Sunday, December 30, 2012

කට පුරවාගත් මාධ්‍යෙව්දිනිය.(a journalistic blowjob)


බ්ලෝවින් කියන්නෙ පිඹිනවා වගේ අදහසක්...ඒත් බ්ලෝ ජොබ් කියන්නෙ ජරා වචනයක්.. පුරුශයින්ගේ රහසඟ මුවෙහි රුවාගෙන කරන රති ක්‍රීඩා කොටස බ්ලෝජොබ් කියලා කියනවා.. මේක හොඳද නරකද කියලා හිතන්න ගියොත් අමාට ජොබ් එක නැතිවෙනවා.. කුමාර එන එකක් නැහැ මිනිහා කඩේට යැව්වා.. ලෝන්ග් වීකන්ඩ් එක නිසා හරි අමාරුයි අමා..බොසා කියවන්න ගත්තා..

අමා ප්ලීස් අමා..ඔයාම ලොක් කරගෙන එන්නකෝ දොර..අමා විසින් දොර ලොක් කරගෙන ඇවිත් එයා ඉල්ලු දේ දෙන ලදී.. ඇඹරීම ලැජ්ජාවීම මුල් කාලයට අයිති දෙයක් වූ අතර දැන් බොසා සමග ඒ සෙල්ලම කිරීම අවැසි නැත..මාධ්‍ය ක්ෂේත්‍රෙය් දැවැන්තයෙකු වන මේ කතු තුමාගේ රහසගේ රස බැලීම මහත් වු දෙයක් ලෙස මේ තුමාම සිතයි.. අමාලී ද දෙවරක් ඒ ගැන නොසිතා මෙතෙක් ආ මාධ්‍ය දිවිය ලැබූ රමනීය කඩඉම් ගැන මෙනෙහි කරමින් ඒ ක්‍රියාව සාර්ථකව කරයි..
මීඩියා ගැන උණක් තිබුනාට කවි කතන්දර ලියලා තිබුනාට පත්තරේකට ගෑනු මිනිස්සු ලේඛකයින් ගත්තාට හැමෝටම පැවැත්මක් නැත...පැවැත්ම ඔවුන විසින්ම සොයා ගත යුතුයැ.. නමගිය පරපුකින් පැවත එන්නෙකු..බලගතු දේශපාලක බලයක් සහිත කොක්කක් සහිත වූ හෝ වෙනත් බලගතු අතු කිසිවක් නැති අමාලිට තිබුනේ අහ වල් ඉනිමග පමණි..

ඇය වැරදි බව දැන දැනත් නොදන්නා සේ ඒ ඉනිමග භාවිත කලේය. අමා සමග එකම මීඩියා ක්ලාස් වල හිටි බොහෝ දක්ෂයන්ට වඩා අමාගේ තැන ඉහල එන්නට ඒ ඉනිමග හේතු වාසනා විය. අමාගේ බොසා එක්තරා කලක විප්ලව වාදියෙකි විටක හෙතේමේ අධික වාමාංශිකයෙක් වන අතර එය වෙනුවෙන් ඔහු අවන්හල් වල කයි බොයි.. කමින් බොමින් ටෝක්ස් දීම ලිපි ලිවීමෙන් වාමාංශිකත්වයට මාකට් එකක් තනාගෙන ඇති ඔහු එවන් තැන්වල ඒ හරහා මුදල් සොයා ගනී.. ඉන් අමතරව ඔහුට වැදගත් යැයි සිතන සෑම අත්තක් සමගම හොද සම්බන්ධතා ඇතිකර ගැන්ම පත්තරය ඉදිරියට යෑමට හේතු වෙන බව ඉවෙන් මෙන්  ඔහු දනී..

අද මාතෘකාව ලැබී ඇත්තේ අපූරු එකකි..පන්ඩිත වදන් ලිවීම විචාර ලිවීම මනෝ විශ්ලේෂන ආදියට අමාලි දක්ෂයෙක් නොවුවත් අමාලිටම එය ආවේ එය වටිනාකමින් යුතු ලිපියක ්වන නිසාත් අද දින පාන්දර බ්ලෝ ජොබ් එක සරුවට කෙරුන නිසාත්ය.
ආහ් අමා..ඔයා අර ඉන්ඩියන් රේප් එකයි..ලංකාවෙ අය ගූගල් එකෙන් සෙක්ස් සර්ච් කරපු එකයි... තව අසහනේ ගැනයි දාල වීකන්ඩ් ආටිකල් එකකට ඩි ජේ එකක් දාන්න.. අර පහුගිය කාලෙ ප්‍රාෙද්ශිය සබාවක මොකක්ද එකෙක් රේප් වලට අහුවුනේ..උෟව ටිකක් පස්ට ගැහුනට කමක් නැහැ.. ඒත් මහතැන් අල්ලන්න එපා..නිකං ලියලා කපනවාට වඩා ඒක හොදයි නේ අමාලි...
අමාලි මං ඔයාගේ නංගියාව ලගදි දැක්කෙත් නැහැ..දැන් බැන්දට පස්සෙ කෙල්ල ආඩම්බර වෙලා වගේ...අපි බදාදට විතර ගමනක් දාගමු ඈ...
ස...සර් බදාදට බැහැ ස...ර්..රායිට් බදාදට නේ බැරි..අපි හෙනං වෙන දවසක් දාගමු..

ම්ම් අමාලි අර ලිපියට පහු ගිය නඩු තීන්දු ගැන විස්තර සමරයාගෙන් අහගන්න..හාමුදුරු ටෝක්ස් දෙකයි..පාදිලි ටෝකයි...මුස්ලිම් ටෝස් ඕනි නැහැ මේ දවස්වල මිනිස්සු මුස්ලිම් අයට කැමති නැහැ...තව සමාජ විද්‍යා පොරක් හොයාගත්තනං හොදයි..නැත්තං අර ටීවි එකේ පවුලක් ගෙනියන ආකාරය ගැන කියවන තාරකා විද්‍යාඥයා වුනත් කමක් නැහැ...
කාන්තාව ගේ අධ්‍යාපන මට්ටම අඩුවීම...ලිංගික අධ්‍යාපනේටත් ටිකක් දෙස් තියලම දාන්න..මං මෙච්චර කියන්නෙ අමාලි ඔයාට නිසා...නැත්තං කරන්නෙ ලියාගෙන ආවම කපලා ඉතිරි ටික ඔයාගෙ අතට දෙන එක..ඒත් ඔයාගේ ඔය ලස්සන අත්වලින් ලියන දේවල් කපන්න මට හිතෙන් නැහැ..

ලිංගික අධ්‍යාපනේ ගැන කියනකොට මතක් වුනේ අමා..මං ඉස්කෝලෙ යන කාලෙ කෙල්ලෙක් හිටියා පට්ට මෝල.. මට ටිකක් ලයින් වුනා..ප්‍රින්සිපල්ගේ කාමරේ ලග තියෙනවා අඳුරු කොරිඩොරයක් ටිකක් දිග..දවසක් පින්සිපල් නැති දවසක මම අර කෙල්ලත් එක්ක පොඩි සෙල්ලමක් කලා..ඒ කිව්ව නිකං හරියට ටච් කරලා දානවා වගේ එකක්..ටික වෙලාවක් යනකොට කෙල්ල පෝම් වෙනවා..මටත් ටිකක් පෝම් එක වැඩි වුනා.. තව පොඩ්ඩ මිස් වුනානං අපි ඉවරයි..ඇදුං පහත් කරන්න හදනකොටම පිනා පහත් වුනා..පොර හදිසි වැඩකට ඔපිස් ඇවිත්..

හපෝ සර් ඒ දවස්වලත් හරි මිනිහ තමයි...කියා අමා කෘතිම සිනාවක් දැමුවේ බොසාගේ සිත සතුටුවෙන පිණිසය..

අමා විටෙක අපි ලෝකයට වඩා නරක් වෙනවා..වෙලාවක ලෝකය විසින් අපිව නරක් කරනවා..ඒක ස්වභාවය..
අපේ තාත්තා ලොකු තැනක නිසා පිනා මට කිව්වා තාත්තගේ නම තියන්න තවත් මේ වගේ මැරෑට වැඩ නොකරන්න කියලා...ඒ මොකද්ද ඒ ගෑල්ලමයා එක්ක තමුං කලේ ? කියලා ඇහුවාම මම කිව්වෙ අනේ සර් මොනවා වුනාද දන්නෙ නැහැ..මං මුකුත් දන්නේ නැහැ කියලා...කෙල්ලත් ඒකම කියන්න ඇති... පිනා පස්සෙ දවසක ඉස්කෝලෙ රැස්වීමෙ කියනවා මේ දැන් කාලෙ ලමයි ගේ ලිංගික අධ්‍යාපනේ ගැන තියෙන්නෙ අල්ප දැනුමක්ලු..
ගොඩක් අය තමුං කරන්නෙ මොකද්ද කියලා දන්නෙත් නෑලු..පිස්සු නේ අමා...අරකිට තිබුන මෝලට තව පොඩ්ඩෙන් මගේ එක අරං විකනවා... එහෙව්වට හිටිය අපි පිනා ගාවට ගියාම පූස් පැටවු..ලිංගික අධයාපනේ නොදන්න බබාල..ඉතිං ඔය බොසාම පොතක් ලිව්වානං ලිංගික අධ්‍යාපනය නොමැති දෙන්නෙක් කියලා අපි දෙන්නා උදාහරණ වලටත් ගනී..

සර් ඉන්දියාවෙ සිද්දිය ගැනනම් නෙට් එකෙන් ගත හැකි ඉන්පොමේෂන්ස්..ඒත් සර් ලංකාවෙ සෙක්ස් මොකද සර්ච් වැඩිවලා කියන එක ලියන එක තමයි අමාරු... ම්ම්...
ඒකටදාන්න ලංකාවෙ අයට අසහනේ...කියලා....එහෙම නැතුව
·       ලංකාවෙ උන් ඉංගිරිසි දන්නෙ නැති නිසා ඇමේචර්, ලෙස්බියන්, වෝයර්, ෆෙටිෂ් ආදි බරසාර වචන නැතුව කෙලින්ම සෙක්ස් කියලා සර්ච් කරනවා කියලවත්...
·       නැත්තං ඉන්දියාවෙ හින්දි දෙමල වගේ වෙනත් භාෂාවලින් වෙබ් තිබුනාට ලංකාවෙ සිංහල සයිට් නැති නිසා අපේ උන් ඉංගිරිසියෙන්ම සෙක්ස් සර්ච් කරනවා කියලවත්...
·       ආන්ඩුව සෙක්ස් සයිට් තහනං කලාම කොල්ලො සෙක්ස් සයිට් අලුතින් ගූගල් එකේ හොයනවා කියලවත්..

ලියල වැඩක් නැහැ..අපේ අයට අසහනේ ඒක නැතිකරන්න ඕනි...මිනිස්සු අතර ලිංගික අධයාපනේ වැඩි කර්න්න ඕනි..එදාට වැඩි අද රේප් සීන් වැිවෙලා ඒවාට විසදුම් දෙන්න ඕනි...රේපිස්ලට දඩුවම් දෙන්න ඕනි..කියාල හදන්න..මං සපෝට් එකක් දෙන්නම්...
ඔයාවනං අමා උකුල උඩ තියං වුනත් මට කියලා දෙන්න පුලුවං නේ කෝමද ලියන්න ඕනි කියලා...
ඊයෙ බිව්ව නිසා අමා අද ටික්ක මට මෙව්වා එක වැඩියි..ඔයා එහෙනං ලියං එන්න.. මං පොඩි ඇලට් එකක් දාන්න ඕනි..පුටුවෙම...දවල් වෙන්න බලමු ඉතිරි ආටිකල් ටික...

අමා ඔයාට වැඩ විතරක් නෙමෙයි අනික්වත් ලැබෙනවානේ...ගිය මාසෙ බෝනස් එකට මං ඔයාගේ පෝෆමන්ස් වැඩි කලා...අපිට ඒක සෙලිබෙරෙට් කරන්නත් බැරිවුනා නේ අමා..හරි ඒව පස්සෙ බලමු...
අමා ඇයට පැවරුන ලිපියට තොරතුරු ගැන්මට කතා  කල යුතු හාමුදුරුවරුන් සහ පන්ඩිතයින් සිතින් නිමානය කරමින් ඇය විසින්ම ලොක් කරන ලද දොර හැරපියා ඇගේ සැප පුටුවට සහ මේසයට ගියාය..
“පත්තරේක වැඩකරන පුවත් පත් ලේඛකයෙක් කියන්නෙ රෝස මල් යහනාවක ඉදන් පෝන් එක කනේ ගහගෙන කම්පියුටරෙන් ටයිප් ගහන එක නං නෙවෙයි ලමයි...“

අතීතයේ දිනක මාධ්‍යෙව්දිනියක වීමට පාඨමාලාවක් හදාරන අවස්ථාවක ආරාධිත ලේඛකයෙකු පැවසූ පඩිවදනක් ඇයට සැනෙන් මතක් වී ඇගෙ මුව අග සිනා රැල්ලක් මතුකරමින් ඒ මතකයන් ඈතට ඇදී ගියේය...

Tuesday, December 25, 2012

A සඳ එළිය.( under the moon light )

ඊයෙ මහ රාත්තිරි යක්කු ගස් නගින වෙලාවෙ
තට්ට තනියම සඳ එලිය යටින් අපේ පුංචි නෙලුං වැව අයිනෙන් මං ගෙදරට ආවා
බල්ලොත් ඕෆ් කරලා නිසා පුදුම නිසංසලක් තිබුනෙ..
ඒ වගේ රෑක ලස්සන බලන්න කවුරුත් නැහැ ඔක්කොමල්ල නිදි..

එක දවසක් ඔහොම එනකොට එදා මාස පෝය දවසක්..
මෙන්න එකපාර වැව් කන්ඩිය උඩ හිටපු ඉබ්බෙක් ජබුං ගාලා වතුරට පැන්නා..
අවට වෙන සද්ද නැති නිසා හෙන සද්දෙ.. මං උඩ ගියා සීරුවට..
හොල්මනද්ද දන් නැහැ නේ.. හොල්මන..සෙල්වෙන මනස කවුදෝ කියලා තිබුනා..

අපි පුංචි කාලෙ ඔය වගේ හඳ දකින්නෙ පෝය දවසට..
පෝය දවසට හුලු අතු ටෝච් නැතුව ඇවිදත හැකි ලස්සනට
වෙසක් පොසොන් කිට්ටුව නම් ලඟ ටවුමෙ සැනකෙලි ගොඩයි
සමහර විට මියුසිකල්..කානිවල් සඳ එලිය එක්ක එකතුවෙලා..

පංසල් යනවා ඉස්සර ගෙදර අය එක්ක..පාලොස්වකට..
ඒ කාලෙ ටීවි එක බලන්නෙ ටික වෙලාවයි පෝයට නාට්ටිත් නැහැ..
දැන් ආච්චිල සද දකින්නෙ නැතුව සාදු දැකගෙන ටීවි එකෙන් සිල්
පංසලට ගියත් හෝල් එකට ගාල්වෙලා දොයියං...

එක සඳ ඇති රැයෙක මායි අයියයි බයිසිකලෙ දාගෙන අපේ පියානෝ
වෙසක් පොසොන් බල්න්න ගියා මතකයි..
එකදවසක් අපේ පියානෝ බයිසිකලේ කන්දක් පල්ලං බහිනකොට
තුංදෙනා එක්කම කානුවෙ ගියා..අම්මට කියන්න ඕනි නැහැ තාත්තා කිව්වා

මඩපිහිදාගෙන අපි ආයිත් බයිසිකලේ වෙසක් බලන්න ගියා..
කාර් තරං වේගෙ නැති නිසා වටපිට වෙසක් හොදට පේනවා..
තොරන් වල චිත්‍රත් තියෙනවා කියල දන්නෙ මං පස්සෙ කාලෙක
මොකද චූටි කාලෙ තොරණ යටටම ගිහිං උඩ බැලුවම පේන්නෙ ලයිට් ගොඩක් විතරයි..

අයිස් ක්‍රිම්, සීනි පොල්කොහු කඩල කකා අපි මාරක ළිඳ මෙරිගෝ රවුං යනවා
අපේ ඉස්කෝලෙ මොන්ටිසෝරි යාලුවොත් ඇවිත් ඉන්නවා කානිවල් එකට
වැඩිය ලයිට් නැතිවුනාට හඳ එලිය තියෙනවා..හරිම වින්දනයක් ඒ දව්සවල..
දැක්ක දැක්ක දේ ඉල්ලුවෙ නැතිවුනාට ටික්ක තාත්තට කෙඳිරි ගෑහම පුලුවං නං අරං දෙනවා..

දවල්ට තෙරපිලා පෙරපිලා ටැට්ටරේ පොසොන් පෙරහැර බලන්න යනවාට වඩා රැ ගමන කදිමයි
අම්මලා එක්ක එන්නෙ අපි පොඩි ටැට්ටරේ ..කානිවල් එන දවසට...
එදාට කස්ටිය ගොඩයි..අම්මා ආවම වැඩිය අනං මනං අරං දෙන් නැහැ..
වැඩිය දඟලන්න ඇවිදින්න දෙන්නෙත් නැහැ..

මේ නත්තලටත් කොළඹ අර කොතන හරි තැනක කාමරයක
කෘතිම හිම දාලා ඒ එක්ක කස්ටිය සෙල්ලම් කරයි
සමහර විට තව කාලෙකින් ලොකු හෝල් එකකට මිනිස්සු ගිහිං
ඒ උඩ ලොකු රවුං ෆ්ලෑෂ් එකක් ගහලා හෝල් එක කූල් කරලා..

එන්න හඳ එලිය යට ෆන් එක ගන්න කියලා කියාවි..
ඒත් එදා අපි විඳපු හඳ එලියෙ සීතල ට වඩා ඒ කමර්ශල් හඳ එලිය ලස්සන නොවේවි..
නමුත් සඳ සිසිල ගන්න මිනිස්සු පෝලිමෙ යයි..
බාගෙදා වඳින්න පුදන්න තැනකුත් තිබුනම ආච්චිලා
“හඳ එලිය යට“ ක්ලබ් එකට සිල් ගන්නත් එයි..



Friday, December 21, 2012

පොල් ගසේ කඳුලු(Tears of the Coconut tree)-02


2 කොටස
සමන් කුමාර හිටියෙ පියුමිකා ඉස්කෝලට එනකොට හයේ පන්තියෙ. සමන් කුමාර කාරුවත් වැඩිය ගනන් ගත්ත කෙනෙක් නෙමෙයි. සමන් කුමාරගේ තාත්තා පොල් කඩන මිනිහෙක්. සමන් කුමාරගේ අම්මා කියලා හිතන්න පුලුවං කේඩෑරි නොගැලපෙන වර්ණ සාරියක් ඇඳ ගතපු ගෑනියෙක් එනවා දෙමාපිය රැස්වීම් වලට. අනික් ගුරුවරු ඔක්කොම සමන් ගේ ඒ හැටි හොදක්වත් වැරැද්දක් වත් කියන්නෙ නැහැ. නමුත් පියුමිකා කියනවා සමන් කුමාර හොඳයි හොඳට වැඩ කරගෙන යනවා..අම්මා බයවෙන්න එපා.. සමන් ඉංගිරිසි වලට නම් දක්ශවෙයි කියලා. ඉතිං අම්මා තමුං කවුරුත් ගනන් නොගනිපු එකේ මේ පොඩි වයසක වගේ පේන ඉටි රූපයක් නොවුනත් ලස්සන මිස්... පුතා ගැන හොඳ කිව්වාම ලොකු සතුටක් එනවා. අනේ මගේ කොල්ලා කියලා ඒ මනුස්සයාට හිතෙනවා.

ඉස්කෝල රැස්වීම් වලදි දෙමාපියො ගෙන්වනවා. ඒ තැන්වලදි ලකුනු හොරු ටිකක් ඉන්නවා. ඒ අය කොහොමත් ලකුනු දාගන්නවා. බිස්කට් පැකට් එකට සාරියට. එහෙම නැත්තං අලුත් බ්‍රිෆ් කේස් එකකට ගුරු වෘත්තිය පාවදෙන වෙලාවල් නැතුවාම නෙමෙයි. ඒත් අපේ පියුමිකා මැඩම්ට නං බිස්කට් පැකට් එකක් ගිහිං දෙනවා කියන්නෙ එදා ට පහුවෙනිදා වෙනකල් ඉස්කෝලෙ කබඩ් එකක තියෙන බිස්කට එක ඊළග දවසෙ පන්තිය අතරෙ බෙදිලා යනවා කියන එක..

සමන් කුමාර ලස්සනට ඇන්දෙ නැහැ. ඉස්සර මිනිහා ගාවත් පොරගේ තාත්තගේ ළඟ වගේ ගස් ගඳායි කියලා තමයි මිනිහගේ යාලුවො කිව්වෙ. නමුත් සමන් කුමාරට බොහොම ආදරෙන් අපේ පියුමිකා ටීච කියලා දුන්නා තමුංම රෙදි හෝදගෙන ලස්සනට ඉස්කෝලෙ එන්න කියලා. සමන් කුමාරගේ අම්මා වුනත් සමන්කුමාරට බාල වෙච්චි නංගිට මල්ලිට ආදරෙන් කතා කරාට සමන්ට ඒ තරං ආදරෙන් කතා කරලා තිබුනෙ ම නැහැ. අනික පන්තියට එන ගුරුවරුත් සමන් වගේ අය ළඟට ගන්නත් මොකද්ද වගේ . හරියට අර බණ කතාවක බුදුන් වහන්සේ රන් මසු පොදිය දැක්කාම කියනවා ආනන්ද සර්පයා දුටුවාද කියලා. ඒක අහන් හිටපු ගොවියා මේකනං මොකද්ද දන්නෙ නැහැ කියලා කෙවිටෙන් අල්ලලා නියරෙ පැත්තකින් තියෙනවා. ආන්න ඒ වගේ සමහර ගුරුවරු සමන්ට අතින් පයින් පහරක් දෙන්නවත් ගියේ නැහැ. ගැහුවත් කෝටුවකින් හෝ මොට ආයුදේකින් තමයි.. ගස් නැගලා ගෙඩි කඩන සමන්ගේ තාත්තගේ ඌෂ්නෙ තමුංගෙ අතේ ගෑවෙනවාට ඒ ගුරවරු බය වෙන්න ඇති.

සමන්ට පියුමිකා ටීච කතාකරනකොට නිකං හිතුනේ සුරංගනාවියක් ළඟට ඇවිත් කතා කරනවා වගේ. සමන්ට සෙල්ලම් කරන්න හිටියෙ යාලුවොවත්..ඉස්කෝලෙ අහම්බෙන් සෙට්වෙන අනුකංපං උපාදාය පිණිස සමන් එක්ක කතා කරන යාලුවොවත් සමන්ට ඒ තරං ආදරෙන් කතා කරලා තිබුනෙ නැහැ. කොටින්ම දානෙ ගෙනියෑපු දවසට පංසලේ හාමුදුරුවො කතා කරනවාටත් වඩා හොඳට අනික් ළමයිට කතාකරනවා වගේම ඉස්තරම් වට සමන් කුමාට පියුමිකා ටීච ආදෙරෙන් කතා කලා. ඒක බොරුවක් නෙමෙයි කියලා සමන්ට තේරුනා. ගෙදර ගියපු ගමන් තිෙයන සංලයිට් හරි බාර් සබන් කෑල්ල හරි උස්සං ගිහින් පහල ඇලෙන් සර්ට් එක කලිසම හෝදගන්න සමන් ඉබේම පෙළඹුනා. ලොකු කොල්ලා සබන් කෑල්ල ඉවරකරනවා කියාල කෑ ගහන්න කුසුමාවතීට හිතුනා. ඒත් කෝල්ලාට මොකක් හෝ මනමාල පිසසුවක් හැදිලා ඇතියැයි ඇය ඔහුට අනුකම්පා කලා..බාල උන් දෙන්නා නිසා ලොකු කොල්ලාට හරියට සැලකීමක් කොරන්නට වෙන්නේ නැති බවත් කුසුමාවතීට වැටහුනා. ඔන්න ඕකගේ සෙල්ලම ටික දවසකින් ඇරිල යයි. මුගෙත් කෝලං..රෑ තිස්ෙස ඉංගිරිසි පාඩං කරනවා මදිවට මූ ක්ලින් සූට් එකෙනුත් ඉංගිරිසි කාරයා වෙන්න යනවා. කුසුමාවතී පොල් සෝමේට කිව්වා.

ඒ අලුත් ටීච හොදයි කියලා මං රස්සාවෙ යන ගමනුත් කස්ටිය කතාවුනා. අනිත් ටීචර්ලා වැඩිය කැමතිත් නැහැල්ලු. ඒ ටීච ගේ ගෙදර ගියාම මට ඒ මනුස්සයො හොඳට සැලකුවා. කන්න බොන්නත් දුන්නා. වැඩිය හෙට්ටුවක් නැහැ. මං සල්ලි ගන්නත් අදි මදි කලා.. ඒත් ඒ මනුස්සයො එහෙම නැහැ. අඩුවට කෙලින්න ගියෙ නැහැ...අර අපේ පොලිස් උන්නැහේල වගේ හැමදේම නිකං කෙලින්න යන්නෙ නැහැ..හරි නම්බුකාර මිනිස්සු.. වැඩිය සද්දයක් බද්දයක් නැතුවාට කිසිම කරදරයක් නැති ගොල්ල ජාතියක්..

සමන් කුමාරට පන්තියෙ අනික් විශයන් වලටත් ලකුනු ආවා වෙනදාට වඩා. සමන්ට ඉංගිරිසි වලට ගොඩක් ලකුනු තිබුනා..සමන් හොඳ පැත්තට වෙනස් වෙලා තිබුනා. දැන් සමන් අනෙක් ළමයි සෙල්ලම් වලටත් ගන්නවා. අපේ ඉංගරිසි ටීච උගන්වපු පංති වල ළමයි ටිකක් වෙනස්. ළමයි කොන් කරලා පැත්තකට දාල තියෙන සිරිත යන්තමින් හරි ඒ පන්ති වලින් ඈත් වෙලා තිබුනා. පියුමිකා හැමෝම ළමයි එක වගේ සැලකුවා. සමහර විට අසරණ දුප්පත් ළමයි ගැන වැඩියෙනුත් එක්ක හොයලා බැලුවා.. ඒ වගේ වෙලාවට කරේ නගින්න එන ළමයින්ට තරවටු කරන්නත් පියුමිකා දැනගෙන හිටියා. පියුමිකා කොළඹ කාලයක් ඉගෙන ගත්ත නිසාද නැත්තං පොඩිකාලෙ ඉදලාම හොස්ටල් වල හිටපු හින්දාද මන්දා වේගයෙන් වැඩ කලා.

පියුමිකාට අනික් ගුරුවරු බෑ බෑ කියලා අදින පොත මාස හයෙන් කරන්න පුලුවන් කම තිබුනා. ඉතිං වේගය නිසා ළමයිට කෝලං කරන්න වෙන විච්චූරන කරන්න වෙලාව මදි. පොඩියක් මිස් වෙලා පිස්සුවක් කෙලලා තිබුනොත් පාඩමෙන් අනික් ළමයි ගන්න ආතල් එක තමුන්ට මිස් වෙනවා. ඒ නිසා කස්ටිය අමුතු ජීවයකින් වැඩ කරන්න හුරු වුනා.

සමන් කුමාරටත් ටිකක් තේරුනා ඇත්තටම ළමයි කියන්නෙ කලිං දැකපු යක්කු ජාතියෙක් නෙමෙයි කියලා...ඉස්සර සමන් වගේ අයට සෙට්වෙලා කොල්ලෝ ගුටි ගහනවා..ඒ ඇයි කියන්න දන්නෙ නැහැ..ඒත් වලියක් ගියොත් කොහේ හරි සමන් වගේ ටිකක් නරක වගේ ළමයි ගුටිකනවා...ඒත් දැන් සමන් පිළිවෙලකට ඉන්න නිසා ඒ ළමයි වුනත් ටිකක් බයයිි..මොකද පියුමිකා ටීච හෙම සමන්ගෙ පැත්ත ගනී කියලත් ළමයිට හිතුනා..සෙල්ලම් වලදිත් වෙනත් වැඩ වලදිත් සමන්ට ඉස්සරහට එන්න ලැබුනෙ කලිං වගේ දරුනු විදියෙ කැපිලි කෙටිලි ටිකක් අඩු වුන නිසා...හැමෝම ඉස්කෝලෙ නිකං ඉගන ගත්තට සමහරුන්ට සැලකිලි වැඩියි..විශේෂයෙන්ම ගුරුවරුන්ගෙ ලමයි නිකං සලකන්නෙ බොහොම හොද ලමයි විදියට..ඒ අය වැරදි කරත් ඒවා යට යනවා සුටුස් ගාලා..

පියුමිකා සමන් කුමාරට ඇත්තටම කැමති වුනේ සමන් හරිම කෙලින් නිසාත් වේගවත් නිසාත් තමා. සමන්ට වැඩිය දෙයක් කියන්න ඕනි නැහැ..ඇගෙව්වාම එයා ඒක කරනවා. සමන් කාලයක් අකුරු වැරදි විදියට ලියපු නිසා සමන්ගේ ඉංගිරිසි අකුරු කැතවෙලා තිබුනා. ඉන් පස්සෙ සමන්ට කිව්වාම ඇගිලි වලින් හෙමිහිට පැන්සල අල්ලලා පිටපත් ලියන් එන්න කියලා සමන් ඒක ලියාගෙන ඇවිත් ටීචට පිටපත් පෙන්වන්න බලං ඉන්නවා. ටීච ඉතිං වැරදි තිබුනත් ටිකාක් එහෙන් මෙහෙන් හදලා කියලා දීල ලස්සන හරියක් දානවා. ඒ හරිය වැටෙන්නත් කලිං සමන්ගේ මුහුනට හඳ පායලා එනවා. පුතා මේ ජී අකුරු ලියවෙනකොට ඒක රූලෙන් යට ගියොත් හොඳයි... මේ බී අකුර සිම්පල් ලියනකොට එකපාර බාල්දි කොක්ක වගේ ලියන්න එපා. ගාන්ට ගන්න මේන්න මෙහෙම. සමන් හෙමීට ලියන්න මේ අවසාන හරියෙදි කලබල වෙලා තියෙනවා නේ.. සමන් ඒ ටීච කියන ටික අකුරක් නෑර අහගෙන ඉන්නවා.

සමන්ට ඉස්සර ආදරේට කතා කරන්නෙ ආච්චි විතරයි. ඒත් දැන් ආච්චිලයි දිහා යන්න වෙලාවක් නැහැ ඉස්සර වගේ.. අම්මට මල්ලියි නංගියි බලාගන්න තියෙනවා. ඉතිං සමන් පියුමිකා ටීචට බොහෝම කැමැත්තෙන් හිටියා. පන්තියෙ කොණක හැංගිලා හිටපු සමන්ව හරියට අත්තෙන් බිමට වැටිලා කොළ අස්සෙ හැංගිලා ඉන්නෙ ලේන් පැටියෙක් අරගෙන වතුර පොවල අත්ත උඩින් තියනවා වෙග් පියුමිකා විසින් නියම තැනට උස්සලා තිවුවා. ජීවිතය ගැන ඒ ළමා මනසේ තිබුන නීරස කළු යතාර්ථය ඈත් කරලා බලාපොරොත්තු දල්වන්න පියුමිකා සමත් වුනා. අපිට කිසිවක් කරන්න බැහැ..අපිට සමාජය සලකන්නෙ ්නැහැ කියලා සමාජයට දික් වෙන එක ඇඟිල්ලක් පියුමිකා විසින් බොහොම සෙමෙන් වෙනත් අතකට යොමු කලා.

Thursday, December 20, 2012

පොල් ගසේ කඳුලු(Tears of the Coconut tree)-01

01 වන කොටස...

පියුමිකා ඉස්කෝලෙට එනකොට ඉස්කෝලෙ උන්නෙ ඉංගිරිසි ගුරුවරු එක්කෙනයි. එයැයිතුත් ටිකක් පරණ එක්කෙනෙක්.. ටීච කෙනෙක්ගෙන් ඉගනගත්තම කොල්ලො ගොඩක් පාස්වෙනවා වැඩියි. අනේ මන් දන්නෙ නැහැ. ඒ ටීච නොහොත් පියුමිකා බුරියෙන් උගන්වපු ටීච කෙනෙක් නෙමෙයි. ගාන්ට සාරිය ඇන්දා. හරිම ලස්සනට කට ඇරලා ටීචර් කියනන පුලුවන් ටීචර් කෙනෙක්.

ගුරුසේවයත් එක්ක පරිණත වෙලා වෙන්න පුලුවන්. නැත්තං සමහර විට ඇගේ සැමියා ඇයට මේ විදියට අඳින්න දෙන්න නැතුව ඇති. හේතු මොනවා උනත් පියුමිකා හරිම නිවුන කෙනෙක්. පියුමිකා ගිහිපු ගමන් ලොකුවට කිසිම දෙයක් වෙනස් වුනේ නැහැ. තමුං උන්නා කියල පෙන්වන්න පියුමිකාට කිසිම උනන්දුවක් තිබුනෙ නැහැ. නමුත් පියුමිකා ඉස්කෝලෙ ඉගැන්නුවා කියලා ප්‍රතිපල සටහන් වලින් පෙන්නුම් කලා. කිසිම විදියක කැපී පෙනෙන වැඩ නොකරපු පියුමිකා නිසා ළමයි පාස්වුනා කියල පිලිගන්න අනික් අය අදිමදි කලා. කාලෙ වෙනසක්. දැන් ළමයිට ඉංගිරිසි ඇහැකි. හැමතැනම ඉංගිරිසි ඇහෙනවා..

අනික දැන් පොත් ලේසියි. ඇයි විභාග ඒවත් ලේසි ඇති. නොයෙක් හේතු පියුමිකා වෙනුවට ආවා. ඇයි පියුමිකා ඒ හේතු වලට ආවෙ නැත්තෙ. පියුමිකා ඉංගිරිසි උගන්වන්න ආවට පස්සෙ ළමයි ඉගනගන්නවා වැඩි වෙලා නැද්ද? ඉංගිරිසි පාඩම වෙලාවෙ කස්ටි පැන පැන හිටපු අය ඇයි දැන් ඉංගිරිසි වලට පන්තියෙ ඉන්නෙ. ගලන ගඟක් උඩ කාටත් පේන්න පාවෙන කෝම්බයක් වගේ වෙන්න පියුමිකාට ඕනි වුනේ නැහැ. පන්තියට ඇවිත් ඕකේ ගායිස් ලෙට්ස් ඕපන් යුවර් බුක් කියාල පටන් ගන්නවා. පියුමිකා කියන දෙයක් ඇහුවෙ නැත්තං ලොකුම දඩුවම වුනේ එලියට දාන එක තමයි. ළමයි ඒකට බයයි. ගනන් සර්ගෙ වේවැලට.. සිංහල ටීචගේ දරුනු කුනුහබ්බ වගේ කියවෙන දැඩි වචන වලට වඩා පියුමිකා එලියට දාන එකට ළමයි බයයි.

ඇයි ළමයි පියුමිකා ඉන්න වෙලාවට දඟ නොකරන්නෙ. ඉතිං ඉස්ටාෆ් එකේ ඉන්න ලොංත පෝල් පරණ ගුරුවරුන්ට ඉරිසියාව. ළමයි පාඩමට අල්ලලා තියාගන්න ගුරුවරයා අසමත් වුනාම ළමයි පිස්සු කෙලිනවා. ඒත් ඒක ගැන මේ ගුරුවරු හිතුවෙවත් නැහැ. ඔහේ කටපාඩමින් වමාරලා මොනාහරි කියලා ප්‍රශ්ණ ටිකක් දුන්නාම ඒව හරි කියලා හිතුවෙ. පියුමිකා එහෙම නැහැ. එක එක ජාතියෙ ගේම්ස් එක එක විදියෙ ක්‍රම උගන්වන්න පාවිච්චි කලා. පොත කියන්නෙ මහමෙරක් නෙමෙයි. පොත උස්සගෙන ඒකෙ තියෙන ඒවා උගන්වන්න ගියෙ නැහැ. නමුත් විෂය හරියට කෙරුනා. ළමයිට තමං ගැන ලියන්න දුන්නා..ළමයි ලියපු පච ගැන ළමයිට හිනා යන්නත් එක්ක තමුංගෙ යාලුවාගෙ තියෙන වැරදි ගැන ලියන්න පියුමිකා දුන්නා.. ඉතිං වැරදි ලියන්න උවමනාව තදින් තිබුනත් ළමයිට වචන නැහැ. ඒ පාර පියුමිකා මිනිස්සුන්ට තියෙන වැරදි ගැන තියෙන ඉංගරිසි වදන් ටිකත් ඒ වැරදි ලියන ආකාරයත් කලා. කස්ටියම කට ඇරගෙන අහගෙන හිටියා මොකද තමුංගෙ යාලුවාගේ වැරදි ටික ඉංගිරිසියෙන් ලියාගන්න පාඩම අහන් ඉන්නම ඕනි නිසා..

උච්චාරනය හදන්න ටිකක් අමාරුයි..ඒත් ඉංගිරිසියෙන් ලියපු බොලඳ කවි අනං මනං ටිකක් ටිච හොයාගෙන ආවා. ඒවා එක එක ළමයාට කියවන්න දීලා අමාරු වචන තේරුම් කරලා දුන්නා.. ගම්පෙරළිය යුගාන්තයේ තියෙන නාලිකා සයිමන් කබලාන අරවින්ද එක්ක සිංහල වෙලාවෙදි අතීත ලව් හුටං දැන් මැරිල ගිහිපු ආදර කතා අස්සෙ ඉංගිරිසි මිස් ගෙනත් උගන්වපු පොඩි ආදර කතා පොඩි පොඩි හිත කිතිකැවෙන වචන වලට කොල්ලො ආස කලා. කෙල්ලොත් ඒවටම ආස කලා. සම්ඩේ ද සන් විල් පොගෙට් ටු රයිස්..දි ඕෂන් විල් බී අ ඩෙසර්ට්..බට් නතින් විල් සෙපරේට් යූ ෆොම් මයි මෙමරි..

සමහර ළමයිට තමුන්ගෙ හැඟීම් කියාගන්න විදියක් නැතුව ඉන්න කොට මේ පහල වෙච්චි ඉංගිරිසිය වැදගත් කියලා හිතුනා. නවය දහයෙ ලමයි තුල තියෙන රොකට් උණ,,අභ්‍යාවකාශ උණ..ආදිය ගැන ටිකක් ගැඹුරට උගන්වන්නත් පියුමිකාට පුලුවන් වුනා. ඒත් ඉදලා හිටලා කඩාපාත්වෙන පරීක්ෂක වරුනගෙන් පොත කරලා නැහැ කියලා පියුමිකාට බැනුම් අහන්නත් වුනා. විදුහල්පති තුමා හෙමත් ඒ වගේ තැන්වලදි අවාසනාවට වගේ පියුමිකාගේ පැත්තෙ නෙමෙයි. පියුමිකාගේ මහත්තයා දල කාරයෙක්. කවදාවත් පියුමිකා කාර් එකේ වැඩට නොආවට එයාට එහෙම එන්න බැරි කමක් නැහැ. ඉතිං පියුමිකාට මේ රස්සාවෙං ලැබනෙ මහාර්ඝ සම්පතක් වෙන විශ්‍රාම වැටුප වත් ලැබෙන සොච්චමවත් ලොකු දෙයක් නෙමෙයි.

ඉන්න ළමයි දෙන්න බලාගන්නත් පියුමිකාගේත් ඇගේ මහත්තයාගේත් අම්මලා තාත්තලා පොරේ. ඉතිං පියුමිකාගේ ළමයි සීයලා ආච්චිලා ගාව බොහෝම සැහැල්ලුවෙන් හැදෙනවා කියලා පියුමිකාට හිතුනා. ආයේත මේ දෙන්නා තමුංගෙ අනසකට ගන්නවාට වඩා බොහොම දැනුම් තේරුම් තිබුන ඒ වැඩිහිටියන්ටම ඒ ළමයි දෙන්නා හැදුනාවෙ කියලා පියුමිකා හිතුවා. ඕනිම දෙයක් ගැන ගැඹුරටම නොහිතන නිසා ඒ තරම් සැර නැතිව බොහොම හෙමින් ගලන ගඟක් වගේ පියුමිකාගෙ ජීවිතය ගලලා ගියා

ඉතිරි කොටස අනික් දවසේ...... 

Wednesday, December 19, 2012

විකුනන්න බැරි අධ්‍යාපනය හොරකම් කරලා


තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා...හැබෑට දිසාපාෙමාක් කාලෙ එක්සෑම ්තිබුනෙ නැද්ද ඒවයි පේපර් පිට වුනේ නැද්ද? හැම ශිල්පෙටම බෝසත් කුමාරයා දක්ෂ වීමත් නීති විධ්‍යාලයේ දක්ෂයා රජ පුතා වීමත් සමාන වෙන්නෙ නැද්ද?
ලංකාවෙ අම්මලා තාත්තලා දුවලාට උගන්වන්නෙ හොද කොල්ලෙක් කසාද බන්දලා දෙන්න පුලුවං කියන අදහසින්.. නැත්තං දුවට හොද රස්සාවක් හොයා ගන්න පුලුවං වෙයි කියන අදහසින්..ඉතිං ඒ ලෙවල් පේපර් එකක් පිටවෙලා තමුංගෙ දුවට ඒක ලැබුනෙ නැත්තං ඒ නිසා තමුංගෙ දුවගේ පෙට්ටිය හරි ගානකට සැමියෙක්ට විකුනගන්න බැරිවෙන එක ගැනත් සමහර අම්මලා දුක් වෙනවා ඇති..

හිතන්න අකමැති දෙයක්...කවුරුත් හිතන්න උත්සාහ කරන්නෙ නැති දෙයක්.. ඇත්තටම ළමයි ගාව දැනුම තිබුනා නම් ඇයි පේපර් පිට වුන එකට මේ තරං වලි දාන්නෙ.. දැන් ලෝකෙ දියුනු වෙලා..ඉස්සර වගේ වසර ගනන් පාඩං කරපුවා පැය තුනට වමාරන එක දැන් පරණ මොඩල්..ඒක අපේ ජනාධිපති තුමත් පිළිගන්නවා...ඇමතිතුමත් පිළිගන්නවා..බාගෙදා ඒක තමුංගෙ ළමයි රට ඉන්න නිසා ලේඛම් තුමාලත් දන්නව ඇති.. ඒත් එයාල හැමෝම වැරදියි කියලා පිළිගන්න මේ විභාග මූලික ක්‍රමය පවත්වාගන යන්නෙ අපිට ඕනි නිසා...අපි හැමෝම අකමැතියි ඒත් ඒවා සිද්ද වෙනවා.. හරිම කුහකයි අප්පා මේ සමාජෙ...ළමයි විභාග හින්දා තැලෙනවා..නමුත් තමුංගේ පුතා ලියන අවුරුද්දෙ එක්සෑම් එක වෙනස් වෙනවාට කවුරුත් කැමති නැහැ..

පරණයි කිව්වාට දිසාපාමොක් ගේ ස්ටයිල් එක වැදගත් ඇති.එයා න්‍යායික දැනුම විතරක් නෙමෙයි ප්‍රායෝගික දැනුමත් ලබාදෙන්න ඇති කියලා අපිට ජාතක කතා බැලුවාම තේරෙනවා..පංසලේ අධ්‍යාපනය ඉස්සර ලබාදුන්නෙ මිනිස්සු ටික දෙනාටයි..මොකද හැම එකාම ඉගනගත්තාම සමාජය අවුල් වෙනවා කියලා ඒ මිනිස්සු අවිඥාණිකව ම පිළිගෙන තිබුනා.. ඒ නිසා වලං කාරයාගේ පුතා වලං හදන්න පුරුදුවෙනවා ඇර ඌ ගියේ නැහැ පංසලේ හාමුදුරුවන්ගේ බණ පොත් කියනවන්න.. රෙදි අපුල්ලන්න ඒ දැනුම මිස ෆිස්ක්ස් වලින් කෙමෙනස්ට්‍රි වලිං ඒව කරන්න බැරි නිසා ඒ මිනිස්සු හැමදාම රෙදි ඇපිල්ලුවා... බහුතරයක් මිනිස්සු තමුං කිසිම දෙයක් හඹා යන්නෙ නැතුව ඉපදුන විදියට මැරිලා ගියා..
අම්ම ලොකු කන්තෝරුවක ලොකු තැනක..තාත්තා රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ වගේ තනතුරක්..පරම්පරාවෙත් ලොකු බර අතු ගොඩයි..රට ගිය අයත් ඉන්නවා..පලමු දරුවා දුව..එයා මේ අවුරුද්දෙ දෙවනි වතාවට ඕ ලෙවල් ලිව්වා..පසුගිය මාස හය ඇතුලත ඇය ප්‍රේම සම්බන්ධයක් සමබ්න්ධයෙන් බොහෝ කෙණහිලි කම් වින්දා... ඇගේ පෙම්වතා මේ කෙල්ලෙ ගෙදර ඉන්න වෙලාවක ගෙට පැනලා... ඒ වගේ හේතු නිසා ඒ දුව දෙමාපියන්ගේ මූනෙ දැලි ගාන්න ඕන්න මෙන්න තමයි දැන් ඉන්නෙ.. ඒ දෙමාපියන්ගේ මූනු නිකං පිට්ටු ගෙඩි වගේ..මොකද තමුංගේ සමාජ පසුබිම තුල ඒ දුව ඉගන ගත යුතු වුනත් ඇය ඉගන ගත්තෙ නැහැ...ඒ මදිවට ඇයට දැන් කොල්ලෙකුත් ඉන්නෙ..ඌ කෙල්ලෙගේ පෙට්ටිය කඩලද දන්නෙත් නැහැ කියලා ලත වෙනවා ඇති...හැබැයි ඒ අම්මාගේ සහ තාත්තාගේ අම්මලා ඒ කිව්වේ දරුවාගේ ආච්චිලා කසාද බැන්දෙත් දැන් ලමයි ඕලෙවල් කරන වයසෙදි විතර වෙන්න ඇති.

මේ බටහිර ක්‍රමය තුල ළමයා හරිම පීඩනයකට පත්වෙනවා කියලා කස්ට කතා වෙනවා ඇහෙනවා.. ඇත්තටම මේ බටහිරද.. පොඩ්ඩක් ඔය ලංකාවට ආපු සුදු පවුලක් දිහා ඇහැ ඇරලා බලන්න..ළමයි කොහේවත්..ජෝඩුව වෙන කොහේවත්..ළමයිට පුදුම නිදහසක් තියෙනවා..ඒ ළමයිතුත් බොහෝවිට සමාජය ගැන දැනුවත්.. සමාජය එක්ක ගැටිලා තියෙනවා..
බටහිර සමාජය දිහා අපේ මිනිස්සු හරිම අපුල් විදියට බලනවා..ඒක හරි නරුමයි..විසයි ආදි ලෙස මිනිස්සු මනිනවා..නමුත් ඒ සමාජය තුල අපේ රටවල වගේ සදාකාලික බබාලා නැහැ.. අධ්‍යාපන හෝ වෙනත් ඕනෑම ගැටලුවලට ලංකාවේ බබාලා ඉන්නෙ..ඇමතිතුමා ජනාපති ලේඛම් ඔක්කකොම වැරදියි කියලා පිලිගත්තත් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ.. මොකද පොඩිකාලෙ ඉදන් කන බොන ඉදගන්න ඇවිදින විදිය පවා ප්‍රෝග්‍රැම් කරලා තියෙන නිසා කිසි දෙයක් හිතලා කරන්න තියෙන ඇබිලිටි එකක් නැහැ.. යමක් හිතන්න පුලුවන් වුනත් බොහෝ දෙනාට ඒක කරගියන්න විදිය ගැන ප්‍රායෝගික දැනුමක් නැහැ..

අමරිකානු දරුවෙක් තව විසි හය දෙනෙක් වෙඩිතියලා මරලා..අපේ අය දැන් ඒක දිහා බලලා නිකරුනේ අමරිකාවට බනිනවා.. ඒ ළමයා ෆේස්බුක් එකවුන්ට් එකක් නැති.. වැඩිය සමාජ ආශ්‍රයක් නැති කොටින්ම මෙලෝ රහක් නැති ළමයෙක්.. ඒ ළමයා ලංකාවට ගෙනත් ඉස්කෝලකට දැම්මානං දක්ෂ කීකරු හැදුන සංවර හොඳ ළමයෙක්..අපරාදෙ ඌ ලංකාවෙ හිටියනං එ් ලෙවල් පේල් වෙලා කෝච්චියට පනී..නැත්තං කෙල්ල බෑ කිව්වම මූදට පැනලා ලංකාවෙ පත්තර වලට නිවුස් එකක් වෙන්න තිබුනා..ඒ චාන්ස් එක අපිට නැතිවුනා..සික්.

ඇත්තටම ලංකාවෙ තාමත් හොඳ ලමයි කියාල සලකන්නෙ මහ පොන්න ටයිප් ළමයි.. මෙලෝ රහක් නැති නමක් වත් අහල නැති මගෝඩි වැඩක් ගාවින් වත් යන්න නැති ළමයි ඉහලින් පාස් වෙලා කැම්පස් යනවා...ඒත් නැත්තං යාලුවො නෑයො ඔක්ෙකාම රවටලා රෑට හොරාට පාඩං කරලා කැම්පස් යනවා.. ඒත් මුං හැමෝම ක්ලාස් කියලා ජාතියකට ගිහිං තමයි පාස් වෙන්නෙ.. ඒක මෙහෙ හැටි.. ළමයින්ගේ බාහිර ක්‍රියා කියාල නාමික කිහිපයකට විතරක් ඔය ලකුනක් දෙකක් ලැබෙනවා..

අධ්‍යාපනය කියන්නෙ පුද්ගලික උවමනාවක් විතරයිද? කිව්වොත් ලංකාවෙදි නං ඒක ඔව් කියන එක තමා යුතු වෙන්නෙ.. ලංකාවෙ රජයේ රෝහලක් ගතහොත් ඒව රන් කරන්නෙ දොස්තර වරු සහ අනෙක් බොහොම බුද්ධිමත් මහත්වරු...අපි වැඩිය ඕනි නැහැ ලංකා විදුලිබල මන්ඩලය ගමු...ඒක පරිපාලනය කරන අැමතිතුමා පවා විදුලි ඉංජිනේරුවරයෙක්..ඉතිං ලංකාවෙ බුද්ධිමතුන් කියලා එලියට දාපු මිනිස්සු අද මොකද කරලා තියෙන්නෙ කියලා ඒ පොඩි ආයතන දෙක ගැන දන්න කියන අය දන්නවා.. ඉස්පිරිතාලයක් කියන්නෙ තාමත් අර පරණ කුල ක්‍රමය පවතින වලව්වක් වගේ තැනක්.. නර්ස්ලා දොස්තරලා සුලු සේවක කාර්යාල සේවක කියන්නෙ වෙනමම කුලක වල..ඒවා ඡේදනය වෙන්නෙ නැහැ කවදාවත්.. තමුං ජයගන්නේ කෝමද කියන එක ඇර එන ලෙඩාට හොද සාත්තුවක් කරලා ලෙඩ හොද කරන්න ඕනි කියන තැන නැහැ එයාල..විදුලිබල මන්ඩලය වගේ එකක් ගත්තත් එහෙමයි..සර්විස් එක ගන්න ඕනි අපේ තියෙන ඇගේ අමාරුවට..එහෙම නැතුව එයාලට අපිට සර්විස් එක දෙන්න වෙනමම උවමනාවක් නැහැ.. මේ ආයතන වල ඉන්න අයගේ අධ්‍යාපනික සුදුසුකම් බැලුවෝතින් මහා ඉහල තැන් වල ඇති..නමුත් ඒ ආයතන යන්නෙ අනික් පසින් ඉදිරියට..

කවුරුහරි කියන්න පුලුවන් ඔය අකලට වැටිච්චි මිනිස්සු දෙතුන් දෙනෙක් අල්ලලා මේන් මෙයා අමරිකාවටත් උගන්නලා..මේන් මෙයා ලෝකෙටම දක්සයා කියලා..නමුත් බහුතරක් ගත්තොත් ලංකාවෙදි කැම්ප්ස වලිං අවුට්වෙලා අධ්‍යාපනයේ අග්‍රපලය ලබාගන්නේ දඹානටත් වඩා ගෝත්‍රික මනසක් තියෙන මිනිස්සු ටිකක්.. තමුං එක්ක එකට ක්ලාස් ගිය එකාව පහල ශ්‍රේණියක ඉන්න නිසා කැපිලි දානවා..උදාහරණ විදියට බී ඇස් සිී ඉංජිනේරුවො එන් ඩී ටී උන්ට කරන කැපිල්ල.. එන් ඩී ටී උන් ටෙක්නිකල් කොලේජ් බයියොන්ට කරන කැපිල්ල..ටෙක් කොලේජ් උන් බාස්ලාට කරන කැපිල්ල.. දොස්තරල නර්ස්ලට..නර්ස්ලා ඇටෙන්ඩන්ලාට ඇටෙන්ඩන්ලා සුලු සේවකයින්ට කරන කැපිල්ල. ඉතිං මේ වගේ මහා ගෝත්‍රික මනසක් තියෙන ගෙඩි වලු ටිකක් එලියට දාන්න ආන්ඩුව සල්ලි වියදම ් කරලා වැඩක් නැහැ..ඇත්තටම ඊට වඩා හොද වෙයි පාරක් නැති මිනිස්සුන්ට පාරක් හදලා දෙන්න සල්ලි වියදං කරන එක..
අධ්‍යාපනික රටාවම වෙනස් විය යුතුයි..ඒක වෙනකල් සම්පත් අත්තටගේ ලා හැමදාම පේපර් බෙදාවි.. හරියට පාතාලෙන් මිනියක් මැරුවාම පාතාලේ උන් අපි නැතිකරන්න ක්‍රියා කරනවා කියලා පොලිසිය කියනවා.. එතකොට මිනිස්සුන්ට ආතල් වැඩිවෙලා ආ ඔව් ඕකුන් මරන්නම ඕනි කියනවා.. ඒ මරන එවුන්ගේ දෙමාපියන් ඉන්නවාද..ඒ මැරෙන මිනිසුන්ගේ දරුවන් ඉස්කෝලෙ යනවාද..ඒ පාතාල කාරයින්ට පියම්බිකාවන් ඉන්නවාද ආදිය ගැන සමාජය දක්වන්නෙ මහා ඇල්මැරුනු ස්වභාවයක්..අරු මිනිමරනවා..ඌ මාව හෝ මගේ ලමයි හෝ මගේ ලග එකෙක් මරයි..ඒ නිසා ඌව අයින් කරපල්ලා කියලා කෑ ගහනවා.. ඒත් ඒ පාතාලය කියන එක නිර්මාණය වෙන්න හේතුවෙන අධිකතර පන්ති විෂමතාවය දුප්පත් පෝසත් බේදය සමාජ අසාධාරනය ගැන නිකමටවත් පරණ පොත්වල තිබුනා කියලවත් කාටවත් මතක් වෙන්නෙ නැහැ..

දැන් ලෝකෙ වෙනස් වෙලා අධ්‍යාපනය කියන දේ සරල කරලා බර අඩු කරලා කොටස් කරලා සෙමෙස්තර විදියට දෙන්න ගොඩක් රටවල් පුරුදු වෙලා..ඒ වගේම ඕනෑම මට්ටමක අයෙක්ට තමුං ඉන්න තැන ඉදන් ඉගෙනගන්න පුලුවං විදියට වෙනස් වෙලා.. හැමෝම ආර්ථික විද්‍යාව, භෞතික විද්‍යාව කරලා මහා බරසාර වෙන්න ඕනි කියලා තිබුන වලව් පැලැන්ති ගැලවිලා ගිහින් ගොඩක් කල්.. ඒත් අපි තාමත් ලිදේ ඉදන් වටේ ගෙම්බොත් එක්ක පොර අල්ල අල්ල එක්සෑම් කරන්න දරුවන් මෙහෙයවනවා..

රනිල් වික්‍රමසිංහ කියන මනුස්සයා ජී ඇල් පීරිස් කියන අය ඔය බබා ක්‍රමයට හැදුන අය..ඒ අය ලංකාවෙ දේශපාලනයේදි අසාර්ථක වෙලා තියෙන්නෙ ඇයි..බුද්ධිමත් බව ඔලුවෙ තිබුනට පොලොවෙ පය ගහන්න බැරි ඇයි.. ඉගනගත්ත අය විසින් පාලනය කරන සමාජය තුල චන්ඩි ඉදිරියට එන්නෙ ඇයි.. ඒක මේ සමාජයේ අධ්‍යාපනය තුල තියෙන නොමේරු බව නිසා කියලා තමයි මට හිතෙන්නෙ..

ජස්ටින් බීබර හෝ බයිබර කියන කොල්ලා අවුරුදු දාසයේදි ජනප්‍රිය වුනා..ලෝකෙ භයානකම හැකර් කෙනෙක් අවුරුදු දාසයේදි බිහිවෙලා තියෙනවා..නමුත් ලංකාවෙ දාසය කියන්නෙ ළමයෙක් කිරෙන් ඇරෙව්වට පස්සෙ අවුරුදු දෙකක් ගියා වගේ සුලු කාලයක්.. දියුනු රටවල බොෙහා් ඉක්මනින් මිනිස්සු හැදෙනකොට අපේ විසිහය විසිහත වෙලත් සමහරු එක රස්සාවක් වත් කරලා නැති පිංගුත්තරයො.. රටක් ගැන අදහසක් තියෙනවා නං වෙනස් කල යුතු එක මූලික තැනක් අධ්‍යාපනය.. ඒක වෙනස් වෙන්නෙ නැතුව මොනම ආශ්චර්යකට අපිට කවදාවත් ළඟා වෙන්න ලැබෙන්නෙ නැහැ.. 

Sunday, December 9, 2012

අපේ ගම හොරු සහ පියා

අපේ තාත්තා එලවලු ගොවියෙකි. හේ තෙමේ මා දන්නා කියන කාලයේ සිට පහතරට එලවලු වගා කරයි. පියානෝ පවසන පරිදි යාන්තම් සාමාන්‍ය පෙළ සමත් අවධියේ පටන්ම හේ තෙමේ ගොවියෙකි.. 

කුකුල් සොරකම

ඉස්සර අපි හිටියේ තාත්තලාගේ මහ ගෙදරය. එහිදී අපිට යාලුවෝ ගොඩක් සිටියෝය. එවුන් අපේ ලේ ඥාතීනුත් අහල පහල ගෙවලින් වට වූ අයවලුනුත් වූහ. එකල අපේ මහ ගෙදර කුකුලන් ඇති කලේය. කුකුලන් ඇතිකිරීම තාත්තා නැවැත්වුවේ හේතු කිහිපයක් නිසාය. එයින් එක හේතුවක් හොරු මරාගෙන කෑමය. එනම් නිවස වටේ සහ වත්තේ නොයෙක් තැන සාරමින් ද අප විසින් සාදා දමන හාල් කුඩු වලින්ද පෝෂනය ලැබ නිදැල්ලේ වෙසෙන කුකුලන් කිකිලියන් සොරු අල්වාගෙන උන් ආහාරයට ගනිති. අපි ගෙදර එකල කුකුලන් කිකිලියන් හැදුවාට මට මතක ඇත කාලයක උන් මසට ගන්නේ නැත. ඉදලා හිටලා උන් බිත්තර දමන කාලයක් එයි. එකලට බිත්තර එකතු කරගැන්ම පමණක් අපි කරමු. ඒ කිකිලි බිත්තර රක්කවා පැටවුන් සෑදීම ආදිය කරන්නේද අපේ තාත්තාය. ඔහු ඒවා කොහෙන් පුරුදු වුනාදැයි නොදනී. නමුත් බොහෝ කලකට පෙර කෘෂි විද්‍යාලවල කෘෂිකර්මය ගැන පුරුදු පුහුනු වුන වගක් අපේ තාත්තා අපිට නොයෙක් විට කියා ඇත..

රතු කුකුලා වයිරං කුකුලා..තිත් කුකුලා ආදී නම් වලින් අපි විසින් හඳුන්වනු ලැබූ කුකුලන් හොරු මරාගෙන කෑම එකල කුඩාවුන් වූ අපිටද දුකකි. නිතර දෙවේලේ කොක් කොකේ ගගා වත්තේ කැරකුනු කුකුලන් මරාගෙන උන් කන්නේ කෙසේදැයි අපිට නම් ගැටලුවක් ඇතිවිය. නමුත් කන තැනැත්තා ගම් කුකුලන් නොවැ කියා රසබලා කන්නට ඇත.. එකල අප විසු නිවසේ මා දන්නා කලක පටන් සිටි තඩි කුකුලෙකු සිටියේය. සුවිසල් ශරීරයකින් හෙබි එම කුකුලා අඩුවශයෙන් කිලෝ තුනහමාරක් වත් ඇති බව තාත්තා කියයි. එසේම අම්මා සහ අපි පාරේ යනවිට මොණරෙක් ලොකු කුකුලෙක් දැක්ක විට මූනං කිලෝ පහක් විතර ඇතැයි තාත්තා කියන්නේ අම්මා කෝප ගැන්වීමේ අදහසිනි. සික් සතෙක් දිහා බැලුවත් පව්කාරකම යන්නෙ නැති හැටි..අනික කතරගම දෙවියන්ගේ වාහනේ නේ.. යැයි අම්මා ආඩපාලි කියයි. තාත්තාගේ මේ පුරුද්ද දෝ මටත් ඇති වී දෝ ළඟ දිනෙක අපේ බෝඩිම අසල ලොකු කලුකුමෙක් දුටුවනම මූනං කිලෝ හයක් වත් ඇතියැයි මටද කියවුනි. එය අසා සිටි සද්ගුනවත් චිකන් කන එහෙත මස් නොකන මාගේ සිංහල බොදු මිතුරන්..සික් මූ වගේ පෙරේතයෙක් මූට කලුකුමාගේ ලස්සන නෙවෙයි පේන්නෙ උගෙ බර.. මූ ගමේ ඉද්දි කුරුල්ලොත් මරං කාලද කොහේද යැයි උදාන වැකි කීවෝය.. 

සමහර දිනෙක එසේ කුකුලන් සොරකම් කරන්නේ කවුද ඔවුන් මරා කන්නේ කවුදැයි තාත්තාට ආරංචි වෙයි. විටෙක අපේ වත්තේ කොනකම පිහාටු ගොඩක් දක්ණට ලැබෙන්නේ උන් එතැනදීම සතා මරාගෙන හෝ අල්ලාගෙන ඇති බවට වූ සාධක සපයමිනි. මාද ඒ අයවලුන් යන්තම් දැනගෙන සිටියෙමි. ඔවුන් කවුදැයි දැනගෙන සිටිමුත් තාත්තා කුකුලන් ඇතිකිරීමෙන් ඈත්වුනා විනා එවුන් සමග වලි දාගන්නට තාත්තා ගියේ නැත. ඉඳහිට ඔවුන් දැනුවත් කරන්නට සිතා නොයෙක් වැඩ කලත් එතනින් එහාට උන්ට හයිකාරකම් පාන්නට ගියේ නැත. දුරින් නෑයින් වෙන හෝ නැත්නං කිට්ටුව පහත කොල්ලන්ගේ වැඩ ලෙස සලකන එවන් සිද්දි වලට පොලිසි යෑම ඔහුටත් පවුලටත් ලැජ්ජාවක් කොට ඔහු විසින් සලකන ලදී. 

එලවලු සොරකම්..

අපි ඉස්සර ජීවත් වූ ගමේ එලවලු වගාවට සුදුසු ඉඩම් එතරම් නොතිබිනි. එබැවින් බොහෝ දුරගොස් වාඩි පැල් අටවාගෙන ගොවිත්ැන් කලයුතු විය. ඉතිං එවන් දවසක ඉඳහිට ගෙදර බලන්නට ගොස් යන විට සමහර විට වාඩියේ ඇති සීනි තේකොල මුට්ටි වලංගෙඩි පවා හොරු හැත්ත උස්සාගෙන ගොසිනි. දැන් මෙන් පාරවල් වාහන සුලභ නොවන එකල ගමන් යන්නේ බයිසිකලයෙනි. හොදහැටි ඇද ගෙන බයිසිකලයේ නැගී යන විට ඒ ගම්වල සිටින කුසීතයෝ අලුතින් ආ එව්වොන්ට විරෝධ කම් පාන්නට දෝ අර වාඩිවල ඇති සබ්බ සකල මනාවම සුද්ද කරගනිති. පසුකලෙක තාත්තා එයට යම් යම් පිලියම් සොයාගන්නා ලදී. එකල තාත්තා විසින් උදලු කැති පොරෝ ආදිය එක එක බැදි පල්ලවල් පඳුරු පල්ලවල් සොයා ඒවායේ ඇතුලට පේන්න නැතිවෙන්න දමයි.

 ඉන්පසු එවන්නක් නොපෙනෙන සේ කොළ අතු ආදියෙන් වසා නිසොල්මන්ව තබයි. කොටින්ම මෑත කලක අපේ අයියා විසින් අටවන ලද වාඩියක වුව කිසිම හට්ටියක් මුට්ටියක් වත් එලිපහලියේ දමා එන්නට තාත්තා කැමති නැත.ඒවා නිසිතැන්වල සඟවා දමා එයි. එහෙමත් දිනෙක හට්ටි මුට්ටි සඟවන තැන් තාත්තාට අමතක වෙයි. එවිට අපිට තේවතුරු උනුකර බොන්න යන වෙලාවට වැඩි වෙලාවක් හට්ටි මුට්ටි හොයන්නට වැය වෙයි. එවන් විටක කුමක් හෝ ආයුදයක් හෝ මෙවලමක් බැදි අකුල්වල සොයා සොයාගන්නට බැරිවුන තැන ඒකත් හොරු උස්සගෙන ගිහින්ද කොහෙදෙ පාහර හොර හැත්තයැයි තාත්තා දෙස් තියයි. නමුත් අපි පසුකලෙක බැදි එලිකරන විට මේන් බොලේ මුට්ටි කෑලි උදලු කෙටි ආදිය එවිට තැන් තැන් වලින් මතු වෙයි.. 

ඒ වාඩිවලට තාත්තා යන එන වෙලාවල් පවා වෙනස් කලේ හොරු නොමග යවනු පිණිසයි.. ඇලක් හෝ දියකඩිත්තක් සෙව් වෙනතෙක් බයිසිකලයෙන් පරණවැඩට අදින ගොමස්කඩයම ඇගට ලාගෙන විත් ඇගපත සෝදාගෙන රෑ වු පසු බයිසකලෙන් ගමන් කිරීම තාත්තා විසින් කලේය. එසේම උදේ වැඩට එද්දීද රෑ තිස්සේම වාඩියේ සිටියායැයි ඇගෙවෙන පිනිස පාන්දර කුකුලන් අඩන වෙලාවට තාත්තා කොරටුවට යයි.. 
 මේ මොක කලත් තාත්තා වැඩිකලක් ගෙදරට වැඩිය වාඩිවල ගතකලේ වගා කටයුතු සොර සතුරන්ගෙන් බේරගන්නට බැරි නිසාය. එකම ජාතියේ දුක්පත් මනුෂ්‍යයින් වූ සොරුන් අපේ පියා දාඩිය මහන්සියෙන් දවසම අව්වේ පිච්චි පිච්චි හදාගන්නා බෝග ජාති සොරකම් කිරීම මහා ජරා වැඩකි. නමුත් සෝක වූවාට පලක් නැත.. සොරු නම් කිසිදාක අපේ තාත්තාගේ වගා කටයුතු වලට මදි පාඩු වූයේ නැත. සොරු එලවලු මැහි වල ඇති වැටකොලු පතෝල කරිවිල ආදිය කඩා මලු වල දමාගෙන රහසේම ගෙනගොස් ඊලග දවසේ පොලට හෝ වෙනත් අතරමැදියන්ට දෙති. මේ අතර සිටි ජරාම හොරුන් ජාතියක් වෙති. උන් කරන්නේ වැල් වල ඇති පිපිඤ්ඤා වට්ටක්කා වැටකොල ආදි බෝග කිසිදු වගවිභාගයකින් තොරව ඇද කැඩීමයි. ඇදීමෙන් කඩන විට නැට්ට කපනවාට වඩා හානි බොහෝය. නිරපරාදේ වැල් හානි වෙයි.. එහෙත් වගා කොරන මිනිහාට දැනෙන ඒ දේවල් සොරාට දැනෙන්නේ නැත.. 

බෝග ජාතිවලට වහන කෘමි සතුන් ලෙඩරෝග වලට බෙහෙත් ඉසීමත්..වඳුරන් මොණරුන් සාවුන්ගෙන් වගාව ආරක්ෂා කිරීමත් ඉන් අමතරව සොරුන්ගෙන් වගා ආරක්ෂා කරගැන්මත් මහා විසාල රාජකාරියකි.. සමහර එලවලු මිල ගිය කලෙක තාත්තා වාඩියේ සිටියත් දිවාකල මාන්සියට වාඩියේ රාත්‍රි වී යන්තම් ඇහැ පියවෙන ඩිංගට වත්තේ කොණක වවා ඇති පිපිඤ්ඥා ගෙඩි ටිකක් ඈත තැනක ඇති වැටකොලු පතෝල ටිකක් අතුරුදන් වෙති..ඒ හේතුවෙන් තාත්තා දිගට නිදාගන්නේ නැත.. පැයෙන් පැය අවදිවී මැස්ස හෝ වගාබිම තුල වට දෙකතුනක් කැරකී ආපසු යයි.මේ පුරුද්ද ඔහුට අද වෙනතුරුද පවතී..රාත්‍රි භාගයේ අවධි වී ටෝච් එක හතර වටේ උරුක්කු කොට වටයක් කැරකී අඩුතරමේ කුස්සිය වටේවත් ගොස් යලිත් නිදාගන්න එක දැනටද තාත්තාගේ පුරුද්දය.. 

සොරුන් පැමිණ කෙතෙක් කෙණහිලි කම් කලද අපිට යමක් නැති කලෙක වුවත් අනුන්ගේ දෙයක් නිකමට වත් ගැන්ම තාත්තා පිලිකුල් කෙලේය.. අපි වගා කටයුතු කරන විට අවට වතු වලද සිටින්නේ අපේ ගමෙන්ම ආ අයය. එවුන්ද අප වැනිම බෝග ජාති වවාගෙන ජිවිකාව ගෙනියති. සමහර විටක ඔවුන් දවාලියෙන් මැසි හෝ වගා හමාර කර අපිට කලින් ගොවිතැන හැරදා යති. සමහර දිනෙක ඔවුන්ද ගෙවල් වල යති..මගුල් තුලාවලට දින ගනන් නෑවිදින් සිටිති. එවන් දිනෙක අනුන්ගේ එලවලු කොටුවකින් අපිට නොතිබුනු මොකක්දෝ එලෝලුවක් දානෙකට යැයි කියා කඩාගෙන ආවායැයි අම්මා තාත්තාගෙන් බැනුම් ඇසුවාය. කොටින්ම අපේ වත්තේ ගසක කුරුම්බා ගෙඩියක් දෙකක් ඕන්නං බොනවා විනා කොතරම් සොරු බිව්වත් අල්ලපු වත්තක කුරුම්බා ගෙඩි වලට ලයින් දැමීම තාත්තා විසින් නොරුස්සන ලදී. කිසිවෙකු නැති වාඩි අසල ගස්ලබු කැකිරි ආදි දේවල් ඒ ගස්වැල් වලම ඉදී කුනු වී යන නිසා අපේ අම්මා විටෙක ගොස් ඒවා කඩාෙගන එයි. නමුත් ඒ දේවල් කරන්නේ තාත්තාට හොරාය. තාත්තා කිසිම හේතුවක් නිසා අනෙකකුගේ දෙයක් අපි විසින් ප්‍රයෝජනයට ගන්නවාට කැමති නැත.. 

අවුරුදු විස්සක පටන් අපේ තාත්තාගෙන් සහ ගමේ අනෙක් උදවියගෙන් සොරකම් කර ජීවිත ගෙනගිය පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන මා දැන සිටියෙමි. තාත්තාද උන් අපෙන් හොරකම් කලේ යැයි දැන සිටියේය. නමුත් කිසි විටෙක පොලිසි ගානේ ගියේ නැත. අතටම අසුවූ සොරකමක් ගැන අවට සිටි බොහෝ දෙනා පොලිසි යන්නයැයි බල කලේය. පොලිසිය පැත්තේ දන්නා ඇදුනුම් කම් අවශ්‍ය නම් ඒවාද අපේ තාත්තාට ලබාගත හැකිකම තිබුනි. නමුත් ඒ මනුස්සයාගේ ගෑනිත් ඒ පැටවු දෙක තුනත් අර යෝදයා පොලිසි එක්කං ගියාම කන්නෙ බොන්නෙ කොහාමදැයි කියා තාත්තා පොලිසි ගියේ නැත. එම වෙස්සන්තර ගතියට අපේ අම්මා පවා විටෙක තාත්තාට බැන වැදුන මුත් කිසි විටක හෙතම ඒ දරු පවුල් අනාත වෙනවාට කැමති වූයේ නැත. නමුත් නිතර සොර සිත ඇති වූ ඔවුන් අනුන්ගේ දේවල් කඩාවඩාගෙන ගෙවූ විනෝද දිවිය හැමදාම ගෙනයන්නට බැරි විය..

ඒ එක් අයෙකු කසිප්පු විස වී මලේය. ඒ මිනිහාගේ වාඩිය දෙවරක්ම ඒ මිනිහා විසින්ම ඩෝප් පිට ගිනිතියාගන්නා ලදී. එවිට සිටි ගෑනිත් දරුවන් දෙදෙනාත් බේරී තිබුනේ කැලෑ පැනීමෙනි..එසේම අනිකුත් සොරෙක්ද සිටිමුත් කාලයක් තිස්සේ ඔහුටත් ඇති හොදක් නැත. දවසක් අපේ වත්තේ පොල් සොරකමකට තාත්තාගේ අතටම හසු වූ ඔහුට තාත්තා "ඈ බොල ....තෝ කරදඩු උස්මහත් වෙච්චි කොල්ලො කෙල්ලො ඉන්න තාත්ත කෙනෙක් නේ බං..අම්මප බොලා ට ලැජ්ජාව කියල එකක් හෙම නැතෙයි.." කියා අසා තිබුනේ අර අතට අසු වූ සොරා ඇඹරෙමින් ගසක් අස්සේ සැගවෙන්ට වෑයම් කරද්දීය. මේ ආකාරයෙන් මඳක් විමසා බැලූවිට එදා ඒ අපේ ගමේ සිටි සහ පසුකලෙක අපේ වගාබිම්වල සිටි පතල සොරුන් අද ගෙවන්නේද මහා දුක්ඛිත ජීවිතය..සමහරෙක් අකාලයේ මිය ගිහිල්ලාය.. සමහරු හිගා නොකා හිගා කති.

අපි අවට සමාජය සීරුවෙන් බැලූ විටද විවිධාකාර සොරුන් අපට හමු වෙයි..සමහරු එලිපිට සොරකම් කරන අතර තවකෙක් ඇගට නොදැනෙන්ට සීරුවෙන් ඔවුන්වත් නොදන්නා තාලටෙ සොරකම් කරයි.. නමුත් අනුන්ගේ දෙයක් හෝ අනුන්ට ලැබෙන්ට යන දෙයක් වක්‍රාකාරයෙන් කඩාවඩාගන්න මනුස්සයෝ සැප විදිනවාසේ අපිට බොහොම යසට පෙනෙයි..කාර් යාන වාහන ගෙවල් සරුසාරෙට ඔවුන්ට ඇත. ඇති කරම් මිල මුදල්ද ඇත. නමුත් අප බුදුන් වහන්සේ විසින් වදාරන ලද පරම ධනයවූ සිතේ සතටු ඔවුන් කෙරෙන් කෙතරම් පලා ගොස් ඇතිද..ඒ නිසාම නොයෙකුත් ලෙඩ රෝග විනාස ආදිය ඔවුන්ට ඇතිවෙන බැව් මගේ මැටි මොලයට සිතේ.. කර්මය පුනර්භවය ධර්මය හැරදා බුදුන් වහන්සේට ගෞතම යැයි අමතන්ට නොපැකිලෙන වත්මන් මොඩ් සමාජය විශ්වාස කරන්නේ අද ලෝකයේ ධනය ලබාගැන්ම ධනය ලබාගන්නා මාර්ගයෙන් ස්වායත්තවේ යන්නයි. නමුත් ඒ ධනය විසින් කෙතෙක් ඒ ධනය සහිත සරුසාර මනුෂ්‍යයාට සතුට ශාන්තිය උදා කරනවාද යන්න අපි සිතන්නේ නැත.. 

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...