Posts

Showing posts from August, 2012

SLT ඉදිරියට පසුපසටද? (SLT Rocks or Sucks)

Image
ටෙලිකොම් ආයතනය විසින් අලුත් පැකේජයක් හඳුන්වා දෙන ලදී. එහි නම අභිමාන වේ. ගිගාබයිට් දෙකක ප්‍රමාණයක් සඳහා රුපියල් තුන්සිය අනූවක ගාස්තුවක් යටතේ රාජ්‍යය සේවකයින්ට එය පිරිනමයි. එහෙත් වෙළඳපොලේ පවතින මිල ගනන් ඊට වඩා අඩුය. හච් සමාගමෙනුත් එටිසලාට් සමාගම මගිනුත් එයාටෙල් වලිනුත් නිල නොවන මට්ටමින් කරන විශේෂ පැකේජවලදී මීට වඩා දත්ත ප්‍රමාණයක් ලැබේ. එටිසලාට් සමාගම මගින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා ගිගාබයිට් 10ක් රුපිය්ල දාහකටද, හච් මගින් ගිගාබයිට් 5ක් රුපියල් 500ටද, එයාටෙල් මගින් ගිගාබයිට් 10ක් රුපියල් 700කට මාසික ගාස්තුවකට ඇති කනෙක්ෂන් පාවිච්චි කරන අයවලුන් මේ රටේ කොතෙකුත් වෙති.(මේ පැකේජ නිලනොවන මට්ටමින් සහ විශේෂ අවස්ථා සඳහා පමණක් ජංගම දුරකථ සමාගම් විසින් ලබාදෙන්නේද අප රටේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ඇති රෙගුලාසි අනුවය. ඒ අනුව අඩුමිලට අන්තර්ජාලය ලබාදීම ඒ සමාගම් කරන වරදක් වෙයි.)

අන්තර්ජාලය ගැන කිසිත් නොදන්නා හද්දා ඩොටේ අයෙකු මේ අන්තර්ජාල සබඳතාවය ගත්තත් නොබෝ දිනකින් අන්තර්ජාලයම පිරික්සන විට ඔහුට මීට වඩා ලාබදායී පුලුල් පරාස සබඳතා සොයාගත හැකි වෙනු ඇත. එවිට මේ හරහා සබඳතා ගන්නා අයද නොබෝ කලකින්ම හැලී වෙනත් ලා…

S 12 කැළණිවැලිය සහ දුම්රිය සේවය

Image
එස් 12 නැමැති බලවේග කට්ටල පහක් පමණ දැනට ලංකාවට ගෙන්වා ඇති අතර ඒවා මේ දිනවල පරීක්ෂණ ධාවනවල යොදවා ඇත. . ඒ එස් 12 බලවේග කට්ටල විශේෂයෙන් වංගු සහිත මාර්ග වලට සරිලන පරිදි පෙට්ටිවල දිග අඩුකොට නිපදවා ඇත. නුවර පළාතට එක් බලවේග කට්ටලයකුත් අනෙක් හතර කැළනිවැලි දුම්රිය මාර්ගයටත් ලැබෙන බව මුල පටන්ම ආරංචි විය.නමුත් දැන් දුම්රිය දෙපාර්ථමේන්තුවේ අභ්‍යන්තරයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව කැළනිවැලි මාර්ගයට ලැබෙන්නේ එක් නව බලවේග කට්ටලයක් පමණි. එයද ලැබේද නොලැබේද යන්න ගැටලු සහගත තත්වයකට පත්ව තිබේ. දැනට බොහෝ කලක් පරණ වූ බලවේග කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට යොදා ඇති නිසා ඒවා නිතර නිතර කාර්මික දෝශ වලට ලක්වෙයි. එමෙන්ම කාර්මික දෝෂ නිසා සමහර දිනවල ගමන් වාර බොහෝ සෙයින් ප්‍රමාද වීම සහ ගමන්වාර ඇනහිටීම බහුලව සිදුවෙන බව කැළණිවැලි දුම්රිය මගීන් පවසති..
නව දුම්රිය කට්ටල කැළණිවැලි දුම්රිය මාර්ගයට අවැසි බව බලධාරින් හඳුනාගෙන බොහෝ කල් ගත වූ නමුත් මේ නව දුම්රිය අානයනය කිරීමේ තීරණය ගත්තේ ඩලස් ඇමතිතුමා ප්‍රවාහන අැමතිව සිටි කාලයේය. එහෙත් දැන් දුම්රිය ප්‍රවාහන ඇමති සිටින්නේ මතුගම ආසනයේ කළුතර දිස්ත්‍රික්කයේ කුමාර වෙල්ගම ඇමතිතුමා වනබැව…

දගකාර මහල්ලා

Image
දගකාර මහල්ලා ඔබගේ 

සුදු මූන දකින්නට එනවා
..
කළු පාට වලාවන් අහසේ

ඈතට ඇදිලා ගියාවේ..


පෙම් කතා රස කතා මල් සිනාවන්

නෙත් වසා සැරසුවාවු ඉඟි රටාවන්...

කල්පනා ලොවේ ඉඳන් මැව් කතාවන්

රඟන්න රඟමඩලට එන්නම් දයාවෙන්...


රෑට සිහිනෙන් ඇවිදින් දෙව් දූ

මා දකී වී පෙනී නොපෙනී

හැබැහින් දකින්නටයි මා මේ

පොදි බැදන් අරන් යන්නේ


ඈ කැමැත්තෙන් ලත් ඇසිල්ලෙන්

පා සිනාවෙන් සනසවාලා සතපාලා..තියලා..

මල් කිනිත්තෙන් පිනි වැටීමෙන්

රුසිරු විහිදූ මල් සුවඳ සිඹින වාරේ..ඇවිල්ලා වාගේ..


ඒ යුගයේ හිනා කතා

Image
මේ කියන කතා තුන හතරම අයිති වෙන්නේ පරිවර්ථන එහෙම නැත්තං මේ කොම්පියුටර හෙම ආපු පලවෙනි යුගයට..

ඉතිං ඔන්න කම්පෙලෙන් ටෙලිපෝන් එකෙං බාරගන්න කන්තෝරුවක් තිබුනා. කම්පෙලෙන් වලට හරියන සිංහල වචනය මං හිතන්නෙ දෝෂ රපෝර්තුව වෙන්න ඇති.
. කෝම හරි ඉතිං ඒ කන්තෝරුවෙ ටෙලිපෝං එක රිං විසිහතරක් විතර ගියාම පෝන් එක ඉස්සුවා. ඒත් ඒ වෙලාවෙ ඉන්න ඕනි නියම කෙනා නෙමෙයි එතන එතන ඇමතුම භාරගන්න හිටියෙ වෙන කෙනෙක්.. එයා ඇවිත් පෝන් එක ආන්සර් කරලා දැං අමතපු කෙනාගෙ නම අහනවා...

සර් ගෙ නම? මම ෆාදර් අලස්..
ඉතිං ෆාදර් අලස් කියන එක කෙටියට.. FR Alas කියලා  ලියලා දැම්මා..
ඉතිං ඒ ෆාදර්ගේ වැඩේ දවසකින් දෙකකින් හරිගස්සලා දැං වෙන කෙනෙක් ෆාදර්ට කොල් කරනවා...

සර් ඔය එෆ් ආර් අලස් ද කතා කරන්නේ? මං අලස් නම් තමයි ඒත් එෆ් ආර් නෙමෙයි..කියලා ෆාදර්ට කට ගන්න උනේ නෑ...අනික් යාලුවා ආවා ඇවිත්.. හෙන කලබලයක් කරලා "එෆ් ආර් නෙමෙයි මෝලො ෆාදර්" කියලා කිව්වා...
ඒ වාගේ වෙලාවට කෝල් එකේ කට තියෙන පැත්ත අතින් වහගෙන තමයි ඉතිං කතා කරන්නෙ...

ඇයි යකෝ ෆාදර් නං ඉස්සරහිං රෙවනියු කියලා තියෙන්න එපැයි...කියලා අර කෝල් කරාපු යාලුවත් ඇරියෙම නෑලු වැඩේ... සාමාන්‍යයේන් මිනිහා ද…

විධායකයා ගේ වල්සිත 02

Image
වෙනදා මෙන් රබර් කණ යොදා කැන්ටිමේ අහුමුලු වල වෙන කතාවලට සවන් දෙන්නට මට බැරි නිසා මා අලුත් කෑල්ලක් ගියවර මැලේසියා ගිය වෙලේ ගෙනාවේය. අනුන්ගේ දේ හෙවීමේ මහ අමුතු කාලකන්නි පුරුද්දක් ඇති මා ඒ කෑල්ල යොදා බොහෝ ඈත වන කතා රැකෝඩ් කරගන අසන්නට පටන් ගත්තේය. රුපියල් වලිං පනස්දාහක් වූ එය එක් සංවාදයකට සුසර කර තැබුවොත් ඔවුන්ගේ සංවාදය රැකෝඩ් වෙන ලෙස තනා ඇත. තරමක් පුරුදු වූ පසු භාවිතය ලේසිය. කැන්ටිමේ සිටින බුවාලා දෙදෙනෙක් නිතිපතා මා එහි යන එන විට මා දෙස හොරහින් බලා කතා කරති.
මා දිනක් අර ගැජට් එක දාගෙන ගොස් කනේ ගසා ඔවුන් කතා කරන දේ ඇසූවෙමි...
අර ගං කබරයා නේද? ඕකා ඔය සෙක්ෂ්න එකේ ඉන්න බඩු ඔක්කොටම ගහලා ඇති. බැලුවම පේන් නැද්ද බං..ජොල් ජොල් ගාල බඩ වදිනවා ඇති අර රතු උස ඒකේ එහෙම. සික් මුන්ට තියෙන ආතල් එක..කාර් ද, ඕන්නං සල්ලිද. ඕනනං ඔෆිස් එකේම තියං ගහන්න පුලුවං නේ බං. පොඩි මාලිගාවක් වගේ ඔෆිස් එකත් මූට.
ඔය කියා ඇත්තෙ කියන ලද ජරාම කොටසකි. ඔවුන් සිතා සිටින්නෙ ඉඳ හිට විහිලුවක් කලාම. ඒ ගෑනු අයගේ තොඳොල් වීම් දෙස බලා සිටියාම අපි ඔවුන් ගෙන් නොගන්නා වැඩක් නැති බවය. මේ ළඟදී කැන්ටින් කෝප්ප අපිරිසිදු යැයි සිතා සිටින පොෂ් බඩුවක්…

විධායකයා ගේ වල් සිත 01

Image
කෝ දෙන්න සර්. මගේ කාර් රිය ළඟට ආ පියන් ශාලිත අත පාන්නට වූයේ මාගේ බ්‍රීෆ් කේසයටයි. මා ලොක්කෙකු වූ මුල් දිනවල මාගේ බ්‍රීෆ් කේසය ගෙනයෑම මට එතරම් අමාරු කාරියක් වූයේ නැත. නමුත් මේ බ්‍රීෆ් කේස් එක හා මගේ කෑම එක ඔසවාගන යාම ශාලිත ඇතුලු මයිනර ස්ටාෆ් එකේ සමහර අයට පුදුමාකාර සැනසීමක් ඇති වැඩකි. එය ඔවුන්ට ගෞරවය දනවන වැඩකි. මා එය තනිව ඔසවාගෙන යනවිට එය ඔවුනට කරන අගරුවක් බවද සමහර පියන් ඇත්තෝ සිතති.
අවසාන විදෙස් සංචාරය තිබුනේ මීට මාසයකටත් අඩු කාලයකදීය. ජපානයට ගොස් එනවිට සිංගප්පූරුවෙන් මිලදී ගත් නවතම මාදිලියේ මියුසික් ප්ලේයරය ඇද එහි කන් දෙකට ගහන කෑලි දෙක ගසා මාගේ ප්‍රියතම ජොතිපාලගේ සින්දු පෙළ දමන්නට විය. පෙර කාලේ නම් දුවගෙන ගොස් පොතේ අස්සන් කිරීමට ඉවසිල්ලක නැත. නමුත් දැන් අප වැනි විධායක ශ්‍රේණියේ ඉහල නිළධාරින්ට පොත් අස්සන් කිරීමට නැත. මේ ප්ලේයරය රැගෙන දින දෙකතුනක් ගියතැන මා කාමරේ මෙය ගසාගෙන සැප පුටුවේ අඩනින්දේ සිටින විට බොහෝ ලක්ෂණ තරුණියක් ආවාය.
අප විසින් අපට අවැසි අමුද්‍රව්‍ය ලබාගන්නා කොන්ත්‍රාක්කාර සමාගම් විවිධාකාරයේ උපක්‍රම කොන්ත්‍රාත් පාස්කර ගැන්මට යොදා ගනී. එයින් එක ක්‍රමයකි යොවුන් වයසේ කෙළවර සිටින…

අම්මා (Lankan Mother)

Image
දුවලා ඇවිදින් හනිකට
ගෙට ඇවිදින් ගෙයි පිල මත...
බත් පිඟාන එනතුරු මා
කෑ ගැසුවා මතකයි...

මා ඉස්කෝලේ යැව්වා...
ලෙඩ දුක ගැන නිති බැලුවා..
ඉර හඳ තරු දුන්නෙ නැතත්
පොලොව උරුම කෙරුවා..

 අජටාකාශයෙන් ඇවිදින්
සිහිනෙන් ආවොදින් මිසෙක
කවදාවත් යලි අපවෙත
එන්නෙ නෑනෙ අම්මා...Mother lankan by indika27
මෙතන තියෙනවා අර ඉහල තියෙන කවිය කියන ආකාරය තාලෙත් එක්ක. ඒකත් අහලාම යනවනං බොහොම හොදයි.
මං මොන්ටිසෝරි ගියේ ගෙදර ඉඳගෙන. මොන්ටිසෝරිය ඉස්සර එකොලහ හමාරට ඇරෙනවා. කවුරුහරු කාන්ඩයක් එක්ක එකතුවෙලා වැනි වැනි මඩවලවල් වල පැන පැන වට පිට බල බල ගෙදර එනකොට දොලහ විතර වෙනවා. ඉතිං නිකං ගෙදර ඉන්න දවසට උදේට හොඳට කනවානේ. මොන්ටිසෝරි යන දවසට වරුවක් විතර පිඟාන අතගගා කන්න ලැබෙන්නෙ නෑ. මොන්ටිසොරියෙන් බිස්කට් දුන්නත් ගෙදර එනකොට පොඩි යකෙක් කන්න තරම් බඩගිනියි. කඩුල්ල ගාවට එනකොටම අම්මෙ බඩගිනියි කියාගෙන තමයි එන්නෙ.. දොලහ එකොලහ හමාර වෙනකොට අපේ ගෙවල්වල උයන්න දං වලඳන්න සාදුලා ඉන්නවයි? නැහැනෙ..ඉතිං උයලා ඉවර වෙනකොට එක විතර වෙනවා..

මම මොන්ටිසෝරි ඇරිල ගෙදර එනවෙලාවට බත් එක බෙදලා තිබුනෙ නැත්තං එක යුද්දයයි. කෑ ගහ ගහා අඩනවා. දැන් නං ඒ ගෙවල් දිහා ගියාම ඉස්සර අඩප…

ලිං වතුර පිරිසිදුකරගන්නා ආකාරය

Image
මෑතකදී මට ඇහෙන්නට ලැබුනා අපේ රජයේ ඇමතිවරයෙක් ප්‍රකාශ කරනවා ලංකාවේ ජලයේ සහ ආහාර වල ඇති අහිතකර රසායන ද්‍රව්‍ය ලෝක සංවිධාන පෙන්වන තරම්ම වැඩි නෑ කියලා.. ඉතිං මම දකිනවා මේ වගේ ගොං කතා කිසිම පරීක්ෂණයකින් තොරව අමු අමුවේ දෙසාබාන අයට ලංකාවෙදි මිනිස්සු මල් මාල දාල පිලිගන්නවා. නමුත් මම නං හිතන්නෙ මේ අයට එන්න කියලා බෙර ගහලා මිනිස්සු අං තට්ටු මේ ගොං වහන්සේලාට දියවන්නාවට යන විට පැළඳගෙන යන්නට ලබාදෙනවා නම් හොඳයි..
ලංකාවේ ගොයියා මැතිතුමා දන්නේ නෑ ගොඩක් වෙලාවට තමුං කුඹුරට හේනට පාත්තියට දාන්න ඕනි කෘෂී රසායන පරිමාවන්. තමුංගෙ බෝගයේ තියෙන දෝසයට හරියන තෙල සහ ඒ තෙල් ගැසිය යුතු ආකාරය තීරණය කරන්නෙත් තෙල් කඩේ මුදලාලි මහත්තයාම තමයි. ඉතිං එලවලු මිල පලතුරු මිල වැඩි වෙන කාලෙට ලංකාෙව ගොවීන් හිතුමතේට අපේ වගා භූමි වලට කෘෂි රසායන ද්‍රව්‍ය එකතු කරනවා. වී වගාව වාෙගම අනික් වගා බොහොමයක කෘෂිරසායන සහ ශරීරයට අහිතකර රසායන ප්‍රමාණය වැඩි ඇති කියල තමයි කෘෂි රසායන තොග ගනන් වගාවලට දමනවා දැකලා තියෙන මටනම් හිතෙන්නේ. එලවලු වලට යොදන බොහොමයක් කෘෂි රසායන ද්‍රව්‍ය වල ලේබලේ ගහලා තියෙනවා රසායනික යොදා දින 14කින් පසු ආහාරයට ගන්න කියලා. නමුත් බ…

අරුම පුදුම පොම්පය

Image
මා කුඩා කල අපේ ගමට අලුතින් බයිසිකල් සාප්පුවක් ආවේය. කලිං බයිසිකල් සාප්පුවක් තිබුන නිසා අලුත් එකට සෙනඟ ආවේ නැත. එබැවින් විවිධාකාර මාකටිං ට්‍රික්ස් මේ බයිසිකල් සාප්පුව විසින් භාවිත කරන ලදී. පැචෝ බයිසිකල් සාප්පුව යන නමින් අතිවිශාලබෝඩ් ලෑල්ලක්ද එහි සවිකරලා තිබුනි.. පැච් ඕෆ් කරන යන අදහස පැචෝ වල තිබූ බව බයිසිකල් කඩයේ සිරිමත් අයියා කීවේය..

අයියා සිරිමත් වුවාට මිනිහා යහපත් ලමයෙක් වූයේ නැත.. සිරිමත් මගෙ සකි යහපත් ලමයෙකු වී උදේ පාන්දර මොන කෙංගඩියට හෝ නැගිට්ටත් පැච් සිරිමත් ගේ විංකලය අරින්නේ නවය හමාරට විතරය..පැච් සිරිමත් නැගිටින්නේ නවයට විතරය.. සිරිමත් මගේ සකි යාපත් ලමයෙක් කියා කටපාඩං කලාට මට ඒ කවි හරියට තේරුන් නැත්තේ සිරිමත් කිව් සැනින් අලුත් විංකලයේ සිරිමත් අයියා මතක් වුන බැවිනි..

අලුත් විංකල් වැඩේ හිතුව තරං නැගලා ගියේ නැත. ගමේ කලිං බාබර් සාප්පුවක් නං ඇරියාට පසු කොල්ලෝ කුරුට්ටෝ අලුත් එකට ගොස් පරන සීබල් බාබර් අංකල්ට ටටා කිව් මුත් බයිසිකල් හදන්නට මොන ෆැෂන්දැයි කල්පනා කිරීම නිසාදෝ සිරිමත් අයියාගේ විංකලය එතරම් සාර්ථක වූයේ නැත. කොන්ඩ කැපීමට අලුත් බාබර සාප්පුවට නං පරණ මුත්තලාද ඉඳහිට ගොස් කොන්ඩේ කපාගෙන…

පාලගේ විලාපය 01

Image
රාත්‍රිය බියකරුය.අඳුරුය.. අවසාන බසය මිස් වූ දෙදෙනෙක් බස් නැවතුමක තනිවී. එයින් කෙනෙකි මා අනෙකා මැදවිය ඉක්මවීගෙන යන කෙනෙකි. ඔහු සෝමපාලය. සෝමපාලයියාද මා සමඟම දුම්රියේ ආවෙකි. දුම්රිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ නිසා සෝමපාලයියාටත් මටත් බස්රිය මිස්විය. කෙමෙන් පිරිස ත්‍රිවිල් වල සරණ යන්නට විය. කිලෝමීටර හතලිහකට අධික දුරක් යා යුතු අප දෙදෙනාට හදිසියක් නොවූ නිසාත් රුපියල් දාහක් ත්‍රිවිල් එකකට වියදම් කිරීමට අදිමදි වූ නිසාත් වෙන විකල්ප රහිතවම බස් නැවතුම්පලේ නිදාගැන්මට උරුම විය.
මෙවන් ස්ථානවලට එන විට සාමාන්‍යයෙන් ඉතිරි වන පිරිස අතර වංචා කරුවෝද වෙති. ඒ අතර පුරුෂයින්ගේ පුරුෂ ලිංග අතගාන්නට හුරු වූ පිරිමි නොහොත් සංවර බසෙන් ගේ කුරුල්ලෝද නැතුවා නොවේ. මා එතෙක් කතා කරලා තිබුන වචන කීපෙන් සෝමපාලය්යා ගේ නොවන බව දැනගත්තෙමි. පත්තර කොළ කීපයක් සෝමපාලයියා සොයාගන ආවේ අසල තිබූ කඩල කරත්තයක පිටුපසට ගොස් ඔහුගේ අතමිට මොලවා කීයක් හෝ ලබාදීමෙනි. කඩල කාරයා ඒ සඳහා රුපියල් විස්සක් තිහක් ගත්තත් කොරන්නට දෙයක් නැත. වෙලාවේ හැටියට වාසය හොඳය. අපි දෙදෙනාටම යා යුතු වූයේ එකම දෙසට නොවේ. නමුත් එකම පාරේ මද දුරක් අපිට යාමට තිබුනේය. ඉතිං උදෑසන ප…

පාලගේ විලාපය 2

Image
ඉස්සර මාත් තේරුනා රස්සාවකට. ඒ වුනාට රස්සා දුන්නෙ ජොබ් කාඩ් වලට. පවුලටම එකයි ජොබ් කාඩ් දෙන්නෙ. මගේ කාඩ් එක මං අපේ අක්කාට දුන්නා. දැං අක්කා ලොකු තැනක වැඩ ඇති. ඒත් මං ව දන්නෙ නෑ. දැනගත්තත් මාව අඳුනන එකකුත් නෑ. අඳුනගත්තත් නාදුනන විදියට ඉඳීවි මොකෝ මං වැදගත් නැති මිනිහෙක්.
ටික කාලයක් ගෙදරට වෙලා හිටියා. මං එච්චරම කැත්ෙත උදැල්ලෙ වැඩට දස්සය නෙමෙ ඒ දවස්වල. දස්සකමක් නැති නිසාම නෙමෙයි. කාලයක් තින්ත පෑන අල්ලල කුරුටුගාල පාඩම් පොත් කියවල මයෙ ඇඟම හොර වෙලා තිබුනෙ. අක්කට වඩා ඒ දවස්වල මට ප්‍රථිපල තිබුනා. එ්ත් අක්කාට හොඳ කසාදයක් කොර ගන්න දෙන්න තරං දේවල් අපිට තිබුනෙ නැතුව ඇති. අක්කා යවන්න ඕනි නිසා අම්මලා කිව්වා ජොබ් කාඩ් එක අක්කාට දෙන්න කියලා. ඒක දුන්නෙ දේශපාලෙනේට..
ඔහොම ටැග් ගැහි ගැහි ඉඳලා අපේ තාත්තා අඳුනන මනුස්සයෙක් ඉන්නවා කියලා ආව කොළඹට..මට ලියන වැඩක් හම්බුනා. ඒක ලේසි. කාලෙ හැටියට හොඳ පඩියකුත් ලැබුනා. ඒ ලියන මුදලාලිගෙ දුව ලස්සනයි. ඒත් දුව මට සෙට් උනේ නෑනෙ...
හිහ් හිහ් හිහි ..ඒ සිනාවකි.
සෙට් උනානං අද මම සෝමපාල මුදලාලි මහත්තයා.. එකපාරක් ඇහුවා ඒත් බෑ කිව්වා. දැංනං පරණ වෙච්චි ජෑම් බෝතලයක් වගේ වෙලා ඇති. ඒත් ඉස…