Posts

Showing posts from May, 2012

යකා බැඳි ඇල්ල (Yaka Bendhi Ella)

Image
ඉස්සර රේඩි එකේ කතාවක් ගියා යකා බැඳි ඇල්ලේ මායාව කියලා. ඒක බොහොම බය හිතෙන කතාවක්. දැං අපි දැනගනිමු යකා බැඳි ඇල්ල කියන එක තියෙන තැන මොකද්ද කියලා. යකාබැඳි ඇල්ල කියන එක තියෙන්නේ ගිරිඋල්ලෙ මා ඔය කියන ඔය හරහා තමයි. මේක හදල තියෙන්නෙ බොහොම ඉස්සර. බොහොම කියන්නෙ එක්දාස් පංසිය පහේ සුද්ද එන්නත් කලිං හදපු ඒව. මෙතන තියෙන ලස්සනම දේ තමයි මං නං දකින විදියට ලංකාවෙ මේ වගේ නිර්මාණයක් තියෙන එකම තැන. ඉතිහාසය අධ්‍යනය කරන අයට මිස්වුන තැනක් විදියට තමයි මංනං ඒක දකින්නෙ. අපි දැං බලමු එහෙ යන හැටි...

මේන් මැප් එක...

View Larger Mapනිල් පාටට පේන්නෙ අපි කියපු මා ඔය තමයි.. යන පාර අපි කෝමහරි ගිරිඋල්ලට ගියා කියමු..කිව්වට කෝමද ගිරිඋල්ලට යන්නෙ නේ..එකත් ගැටලුවක්. ඇත්තටම ගිරිඋල්ලට ලේසියෙන්ම යන්න පුලුවං පහ පාරෙ කුරුණෑගල කොළඹ බස් එකක නැංගම. ඒ නැතත් මීරිගම ඉස්ටේෂමට කෝච්චියෙං ගිහිං හෝ ඇවිත් එතනින් ගිරිඋල්ල මීරිගම බස් එකක් ගත්තත් හරි. වාහනේකිං එනවනං ඉතිං ඔය ලොතරැයි කූඩුවක මාමෙක්ගෙන් නැත්තං අපේ තුන් සක රියකුරුවෙක්ගෙන් (ත්‍රිවිල් අය්යෙක්ගෙන්) අහ අහ එන්න පුලුවනි නේ..මේ අපි කියන යකා බැඳි ඇල්ල කියන එක තියෙන්නෙ මීගමුව කුරුණෑගල තිස්හතර…

ආධුනිකයන්ට කෑම පාඩම..

.හොටල් වලිං කනකොට වෙන අවාසි..
හෝටල් කියල ලංකාවෙ කියන්නෙ තේවතුර බොන්න බත් කන්න තියෙන කඩවල් වලට..ඒවට ඉතිං පොස්වට සමහරු කියනවා රෙස්ටවුරන්ට් හෝ මොකක් හෝ නමක්. මේ හෝටල් වලිං මං නං ගොඩක් කාල තියෙනවා. ලංකාවෙ කෑම බීම කලාව කොහෙම උනත් අපිට මගතොටේදි හමුවෙන ගොඩක් තැන්වල කෑම සවුත්තුයි. පිරිසිදුකම අඩුයි.. කිසිම ලකයක් නෑ කෑමවල.. ඉතිං අපි දිනපතා රාජකාරියකට යන අය විදියට ටිකක් පිරිසිදු තැනකිං කෑම බීම ටික ලැබෙනවනං හොඳයි..ඒත් ඉතිං කීයෙං කී දෙනාටද ඒ වගේ රස්සා සහ තැන ලැබෙන්නෙ. ඒ වගේ අය පුරුදු පුහුනු කරගන්න ඕනි දෙයක් තමයි වියමන කියන්නෙ. ඒ කියන්නෙ කෑම ඉවීම. ගෑස් එකක් වලං කීපයක්. වගේ පොඩි උපාංග කීපෙකිං අපිට රසට කෑම හදාගන්න පුලුවනි. පොඩියක් උදෙං නැගිට්ට කියල කවුරුත් අමනාප වෙන්නෙ නැ. ඒවගේම ටිකක් රෑ දහය වෙනකල් පොල්ගාල එකොලහට විතර කෑම ටික හදාගත්තත් තමන්ටමයි වාසි. මට හිතුන මං අවුරුදු ගානක් තිස්සෙ විටින් විට උයල තියෙන පුරුද්ද නිසා අද හෙට කෑම උයන්න එන අයට ටිකක් උපදේස දෙන්න..


බත පිසීම...ජීවන වියදම ඉහල ගියාට තාම හාල් මිල නං වැඩි උනේ නෑ. කාලයේ හැටියට තුන්වේල බත් කන එක තමා වාසි. මං මේ පහුගිය දොොහ් කවුද කියනව ඇහුන බත් කාල …

සිහින නඩත්තුවට ලේසිම ක්‍රම

රථ පිළිබඳ සිහිනය..පොඩිකාලෙ මං හිතං උන්නෙ තඩි බයික් එකක් ගන්න. ඒත් ගොඩක් කල් යනකං නෙමෙයි මේ මේ දැං වෙනකල්ම මට කිසිම වාහන ලයිසන් එකක් නෑ. සිහ් ලයිසන් එකක්වත් නැද්ද කියල කාරුහරි ඇහැව්වම මං කියන්නෙ වාහන නැතුව වැඩක් නැ ලයිසන් අරං අපරාදෙ කියලා..
මගේ අදහස උනේ තඩි බයික් එකක් නිසා මං හොයන්නෙම තඩි බයික්ම තමයි..ඒ අතර ජනප්‍රිය වෙච්චි ඉන්දියන් බයික් මට නොදිරවන්න හේතු ගානක් තියෙනවා.
ඉංදියන් බයික් ලස්සන සහ විසාල මදිවීමඉංදියන් බයික් වල වයිබ්‍රේෂන් අධික වීම.කිසිදු සුවපහසු ගතියක් නැතිවීම.පුස් බයිසිකල් තරං කොමන් වීම ආදියයි. ඒ නිසා මට හිතින් බොහොම ඈතට ඉංදියන් බයික් දාන්න පුලුවං උනා. ඉන් පස්සෙ බීඑම් ඩබ්ලිව්..බුකාති හෝ ඩුකාටි වගේ මං නංවත් දන්නෙ නැති බයික් ඉන්ටනෙට් එකේ දැක්කා ඒත් ඒවාත් නොගැලපෙන්න මට හේතු තිබුනා..
ලංකාවේ 250 ට වඩා එංජින් ධාරිතාව සහිත මෝටර් බයික් ලයිෂන් නොකිරීමලංකාවේ පාරවල් වලට එවන් බයික් නොගැලපීම..ගෙදරින් අකමැති වීම.බයික් එකේ දාං යන්නට කෑල්ලක් නැති වීම.ආදි කාරණා තිබුනා..ඒත් ඔය එක මගුලක්වත් ගන්න මට රුපියල් දහ දාහක්වත් ඉතිරි කරගන්න බැරිඋන කතාව දන්නෙ මගේ යටිහිත විතරයි..උඩු හිතිං එක එක හේතු දදා ඉන්…

කාලයේ වැලිතලා..

Image
කාලයේ වැලිතලා
පෙම් කතා සඟවලා
රැලි වැටී නැතත් මගේ සමත් කයත්
නාකි වී ගොසින් මගේ සිතත් ගතත්


දාහෙ කොල කීපෙට පැය ගානට
සයන බදු අරං
පහස සොයන නරුම මිනිස් පෙලට
මාත් එක්කරං..


මා දිහා හොර හොරෙං
ඈ දිහා හෙමි හෙමිං..
ඇසි පියන් නොගොස් බෝ ලඟින්.
රාග චේතනා තදින් වැදී සැනින්
පරව පෙම් කුසුම් යතී පිපී සැනින්..
විගස පිපෙන මියෙන මලක් වූ ලෙසින්..


පෙම් කතා නැති වෙලා .
පෙම් වතී විචල්‍යක් වගේ වෙලා..
අහස සඳවත තරු කවි පොතේ තියා...
අනින්ටමයි දුවන්නෙ මේ''
ඉඳින් බලං ඉඳං තවත් පැයක් දෙකක් ...
අපිට පෙම අරගෙන කොළ දෙකකට සරඹ කරන්ටා..

kalaye welithala by indika27

http://soundcloud.com/indika27/kalaye-welithala
 .එක්තරා මනුෂ්‍යයෙක් ඉන්නවා එයාගෙ වයස තිස් ගනන් වල අග හරිය..ඉතිං මෙයා ලව් කරන්න යනවා..නමුත් ලව් කරන්න යොදාගන්නෙ ගනිකාවන්..ඔහුට ස්ථිර ප්‍රේමයක් ගැන හිතන්න කාලයක් නෑ.. ඉතිං ගණිකාව තුලිං මෙයා ප්‍රේමය දකිනවා. ඒත් ඒ ගණිකාවත් එකක් කියල නෑ. ඒකත් විචල්‍යයි.. මේක හරි සංකීර්ණ දෙයක්. මෙයා ආස උනත් ඒ විසි ගනන්වල ගෙවපු සුංදර ලස්සන එක කෙල්ලෙකුගෙ නිර්මල පෙම්වතා වෙන්න ඒත් එයාට දැන් ඒකට හිත දෙන්නෙ නෑ..රැලි වැටෙන තරමට හම දිරුවෙ නැතත් සිතින් ඔහ…

bull song වල්ලියා

අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..අං දිහා බලං..ඇස් දිහා හොරෙං..බැලුවා මතකයි..හොම්බෙන් අනිමින්..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..
වලගය වනලා...පැනගෙන දුවලා...සෙල්ලං දමමින් මා වට කැරකීලා...
වල්ලියා....මගේ වල්ලියා දෙයියෝ...
ගියේදෝ හැරදා කරත්තයේ බැඳිලා..

බෙල්ල ගෙවිලා ගියත්..නගුට කැපිලා ගියත්
කෙවිටට සම තැලුනත් මාගේ පෙබ්බර සුදා..ගේ
මං ඔබෙ පෙං බරී...නේ...

දිලිසෙන තරු අතර වෘසබ රාජ වී..රෑ අහසින් මගෙ ළඟට පාත් වී...
එන්නෙ දො ්වල්ලියා මාගේ පෙංබාරා..

ලොකු ගොං රාජයෙක් මට ඕනෑ.නෑ.
නාඹර ගැටවු තවත් මට පේන්න බෑ..
වයසින් වැඩුනු එකා මාගේ රුසිරු සතා..
ඔබ නැතුව සිතා පෙම වැඩිය ඉතා.

Bul song by indika27

ගන්ධබ්බ ජීවිතං

බැඳපු අයට කියන්න තියෙන්නෙ බැඳපු එක ගැන විස්තර..එහෙම නැති අයට කියන්න තියෙන්නෙ කනෙක්ට් වෙච්ච නැති එකේ වරුණාව..එතකොට ඒ දෙකම නැති ඉදල හිටල පෙරාන පාර දාන අයට කියන්නෙ කෝමද??මං නං හිතන්නෙ ඒකට හරියන වචනෙ ගන්ධබ්බම තමයි..අපි නිකං විස්තර කතාව ලයිට් ගාන බලන්නෙ නැතුව තොරණට බහිමු..
එදා මට හෙම්බිරිසාව සෙම පස්ට විදියට වැඩිවෙලා එකෙන් උන හැදිල ගෙදර යන දවසක්. ඉතිං බස් එකෙ නැගල සීට් එකක් අල්ල ගත්ත. එතකොට ඕන්න ඉතිං මට සැට් උනේ වෙරළ පැත්තෙ සිට් එකක්. ඒත් එක්කම එහා පැත්තෙ ගෑල්ලමයෙක් ඉන්නවා. තනියම ඒ ඉන්නෙ අනික් පැත්තෙ සීට් පෝලිමෙ සීට් එකක. ඉතිං මගේ හිතට අදහස් ගලාගෙන එනවා මේ පැත්තෙ යෑම අගුනය. මට සෙමය, මූදු හුළඟ හොඳ නැතිය සෙමට. ආදි වශයෙන් සිතුවිලි ගලා එනවා. ඒ අතර අර ගෑල්ලමයා සීට් එකේ සයිඩ් එකෙං දාං හිටිය මල්ලත් ගත්ත අතට. මට උණ වැඩිඋනා. සහොලෝල උණ ඇති උණා.. මූදු හුළඟට උණ වැඩිවෙලා ඉස්පිරිතාල ගත වෙලා නේස් නෝනල පස්සට අනින්ට තඩි ඉන්ජෙක්ෂන් කටු අරං එනව වගේ පෙනුනා.ඒ අස්සෙ අර ගෑල්ලමයා මූනට වැටුන කොන්ඩ කෑලි ටික පැත්තට දානව හෙම කෝල් පෝං එකෙං කාත් එක්ක හරි අමනාපෙං කතා කරන එක හෙම පෙනුනා.ඉතිං මං ඉවසීම බල්ලට දාල අර මං ළඟ වාඩි…

හිම කිරම දන්සැල්..

Image
මගේ පියා ගොවියෙකි. හේ අද මෙන්ම එදාද ගොවිතැන් කලේය. කතා නායිකාවක් අපි ශ්‍රියාලතා ලෙස ගමු. ශ්‍රියාලතා අක්කලාගේ කාන්ඩයේ ගොඩක් අය සිටියෝය. අපේ තාත්තා ගොවිතැං කලේ ගොඩ බෝගය. බන්ඩක්කා මෑ ආදි දේද වැටකොලු පතතෝල වට්ටක්කා ආදී දේද විය. එකල ගොවිතැං කරන විට කලට බොහෝවිට වැසි වැටුනි. ඒ සමයේ තදින් වැසි වැටෙන කාලවල මෙන්ම සමහර විසාල ලෙස අක්කර දෙක තුන ගොවිතැන් කරන විට වැඩ හිරවෙයි. එනම් වැල් සහ එලවලු බෝග ඉක්මනින් හැදෙන නිසා, වැල් අල්ලා මැස්සට තබා ඉදල් කෝටු ගසා බැඳීම, පාත්ති වලට පස් ඇල්ලීම, පෝර දැමීම, වලවල් කැපීම, ඇට හිටවීම, පණු කැට දැමීම ආදි වැඩ කෝටියකි. එබැවින් අපේ තාත්තා සාමාන්‍යන් මුහුදු කරයේ සිටින අක්කලා සැට් එකක් වැඩට එක්කරගෙන එයි. එකලද එනම් මීට අවුරුදු පාලහකට විස්සකට පෙරත් ඔවුන්ට දිනක වැටුප රුපියල් හත්සියක් අටසියක් විය.
දැන් අපි වැඩකරන ආකාරය බලමු. ඔවුන් ආ විගස ඇඳුම් මාරු කර ගනී. ඉන් පසු අපේ ගෙදරින් බොහෝ විට උදේ ආහාර පිරිනමයි. බොහෝ දෙනා කැම කා ආ බවක් පවසන නමුත් අපේ අම්මාත් තාත්තාත් පෙරැත්ත කරන නිසා කයි.

අපේ ගෙදර එකල වැඩකරන විට කුඩා වුවත් අපිද සිටින්නේ වැඩ බිමේය. ගෙදර තිබුනත් අපේ ගෙදර බල්ලා පවා ඉන්නේ එහ…

උමතුවද නැතිනම් සැබෑවද?

Image
ජූලි 5තර්කන ශක්තිය මා වෙතින් ගිලිහී ගියේද? ඊයේ රෑ සිදුවීම පිළිබඳ මතකය මා හිස බමවයි.
 දොර අඟුලු ලා තිබිණ. හැම සන්ධ්‍යාවකම එසේ කරන්නට මම පුරුදු වී සිටිමි. පවසට දිය බඳුනෙන් අඩක් බීවෙමි. බඳුනේ පළිඟු මූඩිය ළඟටම දිය පිරි තිබුණා මට මතකය. ඉක්බිතිව යහනට වනමි. සිහිනයක් නිසා උපන්තේකට නොවුන සේ තැති ගෙන නැඟී සිටියෙමි. නිඳි ඇඳේදී පෙනහලු පලාගෙන යන සේ පිහියෙන් අනිනු ලැබ, හුස්ම හිරවී, ලෙයින් නැහැවී, තමාට කුමක් සිදුවූයේදැයි නොදැන, පිහියද සහිතව ඇඳෙන් නැඟී සිටි පුද්ගලයකු ඔබට සිහිකර ගත හැකිද? ඒ රැයේ මා නැඟී සිටියේ එ ලෙසිනි.
ඉකිබිතිව කෙමෙන් ම වෙත පියෙවි සිහිය එළැඹිණ. ඉටි පහන දල්වා, පිපාසයෙන් දිය බඳුන වූ මේසය වෙතට පිය මැන්නෙමි. බඳුන අතින් ගෙන වීදුරුවට නැමුවෙමි. එය හිස්ය. සහමුලින්ම හිස් ය. මින් ඇති කරන ලද භ්‍රාන්තිය කරණ කොට ගෙන මා ඉඳගත්තා නොව මට ඉන්දවුනා විය යුතු ය. ක්ෂණයෙන් යලි නැඟීසිටි මම අවට බැලුයෙමි. භය භ්‍රාන්තියෙන් පෙළෙමින් යළි හිඳ ගත්තෙමි. පිළිතුරු නොලබා අන්දමන්ද ව විනිවිද පෙනෙන හිස් බඳුන දෙස බලා සිටියෙමි. අත් වෙවුලයි. කවුරුන් හෝ ජලය පානය කර ඇත. කවු ද? මම ද? මා විය යුතුය. මා හීනෙන් ඇවිදින්නෙකු විය යුතු …

අපි උසස් අධ්‍යාපනය නැමැති චුවින්ගම් කමු

Image
.ෂර්ලොක් හෝම්ස් කතාවක් තියෙනවා රතු හිසකේ තියෙන සංගමයක් ගැන කියවෙන. එතනදි එක්තරා රතු හිසකේ සහිත පුද්ගලයෙක් ඒ සංගමයට බලෙන්ම වාගේ බන්ද ගන්නවා. ඉන්පසු ඒ පුද්ගලයාට රාජකාරියක් සහ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. ඒත් තියෙන්නෙ බයිබලය ටයිප් කිරීම වැනි මහ අදෝමැයි රාජකාරියක්. ඒක හරි ලේසියි ඒත් මේ මනුස්සයට සැකයි. කොන්ඩයත් ඒතරම්ම රතුත් නෑ.. මොකද්ද මේ ජංජාලය කියල අහන්න හෝම්ස් ගාවට එනවා අර මනුස්සය. එතනදි හෝම්ස් විසින් අවසානයේ ඒ මනුස්සයා කඩේ යවපු හැටි හෙලිදරව් කරනවා.

අර රතු හිසකේ සංගමයක් පිහිටුවල මේ මනුස්සයට රස්සාවක් දීල වෙනත් තැනක ඉඳන් බයිබල් ටයිපින් වැඩේ දීල තියෙන්නෙ සොර කන්ඩායමක්. මේ මනුස්සය ගෙදර හිටියොත් අවුල් වගේ නිසා ගෙදරින් පිට තැනක රැකියාවක් දීල එතනට කොටු කරල තියෙනවා. එතකොට හැමදාම එයා ඒ වැඩේ කරන්න එලියට යනවා..ඒ අතර ඉදිරිපස ගොඩනැගිල්ලක ඇති බැංකුවට උමගක් සෑරීමේ බාරදූර කටයුත්ත කිසිදු සැකයකින් කරන්න අර සොරමුලට අවකාශ ලැබෙනවා..

මේ රතුහිසකේ කතාව මෙතෙනට අදාල වෙන්නෙ අපි ඉගෙනගන්න ආකාරය සම්බන්ධයෙන්. අපි ඔහේ එක්සෑම්ස් කරනවා. ඒකට කාලෙ පුල්ම යොදනවා. අවසානෙ අපේ ජීවිතෙන් අවුරුදු දහයක් දොලහක් පාලහක් මේ වෙනුවෙන් යනව…

වෙසක් මට මතක හැටි..

Image
මටනම් වෙසක් අතීතයට අයිති දෙයක් විතරයි..
දැං ඉතිං වෙසක් කඩෙං ගත්ත සුටුස් ගාල එල්ලුව පත්තු කලා ඒක හරි සිම්පල්. සිම්පල් වැඩි නිසාම දැන් මටනං වෙසක් කූඩු වෙසක් කාඩ් මෙලෝ රහක් නැති දෙයක් වෙලා..


ඉස්සර කාලෙ අපෙ තාත්තලෑ මහ ගෙදර මං හිටපු පුංචි සන්දියෙ වෙසක් එක ජයට ගන්නවා. අවුරුද්ද පහුවෙලා සතියක වෙලේ ඉදල තමා කූඩු හැදිල්ල පටන් ගන්නෙ. වත්ත පහල තියේ විසල් උණ පඳුරක් ඒකෙන් අපි තඩි උණ ගහක් කපා ගන්නවා. ඉන් පස්සෙ කස්ටියම එක එක කැටයං දාල ලස්සන කූඩු හදනවා. අටපට්ටං, පැටවු කූඩු, නෙලුම් මල්, ප්ලේන්, ධර්මචක්‍ර අරවද මේවද වැඩ කොටියයි. ඉතින් අක්කලා කරන්නෙ කූඩු අලවන වැඩ බඳින ඒව වගේ තමා. අයියලා තමයි ඔක්කොම කැපුම් කෙටුං ආදිය කරන්නෙ. ඔක්කොම අයියලා අක්කලා වෙන්නෙ ඒ කාලෙ හිටිය සුට්ටංම එකා මම නිසා.. ඒකාලෙ කූඩු අලවන්නෙ කම්බි හෝ නූල් වගේකින්. ඉස්සර අපේ තාත්ත පුංචි සන්දියෙ නං ඔට්ටපාලු වලිං කූඩු හදාපු කතාවක් තියෙනවා. ඒත් ඉතිං දන්නෙ කෝමද ඒ කැටයං අපි..
 පිංතූරය:- http://www.lankapuvath.lk වෙතිනි...

එක පාරක් අපේ අයිය පොර සුට්ටි කාලෙ මාත් සුට්ටං එකා වෙච්චි කාලෙ හැදුව අඩි දෙකක් විතර දික පතුරු අරන් තඩි අටපට්ටමක්. ඉතිං අටපට්ටම අනික් අ…

බැක් සයිඩ් ඉන්ටවිව් එක

Image
අද අපි එක්ක සංවාදයට එකතුවෙලා ඉන්නෙ ප්‍රවීන බස් බඩු ලයින් කිරීමේ පුරෝගාමියෙක් වෙන කපිල කුමාර කියන කෙනා..අපි මහත්මයා කියල කතා කරන්නෙ නෑ මොකද එයා කැමති නෑ. එයා මහත්වරු තරම් ජඩ වැඩ කරන්නෙ නැති නිසා එහෙම කියන්න එපාලු..

හරි කුමාර මට දැනගන්න පුලුවනිද මේ බස්වල බඩු ලයින් කරගැන්ම නොහොත් ඔබ කියනවිදියට මොකද්ද මේ ට්‍රාරාන්ස්පෝට් විත් සෙක්ස් කියන්නෙ??
බඩු කියනවට කෙල්ලො කැමති නෑ..උන් ආස සමනලයා මල හා බඹරා වගේ වචනවලට. ඒත් මචං අපිට ගොඩක් වෙලාවට බඩුවට බඩුව කියන්න වෙනවා. කෙල්ල ගැහැනිය, කාන්තාව, වෙගේ ලස්සන වචන වලිං වහල තියෙනව උනාට ඒ හැම එකම බඩුවක් විදියට තමයි ගොඩක් බඩුකාරයො දකින්නෙ. මං එහෙම කෙනෙක් නෙමෙයි. ඒත් ඉතිං ඔයාට එහෙම හිතෙන නිසා ගත්තට අවුලක් නෑ. කොහොම උනත් මගේ නම නැතුව මේ වෙන නමකින ්කරන වැඩක් නිසා අවුලක්නෑ.. මල්ලි එච්චර ප්‍රොෆෙෂනල් උත්තර දෙන්න මං දන්නෙ නෑ. උඹ ලියනකොට වැඩදාල ලියපං ඈ.. .මල්ලි දැන් අහපු ප්‍රශ්ණෙටඋතත්ර නෑ වෙන එකක් අහන්න. ඕ වචන වල තේරුම මං බලන්න දන් නෑ....ටාන්ස්පෝට් සේක්ස් ඒ මොකද් බං??උඹම වල් වචන දාල මගෙන් අහනවා...
.
කුමාර ඔයා කවද්ද ඉස්සෙල්ලම බස් එකෙක මේ වගේ කෑල්ලක් ලයින් කලේ....
එතකොට මං පොඩ…