Sunday, January 6, 2013

පෝලිං පනින ලස්සන

ලංකාවේ ජීවත් වෙනවානං අපි පෝලිං පැනීම වැනි කාරණා වලදි කෝප වෙන්න හොද නැහැ..මොකද ඒක ලොක්කාගේ ඉදලා සොක්කා දක්වා තියෙන ජන්මාන්තර පුරුද්දක්..

පහුගිය සෙනසුරාද ආයුර්වේදයෙදි..
ආයුර්වේදය කියන්නෙ විකල්ප වෛද්‍ය ක්‍රමයක්.. ඒත් සාමාන්‍ය ව්‍යවහාරයෙදි ආයුරුවේදය කියන්නෙ ඒ බෙහෙත් කරන තැනට.. ඉතිං සෙනසුරාද අටට විතර මම ආයුර්වේදෙට ගියේ එතෙක් තිබුන සෙම තත්වෙට බෙහෙත් ගන්න..පෝලිම් ගැන මට තිබුන සුවර් එක නිසා මම ටිකක් උදෙන් ගියා. දවල් වෙන්න ඉන්නත් බලාගෙන. එදා නං වැඩියම කස්ටිය හිටියෙ නැහැ.. ඒත් එක මනුස්සයෙක් දෙන්නෙක් පෝලිම පැනලා මට කලිං බෙහෙත් ගන්න ගියා..ටිකක් වයස පහේ අය පුටුවෙ වාඩිවෙලා තමුංගෙ වාරෙ එනකල් සෝ බර මුහුනින් ඉද්දි එක එක අය ඇවිල්ලා එක එක බලපුලුවන් කාර කම් වලට ඇතුලට යනවා..තුංඩු ලියන්න එක පෝලිමයි..ලෙඩේ දොස්තර මහත්තයට පෙන්වන්න එක පෝලිමයි..තව ඉතිං දොස්තර මහත්තයා නියම කරාපු දියර, ගුලි, කුඩු ක්වාථ., තෙල් ආදිය ලබාගන්න තව පෝලිමයි.පෝලිම් තුනක් ආයුරුවේදයේ තියෙනවා. ඉතිං ඒ පෝලිම් තුනම බොහොම වේගෙන් තරණය කිරීමේ අවස්ථාව ස්ටාෆ් කවුරු හරි අදුනන අයකුට හිමි වෙලා තියෙනවා..මමනම් හිතන්නෙ ස්ටාෆ් නෙමෙයි දෙවියන් වහන්සේ ආවත් පෝලිමේ ඉදලා යන එක තමයි වඩා සාධාරන වෙන්නෙ..
මං දන්න කොළඹම ලොකු ඉස්පිරිතාෙලක මම දන්න ලොකු තැනක් ඉන්නවා. මට එහෙට ගියානං කිසිම පෝලිමක් නැතුව බෙහෙත් ගන්න පුලුවන්. ඒත් පෝලිං පැනගෙන වීරයා වගේ අනික් ලෙඩ්ඩු හූල්ලනකොට බෙහෙත් ගත්තාම ඒ බෙහෙත් යාදෙන්නෙ නැහැය කියලා තමයි මට හිතෙන්නෙ..

දවල් ෆිල්ම් හෝල් එකේදි..
හිතුව තරම් ආයුර්වේදෙ පෝලිම නැතිවුන නිසා බේත්ගතපු මම දවල් වෙලා ගියා ඉම්පාලා සිනමා හලට ඉනිඅවන් කියන සිනමා පටිය බලන්න. ඒ ගියාම ඒකටත් පෝලිම. වගේම පෝලිම පනින්න සැරසිච්ච මිනිස්සු.. අත්දැකීමෙන්ම මම නම් දැනගෙන හිටියා බොක්ස් ඇරුනාම අනික් ආසන වලට තරගයක් නැහැ කියලා. ඒනිසා ටික වෙලාවක් බලා ඉදලා පොදිය අඩු වුනාම මම හොල් එකේ ටිකට් එකක් ගත්තා.. මිනිස්සු හරි පුදුමයි..සමහරු පන්සලේ මොකක් හරි තිබුනත් ඒකටත් පෝලිම පනින්න තමයි හදන්නෙ..නිවිහැනහිල්ලෙ සිනමා පටියක් බලන්න ආවනං..පෝලිම පනින්නෙ කොහොමද කියලා නලියන්නෙ නැතුව ටිකක් පෝලිමට වෙලා හිටියනං ටික වෙලාවකින් ඇතුලට යන්න ලැබෙනවා. ඒත් අපේ වැසියො බහුතරයටම ඕනි සෝට්කට්.. 

ටෙලර් එකෙන් සල්ලි ගන්න ගියාම... 

අපි ටෙලර් මැසිම ඉස්සරහට වෙලා පෝලිමට ඉන්නෙ සල්ලි ගන්න බව අවබෝධයක් තියෙන ඕන මනුස්සයකුට වැටෙහෙනවා. අවසාන මොහොතක ඇවිත් පැනගෙන ඔය ටෙලර් පෝලිමත් පනින අය ඉන්නවා. ඒ වගේ වෙලාවක දවසක් සුද්දෙකුට තද වෙලා හොඳටම බැන්නා. මනුස්සයෙක්ට. හැමෝම එන්නෙ සල්ලි ගන්න..එකෙක් දෙන්නෙක් විතරක් කැරකි කැරකි නිකං ඉදලා ඉස්සරහින් පැනලා සල්ලි අරං යනවා..ඒත් ඒ අයට ලැජ්ජාව කියන දේ ගෑවිලාවත් නැහැ..

කෝච්චියෙ ටිකට් ගන්න ගියාම...

මම කාලයක් සීසන් ගියේ. ඒත් දැන් ලගක ඉදලා ටිකට් අරං තමයි යන්න වෙල තියෙන්නෙ. ආයිත් සීසන් එකක් හදාගන් හිතෙන තරමට සමහර වෙලාවට කෝචචි ටිකට් පෝලිම් අප්‍රසන්නයි..තරුණ වැඩිහිටි ගෑනු ටිකට් ගන්න පෝලිමෙ ඉන්න කැමතිම නැහැ.. ටිකක් පෝලිමෙ හිටියාම එයාලගේ රූපෙ නිකං කෑලි අඩුවෙනවද මන් දන් නැහැ..කොහොම හරි කොල්ලෙක්ගේ කරේ නැගලා හරි ටිකට් එක ගන්න ඇහැකිද කියල බලනවා..ගැනු කෙනාට අවුරුදු දාහත දහඅට වගේ සයිස් වුනත් කමක් නැහැ ලමයෙක් ඉන්නවා නං ලමයා ඉස්සරහට දානවා අනුකම්පාව ගන්න..අනේ මල්ලි මෙයාත් එක්ක බැහැ ටිකට් එක අරං දෙන්න කියනවා..මමනං ඒෙ වෙලේ එයාට දැන් මැරෙන්න වගේ යන ලයින් එකක් තිබුනත් ඇගිල්ලෙන් පෝලිමේ කොණ එයාලට පෙන්වනවා.. ඒත් මං විතරක් නෙමෙයි ලෝකෙ තව කරුණාවන්ත අය ඉන්නවා. ඒ වෙලාවට ලස්සන මිස්ලා හෙම ආවම ටිකට් අරන් දෙන්න කියලා..මිස් කිස් එකක් දෙනව නං..නැත්තං පොඩ්ඩක් අල්ලන්න දෙන්වනං ටිකට් එක අරං දෙන්න පුලුවනි කියන්න මගේ කට නලියනවා...ඒත් අපේ සමාජෙ ආත්තල මුත්තල පෝලිමෙ ඉද්දි තරුණ ගෑනුන්ට පනින්න අයිතිය තිබුනාට ඒ වගේ එකක් ඇහුවාම අපිට ගහන්න පනින සදාචාර වහන්සේලා ගොඩයි.. 

තව ඉතිං පිටිං කලිසම ලස්සනට පෙනුනට අන්ඩ වායු බැහැල තියෙන හර්නියා හැදිච්චි මහතත්තුරුද මන්දා එයාලත් එනවා පෝලිං තියෙද්දි කවුන්ටරේ ගාවින් සෝට්ටකට් ටිකට් ගන්න... 

බස් පෝලිම වෙලාවට..

දුර බස් වල පෝලිම වෙලාවට කස්ටිය නොයෙකුත් විච්චූරන නාට්ටි දාල සීට් බුක් කරගන්න දගලනවා...මම නම් ඒ වෙලාවට පෝලිම වැඩි නං එක්කෝ හිටගෙන යනවා නැත්තං එදා යන්නෙ නැතුව ඉන්නවා.. මම දන්න එකෙක් ඉන්නවා පොර හිටගෙන යන්න වගේ නැගලා ඊලග පස් එක නැවත්තන කොටම කලින් බස් එකෙන් බැහැලා අර පෝලිමෙ මුලට එනවා..මිනිස්සු කුනුහබ්බ කියද්දි ඌ ඌට නෙවෙයි වගේ බොහොම ගරුත්වයෙන් නැගලා වාඩිවෙලා වලි දාගන සීට් එක අල්ලගන්නවා.. 

අපේ කන්තෝරු වැඩ වලදි..

අපේ කන්තෝරු වැඩ වලදිත් බුරිය මිරිකල වැඩ ගන්න හදන මිනිස්සු ගොඩයි...උදාහරන විදියට අපේ ආයතනයෙන් සේවාවක ්අවශ්‍ය වෙලාවට මගේම සමහර යාලුවො ආයතනයනට නිකං වත් කතා කරන්නෙ වත් නැතුව අපිට කතාකරලම වැඩේ ගොඩ දාගන්න යනවා..හත්වලාමේ ආයතන වල පෝරං ොකාළ දීල, මිනිස්සුන්ගෙ දුක අහන්නම ගෑනු ගොඩවල් පත්කොරගෙන, කාර්යාල හදල ඔක්කොම තියෙද්දි සමහර උන් ඒක එක කෙහෙම්මලක් වත් කොරන්නෙ නැතුව පිට් එකට වැඩ ගොඩදාගන්න හදනවා..පිට් එකට වුනත් ආයතන වල වැඩ කරන්න පුලුවන් සීමා තියෙනවා..සමහර පකිස් බූරුවන්ට ඒවා කියලා තේරුං කරන්න බැහැ.. උං හිතන්නෙ අපි ආයතනයක වැඩ කරනකොට අපේ නෑදා යාලුවන්ට සලකන එක තමයි තියෙන එකම වැඩේ කියලා.. ආයතන වැඩ වලදි යම් යම් සුලු හදිසි කිරීම් යම් යම් මට්ටම් වලින් කරන්න පුලුවන් වුනත් සමහර රජකාරි තිබෙනවා ආයතන ප්‍රධානින්ට පවා කරන්න අමාරු සහ කල්ගතවෙන වැඩ.. ඉතිං ඒ වගේ වෙලාවට අපේ මේ බුරිය මිරිකල වැඩ කරගන්න පුරුදුවෙච්චි යාලුවන්ට වැඩේ කරගන්න ඕනි විදියට අපි මොන විදියට කියලා දුන්නත් උන් හදන්නෙ වෙන යාලුවෙක්ට කියලා වැරදි පාරෙන් වැඩේ ගොඩ දාගන්න.. ඇත්තටම හරි මාර්ගෙ ගිහින් වැඩේ ටිකක්ක ප්‍රමාද වුනාමනං ආයතන සේවකයින් ටිකක් කිව්වාම වැඩේ කෙරෙනවා...
ඒත් කිසිම ඇප්ලිකේසමක් දාන්නෙවත් කම්පෙලෙන් දාන්නෙවත් නැතුව එකපාර කිව්ව ගමන් කරන්න නම් කාට වුනත් අමාරුයි ආයතන වල වැඩ කරනකොට.. 

අපි සමාජයට ඕනි විදියට වෙනස් වෙනවා ඇර අපිට සමාජය වෙනස් කරන්න බැරිබව ඇත්ත..ඒත් හතර පෝයට සිල් බණ බාවනා වගේම මේ වගේ සුලු කාරණා ගැනත් අපි ටිකක් හිතලා හැදෙන්න ඕනි..
මාත් ඒ වගේ හදාගත්ත පොඩි පොඩි දේවල් තියෙනවා..උදාහරණ විදියට මම ඉස්සර කන්තෝරු එන්න බෝඩිමෙන් එන්නෙ හත හමාරට විතර..ඒ වෙලාවට ආවම කන්තෝරු එන්නත් පරක්කුයි..බස් වලත් හරිම තදබදේ..පාරත් හිරයි..දැන් මම අමාරුවෙන් හිතලා හයයි හතලිහට විතර පාරට එනවා..දැන් මට කලින්ම කන්තෝරු එන්නත්..බස් එකේ වාඩිවෙලා එන්නත් බස් එකේ අඩු කාලයකින් කන්තෝරු එන්නත් ලැබිලා තියෙනවා.. පොඩි වෙලාවක් කන්තෝරුවෙ ඉන්න වුනාට මොකද ඒ වෙලාවෙ වෙන වැදගත් දෙයක් කරගන්න හරි පුලුවන්.. 

ඒ වගේම වැඩකට යනකොට පෝලිං වලට තවත් දේවල් වලට කාලය කපලා ටිකක් දවාලියෙන් යන්නත් හුරු වෙන්න ඕනි ඉස්සරහට..එතකොට අපිට පෝලිං පනින්න හෝ තදබදය නිසා පෙට්‍රල් පුච්ච ගන්න සිද්ද වෙනවා අඩුයි..

17 comments:

  1. ලංකාව සිංගප්පුරුව කරන්න කලින් හිතන්න ඕනේ ඔය වගේ තැන් තමා. දැන් ජපානේ වගේ රටක නිකන් මොනවා හරි බෙදුවත් ඒ මිනිස්සු පිළිවලට පෝලිමේ ඇවිල්ල තමා ඒවා ගන්නේ. අපේ රටේ මරාගෙන මැරෙනවා.

    ReplyDelete
  2. බස් එකකට නැඟ ගන්න අපි වේලි වේලි පෝලිමේ ඉඳලා නගිද්දි සමහරැ හොරෙන්ම ජනේලෙන් බෑග් එකක් දාලා බුක් කරනවා සීට් එක.ඔන්න අපේ මිනිස්සුන්ගේ හැදියාව

    ReplyDelete
  3. හොදම හොද ලිපියක් අමිල.කරුණු ගොඩක්
    තියෙනවා...
    ( hamadama wage amaruwen kiyawagaththa )

    ReplyDelete
  4. මම නම් දැන් ඕකට තරහ ගන්නේ නෑ බං. රජයේ ආයතනයකට මොන වැඩෙට ගියත් ඕක බොහොම හුරු පුරුදු දෙයක්. මම ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ ගෑණු අය තමා ඔය වැඩේ වැඩියෙන් කරන්නේ. පිරිමි නොකරනවා කියලා නෙමෙයි කියන්නේ. මම දැකලා තියෙන දේ. අනික තරුණ අයට වඩා මැදි වයසේ අය තමයි වැඩියෙන් පෝලිම් පනිනවා මං දැකලා තියෙන්නේ. උඹ අර කිව්ව සුද්දට තරහා යන්න ඇත්තේ ඒ රටවල එහෙම කට්ටිය පෝලිම් පනින්නේ නැති නිසා වෙන්න ඇති (මං අහලා තියෙනවා පිටරටවල මෙහේ වගේ පෝලිම් පනින කට්ටිය බහුල නෑ කියලා)

    ReplyDelete
  5. ඒ වගේම මචං ඔය පෝළිම් වල පික්පොකට් කාරයොත් එකෙක් දෙන්නේක් ඉන්නවා. උන් හරි කැමතියි පෝළිම්වල තදබදයට. දවසක් පිටකොටුවෙන් පොළොන්නරුව බස් එකට නගීන්න පෝළිමේ ඉන්නේ නැතුව වටෙන් ආපු එකෙකුට පික්පොකට්කාරයෙක් නියම පාඩමක් ඉගැන්නුවා. සාදු කියන්න බැරිවුණත් මගේ යටි හිත කීවා හොද පාඩමක් කියලා.
    මැතිණියගෙ ආණ්ඩු කාලෙ මේ පෝළිම් ක්‍රමය සදය උපහාසයට ලක්වුණානේ. කොයිතරම් නිර්දය විදිහට මැතිණියගේ පෝළිම් ක්‍රමේට බැන්න ද කීවොත් ආණ්ඩුවක් පෙරළන්න තරම් ඒක ශක්තිමත් වුණා.
    පෝළිමේ ඉන්න මේ තරම් අකමැති උන් කෙල්ලෙක්ව පෝළිමට රේප් කරනකොට එක එකා මරාගන්න නොයන්නේ ඇයි කියන එක නම් මාර ප්‍රශ්නයක් .

    ReplyDelete
    Replies
    1. එහෙම මරාගත්තු සීන් හෙමත් තියෙනවා රතු. :)

      Delete
    2. මොකෝ උඹ දැන් ලියන්නේ නැත්තේ?

      Delete
  6. සම්පූර්ණ ඇත්ත. ඇයි අපට ටිකක් කලින් කොයි දේටත් යන්න බැරි..!

    ReplyDelete
    Replies
    1. ඇ‍යි යකෝ හැම එකාම ඔහොම කලින් ගියොත් ආයෙත් එතන පෝලිම හැදෙනවනේ...

      Delete
  7. Ika jaana wala prashnayak kiyalayi Mata hitenne

    ReplyDelete
  8. ඔය ස්ටාෆ් එකේ උන්ගෙ පොලිම් පණින එකට උන්ගෙ වෘත්තීය සමිති කාරයො කියන්නෙ තමන් වැඩ කරන තැනට එන තමන්ගෙ කෙනෙක්ට උදව්වක් කරන්න නැත්තං ඇති වැඩේ මොකද්ද කියලනෙ. අනේ උන්ගෙ වැඩ.
    විනයක් නැති උනාම රටක් කොහෙ හැදෙන්නද මිත්‍රය.

    ReplyDelete
  9. පෝලිම්වල හොඳම හරිය තිබුනෙ පහුගිය දවස්වල මෙහෙ. ගංවතුර ආධාර අරං ආපුවම ගෙනාපු මිනිස්සුන්ව පෙරලගෙන ගිහින් බඩු ගත්තෙ. සාමාාන්‍යයෙන් බට්ටා ලොරියක් හිස්වෙන්ඩ ගියේ විනාඩි දෙක තුනක් විතර. අන්්තිමට බැලින්නං ඇත්තටම අනාතවෙච්චි උන් වැඩි දෙනෙක් පෝලිමේ. බඩු ඉවරයි.

    ReplyDelete
  10. ඕන් මන් නම් කොමෙන්ට් කරන්න පෝලිම් පැන්නේ නෑ. රටක් දියුණු කරන්න කලින් මිනිසුන්ගේ ඔලු හෝදන්න ඕනෑ

    ReplyDelete
  11. පෝලිං පැනිල්ල නම් මට ඉවසන්නම බැරි දෙයක්... ඒ වගේම, මෙච්චර පෝලිමක් ඉන්නකොට පැනලා එන එවුන්ට සර්ව් කරන කවුන්ටර් වල ඉන්න එවුන් එක්කත් මල. මම කතා කරලා තියනවා... ඒත් ගොඩක් මිනිස්සු හැරිලා මගෙ මූන දිහා අමුතු සතෙක් විදිහට බලලා නිකං ඉන්නවා.... මට පාන් උනත් මාත් ඉතිං නිකං ඉන්නවා.

    ReplyDelete
  12. ෙගාඩක් අයට හදිස්සි ෙවන්ෙන් ෙපා්ලිමට අාවම තමයි. පාෙර් ෙරඩ් ලයිට් වැටුනමත් පිටි පස්සට ෙවලා ඉන්ෙන් නැතුව රිංගන්න හදනවා..

    ReplyDelete