාට ගරු කල යුතුයි, නැතුව තනතුරු වලට නෙවේ
    ගරු කල යුත්තේ..තනතුරු ලබා ගත යුත්තේ සේවයක් සැපයීමේ අරමුණෙන්,
    නැතුව සමාජයේ ගරුත්වයක් ලබා ගැනීමට නෙවේ...
    එවිට ඉබේම ඔබට හිමි ගරුත්වය ඔබ වටා ගොඩ නැගෙනු ඇත..!

    ReplyDelete
    Replies
    1. agree with u.......silentsahan

      Delete
    2. IC ekak sucker keranna engineersla awshya naha. This is the biggest mistake we are doing. The people should be specialized in the relevant area. For example the nurse should be specialized to give a vaccine; doctor should not try to extract all these to his job; let nurse to do good job. We should respect to the skill and knowledge of any position, we should not try to gain all the knowledge or skill related to all disciplines (skilled jobs).Then only the fields develop.
      -CCM

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පිටරටකදි තමන් කැමති දේ කරන්නෙ සුද්දෝ විතරයි... මං කැංගරුලන්තෙන් උදාහරණයක් කියන්නම්... මෙහෙට ස්ථිර පදිංචියට එන ගොඩක් දෙනා වෙන රටවලදි හොඳින් ඉගෙන ගත්තු අය... නැතිනම් මෙහේ යුනිවසිටි වල ඉගෙන ගත්තු අය... ඒ ගොඩ දෙනෙක් තමන්ගේ ලමයින්ට හොඳින් උගන්නන්න මහංසි වෙනවා... පොඩි උදාහරණ කිහිපයක් දෙන්නම්,
      1. මිනිස්සු ගෙවල් මාරු කරනවා ලමයව හොඳ ඉස්කෝල වලට දාන්න...
      2. ලමයින්ව ටියුෂන් යවනවා පොඩි කාලේ ඉඳලා...
      3. ඒ දෙකම නැතිනම් ප්‍රයිවට් ඉස්කෝල (very expensive) වලට යවනව, ලමයින්ගේ ඩිසිප්ලින් හදන්නයි, හොඳ කම්පිටිෂන් තියෙන පරිසරයක ඉගෙන ගන්නයි...

      මෙහෙ ඉන්න සුද්දන්ට තියෙන එක ප්‍රශ්නයක් තමයි, ඉදිරියට සමාජයේ ඉහලින් සලකන රැකියාවන් සියල්ල මේ රටේ සම්භවයක් නැති අයට යාවි කියන එක (ඇබොරිජින් අයව අමතක කරල සලකා බැලුවොත්)

      Delete
    5. @ CCM
      මන් හැමදාම කතා කරන්නේ සේවාව සැපයීම ගැනයි සමස්ථ.
      නැතුව එක එක වෘතිකයන් තනි වශයෙන් ඉහලට යෑමවත්,
      තම පටු කාර්ය භාරය පමණක් ඉටු කිරීමවත් නෙවේ කල
      යුත්තේ.අන්තිමට සමස්ත සේවයේ අවසාන ඵලයට වගකිවයුත්තා
      කව්ද ?



      මුලින්ම තනතුරු තානාන්තර නමට පෙර ඇති අකුරු අමතක
      කර මිනිසෙකු වන්න..ඒ හොදටම ඇති..




      ඔයාගේ කමෙන්ට් එක මන් ඊයෙම දැක්ක ..ඒත් උත්තර දීල
      වැඩක් නැති නිසා නිකන් හිටියේ..මේ ටික කිව්වෙත් ඔයා
      හිතන්නෙත් උක්ත මාතෘකාව නියෝජනය කරන නිසා..



      ( ඒ ඇර ඔබ සමග කතා කල යුතු බොහෝ දේ ඇත වෘතීය
      පරිසරය ගැන ..)

      Delete
    6. @ අහවලා

      මන් "පිටරට" කිව්වේ සුද්දෝ ගැන .නැතුව කළු සුද්දෝ ගැන
      නෙවේ..කළු සුද්දෝ කළු සුද්දෝම තමයි..ඔබේ උදහරනයේම
      ඒක ගැන ඔය ලස්සනට තියෙන්නේ..

      Delete
  4. සමස්තයත් එක්ක එකගයි.. අපි හැමෝටම වගේ තේරෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ කියලා.. ඒත් ඒ වෙනස් වෙන ක්‍රමයේ මුල් සාමාජිකයෝ වෙන්න අපි බයයි.. මමත් එහෙමයි..

    ReplyDelete
  5. Gayani Wedage කිව්වා වගේ මේවා කියවන්න ඕන මනුස්සයෝ ‍‍මේවා නොකියවන එකයි ගැටලුව දැන් අලුතෙන් ඇති කරන විදියේ තියෙන්නේ 11 වසරේ ඉදන් සයන්ස් ද මැත්ස් ද ආට්ස් ද කියල තෝරන් යන්න ඒකෙන් කවදාවත් ආට්ස් කරපු ළමයෙකුට සාමාන්‍ය විද්‍යාවත් ඉගෙන ගන්න වෙන්නෑ අනාගතේට බිහිවෙන්නේ අඩුම ගානේ ටෝච් 1 බැටරි කැලි 2වත් සෙට් කරගන්න බැරි අය කොටින්ම කියනවනම් ලංකාවේ අධ්‍යාපනයේ තියෙන්නේ කාලයක් ගිහින් පරණ වෙච්ච විදි අලුත් චක්කරලේඛනයක් හරි නව අධ‍්‍යපන ප්රතිසංස්කරණ කියලා හරි ගේන එක විතරයි සමාජෙටවත් රටටවත් ඒකෙන් යහපතක් වෙන්නෑ

    ReplyDelete
  6. ලේඛම් නෙවෙයි නියම වචනය ලේකම්

    ReplyDelete
  7. කතාවෙ තේරුමක් තියෙනවා (අන්තර්ගතය හොඳයි, විදුලි බල මංඩලය, රෝහල් ගැන කියපු දේවල් ඇත්ත), ඒත් අනවශ්‍ය දේවල් නොගැලපෙන පරිදි කිහිප තැනක ඉදිරිපත් කරා කියල මට හැඟීමක් තියෙනවා...

    ඒ හැරුනු විට,

    ""මෙලෝ රහක් නැති නමක් වත් අහල නැති මගෝඩි වැඩක් ගාවින් වත් යන්න නැති ළමයි ඉහලින් පාස් වෙලා කැම්පස් යනවා...""

    කතාව 100% නිවැරදි නැහැ... එහෙම උනුත් ඉන්නවා, ඒ වගේම මගෝඩි ඩයලුත් ඉන්නව... මං මොරටුව කැම්පස් එක ගැන කියන්නෙ, එතන හැම ජාතියෙම එවුන් හිටියා...

    ""හැම එකාම ඉගනගත්තාම සමාජය අවුල් වෙනවා කියලා ඒ මිනිස්සු අවිඥාණිකව ම පිළිගෙන තිබුනා.. ""

    ප්‍රශ්නය තියෙන්නෙ එතන නෙවෙයි... තමං කරන රැකියාව අනුව කුල කියන්න ගිහින් තමයි ඒ ක්‍රමය අභාවයට ගියේ... වලං හදන අයට, කම්මල් කරුවන්ට සමාජයේ අනික් අයගෙන් ලැබුනෙ අඩු සැලකිල්ලක්... අඩු වරප්‍රසාද ලැබුනේ... හැමෝටම එක විදිහට සැලකුවා නම්, ඔය හැම රැකියාවක්ම නොනැවතී ඉදිරියට ගෙනියන්න පිරිස් අපි අතර ඉන්නවා... කවුරු වුනත් කැමති සමාජයේ පිලිගත් යැයි සලකන විදිහට ජීවත් වෙන්න...

    :)

    ReplyDelete
  8. කතාව ඇත්ත. තව ටිකක් විධිමත් වුණා නම හොඳයි. ඒ එක්කම තමන්ගේ තියෙන හීනමානය පිට කරගන්න නොලියා, ටිකක අපක්ෂපාතීව ලිව්ව නම් තමයි හොඳ.

    ReplyDelete