Posts

Showing posts from June, 2012

වැන්දඹු සැමි

ඉන්නේ තනියමයි කාමර දෙකක් මතවෙන්නේ කොත්තු රයිසුයි රෑ කෑම පතබොන්නේ අරක්කුයි කන්නට බයිට් ඇතඑන්නේ කවදාක යලි මගෙ ගෑනි පත

සඳ සොරකම් කරං ගිය මගෙ ඒ දෝසි කැටේදැං ඇත්තේ උගේ මූසල බෝල කටේමං දිව ගියත් ඔබ සෙවුමට හතර වටේදැං කොහෙ හොයන් දෝ කියපං අපේ රටේ

ඇගෙ මස්සිනා නම් සුන්දර පැණි මලයාපුහුනුවකට කියා මාගෙයි රැඳි සැටියාඋෙග කෝලං කොලුකම පිට ඇරියාඅවසන ගෑනි ගෙන පිටරට ගිය *රියා

සුදු අපි තව හැදෙන්නට ඕනෑ වෙනවාඔයා තවත් රෑ වැඩ නම් හොඳ වෙනවාඕටී ලැබුන විට දියුනුව වැඩි වෙනවාකියලා ගෑනි මට රෑ තව වැඩ දෙනවා

අර මලයා උඹෙ ගෑනිව ගෙනියනවාඅතන මෙතන හැමතැනදිම හමුවෙනවාකියලා රට්ටු කීවත් සැක නැතිවෙනවාමං මැට්ටා ගෙ ගොංකං දැං සිහි වෙනවා

මේදේ මේම මේමයි අනෙ කොරන්නේමේ කට අපි දෙන්න මේමයි අඳින්නේනෑ දැන් කිසි කෙනෙක් ඒ උපදෙස් පුදන්නේගිය එක හොඳයි කියලත් මට සිතෙන්නේ

රෑ සීනෙන් වැලක් පෙනුනොත් හොඳ වේවීවේලී යන ගතට සිහිලක් ගෙන දේවීපින් කඳ වගේ උන් මාගේ ගිරි දේවීඅත හැර දමා සොයනව වෙන වෙන දේවී

වරෙං මචං යන්නට ගොන් දෙනක් සොයාකියා මිතුරු තෙම කිව් නිසාම මාත් ගියාවනා දෙකක් දුන් විට සැම දෝරෙ ගියාඅහෝ මගේ දාහේ දෙක කොහේ ගියා

සොයලා ගොසින් දුරතැන් පීරා බලලා

අපේ ගෙදර බල්ලෝ

Image
මා මේ කියන්නෙ යන්නේ අපේ ගම දිහා බල්ලෝ ඇති කරන ආකාරයයි. එය විසේස ආකාරයක් නොවේය. ලංකාවේ කොයි ගමෙත් බල්ලන් හැදෙන්නේ ටිකක් එක විදියකටය. 


බලු පැට්ටෙක් තෝරා ගැන්ම..
            අපි ගෙදර ඇත්කරන්න බල්ලන් සොයාගන්නා විට අපි උන් බල්ලාද බැල්ලීද කියා සොයනවා. මොකද බැල්ලි පැටියෙක් තෝරා ගත්තොත් බල්ලන් ගේ වටේ කැරකීම බැල්ලී අයාලේ යෑම. පසුකලෙක පැටව් දැමූ පසු නඩත්තු කරන්නට වීම ආදි දෝස එකතු වෙන නිසාය. ගොඩක් අය ආසා කරන්නේ බල්ලා ඇතිකරන්නටය. ඒත් අතරින් පතර බැල්ලියන් අහු වෙන අවස්ථාද ඇත. ලිංගික අවයව එතරම් විකසනය නොවූ අවස්ථාවක් වන බලු ළමා අවධියේදී බලු පැටියා පෙරලා ගෙන උගේ අහවල් අවයව පරීක්ෂා කර යුතු වෙනවා. සාමාන්‍යන් ගෙවල් අසලින් බලු පැටව් අපි ඇතිකරන්නට තෝරා ගන්නේ නෑ. මොකද ඒ බලු පැටව් අපි තෝරා ගත්තොත් බැල්ලි පැමිණ කිරි දෙන්නට එන විට එය කරදරයක් වන නිසා. 


අපි බලුපැටියෙක් තෝරා ගත් පසු අනෙක් කාරනාව තමයි ඌ ප්‍රවාහනය කිරීම. බිස්කට් සබන් හෝ වෙනත් එවන් දෑ අසුරණ ලද හිස් පෙට්ටියක් ඇතුලෙ තමයි මේ කුඩා පැටියා යන්නෙ. මා වරක් එසේ සිදුරු තනන ලද පෙට්ටියක බහා බලුපැටවෙකු අපේ ගෙදරට ගෙනෙමින් සිටින අතර බලු පැටියා එකවර බස් රියේදී කෑ ගැසු…

ස්කයිප් එකෙං ජංගිය ගලවන ආත්මීය පෙම්වතෙක්

--> එකමත් එක රටක එකමත් එක කාලෙක ලස්සන අයියා කෙනෙක් හිටියා. මේ අයියා බොහොම ලස්සන කවි කතා සහ පබැදුම් කරනවා. ඒවාට නංගිලා හරිම ආසයි. මෙයා තෝරගත්ත ලස්සන නංගියෙක් ප්‍රේම කරන්න. ඉතිං මේ අයියා ලංකාවෙ ඉඳන් වැලිකතර රටකට ගිහිපු කෙනෙක් මේ නංගී ඉන්නෙ බටහිර රටක. මේ නංගීට ලස්සන රූපයක් තියෙනවා. ඉතිං මේ සයිබර ප්‍රේමය බොහෝ මුහුකුරා ගියා.
ඔන්න දැන් දෙන්නා ස්කයිප් එකෙං කතා කරනවා. කතා කරනකොට මුහුකුරා ගිය ප්‍රේමය අන්ධ හින්දා දෙන්නාට වස්තර තියෙන වගවත් පේන්න නැතුව යනවා. කොහොමින් කොහොම හරි නංගීගේ සැම නොදැකිය යුතු පුද්ගලික දේවල් පවා පෙන්නලා තියෙනවා. අර අයියත් ඉතිං බෝම ලක්ෂණ වචන වලිං නංගිව ලාස්සනට අන්දල තමුන්ගේ ආසාව සම්පූර්ණ කරගෙන තියෙනවා.
මේ අය නානවා කනවා බොනවා ස්කයිප් එකෙං. ඒ හැම දෙයක්ම කිසිම විදියකින් අනිකාට හංගන්න උවමනාවක් උනේ නෑ. ඒත් ඉතිං අර ලස්සන ගෑනු ලමයා ඇඳුං අඩුවෙන් නාන ඇඟහෝදන කොට ගතපු ස්කයිප් කෝල් රෙකෝඩ් කරගෙන අර ආදරණීය අයියන්ඩි විසින්. අයියා ඒම කලේ ඇයි කියන්න අපි දන්නේ නෑ. හරිම පිවිතුරු, ආත්මීය, අනුකම්පාසහගත, සුන්දර, අකලංක ප්‍රේමයේ හැටි එහෙම වෙන්න ඇති අපි දන්නවය ඒවයි හැටි. ඉතිං ඒ නිරුවත් පිංතූ…

ආමි ජිනේ සහ පේමවතී

Image
මෙය වනචර කතාවකි. මෙය වනචර වූවත් නැතත් අන්තර්ජාලය නැමැති සාගරයේ දියනෑමට පොඩි උන් තනියම යැවීම මව්පියන් නැමැති හරකුන් විසින් නොකල යුතු වැඩකි. 

          ඉස්කෝලෙ ටීචර් මට හරියක් දැම්මා. ඒත් පේමවතීගෙ හරිය තරං ලොකු නෑ. පේමවතීට ලොකු සරීරයක් තියෙනවා. මට එහෙම නෑ. ඒ උනාට මං පේමවතීට ආසයි. වැරැද්දක්  දැක්කහම පේමවතී ලොකු ටීච වගේ ගහන්නෙ නෑ කියල දෙනවා.
පේමවතී නැත්තං මට ඉස්කෝල එපා වෙලා. එයැයි තමයි මට ගණං කියල දුන්නෙ. ටිකක් කියල දුන්නම මට ඉතිරි ටික ඇහැකි. ඒක අපේ ලොකු කන්නාඩි පොලඟ කියල දෙනවට වඩා ලේසියි. පේමවතී නැති දවසට පංතියම පාලුයි වගේ.
සමහර අය අපිට කිව්වෙ කපල් එක කියලා. ඒකෙ වරදක් නෑ. අපි කපල් එක තමයි. පේමවති ලොකු වෙනකල්ම මං එයාට ආදරේ කලා…ඒත් පේමවතී ලොකු වෙනකොට අපි අතර තිබුන දුරත් ලොකු උනා
පේමවතී උසස් පෙල කොරනකොට මං හරක් පස්සෙ යනවා. දවසක සරං කොටේ ඇඳං හරක් පස්සෙ ගිහිං එනකොට පේමවතී හම්බුනා. ඒකි උස්සං වඩං යන්න හිතුනා මට..ඒත් ඒම කලාම කෙල්ලට රිදෙයි..ඒකිගෙ හිතටත් රිදෙයි මං නිකං උන්නා..
අපේ මහ එලදෙනගෙන් ගන්න කිරිවලට වඩා පේමවතීගෙ තං දෙකෙන් කිරිගත හැකි වෙයි. මට හිතුනා. ඒත් ඒව අල්ලන්න මට බයයි. දවසක් මං ඇල්ලුවා නෙමෙ…

පිරුණු වීදියේ

මේ පිරුණු වීදියේ නෙක කෝලම් විසිරෙනා..
දස දහසක් දේවල් මට ඕනෑ නෑ
ඇඳුමක් ගන්නට සපත්තුවක් ගන්නට
සිතුනත් තෝරා දෙන්නට ඔබ ඇවිදිල්ලා නෑ..

කෑගසා අඩගසාවී....මේ ලාබයි කියාවී..
අඩුකරලා දෙන්නට උන් සැරසේවී...
ඝොසාවන් ඇසේවී..මිනිසුන් හැපී යාවී..
එහෙත් පාලුව මා සිතවට කැරකේවී..

පාවහන් පාටින් දිලිසී යයි ඇඳුම් රටා දෙද්දී
මට වියදම් කරන්ට සිත ඉඩ දෙන්නේ නෑ
මල් මිටියක් අත අරං යලිත් මං තිව්වා
ඔබ ආවානම් එය දෙන්නට තිබුනානේ..Pirunu v diya by indika27

හොරා දකිමු 02

එය ලස්සන දවසක්ද කැත දවසක්ද වැහිබර එකක්ද කියා මට මතක නැත. නමුත් එදා සතියේ දවසකි. සවස තුනට පමණ මගේ බොස් කතා කලේය. ඒ අතේ ඇති මාගේ අතබනුවටයි. අතබනුවට බොසාගෙන් කෝල් එකක් ආ නිසා මා ආන්සර් කලෙමි. මේ අයිසේ පොඩි කේස් එකක්..ආ කියන්න සර්..තමුසෙ ඔතන මුර කරන්න ඕනි නෑ... පොඩි වැඩක් තියෙනවා ඒකට යනවා.දැං ඔතනින් තමුසෙ වාහෙනේ අරං යනවා පොඩි ගෙයක් තියෙනව කඩන ආන්න එතෙන්ට..කියා තැනක් කියා කඩන නිවසක්ද, එහි ඇති ගැලවු පෙට්ටමක්ද, ගැන විස්තර කීවේය..අපේ බොසා මට තමුසෙ යයි කියන්නේ තරහකට නෙවේ..ඒ ඔහුගේ ආමන්ත්‍රණ ශෛලියයි. මා හට බඩු පටවගෙන යන්නට වූයේ ත්‍රිවිල් එකක උඩ තට්ටුවේය. එය තට්ටුවක් ගසා තිබු ත්‍රිවිල් එකකි. බඩු ටික නම් එතැන සිටි කොල්ලන් කීප දෙනෙක් විසින් තට්ටුවට පටවන ලදී. ඉන්පසු බොසා කිව් විදියට මා විසින් කියන ලද මුඩුක්කු වීදියට එන ලදී..ඒ මුඩුක්කු වීදියට හැරෙන තැනින් පසුව නම දැනගන්නා ලද කාවින්දි නම් වූ යුවතියක් මගේ ත්‍රිවිල් එකට නගින ලදී..දැන් ත්‍රිවිල් එකේ තත්වය අපි විමසා බලමු.    ත්‍රිව්ල් එක යන්නේ මුඩුක්කු වීදියකය. තරමක් තදනන්තර බඩුවක් වූ කවින්දි සහ කෙස්ටු එකෙකු වන මා සහ ඩයිවර උන්නැහේ කෙනෙක් ත්‍රිවිල් එක තුල…

හොරා දකිමු.

කැබ් එකකි එහි චරිත තුනකි. එකෙක් මාය. මා බාගෙට නිදිය අනික් දෙන්නා කතාවය. බලන්න මුං ගහන ගැහිල්ලෙ හැටියට රට ඉතිරි වුනොත් තමයි පුදුමෙ...නැව් ගනන් නේ ගහන්නෙ. කොච්චර කුමන්ත්‍රණ කාරය උනත් අර රනිලය ඔහොම නෑ..ඒත් ඌත් දැන් වැඩක් නෑ. මේ පටන් ගන්නේ මා විසි තිස් වතාවක් හොඳින් අසා ඇති දේශපාලන සංවාදයකි..
මේ ඉදිරිපස අසුනේ යන්නේ මගේම සහෝදර පරීක්ෂකවරයෙක් සහ තවත් අපේ රියදුරු මහතෙකි..බලන්න මේ කලර් ලයිට් එක මහත්තය. මේකෙ මේ පැත්තට යන්න දෙන්නෙ තප්පර දහයයි. මොකා මේව දානවද දන් නෑනෙ. ඒකට ඩුබයි වල හෙම. සුටුස් ගාල යත හැකි නේ. මේ වාහෙන පෝලිම වැරදියට තියෙන්නෙ මේ කලර් ලයිට් හින්ද තමයි. හැමතැනම ට්‍රැෆික් නේ..රියදුරු කියවයි. තව ස්වල්ප වේලාවකින් අපේ අනෙකා ඒ කලර් ලයිට් වැරැද්දටත් මහින්ද හෝ රනිල් පංගරාත්තු කරයි. ඒකත් අර මන්දිරයක සිටින කෙනෙකුගේම එකවුන්ට එකට යයි. මා උසස් අධ්‍යාපනය  ඉගනගන්නා කාලයේ ඔය කලර් ලයිට් සවිකරන හංදිවල වාහන සමීක්ෂන කරන්නට වරක් ලැබුනි. එවිට අපිට මැසිමක් දෙයි. ත්‍රිවිල් එකක් ගියොත් ඒ මැසිමේ ත්‍රිවිල් එකක් අලවා ඇති බටන් එක එබිය යුතුය. මංසන්දියක ඇති සියලුම පාරවල් වලට මේ ආකාර මැසින් දී කොල්ලන් යොමුකර උන්ට ව…

මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?

Image
මා පසුගිය දිනෙක කෝච්චිය මග ඇරී පාරේ එයි..මා බස් රියේ එනවිට නවාතැනට එන්නට තරමක කන්දක් තරණය කල යුතුය.. කන්ද මුදුනට මා ආ කල හති දාගෙන බයිසිකල් කරුවෙක් මට නැවැත්වුයේය. මා හට නඟින්න යැයි සන් කලේය.. ඉන් පසු ඔහුගේ බයිසිකලේ පොල්ලේ නැඟී මා කඳු බෑවුම පහසුවෙන්ම තරණය කලෙමි. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ඒ එන විනාඩියට ඔහු කන්ද තරණය කිරීමට ගත් වෙහෙසේ ඉතිරි වූ හරියට හරියන්නට හති අරින ලදී. ඔහුත් මෙවැනිව පාරේ සමාර දිනවල පයිං යන බවත් මා සිටින්නේ අලුත් තැනකද ආදී වගත් මගෙන් ඇසීය.. ඔහු කවුදැයි මා නොදනී. නමුත් ඔහු හිත හොඳ මුස්ලිම් ජාතිකයෙකි..
මගේ කාර්යාලයේ අපේ කන්තෝරු සහායකයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු භක්තිමක් මුස්ලිම් භක්තිකයෙකි. ආගමානුකූලව ජීවත් වෙයි. එහෙත් අපිට කිසිම අවුලක් නැත. වෙසක් දිනවලදී අප වැරදිලා ඔහුට වෙසක් කූඩු ගේනනට කිව්වේය. එය ඔහු ඇඹරෙමින් ප්‍රතික්ෂේප කලේය. එවන් වැඩ හැර අපේ බොස්ලාගේ බැංකු කටයුතු පවා ඒ මුස්ලිම් තැනැත්තා හොඳින් කරදෙයි. රුපියල් ලක්ෂයක් වුව කිසිදු අවිශ්වාසයෙකින් තොරව අතට දී යමක් රැගෙන එන්නයැයි කිව හැකි මට්ටමේ කෙනෙකි. ඔහුට වැඩ අධික දිනෙක මට වැඩක් නොමැති වුවොත් මාද ගොස් උදව් කරමි. මාගේ සමීප …

අපි කැස්බෑවන් නරඹමු (Let's visit Turtles)

Image
කැස්බෑවගෙයි ඉබ්බගෙයි තියෙන වෙනස..කැස්බෑවා ජීවත් වෙන්න මූදෙ ඉබ්බ ඉන්නෙ ගොඩ. මුං දෙකම අයිති උරග විශේෂ වලට තමයි. මේ ඉබ්බා අයිති කුලේ සත්තු බෝම පරණ ජාතියක්. කැස්බෑවත් මීට වසර මිලියන සිය ගානකට පෙර ගොඩබිම වාසය කරලා පසුව මුහුදට යන්න ඇති කියල විද්‍යාඥයින් අදහස් පල කරනවා. කැස්බෑවාට සාමාන්‍යන් වරල් තියෙනවා, ඉබ්බාට වරල් නෑ තියෙන්නෙ තඩි කකුල් හතරක් තමයි. අනික අනතුරකදී සියලුම අඩු පඬු සහ ඔලුව ඇතුලට ගන්නට ඉබ්බාට පුලුවං කම තියෙනවා. ඒත් කැස්බෑවාට එසේ එලියෙ තියෙන වරල් ගාත්‍රා වලිගය සහ ඔලුව වාගේ ඒවා ඇතුලට ගන්නට හැකියාවක් නෑ. තව දෙයක් තමය ඉබ්බා ඇවිදින විට ඉබ්බට පුලුවනි පස්ස බිම වදින්නෙ නැතුව සේප් එකේ ඇවිදින්න, නමුත් කැස්බෑවගේ පස්ස බිම වදිනවා. කැස්බෑවා මුලු ජිවිත කාලයම ගෙවන්නෙ මුහුදෙ. නමුත් ඉබ්බාට සැලකිය යුතු කාලෙයක් ගොඩ ජිවත් වෙන්නත් පුලුවනි. කැස්බෑවන්ගේ ගෑනු සතා විතරක් ගොඩ ඇවිත් බිත්තර දෑම සිදු කරනවා..
කැස්බෑවන්ගේ පරණ කතා..කැස්බෑවන් සාමාන්‍යන් මීටර දෙකේ තුනේ සිට සෙන්ටිමීටර පාලහ දහය සයිස් වලිං පවා ඉන්නවා. නමුත් ලංකාවෙ මේ කුඩා කැස්බෑවන් දකින්න ලැබෙන්නෙ නෑ. ලංකාවෙදි කැස්බෑවුන් වර්ග හතරක් පමණ දකින්න පුලුවනි…

ලිනක්ස් දාල හා ගන්න එපා (Linux barriers)

Image
ගෙදර මැසිමට ලිනක්ස්(Linux) එපා..ලිනක්ස් කියන්නෙ මහ ලොකු සිස්ටම් වලට ඕනි මහ එපාකරපු එන්වයරන්මන්ට් එකක් තියෙන කුජීත ඕ එස් එකක්..කියල තමයි කස්ටිය හිතාන ඉන්නෙ. එහෙම කාලයක් තියෙන් ඇති.. ඒත් දැං එහෙම නෑ. ලිනක්ස් යූසර් ෆෙන්ඩ්ලි වෙලා..ගෙදර ආච්චිටත් තේරෙන්න දැං ලිනක්ස් එනවා. කස්ටිය දන්නවා ඇති ඇන්ඩ්‍රොයිඩ් ගැන. ඇන්ඩ්‍රොයිඩ් (Android) මොබයිල් ඕ එස් එක බේස් වෙලා තියෙන්නෙ ලිනක්ස් වල කියලා කතාවක් තියෙනවා...ලිනක්ස් කියන්නෙ බේස් කෝඩ් එකක්. ඒක උඩ දුවන ගොඩක් මෙහෙයුම් පද්ධති තියෙනවා, උබන්ටු(Ubuntu), ෆෙඩෝරා(fedora), ලිනක්ස් මින්ට්(Linux Mint), මැන්ඩ්‍රිවා(Mandriva), ඕපන් සූස්(Open Suse), කියන්නෙ ඒ තියෙන අටෝරාශියක් ලිනක්ස් සංස්කරණ(Distro) වලිං ටිකක් ජනප්‍රිය වෙච්චි වර්ෂන් දෙක තුනක්..


නිකං දුන්නට අපිට වින්ඩෝස් තරං කික් එකක් නෑනෙ ඔය කියන ලිනක්ස්.නිකමට හිතන්න ඕන්න ඔයාලට පිටරට ඉන්න කෙනෙක් හරි නැත්තං හොඳම යාලුවෙක් හරි හොඳ වැඩකෑලි තියෙන ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් දෙනවා. ඒ වෙනකොට ඔයා ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් අල්ලල වත් නෑ.. ඒ උනාට ඔයා එපා කියනවද නෑනෙ. මොකද පෝන් ඕ එස් එකක් අපිට ලේසියෙන්ම අල්ල ගන්න පුලුවන් නිස…