Posts

Showing posts from October, 2012

හැම තැනම මරු වැල්ය (Hema Thenama maru welya)

Image
හැම තැනම මරු වැල්ය
නුරා නෙතු ගිනි දැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය 

සුරා මත් පැන් සල්ය
පොඩි එවුන් අත මල්ය
මනෝ පාරක් ගහන
කුඩු ඇදපු පොරවල්ය

විඩා පිරි මුවවල්ය
හිඟා කන අතවල්ය
අත නොපා අත පාන
සිනා නැති පොරවල්ය

ඇට ගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය

මග දෙපස කොඩි වැල්ය
මුව සිනහ මන ලොල්ය
ගාඩ් පිට ඇමතිවරු
ඇදෙන හැටි ආතල්ය


මං මෙතන මොකුත් ලියන එක වැදගත් කමක් නෑ...ඒත් මං අහපු අමුතු නිර්මාණයක්....මෙගාබයිට් විස්සක් විතර තමයි යූටියුබ් වීඩියො එකට යන්නෙ...බලලාම යනවා නං තමයි හොද...

චින්තකගේ තවත් ලස්සන සිංදු තියෙනවා.. ඒවත් මටනං පංකාදු පහයි.. ටයිටනික් සින්දුව එහෙම හොදටම තියෙනවා.. 

ගායනය :- චින්තක ගීතදේව..

පද රචනය නම් බූන්දි අඩවියේ තියෙන විදියට ප්‍රියන්ජිත් ආලෝක බණ්ඩාර..

ලැප්ටප් ගන්න අයට එන පස්න (laptop sri lanka faq)

Image
අද කාලෙ ලැප්ටප්(laptop) එකක් කියන්නෙ පෝන් එකක් මට්ටමටම නැතත් ටිකක් කොමන්(common) වේගෙන යනවා.. ඉතිං ලැප්ටප් එකක් ගන්න කලිං බලන්න හිතන්න කස්ටියට ගොඩක් දේවල් තියෙනවා...ඒත් ලාබ තැනකින් මොකුත් නොහිතා එකක් අරං යන එකත් එච්චරම අවුලක් නෑ.. මොකද වැඩි පන්ඩිතකම් දාන්න ගියාම සමහර විට කිසි දෙයක් හරියන්නෙ නෑ.. 


 මේ ලැප් එකේ වේගය(speed) අඩුයි වගේ නේද?

ලැප්ටප් එකකත් ඩෙක්සටප්(desktop computer) එකකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. බොහොම කුඩා ප්‍රමාණයේ කෑලි ගොඩක් බොහොම පොඩි ඉඩක අහුරලා තමයි ලැප්ටප් පරිඝනක හදන්නෙ. නමුත් ඩෙක්ස්ටප් පරිඝනක වලට තරමක් විශාල ඉඩකඩක් භාවිත කල හැකියි. අවැසි සෑම කොටසක්ම කුඩාවට තැනීමට සිදුවීම සිසිලනය(cooling), බලය සැපයීම(power supply) ආදිය තරමක් හොඳින් ඩෙක්ස්ටප් වල සිද්ද වෙන නිසා සාමාන්‍යයෙන් ඩෙක්ස්ටප් එක ස්පීඩ් වැඩියි..

ලැප් ගන්න යුනිටියයි ලැප්ටප් එල් කේ එකයි නං චාටර්..

 සාමාන්‍යයෙන් ලෝකෙ ජනප්‍රිය බඩු බාන්ඩාදියට ඒ ඒ රටවලට ඒ ඒ අනුමත බෙදාහරින්නන් සහ විකුනන අය ඉන්නවා(Authorized dealers and resellers). ලැප්ටප් ජාති වලටත් හෙමයි. ඉතිං ඒ අනුව ඩෙල්(dell) වලට සොෆ්ට්ලොජික්(softlogic) එකත්, ටොෂීබා(t…

ලිංගික අල්ලස් දීමට පෙර Giving Back The Grate !

Image
අද රස්සාවක් හොයාගන්න අමාරුය. ගෑනු ළමුන්ට රැකියා සොයාගන්නට ඊටත් වඩා අමාරුය..ලංකාවේ සමහර රස්සා කරන තැන් ගෑනු අය ගන්නට මැලිකමක් දක්වයි. බබා හම්බෙන්නට නිවාඩු දීමට සිදුවීම. රාත්‍රියේ සේවා නියුතු කිරීමේ කොන්දේසි..කම්කරු අණපනත් වල ඇති ගැහැනු සුවිශේෂතා සහ ගැහැනු ළමුන් සේවාවට ගත් කල ආයතනය තුල ඇති විය හැකි අමතර ගැටලු හේතුවෙන් ගැහැනු ළමුන් සේවයට ගන්නවාට වඩා පිරිමි අය සේවයට ගැන්මට බොහෝ ලාංකිය කළමනාකාරිත්වයන් විසින් තීරණය කර ඇත. මෙය අද ඊයේ ඇතිවූ තත්වයක නොව කාලයක් තිස්සේ ඇතිව ඇති තත්වයකි.

        තාක්ෂණ සේවා වල ගැහැනු ළමුන් සේවයෙහි යෙදවීමට අප සමාජය මැලිකමක් දක්වයි. හොඳින් ඉගෙනගෙන කොම්පියුටර ඉංගිරිසි ඉගෙන ගෙන ලොකු කන්තෝරුවක පොඩි රස්සාවක් කිරීම  බොහෝ ගෑනු ලමයිගේත් දෙමාපියන්ගේත් සිහිනයය. ඒ අතර බැංකු, මූල්‍ය ආයතන, ලිපිකාර සේවා. ආදියට බොහෝ ගැහැනු ලමුන් ආශා කරති. මන්ද ඒවායේ අධික වශයෙන් ගෙවීම් ලැබෙන නිසාත් සේවා තත්වය එතරම්ම සවුත්තු නැති නිසාත්ය. මෙහිදී සේවා තත්වය කීවේ කොටින්ම කීවොත් ගාමන්ට් එකක් නොවීම යන කාරණාවය. කෙතරම් මුදල් ගත හැකි වුවත් ගාමන්ට් සහ ෆැක්ටරි රස්සාව ලංකාවේ ඇත්තේ පහල අඩියකය. හැමෝම සම තත්වයේ…

ඇස් කන්ණාඩි බෙදාදී පින් පුරවාගමු.

Image
ඇස් කන්නාඩි බෙදන්නට තැනක් සොයාගැන්ම..තියෙන තැනකට බෙදනවාට වඩා නැති තැනකට බෙදීම පහසුයි ලේසියි. කල්පනා කර බලන්න මගුල් ගෙදරකින් බත් පිඟානක් බෙදා ගන්න අවස්තාව...අපි හැමවෙලාවමෙ අලුත් එලෝලුවක් මාලුවක් බෙදාගන්න හදන්නේ මොනවත් නැති තැනකට නේද? ආන්න ඒ වගේ අපි කන්නාඩි ගන්න සල්ලි නැති දුප්පත් අසරණ මින්ස්සු ඉන්න පළාතක් තෝරා ගන්න ඕනි.. පොහොසත් අයවලුන් ඉන්න තැනක් තෝරා ගත්තොත් අපිට මේ වැඩේ කරගන්න ලැබෙන්නේ නෑ..
වැඩේට තැනක් හොයාගන්න හැටි..ගමේ පන්සල හෝ පල්ලිය හෝ ගමේ ප්‍රසිද්ධ මනුස්සයෙකුගේ තැනක් අපිට නොමිෙල්ම වෙන් කරගන්න පුලුවනි.. ප්‍රජා සත්කාරය වෙනුවෙන් අපිට ගමේ හෝ නගරයේ දුප්පත් වීදියෙක පන්සලක සාලාවක් හරි වෙනත් ප්‍රජා ශාලාවක් හරි වෙන් කරගන්න පුලුවනි.. මේ වැඩේට පන්සල ගන්නවානං අපිට ඒ ගමේ හාමුදුරුවන් ඒ සඳහා සම්බන්ධ කරගන්න පුලුවනි.. හාමුදුරුවො නොමිලේම අපිට මාකටිං වැඩේට යොදාගන්නත් පුලුවනි.. අනික අපි කන්නාඩි බෙදන අවස්ථාවට ගැලපෙන වතාවත් සහ දේශනාවකුත් හාමුදුරුවන්ගෙන් ගන්න පුලුවන්.. ගමක නං ටිකක් දන්න කියනෙ ස්කෝල මහත්තයෙක්,..පරණ මනුස්සයෙක් දායක කරගන්න එක වැදගත්.. මොකද ඔය පරණ ඉස්කෝලෙ මහත්වරු සහ ගමේ ප්‍රබූවරු මෙලෝ හසර…

ඒ වීරයා පත්තරේ ගියේ නෑ (unreported story)

Image
ඔබ වීරයෙක් විය යුතු වුවත් ඔබ වීරයෙක් නෙමෙයි කියලා කියන්නෙ ඇයි?මං ඒ වැඩේ කරනකොට බලං ඉන්න කවුරුත් ඉඳලත් නෑ..කැමර් කරන්න කවුරුත් ඉඳලත් නෑ.. ඒ වාගෙම ඒ වාගේ දෙයක් හිතන්නවත් කවුරුත් ඉදලා නෑ ඒ නිසා මගේ වීරකම කිසිම තැනක සඳහන් වුනේ නෑ..
ඇත්තටම එදා දවස ගැන මතක් කලොත්..
ඒ දවසෙ ගොඩාක් අය මැරුනා එකපාර...ගොඩක් තැන්වල මලමිනි.ඒක ඕනිම නැචුරල් ඩිසාස්ටර් එකක් වෙන්න පුලුවනි..සූර්ය කුණාටුවක්, සුනාමියක්, භූමි කම්පාවක්..එහෙම නැත්තං කෂණික ගංවතුරක්.. ඒ මොක වුනත්..එයාගෙ මිනිය ළඟින් මැරනකොට ඉන්න මට ලැබුනා.. බොහොම යොවුන් නිළියක්.. අයියෝ..ඒත් එයාගෙ කන්‍යා පටලය කියන එක තිබුනෙ නැතුව ඇති.. කමක් නෑ.. ඒත් මහ පාර මැද ටිකක් නොපෙනෙන තැනක මට ඒ ශක්තිය ලැබුනා...ඒ වාසනාව ලැබුනා.. මං ඇයව ඇදගෙන යද්දි ඇය යන්තම් ඇහැ ඇරලා බැලුවා...එතකොට මට මතක් වුනේ මේ වගේ වෙලාවක කරේ මාලෙ කඩනකොට එක ගෑනියෙක් කෑ ගැහැවලු අනේ මාෙල දෙන්නං මාව බේරගන්න කියලා...ඕකුංගෙ බොරු මාලෙ ගත්තම අරූට ආතල් දෙන්නෙ නෑ.. පිස්සු නේ..ඌ මාලෙ කඩං ගියානං හරි...මෝඩය..සමහර විට මාලෙ පැත්තක දාල අර ගෑනි බේරගන්න යන්න ඇති...බිලියන හතක් ඉන්න මිනිස්සු ඉන්න ලෝකෙ හරියට දුර්ලභ සතෙක් බේරාග…